Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers


එලාරවයි දුටුගැමුණුයි යාළු කරමුකෝ!

ඉස්කෝලෙ ප්‍රසංගේ
දුටුගැමුණු නාටකේ
අනේ සර් මට නම් දුටුගැමුණු වෙන්න බෑ
ගැමුණු වෙලා එළාර ගේ ගෙල සිඳින්න බෑ
බනිස් ගෙඩිය ඛෙදන් කාපු
පයිප්පයෙන් වතුර බීපු
එළාර ලෙස රඟපානා
මගෙ මිතුරා දයාලන් ගෙ ගෙල සිඳින්න බෑ

තැන් තැන්වල ලොකු බෝම්බ පුපුර ගත්තෙ නෑ
බංකර් යට හැංගි හැංගී සටන් කලෙත් නෑ
සැප විඳ විඳ පොඩි එවුන් ව බිලි දුන්නේ නෑ
ලොවට කියා උපන් රටත් පාව දුන්නෙ නෑ

මුහුණ ට මුහුණත දීලා
පපුව ට පපුව ම දීලා
එළාර ලෙස රඟපානා
අනේ සර් දයාලන් ට හතුරු වෙන්න බෑ
ඉස්කෝලෙ ප්‍රසංගේ
දුටුගැමුණු නාටකේ
අනේ සර් මට නම් දුටුගැමුණු වෙන්න බෑ
ගැමුණු වෙලා එළාර ගේ ගෙල සිඳින්න බෑ

රංඩු කරන් තරහ වෙලා එක පේලියෙ හිටියා
හොරෙන් බලා දුක් වීලා හිතින් කඳුළු සැලූවා
වෛරයෙ විෂ බැන්දෙත් නෑ
පලි ගන්නට හිතුවෙත් නෑ
කිසි කෙනෙකුට කිව්වෙත් නෑ
ලොකු සර් ල දන්නෙත් නෑ
මේ නාටකෙ රඟපානා
හොඳ මිතුරෝ අපි දෙන්නා
අපි ගහේ වැලේ ගෙඟ් ෙදාලේ සෙල්ලම් කෙරුවා

ඉස්කෝලෙ ප්‍රසංගේ
දුටුගැමුණු නාටකේ
අනේ සර් අපි නාටකෙ වෙනස් කරමුකෝ
එළාරවයි දුටුගැමුණු යි යාළු කරමුකෝ


පද රචනය: ලක්ෂ්මන් කොඩිතුවක්කු
සංගීතය: සංගීත් වික්‍රමසිංහ
ගායනය: තිසල් වංසජ පාදුක්කවිදාන

ළමා ගායක තිසල් වංසජ පාදුක්කවිදාන ගේ ලඟදී එළි දැක්වීමට නියමිත "මගේ උරුමය" ගී එකතුවෙනි.

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails