සූකර් ද ජෝකර්
ජහමනතාවට විලිබිය නැද්දෝ දැන් ඇයි උන් කොට ගවුමැන්දේ
මදුරුවෝ කන්නෙත් එහෙම කොටට ඇඳ ඉන්නා අය බව දැන් සද්දේ
වසුරු සිටානන් කඳබඩ දෙක නැහැ වෙන්වී පෙනුනේ මල යුද්දේ
සූකරයොත් ලිප්ටන් රවුමට එයි ළඟදිම නැහැ ඒ ගැන වාදේ
සකල සිරිං පිරි සිරි ලංකාවේ සූකර උණ පැතිරී යන්නේ
නිමල මෙමං අත වරද නැතී ජහ මනතාවයි ඉල්ලන් කන්නේ
බකල ගහං පොරි සාද කතාවට බඩ ගෙඩි මැති සඳ වෙස් ගන්නේ
අවල කෙලින ඇම්බැට්ටයො දුටු තැන සූකරයොත් දත නියවන්නේ
ඩෝං පුතා




