අපි හිටියේ හරිත පැහැයෙන් දිදුලන තණකොළ ගොල්ලක වාඩිවෙලා.
ඉර එළිය පිනි මත වැටිලා අපේ හිත් ආදරයෙන් තෙත් වෙලා තිබුණෙ.
ළඟ තිබුණු උණ පඳුරෙ දෙමළිචි ජෝඩුවක් ආදරයෙන් වෙලිලා උන්නා. ඈ එකපාරටම ඇහුවා.
”ඔයාගෙ ආදරේ මොන වගේද?”
මම කල්පනා කළා. දෙයියනේ.. මොනවද මම කියන්නේ..
”ම්ම්ම්... සාගරය වගේ්”
”අයියෝ.. මදි මදි”
ඉතින් මොනවද කියන්නේ...
මම නැගිටලා අත් දෙක පුළුවන් තරම් දෙපැත්තට විහිදුවලා කෑ ගැහුවා..
”මේ මුළු විශ්වය වගේ”
එ්කට බය වෙලා දෙමළිච්චෝ ජෝඩුව ඉගිල්ලූනා අහසට.
ඇගෙ මූණෙ කිසිම වෙනසක් තිබුණෙ නෑ.මම ඇහුවා ඉතින්..
”ඔයාගෙ ආදරේ මොන වගේද?”එයා පිටිපස්සට කර ගෙන හිටපු මිට මොළෝපු අත මට පෙන්නුවා..
”මේ වගේ්” මම එයාගෙ අතැඟිලි දිග හැරලා බැලූවා..
දන්නවද තිබුණු දේ?
දන්නවද තිබුණු දේ?
පිච්ච මලක්...
ඈතට ගිය දෙමළිච්චො දෙන්නා ආයිත් ඇවිත් උණ පඳුරෙ වැහුවා..
මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook




