Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers

කලු කපුටා සුදුවන තුරු මොල් ගහේ දළුලන තුරු
එකසිය විස්සක් දෙසිය විස්සක් ආයුබෝ වේවාකියල කියන කියමනට
පුංචි දෙයක් එකතු කරන්න ඔිනි’
යුධගිනි නිවෙන - හද ගිනි නිවෙන
රිය අනතුරු අඩුවන - රෝ දුක් නිවෙන
එකිනෙකා කෙරෙහි
අවබෝධය සෙනෙහස ගොඩ නැගෙන
ආදරය පිරී ඉතිරෙන
සුභ අලුත් අවුරුද්දක් වෙිවා!!!

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|




1948දී
Vittorio De Sica විසින් අධ්‍යක්ෂණය කළ මේ සලරුව ඉතාලියානු නව යථාර්ථවාදී සිනමාවේ ප්‍රමුඛ කෘතියකි. Luigi Bartolini මේ නමින්ම යුත් ප්‍රබන්ධ කතාව ඇසුරින් නිපයූ මෙය ලොව මෙතෙක් පහළ වූ විශිෂ්ඨතම සිනමා නිර්මාණ නම් කෙරෙන ලැයිස්තුවල නිතරම ශ්‍රේ්ණි ගත වෙන්නකි. 1950 දී ඇකඩමි ගෞරව සම්මාන දිනා ගත් අතර 1952 ද Sight & Sound සඟරාව විසින් පැවැත්වූ විචාරක මත විමසුමකින් එA වන විට තැනූ හොඳම සිනමා වියමන ලෙස සම්මානයට පාත්‍ර විය. ඉන් වසර ගණනාවකට පසු, එනම් 2002 දී පැවැත්වූ මත විමසුමකදී එය මෙතෙක් බිහි වූ හය වන විශිෂ්ඨතම කෘතිය ලෙස ශ්‍රේ්ණිගත කරන ලදී.

මේ සලරුවෙන් පශ්චාත් දෙවන ලෝක යුද සමයේ් ඉතාලියානු සමාජ අර්බුදය සියුම් ලෙස විවරණය කෙරෙයි.
Antonio Ricciට තම රැකියාවේ සුරක්ෂිතභාවය සඳහා අත්‍යාවශ්‍ය බයිසිකලය සොරකම් කරනු ලැබීමෙන් පසු ඔහුත්, ඔහුගේ් දරුවාත් එක්ව වීදි පුරා එය සොයා යෑම සහ එහිදී ඔවුන් මුහුණ දෙන සිදුවීම් මෙහි මූලික තේ්මාවයි. බයිසිකලය සොයා ගැනීමේ සියළු අවස්ථා ගිලිහීමෙන් පසු ඔහු බයිසිකලයක් හොරකම් කරන්නට පෙළඹෙන අතර, එමගින් නිර්දෝෂී මිනිසෙකු පවතින සමාජ ආර්ථික වටපිටාව විසින් සොරෙකු බවට පත් කිරීමේ ගැඹුරු දේ්ශපාලනික ඉඟිය මතු කරයි.

සොරකම අසු වී, මිනිසුන් විසින් අනුකම්පා කොට නිදහස් කිරිමෙන් පසුව බයිසිකලය ද අසීරුවෙන් සොයා ගත් රැකියාව ද අහිමිවූ
Antonio සහ දරුවා, සෙමෙන් ඇවිද ගොස් අඳුරු මාවතක මිනිස් ගංගාවකට එකතු වීමෙන් චිත්‍රපටය අවසාන වේ. එය ඔවුන්ගේ් අනාගත ඉරණමේ අවිනිශ්චිතභාවය විශද කරයි.

මේ සම්පූර්ණ චිත්‍රපටය අන්තර්ජාලයෙන් ලබා ගැනීමට ද හැකියි.

TORRENTS


මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|

සුනිල් රණසිංහ, ජගත් කීර්තියට පත් අපේ් කවියාගේ් නිර්මාණයක් මේ. සුනිල් රණසිංහ සහ ඔහුගේ් නිර්මාණ ගැන අපි බූන්දියෙන් ඉදිරියේ්දී කතා කරන්නට සැලසුම් කරමින් ඉන්නේ්.
දෙසැම්බර් 31 දා සැඳෑවේ 6.00 සිට 8.00 වෙනතුරු,
Trikone Center හිදී සුනිල්ගේ් කවි ගායනා ප්‍රසංගයක් පැවැත්වෙනවා. මෙය වෙනස් අත්දැකීමක් විඳින්නට කැමති, කවියට හිතැති ඔබට මහඟ= අවස්ථාවක්. විස්තර සඳහා 0777- 260817 අමතන්න.

New Year Poem

How I wish you Happy New Year
in ruined village Smells of sulphur
Among the dead who never listed?
When they were alive as a human been.

I have seen homeless children
Throw out as human waste in to the rubbles.
I have seen mourning rags behind tombs
Tearing to the winds for beloved,
I heard thousand voices locked down in prisons
who were abducted, skinned and raped,
neighbours are disappeared like rain drops
dried on soil in the burn Sun.

An unknown gunman walks around us
Pointing its rough finger to you and me,
How I wish you happy New Year
Among the dead who never knows?
They are silent by our silence.

Sunil Ranasinghe

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|


විචාරකයෙක් ලෙස ප්‍රකට සමන් වික්‍රමාරච්චි නිර්මාණකරුවෙකු ලෙස ද පරිවර්තකයෙකු ලෙස ද නූතන සාහිත්‍ය ප්‍රවණතා මෙරට පාඨකයන් අතරට ගෙන යාමේ මෙහෙවරෙහි නියුතුව හිඳින්නෙක්. සිල්ලර ප්‍රේ්මය: සමන්ගේ් කෙටි කතා සංග්‍රහයක්. රාවයේ් විමලනාත් වීරරත්න මේ පොත සඳහා ලියූ විචාර වියමන ගැනයි මේ ඔත්තුව.
මිනිසාගේ් ද්විත්වය සොයා යෑම : සම්පූර්නයෙන් කියවන්න.

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|


මේ ඔත්තුව දකුණෙන්. ගාලූ සිත්තම් දැක්ම දෙසැම්බර් 29 දින සිට ජනවාරි 5 දක්වා අංක 17, Pedler වීදියේ් Pedler In Cafeහිදී පැවැත්වෙනවා. චාමික ජයවර්ධන, සජීවනි හෙවාවිතාරණ, දර්ශන දේවනාරායන, ගීත් ජයසූරිය, අයි. ඩිල්ශාන්,චම්පි කුලපති, සමීර කලූපහන, එම්. ජයසිංහ සහ සන්ධ්‍යා නවරත්නගේ් කෘති මෙහි දී දැකගන්නට හැකියි.


060 2927 628න් ගීත් අමතා විස්තර ලබා ගන්න.

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|

මානුෂීය මෙහෙයුම්˜ පිළිබඳ බැනර් පෙරටු කොටගෙන 2003 මාර්තුවේ දී සුණු විසුණු වූ බැග්ඩෑගයට ඇතුළු වූ ඇමරිකානු හමුදා —යුද ඉතිහාසයේ් පවිත්‍රම යුද්ධය මෙයයැයි˜ නිවේදනය කර සිටියේ් ය. එA —පවිත්‍ර යුද්ධය˜ ගැන ඇමරිකානු කිවිඳියක වූ පැටී්‍රෂියා වෙලින්ග්හැම් මෙසේ් ලීවාය.

කියව එA බැව්,
ලෙයින් පෙඟ=ණු වැල්ලෙහි
ඇස් උගුල්ලා බුදින ගිජුලිහිණින්ට....

කියව එA බැව්
විසුණු වූ සිරුරු තුළ
සිය අවසන් පැතුම් නලවන
පියවරුන්හට....

කියව එA බැව්
සංතාපයේ් පර්දාවෙන් වැසී
සිය මළවුන් නහවන
මවුන් හා අඹුන්හට....

කියව එA බැව්
සා පිපාසාවෙන් විකල් වී
නටබුන් අතර තනිව
ඉබාගාතේ් යනෙZන
දරු සිඟිත්තන්හට...

උපුටනය- සමකය. රෝහිත භාෂණ අබේවර්ධන. රාවය. 2008.10.12

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|

එක් කුඩා නොවැදගත් සිදුවීමක් විසින් අන්තරායකාරී ලෙස ඉතිහාසයේ් සමස්තය වෙනස් කිරීමේ අවදානම සියළු කල්හිම පවතී. මේ එබඳු එක් කතාවක්.

කැණීම් පරිශ්‍රයක්. තරුණ පුරා විද්‍යාඥවරියක් කුඩා පින්සලයකින් පිංතූරයක් මත වූ පස් සහ දූවිලි සීරුවට පිස දමයි. පිංතූරය සෙමෙන් සෙමෙන් මතු වෙයි. දර්ශනය ඈ අතැති පින්සලයට ZOOM වෙයි.
දැන්, එය එක් වරම චමල් අත වූ කොළ පැහැ සායම් තැවරූ පින්සලයට ඡේ්දනය වෙයි. චමල් මොකද්දෝ අඳිනවා.

දැන් ඔබ කියවන්නට යන්නේ් එA ආදරණීය මොහොත. එA දර්ශනය ඔබට පෙනෙන්නේ් ලා කොල පැහැති පෙරණයක් තුළින්. අපේ් ආදරයේ් තෙතමනය රැගත් ලා කොළ පැහැය. ඔවු. ඔබ කැමති නම් ඔබ කැමතිම ආදර ගීතයක තනුවක් මේ දර්ශනයේ් පසුබිමට එක් කළත් කමක් නැහැ. (වික්ටර්ගෙ සිහිල් සුළං රැල්ලේ්- එAකත් නරකම නැහැ.)

අනේ් හරි ලස්සනයි චමල්.
කොළ පාට වැඩිද නිශා?
නෑ. එAකෙන් පේ්න්ටිං එකට සීතල ගතියක් එනවා.
හරියට ඔයාගෙ කම්මුල් වගේ්.

මං එයාගෙ කම්මුලක් සිප ගත්තා. ඔහ්. එයා කොනිත්තපු පාරට තව පොඩ්ඩෙන් සායම් ටික බිම.

හපොයි- හපොයි. මේකිත් එක්ක බෑනේ්.
මං ඇඳපු පිංතූරේ හිටියේ් අපි දෙන්නා.
චමල්-නිශා.

දවසක්ම මං එAක ඇන්ඳා. නිශා බළල් පැටියෙක් වගේ් ළඟ දැවටි දැවටි බලන් උන්නා. අපි අත් පටලවගෙන ලෝකාන්තය අද්දර බිම ඉඳගෙන ඉන්නව පිංතූරෙ ඇතුළේ්. නෑ නෑ මොනිකා බි්‍රටෝ පැන්නට අපි පනින්නෙ නෑ.

සායම් වේලෙන තුරු අපි මාරුවෙන් මාරුවට විහිළු කතා කිය කිය හිටියා. මම කියපු කුණුහරුප කතා ඉවර වුනේ්ම නිශා මාව කොනිත්තලා. එයා කියපු කතා ඉවර වුනෙත් මාව කොනිත්තලා. ඇයි එයාගෙ කතා වලට හිනා ගියෙ නැත්නං එAකටත් වැරදි මම.

අපි පේ්න්ටිං එක රාමු කරලා කුස්සියෙ එල්ලූවා. ඔබේ ආදරේ වරුසා වැහැලා කතර දෙව් ලොවක් වේ. ඊට පස්සෙ අවුරුදු ගාණක් පිංතූරෙ ෆ්‍රේ්ම් එක ඇතුළේ් හිටපු අපි දෙන්නා, ෆ්‍රේ්ම් එකෙන් පිට කුස්සියේ් හිටපු අපි දෙන්න දිහා බලාගෙන උන්නා.

අපි කුස්සියේ් පොල් ගෑවා. ඉවුවා. අපෙ ආච්චිගෙ කොට හිරමණෙ- ජිංජි බරස් බරස් බරස්. කලාව ගැන- මාක්ස් ගැන- ස්ටැනිස්ලාව්ස්කි ගැන- දීප්ති ගැන- මර්වින් සිල්වා ගැන- මහාවංශය ගැන- ආදරය ගැන- පංති අරගලය ගැන- කොටින්ම, මේ ඉර හඳ යට ඇති හැම කෙහෙල්මලක් ගැනම දෙඩෙවුවා. රණ්ඩුත් වුනා. යාළුත් වුනා. අපි දෙන්නා යාළුයි- රෑට බතට මාලුයි. අපි දෙන්නා- අපි දෙන්නා දිහා බලාගෙන උන්නා. දිගට. දි-ග-ට. දි--ග--ට. දි---ග---ට.

ඉතින් පාඨකයෝ, අපි දැන් අපේ් කතාවේ කාලය ගත වෙන බව ඇඟවීමට කුමක් හෝ කළ යුතුයි. එන්න, කතාවේ කාලය ගත වෙන තුරු අපි මොනවා හරි බොමු.

නිශා, කෙල්ලේ් අපි වැඩි සීනි ප්ලේ්න්ටියක් ගහමුද?

රාම-සීතා, ලයිලා-මජ්නු, විජය-මාලනී, ඩොඩී-ඩයනා, ජැක්-රෝස් වගේ් චමලූය්-නිශායිත් ඉතිහාසගත වෙයි කියලා තමුසෙ හිතනවද? ඇයි අපේ් මොනවද අඩු - නේ්ද නිශා?˜ මෙන්න කාලය ප්ලේ්න්ටිය දිගේ් දියවෙවී අවුරුදු ගානක් හැල්මෙ දුවනවා.

අප විසින් ඉක්මනින් -ඔව්- ඉක්මනින් අපවම සොයා ගත යුතුව තිබේ. නොඑසේ්නම් දිනෙක ලෝකය විසින් අපේ් ඇට කටු සොයා ගෙන එAවාට වෙනත් නම් තබනු ඇත.

නිශාන්තිගේ් දින පොතෙන්.
1988 ජූලි 07.
චමල් ගැන තියන විශ්වාසය දවසින් දවස හේ්දිලා යනවා. අදත් චමල් ගැන නරක ආරංචියක් ආවා. ඇයි දෙයියනේ් මං මේ ලෝකෙට ඉපදුනේ්. අපි දෙන්නා රණ්ඩු වුනා හොඳටම. රණ්ඩුව කෙළවර වුනේ් කුස්සියේ් බිත්තියෙ එල්ලලා තිබ්බ අපි ඇඳපු අපේ් පේ්න්ටිං එක පොළේ් ගහලා. මං පළවෙනි පාර පොළේ් ගැහුවහම වීදුරුවයි ෆ්‍රේ්ම් එකයි දෙකට මැද්දෙං කැඩුනා. චමල් බාගෙට ඉරුණු පිංතූරෙ සම්පූර්ණයෙන්ම ඉරලා එළියෙ කුණු ගොඩට වීසි කළා. එක බාගෙක එයා. අනික් බාගෙ මං. අපි ඇ-~ු-වා. පැය ගානක්. කඳුලූ වේලෙන තුරුම. රෑ වැස්සා. අවුරුදු ගානක් පිංතූරෙ ඇතුළෙ එකට හිටපු මං තනියම කුණු ගොඩේ තෙමි තෙමි උන්නා. චමලූත් ඊට මීටර් ගානක් ඈත තනියම තෙමි තෙමි උන්නා. නිශාට සීතලයි චමල්- ළගට එන්න මගෙ පූසි පැටියෝ.

ඇත්තටම නම් කතාව ඉවරයි. එAත් දින පොතක ලියූ එක්තරා සටහනක් නිසා ඉතිහාසය වෙනස් විය යුතුද? තීරණය ඔබේ අතේ්. උච්චි උච්චි- තෝල් තෝල්.

ඔබට රිසි නම් නිශාගේ් දිනපොතේ් 1988 ජූලි 07 දාතම දරණ එA පිටුව ඉරා වහාම පහත අ. කොටසට පිවිසෙන්න. නොඑසේ්නම්, එA පිටුවට ඔන්න ඔහෙ ඉන්න ඇරලා පහත ආ. කොටසට පිවිසෙන්න.

ඔබේ තේ්රීම කුමක් වුවත් එහි යන විට කුඩයක් ගෙන යන්න. එA වසර දහසකට පසුත් මිහි මත අප පෙලන සදාතනික විප්‍රයෝගයේ් අව් රශ්මියත්, සදාතනික ආදරයේ් වැහි බීරුමත් පැවතිය හැකි නිසා. ඇහුණද? බ-ලා-ගෙ-න.

අ. සුඛාන්තය

අහස් නිල් පැහැ පෙරණයකින් බැලිය යුතුයි.
කැණීම් පරිශ්‍රය සිසාරා තෙතබරිත සිහිල් සුළං රැල්ලක් ඇදී ගියා. තරුණ පුරා විද්‍යාඥවරියගේ් ඇස් දීප්තිමත් එළියකින් එකළු වුනා.
—මෙන්නෝ පේ්න්ටිං එකක් හම්බවුනෝ. එA කාලෙ හිටපු කපල් එකක්. පණ පිටිං වගේ්. පොඩ්ඩක් ෆ්‍රේ්ම් එක මළකඩ කාල එච්චරයි.˜
එයා පුංචි පින්සලයකින් අපි දෙන්නගෙ මූණු වල තිබ්බ දූවිලි අයින් කළා පරිස්සමින්.
ඔයයි මමයි වසර දාහකට පස්සේ් ඉතිහාසයේ් දූවිලි පිහදාලා ගිහින් කෞතුකාගාරයේ් ඇණයක එල්ලූනා. දෙන්නම එකම ෆ්‍රේ්ම් එකක් ඇතුළේ්. අපි ආයෙමත් සතුටෙන් මගෙ රත්තරං. අපි පට්ට කළුවරේ කණාමැදිරියො දිහා බල බල කවි කිවුවා මතකද ඔයාට? අද රෑටත් උන් එAවිද?

ආ. ඛේදාන්තය

මඩ දුඹුරු පැහැ පෙරණයකින් බැලිය යුතුයි.
කැණීම් පරිශ්‍රය සිසාරා වියළි අනුකම්පා විරහිත සුළං රැල්ලක් ඇදී ගියා. තරුණ පුරා විද්‍යාඥවරියගේ් ඇස් දීප්තිමත් එළියකින් එකළු වුනා.
—මෙන්නෝ පේ්න්ටිං එකක් හම්බවුනෝ. එA කාලෙ හිටපු මිනිහෙක්. පණ පිටිං වගේ්. ෆ්‍රේ්ම් එක දෙකට මැද්දෙං කැඩිලා ගිහිං. අනික් බාගෙත් කොහේ් හරි ඇති...æ˜
එයා පුංචි පින්සලයකින් මගේ් මූණෙ තිබ්බ දූවිලි අයින් කළා පරිස්සමින්.
මම තට්ට තනියෙං වසර දාහකට පස්සේ් ඉතිහාසයේ් දූවිලි පිහදාලා ගිහින් කෞතුකාගාරයේ් ඇණයක එල්ලූනා. මං පාළුවෙන් ඉන්දැද්දි ටික දවසකින් ඔයාවත් කවුද එකෙක් හොයාගෙන ගෙනත් එල්ලූවා ඉස්සරහ බිත්තියෙ ඇණේ්ක. ඔයා එක ෆ්‍රේ්ම් එකක. මං තව එකක. මට ඔයාව පේ්නව. එAත් ළං වෙන්න බෑ. මගෙ ෆ්‍රේ්ම් එක මාව හිර කරලා.
මට පාළුයි මගෙ රත්තරං.
ලඟට එන්න-
හරියට අර ඉස්සර වගේ්.

-කූඹියා

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|

එන්න. මේ අකුරු දෙස බලන්න.
අකුරු මියගොස් ඇතැයි කීවේ කවුරුන් ද?
ප්‍රවේශම්වන්න.
මේ පණ ගැහෙන අකුරු ඔබව වෙනස් කිරීමට හොඳටෝම ඉඩ තිබේæ

http://www.youtube.com/watch?v=GRM4S2AO4rw


මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|


දැන්වත් නැගිටින්නෙ නැද්ද දරුවො? දවල් වෙලා.. අම්මා කාමරයේ ජනේලය විවර කරමින් පැවසුවාය.
නැගිටල ඉන්නෙ.. පවසා මම යළිත් හොඳ හැටි සරමට ගුලි උනෙමි.

මොකද ඉලංදාරිය දැන්ම නැගිටින්න බෑ කියනවද? කොල්ලො ඔහොම දවල් වෙනකන් නිදා ගත්තම කම්මැලියො වෙනව.. නරකද අප්පොච්විගෙ ගෝව කෑල්ලටවත් ගහින් අත් උදවු දුන්න නම්.. මෙතෙක් වේලා මා අඩ නින්දේ අසා සිටි මුත් හඳුනා ගත නොහැකි වු කටහ~ මෙවර හදුනා ගතහැකි විය. ගුණවතී ආත්තම්ම.

කොල්ලට ඒ වැඩ හුරුවක් නෑ නැන්දෙ..

පහුගිය දවස්චලත් කොළඹ ගිහින් ආව නේද ..තාමත් හරිහමන් රස්සාවක් හම්බ වුනේ නැද්ද. ..

තාම නෑ, කොච්චර ඉගෙන ගත්තත් ඉතින් වෙලාවත් හොඳ වෙන්න එපාය .. තාම කොල්ලට අපලයි.. අම්මා සෙමින් පැවසුවාය.

ඒක මිසක්, අපේ ලොකු එකාගෙ බාල එකාත් ඔන්න උසස් පෙළට නුවර ඉස්කෝලෙකට යවනව කිවුව.
මම කිවුව හේරත්ගෙ ලොකු කොල්ලත් නුවර ගිහින් ඉගෙන ගත්තට දැන් ඔය ගෙට වෙලා ඉන්නෙ ඊට වඩා නරකද ඌත් ඔය මොකක් හරි දෑතෙ කර්මාන්තයක් පුරුදු වෙන තැනකට පංගාර්තු කොරා නම් කියල.. .. මම තව තවත් සරමට ගුලි උනෙමි.

මෝටර් සයිකල් එකක් නොනවත්වා හෝන් ගසනු ඇසේ. මම නොරිස්සුමෙන් ඇදෙන් බැස්සෙමි. අම්මාද පෙනෙන්නට නැත. මම මිදුලට විත් කන්ද පල්ලෙහා පාරට එබුනෙමි. චරිත් පහලට එන ලෙස අතින් සන් කළේ ඔහුගේ ජංගම දුරකතනයද මට පාමිනි.

කෝ උඹගෙ ෆෝන් එක වැඩ නැද්ද? නිමල් අයිය කතා කළා, අදම කොළඹ එන්න කිව්ව, ඊයෙ ටෙලිග්රැම් එකක් ඇවිල්ල හෙට උඹට ඉන්ටවිව් එකකට එන්න කියල ..ජොබ් එක හරි ගියොත් වැඩ කරන්න බලාගෙනම එන්න කියලලු
නෑ ඇත්තද.. ? ෆෝන් එකට රීලෝඩ් එකක් දාගන්න ඕන, මට අමතක උනා..මම හිස කැසුවෙමි.

-----------------

පෑලියගොඩ අලුත් පාලම ළගින් බැසගත් මම ඇ’ඳුම් බෑගයද කර පින්නාගෙන නිමල් අයියාගේ බෝඩිම වෙත ගියෙමි.

නිමල් තව ආවේ නෑ, ඉන්න මම කාමරේ දොර ඇරල දෙන්න.. ඔය ළමයත් කොළඹ ඉඳන්ම රස්සාවක් හොයා ගන්න බැලූවනම් ඉවරනෙ, එන්න යන්න බස් වලටම බර සල්ලියක් යනවනෙ.. බෝඩිමේ අක්කා මා දෙසට එමින් පැවසුවාය. ඔව් ඒක නම් එහෙම තමා.. මම සෙමින් පැවසුවෙමි.

අද කාලෙ මොළේ පාවිච්චි කරල වැඩ කරන්න ඕන, කැමති නම් මම හෙටම ඔය කාමරේටම තව ඇඳක් දාල දෙන්නම්කො, ඇඩ්වාන්ස් සල්ලි මාසෙක විතරක් දෙන්න, ඒකත් ගන්නෙ අර මේ දවස්වල අතේ සල්ලි නැති නිසා.. නැත්නම් ඒ ගන්නෙත් නෑ ....

-----------------

මල්ලි මොකද ලයිට් එකවත් දාගෙන නැත්තෙ, ගොඩක් වෙලාද ඇවිල්ල?

නෑ හයාමාර විතර උනා.. මම ඇඳ මත හිඳ ගත්තෙමි.

අද නම් මාර මහන්සියි, ඉරිදනෙ ගෙදර කාර් දෙකම හෝදන්න උනා, ඒ මදිවට වඩුබාස්ට අත්වැඩ දුන්න බලූ කූඩුවෙ වහල ගහන්න.. පාඩුවක් නෑ..රු.300 ක් දුන්නා, මේ කමිස දෙකත් හම්බවුනා.. ගේට්ටුවට වෙලා සැලුට් විතරක් ගගහ ඉඳල ගොඩ යන්න බෑ මල්ලි.. නිමල් අයියා ජයග්‍රාහී හැගුමෙන් කීවේය.

මම එක් කමිසයක් ගෙන ලංකර බැලුවෙමි.

ම්ම්.. ඕක නම් මල්ලිට මරු.. ටයි එක එහෙම දාල ආවම ටොප්, ඕන නම් හෙට ඉන්ටවිව් එකට උනත් අදින්න පුලුවන්..
ෂා.. කළබලෙන් ආව නිසා මට අමතක උනානෙ ටයි එකක් ගේන්න.. .. .

මල්ලි කැමති නම් මගේ ටයි එකක් දාන් යන්න..හැබැයි ඉතින් දන්නවනෙ නිල්පාට විතරයි .. නැත්නම් යමු කොටුව පැත්තෙ... දැන් කොහෙවත් යන්න ඕන නෑ .. නිමල් අයියගෙ එකක් හොඳයි..

-----------------

ඔයාටත් ඉන්න කිවුවද? ඉන්ටව් කාමරයේ සිට පැමිණ මා නැවත වාඩිවනු දුටු යාබද අසුනේ සිටි තරුණයා විමසීය.
ඔව්.. මම සිනාසුනෙමි.

සමහර කම්පැනිවල නම් මැනේජ්මන්ට් ටේ්‍රනින් වලට ගන්නෙ උපාධි තියන අය විතරයි. ඒ අතින් මේ කම්පැනි එක නියමයි, අනික වැඩ පෙන්නුවොත් කැනඩා තියන හෙඩ් ඔෆිස් එකට උනත් යන්න පුලුවන්නෙ... ඔහු සතුටින් පැවසීය.
ඔව් ඔව්... මමද ඔහුගේ සතුටට එක් වීමි.

රයිට්... දැන් හැමෝම තුන් දෙනා බැගින් ටීම් හතරක් හැදෙන්න... හරි අපි දැන් හැම ටීම් එකටම අපේ සීනියර් කෙනෙක් දෙනව ලීඩර් කෙනෙක් විදියට.. අපි අදම ප්‍රායෝගික පුහුණුවකට යොමු කරනව හැමෝම... පුහුණු කළමාණකරු ලෙස හදුන්වාදුන් තැනැත්තා කෙටි පැහැදිලිකිරීමක් කළේය.

-----------------

මමත් කණ්ඩායමේ අනිත් තිදෙනාත් කණ්ඩායම් නායක දමිත පසුපස ගාලු පාර දිගේ මඳ දුරක් ඇවිද ගොස් 154 බස් නැවතුම ළග නතර වුයෙමු. මම නිල් ටයි පටිය දිහා බැලුවෙමි. කුමක්දෝ නොසන්සුන් කමක් සිතට දැනේ. මම වටපිට බැලීමි. කිසිවෙකුත් මා දෙස නොබලති. බස් නැවතුමට පසුපසින් නවතා තිබු වෑන් රථයෙහි පැති කණ්නාඩියෙන් මම ටයි පටිය නැවත සකසා ගතිමි.

බොරැල්ල හන්දියෙන් බැසගත් අපි බෝ ගහ අසලින් දකුණට වු පාරෙහි මද දුරක් ගොස් ඉදිරියෙන් වු අතුරු මාවතට හැරී නැවතුනෙමු.

මේ තියෙන්නෙ කොළඹ තියන ප්‍රසිද්ධම රෙස්ටුරන්ට් එකේ වවුචර්ස්... අපි මෙයින් එකක් කාටහරි විකුණුවොත් අපිට එකකින් රු 150 ක තියනවා.. ගන්න කෙනාට තියන වාසිය තමයි, මේ එකකින් එයාලට 10% ක ඩිස්කවුන්ට් එකක් තියනවා...අපි කස්ටමර් කෙනෙක්ට කතා කරන්නෙ මෙහෙමයි... .. දමිත විස්තර කළේය.

මා අතටද එකක් රු 1500 ක වටිනාකමින් යුත් වවුචර දහයක් අඩංගු කොළයක් ලැබුණි. අපි තිදෙනා එකිනෙකා දෙස බැලූවෙමු. විශාල ගේට්ටු හා තාප්ප වලින් වට කළ නිවාස බොහෝ ගණනක් අප ඉදිරියෙන් විය. දමිත අප යා යුතු නිවාස පෙන්වා ඔහුද එක් නිවසක් කරා ගියේය.

මම තාප්පයෙහි වු ඛෙල් එක එබුවෙමි. කිසිදු හැලහොල්මනක් නැත. යළිත් වරක් මම උත්සාහ කළෙමි. ගේට්ටුවෙහි වු කුඩා පිවිසුම විවර විය. බාච්චු කලිසමකින් හා රවුම් තොප්පියකින් සැරසුණු වයසක පුද්ගලයෙක් පෙනී සිටියේය.

ගුඩ් මොර්නින් සර්... මම දමිත කියාදුන් දෙබස් පැටලූම් සහිතව වැමෑරීමි. එහෙත් ඔහු වේගයෙන් ඉංග්‍රීසි බසින් කතා කරන්නට විය. මම වටපිට බැලුවෙමි. පැමිණි අනෙත් අය පෙනෙන්නට නැත.

ඇයි මොකද තමුසෙ තක්බීර් වෙලා? ඔහු එවර පැහැදිලි සිංහලෙන් රලූ ලෙස විමසීය.

පොල් බූරුවෙක්... ඔහු සද්දෙන් ගේට්ටුව වසමින් කීවේ ඉංග්‍රීසි බසිනි.

අපි දෙන්න දෙන්න යමු. අපගේ පලමු උත්සාහය ගැන විමසීමෙන් පසු දමිත යෝජනා කළේය.

අපි යළිත් ඉදිරියට ගියෙමු.

ඕයි ඕයි මොකද එඛෙන්නෙ? දවල්ට එනව ටයි දාගෙන මහත්තුරු වගේ... ඊට පස්සෙ රෑට එනව හොර කමේ... අප ගේට්ටුව අසලට ලංවත්ම කිසිවෙකු උස් හඩින් කෑගැසුවේය.

ගෙදර කවුරුත් නෑ .. ඇය මෙහෙකාරියක් විය යුතුය.

අපිට ඕවට යන්න වේලාවක් නෑ... ඔහු කීවේ පැයකටත් වඩා අප හා කතාකිරීමෙන් පසුවය.

මහත්තයල ආධාර දෙන අයද නැත්නම් ආධාර ඉල්ලන අයද

ඇතැම් තැනකදී ඇසුණු බල්ලන්ගේ ගෙරවිලි හා බිරුම් හඩින් අපි තැතිගතිමු

කමිසය දහඩියෙන් පෙඟී ඇත. සගයාගේ මුහුණෙහි ද මහත් විඩාබර බවක් දිස්වේ. එකදු වව්චරයක්වත් විකුණා ගැනීමට අප සමත් වී නැත. පුවත්පතේ පලකොට තිබු මෙම ආයතනයේ රැකියා අබෑර්තු දැන්වීම යළි සිහිවිය. මම නිල් ටයි පටිය ගලවා උන්ඩි කොට කළිසම් සාක්කුට දූමීමි. වවුචර කොළය සගයාගේ අතින් තැබද්දී ඔහු මදෙස විමතියෙන් බැලුවේය. ඔරලෝසුවේ සවස හතර සටහන්ව ඇත.

ඔයා දැන් ගෙදරද යන්නෙ? සගයා විමසීය.

ඔව්.. මම ඔහුට අතට අත දී සමුදුනෙමි. මොකද කරන්නෙ දැන්, මම මගෙන්ම ප්‍රශ්න කළෙමි. ගුණවතී ආත්තම්මා කී දෑ යළි දෙසවනට ඇසෙන්නාක් මෙනි. කුමක් හෝ කළ යුතුය. නිමල් අයියා.. මට සිහින් සිනාවක් නැගුණි.

ගෙදර යනව කිව්වට නුවර යන්නෙ නෑ.. මම ආපසු හැරී සගයාට කෑගසා කීවෙමි. සාක්කුවෙහි වු නිල් ටයි පටිය ගෙන බැලු මම යළි එය රුවා ගතිමි.


කසුන් අමරසිංහ

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|

නත්තල් සිතුවිලි - 2008 දෙසැම්බර් මස 25 වැනිදා


පුංචි දරුවෙක්ව ඉඳිද්දී වත්ත පහල වැටේ කිරි ගහක් කපාගෙන ඇවිත් අපේ අයියා ගෙදර සාලය මැද හැදූ නත්තල් ගහක් මට මතකයි. දවස් දෙකකට විතර පසුව දඬු විතරක් ඉති‍රි වෙන්නට කොල හැළුණු අපේ නත්තල් ගහ දිහා බැළූ තාත්තා කොච්චික‍ෙඩ් ඩී. ටී. අප්පුහාමි සාප්පුවෙන් නු‍වර එළිය, බණ්ඩාරවෙල හිඳ ගෙනෙන, සයිප්‍රස් අත්තක් අරන් ආයේය. සයිප්‍රස් අත්තේ කොල නොහැලෙයි. ඊටත් සයිප්‍රස් අත්ත නත්තල් සුවඳය. ඒ නිසාම ගෙදරත් නත්තල් සුවඳය.

මේ හිතුවිල්ල පසුපස එදාත් නත්තල මගේ සිතට ආගන්තුක, විදේශීය හිතුවිල්ලක් වූවාය යන සැකය රැඳී තිබේ. සයිප්‍රස් සුවඳ මෙන්ම කළුකොල උඩ පුළුන් අලවා අපේ ගවලෙන වටේ අපි මැ‍වූ හිමත්, නත්තල් කාඩ් වල දුටු හිමෙන් වැසුණු බිම් යාය‍වලුත් මට ආගන්තුක අමුතු දේ විය. එදා එසේ වුණත්, එදා අවුරුදු හතලිහකටත් එහා වුනු අද, ජනේල‍යෙන් ඔබ්බේ හිම යාය කෙලවර සයිප්‍රස්, මේපල් ගස් පෙනෙන මානයේ හිඳගෙන මේ නත්තල් සටහන මා මෙසේ ලියාවිය යන්න යාන්තමින් වත් හිතේ ගෑවී නොතිබුණු බව නම් මම දනිමි.

හි‍මෙත්, සයිප්‍රස් ගස්වලත්, අපට නත්තල් ගස්, නත්තල් කාඩ් වලින් නොපෙනෙන බොහෝ දේ තිබේ. සීතල එකකි. සීතල නැත්නම් හිමත් නැත. ඒත් සීතල ආදරයෙන් වැලඳ ගත හැකි දෙයක් නම් නොවේ. නත්තලේ ලස්සණ පිටුපසද බොහෝ සීතල දේවල් නොතිබේද? සීතල, හිම හා දීර්ඝ ශීත කාලයන් ඇති මේ රටවල සයිප්‍රස් ගස් සාමාන්‍ය ගස්ය. අපේ වැටේ කිරි ගස්, ‍එරඬු ගස්, සූරිය ගස්, ගිනිසීරිය ගස් වගේමය. එහෙම උනත් කොල නොහැලෙන සයිප්‍රස් අත්තේ හීනි කාරම් සුවඳ මෙහේ මිනිසුන්ගේ හිත්වලත් නත්තල් මතක අවුස්සයි. නත්තලත්, හිමත්, සයිප්‍රස් සුවඳත් මේ රටේ සාමාන්‍ය දේවල්ය.
සයිප්‍රස් ගස් හැම කැලෑරොදකම ඇති නමුත්, ඒවා නත්තල් ගස් වෙන්නේ, සරුව පිත්තල කඩදාසි සැරසිලිත්, නා නා වර්ණ විදුලි බුබුළුත් එකතු වූ කල පමණි. කැලෑ රොදක ඉබාගාතේ වැවෙන ගහක අත්තක් නත්තල් ගහක් කරන්නට අපේ සරුව පිත්තල සැරසිලි වලට පුළුවන.

ගලීලයේ වඩුවෙකුගේ බිරිඳකට බෙත්ලෙහෙමේ ගවහලක උපන් බිලිඳාගේ උපන් දිනය සමරන්නට ගස් අතුවල පාට කඩදාසි එල්ලන අපි නූතන යුගයේ ගවහල් දිහා නිකමටවත් එබී බලමුද? එක එල්ලේ මතකයට ආවේ උතුරේ මානුෂික මෙහෙයුමටත්, ප්‍රභාකරන්ගේ ඊලාම් දර්ශනයටත් අතරමැදිව, අද, හෙට, ඇහිපිය ගහන්නට කෑගසා අඬන්නට තතනන සිඟිත්තන් කී දෙනෙක් ඇද්ද කියායි.
ගේ දොරින් දොට්ට බැස, අටවාගත් මඩු කූඩාරම් තුල පහුගිය වැහි කුණාටුවෙන් දියබත් වුනු මේ මරිය අම්මලාගේ ගව ඔරු අහල දණ ගහන උන් ‍සුවඳ තුවරලා කෙසේ වෙතත්, ගිනි අවිත් බෝම්බත් නම් අත දරා සිටිනවා ඇත. උන්ගේ වැරදි වලට අපි මක් කරන්නද? උන්ගේ කැරලි වල පලය උන්ම විඳගත යුතුයි. නොදැක විශ්වාස කරන්නන්ට වඩා නොදැක ඉන්නෝ භාග්‍යවත්යැයි මට සිතෙයි.

ලඟදී තිරගත වුනු 'අබා' ගැන වාද විවාද කොතෙකුත් ඇහැ කන ගැවසුණත්, 'මචං' ගැන වැඩි යමක් නොඇසෙන්නේත් මේ නිසාමදැයිත් සිතෙයි. උතුරේ වෙඩි උණ්ඩ මැදට සාමය ගෙනයන්න තතනන රටට,‍ මෝදර මට්ටක්කුලිය පැත්තේ ගවහල් උඩින් පායන වල්ගා තරු දිහා බලන්නට කාලයක් නැත. බැළුවත් උන්ගේ තක්කඩි කම් හා උන්ගේ වැඩ නිසා ජාත්‍යන්තර ප්‍රජාව හමුවේ සිදුවන කිච වීම මිස අනෙක් කාරණා කිසිම දෙයක් හරිහමන් ඇහැකට පෙනේද, කනකට ඇසේද යන්නත් සැකයි.

අපේ මානුෂික මෙහෙයුමේ ත‍වත් මානුෂික පැතිකඩක් ඉන්න හිටින්නට බිම් අඟලක් නැති, රට වෙනුවෙන් ගිනි මැලයට පනිනා 'රණ විරුවන්' ගැන රටේ ඇස් ඇරීම තුලින් මම දකිමි. චිරන්තන සම්ප්‍රදාය එවන් සා රූ හ‍ඳේ සිතුවම් කිරීම මිස, උන්ගේ ‍නෑ පියඹු කාරකාරාදීන්ට දරුපැටවුන්ට සෙතක් සහනයක් කිරීම නම් නොවේ. මේ ඇස් ඇරිල්ල අඩ සිය වසරකට කලින් සිද්ධ උනා නම්, බළල් පැටියාගේ පිටේ පුල්ලි මතු නොවී වලක්වා ගන්නට පුළුවන් වෙන්නත් තිබුණා නේදැයි තවත් පැත්තකින් හිතෙයි. ඒක ඒ හැටියෙන් දුටු උන්ට වූ දේවල් මෙනෙහි කරන විට නම්, විශ්වාසය කෙසේ වෙතත් දකින්න පුළුවන් කම නම් අභාග්‍යයක්මයැයි සිතෙයි.

කෙසේ වෙතත්, දකින දේ විශ්වාස නොකරන එකාත් භාග්‍යවත් විය යුතුය. එහෙම නැත්නම් අප දකින අහන බොහෝමයක් කතා කියන උන්, මමත් ඇතුළුව, මේ තරම් සුව පහසුවට ඉඳීමේ වෙන මොකක් හෝ රහසක් තිබිය යුතුය.
දැකීමත්, දැනීමත්, විශ්වාස කිරීමත් කාරණා තුනක් මිස එකක් වෙන්නට වුවමනාම ‍නොවේ. මවා පෙන්නූ දේ විශ්වාස කල, කරන උන්, ඕනෑ පදම් ඉන්නා නිසාම භාග්‍යවත් වූ පිරිසකුත්, විශ්වාසය චිත්ත ධෛර්යයෙන් යටපත් කල නිසා භාග්‍යවත් වූ පිරිසකුත්, විශ්වාසය කොතරම්ද යත් පෙරා මැන අනුපාතිකව බෙදෙන්නාවූ අභාග්‍යයත් භාග්‍යයක් කොට හිතන්නාවූ පිරිසකුත් මම දකිමි. මේ පිරිස් තුනම උන් උන්ගේ හිත් ඇතුලේ නම් භාග්‍යවන්තයෝමය.

Ransirimal Fernando

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|

..... ආ පසුව

කොයි සිට එයි ද
කොතනට යයි දැයි
නොදැන
කිසිවකු කෙරෙන්
මග සලකුනු කිසි නොලැබ
දොර හ~ දෙවයි
මහ රෑ
බල මැන යතුරු සිදුරින්
සෙලූ ගන අඳුර පමනයි
ඇයි ද ඔය බිය, ඔය පුදුමය
නොනැසී බිෙඳන අතීතය
වැලඳ දිනෙන් දින
දුරට යන අනාගතය
බලා ඔබ දෙස
කරයි සරදම්

ඔබ කෙරෙහි අනුකම්පාවක්
නැති
අහිංසක බව
පිටත මහ කලූ වැස්සයි
වැස්සයි, මොර සූරන වැස්සයි
අසරන ඔබ ඊට බිය ද
ජීවිතයෙහි රහස සොයා
දැවෙන විදුලියෙන්
ඔබ මුහුන එලිවෙයි.

ගුගුරන හෙන හඩින්
සියලග හිරි ගන්වා පන දෙවයි.
මගිය
පිපාසය දියුනු තියුනු වී
මොර සූරන වැස්සයි
දිලි දිලි
නිවෙන රන් තරු
සිදුරු කර උඩ නගින
කාලයේ හිම කැටියෙන්
වැසුන
මිනිස් දිවි කඳු කොතේ
පාගිලි තුඩින් නැග සිට
ඔබට අන්න හ~ ගසයි එන්න එන්න
පින්වත
ඔබ්ඛෙහි අඳුරු ගුහාවයි
ඉදිරි පස ඇති දොරක් නම් නැති
මහ මායාවට නොවෙන්න ගොදුරක්
දාමෝක්ලීසයන්ගේ
නොපෙනෙයි ද අසිපත
ඔබ්ඛෙහි මරු කතර සුද පමනි
බිඳකුදු දියර නැත
පිපාසය මහ වැස්ස මිරිගුව
පාරාදීසයේ සැම සැප ම
වේ මා පා ලග
මගිය එන්න

දොර හ~ දෙවයි
මහ රෑ

මගිය
ඇයි නිසල බව
මහ අතීතය හිම ගල් වී
ඉතිහාසයෙ බැමි ලිහි ලිහී
ඔබ වෙල වෙලා බඳී
වලගය කටින් ඩැහැගත්
කාලයේ නාගයා
ඔබ වටා දරන වැල ලා
පුරූරවසුන් පසුපස දිව විඩාපත්
උරුවිසිය
ඇය සිසිල සිරුර වලඳනට වෑයම
රති නිරුවතින්
ඇලී ඔබ ඇලයේ
ඉදිරි පස ආදම් වැටුන වල
ගැහැනීයමී
ගනZඳුර දෑතින් දමන්න දෙපසට
අඳුරු ගුහාවෙ එලිය උදාවෙ
යට ගිය දා වෙන විට එන දා
ගනZඳුර පමනයි
ගනZඳුර වේ ඔබගේ ආලෝකේ
පිටත මහ කළු වැස්සයි
පිපාසය, මහවැස්ස, මිරිඟ=ව

සිරි ගුනසිංහ 1949

මෙ සිංහල සාහිත්‍ය වංශ කතාවෙ ප්‍රථම නිසඳැසයි.

එය පළ වූයේ 1949 ලංකා විශ්ව විද්‍යාලයේ සිංහල සමිතිය විසින් මුද්‍රණය කළ අරුණ සගරාවෙහිය. ඉන් පසු මෙම කවිය 1956 සිරි ගුනසිංහ පළ කළ මස් ලේ නැති ඇට කාව්‍ය සංග්‍රහයේ පළ විය. මස් ලේ නැති ඇට එලි දැක්වීමත් සමග ඇති වූ ප්‍රබල විචාර ප්‍රචාරයන් කලබැගෑනි හේතුවෙන් සිරි ගුනසිංහයන් සම්ප්‍රදාය නිර්දය ලෙස හානි කරන්නේ ය යන මතයෙන් සාහිත්‍ය සමාජය කැළඹී ඇත්තේය. එහි ප්‍රතිඵලයක් ලෙස සිය නිර්මාණ පැරණි ඡන්දස් ශාස්ත්‍ර අනුව නිර්මිත සාම්ප්‍රදායික කාව්‍ය හෝ නොවන හෙයින් ඒ නිසඳැස ලෙස හඳුනා ගන්නා ලදී.

එය එසේ සිදු වුව ද 1956ට පෙර නිසඳැස් ආකෘතිය යැයි අද අප හඳුනා ගන්නා ස්වරූපයේ රචනා කීප වරක්ම එලි දැක ඇත.

1946 දී ජී බී සේනානායකයන් විසින් ලියා පළ කළ පලිගැනීම නම් වු කෙටි කතා සංග්‍රහයේ එන රචනා කීපයක් ගද්‍යත් නොවන පද්‍යත් නොවන අතරමැදි ආකෘතියක් ගත් රචනා ස්වරූපයකි. ඒවා නිසි ලෙස විචාර අවධානයට පත් නොවූයෙන් එකලම ජී බී විසින් ඒවා නිසඳැස් ලෙස හඳුනා නොගත් හෙයින් ද එවා සුදුසු පරිදි ස්ථානගත වීම අතිශය ප්‍රමාද වී ඇත.

එමෙන්ම 1952 දී මාර්ටින් වික‍්‍රමසිංහයන් විසින් පරිවර්තනය කරන ලද තෙරී ගී ද නිසදැස් ආරට ලියැවුණු නමුදු නිසි විචාර අවධානයකට පත් නොවූයෙන්, 1954 ජී බී සේනානායකයන් පරිවර්තනය කල රුබයියාට් නිසඳැස් මෙන්ම යට ගොස් මස් ලේ නැති ඇට අනුගත මග ආශ්‍රිතව නිසි ලෙස හඳුනා ගන්නේ අතිශය ප්‍රමාද වීය.
මස් ලේ නැති ඇට සිරි ගුනසිංහයන් නූතන නිසඳැස් ප්‍රවනතාවයේ මූලාරම්භකයා බවට පත් කරන ලද්දේ නිසි විචාරක අවධානයෙන් ගිලිහී ගිය ඉන් පෙර සිදු වූ නිර්මාණයන් විශද නොකළ විචාරකයන් හේතුවෙනි. නිසි විචාරයක් නැති සාහිත්‍ය සමාජය අනාගතයට වගකිව යුතු වන්නේය.

දෙවියන් මැරීම

බුද්ධිය මිත්‍රයෙකැයි, සිතු මම
දිනක් මග රැක සිට
මගේ දෙවියන්
මරා හෙලීමි,
දැවැන්තයකු වන බුද්ධිය
අඳුරෙහි මහ අඩි තබමින්
මා පිටි පසින් එනු
මට ඇසෙයි.

එහෙත් දෙවියන් සිටි කල මෙන්
දැන් මට
සැක හැර ගමන් කළ නොහැක
මා වැටුණු කල
දැන් දෙවියන් නැති හෙයින්
මම
නැඟී සිටිය යුතු ය.

යළිත් දෙවියන් සොයා ගිය මට
උන්වහන්සේගේ රන්වන් මළ සිරුර
මඟ අසල,
නුග ගස යට තිබී සම්බ විය
ස්වාමීනි, යළිත් නැඟී සිට
මා හා පෙර මෙන්
එනු මැනවයි මම කීමි
උන්වහන්සේ නැඟී නොසිටින්නේ
බුද්ධිය
තම දත් දෙපළ පෙන්නා
විලිස්සමින්
මා පිටිපස සිටින හෙයින් බව
මම දනිමි

එහෙත් මට බුද්ධිය ගසා පලවා හැරිය නොහැකිය
ඔහු මා අතහැර නොයයි.

ජී බී සේනානායක
පලිගැනීම පද්‍ය සංග්‍රහයෙන් 1946

1954 ජී බී සේනානායකයන් පරිවර්තනය කල රුබයියාට් මඩවල එස් රත්නායකයන් විසින් ද සිංහලට පරිවර්තනය කර ඇත.

ඉන් රුබයියාට් ලකුණ සිංහල සාහිත්‍ය නිසඳැස් ඉතිහාසයෙන් වෙන් නොවන්නේ නවතම හැඩරුවකින් යලි ලිවීමක් දෙසැම්බර් කාලකන්නියා සමග මගේ රුබයියාට් ලෙස ජනක මහඛෙල්ලන විසින් ප්‍රතිනිර්මිත කාව්‍ය සංග්‍රහය හේතුවෙනි. ඒ 2005 දීය.

පිබිදියා....ව්æ

අරුනෝදය
අහස් බඳුනට ගලක් ගහල
රැය දිදුල තරුමල්
බිම හෙලල

පෙරදිග දඩයක්කරු
රජ මැදුරේ මුදුන් කොත
ආලෝක මද්දට
අල්ලගෙන

හිමිදිරියෙන්
සිහිනෙන් මෙන්
හීන් සරින්
අවන්හලෙන්
මට ඇසුනා

—නැගිටින්æ නැගිටින්æ
මගේ පෙම්බරෝ
පුරවන්æ සෝමයæ පුරවන්æ
මෙ දිවි සිඳිලා යන්නට මත්තෙන්
ඇවිදින්æ ඇවිදින්æ˜

කුකුලෝ හඩලන ජාමේ
අවන්හලේ දොර පල්ලේ
ඉඳ කෑ මොර දුන්නා නුවනැත්තෝ
—ටික කලයි මෙ දිවි
ගියොත් යලි නොඑන්නෙන්
දොර හරින් යයි කියාලා˜

ඒ ජනකගේ මගේ රුබයියාට් කාව්‍ය සංග්‍රහයේ ආරම්භක පැදි කීපයක උපුටනයකි. මෙලෙස රුබයියාට් 2005 දී නැවත ලියවෙද්දී ජනක පශ්චාත් නූතන කවියෙකු ලෙස හඳුන්වා දෙන්නේ ප්‍රවීන විචාරක සමන් වික්‍රමආරච්චි ය. සමන් වික්‍රමආරච්චි විචාර කලාවෙ සම්ප්‍රදාය බිඳිමින් සිය අවධානය පශ්චාත් නූතනවාදී කඳවුර වෙත යොමු කල නීතිඥයෙකි.
වර්තමාන සාහිත්‍ය ක්ෂේත්‍රයේ විචාරකයන් අතර දීප්ති කුමාර ගුණරත්න, එරික් ඉලයප්පාරච්චි, කේ්.කේ්. සමන් කුමාර, සමන් වික්‍රමාරච්චි,සේපාල් අමරසිංහ යන අයවලුන් මෙම සාහිත්‍යයේ නව ප්‍රවේශයේ පුරෝගාමීන් ලෙස පෙන්වා දිය හැකිය. මහැදුරු සුචරිත ගම්ලත් මාක්ස්වාදී විචාර මූල ධර්ම මත සිය සාහිත්‍ය කටයුතුවල යෙදෙන්නකු ලෙස ප්‍රකටය.

දැන් දැන් සාහිත්‍ය නිර්මාණ විචාරය ද වෙනත් අනෙක් නොයෙක් දේ මෙන්ම සංකර සාටෝප සිය හිතවතුන් සනසාලන ඇන්දවිල්ලක් බවට පත් වී ඇති වග සියල්ලෝ දනිති. පරාක්‍රම කොඩිතුවක්කු කලකට පෙර සිනමා විචාරයක් ලියා ලක්බිම පුවත් පතේ පළ කර ගත්තේය. ඒ රන්ජන් රාමනායකගේ වන් ෂොට් සිනමා පටය ගැනය. පරාක්‍රම එහි කිව්වේ එය හුදෙක් ලිංගික තේමා රැගත් සම්මාන ඉලක්ක කර ගත් සම්භාවනීය යැයි කියා ගන්නා පොදු ජන මානසික මානයන්ගෙන් දුරස් වූ නිර්මාණයන්ට වඩා සිය දහස් ගුණයකින් වටිනා බවය.

අනෙක් මිනිසුන් කට කහනවට කීවෙ පරාක්‍රම සෝමා එදිරිසිංහගෙන් සල්ලි අර ගත් බවය.

සත්‍ය කුමක් වුවත් මෙ සියල්ල මැද සියළු නිර්මාණකරුවෝ අතර මං වී ඇත්තෝය.

සමකාලීන කවීන් සුන්දරතර කාව්‍ය භාෂාවක් සොයමින් කාව්‍ය මාර්ගයෙන් ඉවතට ඇදෙද්දී යථෝක්ත සාවද්‍යතාව හෙළිකොට එය බුද්ධි විෂයික කලාවක් බව පෙන්වා දුන්නේ සිරි ගුනසිංහ යැයි කිව යුතුය.

ආචාර්ය උදය මල්ලවාරච්චි - රතු කැකුළ - සිරි ගුනසිංහ පෙරවදනින් උපුටනය

අදට එපමණකි. නැවත පායා එනතුරු සමුගනිමි.

අම්බිලි මාමා

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|

1988 නොවැම්බරය හීෂණයෙන් පිරුණු සමයකි. එතැන් සිට කාලය වේගයෙන් ඉක්ම ගොසිනි. ඒ භීෂණයේ සිදුවීම් අද වන විට බොහෝ දෙනකුට අමතකව ගොස් තිබේ. 88-89 කාලය තුළ අතුරුදහන්වුවන් ගැනත්, මරා දැමුවන් ගැනත් අපි z90 දී කතා කළෙමු. මරණය දැක දැක මරා දැමුවන් වෙනුවෙන් ගුණ සමරු උත්සව පැවැත්විණි. මට අදටත් ඔවුන් ගැන ඇත්තේ ගෞරවයකි. මා හැදී වැඩී පෝෂණය වුයේ භීෂණය පිරුණු සමාජයකය. ඒ අවදියේ බොහෝ මිනිසුන් මරා දැමුවේ ඉතාමත් ම්ලේච්ඡ ආකාරයටය.

මා හැදී වැඩුණු ඒ භීෂණකාරී සමාජය අද ද ජීවමානව පවතී. මා මේ ලිපිය ලියන්නේ එබැවිනි. අතීත මතකයන් තුළින් මට ගැලවීමක් නැති බැවිණි.

වාමාංශිකයෙකු වූ මාගේ තාත්තා 1988 නොවැම්බර් 08 දා ජනතා විමුක්ති පෙරමුණ විසින් ඝාතනය කරන ලදී. ඔහු නමින් නන්දසේන සිල්වාය. ජීවිතයේ තිස් නම වැනි අවුරුද්දේදී ඔහු මරා දමන විට මා කුඩා දැරියකි. මා දන්නා පරිදි ඔහුගේ දේශපාලනය ආරම්භ වන්නේ 1971 කැරැල්ලට සමගාමීවය. ඒ 1971 කැරැල්ලට සම්බන්ධ වුවන් හා ඔහු අතර වූ දේශපාලන මිතුදම් නිසාවෙනි. මාගේ මතකයන් අතරේ ඔහු ඉතාමත් ප්‍රිය ජනක, සමාජයේ අනිත් මිනිසුන් උදෙසා වැඩ කළ පුද්ගලයෙකි.

1980 වැඩ වර්ජනයට හසු වූ ඔහු, බණ්ඩාරවෙල ඌව කරඳගොල්ලේ ගොවිපළක් ආරම්භ කරන ලදී. ගොවිපළ ඇරඹීම හරහා වැඩ වර්ජනයට හසු වු ඔහුගේ ඇතැම් මිතුරන්ටද ජීවන මාර්ගයක් සැපයීමට හැකිවීම ගැන ඔහු සතුටු විය. ඌව කරඳගොල්ලේ පාසල ගොඩ නැගීමට ඔහු වෙහෙස මහන්සිව කටයුතු කළේය. උසස් පෙළ ළමුන්ට නොමිලේ අමතර පන්ති පැවැත්වීමත් ඔහු විසින් ආරම්භ කරන ලදි. ගමේ සෙසු ළමුන් මෙන් දුෂ්කරතා විඳින්නට පුරුදු වෙන්නැයි කී ඔහු මුලින් කරඳගොල්ල ගමේ ඉස්කොලෙට අප යැවීය. තාත්තා පාසැලට උදව් කළ නිසා අප කෙරෙහි විශේෂ සැළකුම් දක්වනු දැකීම ඔහු පි්‍රය නොකළේය. පාසැල් නාට්‍ය සඳහා මා දෙවරක්ම තෝරා ගැනීම රුචි නොකළ තාත්තා පාසැලට ගොස් zහැකියාව තිඛෙන වෙනත් දරුවෝ මේ පන්තියේ නැතිදැZයි ඇසූ අයුරු මට අද මෙන් මතකය. මිනිසුන්ට ආදරයෙන් සළකන්නට මට කියා දුන්නේ තාත්තාය. ගොවිපොළ හරහා යනෙන ගම් වැසියන් නවතා කොළඹින් ගෙනා විටමින් සහ යකඩ පෙති තාත්තා ඛෙදා දෙන අයුරු මට දැනුදු මතකය. 1983 කලූ ජුලිය අවදියේ අපේ ගෙදර දෙමළ මිනිසුන්ගෙන් පිරී තිබිණ. තාත්තා හැකි හැම විටකම අන් අයට උදව් කළේය. නමුත් ඔහුගේ සමාජ ක්‍රියාකාරීත්වයන් ගැන අපට ඒ අවදියේ ගැඹුරු අවබෝධයක් නොතිබිණ.

ජනතා විමුක්ති පෙරමුණ විසින් 1988 නොවැම්බර් 08 දින මාගේ තාත්තා සාහසික ලෙස මරා දැමීමට ප්‍රධාන හේතුව වුයේ වාමාංශික මත දරන්නෙක් ලෙස එවකට ජනතා විමුක්ති පෙරමුණෙහි දේශපාලනය ඔහු ප්‍රසිද්ධියේ හෙළා දුටු හෙයිනි. ඔහු ජාතිවාදයට සහ පුද්ගල ඝාතනයට එරෙහිව විවෘතව කතා කළේය. නන්දන මාරසිංහ සහ විජය කුමාරතුංග ඝාතනයන් ඔහු ප්‍රසිද්ධියේම හෙළා දැක්කේය. මාරසිංහ ඝාතනයෙන් පසු, තාත්තා නන්දන මාරසිංහයන්ගේ විශාල සේයාරුවක් ගේ ඉදිරිපස එල්ලා ඒ ගැන ශෝකයෙන් කතා කළ බව මට මතකය. ළදැරියක වූ මම මාරසිංහ යනු කවරෙක්දැයි ගැඹුරින් දැන නොසිටියෙමි. නමුත් තාත්තාගේ වේදනාව තුළින් ඔහු පිළිබඳව මා තුළ චිත්‍රණය වූ රුව දැනුදු මතකයේ තැන්පත්ව තිබේ.

තාත්තා නිතර තමන්ගේ මරණය ගැන කතා කළේය. නමුත් ඔහු වීරයෙක් නිසා ඔහු නොමැරෙනු ඇතැයි මම සිතීමි. මාගේ කුඩා ලෝකයේ අපරාජිත වීරයා වූයේ මගේ තාත්තාය. ඔහු මරා දැමිය හැක්කේ කාටද? ඇතැම් විටක මා තුරුළට ගෙන මාක්ස්ගේ හෝ ලෙනින්ගේ කෘතියක් හ~ නගා කීමට ඔහු පුරුදුව සිටියේය. මට එහි කිසිත් නොතේරිණ. නමුත් මම ඔහේ අසා සිටියෙමි. කුඩා කාලයේ සිට ඒවාට අපේ කණ හුරු කරනු වස් ඒවා කියවන්නේ යැයි වරක් ඔහු කී බව මට මතකය. ඔහු ලෝකය දකින ආකාරය පුංචි මා සමඟ ඛෙදා ගත්තේ ඔහු ගේ මරණය දැන සිටි නිසා යැයි මට අද වැටහේ.

ජනතා විමුක්ති පෙරමුණ විසින් ඝාතනය කළ මගේ තාත්තා එවන් මිනිසෙකි.

මා සහ අක්කා අවසන් වරට තාත්තා දුටුවේ නොවැම්බර් 03 වෙනිදා පාසැල් නේවාසිකාගාරයේදීය. ඉන් පස් දිනක් ඇතුළත ඔහු මරා දැමිණ. ඔහු සමඟින් තවත් 04 දෙනකු ඝාතනයට ලක් විණ. දෙදෙනකු යාබදව තිබූ ගොවිපලවල් හී අයිතිකරුවෝ වූහ. ඒ දෙදෙනාම දෙමළ ජාතිකයන් වූ අතර කිසිදු කි්‍රයාකාරී දේශපාලනයක් නොකළවුන්ය. ඔවුන් දෙදෙනා ඝාතනය කරන ලද්දේ කුමන හේතුවක් නිසා දැයි මම අද ද නොදනිමි. අනෙක් දෙදෙනාගෙන් අයෙක් ගොවිපොළේ කටයුතු සඳහා අත් උදව්වට හොරණ ප්‍රදේශයේ සිට ආ වඩු කාර්මිකයෙකු වූ රෝහණය. දෙවැන්නා වුයේ ජයවර්ධන අන්කල්ය. (ඔහු වාමාංශික කි්‍රයාකාරිකයෙකු වූ වසන්ත දිසානායකයන්ගේ බාල සොහොයුරාය.) ජයවර්ධන අන්කල් එවකට කටුබැද්ද විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ ශිෂ්‍යයෙක් විය. සරසවි වසා දැමීම හේතුවෙන් ගෙදරට වී සිටි ඔහු වෘත්තියෙන් ගෘහ නිර්මාණ සැළසුම්කරුවෙකු වූ මගේ තාත්තාගෙන් ප්‍රායෝගික දෑ උගෙනීමට අපේ ගෙදරට විත් සිටි බව මට මතකය. ඔවුන් සියල්ලෝ අපේ නිවස තුළදීම අමු අමුවේ මරා දැමිණ. අනතුරුව නිවස මුළුමණින්ම ගිනිබත් කරන ලදී. සුරතලයට ඇති කරන්නට යැයි කියා රාවණඇල්ලේ තාත්තාගේ මිතුරෙකු මට ගෙනවිත් දී තිබූ මුව පැටවාද මරා දමා තිබිණ.

මරණයට පෙර තාත්තාට වධ දුන්නා දැයි මම නොදනිමි. ජයවර්දන අන්කල් ගේ දකුණු අත කපා වෙන් කොට, තාත්තාගේ කඳින් වෙන් කළ හිස සමග අප නිවසට එන ප්‍රධාන පාරේහි ගසක එල්ලා තිබිණ. ඔහු වෙනුවෙන් අවමගුල් චාරිත්‍ර තහනම් කළ ඝාතකයින් එසේ කළහොත් අපෙන් පළිගන්නා බවට තර්ජනාත්මකව දන්වා තිබිණ. මටත්, අක්කාටත් තාත්තාගේ අවමංගල්‍යය තහනම් අඩවියක් විණ. ඔහු අපෙන් සමු නොගත්තේය. ඔහුගේ මුහුණ සිඹ සමු දෙන්නට මටත් අක්කාටත් නොහැකි විය. මට ලෝකය සහ ආදරය ගැන කියා දුන් තාත්තා ඒ තරම් බිහිසුණු මරණයක ගොදුරක් වූයේ ඇයි? ජනතා විමුක්ති පෙරමුණේ නායකයින්ගෙන් මට අදත් අසන්නට ඇති ප්‍රශ්නය එයයි.

ගිනිබත් කොට දැමූ ගේ දොරට යට වී ළමා විය පිළිබඳ මාගේ සියළු මතක සටහන් දැවී හළු විය. අඩුම වශයෙන් තාත්තාගේ සේයාරුවක් හෝ අපට ඉතිරි නොවිණ. එදා ජනතා විමුක්ති පෙරමුණෙහි දේශපාලනය විවේචනය කළ පුද්ගලයින්ට ඔවුන් දුන් දඩුවම් එබඳු ය. ඒ ඝාතකයෝ අද වුවද නිදැල්ලේ හැසිරෙමින් සිටින බව මම දනිමි. ඒ රුධිරයේ වගකීමෙන් වත්මන් ජවිපෙ නායකයින්ට ගැළවී ගත හැක්කේ අප සමාජයක් වශයෙන් ශිෂ්ඨත්වයක් නොපෙනෙන මානයක ජීවත්වන බැවිනි. මගේ තාත්තාගේ ඝාතකයන්ට එරෙහිව නැගි සිටිය යුත්තේ කෙසේ දැයි මම අදටත් නොදනිමි.

තාත්තාගේ මරණයෙන් පසුව ඔහුගේ දේශපාලන මිතුරෝ තැන තැන ගෙනයමින් අනේක දුෂ්කරතා මැද අපව සඟවා රැක බලා ගත්හ. ඒ මනුෂ්‍යත්වයට මම අදද ගරු කරන්නෙමි. අපේ ළමා විය පලා යා නොහැකි නපුරු සිහිනයක් විණ. අකාරුණික ලෝකය පිළිබඳ අඳුරු සිතුවම අපේ හදවත් පතුළටම කිඳා බැස්සේ ඒ කුඩා වියේදීමය. තාත්තාගේ දේශපාලන මිතුරෙකු මා සහ අක්කාට රැකවරණය දෙමින් අපව නඩත්තු කොට ජීවිතය ගොඩ නගා නොදෙන්නට, අපට කුමක් වනු ඇතිදැයි මට සිතාගත නොහැකිය.

මේ ලිපිය අවසන් කිරීමට පෙර තවත් යමක් ලිවීමට කැමැත්තෙමි. මාගේ පියාගේ මුල්කාලීන දේශපාලන මිතුරෝ විවිධ වූ සමාජ කාර්යයන්හි මේ දක්වා නිරත වෙති. ඒ බොහෝ දෙනෙකුට ඔවුන්ගේ වූ මාවත් හමු වී තිබේ. අහම්ඛෙන් හෝ අප හමු වූ විටක zමේ නන්දේ ගේ දුව - මේ අර සහෝදරයා ගේ දරුවාZයි කියා සෙනෙහසින් අමතති. නමුත් අප හදවත් තූල මිරිකෙමින් පවතින වේදනාව ඔවුන්ට දැනේදැයි මම නොදනිමි. හොඳ මිනිසෙක් වූ මාගේ තාත්තා මරා දැමුණේ ඇයිදැයි අපට පහදා දෙන්නට ඔවුන්ටද නොහැකි වී තිබේ. ඒ මහා වේදනාව අප විසින් අපගේ මරණය දක්වා දරාගෙන යා යුතුව ඇත. කිසිවෙක් කිසිදු පිළිතුරක් දීමට උත්සාහ නොගනී. ඒ වේදනාවෙන් නිදහස් වීමට අපට උදව් නොකරයි.

කිසිම කෙනකුට කිසිම කෙනකු මැරීමට අයිතියක් නොමැති බව මගේ හැඟීමයි. යම් කිසි ඝාතනයක් සිදු වූයේ ඇයි දැයි යන ප්‍රශ්නය ඇසීමට ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක අයිතියක් තිබිය යුතුය. අදටත් ලංකාව තුළ දකුණේ හා උතුරේද විරුද්ධ මත දරණ පුද්ගයන් මරා දමන බව මම දනිමි.

මේ ලිපිය 1988-89දී මරා දැමුණු සෑම මිනිසෙකු වෙනුවෙන්ම ඉටු නොවූ යුක්තිය පිළිබඳ වේදනාවෙන් ලියූවකි. අතීතයේ වූ රුදුරු මිනිස් ඝාතනවලට වගඋත්තරකරුවන් සෙවීමට කිසිවෙක් උත්සුක නොවූ නිසාත්, දිවි ගළවාගත්තවුන් ඒ ගැන කතා බහ නොකළ නිසාත් මේ දක්වාම මිනිස් ඝාතන සිදුවන සමාජයක අදටත් අපි ජීවත්වෙමු. උතුරේ සිට දකුණ තෙක් මේ දක්වාද විරුද්ද මතධාරීන් ඝාතනයට ලක් වන බව නොරහසකි. වෙනත් අදහසක් හෝ මතයක් දැරීමට ඕනෑම මනුෂ්‍යකු අයිතියක් තිබිය යුතු බව මගේ හැඟීමයි. ඝාතනය යනු අපරාධයකි. නමුත් ඝාතනයන් අමතක කොට, යුක්තිය පසිඳලීම පසෙක ලා ඝාතකයින් හා සහජීවනයට හුරුවීම ඊටත් වඩා සාපරාධයකි.

යුක්තිය සහ ශිෂ්ඨත්වය අහිමි වූ රටක මරා දැමූ එක් හොඳ මිනිසෙකු වූ තාත්තා පිළිබඳ මතකය වෙනුවෙන් මේ හැර මා වෙන කුමක් ලියන්නද?

රුවන්දි සිල්වා
(නන්දේ ගේ දුව)

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|

මේ බස වෙනස් විය යුතුද මැයෙන් බූන්දි ලයිව් ඊමේල් සංවාදයේ් දී ඩෝසන් ප්‍රීති දැක්වූ අදහස් කිහිපයක්. ලියනගේ් අමරකීර්තිගේ් අටවක පුත්තු සහ එA ආශ්‍රිත සිදුවීම් හරහා නැවත කරලියට පැමිණ ඇති මේ මැය පිළිබඳව ඔබේ අදහස් බූන්දියට එක් කරන්නට රිසි නම් අභය අකුරු මාදිලියෙන් ටයිප් ගසා වයර් දිගේ් අපට යොමු කරන්න.


සිංහල වෙනස් කිරීමේ මළ බද්ධය

දෙවියන්-

මම ඔබට
සංඥා දෙමි
පසිඳුරන් දෙමි

දැන් මාව
සොයන්න

සාතන්-

මම ඔබට
නාම කි්‍රයා පද දෙමි
ව්‍යාකරණය දෙමි

දෙවියන් සොයනු
හැකි නම් දැන්


සිංහල භාෂාව හෝ වෙන මොනයම් භාෂාවක් හෝ වෙනස් කරන්න කතා කළ පමණින් බැහැ. ඒ වගේම ඒක තියෙන විදියටම පවත්වාගෙන යන්නත් බැහැ. ඒවා පාර්ලිමේන්තු අන පණත් මගින් වෙනස් කරන්නත් බැහැ. උසාවියටවත් බැහැ.

භාෂාවක් වෙනස් වෙන්නේ මිනිස්සුන්ගේ කි්‍රයාකාරීත්වයෙන්. භාෂාව භාවිතා කිරීමෙ නිම් වළලු පුළුල් වීම තුලින්. තවමත් සිංහල භාෂාව සජීවි භාෂාවක්. ඒක මළ භාෂාවක් බවට පත් වෙලා නැහැ තවම. මොකද ඒක එදිනෙදා ව්‍යවහාරයේ පවත්වා ගන්න පිරිසක් මිහිමත තවම ජීවත් වෙන නිසා. ඒත් මේ සිංහල භාෂාවෙන් ලෝක දැනුමට එකතු වුන මහා සාහිත්‍යයක් හෝ විද්‍යාත්මක දැනුමක් හෝ දර්ශණයක් තවමත් මා දන්න තරමින් නැහැ. උදාහරණයක් වශයෙන් ප්‍රංශ භාෂාවෙන් ලියැවුනු මහා දාර්ශණික ප්‍රවාහයන් තවමත් පවතින බැවින් ඒ භාෂාව ඉගෙනීමට වෙනත් ජාතිකත්වයන්ට සිදුවෙනවා ඒ දැනුම භාවිතාවට ගැනීම උදෙසා. අතීතයට ගියොත් සංස්කෘත භාෂාවෙන් ලියවුනු මහා කාව්‍ය වේද ග්‍රන්ථ යනාදී මෙකී නොකී නොයෙකුත් දැනුම හේතුවෙන් දැනටත් එම භාෂාව හදාරන විද්වතුන් ලෝකයේ ඉන්නවා. සංස්කෘත සජීවි ලෙස භාවිතා කරන්නන් අද ලෝකයේ නැතත් එම භාෂාව හැදෑරීමෙ අවශ්‍යතාවය ෙඓතිහාසිකව බල පවත්වනවා.

භාෂාවක භාවිතය මත එහි රැක්ම පවතිනවා කියලා මට හැෙඟනවා. භාවිතය කියන්නේ එදිනෙදා සිල්ලර දේ සඳහාම නොවෙයි. එම භාෂාවෙන් මහා හැදෑරීම් විශ්ව දැනුමට එකතු වීම තුලින් කියලයි මට හිතෙන්නේ.

භාෂාවක ව්‍යාකරණය එම භාෂාව තුලින් දාර්ශණික ගැටළු නිරාකරණය කර ගැනීමෙ ව්‍යායාමයට රුකුල් දිය යුතුයි යන්න මගේ අදහසයි. භාෂාවක් හුදෙක් එකිනෙකා අතර සන්නිවේදනය උදෙසා මෙන්ම සාහිත්‍ය වැනි මිනිස් සත්තාව පුබුදුවන ප්‍රතිනිර්මාණය කරන දේ නිපදවීම මෙන්ම මිනිසාගේ සනාතනික ගැටළුව ලිහා ගැන්මට ද උදව් විය යුතුය.

මීට වසර පනහකට ඔබ්ඛෙන් භාවිතා වූ භාෂාව අදට වෙනස්. තව වසර පනහක් ඉස්සරහට ගියාමත් මීට වඩා වෙනස් භාෂාවක් වෙයි. ඒක මානවයා නිපදවා ගත් සියලුම භාෂාවලට පොදු සංසිද්ධියක්. නමුත් ලෝකය තුල භාෂාවක චිරස්ථායි බව රැකෙන්නේ් එය මහා සම්ප්‍රදායට එකතු කරන දේ අනුව පමණයි.

සිංහල භාෂාවෙන් ලංකාව තුල යම් දාර්ශනික දැනුමක් නිර්මාණය කරන්නට උත්සාහ කරන එකම එක පුද්ගලයෙක් මට හමු වෙයි.

ඒ දීප්ති කුමාර ගුණරත්න පමණි.

ඔහුට ඒ සඳහා අප සියල්ලන් වෙනුවෙන් අලුත් වචන සංකල්ප සංකේත නිපදවන්නට සිය කාලය මනස මෙහෙයවන්නට අපරිමිත කැපකිරීම් කරන්නට සිදුව ඇත්තේ අපේ භාෂාවේ දුර්වලතා නිසා පමණක් ම නොවන වග මගේ විශ්වාසයයි.

ව්‍යාකරණය මිනිසාගේ දැනුම සීමා කරමින් සිටීම ගැන මම දකින්නෙ සිංහල කන්නාඩියකින් නොවෙයි. ප්‍රංශ කන්නාඩියකිනුත් නොවෙයි.
අපි භාෂාවෙන් වැඩ ගැනීම වෙනුවට එය සංරක්ෂණය කරමින් සිටිමු. මුත්තා මළත් බඩ සුද්දයි න්‍යායෙන් කල් ගෙවමු.

තවත් අමු ගොන් කතාවක් කියල මෙ වියමන නතර කරන්නම්.

තර්කයෙන් වචනයෙන් නිර්වාණය වටහා ගන්න බැහැ කියල බුදුන් දෙසුවේ ඇත්තටම මිනිස් මනස සංකේත පද්ධතියෙන් අලාමුළා වෙලා කියල නොවෙයි කියලා කාටද කියන්න බැරි...
නැත්නම් මේ ව්‍යාකරණ අවුල ලිහා දැම්මම සිත නිර්වාණයට යනවා කියලා කියන්න ද එහෙම දෙසුවෙ...
ඒක ඒ තරම් අමාරු ද?

මම අටවක පුත්තු කියෙව්වා. ඒක ලියනගේ අමරකීර්තිගේ හොඳම පොත ද කියන්න මම දන්නේ නැහැ නමුත් ඒක ලියවිලා තියෙන්නෙම ව්‍යාකරණ සිද්ධාන්ත අමු අමුවෙ මරා දමලා කට වහරින්. මට ඒක තවත් නවකතාවක් විතරයි භාෂාව පැත්තෙන්.

නමුත් වඩා වැදගත් ඔහු එලෙස සම්ප්‍රදාය බිඳ දමා කියන්නට තතනන දෙය අල්ලා ගැනීමයි. සමහර විට මෙ සමප්‍රදාය බිඳීම තුල ඔහු බලාපොරොත්තු වන බොහෝ දේ අතර තිබිය හැකි එක දෙයක් මට දැනෙයි. ඒ අඩුම තරමින් එහි ව්‍යාකරන දෝෂ අල්ලන්ට හෝ තවත් පිරිසක් අතට ඒ පොත පත් කිරීම සහ ඒ අනුසාරයෙන් ඔහුගේ පණිවිඩය ඔවුන් මනස තුල ද රිංගවීම විය හැක.

අද ලේඛකයාට කියවන්නන් සොයා ගැනීමෙ වෙහෙසකර ව්‍යායාමයට ද අත පොවන්නට සිදුවන්නේය.

අවසාන වශයෙන් අජිත් තිලකසේන හෝ ලියනගේ අමරකීර්ති හෝ වෙනත් තවත් අය සිංහල හෝඩිය අකුරු අඩු කර හෝ එහි සම්ප්‍රදායික නීති රීති උල්ලංඝනය කර වාක්‍ය ලිවීමෙන් අපට නම් අලුත් දැනුමක් ලැඛෙන්නේ නැත.

එහෙම නැත්නම් සිංහල යුනිකෝඩ් මේනියාවෙන් පෙලෙන බ්ලොග් අඩවි වල වැල්වටාරම් ලියමින් ඉන්න ලියන අප්පුලාගෙන්ද අපට ලැඛෙන කෙංගෙඩියක් නැත. කීබෝඩ්වල මොන අකුරු තිබ්බත් ඒවා අතුරන්නේ මොන ක්‍රමයට උනත් ඒවා කියවීමෙන් සිංහල භාෂාව නැසීමක් හෝ රැකීමක් කෙසේ වෙතත් ඔවුනගේ බඩ වියත රැකෙන්නේ ඒ වෙබ් අඩවි වල ඒ හෑලි කියවන්නට හෝ නොකියවන්නට එම වෙබ් අඩවි වලට ගොඩවන්නන්ට පින් සිදුවන්නටය.

සිංහල වෙනස් කිරීමේ මළ බද්ධයෙන් පෙලෙන අය අතුරින් ඉහත වෙබ් අඩවි කරුවන් ද පෙරමුණේ සිටිති.

ඒ අලුත් දැනුම නිර්මාණය කරන්නට ද...?

(සංවාදයට විවෘතයි.)

ඩෝසන් ප්‍රීති

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|

සිංජිබරස් වීම

Posted by ඩෝසන්

සිංජිබරස් වීම
සිංජිබරයිසේෂන්
සිංජිබරර්
සිංජිබරලොජි
සිංජිබරෆෝබියා

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|

ඒ කාලකන්නි මල

Posted by Koombiya 12.22.2008

කවුරුත් දැක්ක ද කාලකන්නි මලක්
පිපුනු උද්‍යායනයේ
ඊයේ අපි කල් මැරූ
මහ සල් ගහ යට
මිටි පඳුරෙ

ආදරෙ ගැනම අතොරක් නැති කතා
අසා හිඳ හිඳම කාලකන්නි වුන
මලක්
පිපෙන්නට ලැජ්ජාවෙන්
ඇඹරි ඇඹරි

සමනලයටත්
එක මොහොතක් රසවත්
ඇති බව සිත යට සැගව ගත්

එක දවසින් ඉපදී
වැඩිවිය පත් වී
රමණය කර
එදාම මියෙන
සමනලයටත්
එක මොහොතක් රසවත්
ඇති බව සිත යට සැගව ගත්
ඒ කාලකන්නි මල

පිපුනා දුටුව ද කවුරුහරි


ඊ ඒ ඩෝසන් පී‍්‍රති 2008

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|

උතුමා වත

රජය හිතෙන හිතෙන විදිහට පඩි වැඩි කරන නිසා තමයි ජීවන වියදම මේ තරම් සැර..... අර්ථ ශාස්ත්‍රයට අනුව නම් ජීවන වියදමට විසඳුම පඩි වැඩි කිරීම නොව අඩු කිරීමයි.
(ඇමතිවරයෙක් : පුවත්පත් සාකච්ඡාවකදී)

අර්ථ ශාස්ත්‍ර දත්
පාලන ශාස්ත්‍ර දත්
කාව්‍ය ශාස්ත්‍රය බෝ දත්
නාට්‍ය ශාස්ත්‍රය කප් ලත්
මැතිඳුනේ්
ඔබ අපට මහමෙරකි

කෙටිල්‍ය රිකාඩෝ
ඇඩම් ස්මිත්
මාක්ස් එංගල්ස් මෙහි එන්න
රඟපාමු රඟපාමු නෙක චරිත
අදියුරු අපේ් මැතිඳුය

වඳිමු වඳිමු භරත මුනි ද
නිබඳ ඔබේ දෙපා වැළඳ...
බලති බලති මෙරට දනෝ
රඟහල් ඇති හැම අඟලක...
රඟති රඟති මැති උතුමෝ
බැඳ බහුරූ පා සිරි වෙස
දෙයියො තමයි රැඟ=ම් දුන්නෙ
අපේ් සියළු දුක් නසන්ට

හා එන්න ප්‍රීති වෙන්න ගී කියන්න පෙම්බරෝ
මේ වගේ රටක් තව කොහේ් ඇද්ද සුන්දරෝ

බනවා මැතිවර සුමිතුරු
ලැබවා සොඳ පඩි විසිතුරු
ගිලබා රස රිසි මසවුල
පෙරවා ගන සළු පිවිතුරු

පිනවා කුණු කය නිරතුරු
පුරවා දොර දොර අටුකොටු
මෙපුර දනෝ කෙළිති කෙළිති
කඩවල බඩු හිඟ වන තුරු

බඩු හිඟය දුරු කර
හැකි නම් පඩිය තව අඩු කර
රට රකින මැතිඳුට
ජනතාව බිම දපා වැඳ වැටෙයි
ඇමති මව පෙර කල
හිතවත්ව උන් සිවලෙකු
අණ්ඩ උස්සා
ජනයාට මල් වැහි වස්සයි

කඩවල බඩු හිඟයි
එA නිසා බඩු මිල දැන් සැරයි
අරගලත් නරකයි
ඇමති පුක නම් හොඳයි
බඩගිනිම නම්
ලෙව කන්ට දෙනවා සත්තයි

ඉසුරු ප්‍රසංග

මේ කවිය හම්බවෙද්දි මං උන්නේ් එකසිය හැත්තැ හයක, උතුමෝ වඩින කොන්වෝයි එකකට අහුවෙලා, පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයේ් නාමයෙන් උදේ් වරුවම ජෑම් කරගෙන. බස් අස්සේ් රොස් පරොස් බස් වැස්සයි. පත්තර කොළේ් පලාගෙන ඇවිදිං මේ කවිය මගෙ ඔළුව අස්සට රිංගද්දි, එAක මං එA වෙලාවෙ උන්න ෆීලිං එකත් එක්ක ඩෝං ගාලා සෙට් වුණා. කොච්චරට මගෙ ලේ් රත් වුණාද කියනව නම්, මට හිතුණා මේක හයියෙන් කෑ ගහලා කියවන්ඩ. එAත්, දේ්ශප්‍රේ්මයේ් නාමයෙන් සියළු දුක් කම්කටොළු එAක පාර්ශ්විකව විඳ දරාගන්න බවට දිවුරා ශපථ කළ ජනතාවක් ඉන්න රටක, බස් එකේ් උං මාව බිංකුණ්ඩෙක් වගේ් එළියට ඇදලා දායි කියලා හිතලා ඔන්න ඔහේ් හිටියා. එAත් යකෝ ඔන්න ඔහෙ ඉන්නෙ කොහොමද? මේ ජාතියේ් කවි ලියංඩ පුළුහං ලංකාවෙන්ම දෙන්නටයි. (අනික් අය සමාවෙංඩæ) එක්කෙනෙක් ඉසුරු. අනික් මනුස්සයා රෝහණ පොතුලියැද්ද. රෝහණගෙ —බත් පණ්ඩිත˜ මුලින්ම හමබවුණ දවසෙත් මට මේ වගේ්ම අභ්‍යන්තරික ලේ් ගැලීමක් ඇතිවුණා...æ

උදේ් වරුවම කවිය විසින් මාව අත් අඩංවට අරගෙන තිබුණා. ඉසුරු ප්‍රසංගගේ් බැටරි පණ අදින ෆෝන් එකට රිංගලා මං කිවුවේ, —මචං, එAක මාරයි. මට උඹට කතා නොකර බැරි වුණා˜ කියලා.

ඇත්ත. අපිට මේ කවි ගැන කතා නොකර බැහැ. මේවා ගැන කිවුවා කියලා මොකුත් නොවෙන බව දැන දැනම ඉසුරුලා කවි ලියන්නෙත් අපි එA කවි වලින් ඇඟවල් හිරිවට්ටගන්නෙත් ඇයි? උත්තරය සරලයි. මේ වෙන දේ්වල් බලාගෙන මුඛ සහ අධෝ මුඛ පූට්ටු සෙයියාවෙන් වැඩක් බලාගෙන ඉන්න බැරි ගායක් අපිට තියන නිසා. මුන් කෙළින පිස්සු දැක දැක තව දුරටත්, සොබාව සෞන්දර්යය සහ ස්ත්‍රී ශරීරවල හැඩය ගැන විතරක් කවි ලිය ලියා පත්තරවලට තැපැල් කරන්න බැරි නිසා. දැන දැන නිහ~ව ඉවසන එක ප්‍රශස්ති ලියනවාටත් වඩා අපරාධයක් බව ඉතිහාසය අපට උගන්නලා තියෙන හින්දා.

කවිවල සහ කලාවේ ඊනියා සුජාතභාවය ගැන හීනෙනෙනුත් වොරි වෙන විචාරක මහත්වරුන්ගේ් කණ්නාඩි පල්ලෙං එළියට විසික් වෙන මේ වර්ගයේ් කවි, මහ පාරේ ඉන්න මිනිස්සුන්ගේ් කණ්නාඩි අස්සෙං රිංගලා උන්ට උන් ඉන්න තැන හොයාගන්න එළියක් දෙනවා. උන්ට උන්ව අමතක වෙලා ඉන්නෙ. උන් මේ උතුමන් නිකං රෙදි දුන්නහම කපලා, මහලා, හෝදලා, මැදලා කෝට් ඇඳ ගන්නේ් එA නිසා. ඇත්ත සතුරා කවුද කියන එක උන් දන්නෙ නැහැ. උංගෙ කොඳු කඩලා, සුෂුම්නා අඹරෝලා, කර අඹලා අතට ලොලිපොප් එකක් දීලා. තමනුත් තමන්ගෙ දරුවනුත් පරම්පරා ගානක් යනතුරු ණයකාරයො කරපු මේ ක්‍රමය එක්ක නිවට ලෙස නිදි වදින්න උන්ට වෙලා තියෙන්නේ්, මේවා තේ්රෙන එවුනුත් ඔළු හිරිවට්ටගෙන හුඹහට වැදිලා පෙනේ් පොරෝගෙන දුකට කවි ලිය ලිය ඉන්න හන්දා. ඔහේ් ඉඳලා- කවි පොතක් දෙකක් ගහලා- මැරිලා ගිහිං- නැෂනල් ආකයිව් එකේ් දී කාවුන් අතර සමාදානයේ් සැතපීම ඇරෙන්න වෙන අරමුණක් නැති අධිමුර්ජාවක ඉන්න කවියෝ මොන බම්බුවකටද? එහෙම අයට ඉතුරු වෙලා තියෙන්නේ් සායනික මරණය පමණයි.

දැං මේ පරහිතකාමී, අවංක, එඩිතර ඇඩම් ස්මිත් උතුමා ඉසුරුලාගේ් බ්ලැක් කොමඩි කවි දැකලා, —අනේ් මම නම් ඔය වෙන වෙන චවුර ඇමතියන් මෙන් කුලප්පුවැ කලාකරුවන්ගේ් අංගජාතය නොකපමි. හිංසා නොකරමි. මා ද එළ ෆන් බුවෙක්මි˜යි දෙසා, සියළු බ්ලැක් කොමඩි කවිකාරයන්ට දිනයක් වෙන් කොටැ ඇමති මහ මැඳුරේ සාදයක් පැවැත්වීමට ඉඩ තිබේ.

වතුර බොමින් ඔළු කසමින් මුල් පිටු මැද පිටු සහ පත්තර වාටි වල කාටූන් හොණ්ඩර ගණන් ඇංද සිත්තර නයිදේ්ලා ඇමති මංදිරේ විදුලි මිණි පහන් යට කාටූන් චරිත බවට පත් වෙන රටක.....
මග මැරුණත් කඩේ නොයමියැයි පන් හිඳ කඩුවක් සේ් වනමින් පත්තර සරඹ සංදර්ශන පැවැත්වූ චරිත නැට්ට ගාත්‍රා අස්සෙ ඔබාගෙන හීලෑ වූ රටක.....
උතුමන්ගේ් හිරි ඔතප් බිෙඳන චිත්‍රපටයක් හැදූ වරදට සහෝදර කලාකරුවෙක් දංගෙඩියට ඛෙල්ල දෙන්න යන මොහොතක, කලාවේ නාමයෙන් දිවි දෙමුයි පිළිණ දුන් කලාකරුවෝ අහක බලන් දොයිය බබා කරන රටක.....
ඉසුරුලා රෝහණලා පරිස්සම් විය යුතුයæ

පත්තරේ ඉඩ මගේ් අතින් අදියි. දැං ඉතිං මං නවතිමි. උතුමා වත අන්තර්ජාලය පුරා බෝ කරමින් අපි මෙසේ් කිවුවෙමු.

දැන්, ඉසුරු ප්‍රසංග කවියක් ලියා තිබේ. මේ කවිය ලංකාවම කියවිය යුතුය. කවි කොළයක් ලෙස අච්චු ගසා හංදියක් හංදියක් ගානේ් හ~ නගා කියවිය යුතුය.

යංඩ ගිහිං ආයෙත් ඇවිත් කියමි.
පරිස්සම් වෙයන්... නාඳුනන ඇරැයුම්පත් වලින්.....
කශේ්රුකා කැඩුණට පස්සෙ බෝධි පූජා තිබ්බත් ලියලන්නෙ නෑæ

කූඹියා
සියත. 2008.12.21

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|


......වෙළඳ ප්‍රජාව තුළ භාණ්ඩ විකුණා ගැනීමට මනස වෙනස් කරන්න අවශ්‍යයි. එA සඳහා මාධ්‍ය ප්‍රචාරණය යොදා ගත්තා. අනන්‍යතාවක් නැතුව හිටිය තරුණ කොටස් මේ වෙළඳ කුලකය යොදා ගත්තා. මේ නිසා තමයි සුපර්ස්ටාර්, ටාසන් මාමලා, කොමඩි කින්ග්ලා බිහිවෙන්නේ්. මේ සියළු දෙනාම වෙළඳ ප්‍රජාවගේ් නිර්මාණ.......

......කවිය භාෂාවත් එක්ක කරන මැජික් එකක්. එA මැජික් එක ගීතය තුළ තියනවා. සමහර අය හිතුවා කවිය තුළින් බල රටාවක් ගොඩ නගා ගන්න. වෙළඳ අවශ්‍යතාවක් විතරයි එAක. හොඳ කවියෙකුට එහෙම අවශ්‍යතාවක් නැහැ.......

තිඹිරිගස්යාය සහ කොග්ගල අතර මගේ් කවි සිත.
තරංගා රණසිංහ උපුල් සේ්නාධිරිගේ් සමග කළ පිළිසඳර. උපුටනය- රාවය. 2008-12-21

සම්පූර්ණයෙන් කියවන්න

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|
Related Posts with Thumbnails