Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers

විසංවාද

පාස් කළා හය හත අට නමය දහය උසස් පෙළ ද
තවත් කලක් ගත වූ පසු සමත් වුණා උපාධිය ද

මා නම් දැන් ඥාන ධනය පුරවා ගත් බඳුනක්ම යි
මෙසේ සිතා උදම් වුණේ ඔබ හමු වන තෙක් පමණයි

සහෝදරය පත්තරයක් අරගෙන කියවා බලන්න
කියමින් ආ ඔහු මුල් දින ගණන් නොගත්තෙමි කොහෙත්ම

නොපසුබසින අදිටනකින් පපු කුහරය තුළින් නැගුණ
ඔහුගේ හඩ ඇසුණා මට මාස හයක් නිති පතාම

දැන් දැන් ඒ කටහඩ ඇද ගනියි මගේ සවන ඉබෙ
නිතැතින් ම යි ඔහුගේ රුව ඇදගන්නේ දෙනෙත් මගේ

දවසක් සත තිහක් ගෙවා පත්තරයක් අරගත්තෙමි
ඊළග දා ඔහුත් සමග කතාබහට පටලැවුනෙමි

සත්තාවෙ ගැඹුරු පත්ල කිමිදී ඔහු මතු වන විට
මගේ අල්ප බව වැටහුණි ජීවිතයේ මුල්ම වරට

කිසිම උපාධියක් නොලත් කම්කරුවෙකි ඔහු උදාර
ඔහුගේ තර්කය අභියස කඩා වැටුණි මගෙ පිලිරුව

මිශ‍්‍ර ආර්ථික රටාවෙ ගුණ කීවෙමි පෙර දිනවල
ශුභ සාධක රාජ්‍යයන් අගේ කළෙමි පෙර දිනවල

නොබැඳි ජාතියක් කියලා ලොවෙ ජාතියක් සිටී ද
සිටී එය යි මගෙ පිළිතුර වූයේ ඔහු හමුවන තෙක්

ප‍්‍රජාතන්ත‍්‍රවාදය යනු සැමදා නොනැසී පවතින
පූජනීය ක‍්‍රමයක් යයි ඇදහූවෙමි පෙර දිනවල

ඉගෙන ගතිමි බොරු තොගයක් ඉගැන්නුවෙමි බොරු තොගයක්
ඉගෙන ගතිමි ඇත්ත බිඳක් උගන්වමි ද ඒ බිඳ මා

ඔබගේ පිළිතුර කුමක් ද මම බැලුවෙමි ඔහුගේ මුව
දීප්තිමත් හස රැුල්ලක් වැටී තිබුණ බබළ බබළ

මෙ උගැන්ම බොරුවක්මයි සදා ඇත්ත තතු වළහන
ශබ්දවාහිනියක් වෙය මෙ සිප්හල බොරු පතුරන

සත්තාවෙ පත්ල කිමිද ඇත්ත කියන එක ම තැනයි
ලොව ඇත්තේ රිසි නම් අද හෙටම බැඳෙනු මැනවි ඊට

උදාහරණ ඔනෑ නම් ඉතිහාසය අතට ගන්න
ලොව හෙල්ලූ නවසිය දාහතේ දවස් පෙරළ ගන්න

ජිනදාස දනන්සූරිය
මහජන අධිකරණයට 1979

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



"බොබ් මාලේ. . . !!!

සවන් දෙන්න,



නුඹ යන ගමන
පසුගාමී කළා
නොව,

බොබ් මාලේ. . .!!!

සවන් දෙන්න,

මේ

නුඹ යන ගමන
මග
නතර කළා නොව,

බොබ් මාලේ. . .!!!

සවන් දෙන්න,

ඒ කැරැල්ලක හඬක් නොව,
ඒ පහර දීමක් නිසා නොව,
ඔබේ නිදහස සීමා කළා නොව,
මර්ධනකාරී ක්‍රියාවක් නොව,

නුඹ



CD තැටියක්
වූ නිසා මය. . .!!!

බොබ් මාලේ. . .!!!

සවන් දෙන්න,

කලබල නොවන්න."

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|

සඳ සාවුන්ගේ කවි

රැට පිපෙන තරු ඇස්වල පිනි කඳුළු
ආල හැගුම් නැති රකුසන් නොදනීලු
පාරමිතා සඳ සාවුන් සපුරාලු
බාල බිළිඳු කැපයට නොගනිං යාලු

දෑල දෙගොඩ හඩ නගනා කොරවකුනේ
ඉවුරෙ පිපුණු මල් පොකුරට මොකද වුණේ
පෙති කැඩිලා රැලි ඔවිල්ලේ පා වුණේ
රැල්ල සැඩයි බිත්තර රකිවු සකියනේ

රැට වැටෙන රුදු සීතල පිනි පතුරු
බෝම තදින් ඇග මස සිඳියි නිරතුරු
සාර සදිසි මවු උණුසුම වත් නැතිලු
කාට කියම් දැයි නොදැනේ දැන් මිතුරු

පූර්ණකය අද නුඹ ගේ දොළ දුකට
හර්ද මංසය ඩැහැ නොගනිං කැපට
හාද කමක් වෙ නම් සිත අණවිනට
සූනියමක් සේ එය එනු ඇත හිසට

සෙනරත් ගොන්සල් කොරාළ
සඳ සාවුන්ගේ කවි 1993

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|

"එංගපොරෙ" යයි ඔබ අසනා සඳ
"යාල්පානම්" යයි පිළිතුරු දෙමි මම

තව තව පැන ඔබ අසතත් මාගෙන්
පිළිතුරු දෙන්නට නොහැකියි මා හට
නොදනිමි ඔබ බස පිළිතුරු දෙන්නට
එනමුත් මම හඳුනමි ඔබ හදවත

සාර විටක් පිළිගන්වමි ඔබ හට
පිළිගන්නෙය ඔබ සුහද සිනාවෙන්
මිනිසත් බව නික්මුණි ඔබෙ පපුවෙන්
නොවෙද එය අප බඳිනා වරපට

නැළවි නැළවී දුම්රිය ඇද්දෙයි
ඔබෙත් මගෙත් නිවහන් හමු වන තෙක්
දුම් වැටියක් දල්වා ගන්නා ඔබ
දුම උගුරක් බොමු විමසයි දෑසින්

දල්වමි ඔබ දුන් හඳුන් සුරුට්ටුව
බලමි ඔබෙ වත දළ රැුවුලින් වැසි
ගොවිතැන් බත් කර දිවි රැක ගන්නා
කෙනෙකු ලෙසයි මට ඔබ දිස් වන්නේ

කොණ්ඩය බැඳි හිස සුදු කෙස් ගැවසුණු
කුළුණින් පිරි නෙත් රැළි නැගි නළලත

වැලි බත් උයනා සමයේ සිට මා
හොඳ හැටි දන්නා අප්පු ආතාලා
බණ්ඩ මාමලා පිවිසෙත් මසිතට
උන්ගෙත් ඔබගෙත් කිසි වෙනසක් වෙද

හූල්ලමින් හති ඇර ඇර සෝකෙන්
නවතියි දුම්රිය නාවක්කුලියේ
සමුගන්න ද ඔබ මෙ සැරසෙන්නේ
දයාව උතුරන දෑසින් අමතා

.................................................................
.................................................................
.................................................................
.................................................................

ජිනදාස දනන්සූරිය
මහජන අධිකරණයට 1979

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|
|


ගංජා සහ මෙඩුසාව

අද මට ලියන්න හිතී ඇත්තේ අපූරු ද්විත්වයක සංයෝජනය වීමක් පිලිබඳවය.
බොහෝ අපූරු දේවල් සමහර විට කිසිදු සම්බන්ධයක් මතුපිටින් නැති එනමුත් මහා විශාල සම්බන්ධයන් බවට පත්වන තැන් අපට ඉඳහිට හමුවෙ.

සමහර අය මෙලොවදී කිසිවිටෙකත් එක ළග ආසනයකවත් ලගින්නට අවසර නොවූ මිනිසුන් සදාකාලිකව අසල්වාසීන් ලෙස සමාදානයේ එක ළග සැතපෙන්න වරම් ලබති.
හරියට බොරැල්ල කනත්තේ දී මෙනි.

හයිඩ‍්‍රජන් සහ ඔක්සිජන් සම්බන්ධවී නිකම්ම නිකම් ජලය සැදුනා සේ කිසි රහක් නැති දේවල් ද එකිනෙක සම්බන්ධයෙන් උපදී.

කොටින්ම හයිඩ‍්‍රජන් අධික ලෙස ඇවිලෙන සුලු වූව ද සිය සැහැල්ලුකම නිසා නිතරම ඉහලට වී ඉන්නෙකි. ඔහු අල්ලා ගැනීම පහසු නැත. ඉහලම වායුගෝලයේ මිස මෙ පොලවට කිට්ටුවෙන් නම් අරහංය. ඒත් ඔක්සිජන් මෙ අපි ගන්න හැම හුස්මකම පහෙන් පංගුවක රැඳී නිරන්තර අප හා සහවාසයේ වෙයි. එතනින් නොනවතී. අපගේ නියම ප‍්‍රාණවායුව ද ඔහුමය. ඔහු නොවන්නට අම්බිලි මාමා තියා මහින්ද රාජා හෝ ලාල් හෑගොඩයන් ද මෙලොව නොපවතිනු නියතය. කෙසේ වුවත් මෙ සැහැල්ලු බලසම්පන්නයා සහ අපගේ ප‍්‍රාණ වායුව එකට එකතු වූ කල ජලය සෑදේ. රස නැතත් ජලයෙන් තොරව ජීවයට , අපට , පැවැත්මක් නැත්තේය. මෙයින් පෙනී යන්නේ රසයක් නැති සමහර දේවල් ද අපගේ ජීවත් වීම තීරණය කර ඇති වගයි.

ගංජා ද එලෙසින්ම එක මොහොතක ප‍්‍රාණවායුවක් බවට පත්ව අපගේ ප‍්‍රකෘතිය හෝ වචන සංකේත පද්ධතිය ඉක්මවා ගිය ඉසවුවකට අපගේ මනස ගෙන යන මත් වාහකයකි. මත් යානයකි. ගංජා යනු සංස්කෘතිය කා දමන සංස්කෘත භාෂා මූලයන් තුලින් සිංහල ශබ්ධකෝෂයට ආ රස්තියාදුකාරයෙකි, රස්තියාදු වචනයකි.

මෙ අපි ගංජා ගැන කියවන හැටිය:
ගංජා කීවිට අපට සිහි වන්නේ කකුල් වල ගංජා ගැට සහිත තොල් සිල්පර කොටන් මෙන් කළු ගැහුණු ජරාජීර්ණ පිස්සු මිනිස් රුවකි. ඇඹිලිපිටිය පැත්තේ තවමත් මෙවැනි ශරීර දැක බලා ගත හැකිය. ඒ, ඒ පැත්ත එම වගාවට ප‍්‍රසිද්ධ බැවිනි.

දැන් අපි මංජුල වෙඩිවර්ධන දකින මෙ ගංජා සංස්කෘතියේ එක් පැත්තක් [මංජුල පැත්ත] ගැන කියවා ගනිමු.

මෙ කවිය අපට ලැබෙන්නේ මංජුලගේ පිළිහුඩුවී කාව්‍ය සංග‍්‍රහයේ තිස් එක්වෙනි පිටුවෙනි.
මග තොට නොදන්න නුහුරු පෙදෙසක සරන්නට සිදු වූවොත් මෙන් කා අත වුවද සිතියමක් තිබීම ඉතා හොඳය. කීපයක් වචන , මෙහි ලියැවෙන, නොදන්න සහෘදයන් වෙත එයද ලියා මෙහි තබන්නේ කවිය ඇතුලෙ අවහිරයකින් තොරව ඇවිද යාමටය.

සූස්තිය කියලා කියන්නෙ ගංජා ඔතා සිගරට්ටුවක් මෙන් ඉරීමට හැකි ආකාරයට සකස් කරගත් දෙයටය. මීටම ජොයින්ට් එක යැයිද ව්‍යවහාර වෙ. මෙ කෝකත් කොණ්ඩ වවන රාත‍්‍රියට සෙට් වෙන අය දන්නා සිම්පල් දේවල්ය.

සූස්ති වෙළෙන්දාගේ විසංවාදී පැනය

තණ කොළ නොවෙයි මන පිනවන ඉනාවා
තණ මල්විලෙන් පොදි බැඳගෙන ගෙනාවා
තණ බිස්සේ ඉඳ රවුමට සැඳෑවා
සැන සෙනු රිසි සියොතුනි එනො පමාවා

සිප සිප නළ රැලීය සැලි සැලීය
සන සන පෙණ හැලීය පිපි මලීය
උර උර දුම් ගුලීය නෙතු සැලීය
හද හද සැන සිලීය සැන කෙළීය

පලින් පල බලන් නාඹර කුරුල්ලෝ
තුඩින් තුඩ අරන් ගින්දර හුරුල්ලෝ
නෙතින් නෙත දරන් සුන්දර සරැල්ලෝ
සිතින් දැහැන් ගත වෙන්නට ඇවිල්ලෝ

සන් තොසින් මනින සඳ පිය සඳ වතුරෙ
වන් නයින් රථෙන් වඩිනා පිය මිතුරෙ

පින් මඳුන් මෙවුන් ඉපැදුණු රළු නගරෙ
කන් යොමන් මඳක් ඈතින් වී නතරෙ

තඹයක් අත නැතුව වෙලෙන සියොතුන්ට
දෙවියන් දුන්නු ඔසුවයි මෙ සැනසෙන්ට
දෙනුවන් ලැබී නුඹගෙන් ලැබ දුක් ගැහැට
දුටුවොත් එවුන් ලොව හෙට පාඩුව කාට

1996

දැන් පැහැදිලිය. දෙවියන් රස්තියාදුකාර සියොතුන්ට මෙලොව සැබෑ තතු නොපෙනී සිය මනෝලෝකවල හුදකලා වනු පිණිස මෙ අනර්ග ෙඔෘෂධය ඔවුන් අත පත් කරැත. ඒ සැබෑ ලොව තමන් තෙරපන, පීඩා කරන යන්ත‍්‍රය ඔවුනගේ දෘෂ්‍යමානයෙන් වසා තබන්නට ය. රස්තියාදුකාර වචනය සිංහලට කොහෙන් ආවාදැයි සිතා ගත නොහෙනමුත් රස්තා යන වචනය නම් එන්නේ කොහෙන්දැයි අද බොහෝ දෙනා දනිති. ඉතියෝපියාවෙද බයිබලයක් ඇත. ඒ රස්තා බයිබලයයි. ඒ බයිබලය ලොව පිලිගත් තෙස්තමෙන්තු නම් නොවෙයි. ඒ බයිබලය කළු මිනිසුන්ගේය. ඒ ආගම ඔවුන්ගේ ආගමය. ඒ ආගමට අනුව ගංජා ගැසීම දෙවියන්ගේ කැමැත්තකි.
ප‍්‍රඥාවන්ත පැළෑටිය ලෙස රස්තා ජනතාව සලකන්නේ කැනබීස්ය. ඒ ගංජාවල ඉංගිරිසි නමයි. ගංජා පැළෑටිය සොලමන් රජුගේ සොහොනේ තිබී පළමුවෙන් සොයා ගත්තේ යැයි රස්තාවන් විශ්වාස කරන බැවින් සහ සොලමන් රජු කළු ජනතාවගේ ශුද්ධ අධිරාජයාය යන විශ්වාසය ද ඔවුන් තුල වූයෙන් මෙ ගංජා පාවිච්චිය රාජානුග‍්‍රහයෙන් රස්තාවන් අතර අදටත් පවතී. එය දෙවියන්ගේ කැමැත්තකි, ඔවුන්ගේ බයිබලයේම කීප පොලක ගංජා පාවිච්චිය සටහන් බව අපට කියා දෙන්නේ බොබ් මාලේගේ ජීවන තතු සිංහල පාඨක ලෝකයට තිලිණ කල ජනජීව වෙහැල්ලය. ජනජීව වෙහැල්ලගේ පොත මොකක්දෝ කොඩිවිනයකට හසුව එහි රසවත් බව ගිලිහී ගොස්ය. නොයෙකුත් අසම්පූර්ණ වාක්‍ය මෙන්ම පරිවර්තිත කොටස්වල නොයෙකුත් අඩුපාඩු ඇත්තේය. බොබ් මාලෙට ආදරෙ කරන කෙනෙකුම මිස, පොත කියවා බොබ් මාලේ සොයන්නට යන කෙනෙකුට නම් ඒ දෙන්නාම එපා වනු ඇතැයි මට සිතේ.
දැන් මෙ රස්තාෆාරියානු මූලධර්ම ගැන ලාංකිකයෝද මැනවින් දන්නා බැවින් ඒ ආශ‍්‍රිත ගීත ධර්මයක්ද ප‍්‍රචලිතව ඇත්තේ බොබ් මාලේ දුටු දුරටත් ඉහත මංජුල දුටු දුරටත් ඔබ්බට වන දිශානතියකය.

ලංකාවෙ සොකරි නැටුම් ආශි‍්‍රත රිද්ම රටා සහ එම මූලාශ‍්‍ර ගුරුතැන් කොට ගත් මෙ ගීත කලාව ලංකාවෙ ඉමහත් ආන්දෝලනයකට ලක් වූවා යැයි කීම ද අතිශයෝක්තියක් නොවෙය.

නුඹ හැඩකාරයි කටකාරයි සොකරී යන්න එපා
පැණිරස කෑම දිව ගාලා කංසා බොන්න සුදා
සුරලොව පේන සැපගාව මා අත්හරින්නෙපා
නුඹ වැතිරීල උඩුකුරුව සයනේ ඉන්න සොදා

මෙ ගීත කලාවෙ පුරෝගාමියා වසන්ත දුක්ගන්නාරාළය. කෙසේ කවුරු ඔහුගේ මෙ ගී නිර්මාණ කලාව විචාරය කළත් එහි මතුපිට අරුතින් දොස් දැකීම නම් විචාරකයන්ට තරම් නොවනු ඇතිය.
මන්ද යත් ගංජාවල සුභාවිතයක් ද පවතින බැවිනි.

ඒ සුභාවිතය සොයා මා දැන් යන්නේ කැමරාවෙන්ද කිවිකම් පාන ලාල් හෑගොඩයන්ගේ ගග වක් වී ගලන තැනටය.

එම කවි එකතුව ඇරඹෙන්නේම හෑගොඩයන්ගේ අමුතුම කියුමන් රැගත් රැඩිකල් තාලයේ පෙරවදනිකිනි.

ගංජා සුරුට්ටු වෙළඳාම නොහොත් කවිකාරයන්ගේ ආකල්ප
මා ඇතුළු බොහෝ කවීන් ගංජා සුරුට්ටු වෙළෙඳුන්යැයි වරෙක මට සිතෙයි. මෙ සුරුට්ටු වෙළෙඳුන් තමන් බොමින් ද අනුන්ට පොවමින් ද කල් ගත කරන අන්දම ඔබ නොදකින්නට හේතුවක් නැත. මෙ ගංජා සුරුට්ටු ව්‍යාපාරය කවියේ දී පමණක් නොව අනිකුත් සාහිත්‍ය බිම්වල ද අනිකුත් කලා ක්ෂේත‍්‍රයන්වල ද අනිකුත් කලා ක්ෂේත‍්‍රයවල පමණක් නොව සමස්ත ශ‍්‍රී ලාංකික සමාජ ව්‍යුහය තුළ දක්නට පුළුවන.
දිය ඇල්ල වැටෙනා විට එය ළතෝනි දෙන්නේ කුමන හේතුවක් නිසාදැයි සොයා නොබලන හිතා නොබලන මෙ කවියෝ හුළං පහරට හසුවී එහි හිරිකඩ දේදුන්නක් සාදන අයුරු දැක එහි සෙෘන්දර්යය අභිබවා වනමින් සොබාදම් මාතාවගේ කරට ද පය තියා නැග දන්නා සියළු භාෂා වික‍්‍රමයන් ලෙළවමින් ව්‍යංගය උපමාරූපක හා තවත් අනේක අලංකාරයන් සුරුට්ටු ලෙස ඔතා පානය කරමින් අහෝ සැපයි අහෝ සැපයි කියමින් පැත්ත වැටී නිදති.

දැන් මෙ හෑගොඩයන්ගේ පෙරවදන ඔන්න ඔය ආකාරයෙන් ගොස් අවසන මෙන්න මෙ ආකාරයකින් අවසන් වෙ. [ඒ අතර තුර ඔහු ප‍්‍රාචීන ප‍්‍රවීණ යැයි කියා ගන්නා සාහිත්‍ය විචාරකයන්ද ඉන්ටලැක්ච්චුවල්ස්ලා යන හාස්‍යෝත්පාදක නාමකරණයෙන් දෙලොවට වැඩක් නැති පුස්සන් ලෙස නෝන්ඩි කරන්නට ද අමතක නොකරයි.
හෑගොඩයන්ගේ සම්පූර්ණ පෙරවදන එම කාව්‍ය සංග‍්‍රහයෙන් කියවා ගන්නා ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි]

නූතන ලාංකික සමාජ යථාර්ථය නම් මැඩුසාව ගේ මුහුණ බලනු නොහැකි හෙයින් ඇගේ රුදුරු මුහුණේ පිළිබිඹුව දකිනු වස් පලිහක් බවට පත් කළ හැකි කවියක් ද, මැඩුසා ගේ ගෙල සිඳ දැමූ පර්සියස් බවට පත්විය හැකි කවියෙක් ද හැකි ඉක්මණින් පහළ වෙවා යි ප‍්‍රාර්ථනා කරනවා.
ලාල් හෑගොඩ
2002.08.16

දැන් මෙ කියන මෙඩුසාව කවුද කින්ද මන්ද කියා විමසමු. මෙඩුසාව [Medusa] ග‍්‍රීක මිථ්‍යා කතාවල එන එක්තරා රෙෘද‍්‍ර දෙවගනකි. ඇය දෙස බැලීමෙන් බලන්නා ගල් වෙ. පාෂාණීභූත වෙයි. එනුදු නොනැවතී සිය කෙස් නාගයන් බවට ද පත් වෙ. මෙඩුසා දෙවගන දෙස වැරදීමකින් හෝ බැලුනොත් මෙලෙස සදාකාලික ශෛලමය පිළිමයක් බවට පත්වන්නට එම බලන්නාට සිදු වෙ.

පර්සියස් වීරයෙකි. හෙතෙම උපක‍්‍රමයෙන් මෙඩුසාවගේ හිස කඳින් වෙන් කර එම බලගතු හිස සිය පලිහේ ගසා තම ආරක්ෂාවට භාවිත කලේය. පසුව එය ඇතීනා දෙව්දුවගේ පලිහට සවිකරගන්නට ඇයට පරිත්‍යාග කලේය.

දැන් හෑගොඩයන් මෙලෙස කාව්‍යෝක්තියෙන් පාඨකයන්ට යෝජනා කරන මෙඩුසාව නම් කවරෙදැයි කුකුසක් උපදිනවා නොඅනුමානය. 56න් පසු විචාර විදූෂක අවිචාරයේ කබල් වෙදිකාවන්ට නැග අඩහැර පාන, ද්වි භාෂා උගතුන් යැයි තමන් හඳුන්වා ගන්න, පීදි එන ළපටි කවි කිවිඳියන් උපහාසයේ අපහාසයේ විසි කැත්තෙන් ගසා දමන , සමස්ත ඇකඩමියාව මෙ සදය උපහාසයට ලක් කර ඇත්තේ මෙඩුසාව නමැති කෲර දෙවගනට උපමා කිරීමෙනි.

කිවියෙකුට බස කොතරම් මහොඝයක් මැ වෙන්නේ දැයි උපහැරණයෙන්ම පා ඇත්තේ සුහුඹුල් අප සියල්ලන්ට ලතැති සිතෙනි, එබඳු ශූරත්වයකින් හසුරවීමෙනි.

ඉතින් දෙවියන් විසින් මිනිසා වෙත සිය නුවණ දෙන්නට සොලමන් සොහොනේ තබා ගිය ගංජා මෙන්ම කෲර සිය වුවන අහඹු ලෙස හෝ දුටු සැනින් පාෂාණිභූත වන්නට තරම් බලගතු දෙවගනක් ද එකට අත්වැල් බඳින ගග වක් වී ගලන තැන මංජුලයන් දෙවියන් දුන් ඔසුව ඔතමින් දෙනුවන් නොලැබ සියොත් කැල සමග සූස්ති ගසද්දී දුක්ගන්නාරාළ රෝමයට ගිනි තියයි.

ඒ ගින්නේ දුමින් මත්ව පැත්ත වැටී අහෝ සැපයි අහෝ සැපයි කියමින් අදත් ඔබ සියල්ලන්ට දවසක් ගෙවා යන්නට වාසනාව උදා කර දී ඇත. තව නිදියන්න. නිදියන තරමට හීන ද පෙනේ.
මම අහසට යමි.

අම්බිලි මාමා

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|

පේ‍්‍රමයේ ශෝකය

පේ‍්‍රමයේ ගග ගලත
සංවෙග ඉවුරු මත
නැග සිටින
දයාවෙ කන්දේ

කටු රෝම වනය තුළ
රළු පරලු සෙල් ළයට
මුඩු පසෙනි
මස් නහර බැන්දේ

පුලින තල රසන දම
ලිහී ගිලිහී දිනෙක
කඳු ළයට
ඇයි එ ගග ගැලුවෙ

ඒ ගගේ නැග බසින
ස්නේහයේ රළ තරග
කඳු ළයේ
මස් නහර සින්දේ

නොසිතන්න
මුතු පරක් ඇතැයි
මෙ කඳු ළයේ

ලවන රස බව සැබැයි
මහ සයුර
එහෙත් එයි මුතු තිබෙයි
ප‍්‍රබල නිල තල් මසුන් සැරිසරයි
සව් ඉසුරු පිරුණු නැව්
යාත‍්‍රා කරයි

නිසරුමය මුඩු කන්ද
ගල් පවුව වටා සිටි
වැවුණු කටු පඳුරුවල
පිපුණු මල් රෙණු ගෙන
නදී ඔබ යා යුතුයි යා යුතුයි
තවත් මෙ මුඩු කන්ද නිෂ්ඵලයි

රළ තරග නිති නගන
මුදු කොමළ බස් කුමට
දැන් ඉතින් බැස යන්න
මුතු පිරුණු සිඳු කුසට

සඳ සාවුන්ගේ කවි
සෙනරත් ගොන්සල් කොරාළ 1993

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|

අනාරක්ෂිත මල් පඳුරෙ නිහඩ කවිය

රැකවරණ නැති ගං ඉවුර මත
සංතාපයෙන් ළය මැඩෙන
ලිලී මල් පඳුරයි මා

හිත මිතුරු සුළගත්
චණ්ඩ වෙයි
වැළඳ සිටි අත්
අත් හරියි
මොහොතකින් ඒ වියරු වෙයි

හමන්න, හමන්න , ඉතිං තදින්
බිඳින්න
ළය මඩුල්ල
දැඩි නොවෙයි- එය එතරම්

නොසිතන්න
සිහිල යැයි, සුව යැයි
මෙ නිල් නදී
නොසිතන්න
සිටිතැයි මෙ ලිලී මල් පඳුර
ගයමින් කව්
විඳිතැයි විවෙකී සුව
සිහිලැල්
තණ පළස් මත
ගං ඉවුරෙ

මතු වෙවී චණ්ඩ වූ භයංකර රැලි සුළි
කම් කටොලු නදිය උතුරයි
ගලා එයි ළතැවුල්
ඉදිරෙ දැයි නොදනිමි මුල්

පියඹ වන් බැඳුනු පඳුරක්
මතුරමින් හෙමි හිට
පවසාවි සවනට .......
".........මට මහ බියක් දැනෙයි
හෙට ගැන
ජීවිතේ ගැන........"

කඳු ගැටයේ සිටින කවුරුන්
ගණන් ගනී ද
මෙ කුඩා මල් පඳුර
විමසා ද කුමකට
දුක- සැප
ළතැවෙද කිසිවිට
ඒ ගැන

නො උස්ය
නො විසල්ය
නො වටීය
නො ඇසේය කිසිවකුටත්
නො උස්ය ඒ කටහඩ
හඩ සුලියකට පවා
යට වෙයි එය

සැබෑය ඒ
එහෙත් සිතන්න
මා උර මත රඳන
අහිංසක මෙ ලිලී මල්
හුරතල් ළදරුවකු මෙන්
පවිත‍්‍ර ද කෙතරම්

කැළඹිලි ගංවතුර එයි විගසින්
ශාන්ත ඉවුරු බිඳිමින්
කොහේ යන්නද ඉදින්
වඩා ගෙන මම්
අහිංසක මෙ
ලිලී මල්.

සඳ සාවුන්ගේ කවි
සෙනරත් ගොන්සල් කොරාළ 1993

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|

පෙර-
මහත් උත්කර්ෂයෙන්
සෝම පානය කළ මැඳුර

දැන්-
සිංහයෝ සහ උරගයෝ
ලගිත

පෙර-
මහ රජු
ඉස තබා
නින්දට වන් තැන

දැන්-
වල් බූරුවෝ
අඩි තබා
ඇවිදිත

මහඛෙල්ලනගේ
රුබයියාට්

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|

ෙම්ක අෙප් ෙපාඩි උත්සාහයක්, Mobile + PC

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|


යා ටීවී එකෙන් ලැබුණු මේ ඔත්තුව කතන්දර ලියන අපේ් මිතුරන්ටයි.

කතන්දර කීමේ දක්ෂයෙක්ද ?
රටටම ඇහෙන්න කියන්න
කතන්දර ලියන්න
එන්න
අප හා එක්වන්න

චරිත හතරකට සීමා වූ වචන 1500 - 2000 අතර ඔබේ නාට්‍යමය සිතුවිල්ල, ඔබේ නම සහ ලිපිනය සමඟ 2009- 03- 01 පෙර අපට ලියා එවන්න.
තෝරා ගන්නා හොඳම පිටපත් රචකයින් අටදෙනාට ගූවන්විදුලි නාට්‍ය පිටපත් රචනය සම්බන්ධයෙන් වූ වැඩමුළුවකට සහභාගි වීමට අවස්ථාව.
ඒ අතරින් හයදෙනෙකූට දෙවසරකට ආසන්න කාලයක් පුර්ණකාලීනව ගූවන්විදුලි නාට්‍ය පිටපත් රචකයින් ලෙස සේවය කිරීමේ වරම්

ගුවන්විදුලි නාට්‍ය පිටපත් රචනා තරඟය
යංග් ඒෂියා ටෙලිවිෂන්,
නො. 713,
ඩී.පී. විෙජ්සිංහ මාවත,
පැලවත්ත,
බත්තරමුල්ල.

ටෙලි- 0115419237, 0112787041
වි. තැපෑල
media@yatv.net

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|

සම්ප්‍රයෝගය


කොළඹට යන කොට
අ`ගරු කකා
වතුර බිබී
කොළඹ දුවන
යකඩ යකා

නුවරට යන කොට
උඩරට මැණිකෙට
පටකුඩ
දෙක දෙක

කාලෙන් කාලෙට
තාලෙන් තාලෙට
රුහුණට යන කොට
දුම්රිය මතුරන
නූතන ළය නඳ
ඩලස්......ඩලස්......ඩලස්

අමරසිරි වික්‍රමරත්න

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|


ගිම්හානය

අජන්ත නැවත වතාවක් තමා ලියූ කවිය කියවා බැලූවේ ය. එහි යම් කිසි අපූර්වත්වයක් ඇතැයි ඔහුටම සිතෙයි. කවියටම බැඳුණ සිත ඇත්තෙන් දෙතුන් වතාවක්ම තනුජා කාමරයට හිස පොවා ගස්සා ගිය බව හෝ ඔහු නොදත්තේ ය.

මොන මගුලක් වෙලාද මන්දා... මේ ලෝකෙ සිහි කල්පනාවකින් නෙවෙයි ඉන්නෙ.. ඇවිත් කෑම එක කනවා.. මට නිදාගන්න ඕනෙ.. ඊළඟ වතාවේ කාමරයට එබුණ තනුජා දවසේ අවසාන වදන් කීපය සන්නිවේදනය කළා ය.

මං කන්නං.. ඔයා නිදාගන්න.. ඔහු කඩදාසියෙන් හිස නොඔසවාම කීවේ ය. කලකට පසු තමා අතින් ලියවුණ අර්ථාන්විත කවිය හේතු කොට ගෙන උපන් තෘප්තිමත් හැඟීමෙන් එක වරම මිදෙන්නට අවශ්‍යතාවක් ඔහුට නොවී ය.

මේ කවිය නම් ෂුවර් එකටම පත්තරේ යයි.. ඔහුගේ සිත කීවේ ය.

කවිය ගැන තනුජා හා කතා කරන්නට ඔහුට ඇවැසි විය. එහි පදයෙන් පදය ගෙන ඇයට තේරුම් කර දෙන්නට, ඒ වදන් වල සැඟව ගත් අපූර්වත්වය ඇයට වටහා දෙන්නට ඇත්නමි.. එය කිසිදා ඉටු නොවන පැතුමක් නොවේ දැයි සිහි වී ඔහු සුසුමක හෙළුවේ ය.

කොළය ඉතා සීරුවෙන් නැවූ අජන්ත එය ලියුම් කවරය තුළට දැමුවේ ය. කවරයේ පිටත පැහැදිළි අකුරෙන් පුවත් පතේ ලිපිනය ලිව්වේ ය. කවරයට දැමූ කඩදාසිය නැවත පිටතට ගෙන යළි දිගහැර සියල්ල නිසි ලෙස සටහන්ව ඇද්දැයි කියවා ලැබුවේ ය.

ගිම්හානය ඒ අජන්ත කවියට දැමූ මාතෘකාවයි. ඒ අය සමහර විට වෙනින් හෙඩිමක් දායි.. ඒකට මොකද.. කවිය පත්තරේ යනවා නම්.. ඔහු සිතුවේ ය. කවියේ අග තමා ගේ නම නිසි ලෙස ලියා ඇද්දැයි නැවත පරීක්ෂා කිරීමෙන් පසුව ඔහු කඩදාසිය යළි ලියුම් කවරයට දමා එය ඇලෙව්වේ ය. ලාච්චුවෙන් ගත් මුද්දරය දකුණු කෙළවරේ ඇලෙව්වේ ද බොහෝ පරිස්සමින් ය. උදේ වැඩට යන විට ගෙන යන්නට අමතක නොවනු පිණිස සිය මුදල් පසුම්බිය යටින් කවරය තැබූ ඔහු කාමරයට ගොස් තනූජා අසළින්ම ඇඳේ ඇලවුණේ ඇගේ නින්ද නොබිෙඳන සේ සීරුවෙනි.

රෑ තුන් තිස් පැයක් වෙනකල් මොනා කුරුටු ගානවද මන්දා.. වෙලාවක මං අල්ල ගන්නංකො මොකීටද මේ ලියන්නෙ කියලා.. මළ විකාර- තනුජා අනෙක් පසට හැරෙමින් කීවේ නිදිමත හඬින් ය. .. කෑම පිඟාන හෝදලා ආවෙ නැත්නං ආයෙ ගිහින් ඒක හෝදලාම එනවා.. මට උදේට ඉඳුල් හෝදන්න බැහැ

තමා රෑ කෑම නොගත් බව අජන්තට සිහිවූයේ ය. නැවත නැගිට ගොස් කෑම කන්නට සිතක් ඔහුට නොවී ය. ඔහු දෑස් පියා ගත්තේ ගිම්හානය කවිය නැවත මතකයෙන් කියවමින් ය.

කවියක සැඟව ගත් අපූර්වත්වය තේරුම් ගන්නට තනුජාට නොහැකි වීම ගැන අජන්ත තැවුණේ ය. විවාහ වන්නට පෙර දී නම් ඇය ඔහු ගේ කවිත්වය මහ ඉහළින් අගය කළ බව ඔහුට මතක ය.

එයා ෂෝක් එකට කවි ලියනවා අනේ.. ඇය සිය මිතුරියන් හා කොයි තරම් කියන්නට ඇද්ද.?

විවාහ වූ අලූත ඔහු කවියක් ලියන්නට වාඩි වන විට ඇය තේ කෝප්පයක් හෝ ළඟට ගෙනැවිත් දුන්නා ය. ඔහු ලියන කිසිවක් නොකියෙව්වද ඒ යුගයේ ඇගෙන් බාධාවක් නම් නොවී ය.

අජන්ත උදෑසන කාර්යාලයට යන අතරමග හන්දියේ ලියුම් පෙට්ටියට කවිය රැගත් ලිපි කවරය දැම්මේ මහත් බලාපොරොත්තු සහිතව ය. පෙරදා රැයේ නොකන ලද බත් පංගුව හේතු කොට ගෙන උදේ පාන්දරින් ම තනුජා ගෙන් ලද රොස් පරොස් බස් සංග්‍රහය පවා ඔහුට ඉතා ඉක්මණින් අමතකව ගොස් තිබුණි.

මේ ඔහු පත්තර වලට තැපැල් කළ කී වෙනි කවිය දැයි ඔහුට ම මතක නැත. කවි පනහක් හැටක් පමණ වන තෙක් ගැණ ගෙන ආ නමුත් පසුව ඒ ගැනීම ද අතපසු විය. මෙපමණ කවි සංඛ්‍යාවක් ලියා යැවූ නමුදු ඒ එක කවියක් හෝ කවි පිටුවක පළ කරන්නට තරම් සුදුසු නොවේ යයි තීරණය කළ කවි පිටු සංස්කාරකවරුන් පිළිබඳ මේ වන විට ඔහු සිතේ සියුම් කෝපයක් ද පැළපදියම් වන්නට පටන් ගෙන ඇත.

තමා අතින් ලියැවුණ කවි වලට වඩා බොහෝ දුර්වල කවි පුවත් පත් වල පළවී තිඛෙනු ඔහු ඕනෑ තරම් දැක ඇත. සමහර විට ඒවා ඒ ඒ කවි පිටු සංස්කාරකවරුන් ගේ හිතවතුන්ගේ කවි විය යුතු ය.

යාලූවෙක් දුන්නම මොන කුණු ගොඩක් හරි දාන්නම වෙනවනෙ. ඔහු සිතුවේ ය.

මේ කවිය පළ වුණේ නැත්නම් මං කොහොම හරි කවි පිටුවක් කරන කෙනෙක්ව යාලූ කර ගන්න ඕනෙ-- ඒ සතියම අජන්ත ගත කළේ ඒ සිතුවිල්ලෙනි.

අලූතින් කවියක් ලියන්නට කවි සිතුවිල්ලක් හෝ ඒ දින කීපය තුළ ඔහු සිතේ පහළ නොවී ය. ඔහු දින කීපයක් නිදහස් ලෙස සිටීම තනුජාට නම් මහත් සහනයක් විය. ඈ වෙන කවරදාටත් වඩා ඒ දින කීපයේ ඔහුට සැළකුවා ය. බොහෝ කළකට පසු තේ කෝප්ප කීපයක්ම අතටම ගෙනැවිත් දුන්නා ය.

ඉරිදා පුවත්පත සෙනසුරාදා වන විට කඩ වලට පැමිණීම අජන්තට මහත් අස්වැසිල්ලක් විය. කඩයෙන් පිට වන්නටවත් නොවෙහෙසීම ඔහු කවි පිටුව පෙරළා බැලූවේ ය.

ගිම්හානය පළමු වතාවට ඔහු ගේ කවියකට කවි පිටුවේ ඉඩක් ලැබී ඇත. නිකම්ම නොවේ. කවියේ අර්ථය කුළු ගැන්වෙන අපූරු සිත්තමක් ද සමගින් ය.

මොකද මහත්තයා පත්තරේ බල බල හිනාවෙන්නෙ..?
ජයසේකර මුදලාලි අසන තෙක්ම අජන්ත නැවත නැවත ඒ කවිය කියවමින් සිටියේ ය. තමා ගේ කවිය ගැන මුදලාලිට කියන්නෙම් දැයි සිතන්නටත් පෙරම මුදලාලි වෙනත් ගණු දෙණු කරුවකු හා කතාවට වැටුණ බැවින් අජන්ත වහ වහා කඩයෙන් එළියට බැස්සේ හැකි ඉක්මණින් නිවසට ගොස් තනුජාට මේ හපන්කම හෙළි දරව් කිරීමේ අදිටනින් ය.

තනුජා මේ බලන්ඩෝ.... ඔහු මිදුලේ සයිකලය නැවැත් වූ වහාම කෑ ගැසුවේ ය. ඈ මහත් කලබලයකින් මිදුලට දුව ආවා ය.

මේ බලන්ඩ පත්තරේ.. ඔහු සයිකලයේ සිටම පුවත්පත ඈ අතට දුන්නේ ය.

මං මේ බය වෙලා දුවගෙන ආවා.. ඈ පුවත්පත අතට ගන්නා අතර කීවා ය.

කවි පිටුව බලන්ඩ. ඔහු නොයිවසිල්ලෙන් කීවේ ය. ඉන්ඩ මං පෙරළලා දෙන්න.. ඔහු ඇගේ අතින් පුවත් පත ගෙන කවි පිටුව පෙරළා ඇය අතට දුන්නේ ය. මේ බලන්ඩ.. මගේ කවියක් පළ වෙලා..

මළ විකාර... මේකට ද මේ ලෝකෙම පෙරළගෙන කෑ ගැහුවෙ..
ඕ ඔහු පෙරළා දුන් කවි පිටුව දෙස බලමින් කීවා ය.

බලන්නකො... පින්තූරයකුත් එක්කම දාලා..
ඔහු සිතෙන් ගිළිහෙමින් යමින් තිබූ උද්යෝගය රැක ගන්නට තවත් උත්සාහයක් දරමින් කීවේ ය.

ලස්සන පින්තූරෙ..
ඇය පුවත්පත ඔහු අතට දෙමින් කීවේ ගෙතුළට යන්නට හැරෙමින් ය.

ඔහු ගෙට ගොඩ වුණේ මහත් කළකිරීමකිනි. පුවත්පතක පළ වූ තමාගේ ප්‍රථම කවිය දැක ඇය අමන්දානන්ද ප්‍රීතියට පත් වනු ඇතැයි ඔහු සිතා සිටියේ ය. එනමුදු ඈ ඒ කවිය කියවන්නට වත් උත්සාහයක් නොගත් බව හැෙඟන විට ඔහුගේ ඇස් කඳුළින් පිරුණි. පුවත්පත මේසය මත දමා ඔහු ඇෙඳහි ඇළවුණේ ය.

එයාට මගේ කවි අගේ නැති වුනාට කමක් නෑ.. මං දිගටම ලියනවා..
ඔහු උදෑසන අවදි වූයේ ඒ සිතුවිල්ල සමගින් ය. කාර්යාලයට යන්නට ඇඳ පැළඳ ගෙන සාලයට ආ ඔහු මේසය මත දැම පුවත් පත ඇද්දැයි බැලූවේ ය. කාර්යාලයේ යහලූවන්ට සිය කවිය පෙන්වන්නට ඔහුට අවශ්‍ය විය. ඔවුන් එය අයග කරනු ඇති බව ඔහුට විශ්වාස ය. මේසය මත පුවත් පත නොවී ය. පුවත් පතේ කාන්තා අතිරේකය පමණක් එහි මත විය.

කෝ මේ පත්තරේ..
ඔහු සාලයේ සිට කුස්සියට ඇසෙන්නට කෑ ගැසුවේ ය.
මොන පත්තරේද..?
තනුජා ද කුස්සියේ සිටම ඇසුවා ය.
මගේ කවිය ගිය පත්තරේ
මන්දා .. ඔහෙ ඇති..
මේ කාන්තා අතිරේකෙ විතරයි තියෙන්නෙ.. කෝ අනික්වා ඔහු කාමරෙයේත් සාලයේත් අහු මුළු අවුස්මින් පුවත් පත සෙව්වේ ය.

ආ.... අනේ කාන්තා අතිරේකේ නම් මං අරගත්තා.. ඒකෙ තියෙනවා හමිංබර්ඩ් කේක් හදන රෙසිපි එක.. ඒක නම් ගෙනියන්න එපා.. ඒක මට ඕනෙ..
තනුජා බත් පාර්සලය ඔහු අතට දෙන අතර කීවා ය.

අජන්ත මෝටර් සයිකලයට ගොඩ වුණේ මහත් කළකිරීමක් හිත දරාගෙන ය. සිය මංගල කවිය සහිත පුවත්පත නැති කිරීම පිළිබඳව ඈ කෙරෙහි ඔහු සිත තුළ ජනිත වූයේ දැඩි කෝපයකි. එය පිටතට නොදමා හිත තුළම සඟවා ගත් ඔහු කාර්යාලයට ආවේ වෙනදා සයිකලය පදවන වේගයට වඩා දෙගුණයක වේගයෙනි.

එදා උදය වරුවේ කාර්යාලයේ කිසිදු වැඩකට අවධානය යොමු කරන්නට ඔහුට නොහැකි විය. පුවත්පත මිතුරනට පෙන්වා ඔවුන් සමගින් සතුට ඛෙදාගන්නට තිබූ අවස්ථාව තනුජා විසින් නැති කරනු ලැබූ බව සිහි වන විට ඔහුගේ සිතේ වූ කෝපය දෙගුණ තෙගුණ වෙයි.

උඹ නං අද ඉන්නෙ පුතෝ මොකක්දෝ වෙන කල්පනාවක.. යමං යමං කෑම කන්න ..
දහවල් කෑම පැය ඇරඹෙන විට සුදත්ත ඈත සිටම කෑ ගසා කීවේ මුලූ උදය වරුවම අජන්තගේ හැසිරීම නිරීක්ෂණය කිරීමෙන් අතන=රුව ය. අජන්ත කිසිවක් නොදොඩා කෑම පාර්සලය ද රැගෙන සුදත්ත සමගින් කැන්ටිමට පිය නැගුවේ ය.

කැන්ටිමේ තමන්ට සුපුරුදු මේසයේ වාඩි වී කෑම පාර්සලය දිග හැරිය අජන්ත ගල් ගැසුණා සේ එදෙස බලා සිටියේ ය.

ඇයි..? සුදත්ත ඇසුවේ ය.

අජන්ත අතින් කෑම එතූ පත්තර කඩදාසිය ඔහුට පෙන්නුවේ ය. කෑම පාර්සලයෙන් කාන්දු වූ පරිප්පු හොද්දෙන් පෙඟී තිබූ කඩදාසියේ ගිම්හානය යන අකුරු තමා දෙස අවඥාවෙන් බලා සිටිනු අජන්තට පෙනුණි.

ජගත් ෙජ් එදිරිසිංහ
2008 මැයි 20

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|
|

මහත සාදු

Posted by Koombiya

කවුද? ඒ
සුදු ඇඳන්
බණ කියන
මහත සාදු

දේ්ශපාලකතුමා. උපාසක මුහුද. මහඛෙල්ලන.

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|

බණ්ඩා සමග සැඳෑවක්
තීරු ලිපි සංගායනාව



රාවය පාඨකයන්ට විලාකටුපොත බණ්ඩා අමුතු හාදයෙක් නෙමේ. පවත්නා දේ්ශපාලනික පසුබිම තමන්ටම ආවේණික වෙසෙස් බස් වහරකින් විග්ගරහ කරන බණ්ඩාගේ් වාක්කියෙන් තෝරා ගත් ලිපි කීපයක් පොතක් ලෙස එළිදක්වීමේ ඔත්තුවයි මේ. බණ්ඩා පසුපස උන් තිඹිරියාගම බණ්ඩාරයන් විසින් ලියූ එම තීරු ලිපි සංග්‍රහය ජනගත කිරීමේ උළෙළ 2009 පෙබරවාරි 18 වන බදාදා ප.ව. 4-7, ජෝන් ද සිල්වා සමරු රඟහලේ් දී පැවැත්වෙයි.

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|

The Pawns of States and Super States


How many people have to be getting killed?

Before they were called as "liberated"?!


How many places people have to be vacated?

Before they were called as "displaced"?!


How many check points and detention camps

have to be passed?

Before they reach their destinations?


How many shells and bombs have to be faced?

Before they live in "peace and harmony"?!


How much amount of harassment and humiliation

have to be tolerated?

Before they are being relieved from labeling as "terrorists"


How much amount of torture and interrogation

have to be experienced?

Before they were called as "innocents"?


How much to be deaf and dumb?

Before they are being tagged as "democrats"


How much of sufferings people must undergo?

Before the policy makers and diplomats

are being satisfied?


And

how much the minorities have to lose?

For the best interests of the "Nations" and "Super Nations"!!!


How much, how much and how much of it??!!


S.Jeyasankar
February 2009

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|

මාටින් නිමොලර් නැවත ලිවීම - නිශාන් මොහොට්ටාල විසිනි.



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|

අනේ් මට උත්තරයක් දෙන්න - නිශාන් මොහොට්ටාල විසිනි.

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|

සිල්වා ද හීරෝ- නිශාන් මොහොට්ටාල විසිනි.

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|

මුචලින්ද තාප්පය- මේත් කවි පොතක්- ප්‍රියන්ත කොඩිප්පිලි- ඉරුදින- පෙබ. 07

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|

කළු කිරිල්ලී - නිශ්ශංක විජේ්මාන්න

නිශ්ශංක විජේ්මාන්න සහ ඔහුගේ් කෙටිකතා යනු තවමත් බොහෝ අයට ආගන්තුක කිසිවකි. නූතන ලාංකේ්ය කෙටිකතාවේ විකාශනය හදාරන්නෙකුට නිශ්ශංක හමු වන්නේ් (කෙටිකතා නමින් බොහෝ පල් හෑලි ලියන්නන්ගෙන්) දුරස්තර ස්ථානගතවීමක ය. තිත්ත සීනි සමග වැඩ ඇල්ලු නිශ්ශංක දළ රෙදි සහ කසී සළු, චන්ද්‍ර්‍රකින්නරාවිය වැනි කෙටිකතා සංග්‍රහ කිහිපයක්ම පළ කොට තිබේ.

පාඨකයාට සාහිත්‍යය මතු නොව ජීවිතයත් එපා කරවන සුළු ඕලාරික යථාර්ථවාදී කෙටි කතා වට්ටෝරුවෙන් ට්‍රැක් පැන, අළුත් ඉසවු කරා එය රැගෙන යන අතළොස්සක් ලේ්ඛකයන් අතර නිශ්ශංකගේ් මාර්ග සිතියම සොයා ගනු වස් ඔහුගේ් කළු කිරිල්ලී කෙටි කතාව සම්පූර්ණයෙන් උපුටා පළ කරන්නෙමු.

එන්න බලන්න යන්න.

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|
|
|

ධර්ම චක‍්‍රය

පච්චා කොටන තැන
මකර රූ කිනිසි සරපයි
හෙළුවැලි ගෑණු අතරින්
උඹ තෝරා ගත් පච්චය
ධර්ම චක‍්‍රය

සෝමෙ පුදුම මිනිහෙක් උඹ
හිනා නොවෙන නොහඩන
බලන්නන් බැල්මෙන් බය කරන
මන්ත‍්‍රී ළගවත් නොනැමෙන

තර තළෙළු මූණ රතු ඇස්
කළු උඩු රැුවුල කහ දත්
කුණු හරුප ගෝරනාඩුව සමග
තිබුනාට පපුව මත ධර්ම චක‍්‍රය
තිබුණාද ධර්මයක් පපුව යට

බූරු පෙතකුදු නාරින
මඩම් අස්සේද රිංගන
ඉඳහිට හිරෙත් යන
උඹටත් හැබෑටම තිබුණ ද
මොකක් හරි ධර්මයක් අදහන

හෝටල් ළග සැලුන්වල
සති පොලේ වින්කලේ විට කඩෙ
ගැවසෙන පච කෙළින
මස් කන අරක්කු බොන ගංජා උරන
සෝමෙ පුදුම මිනිහෙක් උඹ

ඒරියා එකේ බජාර් එකේ
කාට වුණත් අත තිබ්බොත්
අගල් හයක් බස්සනවා කියන
සෝමසිරි උඹ
එහෙම බැස්සූ බවක් නම්
අසා නැත අප
එනමුදු අසා ඇත
වීදියේ බලු පැටව් වඩාගෙන
දෙගොඩහරි ජාමෙත් උඹ
මස් කොත්තු කවන වග

කප්පම් ජෙරාගෙ සව්වන්ට
අහුවුණු තැන තලන
සෝමෙ පුදුම මිනිහෙක් උඹ
මුඩුක්කුවෙ පොඩි උන්ට
පොත් පත් තෑගි ගෙනියන්න
ජැටියේ අල ගෝනි උස්සන

දාඩියෙන් පෙගී මවිල් අස්සෙන්
දිලිසෙනවා සෝමසිරි
ධර්ම චක‍්‍රය
උඹෙ පපුව මත

ලක්ශාන්ත අතුකෝරල
යටි වියන 2007

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|

සාර්ස් වෛරසය - අනුර බී. සෙනෙවිරත්න

Posted by Thushari Priyangika - තුෂාරි ප්‍රියංගිකා

සාර්ස් වෛරසය ලෝකයට නොකී කවිය


සිනාසිය හැකි
එකම
සත්ත්වයා
එකිනෙකා සමඟවත්
සිනා
නොමසෙන නිසා
මුකවාඩමුත් රැගෙන
පැමිණියෙමි..!

ඉතිංවත්..
එකිනෙකා හා සමඟ
දයාවෙන්
නිති
සිනාසෙයල්ලා...!
ඉක්මණින්
මුකවාඩමුත් රැගෙන
මගේ ලෝකෙට
යන්න

අනුර බී. සෙනෙවිරත්න

(පියස්ස කාව්‍ය සංග්‍රහය - 2006)

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|

ammae -Kanchana Wijesena

Posted by Thushari Priyangika - තුෂාරි ප්‍රියංගිකා
|

දෙවියන් මැරීම-ජී බී සේනානායක - yali kiyaweema

Posted by Thushari Priyangika - තුෂාරි ප්‍රියංගිකා


දෙවියන් මැරීම-ජී බී සේනානායක

දෙවියන් මැරීම

බුද්ධිය මිත‍්‍රයෙකැයි, සිතු මම
දිනක් මග රැක සිට
මගේ දෙවියන් මරා හෙලීමි,
දැවැන්තයකු වන බුද්ධිය
අඳුරෙහි මහ අඩි තබමින්
මා පිටි පසින් එනු
මට ඇසෙයි.

එහෙත් දෙවියන් සිටි කල මෙන්
දැන් මට
සැක හැර ගමන් කළ නොහැක
මා වැටුණු කල
දැන් දෙවියන් නැති හෙයින්
මම
නැඟී සිටිය යුතු ය.

යළිත් දෙවියන් සොයා ගිය මට
උන්වහන්සේගේ රන්වන් මළ සිරුර
මඟ අසල,
නුග ගස යට තිබී සම්බ විය
ස්වාමීනි, යළිත් නැඟී සිට
මා හා පෙර මෙන්
එනු මැනවයි මම කීමි
උන්වහන්සේ නැඟී නොසිටින්නේ
බුද්ධියතම
දත් දෙපළ පෙන්නා
විලිස්සමින්
මා පිටිපස සිටින හෙයින් බව
මම දනිමි

එහෙත් මට බුද්ධිය ගසා පලවා හැරිය නොහැකිය
ඔහු මා අතහැර නොයයි.

ජී බී සේනානායක
පලිගැනීම පද්‍ය සංග‍්‍රහයෙන් 1946

(gaththe: Preethi-gen)

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|

දුරස් බව - කාංචනා විජේසේන

Posted by Thushari Priyangika - තුෂාරි ප්‍රියංගිකා
|

නවම් අසිරිය - කලාභූෂණ ජයතුංග පත්තිනිගේ

Posted by Thushari Priyangika - තුෂාරි ප්‍රියංගිකා

නවම් අසිරිය

සමන් ගිරට යන සමනල රැල්ලයි
නුවන් සනසවන ගොයමේ නිල්ලයි
රැඟුම් පාන අතු අඟ තඹ දල්ලයි
නවම් මහේ නව තම සැර සිල්ලයි


මං පෙත සූරිය මල් වල සුවඳයි
ගං තෙර පිපි වැටකේ මල් සුවඳයි
කන්දේ හේනේ කුරහන් සුවඳයි
බණ්ඩිය පුපුරන ගොයමේ සුවඳයි


අත් යුග මඳකට ඉසුඹුව කැන්දා
සිත් සනසවමින් ගොවිදුක් සින්දා
මත් බමරුන් තුඩ රොන් සුණු රන්දා
සිත් සිර තාලෙට ගී තනු බින්දා


නව දළු පොපියන අඹ තුරු සෙවණේ
ගව රැළ සැතපෙති ඇල් මඳ පවනේ
මව මින් නව සිරියාවක් ගුවනේ
සව සට පායන ඉඳු සැව් රුවනේ


වෙල ඉස්මත්තේ බඩ වැටි ලියලා
කල එළි වී ඇත ගෙත්තම් වියලා
නල වැද දහසක් ගී තනු සොයලා
නැළ වෙයි දලුපත් සිලි සිලි කියලා

කලාභූෂණ
ජයතුංග පත්තිනිගේ

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|

කිරුළ තනන්නට....... එන්න ඔබත්.....

Posted by Thushari Priyangika - තුෂාරි ප්‍රියංගිකා

දැයට කිරුළ පිළිබඳව ම'සිතේ ඇති වූ නෝක්කාඩු හැඟීම තවමත් පහව ගියේ නැත. උදේ හවස "පාණාතිපාතා.." සපථ කරමින් ගිනි අවි පාඩම කියා දෙන්නට අපි සමාජය සකස් කරමින් සිටිමු. මෙය මුළු මහත් මිනිස් සංහතියේම අවාසනාව ය. මේවා නිපදවන්නේ පොඩි එවුන්ට වතුර දමා සෙල්ලමට විදින්නට හෝ එල්ලෙ ගසන්නට හෝ වෙන මොනයම්ම ක්‍රීඩාවකට හෝ නොවේ. එකකු නසන්නටමය. මේවාට වගකිව යුත්තෝ කව්රුන් ද?

මේ මොහොතෙම නිශාන් මොහොට්ටාල විසින් දැයට කිරුළ පැළඳ බැලූ හැටි දුටුවෙමි.
එය ඔබ ද පැළඳ බලන්න.

කිරුළ තනන්නට....... එන්න ඔබත්.....
අවියෙන් නොව... සෙනෙහසම අරන්...

-තුෂාරි ප්‍රියංගිකා-

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|

ටොපි හදන පැක්ටරිය

පුතුනි අර
උස ම උස
බිල්ඩිම
රස කැවිලි
වෙළෙන්දෙකි

කිරිපැණි තැටිය ද
ස්ටාර් ටොපි පිරි
බන්දේ්සිය ද
හිස තබාගෙන
සිටින-
පඩි නැති ව
හිස් අතින්
ගෙදර එන
මගෙ
සාක්කු පතුල
අවුස්සා
ටොපියක් සොයන
නුඹ
දැක දැකත්
හිස් පාත් නොකරන

ගැමුණු පී. දසනායක

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|

ඉක්බිති යළිත් කවියක්

හමා ආ සුළඟකින්
සියුම් අළු පිඬක්
අහසට ඉගිලිණ
හිස් හිතින්
කවියක් පුරමි
පුරුද්දට
මාළු මා--ලෝ--!

මාළු අරගෙන එනවිට ඉවුමට
සිඟිති දුව
ලියා ඇත
ඉතිරි අඩ
මා නොදත්
ඇගෙ බසින්

අජිත් පැරකුම් ජයසිංහ

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|
|

How long would you wait for love?
51 years, 9 months, 4 days…

Love in the time of Cholera


කොළරා කාලේ ආලේ නමින් ගාමිණි වියන්ගොඩ විසින් සිංහලට පරිවර්තනය කරන ලද, නොඛෙල් පරිත්‍යාග ලාභී කොලොම්බියානු ජාතික ගාබ්රියෙල් ගාර්සියා මාකේස් විසින් ලෝක සාහිත්‍යයට එකතු කළ Love in the time of Cholera (Spanish: El amor en los tiempos del cólera) නම් වූ අතිශය සංවේදී හදවත් වලට තිළිණ කළ කෘතිය ස්පාඤ්ඤ භාෂාවෙන් පළ කරන ලද්දේ 1985 වසරේදීය. එය 1988 වසරේදී Edith Grossman විසින් ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කරන ලදී.

Florentino Ariza නම් වු තරුණයා Fermina Dazaනම් තරුණිය කෙරෙහි ඇති වන ආකර්ෂණය හේතුවෙන් දිනෙන් දිනම ඔහු ඈ සොයා යන්නට උත්සාහ දරයි. නව යොවුන් වියේ ඇති වන ආදරය හරහා මෙම කතාව දිව යන අතර Florentino ඈ කෙරෙහි දැඩි ආදරයෙන් බැෙඳයි. විනාශකාරී කොළරා වසංගතය ඔස්සේ ඔවුනොවුන් ඈත්ව යන සැටි ද, ෆර්මිනාගේ පියා විසින් දමන ලද නිතී රීති විසින් ද මෙම ආදරවන්තයින්ගේ ලෝකය දෙදරා යමින් ෆර්මිනා වෙතින් ප්‍රතිඬේපව ගිය ද ෆ්ලොරෙන්ටිනො-ගේ වෙනස් නොවන දැඩි ආදරය හමුවේ ඔහුගේ මව විඳින දුක් වේදනා ද අපූරුවට මතු කරන්නට මාර්කේස් සමත්ව ඇත. පවතින පවුල් පසු බිම මත ඔවුන්ගේ ආදරය ජය නොගත්ත ද, Fermina වෙනත් තරුණයකු හා විවාහ වූවද Florentino තවමත් ඈට ආදරය කරමින් හිඳී. ඔහු එම ආදරය ම තම ජීවිතය කර ඈ ලුහු බඳිමින් ජීවිතය ගෙවා දමයි.

ආදරය යනු කෙතරම් ප්‍රබල හැඟීමක්ද, එය ජිවත් වීම සඳහා මොන තරම් බලාපොරොත්තු සපයන්නේ ද යන්න කොළරා කාලේ ආලේ ඔබට පවසයි. එය එතරම් ම ඔබ සංවේදී කරයි. ආදරය සහ ආශාවන් තුළ දෝලනය වෙමින් මිනිස් සිත හැසිරෙන ස්වභාවය ඉස්මතු කර පෙන්වන්නට දරන උත්සාහසයත්, සැබැවින්ම ආදරය නමින් යමෙකුට ජීවිතය පුද දිය හැකි බවත් ඉන් කියා දෙයි. ඉතා දුක්බර ආදර අන්දරයක සතුටුදායක කාලය පැමිණෙන්නේ ෆර්මිනාගේ ස්වාමිපුරුෂයාගේ අභාවයත් සමගිනි.

එදින ට, වසර 51 ක්, මාස 9ක් සහ දින 4ක් ගෙවී ගොස් හමාර ය.

අවසන කෙසේ ගලා යාද?

2007 වසරේදී
Ronald Harwood විසින් තිර රචනා කොට Mike Newell විසින් අධ්‍යඬණය කරන ලද මෙය ලෝ පුරා වැසියන්ගේ ආදරය දිනා ගනිමින් තිරගත වුවද කතුවරයා විසින් තම කෘතියෙහි ආදරයට ලබා දී ඇති පූජනීයත්වයට සිනමාපටය තුළ එලෙසින්ම නිරූපිත ද යන්න විවාදසම්පන්න ය.
එහි සංගීතය සහ ගායනය
Antonio Pinto sh Shakira Isabel ගෙනි.



මේ සම්පූර්ණ චිත්‍රපටය අන්තර්ජාලයෙන් ලබා ගැනීමට ද හැකියි.

TORRENTS

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|

දැයට කිරුළ පැළඳ බැලූවෙමි - නිශාන් මොහොට්ටාල

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|

නහර මමයි........ ෙල් දහර ඔබයි

කිවිදුනි මා දයාබර
ඔබ කැමති ඔනෑම ෙදයක් ලියන ෙලස
මෙග් අාත්මය සුදු කඩදාසි පිටුවක් කරමි
ඔෙබ් දිනෙපාෙත්

අැසූ පිරෑ අත්දැකීම් අැති ඔබ
ඒ් අත්දැකීම් මනසින් අනා
විචාර බුද්ධිෙය් පිඩුෙකාට
හිරැ රැසින් සද රැසින්
වරිග ගන්වා
මා ෙවත පාන විට
ඒ් කවිය තුලම මම
මෙග් පිළිරැව දුටිමි
දහස්වර මට ඔබ මමමයැයි නිති පසක්විනි

ෙම් අතර
අෙප් මව්බිම වැනස‍ීමට ෙගනා
ෙනාපනත් අණපනත්
ඉරා තූ තූ ෙකාට
යුක්තිය ෙවනුෙවන් ෙල් හලා
තවමත් පණ ගැෙහන බැවින්
සතුරන් මා
සිරෙගදර නම් අමනුස්ස ගුහාෙවක
බැදදමා සිටියදී

යකඩ කූරු අතරින් දුටු
තරු කැටයක් අසල
ඔබ ලියූ කවියක් ෙනත් ගැටුනි

අහස වහන්නට බෑ ෙසාෙහායුරෙන්
ෙපාෙළාව වහන්නට බෑ ෙසාෙහායුරෙන්
ඉර හද ෙදකම වැසුවත් ෙසාෙහායුරෙන්
සත්‍ය වසනු හැකිෙවද ෙසාෙහායුරෙන්

ඒදා ඒ මහරැෙය්
ඒ කවිය කියන විට මට දැනුෙන්
මා පියාපත් ලැබ ඒ් තරුව ෙදසට
පියාසලන බවකුයි
මා සමගම සිරගත මෙග් සගයින්ද
කුසගින්ෙන් හඩන දරුවන්ද
පීඩිත වහළුන්ද
ඒ් කවිය ෙදසට පියාසලන බවකුයි

මා දයාබර කිවිදුනි
ඔබ ෙමෙතක් ලීෙව් මා ගැනය
මෙග් කුසගින්න ගැනය
මෙග් කඩවූ පැතුම් ගැනය
මා ගැන ෙබාෙහා් ෙද් ලියූ ඔබ
ඔබ ගැන කිසිවක් ලියා නැතැයි මට සිෙත්
ඒනිසා මා දයාබර කිවිදුනි
මෙග් අාත්මය ඔබ කැමති ඔනෑම ෙදයක් ලියන ෙලස
සුදු කඩදාසි පිටුවක් කරමි
ඔෙබ් දිනෙපාෙත්

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|

ආරාදනාවක් ලැබුණා, වැදගත් කීවට එහෙම කිසිම දෙයක් නැතිය කියල අපේ පොඩි අක්කා නිතරම කියන කූඹියා මාමගෙන් ...මෙ... මෙ... ඒ ගොල්ලන්ගෙ පැණිරස සයිට් එක කූඹි නොවන අලිමාලු කන කට්ටියක් කොහෙන්ද පාත් වෙලා කාටත් කන්න තියෙන දේවල් දෙකට නවල කටෙ දාලා සූප්පු කරලා හුත නහුතයක් වද දීලා අංඥකොරොස් කරනවය... වහා ඇවිත් ඒ අයගේ ජීවිත බල්බ් ටික අකාලේ ගැහිල යන එක නවත්තන්නය කියලා...

ඔං ඒ හින්දා බාර්එකේ හිස් බෝතල් ගොඩ ගහන මගේ කාමරෙ... [අන්න අර සැපටියා අයියා බඩු හංගන කීවම තමයි මෙ පැත්තෙ අය දන්නේ... මෙ පැත්තෙයි කියන්නෙ ඉතිං වෙන පැත්තක් නොවෙයි... කොරියාව... අර මහ විසාල රට හෙම නොවෙයි...] තියෙන කකුල් මැඩිලින් ගහන මෙසේ ලාච්චුව ඇතුලේ කවදාවත් ආයෙම අතට නොගන්න හිතං උන්නු ඔරෙක්ස් පෑණත් කනේ ගහගෙන මෙං ආවාය කියමුකො ඇම්ඩං...

ඒත් ඉතින් මෙතන ඔක්කොම තියෙන්නේ සාහිත්ය කලාව අරක මෙක වගේ ලොකු දේවල් නිසා මම වගේ පුංචි බබෙක් මොනවා ලියන්නද කියලා හිතලා හිතලා අන්තිමට මගේ හිත රැලේ බයික් එකේ ටයර් එක වගේ බලං ඉද්දිම කම්බිවලටම ගෙවුනා .ඒත් පොඩි අක්කා කීවා එහෙම හිතල හිත බාල කරගන්නෝන නැහැය ඔය ලියල තියෙන ඒවා එහෙන් මෙහෙන් බලලා අනිත් අය වගේම සිරාවට ලියන්නය කියලා. ඒ පාර ඉතින් මම පුංචි බබෙක් නිසා මගේ හිතට එක එක ඒවා එන්න තරම් වයසකුත් නැති නිසා මම හිතුවා අනිත් අයියලා අක්කිලා මාමලා නැන්දලා වගේම[ අනේ අර ඊවා අක්කිත් මෙතන ඉන්නවය කියලා කවුද මට කීවා] මමත් මොනව හරි ලියල මෙ පැණිරස සයිට් එකට මැරඩෝනා සයිස් පාරක් ගහලා පාපන්දුව හරි අත්පන්දුව හරි මොකක් හරි හිලකට තල්ලු කරන්ට සප් එකක් දෙන්ට ඔනය කියලා.

ඉස්සර මම මෙ වගේම මගේ අදහස් ලියන්ට ගිහිං අර හීයා මාමලගෙ සයිට් එකේ [www.sl-unlimited.com] මම හද්ද නෝන්ඩි වුනායින් පස්සේ මම හිතං හිටියේ අනිත් අය වගේම ලොකු වුනාම මෙ වගේ බරපතල වැඩවලට බහින්න ඔනය කියලා. ඒත් ඉතින් කූඹි මාමට මම ලොකු වෙලා වැඩිවිය පත්වෙනකම් බලං ඉන්න බැරියෝ කියලා අපේ ලොකු අක්කිට බෝලෙ බස්සලා මාව මෙතනට කනින් අල්ලලා ගෙනත් දැම්ම එක නම් පණ පිටින් කඩුවක් ගිල්ලා හා සමාන බ‍්‍රහ්මාස්වාදයක් වෙලා තියෙන්නේ මට නොවෙය. අනේ ... මෙ බ‍්‍රහ්මාස්වාදය මම සොයා ගත්තේ අපේ පොඩි අක්කගේ බෝයි ප්‍රෙන්ඩ් කෙනෙක් අක්කිට දීලා තිබ්බ පොතක් අක්කිට හොරෙන් කක්ක කරන්න කක්කුස්සියට ගිය වෙලේ මගේ පුංචි සරම අස්සේ හංගා ගෙන ගොස් කියෙව්ව වෙලේය. ඒකෙන් පස්සේ මම ඉගෙන ගත්තේ අපේ පොඩි අක්කිට එයාගේ බෝයි ප්‍රෙන්ඩ්ස්ලා දෙන පොත් නම් සරමක් ඇඳන් කියවීමෙන් මට සමාජයට මුහුණ දීමට අපහසුවක් ඇතිවන බවය. අනේ මන්දා ඉතින් මම පුංචි බබෙක් නිසා ඔය කොයි දේත් සිද්ද වෙන්නේ ඇගිල්ලේ තරමටය.

ඔන්න හාහාපුරා කියලා පැණිරස ආකරයකට පය තිබ්බ වෙලාවෙ මටත් කියන්න යමක් තියෙනවා කියලා මෙක කියවන අයට සංතෝසයක් දැනෙන්න පහක් දාන්න පුලුවන් වෙන්න හොඳ කතාවකුත් කියලම යන්න තමයි හිතං හිටියේ. කොහොමත් දැන් මෙක පළ වුනාට පස්සේ අනිවාරතේ අපේ පොඩි අක්කා මෙකේ කොලිටි පරීක්සා කරන්න කියවන නිසා ඊට පස්සෙන් පස්සේ සිද්ද වෙන දේවල් ගැන මට ගොඨාභය අංකල්ටත් වැඩිය හොඳින් අත්දැකීමෙන් තේරෙන නිසා මෙ ඒ කතාව ...ඔන්න දවසක් මම උදේ පාන්දරම නැගිටලා වෙනදා වගේම සුපුරුදු වැඩ කටයුතු ටික අම්මට කියලා කරවගෙන [අනේ ඉතිං මම තාම පොඩි නිසා අම්මා තමයි වතුර දාන්නේ ...ඉතින් තව ටිකක් ලොකු වුනාම මමම වතුර දාගන්නවා... ඔවා සුලු දේවල්නේ ඉතිං...] බලං ගියාම ඒ තරම්වත් පස්ස ගැන සෙවිල්ලක් නැති අය මෙවගෙ තැන්වල ඉන්නවය කියලා දැනගත්තෙත් මෙවටම ඇවිල්ලනේ...

මම බබෙක් නිසා මට තමයි හොඳටම බබා උක්කුං තේරෙන්නේ. මෙතන අර ස්පෑං වගේ මම වගේ කට්ටිය විනෝද වෙන වැඩ ගැන අම්පානක් නෝන්ඩි දේවල් ලියපු මාමලාගේ බබා හුක්කුං කතා ගැන මට නම් මෙහෙම ලියන්න මොකද්ද වගෙයි කෝකටත් පොඩි අක්කගේ ඒක පුග්ගල කොමිටි එකෙන් උපදෙස් ගන්ට ඔන. අපේ ලොකු අක්ක මම මෙ ටිකකට ඉස්සරෙලා ලියල යවපු ඒවා බලල මට අම්බානක් නෙලුව මොකද ඇම්ඩ මල්ලි උඹ ජොයින්ට් එකක් දාලාද මෙ බ‍්‍රහ්මාස්වාද ලීවෙ කියල. අම්මප මගේ පුද්කලිකත්වයටත් කෙල වෙනවා මෙ කූඹිලාට සප් දෙන්න ගිහින් ඒ අස්සේ. මම මැරුවත් ගානක් නැහැ මගේ අතිශය පිරිසිදු බබා උක්කුං චරිතය සාතනය නොකර. මමත් දැන් අර අලුත් සිංහලනේ ලියන්නේ ඒ හින්දා මම සාතනය කියල ලිව්වා ඒකත් ඉතිං පහසුයි නේ. බබාලා අනුගමනය කරන්න ඔන බබාලා නොවන අයනේ.

එතකොට

ඔන්න මට මතක් වුනා අර බූන්ජි ජෙක ජෙක කියලා ගෙම්බෙක් අම්බානට හීනෙන් බයවෙලා හතර හන්දි ගිටාර් ගහන ගමන් ලියපු ලියවිල්ලක් එක්කම කැට්රිනා පාරක් හමලා තිබ්බ හැටි පහුගිය දොහේ. අපේ පොඩි අක්ක නම් කියන්නේ ඒවා ලියලා බූන්ජියට අම්බානක සප් එකක් අරන් දීපු එක ගැන විවුර්තව ටැංකිවි කරන්න කියලා. මම ඉතිං බබෙක් නිසා එතරම් ලොකු අයට ටැංකිවු ලියන හැටි දන්නේ නැහැ. [කොහොම වුනත් මමත් සල්ලි අරන් ඉන්න නිසා මෙ ගැන වැඩිය බනින්න යන්න හොඳ නැහැ මොකද අර දනිස්ගාගෙන ඉන්න ගැංසිය මට මීට වඩා ඔපර් එකක් දුන්නොත් අනේ කූඹි මාමෙ තලහ වෙන්න එපා මම ඒ අයට පස්සපාතීවෙලා එක රැයෙන් ඒ අය තංතෝස කරන්න ලියන්න පටන් ගන්නවා. අපේ ගෙවල් පැත්තේ ඉස්සර ලකා ගාං හිටි නාට්ටිකාර මාමා කෙනෙක් මට කියල තියෙන්නෙ තමන්ගෙ ගාණට පමණක් විකිනෙන්ටය කියලා. ඒ හින්ද පොඩි අක්කේ මෙ වෙලාවෙ මම ටිකක් ඉවසීමෙන් ඉන්ට ඔන මොකද මෙ ඔක්කොම මම කරන්නේ වඩා හොඳ සංතිං එකක් වෙනුවෙන් නිසා.]

මොකද්ද

අර ස්පෑං කරනවයි කියලා කස්ටියක් නහුතෙට තද වෙලා මොකද්ද [බූන්ජි ජෙක ජෙක ,ඇත්තටම ඒ අයගේ දනිසෙන් උඩට වර්දනේ නතර වෙලාලු. ඒකලු ඒ අයට දනිසතෙක් කියන අර්තෙ තියෙන විදියට අරිසෙන් මහත්තයා වගේ දිවැස් තියෙන කෙනෙක් නමෝ විත්තියෙන් ලගු සන බලලා නම් තියලා තියෙන්නේ...ඔවා ඉතින් පොඩි අක්කගේ කතා...මට ඉතින් ඔච්චර දේවල් හිතන්න තරම් ලොකු වෙලා නැහැනේ ඒව මෙවා. ] නෙලන්ට පටන් අරන් නේ මෙ අපි වගේ පුංචි අයට ලියන්න කියන්න ස්පෑං කොරන්න ඒ වගේ සෙල්ලං කරන්න තියෙන ඒවා...ඉතිං මට හැමතිස්සෙම අපේ පොඩි අක්කා කියලා තියෙන්නෙ ඔය දනිස තෙක් වර්දනේ වෙලයි කියල හිතං ඉන්න අයගේ ඒව මගේ තරංවත් වර්දනේ වෙලා නෑලු. අනේ මන්දා අපේ පොඩි අක්කත් නොදන්න දෙයක් නැහැ. කොහොමින් කොහොම හරි මම වගේ පුංචි බබාලා සෙල්ලං කරන ස්පෑං වගේ ඒවාට එක එක අලුගුත්තේරුකං කියවන අයව මෙතනට ගෙන්නලා ඒ අයගේ අව වර්දන වෙලා තියෙන ඒවා ලිහල අනිත් අයට පෙන්වන්න යන ඒවා වගේ තරස්තවාදි වැඩ එහෙම මෙ වගේ වැදගත් නැනදලා මාමලා අක්කිලා අය්යලා ලියන කියන තැංවල කොරන්ට එපාය කියලා මම මෙහෙ එන්ට වැඳලා අවසර ගන්න ගිය වෙලේ අපේ ලොකු අක්කි මට කීවාය.

එහෙනම්

ඉතිං අදට ඇම්ඩන් නවතිනවා. ඔන්න ඉතිං ආයෙම ඇම්ඩන් හතර අතට ගොංජෝක් වනන්න ගත්තා කියලා කාටවත් කලබල වෙන්ට කාරණයක් නැති බව කියන්නත් ඔන. මොකද ඇම්ඩන් ආවට ගියාට වනන්නේ නැති නිසා සහ ඇම්ඩන් තාම පුක්කු පැටියෙක් නිසා...

[මෙකයි ඇත්ත කතාව. කවුදෝ කෙනෙක් මට කීවා උඹ ලියන්න දස්සයා මඩ ගහන්නත් අස්පයා ඒ හින්දා සල්ලි ඔන තරමක් දෙන්නම් ඇවිත් සෙට් වෙලා හතර අතට නෙලපන් ඒ අය සේරම බලාගඥ්ඥං කියලා. අම්මපා ඇත්තමයි ඊට පහුන්දා අපේ ලොකු අක්කට මිලියන් දෙකක් රුපියල්ම දීලා තිබ්බා කොහෙද රටක ඉන්න මහත්තේක්. ඉතිං දැං ඇම්ඩා හිටු කියලා ලියනවා...අම්මපල්ල මට සල්ලි දුන්නා...]

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|

නොස්තැල්ජියා
මෙතන කොටන්න.

චින්තන ධර්මදාස

hi guys,

herewith im sending u few of my bad writings (afraid to call them as poems) and hop u will read/enjoy or frustrate wth them. pls let me knw ur comments on this publications.

'I wrote them when i was depressed so much. among unknown white faces; living in unknown language. these are some feelings i suffered when i was in cold, misty and always gray Poland. this is nostalgia im suffering when im in hot, dusty and always yellow Sri lanka now'

chinthana dharmadasa.

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



....බොහෝ මතභේ්දාත්මක විය හැකි වුවත් මා යෝජනා කරන්නේ් ලංකාවේ දකුණේ් පීඩිත ජනයාගේ් විමුක්ති දේ්ශපාලනය වැටී තිඛෙන්නේ් ජවිපෙ හරහා බවයි. අපට එය මග හැර යා නොහැක. එය හරියටම උතුරේ පීඩිත දෙමළ ජනයාගේ් විමුක්ති දේ්ශපාලනයට ඊලාම් රාජ්‍ය කෙරෙහි වූ සිංහල රාජ්‍යයේ් මිලිටරි ආක්‍රමණයට එල්.ටී.ටී.ඊ.ය දක්වන සන්නද්ධ ප්‍රතිරෝධය මග හැර යා නොහැක්කාක් මෙනි.....


LLP 8 වන කලාපයෙන් උපුටා ගැණින.

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|

දැයට කිරුළ තනන්නට
හෙට දවස රකින්නට
කව්රුද කීවේ හැකිය කියා
අවියෙන් යුද ගිනි නිවන්නට..??

දරුවන් යහමග යවන්නට
ඔවුනට ලෝකය දකින්නට
කව්රුද කීවේ හැකිය කියා
අවියෙන් පාඩම කියන්නට.. ??

වසරක් පාසා වගකිව යුතු රජයක් විසින් පවත්වනු ලබන දැයට කිරුළ නම් යුද අවි ප්‍රදර්ශනය පිළිබඳව දැනෙනුයේ මහත් ඇල් මැරුණු, කළකිරුණු හැඟීමකි. කිසි විටෙක අනුමත කළ නොහැකි ගිනි අවි පාඩම ලෝකයට කියා දෙනුයේ මන්දැයි සිතා ගන්නටවත් නොහැකිය. වැඩිහිටියන්, ගුරුවරුන්, බුද්ධිමත් යැයි පිළිගන්නා වගකිව යුතු බොහෝ පිරිස මෙවැනි දෑ අනුමත කරන්නේ කෙලෙසදැයි සිතා ගන්නටවත් බැරි තරම්ය. කිසිවකු ඊට විරුද්ධ වන බවක් ද දකින්නට නැත. පුදුමය කි. මෙවැනි දේ සමාජගත කිරීම තුළින් ඇති වන හානිය, එතුළින් ගොඩ නගන්නට වෙර දරන ජාතිකාභිමානය හෝ දේශ ප්‍රේමයට වඩා එතුළින් සිදු වන දිගුකාලීන විනාශය කිසිවෙකුටත් නොපෙනෙන්නේ කුමන අන්ධභාවයක් හේතු කොට ගෙන ද? මෙය මුළු මහත් මිනිස් සංහතියේම අවාසනාව නොවන්නට වෙන කුමක්ද?

මිනිසුන්ට සංවේදී වන්නට, අනෙකාට ආදරය කරන්නට කියා දෙමින් තුන්තිස් පැය පුරා වචන දිය කරන අපි, රැයක් දවාලක් නැතිව බණ අහන රටේ, යුද අවි දුටු පමණින් සතුටින් ඉපිල යන්නෙමු. මාධ්‍යය හරහා ද ලෝකය වෙත මේ ඛෙදා දෙන්නේ ආදරය ද? සාමයේ කිරුළ පිළිබඳ පූර්වාදර්ශය ද?

පසුගිය වසරේදී මෙවැනි කුටියක දී සිදු වූ දෙය ද අමතක ව ගොස් බොහෝ කල් ය. මිනිස් ගැටුමක පාඩම් මාලාව මෙලෙස වාර්ෂිකව පවත්වා ගෙන යාමම අපේ අවාසනාව ය.

දැයේ කිරුළ හෙට පළඳින්නේ වත්මන් දරු පරපුරය. ඒ අධ්‍යාපනය සහ ආදරය කැටි වුණ මනුෂ්‍යත්වයේ කිරුළ නොව, තැලී පොඩි වී, විනාශ ව ගිය අංගවිලක මිනිස්කමේ කිරුළ ය. එ දින, අද ට වඩා අතිශයින් භයානක නොවේ යැයි කිව හැක්කේ කාට ද?

තුෂාරි පි්‍රයංගිකා

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|


ඔවුන්ගේ් සාමය විසින්
ඉතිරි කරනු ලැබ ඇති කුමක් මුත්
මරනු ලැබේ
ඔවුන්ගේ් යුද්ධය විසින්.

බිත්තිය මත
හුණුවලින් ලියා තැබූවක් නම්
ඔවුනට යුද්ධය ඕනෑ බව ය.
එසේ් ලියූ මිනිසා දැනටමත්
මැරී වැටිලා ය.

සෙන්පතිය මිනිසා ඛෙහෙවින්
ප්‍රයෝජනවත් ය
ඔහුට පුළුවන
ඉගිල්ලෙන්නට
මරන්න ට
එහෙත් ඔහුගේ්
එක් වරදක් වෙයි
පුළුවන ඔහුට
සිතන්න ට

බ්‍රෙෂ්ට්
පරි. කරුණාතිලක හඳුන්පතිරණ

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|
|

සොඳුරු රහස් - දයාරත්න රණේපුර

Posted by Thushari Priyangika - තුෂාරි ප්‍රියංගිකා

සොඳුරු රහස්

සවසට අඳුරු සෙවනැලි යා යුතුය මැකී
දෙනෙතට පෙණෙන සිතිජය තනි මිරිඟුව කී
තුඹසට කළින් ගිරි හිස හිරු එළිය දකී
කුමකට මෙ වැනි දේ ගැන වෙහෙසෙමු ද සකී

සඳු සිහිළැල්ය සිය දරුවන් සපිරි වැරූ
තරු දහවලෙන් ඇත සඟවන නමුදු හිරූ
සෙසු සුළු අයට මතුවන පින අහිමි කෙරූ
එය පිළිවෙතක් විය බලවතුනට ම හුරු

සේපාලිකා කඩුපුල් සිය සුවඳ තියා
හිරු නැගෙණුවට පෙර යයි ලොව අතැර පියා
මුතු මෙන් සයුරු කුස බෙලි කටු තුළට නොයා
මිණි කැට හිරුට බිය වී මිහි ගැබට ගියා

දයාරත්න රණේපුර
කොළඹ
සිළුමිණ - 2009 පෙබ. 08

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|

බල්ලෙක් ගිය උඩක් - (අසංක සායක්කාර විසිනි - ලංකා 02-10)


-ලංකා ඉරිදා සංග්‍රහය දැන් සයිබර් අවකාශයේ්-
http://www.lankairida.lk/

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|

රජු, ඇමතිවරු සහ වැසියෝ - මහේ්ෂ් මුණසිංහ

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|

හමුවීමක්.........


ස්ථානය :- කොළඹ මහජන පුස්තකාලය ඉදිරිපිට ඇති බස් නැවතුම


චරිත :- A මිනිසා - සරත් කොතලාවල

B මිනිසා - ධර්මප්රිය ඩයස්


( A බස් නැවතුම්පළේ වාඩිවී සිටියි. ඇඳුම් තරමක් දුර්වර්ණවී ඇත. ඈතින් පැමිණෙයි. ඔහුගේ හිසේ වෙළුමක් යොදා ඇත. ඩෙනිමක් සහ ටී ෂර්ට් එකක් හැඳ සිටියි.උරහිසේ ගමන් මල්ලක් වෙයි. පැමිණ A වාඩිවී සිටින ආසනයට යාබද ආසනයේ වාඩිවෙයි)


A- වෙලාව කීයද?

B - අ.. හයාමාරයි.

A - රෑත් වෙන්න ආව නේ.

B - හ්ම්ම්... කොහාට යන්ඩද?

A - හරි හමන් දිහාවක් නෑ....

B - ඒ කියන්නේ අරමුණු ලස්.....

A - ඔව් කතාවෙත් වැරැද්දක් නෑ...

B - සහෝදරයා මොනාද කරන්නේ..රස්සාවක්..බිස්නස් එකක්...

A - රස්සාවක්..නේද? අද උදේ වෙනකම් රස්සවක් තිබ්බා..

B - හිහ්.. කියන්නේ රස්සාවෙන් දොට්ට දැම්මා...

A - නෑ. මම කැමැත්තෙන්ම අයින් උනා...

B - හ්ම්ම්.. පුදුමයිි. හැමෝම බලන්නේ මේ කාලේ රස්සාව බේර ගන්න..

මොකද්ද කලේ?

A - මම සුපවයිසර් කෙනෙක්...බිල්ඩින් සයිට් එකක...

අද උදේ එකපාරටම හිතුනා රස්සාවෙන් අයින් වෙන්න.. ඉතින් අයින් උනා..

B - ඉතින් මොකක්ද ඊළඟ ප්ලෑන් එක?

A - ප්ලෑන් නැහැ. පුලූවන්තරම් කල් ප්ලෑන් නැතිව ඉන්නවා. දන්නවද? එතකොට හරි නිදහසක් තියෙනවා ඔලූවට...

B - සහෝදරයා.. වැඩිකල් ඔහොම ඉන්න බැහැ. ඉන්න දෙන්නේ නැහැ. ආයෙත් ක්රියාත්මක වෙන්න වෙයි. ඇයි? මේ එන්ජින් එකට (අතින් තම ශරීරය දක්වයි) කෑම ඕනේ. ඇඳුම් ඕනේ. හෙවනක් ඕනේ. තව තව දේවල් ඔනේ. දෙන්න වෙනවා. අපිට ඕනේ නැහැ. ඒත් මෙයාට ඕනේ.. හිහ්

A - ඔව්. ඒකත් එහෙම තමයි.

මට එකපාරටම හිතුනා රස්සාවෙන් අයින්වෙලා රස්තියාදු ගහන්න. මොකද මම කවදාවත් රස්තියාදු ගහලා නැහැ. හැබැයි වෙලා තියෙනවා. ඒත් මගේ ඔනෑකමකට නෙමෙයි

මේ ඒක නෙමෙයි. ඔහේ මොකද කරන්නේ...

B - මම.... මම ඉගෙන ගන්නවා. ඉන්ජිනියරින් ෆැකල්ටියේ ..

A - . හරි. එහෙනම් ඔහේගේ අනාගතය ගැන බයවෙන්න දෙයක් නැහැ. ඕනෙ කරන සේ්රමදේවල් ලැඛෙයි.

B - ඒ ගැන නම් හරියටම කියන්න බැහැ. අපිටත් පොඩි අවිනිශ්චිත බවක් තියෙනවා.

කොහේ හරි මොකක හරි අවුලක් වෙලා තියෙනවා වගේ දැනෙනවා නිතරම.

A - හ්ම්ම්ම්. ඔය ඔලූව.. ඔලූව තුවාල වුනේ කොහොමද?

B - ඒක වුනේ බෝඩිමේදි.

A - කොහොමද ?

B - නෑ. ඕන්නැති කතාවක් කිව්වා.

A - මොකද්ද?

B - පත්තරේ තිබ්බා ඇටෑක් එකකින් මැරිච්ච කොටියෙක් ගේ පොටෝ එකක් දාලා. මම කිව්වා පව් බං කියලා.

A - ඉතින්?

B - ඉතින් මම කියලා තියෙන්නෙ වැරදි කතාවක්. ඒක දිග්ගැස්සුනා. අන්තිමට එකෙක් මාව තල්ලූ කලා. ඔලූව වැදුනා යකඩෙක. ඉතින් පැලූනා. පස්සේ ඌම ඇවිත් බේත් දැම්මා.හිහ්...

A - මාරයි..

B - අහනවකෝ. (විශේෂ උනන්දුවකින්) මේ දවස්වල බෝඩිමේ මාර සීන් හරිද? ඔන්න එකෙක් කොළඹ එක්සිබිෂන් එකකින් බුදු පිළිමයක් උස්සලා.ඒක මාර ලස්සනයි. දැන් අනිත් උන් ඒකට බනිනවා අම්බානට. පව් මචන්.

A - ඉතින් ඇත්තනේ.. ඒක හොරකමක් නේ. අනික බුදු පිළිමයක්...

B - ඉතින් අහනවකෝ.... දැන් ඒකා පිළිමෙට


(මහා හඬින් වාහනයක් තිරිංග තද කරනු ඇසේ. දෙදෙනාම පැත්ත බලති )


B - ඔන්න ඔය සද්දෙට මම හරිම බයයි.

A - මමනම් බය ඔය සද්දෙට නෙමෙයි. ඕකට පස්සේ ඇහෙන සද්දෙට. මාව කීරි ගැස්සෙනවා.

B - මම මොකද්ද කිය කිය හිටියේ.. ඔව්. පිළිමෙට උදේ හවස වඳිනවා මල් තියලා. හැබැයි වැඩේට සෙට් වෙන්න කවුරුත් නෑ. මෑන්ස් විතරයි තනියම.

A - හිහ්...

B - මේ ඇත්තට ඇයි මං මේවා ඔහේට කියන්නේ..?

A - නොකිය ඉන්න හේතුවක් නැති නිසා. මොකද අපි මීට කලින් මුනගැහිලා නැහැ නේ. මීට පස්සෙත් මුනගැහෙයිද කියන්න බැහැ නේ.. නිසා නොකිය ඉන්න හේතුවක් නැහැ..

B - ඇත්ත..


(මඳ නිහැඩියාවක් දෙන්නා අතරම)


B - මට පොඩි කාලෙ ඉඳන් තිබ්බ ඕනේකමක් ඉන්ජිනේ්රුවෙක් වෙන්න. කොහොමහරි ටාගට් එකට ආවා. දැන් ඔහේට තිබ්බේ නැද්ද එහෙම ඕනේ කමක්.

A - තිබ්බා. හැබැයි ඔහොම එකක් නෙමෙයි. ගෝල්ෆේස් පිට්ටනියට මගේම කාර් එකකින් එන්න. සන්ග්ලාස් එකක් දාලා. ඇවිත් හුලං වැදි වැදී ඉන්න . යතුර කරකව කව.

B - හිහ් මරුනේ. ඉතින් ඒකට මොකද වුනේ?

A - හ්ම්ම්.. ඒක බලාපොරොත්තුවක් විදිහටම තියෙන එක ලේසියි. ඒකට ළංවෙන්න හදන හැමතිස්සෙම ඒක තව තව ඈතA වෙනවා. ඒක මළ කරදරයක් මට.

අන්තිමට මම සේ්රම පැත්තකින් තියල දැන් රස්තියාදු ගහනවා.

හැබැයි ඒක තාම මගේ බලාපොරොත්තුවක්...හරිද?

B - ඒක බලාපොරොත්තුවකට වඩා හීනයක්. මට හිතෙන විදිහට...

A - ඔව්. එහෙම වෙන්න ඇති. ඒකයි ඒක හැමදාම ඈත.

B - හ්ම්.. මට යන්න වෙලාව හරි වගේ. බසුත් කීපයක්ම ගියා. ඔය එන එකේවත් යනවා.

A - හා.


( බසය වෙත දුව යයි. අතරමගදී නැවත හැරී බලයි.)


B - මේ සහෝදරයා මම ඉන්ජිනේ්රුවෙක් කිව්වේ බොරු. මම මිකැනික් කෙනෙක්. හරිද?

සහෝදරයා තමන්ටත් බස් එකක් එයි. ඒකෙ නැගලා යනවා. නිකන් ඉන්න එපා. හිටියත් ඉන්න වෙන්නේ නැහැ වැඩි වෙලා.


(බසයට නැග ජනේලයෙන් ඔලූව දමා මෙසේ පවසයි)


දන්නවද? අපේ හීනම තමයි අපිව අන්දවන්නේ.. අපේ හීන...


( A මඳ සිනාවකින් යුක්තව බලා සිටියි. බසය පිටත්වෙයි.)


හ්ම්ම්.. රස්තියාදු ගැහිල්ලත් ලේසි නැහැ තමයි .

හහ්.. ඒත් මට මිනිහට කියන්ඩ බැරි උනා නේ මම අත් උදව් දෙන එකෙක් මිසක් සුපවයිසර් කෙනෙක් නෙමේ කියලා


අනුෂ්ක තිලකරත්න

02/10/2009

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|
Related Posts with Thumbnails