Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers

MASA

අරගලය අවසන- සටන්කරු මියගිය සඳ
මිනිසෙකු පැමිණ ඔහු වෙත
හඬ ගා කීය මෙලෙසින:
"නොමැරෙනු මැනව- නොමැරෙනු මැනව
එතරම්ම ආදරෙයි මං නුඹට"
අහෝ එද, නොසෙල්විණි මළ සිරුර

ඉනික්බිති,
පැමිණ මිනිසුන් දෙදෙනෙක්
කීය නැවතත් මෙලෙසින:
"නැගී නිබයව එන්න ආපසු
හැර නොයනු මැන අපව"
අහෝ එද, නොසෙල්විණි මළ සිරුර

ඉනික්බිති,
පැමිණයහ මිනිසුන් විස්සක්
සියයක්, දහසක්
ලක්ෂයක්, පන් ලක්ෂයක්
විමසූහ එක හඬින්:
"පරදවනු බැරි වෙයිද මරණය
විසල් ආදරයකට මෙතරම්?"
අහෝ එද, නොසෙල්විණි මළ සිරුර

මිලියන ගණනක් මහ සෙනග
දසතින් පැමිණ හඬමින්
රැෙඳමින ඔහු සිරුර අස
මුර ගෑහ එක හඬින්
"හැර නොයනු සොයුර අප"
අහෝ එද, නොසෙල්විණි මළ සිරුර

අවසන,
මහ පොළොව මත වසන
සියළු මිනිස් වග පැමිණ
වටකළහ නිදන ඔහු සිරුර.

දුංඛිත මළ සිරුර සෙලවිණ!
දුටුයෙන් ඒ මිනිස් කැළ.
නැගිට සෙමෙන්- සිපගති පළමු මිනිසා
ඉන්පසු,
ඇවිද යන්නට විය!

CĖSAR VALLEJO
(1895-1939) (Peru)

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails