Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers


ඩි ලා ගාර්සා පවුලේ් බාලම ගැහැණු දරුවා- ටීටා සිය තාරුණ්‍යය ඇගේ් මව රැක බලා ගැනීම වෙනුවෙන්ම කැප කල යුතුය. මෙක්සිකානු සම්ප්‍රදාය එයයි. ආදරය, විවාහය ඈට තහනම් වේ. එහෙත් තහනම් ඉවතලන ටීටා, පෙඩ්රෝ හා ආදරයෙන් වෙලෙයි. ටීටා ට සමීප වනු වස් ටීටාගෙ වැඩි මහල් සහෝදරිය වන රොසයුරා හා පෙඩ්රෝ විවාහ වන අතර, ඊළඟ වසර විසි දෙක පුරා විවිධ බලපෑම් වලට නතු වෙමින් ගලා යන ඔවුනගේ් අපූරු ප්‍රේ්මය පිළිබඳ දිග හැරෙන, සිනමා සිත්තමකි මේ.

වසර තුනක් පුරා මෙක්සිකෝවේ හොඳම අලෙවි වාර්තා තැබු, එමෙන්ම ලොවපුරා භාෂා 23 කට පරිවර්තනය වූ, මායා යථාර්තවාදය ඇසුරු කර ගනිමින් ලියවුනු විරල ගනයේ් රමණීය ප්‍රේ්ම කතාවක දිගහැරෙන, ලෝරා එස්ක්විල් ගේ් Como Agua Para Chocolate නම් අපූරු නවකතාව ඇසුරින්, 1992 වසරේදී එනමින්ම තිරගත වූ චිත්‍රපටයකි.
Como Agua Para Chocolate (Like water for chocolate) - යනු ස්පාඤ්ඤ කථා ව්‍යවහාරයේ් කෝපය, ප්‍රේ්මය සහ ලිංගිකත්වයේ් භාවෝන්නතිය යන්න අරුත් ගන්වන්නට සුලබව යෙදෙන කියමනකි.

මෙම චිත්‍රපටය අධ්‍යක්ෂණයෙන් හා නිෂ්පාදයෙන් අල්ෆොන්සෝ අරවු ද තිර රචනයෙන් ලෝරා එස්ක්විල් ද එක්වූ අතර ලූමි කැවසොස්, ටීටා ලෙසද, මාර්කෝ ලියොනාඩේ, පෙඩ්රෝ ලෙසද, රංගනයෙන් එක්වූහ.

මෙක්සිකානු චිත්‍රපට ඇකඩමිය විසින් පවත්වනු ලබන එAරියල් සම්මාන උළෙලේ්දී හොඳම චිත්‍රපටයට හිමි සම්මානය ඇතුළුව තවත් සම්මාන 11 ක් දිනා ගැනීමට Como Agua Para Chocolate චිත්‍රපටයට හැකිවු අතර, තවත් ජාත්‍යන්තර සම්මාන 18 කටද හිමිකම් කියන්නට එයට හැකිවිණි.


ගංගා නිරෝෂණි සුදුවැලිකන්ද විසින් මෙම නවකතාව ලුණු සහ කඳුළු ලෙස සිංහලට ද නගා ඇත. එය විජේ්සූරිය ප්‍රකාශනයකි.





TORRENTS

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails