They linger over
on new born rainbows,
hover around the windows
in the early morning hours.
They float on the river
when the moon smiles
on full moon days.
When the birds sing
outside my window
they bring a melody
of an unborn rhythm.
When the spring flowers are born
they paint images
of an unborn verse.
When I look at the darkness
in the middle of the night
they come one by one
as I breathe like a child
scared of the darkness.
Sunil Govinnage


මේ කවි වයර් දිගේ ඇවිදින් ඊමේල් ඉන්බොක්ස් එකෙන් මතු වෙද්දී සතුටක් දැනුනේ.
තුන් වෙනි කවිය දැකලා හුස්ම හිර වුණා.
පහත පලවන්නේ දෛනික වැටුප්කරුවෙකුගේ්එදිනෙදා ජීවිත සටනේ් අංක සටහනයි. උදාහරණයක් ලෙස දවසට රු. 1000ක දෛනික ආදායමක් ලබන මේසන්වරයෙකු නිවාඩු දින හැර දින 24ක් සඳහා ලබන මාසික ආදායම රු. 24,000කි. දෛනික අවශ්යතාවලට අවශ්ය කෑම බීම හැරුණු විට මේ ජීවිතයේ අන් දෙයකට කිසිදු වියදමක් දැරීමට හැකියාවක් නොමැත. සංස්කෘතික ජීවිතය යනු චිත්ති, වසූදා යන ගැහැණුන් සමග රන් දෙපැයේ දී ඔවුන්ගේ ප්රශ්න නැරඹීමත් සුපර් ස්ටාර් වීමට දඟලන ග්රාමීය තරුණ තරුණියන්ගේ ගායන හැකියාවන් රූපවාහිනියෙන් නැරඹීමත් පමණි. පෝය දවසට පිටිදූවේ සිරිධම්ම හිමියන්ගේ බණ අසයි. දෛනික ජීවිතය පවත්වාගෙන යාමට ක්රමය විසින් ලබා දුන් මුදල රාත්රී 10 වන විට ක්රමය විසින්ම ඔහුගෙන් පික්පොකට් ගසා ඇත.
උදැසන ආහාරය - රු. 241
දිවා ආහාරය - රු. 148
රාත්රී ආහාරය - රු. 182
දවසේ් වියදම - රු. 571
මාසික වියදම (571 ⋆ 30* රු. 17,130.00)
විදුලි/ජල/දුරකථන බිල් රු. 3,310
පාසැල් වෑන් රථ වියදම් රු. 2,000
විනෝද වියදම් රු. 1,000
ගමන් වියදම් රු. 1,000
බෙහෙත් රු. 500
තැන්පතු රු. 1000
මත්පැන්/ දුම්වැටි රු. 3,500
(හදිසි වියදම් නොසලකා හරින ලදී.*
මාසික ආදායම රු. 24,000
මාසික වියදම රු. 29,440
හිඟය රු. 5,440
මෙම හිඟය සොයාගන්නේ් කෙසේ්ද? අපි නොදනිමු. දූෂණ හා වංචා බිහිවන්නේ මෙතනින් බව අපි දනිමු.
මව්බිම. විනිවිද අතිරේකය. 2006.12.10
සෝමෝසයේ වැසියෝ අත් පා බඳින ලද මිනිසෙකුට කුරිරු ලෙස තලමින් රංග භූමියට පිවිසෙති. එ් මිනිසා වැසියන් පෙලූ දේ්ශපාලනඥයෙකි.
”මූව මරන්නට ඕනෑ.”
”මූව මරලත් හිත් වදින්නේ් නෑ.”
”මේ කාළකණ්නියා අපේ් දරුවො මරල දැම්මා.”
”මූ මගේ් ඉඩම් පැහැරගත්තා.”
”මූ මගේ් රස්සාව නැති කළා.”
”අපේ ජීවත් වීමේ අයිතිය මූ විනාශ කළා.”
”හත්මුතු පරම්පරාවකට සෑහෙන ධනයක් මූ පැහැරගත්තා.”
වැසියෝ ඔහුට තලමින් කෑ ගසති. ඊසොප් පඬිතුමා රංගයට පිවිසෙයි.
”සෝමෝස් වැසියනි, නුඹලා කුමක් කරන්නද ඔය හදන්නේ්?”
”ඇයි පඬිතුමනි, ඇහුණෙ නැද්ද මූ කළ දේ්වල් අපට?”
”මා හිතවත් සෝමෝස් වැසියනි, දැන් ඉතින් ඔය මිනිහා මැරුවයි කියලා ඇතිවන පලයක් නැහැ.”
”මොකක්? පලක් නෑ කිවුවා?”
”වැසියනි, ටිකක් කල්පනා කර බලන්න- මේ මිනිහා මරනවා කියන්නේ් හරියට දෝරුවට වැටුණු නරියගෙ ඇෙඟ්් දැවටුණු කිනිතුල්ලන් මරා දානව වගේ් වැඩක්.”
”මොකක්ද එ් කතාව. පඬිතුමනි කියමුකො එ් කතාව?”
”ඇඟ පුරාම කිනිතුල්ලන් වසා හුන් නරියෙක් දෝරුවක වැටී උන්නා. ඉත්තෑවෙක් එ් දැක ඌට පිහිට වෙන්නට ආවා. ඉත්තෑවා කීවා.
මම ඉත්තෑවෙක් හන්දා මට ඇහැකි කිනිතුල්ලන් මරලා ඔබව බේර ගන්න.
නරියා කීවා. අනේ් එපා ඉත්තෑවො. මං මෙහෙම ඉන්නම්.
එහෙනම් උඹට ගැලවෙන්න ඕනෙ නැත්ද නරියෝ? ඉත්තෑවා ඇහුවා.
ඕන් හොඳට අහගනින්. නරියා පැහැදිලි කෙරුවා...
මෙ කිනිතුල්ලො ටික මගෙ ඇෙඟ්් තිබ්බ ලේ් ටික බීල බීල උන් ටික බඩ පිරිලා දැං නින්දට වැටිලයි ඉන්නේ්. ඔබ උන් මරා දැම්මොත්, වෙන්නේ් උන්ගෙන් හිස් වන තැන්වලට මේ දෝරුවෙ ඉන්න අනික් බඩගිනිකාර කිනිතුල්ලොත් ඇවිත් මගෙ ඉතුරු ලේ් ටිකත් බීල මාව මරල දාන එක. ආන්න එ් හන්දා ඔය කාලකණ්නි ටික ඔහෙ හිටපුවාවේ.”
(කතාව කියා අවසන ඊසොප් මෙසේ් ද කියයි.*
” ඕන්න ඔය කිනිතුල්ලො තමයි දේ්ශපාලන කිනිතුල්ලො කියන්නේ්. තමුන්නාන්සේ්ල ඔය පණ පිටින් මරන්න හදන හාදයත් පහුගිය කාලෙ තමුන්නාන්සෙලාගෙ ලේ් බීපු තමුන්නාන්සෙලාව හූරන් කාපු අධමයෙක්. ඌට තමුන්නාන්සෙලගෙන් තවත් හූරගන්න දෙයක් නෑ. ඌ හම්බ කරගෙන ඉවරයි. ඌව මරපුවහම වෙන්නෙ තවත් කිනිතුල්ලො ඇවිත් මුල ඉඳන් ඔහේ්ලව හූරගෙන කන එකයි. ආන්න එ් හන්දා අපි ඔය මිනිහට යන්න අරිමු.”
මහාචාර්ය සුනන්ද මහේ්න්ද්ර විසින් ලියා නිපැයූ ”ඊසොප්” (විවෘත උපමා රංගය* නාට්ය පෙළෙන් උපුටා ගත් කොටසකි. (අරුත් නොවෙනස් වන සේ් සංස්කරණය කර තිබේ.)
”දේශපාලන කිනිතුල්ලෝ” උපමා කතාව ටක්කෙටම ගැලපෙන්නේ් ශ්රී ¥පතටය. මාරුවෙන් මාරුවට පාට දෙකේ් කිනිතුල්ලන්ට නිරාවරණය වෙමින් කැණහිලූන් බවට පත් වැසියෝ- හිඟනකමේ දෝරුවේ ගිලී සිටිති. එක් කිනිතුල්ලන් රංචුවක් එල්ලී ලේ් බොමින් ඉන්නා අතරේ අනික් කිනිතුල්ලෝ තමන්ගේ් වාරය ඉක්මනින් උදා කරගනු පිණිස පිරිත් පැන් බවුසර කොළඹට ගෙන එති. එ්වා ඉස තුන් බිය පලවා හරිති. ජනතාව ගැන උපන් දුකෙන් උන්ගේ් පපු පැලී මැරෙන්නට ආසන්නය. සාදු සාදු!
ස්වාර්ථකාමියා අන් හැමටම පෙර මිය යයි. ඔහු මෙලොව ජීවත්වන්නේ් තමා සඳහා පමණකි. ඔහුගේ් ”මමත්වය” පෑගූ කෙනෙහිම ඔහුට ජීවත් වීමට කිසිවක් නැත්තේ්ය. එහෙත් මිනිසෙක් සමාජයේ් වුවමනාවන් සමග ජීවත්වන විට, ඔහු සමාජය සමග එකට වෙළෙන විට, ඔහු විනාශ කර දැමීම අසීරුය.
-නිකොලායි ඔස්ත්රොව්ස්කි
(වානේ් පන්නරය ලැබූ හැටි*
අවුරුදු දහහතරක් වයසැති සොෆී ආමන්ඞ්සන් නමැති නෝවීජියන් පාසැල් ශිෂ්යාවකට එක් දවසක තම තැපැල් පෙට්ටිය තුළින් පුදුම සහගත ලිපි දෙකක් හමුවෙයි. එ්වායේ් ලියා ඇත්තේ් ප්රශ්න දෙකකි.
”ඔබ කවුද?”
”ලෝකය ආවේ කොහෙන්ද?”
මේ ලිපි ලිවුවේ ගුප්ත දාර්ශනිකයෙකු වන ඇල්බර්ටෝ නොක්ස්ය. මේ සිත් අවුල් කරවන ප්රශ්න දෙක, ප්රාග් සොක්රටීස් යුගයේ් පටන් සාත්රෙ දක්වා බටහිර දර්ශන ඉතිහාසය පුරා අසාමාන්ය චාරිකාවකට මුල පුරන්නක් වෙයි. ඉතාමත් සිත් ඇදගන්නා සුළු, විනෝදාත්මක ලිපි පෙළක් ඇසුරෙන් ද ඉක්බිති පුද්ගලිකව පැමිණීමෙන්ද, ඇල්බර්ටෝ මිනිස් ශිෂ්ටාචාරය උදා වූ තැන් පටන් දාර්ශනිකයන්ගේ් විමසීමට යෙදුණ මූලික ප්රශ්න පිළිබඳව සොෆීීගේ් විමංසනාත්මක මනස පුබුදු කරවයි.
(සොෆීගේ් ලෝකය හැඳින්වීමෙන්*
සොෆීගේ් ලෝකය නෝවීජියන් ජාතික යුස්ටයින් ගෝඩර් විසින් ලියූ ලෝ පුරා භාෂා 45කින් පළ වුණු- පිටපත් මිලියන විස්සක් අලෙවි වුණු පොතකි. එය හුදෙක් නවකථාවක් ලෙසම නොව දර්ශනය පිළිබඳ පාඨ ග්රන්ථයක් ලෙස ද වැදගත් වෙයි. දර්ශනය බඳු ගැඹුරු විෂයයක්- සරලව එහෙත් ආකර්ශනීය ලෙස පාඨකයාට සන්නිවේදනය කරන සොෆීගේ් ලෝකය රාණී සේ්නාරත්න රාජපක්ෂ විසින් සිංහලට නගන ලදුව විදර්ශන ප්රකාශනයක් ලෙස පළ කරනු ලැබ ඇත.
The Guerrilla War
......1959 ජනවාරි 01 දා කියුබානු විප්ලවය ජයගනු ලැබිණ. එය ලතින් ඇමරිකාවට විශාල උද්යෝගයක් අත් කර දුන්නේ්ය. ලෝක පොලිස්කාරයාගේ් ජනපදයට සැතපුම් අනූවක් දුරින් සමාජවාදී රාජ්යයක් පිහිටුවීම කෙතරම් පරමාදර්ශී ක්රියාවක් විණි ද යත් එය ලතින් ඇමරිකාවේ ජාතික විමුක්ති සටන් වලට නව මානයක් ගෙනාවේය. ලෝකයේ් වෙසෙන සෑම මනුෂ්යයෙකුගේ්ම සතුරා වන ඇමරිකාවට විරුද්ධ වීමට දිරියක් ගෙන ආවේය.
ශ්රේ්ෂ්ඨ කියුබානු අරගලය පිදෙල් කස්ත්රෝගේ් නායකත්වය- උපායශීලීත්වය- විචක්ෂණශීලී දැක්ම සහ ස්ථිර ආත්ම ශක්තිය සමග එකට බැඳී තිබේ. එරට විප්ලවවාදීහු ජයග්රහණයෙන් පසුව සමාජ දේ්ශපාලන- ආර්ථික ප්රතිසංස්කරණ අරඹා 1961 දී කියුබානු විප්ලවය සමාජවාදී විප්ලවයක් බව ප්රකාශ කළේ්ය. කියුබාව ගොවිජන විප්ලවයක සිට එනම් ඉඩම් සඳහා වූ අරගලයකින් පටන් ගෙන සමාජවාදය සඳහා යොමු කෙරුණේ් මනුෂ්ය පේ්ර්මය- පරමාදර්ශී ජීවිත- සකලවිධ ජාතීන්ට ම ආදරය කිරීම ආදී දහසක් සුබ ප්රාර්ථනා නිසාය. ඔවුන් කිසිම මොහොතක බලයට එ්ම සඳහා ඕනෑම දහ ජරා මතවාදයක් වෙනුවෙන් පෙනී සිටීම නම් අගතියේ් ගිලූණේ් නැත. මිතුරන්ට මෙන් ම සතුරන්ට ද ආදරය කළහ.
මේ අරගලයෙන් ලෝකයටම ආදරය කළ ජාත්යන්තරවාදියා අප අතරට ආවේය. ඔහු මේජර් අර්නස්ටෝ චේ ගුවේරාය. කෙනඩිලා, රේගන්ලා ලොව පුරා මිනිස් සංහාර කරද්දී චේ සකලවිධ මිනිස් සංහතියටම ආදරය කළේ්ය. ශිෂ්ටත්වය ගැන පුරසාරම් කියූ ඇමරිකන් ඝාතකයන්ට මිනිසුන් වෙන්නට නොහැකි වුවත් ආදරණීය චේ නූතන ජේ්සුස් වහන්සේ් ලෙස විරුදාවලී ලැබීය.......
චේ සහ ලතින් ඇමරිකාව- රුසියානු ජාතික එ්. සෙරසෝවා
(අර්නස්ටෝ චේ ගුවේරා ලියූ ”ගරිල්ලා යුධ ක්රම” පොතේ් පෙරවදනෙන් උපුටා ගන්නා ලදී.*
ගරිල්ලා යුධ ක්රම පොතට ගොනු කොට ඇති සටහන් චේ විසින් 1965-66 කොංගෝවේ විප්ලවවාදී ව්යාපාරයට සහාය පළකළ සමයේ් ලියන ලදී. මේ පොත ලෝ පුරා බොහෝ ගරිල්ලා ව්යාපාර විසින් අත් පොතක් ලෙස භාවිතා කරන ලද අතර ගරිල්ලා සංවිධානයක ස්වරූපය විය යුත්තේ් කුමක්ද- එබන්දක දේ්ශපාලන භාවිතය විය යුත්තේ් කෙබන්දක්ද- ගරිල්ලා යුද්ධයක සැබෑ අරමුණු කවරේද යන්න චේ මේ සටහන් වලින් විස්තර කරයි. ගරිල්ලා සටන් කාමියෙක් යනු ලෝකයට ආදරය කරන- නිදහස සහ සමානත්මතාවය වෙනුවෙන් අවි අතට ගත් සැබෑ මිනිසෙකු විනා, ”ජන-ඝාතක” යුද්ධයක නියැලෙන අශිෂ්ඨයෙකු නොවන බව මේ පොත අපට කියයි.
1971, 1988-89 වකවානු වල දකුණේ්ත් වසර ගණනක් මුළුල්ලේ් උතුරේත් දික් ගැස්සුණු යුද්ධමය අත්දැකීම් සහිත අපට මේ පොත වැදගත් වෙන්නේ් ”පොත්” වැරදියට කියවාගන්නා ”පොත්”කාරයන්ගේ් ”පොත” හඳුනාගැනීම පිණිසය: අරගලය යනු හුදු ලේ් වැගීරීමෙන් ඔබ්බට මිනිස් නිදහස වෙනුවෙන්- සමානාත්මතාවය වෙනුවෙන් සැබෑ ලෙස කැපවෙන මිනිසුන්ගේ් ක්රියාවලියක් බව ඉගෙන ගන්නටය.
මේ පොතේ් එම්.එස්.එස්. ඩයස් විසින් කළ සිංහල අනුවාදයක් ”ගරිල්ලා යුධ ක්රම” නමින් සංවිත ප්රකාශනයක් ලෙස මුද්ර්රණය කොට තිබේ. මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
ආදරයේ පියාපත් නුඹව ආවරණය කරගත් කල්හි ඔහුට අවනත විය යුත්තේය.
එකල්හි ඔහුගේ පියාපත් අතර සැඟවී තිබෙන අසිපතින් නුඹට අනතුරු සිදුවිය හැක්කේ්ය. එසේ් වුවත්, ඔහුට අවනත වෙමින් ඔහු අනුගමනය කළ යුත්තේ්ය.
ආදරය නුඹ අමතන කල්හි, ඔහුව විශ්වාස කළ යුත්තේ්ය. උතුර සිපගෙන හමා එන්නා වූ හේ්මන්ත මාරුතය පැමිණ නුඹගේ් උද්යානය වනසා දමන්නා සේ් ඔහුගේ් හඬ නුඹගේ් සිහින ලෝකය කඩා බිඳ දැමුව ද, ඔහු කෙරෙහි තැබූ විශ්වාසය කඩ නොකර රැුක ගත යුත්තේ්ය.
මක්නිසාද, ඔහු නුඹ කිරීටය වෙත ඔසවා තබන්නට මෙන්ම නුඹ කුරුසියේ් තබා ඇණ ගසන්නටද සමත් වන්නේ්ය. නුඹගේ් වර්ධනය කෙරෙහි ආදරය යම් සේ් බලපාති ද එපමණටම එම ආදරය ම නුඹගේ් අවයව සිඳ දමන්නට ද සමත් වන්නේ්ය.
උපුටනය : ඛලීල් ජිබ්රාන්- මුනිවරයා (Khalil Gibran – Le Prophete/ The Prophet) (මණ්ඩාවල පඤ්ඤාවංස හිමියන්ගේ් පරිවර්තනයෙන්.*
.......ධනවාදය මුදල් හම්බ කිරීමට ඇති ආශාව ලෙස වටහා නොගන්නා සියළු දෙනා ධනවාදය අප ජීවත්වන ගෝලීය සමාජ ක්රමයට කියන නම බව වටහා ගනු ඇත. ගම්වලින් කොළඹට පැමිණෙන ස්ත්රීන්ගේ් ශ්රමය ගාමන්ට් ෆැක්ටරි තුළ සූරා කෑමේ සිට කුඹුරු ගොවීන්ගේ් ලාභය, ”ලංකෙම්” සිට ”හේ්කෙම්”වැනි සමාගම් විසින් ගසාකෑම දක්වා සිදුවන්නේ් මේ ක්රමය තුළයි. ආදරය අහිමිවීම සහ ලිංගික පීඩනය නිසා වෛද්යවරු රෝගී තරුණියන් ¥ෂණය කරන්නේ්ත් මේ සමාජ ක්රමය තුළයි. රණවිරුවන් සේ් නම් කර ග්රාමීය අහිංසකයන්ගේ් ශරීර කූඩුව ද උදුරා ගැනීම සිදුවන්නේ් මෙම ධනේ්ශ්වර ක්රමය තුළය. කොණ්ඩය ස්ටේ්රට් කිරීමේ සිට මුහුණ අයන් කිරීම සඳහා (රැුළි ඇරීමට* ලක්ෂ ගණන් වියදම් කරන මිනිසුන් සහ ගැහැණුන් සිටින්නේ් ද මෙම සමාජ ක්රමය තුළය.
දැන් කෙනෙක් පැවසිය හැකි කරුණ වන්නේ් ඉහත සියළුම සිද්ධීන් අප දන්නවා නොවේද යන්නයි. එය සත්යයකි. නමුත් අප ඉහත සියළුම සිදුවීම් අතර ඇති සම්බන්ධයක් දේ්ශපාලනිකව වටහා ගෙන ඇත්ද? මෙම වටහා ගැනීම අහම්බයකින් හෝ ලැබූ කවරෙකුට හෝ තිබෙන අනිවාර්ය වගකීම නම් එම අවබෝධය අනෙක් මිනිසුන් සමග බෙදා ගැනීමයි.........
......අප ජීවත්වන යුගයේ් මූලික සත්යයක් වන්නේ් වෙළඳපල විසින් මිනිස් ජීවිතයේ් සියළුම අංශවලට කරන බලපෑමයි. ලංකාව තුළ නම් මේ වෙළඳපල ක්රියාකාරීත්වයට පාරිභෝජනය(භාණ්ඩ මිලට ගැනීම* ජීවිතයේ් එම කාර්යය සතුට කර ගත් ජීවන ශෛලියට ඊනියා බුද්ධාගම එක් වී ඇත.
එල්.ටී.ටී.ඊ. ය නැසීමට රණ ගී ගයන බොදු භික්ෂූන්ගෙන් අප ඇසිය යුත්තේ් තමන්ගේ් ශාසනයට දැන් වී ඇති සන්තෑසිය වී ඇත්තේ් කොටින් නිසාද කියාය. මේ ඊනියා බුද්ධ පුත්රයන් නිකායවලට බෙදීමට එක් හේ්තුවක් වන්නේ් බුදුන් තම ජීවන භාවිතයෙන් විරුද්ධ වූ කුල ක්රමයයි. ලාංකීය සමාජයේ් දකිය හැකි තවත් සත්යයක් නම් කොණ්ඩය ටින්ට්කරගෙන කොම්පියුටර් ක්ලාස් යන ඩෙනිම් අඳින මොඞ් තරුණ පරපුර අනෙක් පසින් බුදු පිළිම ඉදිරියේ් ආතරයිටීස් රෝගීන් බවට පත්වන, බෝ ගස් යට රස්තියාදුවන විකාර සහගත ගොලූබෙලි ජීවිතයකට හුරු වී සිටීමයි........
නදීර ධනුෂ්ක රණවීර
(”සංවිධානය වීම/ කිරීම පිළිබඳ අදහස් කිහිපයක්” ලිපියෙන්.*
(උපුටා ගත්තා ඛඛඡු ඵ්ට්‘සබැ - 7එය ෂිිමැ එකෙන් - ඞ කණ්ඩායමේ ප්රකාශනයක්.*
....නිෂ්පාදනය පුළුල් වීමත් සමග මිනිසා ම්ලේ්ච්ඡුත්වය වෙත බැඳ තැබූ රැුහැන් පට එකින් එක බිඳී ගිය අතර නිෂ්පාදනයේ පුළුල් වීම නිසාම සාමූහික චර්යාවක් සඳහා බලකෙරුණු සාධකයන් ද අතුරුදහන් විය. මිනිසා ම්ලේ්ච්ඡුත්වයේ් සිට සභ්යත්වය වෙත ඔසවා තැබූ නිෂ්පාදනයේ් පුළුල් වීම විසින්ම මිනිසා සාමූහිකත්වයේ් සිට පෞද්ගලිකත්වය වෙත පිරිහෙළන ලදී. එසේ් සිදු වූයේ් එම නිෂ්පාදන බලවේගයන්ගේ් අයිතිය සුළුතරයක් වෙත සීමා වූ පන්ති සමාජය බිහිවීමෙනි. පොදු දෑ වෙනුවට පෞද්ගලික දෑ ද, සාමූහිකත්වය වෙනුවට පෞද්ගලිකත්වය ද සහයෝගය වෙනුවට තරඟය ද බිහි විය. තනි වාක්යයකින් කිවහොත් ධනවාදය විසින් මිනිසා හුදකලා ගෝත්රිකයෙකු කළේ්ය.
එ් හුදකලා ගෝත්රිකයා සමාජ ප්රශ්න වලට පිළිතුරු සොයනුයේ් තනිවවමය. ඔහු ඊයේ් සමාජයෙන් තම පවුල විතැන් කළේ්ය. අද ඔහු සිය පවුලෙන් ද විතැන් වෙමින් සිටී......
......සියළු ම්ලේ්ච්ඡුත්වයන්ට එරෙහි ඔබේ උස් හඬ සමග අපට ද කොන්දේ්සි විරහිතව එකඟ විය හැක. එ්ත් පහර දීමේ ඉලක්කය ගත යුත්තේ් නිෂ්පාදන මාධ්යයන්ගේ් පෞද්ගලික අයිතියට එරෙහිවය. ආදි මිනිසාව තත්ත්වයන්ගේ් බල කිරීම විසින් තල්ලූ කරන ලද සාමූහිකත්වය වෙත සවිඥානිකව සමාජය කැඳවාගෙන ආ යුතුව ඇත.
පෞද්ගලිකත්වයේ් කොටු පවුරු තුළ සුරැුකෙන ම්ලේ්ච්ඡුත්වයට පහර දිය හැක්කේ් සාමූහිකභාවයේ් ශිෂ්ටත්වය නැමැති අවියෙනි. එය කඳුළු සැලීම තරම් පහසු නැති ඇඟ රිදෙන දුෂ්කර ව්යායාමයකි. එ් වෙනුවෙන් සිතන්නන්ට අපි මෙසේ් කියමු.
”මිනිස් වර්ගයා එක්කෝ සමාජවාදය කරා පෙරටය. නැත්නම් ම්ලේ්ච්ඡුත්වය කරා පසු පසට ගමන් ඇරඹිය යුතුය.”
හුදකලා ගෝත්රික ම්ලේ්ච්ඡුයෙකු වෙනවා ද, ශිෂ්ට සම්පන්න සාමූහික මිනිසෙකු වෙනවා ද- තීරණය ඔබ සතුය.
(”කිරි මුට්ටිය ගෙඟ්් ගියා” ලියමනෙන් උපුටා ගත් කොටස කිහිපයකි. සර්යා 2008- ජන./පෙබ.*
හිඟනකම අහම්බයක් ද? අතළොස්සක් ධනිය ගෝපාලලා බතින් ද, කිරෙන් ද සැනහී- නොතෙමෙන මාළිගා තුළ ජීවිතය වින්දනය කරද්දී, බහුතරයක් සෝපාකලා හාමතේ් මියෙන්නේ්ත්- උන්ගේ අම්මලාට කිරි එරෙන්නට ඇඟ ලේ මදි වෙන්නේත් ඇයි? ලෝකය වෙනස් වෙන්නේ කවදාද?
සැම සම වෙන ලොවක්
මේ පාරෙන් එන්න.
....නිෂ්පාදනය පුළුල් වීමත් සමග මිනිසා ම්ලේ්ච්ඡුත්වය වෙත බැඳ තැබූ රැුහැන් පට එකින් එක බිඳී ගිය අතර නිෂ්පාදනයේ පුළුල් වීම නිසාම සාමූහික චර්යාවක් සඳහා බලකෙරුණු සාධකයන් ද අතුරුදහන් විය. මිනිසා ම්ලේ්ච්ඡුත්වයේ් සිට සභ්යත්වය වෙත ඔසවා තැබූ නිෂ්පාදනයේ් පුළුල් වීම විසින්ම මිනිසා සාමූහිකත්වයේ් සිට පෞද්ගලිකත්වය වෙත පිරිහෙළන ලදී. එසේ් සිදු වූයේ් එම නිෂ්පාදන බලවේගයන්ගේ් අයිතිය සුළුතරයක් වෙත සීමා වූ පන්ති සමාජය බිහිවීමෙනි. පොදු දෑ වෙනුවට පෞද්ගලික දෑ ද, සාමූහිකත්වය වෙනුවට පෞද්ගලිකත්වය ද සහයෝගය වෙනුවට තරඟය ද බිහි විය. තනි වාක්යයකින් කිවහොත් ධනවාදය විසින් මිනිසා හුදකලා ගෝත්රිකයෙකු කළේ්ය.
එ් හුදකලා ගෝත්රිකයා සමාජ ප්රශ්න වලට පිළිතුරු සොයනුයේ් තනිවවමය. ඔහු ඊයේ සමාජයෙන් තම පවුල විතැන් කළේය. අද ඔහු සිය පවුලෙන් ද විතැන් වෙමින් සිටී......
......සියළු ම්ලේ්ච්ඡුත්වයන්ට එරෙහි ඔබේ උස් හඬ සමග අපට ද කොන්දේසි විරහිතව එකඟ විය හැක. එ්ත් පහර දීමේ ඉලක්කය ගත යුත්තේ නිෂ්පාදන මාධ්යයන්ගේ පෞද්ගලික අයිතියට එරෙහිවය. ආදි මිනිසාව තත්ත්වයන්ගේ බල කිරීම විසින් තල්ලූ කරන ලද සාමූහිකත්වය වෙත සවිඥානිකව සමාජය කැඳවාගෙන ආ යුතුව ඇත.
පෞද්ගලිකත්වයේ් කොටු පවුරු තුළ සුරැුකෙන ම්ලේච්ඡුත්වයට පහර දිය හැක්කේසාමූහිකභාවයේ ශිෂ්ටත්වය නැමැති අවියෙනි. එය කඳුළු සැලීම තරම් පහසු නැති ඇඟ රිදෙන දුෂ්කර ව්යායාමයකි. එ් වෙනුවෙන් සිතන්නන්ට අපි මෙසේ් කියමු.
”මිනිස් වර්ගයා එක්කෝ සමාජවාදය කරා පෙරටය. නැත්නම් ම්ලේ්ච්ඡුත්වය කරා පසු පසට ගමන් ඇරඹිය යුතුය.”
හුදකලා ගෝත්රික ම්ලේ්ච්ඡුයෙකු වෙනවා ද, ශිෂ්ට සම්පන්න සාමූහික මිනිසෙකු වෙනවා ද- තීරණය ඔබ සතුය.
(”කිරි මුට්ටිය ගෙඟ්් ගියා” ලියමනෙන් උපුටා ගත් කොටස කිහිපයකි. සර්යා 2008- ජන./පෙබ.*
චන්ද්ර්රිකා යළි දේ්ශපාලනයට ගෙන එ්මට දරන උත්සාහයක් තිරයෙන් පිටුපස මේ දිනවල දැකගන්නට ලැබෙනවා. තවමත් මහජන ප්රදර්ශනයට තබා නැති මේ ”රංගනය” ඔබ කොහොමද කියවන්නේ්?
සාමාන්යයෙන් වාහනයක් දුවලා දුවලා නියමිත ආයු කාලය ඉවර වුණහම ආපහු ගන්නවා නම් ගන්නේ් එන්ජින් එක බෝර් කරලයි. ගන්න තරම් වටින වාහනයක් නම් විතරයි එහෙම කරන්නේ්. එහෙම නැත්නම් කරන්නේ් එ් වාහනය පැත්තකින් තියලා අළුත් වාහනයක් ගන්න එක. නමුත් අද රනිල්ට වාහන මදි. එ් නිසා පරණ කසිකබල් එන්ජින් බෝර් කරලා අර ගන්න තත්වයට වැටිලා තියනවා.
සාමාන්යයෙන් ඔළුව තියන කවුරුත් නම් පරණ කන්ඩෙම් වුණ වාහන එන්ජින් බෝර් කරලා ආපහු ගන්න යන්නේ් නැහැ. එ් වගේ් වාහන ලෙඩ ගොඩක් කියලා පොදු පිළිගැනීමක් තියනවා.
(2007.09.02 රිවිරෙන් ඉස්සුවා. චාමර ලක්ෂාන් කුමාර - විමල් වීරවංශ සමග කළ සාකච්ඡුාව*
නීතිය පාන් නිදහස
ගොවිකමේ නව පිළිසකර
මේ ගැන ඔබේ හඬ
නින්නාද වෙද්දී හැමතින්
ඔබේ පසෙකින් අප ඇදෙනු
ඔබ දකිනු ඇත-
මෙක්සිකෝවේදී මුල් වරට පිදෙල් හමුවීමේ ආශ්වාදය කඩදාසියක් මතට මුදා හරිමින් චේ ලියූ කව.
(උපුටනය - චේ - මාලනී ගෝවින්නගේ් - 2000*
වීරයන් ලෙස අර්ධ මිනිස්- අර්ධ තිරිසන් ඩමී වලට හුස්ම පිඹ මාධ්ය ඇතුළේ් ඔටුනු පළන්දන අවකාශයක ඉපදුනු අපේ් දරුවන්ට ඔස්ත්රෝව්ස්කිලා චේ-ලා සොයා දිය යුතුය. මිනිස් නිදහස යනු මොබයිල් ෆෝන් වලින් හෝ මැක් රයිස් වලින් හෝ හැරී පොටර්ගේ් මැජික් පොල්ලෙන් හෝ උපදින කිසියම් ”සොමියක්” නොව ලේ් වැකි අරගලයන්ගෙන් සුසැදි ඉතිහාසයක් ඇති අඛණ්ඩ ක්රියාවලියක් බව පහදා දිය යුතුය.
If On A Winter’s Night A Traveller- By Italo Calvino
කැල්විනෝ- ප්රබන්ධ කලාව ඔළුවෙන් හිටවීම
ඉතාලෝ කැල්විනෝ ඉපදුණේ් කියුබාවේ දී ය. හැදුණේ් වැඩුණේ් ඉතාලියේ් සහ ප්රංශයේ්ය. ලෝකයේ් විශිෂ්ට නූතන නවකතාකරුවන් අතර ඔහු අද ප්රබලයෙකි. කැල්විනෝ නවකථාවක් හොඳින් කියවා අවසන් කරන පාඨකයා ”නියම මිනිසෙකි” යන්න ඔහුගේ් නවකතාවලින් උද්දාමයට පත්වූ සහෘදයෝ ඔහුට කරන බුහුමනක් ලෙස පවසති.
මේ නවකතාව^ If On A Winter’s Night A Traveller& සාමාන්ය නවකතාවකින් ඉඳුරාම වෙනස් වූ අපූර්ව නිර්මාණයකි.
මෙහිදී ඔබ ද නවකතාවේ චරිතයක් බවට පත්වේ. ඊට අමතරව, කතුවරයා ද, නවකතාවට පිටින් සිටින ලේ්ඛකයෙකුට වඩා, නවකතාවේම චරිතයක් මෙනි. මේ නිසා, නවකතාවෙන් ඉදිරිපත් කෙරෙතියි කියන යථාර්ථය, වඩාත් නිවැරදිව කියතොත්, ඊනියා යථාර්ථය, ඉතා සියුම් ආකාරයෙන්, යටින් හාරා බිඳ දැමෙන බවක්, පාඨකයාට හැෙඟන්නට පුළුවන. විටෙක මේ නවකතාවේ සුක්කානම කතුවරයා අතින් පාඨකයා අතට මාරුවන බවක් ද පෙනුණොත්, කෙනෙකු ඉන් පුදුමයට පත්විය යුතු නැත.
ප්රබන්ධයක මූලික ලක්ෂණයක් වනුයේ්, ලේ්ඛකයා විසින් පාඨකයාගේ් මනෝ ලෝකය ප්රතිනිර්මාණය කිරීමකි. එහෙත් ලේ්ඛකයා ද පාඨකයෙකු වන කල, පාඨකයා ද ලේ්ඛකයෙකු වන කල, ඉහත කී සම්භාවිත ලේ්ඛක-පාඨක සම්බන්ධය බිඳී යයි. මෙය, ප්රබන්ධකරණය කඩා ඉහිරවීමක් ද? නැත, ඉන් සැබැවින්ම කෙරෙන්නේ්, ප්රබන්ධකරණයේ් මිත්යාවත් පෙරළා ප්රබන්ධකරණය කිරීමකි. වෙනත් නවකතාකරුවන් අතරේ කැල්විනෝ විශෙෂිත වන එක් මූලික ලක්ෂණයක් වන්නේ් එයයි.
ලෝකාවසානය අත ළඟ බව යම් හෙයකින් දැන ගැනීමට ලැබුණොත්, එ් අවසාන පැය කීපයේ් කියැවීම සඳහා තමා ළඟ තබා ගන්නේ්, ඉතාලෝ කැල්විනෝගේ් නවකතාවක් බව, වරක් සල්මන් රුෂ්ඩි කියා ඇත.
(සිසිරයේ් රැුයක මඟියෙකු... නම් ගාමිණී වියන්ගොඩගේ් සිංහල පරිවර්තනයේ පෙරවදනින් කළ උපුටා ගැනීමකි. එම පරිවර්තනය විජේ්සූරිය ග්රන්ථ කේ්න්ද්රයේ් ප්රකාශනයකි. *
........ඉතාලෝ කැල්විනෝ ගේ් අළුත් නවකතාව, ”සිසිරයේ් රැුයක මඟියෙකු .... නම්” කියැවීමටයි ඔබ දැන් සැරසෙන්නේ්. සැහැල්ලූ වෙන්න. හිත එකඟ කරගන්න. අනෙක් හැම සිතුවිල්ලක්ම අහක දාන්න. ඔබ අවට ලෝකය පිටමං කරන්න. දොර වැහැවුවොත් වැඩිය හොඳයි: අල්ලපු කාමරේ රූපවාහිනිය කොයි වෙලේ්ත් දැමූ ගමන්. එ් ගොල්ලන්ට කෙළින්ම කියන්න, ”නැහැ, මට ටී.වී. බලන්න ඕනේ් නැහැ!”. තව පොඞ්ඩක් හයියෙන්- නැත් නං එ් ගොල්ලන්ට ඇහෙන එකක් නැහැ. ”මං කියවනවා! මට බාධා කරන්න එපා!”..........
(මේ කොටස ප්රබන්ධයේ් ප්රවේශයයි.*
........ අළුතින් ප්රකාශයට පත් පොතකින් ඔබ ලබන්නේ් විශේ්ෂ සතුටකි. ඔබ රැුගෙන යන්නේ් පොතක් පමණක් නොව, එහි නව්යතාව ද ඔබ රැුගෙන යයි. මෙය, කම්හලකින් පිට කෙරුණු හුදු භාණ්ඩයක නැවුම් කම ද විය හැකිය. අළුත් පොත්වල ඇති යෞවන විකසිතය; කවරය පොට්ට පාට වන තෙක්, අගිස්ස්සේ් ¥විලි තට්ටු බැඳෙන තෙක්, පුස්තකාලයේ් අපර යාමය තුළ වෙළුම දිය වන තෙක් නො නැසී පවතින යොවුන් විකසිතය... නැත, ඔබ කවදත් ප්රාර්ථනා කරන්නේ් සැබෑ නැවුම් බවය.........
(15 පිට*
අප කොතැනක- චීනයේ්, ජපානයේ්, එංගලන්තයේ්, ඉන්දියාවේ හෝ ඇමරිකාවේ හෝ ජීවත් වුවත්, ඉතා වැදගත් වන්නේ් ”මගේ් රට” යැයි අපි සැවොම කියමු. ලෝකය සමස්තයක් වශයෙන් කිසිවෙක් කල්පනා නො කරති. ඉතිහාස පොත් නැවත නැවත සිදු වන යුධ වලින් පිරී ඇත. මිනිසුන් වශයෙන් අපට අප අවබෝධ කිරීම ආරම්භ කිරීමට හැකි නම්, එකිනෙකා මැරීම නවතිනු ඇත.
පහත් ජාත්යාලයෙන් අපේ් රට ගැන පමණක් කල්පනා කරනතාක්, අපි භයානක ලෝකයක් නිර්මාණය කරමින් ඉන්නෙමු. අප සැමට සතුටින් හා සාමයෙන් ජීවත් වියහැකි මේ මහ පොළව අප සැමගේ් ම යයි අප වරක් දුටුවොත්, එවිට අපි එකට එක් වී අළුත් ලෝකයක් ගොඩ නගනු ඇත.
-ජේ්. ක්රිෂ්ණමූර්ති
ගස් වැල් සහ ග්රහ ලෝක වල විශ්ව සාධාරණ ස්වභාවයක් නැද්ද? දර්ශනය ඉල්ලා සිටින්නේ් සත්යය මිස සත්ය වශයෙන් අදහස් වන දෙය නොවේ. එය ඉල්ලා සිටින්නේ් මුළු මහත් මනුෂ්ය වර්ගයාට ම සත්ය දේ් මිස ඇතැම් ජනතාවකට සත්ය දේ් නොවේ. එය පාරභෞතික සත්යයන්, දෙශපාලන භූමි ශාස්ත්රයේ් මායිම් නොපිළි ගනී.
-කාල් මාක්ස්
(උපුටන ලබා ගත්තා - දියැස. 1997-06/07 කලාපයෙන්*
”මිනිසාගේ් පරම ධනය ඔහු සතු ජීවිතයයි. එය ඔහුට ලැබෙනුයේ් එක් වතාවක් පමණි. එම නිසා ඔහු ජීවත් විය යුත්තේ්, ගෙවී ගිය කාලය ගැන වද දෙන සිත් තැවුල්වලට ඉඩ නොතබමිනි. නීච වූත්, නිවට වූත් අතීතයක් පිළිබඳ ඇති විය හැකි දැවෙන ලජ්ජාව කිසි කලෙකවත් නොවන ලෙසටය. එබැවින් මුළුමහත් ලෝකයේ්ම ඇති උසස්ම සේ්වය වන මිනිස් වර්ගයාගේ් විමුක්තිය සඳහා ගෙන යන සටනට තමාගේ් මුළු ජීවිතයම, මුළු ශක්තියම, කැප කළ බව තමා මැරෙන මොහොතේ් ප්රකාශ කිරීමට හැකි වන අන්දමින් ජීවත් විය යුතුය.”
-නිකොලායි ඔස්ත්රෝව්ස්කි
ඔස්ත්රෝව්ස්කි, ඔහු කැප වූ දේ්ශපාලනික හරයන් පිළිනොගන්නා මිනිසුන්ගෙන් පවා බුහුමන් ලද උතුම් මිනිසෙක්. ලෝකයට කෙළවුනත් මට මොකදැයි හිතන අදේ්ශපාලනික අමනයන් ඔස්ත්රෝව්ස්කිගේ් චරිතාපදානය කියවිය යුතුය.
ලෝකය වෙනස් කිරීමට සටන් වැද, අන්ධව- ඔත්පලව ඇඳක් මත සිට ”වානේ් පන්නරය ලැබූ හැටි” ලියා තබා වයස 32 දී අප හැර ගිය ඔස්ත්රෝව්ස්කි මරණයට අභියෝග කළ මිනිසෙකු විය. ලියන්නේ් මොන එහෙකටදැයි හිතන ලේ්ඛකයන්ට ද ජීවිතය සැක කරන පරාජිතයන්ට ද ඉගෙන ගන්නට යමක් ඔස්ත්රෝව්ස්කි පෙන්වා දී ඇත.
(එස්. ත්රේ්ගුබ් ලියූ ”වීරෝදාර ජීවිතයක්” ඇසුරෙන්. ප්රකාශනය - සමාජවාදී කලා සංගමය- විමසීම් - 011-2345594*
”තුවක්කු වෙඩි හඬ මැද්දේ
ඉදිරියට යන අපට
මියෙන්නට සිදු වුවත්
වෙනත් වෙස් ගනිමින්
දුම් නැවක හෝ
අච්චුගැසූ අකුරු පේළිවල
කල් රැකෙන වෙන යමක
වෙසින් අපි පවත්නෙමු....”
-මායාකොව්ස්කි
දුම් නැව සහ මිනිසා කාව්‍යයෙන්
උපුටනය : ඔස්ත්‍රෝව්ස්කි- වීරෝදාර ජීවිතයක්- එස්. ත්‍රේගුබ්
දන්නවද තිබුණු දේ?
මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook

අපේ කුටුම්බය නාය ගොස් පස් දිනක් ගෙවුනු තැන, ශුන්‍යය වෙනුවට කිසියම් පූර්ණ සංඛ්‍යාවක් අවැසිව හුන් මොහොතක, බිඳුණු හිරෝෂීමාවේ නටබුන් අහුලමින් එවා එක් කොට ජිග්සෝ ප‍්‍රහේලිකාව විසඳිය යුතුව තිබූ මොහොතක, මම ඈට මෙසේ යෝජනා කළා. ( ඇගේ මුහුණ කෝපයෙන් රතු වී තිබුණා.
”ක්රාස්”
”අපේ ගෙදර කාමරේ ඇඳ දාලා අපි ආවේ ඇයි?”
අපි ඇලවුනා.
”මං ප‍්‍රාර්ථනා කරනව පාන් රාත්තල රුපියල් පන්සීයට යන්න කියල. එතකොට මිනිස්සු බත් කන්න පුරුදු වේවි.”
-දැයේ පිනට පහළ වූ පඬි රුවනක්, රූපවාහිනී වැඩසටහනකදී.
රජු කියන කාරියා
කරන අතවැසි දාසයා
සාලෙ මැද සූරයා
ඔබයි ලකඹර එකම සූරියා
අතැඹුලකි තුන් ලොව
මට වැඩි පුතෙකු නෑ ලොව
කියමි තතු ඒ ලොව
වනා සිව් දිග ඇට නොමැති දිව
බත හරිම ජාතිය
පාන් රොඩුනං විජාතිය
දමමි මම ජාතිය
බතම ගිලපං ජාතිය
සඳ පිපි රැයේ තුරු බඳ වදී මල් ලතා තවමත් නිදී
කබ කැටි කඩා ඇස් ලොඩි අයා ලිප් වටා දන රොද බඳී
බත් හැලි උයා කඩදසි ඔතා වන් සැනෙන් බසයක වැදී
උන් ගියා රතු ඉරට කලියෙන් මැතිඳු මව්නට පින් දිදී
රෑටත් තැම්බෙයි බතක් තව
නෑ හැදුවෙ හොද්දක්
හෙට ලියන්නකො කවියක්
ගාන්න දැන් පොල් බෑයක්
උයති බත ගෙන යති යළි එති
උයති කති මිසක අන් වැඩ නැති
පවර ඇදුරිඳු පැතුම එ වෙති
කොහොම හරි බතක් උයන්නං
අද රෑටත් මඬල බලන්නං
කියන පැත්තට අපිත් හැරෙන්නං
කෙලත් ඕන්නං ඒත් දෙන්නං
රෝහණ පොතුලියැද්ද
රාවය. මකරන්ද. 2008.03.16
යසරුවන්ගේ අභාවය වෙනුවෙන් සංවේගය එක් කරන්නට මේ ලියන්නේ.
සිංහල බ්ලොග් වලට අපි අලූත් හන්දා එ් මිතුරා හඳුනන්නේ නැහැ. ඔහුගේ වෙබ් අඩවිය දැක්කේත් ඉන් පස්සේ.
නමුත්,හැම මරණයක්ම එක වගේ.
හැම වෙන් ව යාමක්ම එක වගේ.
දුක්බරයි.
”සාමය යන වචනයෙහි සංයුක්ත අරුතක් තිබෙන්නේ යුද්ධය යනු කිමෙක්දැයි දන්නා අයට පමණි.
යුද්ධයකට කෘතඥ වීමට හැකියාව තිබේ නම්, සාමය පිළිබඳ අවබෝධයක් මට ලබා දීම වෙමුවෙන් මම යුද්ධයට කෘතඥ වෙමි.
මගේ රට යනු භූගෝලීය හෝ සාහිත්‍යමය හෝ සංකල්පයක් නොවන බව අවබෝධ කර ගැනීමට මම පටන් ගතිමි. ඉන් කියවුනේ ජීවමාන මිනිසුන් ගැනය. මම ජාතිකවාදය පිළිකුල් කරමි. මට නම් ලෝකයේ ඇත්තේ ජාතීන් දෙකක් පමණි. එවා නම් හොඳ මිනිසුන්ගේ දේශය සහ නරක මිනිසුන්ගේ දේ්ශයයි.
මම හොඳ මිනිසුන්ගේ දේශයේ ජාතිකවාදියෙක්මි.”
උපුටනය- සෝවියට් කිවියෙකුගේ් ස්වයංචරිතාපදානයක් - යෙව්ගිනි යෙව්තුෂෙන්කෝගේ
-පරිවර්තනය - ටී. අන්ද්‍රාදි
”යුද්ධය” සමනලයෙකු වී ”සාමය” ගෝනි බිල්ලෙකු වූ රටක- ඊනියා කවීන් ද කලාකරුවන් ද මහ ජනතාව ද යුද තොටිල්ලේ් නැගී බඩගින්නේ් ඔංචිලි පදින මොහොතක- යෙව්තුෂෙන්කෝ ට ඇහුම්කන් දීම වැදගත්ය. මේ පළමු පියවරයි.
ලේ.
කඳුළු.
කිරිබත්.
මරණ ලැයිස්තු.
අහිමිවීම් වල වැලපුම්.
බඩගින්නේ් නෝක්කාඩු.
එෆ්.එම්.
කොවුල් කූජන.
ටී.වී. රබන් සුරල්.
රන්වල ජන ගී.
ජේ.ආර්.පී.ගේ බයිලා.
පත අට එකට සිඳ-වෙළෙන්ඳන්ගේ දහසක් සුබ ප‍්‍රාර්ථනා සමග අනා ගත් විට අපට එය ලැබේ.
එයට අළුත් අවුරුද්ද කියා කියනු ලැබේ.
එ්ක කොච්චර මාරදැයි යත්.....,අවුරුදු කුමාර් (සංගක්කාර* සාලයේ මැද එක්වනම ප‍්‍රාදුර්භූතව මෙසේ කියයි.
”සුබ අළුත් අවුරුද්දක් වීවා!”
අකුරු එහෙ මෙහෙ කිරීමෙන් පැතුම අණක් බවට පත් කරනු ලැබ ඇත.
ඔබට දැන් කළ හැක්කේ මෙයයි
උණුසුම් වීවා කෝප්පයක් බොන ගමන් ඔබේ සාලය මැදදී ඔවුන්ගේ අළුත් අවුරුද්ද සමග එක් වීමයි.
ඊගාව බෝම්බය ගිය සැණින් ඔබේ මොබයිලය කෑ ගසා ඔබට දැනුම් දෙන්නේ පැයකට නො-අඩු කාලයක් නිල වශයෙන් දුක් විය යුතු බවයි!
සුබ අළුත් අවුරුද්දක් වීවා!
මගේ මිතුරන්ට බොහෝ බරැති හීන පෙනේ. ඒ හීන වල තිබූ කාර්, ලොරි, ගෙවල් සහ ඉඩම් වල බරට උන්ගේ ඇඳන් නිතර ජර-බර ගා හඬ නැගුවා. දහදියෙන් නැහැවී ගිය උන්ගේ ඇහි දාර ද නළල් තල ද පෙනෙන හීනයේ් බරින් ඇකිලී ගොස් තිබූ හැටි මට මතකයට නැගේ. කිසිදු හීනයක් නොපෙනීම ගැන මට තිබුණේ මහා මදිකමක්, ලැජ්ජාවක් වගේ හැඟීමක්. අනික අය ද ඒ ගැන මට නිතර අවවාද කලා. හීන නැති නිසා හොඳින් නින්ද ගිය නමුත් අනික් උන් පෙරදා රැයේ දුටු හීන ගැන දොඩද්දී මම කොන් වුනා. මම ලතැවුල්ලේන් වගේ බෝඩිමෙන් පිට වෙලා ඇවිද ගෙන ගියා. මගෙ අරමුණ වුනේ කෙසේ හෝ හීනයක් දැකීම.
එදා මහ පාරෙදි අහම්බෙන් වගේ් මට හීනයක් මුණ ගැසුනා. නිවි නිවී දැල්වෙන දෑසක් ද, අක් බමරු කෙහෙ-වරලක් ද තිබූ ඒ දිව්‍යමය හීනය මම බෝඩිමට අරන් ගියා. මගෙ ලොකර් එකේ තිබුණු හිස් වීවා බෝතලේක දාලා මම ඒ හීනය ඇති දැඩි කළා. එදා ඉඳන් හැම ?කම අනික් එවුන්ට හොරෙන් මම එ් හීනය එළියට අරන් එ්කෙ නළල ඉඹලා නිදිය ගත්තෙ. දවසක් මම නිදි අතරෙ බෝතලේ මූඩිය එයාම ඇරගෙන එයා මගෙ ඔලූවට රිංගුවා. මෙන්න යකඩෝ එදා ඉඳන් මටත් හීන පේනවා....! මම සතුටින් උදම් වුනා. හැබැයි මගෙ හීනෙ අනික් එවුන්ගෙ ඒවා වගේ නෙමෙයි. සැහැල්ලූයි. පුදුම සැහැල්ලූයි. කොච්චර සැහැල්ලූ ද කියනවනම් මම ඒක පෙනෙද්දී ඇඳෙන් අඟල් දෙක තුනක් උඩට ඇවිත් පාවෙන්න ගත්තා. මේක දිගින් දිගටම උණා.
මේක බලන් හිටපු මැරිච්ච නිව්ටන් මගෙ හීනෙට බලන් ඇතුල් වුනා.”උඹ හින්දා ගුරුත්වාකර්ෂණ නියමයට කෙළවෙනවා මිනිහෝ...!” කියලා එයා ලොකුම ලොකු කාර් එකකුයි ගෙයකුයි ඉඩමකුයි මගෙ හීනය උඩින් තිබ්බා. ඒ බරට ඇඳ කඩාගෙන මමයි හීනයයි බිම වැටුනා. මට ඇහැරුණා. මම දුවලා ගිහින් බෝතලේ බැලූවා. ඒක ඇතුළේ හිස්. එ වෙනුවට රවුම් අත් අකුරු තිබ්බ ලියුමක් තිබුණා.
”උඹ නිව්ටන් එක්ක මකබෑවියං... මම එයනවා”
-කූඹියා





