කවියෙකු, ගීත රචකයෙකු ලෙස ප්‍රකට අමිල තේ්නුවර සහෘදයාගේ් කුළුඳුල් කෙටි කතා එකතුවයි ඔරායන්ගේ් ප්‍රේ්ම සක්මන. ගොඩගේ් ප්‍රකාශනයකි. අමිල තේ්නුවර සහ ඔහුගේ් කෙටි කතා මග සොයාගනු පිණිස ඔරායන්ගේ් ප්‍රේ්ම සක්මනෙහි එන එනමින්ම යුත් කෙටිකතාව උපුටා පළ කරමු.
වැව පුරාම පිපි නෙළුමියෝ නිද්‍ර්‍රාගතව සිටියහ. වෑ කන්ද දිගේ් මා පියවර තබා ගියේ් වැලි කැටයක් වැවට නොවැටෙන සේ් ඉතා සුපරීක්ෂාවෙනි. මට ඉහළ අහස් ගැබ පුරා එකදු වලාකුළක් නොවී ය. අහස එක ම එක දීප්තිමත් තරුණ තාරකාවකගේ් කරලියකි. නෙළුම් පවා නිදනවා නොව තාරකාවගේ් ප්‍රනර්තනයට ලජ්ජාවෙන් නෙතු වසා සිටිනවා විය හැකිය. ඈ අහස් කරලියෙන් පා පැකිල වැව මතට ඇද වැටුනාය. තාරකාව වහා බේරාගැනීමට සිතූ මම එසැණින්ම වැව් දියට පැන වැව් පත්ලෙහි කිමිදෙමින් ඇය සෙවීමි.
මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook



