ජීවිතය මරු
බණ්ඩාරනායක මැරුවෙ
මම ඉපදෙන්න ඉස්සර...!
මරු සිරා මරද්දි
මම සෙල්ලම් කරනවා...!
මහගම සේකර මැරෙද්දි
මම පෙම් කරනවා...!
විජය කුමාරතුංග මරද්දි
මම හිර ගෙදර...?
මාර්ටින් වික‍්‍රමසිංහ මැරෙද්දි
මගෙ ඔලුවෙ තිබුණෙ විප්ලවය.
එදිරිවීර සරච්චන්ද්‍ර මැරෙද්දි
මම මුල්ලේරියාවෙ
විජේවීර මරද්දි මම තැබැරුමේ (වෙරි)
සයිමන් නවගත්තේගම මැරෙද්දි
මම
ගෙදර
ගේ හදනවා
පුතත් එක්ක...! දුකයි.
ඒත් ජීවිතය මරු
ජගත් මාරසිංහ
සිළුමිණ 2009-06-14



