Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers

සාධාරණ යුද්ධය සම්බන්ධයෙන් වූ පහත දැක්වෙන සංවාදය 2003 අප්‍රේල් මාසයේ ඇමරිකාව විසින් ඉරාකය ආක්‍රමණය කිරීමට ප්‍රථම ඕස්ටේ්‍රලියාවේ එක්තරා ස්ථානයකදී සිදුවූ සිදුවීමක් ලෙස හදුන්වා දිය හැකිය. මේ කාලය තූළ ඇමරිකාව ඉරාකය ආක්‍රමණය කිරීමේදී ඕස්ටේ්‍රලියාව එම ඒකාබද්ධ හමුදාවට එක්වීම සාධාරණද නැද්ද? යන්න පිළිබඳව විවාද පැවති සමයකි. (ඕස්ටේ්‍රලියාව එම යුද්ධයේදී ඒකාබද්ධ හමුදාව නියෝජනය කලා.) ඒත් එක්කම සරණාගතයින් අත්අඩංගූවේ තබා ගැනීම සම්බන්ධයෙන් ඕස්ටේ්‍රලියාවට එරෙහිව මේ වන විට නොයෙකූත් චෝදනා එල්ලවෙමින් තිබුනා.



එමි : තාත්තේ සාධාරණ යුද්ධයක් කියන්නේ මොකද්ද?

තාත්තා: දැන් බෑ ස්වීට් හාර්ට් පස්සේ කථා කරමුද? මට දැන් වැඩ වැඩියි.

එමි : ඒ වුනාට ඔයා කිව්වේ ඕනම වෙලාවක ඕනම ප්‍රශ්නයක් තියෙනව නම් අහන්න කියලා?

තාත්තා: හොඳයි. දැන් මොකද්ද ඔයාගේ ප්‍රශ්නේ?

එමි: සාධාරණ යුද්ධයක් කියන එක තමයි මගේ ප්‍රශ්නය. යුද්ධයක් කොහොමද සාධාරණ වෙන්නේ?
තාත්තා: ඔව් ඒක හොද ප්‍රශ්නයක්. එක පාරටම මේ ගැන අහන්න හිතූනේ මොකද?

එමි : ඔයා දන්නවනේ දැන් ඉරාකෙ තියෙන ප්‍රශ්නේ.

තාත්තා: හොදයි මුලින්ම මම කියන්නම් ඕනම යුද්ධයක් බොහොම නරක දරුණූ ප්‍රචණ්ඩකාරී බලහත්කාරය වපුරුවන දෙයක්. ඒ වගේම යුද්ධයකින් ගැටුමක් විසදිය නොහැකි බව ඉතිහාසය පෙන්නල දීලා තියෙනවා. මං හිතන්නේ අනාගතයේදී මිනිස්සු ආපසු හැරිලා බලලා තමන් යුද්ධ කරන්න තරම් මෝඩවීම ගැන කණගාටුවේවි. යුද්ධය කිසිවකූට දිනන්න බෑ. ඒ වගේම විශාල පිරිසකට හානි සිද්ධ වෙනවා. කිසිවෙක් තමන් අපේක්ෂා කළ අරමුණු කිසි දිනක ඉෂ්ඨ කර ගන්නේ නැහැ.

එමි : ඒ කියන්නේ ඔයා යුද්දෙට විරුද්ධයි.

තාත්තා: හැමෝම යුද්දෙට විරුද්ධයි. කවුද කැමති තම තමන් මරා ගන්නවට? තම තමන්ගේ නගර විනාශ කරනවට? ඔයා හිතන විදියට යුද්දෙ කියන්නේ හමුදා සෙබලූන්ට විතරක් අයිති දෙයක් කියලද නෑ. මේ යුද්දෙ නිසා සිවිල් වැසියන්, ළමුන් මිය යනවා. ඇත්තවශයෙන්ම මම යුද්දෙට විරුද්ධයි. ඔයා විරුද්ධ නැද්ද?

එමි: ඒ කියන්නේ ඔයා සාමවාදියෙක්ද?

තාත්තා: නෑ. ඒක එහෙමම නෙවෙයි. මගේ අදහස්වලින් භාගයක් ඒකට එකඟයි. මම සාමය අගය කරනවා. නමුත් සටන්වලට එරෙහිව විකල්පයක් නැති අවස්ථා තිඛෙනවා.

එමි: ඒ කියන්නේ සාධාරණ යුද්ධය කියන එකෙන් මිනිස්සු අදහස් කරන්නේ ඒකද?

තාත්තා: මං හිතන්නේ එහෙමයි. සාධාරණ යුද්ධය කියන එක ඇතිවෙන්නේ කවුරු හරි පහර දෙනකොට. මොකද එතකොට ඔබට ආරක්ෂා වෙන්න සිද්ධ වෙනවා. එහෙමත් නැත්නම් මිත්‍ර පාක්ෂික රටකට පහර දෙනකොට ඒ නායකයින් ඔයාගෙන් ආරක්ෂාව ඉල්ලනවා.

එමි :ඉතිං ඇමරිකාව ඉරාකයට පහරදෙන විට ඉරාකය තනිවම ආරක්ෂාකාරී ක්‍රියාමාර්ග ගන්නවානම් ඒක ඇමරිකාවට සාධාරණ යුද්ධයක් වෙන්නේ නෑ.නමුත් ඒක ඉරාකයට සාධාරණ යුද්ධයක් විය හැකියි.ඉරාකය ඇමරිකාවට එරෙහිව තමන්ගේ ආරක්ෂාව සඳහා මිත්‍ර පාක්ෂික රටකින් උදව් ඉල්ලු‍වොත් ඒ මිත්‍ර පාක්ෂික රටට ඒ යුද්ධය සාධාරණ යුද්ධයක්, එහෙම නේද?

තාත්තා: ඒක ඒ තරම්ම සරල නැහැ. හොඳ මිනිස්සු සහ නරක මිනිස්සු කියල දෙවර්ගයක් ලෝකේ ඉන්නවා. සදාම් හුසේන් නරක මිනිහෙක්. ඒක නිසා ඔහුව පරදන එකට කවුරුත් විරුද්ධ වෙයි කියලා මම හිතන්නේ නැහැ.

එමි : ඒ වුනාට ඔහු කාටවත් පහරදෙන්නේ නැත්නම් එයාගේ රට ආක්‍රමණය කරන එක කොහොමද සාධාරණ යුද්ධයක් වෙන්නේ. ඔයා කියන විදිහට අනුව රටක් ආක්‍රමණය කරන එක වැරදි වැඩක්නේ තාත්ත.

තාත්තා: ඔව් ගොඩක් වෙලාවට. නමුත් හැමෝම විශ්වාස කරනවා සදාම්ගාව භයානක අවි ආයුධ තියෙනවා කියලා.

එමි : ඇමරිකාවට වඩා නරක?

තාත්තා: නෑ. එච්චර නරක නෑ. නමුත් ඔහු නරකයි කියලා හැම දෙනෙක්ම හිතන නිසා කොයි මොහොතක හෝ රටකට එරෙහිව ඒ භයානක ආයුධ පාවිච්චි කරාවි කියලා මිනිස්සු හිතනවා. ඒක නිසා ඔහු ඒ ආයුධ පාවිච්චි කරන්න ඉස්සෙල්ලා ඒ රට ආක්‍රමණය කරලා ඒ ආයුධ විනාශ කරන්න ඇමරිකාවට අවශ්‍යයි.

එමි : ඒ ආයුධ පාවිච්චි කරන බවට තර්ජනය කරලා තියෙනවද? සදාම්ට ඔිනෙ කාට පහර දෙන්නද?

තාත්තා: නිශ්චිතව අහවල් රටට විරුද්ධව ඒ ආයුධ පාචිච්චි කරනවා කියලා නැහැ. ඒවුනත් ඔවුන්ව ආක්‍රමණය කලොත් ඇමරිකාවට එරෙහිව ඒ ආයුධ පාවිච්චි කරාවි.

එමි : ඕස්ටේ්‍රලියාව ගැන හිතමු. අපිත් ඉරාකය ආක්‍රමණය කරන්නේ නැද්ද? අපිත් සෙබලූන් යවනවා ගිය සතියේ මම ටී.වී. එකේ දැක්කා.

තාත්තා: එහෙමම නොවෙන්න පුළුවන්. අපි සදාම්ට ආයුධ බිම දාන්න කියලා බය කරන්න කරන දෙයක් වෙන්න පුළුවන්. ඔහුව රවටනවා වෙන්න පුළුවන්.

එමි : නමුත් ඔහු කිසිවකූට පහර දෙන්න සැලසුම් කලේ නැත්නම් තමන්ට එල්ලවන ප්‍රහාරයකින් ආත්ම ආරක්ෂාව සපයා ගැනීමට හැරෙන්න තමන් එම ආයුධ පාවිච්ච් නොකරන බව එයින් අදහස් වෙන්නේ නැද්ද?

තාත්තා: ඔව් ඒ අදහස තර්කානුකූල බව පේනවා. නමුත් අපි ඉස්සර වුනේ නැත්නම් ඔහු කිසියමි රටකට එරෙහිව පහරදෙයි කියලා ආණ්ඩුව විශ්වාස කරනවා.

එමි : අපේ ජීවන කූසලතා මිස් කිවුවා වඩා වැදගත් වන්නේ අවසන් ප්‍රතිඵලය නෙමෙයි. අපි එය ළගා කරගන්නේ කොහොමද කියන එක තමයි වැදගත් කියලා. ඒක වැරදිද?

තාත්තා: මං දන්නෑ දරුවෝ. ඇත්තටම මම දන්නේ නැහැ.

එමි : ඒක නෙවෙයි. ඔසාමා බින්ලාඩන් ට මොකද්ද වුනේ? මම හිතාගෙන හිටියේ එයා තමයි ලෝකේ ඉන්න අංක එකේ නරක මිනිහා කියලා. සදාම් ඊට වඩා දරුණුද

තාත්තා: ඒ දෙන්නම නරකයි. ඔවුන් ත්‍රස්ත්‍රවාදීන්. ඒ දෙන්නම මිනිස් ජීවිතවලට බොහොම අඩු වටිනාකමක් තමයි දෙන්නේ.

එමි : තාත්තේ ඒ සරණාගත කඳවුරු වල පුංචි ළමයි තවමත් හිරකරගෙන ඉන්නවද?

තාත්තා: ඔව්, අපි හිරකරගෙන ඉන්නවා දූව.

එමි : ඉතිං අපි හොද මිනිස්සුද නරක මිනිස්සුද?

තාත්තා : හොද මිනිස්සු ඇත්ත වශයෙන්ම, තවත් ප්‍රශ්න නෑ. තේරුනාද?

Written by Jon Hargreaves and Francis Rolt, Published by HCR and Search for Common Ground.

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails