Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers


අනුන්ගේ දේ සෙවීමට බැලීමට සියළු දෙනා කැමතිය. එම නිසා එය ඉලක්ක කොට ගෙන රියැලිටි ටීවී වැඩසටහන් ලෝකයේ බිහිවිය. ලෝකයේ විවිධ රටවල මෙන්ම දැන් ලංකාවේද ඛෙහෙවින් ප්‍රචලිතව යන විවිධ රියැලිටි ටීවී වැඩසටහන් අපමනය. එම විවිධ වැඩසටහන් ප්‍රේක්ෂකයන් උන්මාදයෙන් මෙන් නරඹයි. එවැනි රියැලිටි ටීවී වැඩසටහනක් නරඹන තරුණියක්, එම වැඩසටහනේ සිද්ධීන් සමඟ තම ජීවිතය පටලවාගැනීම පිලිබඳව වූ කථා තේමාවක් රැගත් චිත්‍රපටයකි නිනෝ ලයිව් Neno Live..

මෙය තිසර ඉඹුලානගේ ප්‍රථම චිත්‍රපට අධ්‍යක්ෂණයයි. ඔහු මීට පෙර වේදිකා හා කෙටි චිත්‍රපට අධ්‍යක්ෂකයෙකු ලෙස සම්මාන රාශියක් හිමිකරගෙන ඇත. ඔහු ප්‍රවීන රංගන ශිල්පියෙකු වන මහේන්ද්‍ර පෙරේරා යටතේ රංගනය ද, ජාතික චිත්‍රපට සංස්ථාවේ චිත්‍රපටකරණය හා නිෂ්පාදනය පිලිබඳව ද, චිත්‍රපටකරණය හා පිටපත් රචනය පිලිබඳ ඉන්දියාවේ Asian Academy of Film and TVහිද හදාරන ලදී.

මෙම චිත්‍රපටය සඳහා රංගනයෙන් නිනෝ ජයකොඩි, යුරේනි නොෂිකා, උමාලි තිලකරත්න, දසුන් පතිරණ, ස්ටීවි ඩි ලා සිල්වා, චාන්දනී සෙනෙවිරත්න, බන්දුල විතානගේ, කිංස්ලි රත්නායක, තිලක් ශාන්ත, ජගත් මනුවරණ, තුසිත ලක්නාත් දායක වෙති.
HTML clipboardHTML clipboardHTML clipboard


තිර රචනය තිසර ඉඹුලානගේම වන අතර, සාහිල් ගුප්තාගේ නිෂ්පාදනයකි. රේඛීය නිෂ්පාදනයෙන් ඉරන්ති අබේසිංහත්, කැමරාකරණයෙන් චන්න දේශප්‍රියත්, කලා අධ්‍යක්ෂණයෙන් ලකී විජයවර්ධනත්, ඇඳූම් නිර්මානයෙන් තිසර ඉඹුලාන හා තිසර මංගල බණ්ඩාරත්, අංග රචනයෙන් ඉන්දික උදාරලංකාත්, සංස්කරණයෙන් දුමින්ද ද සිල්වාත්, පසුබිම් සංගීතයෙන් සංඛ දිනෙත් ද දායක වෙති.
චිත්‍රපටය සඳහා EXDV තාක්ෂණය භාවිතා කරන අතර, තවමත් රූපගත කරමින් පවතින මෙම චිත්‍රපටය මේ වසර අවසානයේ තිරගත කිරීමට නිෂ්පාදක බලාපොරොත්තු වෙයි.
HTML clipboard

විමසීම් - තිසර ඉඹුලාන
267/B මාකුඹුර,
පන්නිපිටිය.
0776000282

පින්තූර ගැලරිය-







මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails