Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers

සිතුවිල්ලක් - සුනිල් ගෝවින්නගේ

Posted by Thushari Priyangika - තුෂාරි ප්‍රියංගිකා 4.21.2009

සිතුවිල්ලක්

දුක් සිතුවිල්ලක් පාවී එන්නේ
මුහුදු සුළං සේ අරුණළු අතරේ
යන ගමනක් ගැන සිත වැළපෙන්නේ
සීතල කඳුලකි සිසිල සදන්නේ

දෙදුන්නකි දුර මැකෙනා අහසේ
නොරටක ආ ගමන කියන්නේ
අරුණළු සඟවන දුර තැටි අහසේ
තනි වූ තරුවකි දුක් විමසන්නේ

මුහුදු කඩින් එතරට සිත යන්නේ
වැළපෙන දිවයින මතක රඳන්නේ
මැකෙනා මතකය යළි දිව එන්නේ
වැළපෙන මතකය කවි පද වන්නේ


සුනිල් ගෝවින්නගේ

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails