Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers


තවත් විශ්වකර්මයෙක්!

මෙම ලිපියට අදාළ පුවත්පත් දැන්වීම මෙතනින් ගිහින් බලන්න.


Click on the image to view.

මීට කලකට ඉහතදී ජනමාධ්‍යවේදීන් ද, දේශපාලඥයින් ද, විවිධ උගතුන් ද, වෛද්‍ය, ඉංජිනේරු ආදී විවිධ වෘත්තිකයින් ද, ආචාර්ය- මහචාර්ය ඇදුරන් ද, විවිධ පූජකයින් ද, ජනතාව ද රැවටූ කැළුම් වීරසිංහ නම් වූ "එලොවින් ආ ජීවකයා" පිළිබඳව ශ්‍රී ලංකා හේතුවාදි සංගමයේ සම සභාපති ගාමිණි වියන්ගොඩ මහතා විසින් කල හෙලිදරව්වෙන් අනතුරුව එම ව්‍යාජ ව්‍යාපාරය නිමාවට පත් විය.

යලිත් එවැන්නෙකු පහල වී ඇති බවට පුවත් පත් මගින් වාර්තා වී ඇත. මේ අළුත් ජීවකයා විසින් "මහා විශ්ව බල ශක්තියේ බල මහිමයෙන්" සියළු රෝග සුවකරදෙන අතර ඔහු දක්වා තිඛෙන හැකියාවන් ලයිස්තුවට අනුව කල නොහැක්කක් නොමැත.

ඒ අනුව, සියළුම ග්‍රහ අපල, දෝෂ, කොඩිවින, අනවින, ඇස්වහ, කටවහ, භූත-ප්‍රේත-දිෂ්ටි-පිල්ලූ, දරුපල දෝෂ භංග කර, දුරුකොට යහපත උදා කරදෙනු ලබයි.

තවද ඕනෑම අයෙකු වශීකර දෙයි! සියළු විභාග- සම්මුඛ පරීක්ෂණ වලින් ජය ලබා දෙයි! වෙළඳ ව්‍යාපාර වල සියළු දෝෂ භංගකර දියුණුව සලසා දෙයි! සොර සතුරු කරදර නිමා කරදෙයි! සතුරන් පරදවා ජය ලබා දෙයි! අතහැර ගිය අය ගෙන්වා දෙයි! සතුට සාමය දියුණුව උදාකරදෙයි....!

ඉතිං වෙන මොනවද අඩු....?!!!!!

මෙහි සඳහන් කොට ඇතිවාටත් වඩා දිග මේ ලැයිස්තුවට අනුව ලංකාවට (මතුද නොව, ලෝකයටම) රාජ්‍ය යාන්ත්‍රණය හෙවත් ආණ්ඩුවක්, අධිකරණයක්, පරිපාලන යන්ත්‍රයක්, සමාජ ආයතන පද්ධතියක්, ආර්ථීක හා සංවර්ධන සැලසුම් හා ක්‍රමෝපායන් ආදි කිසිවක් අවශ්‍ය වන්නේ නැත. සියළුම රෝග ශල්‍ය කර්ම හා ඖෂධ වලින් තොරව ක්ෂණිකවම සුවකරදෙන හෙයින් වෛද්‍යවරු, වෛද්‍ය විද්‍යාල, ආරෝග්‍යශාලා, ඛෙහෙත් ශාලා අවැසි නොවේ. විභාග සමත්කොට දෙන බැවින් පාසල්- අධ්‍යාපන ආයතන ආදියද අවැසි නැත. නඩු හබ අරභයා යුක්තිය ඉටුකොට දෙන හෙයින් අධිකරණ ක්‍රමයක් හා නීති පද්ධතික්ද අවශ්‍ය නොවේ (නීතීඥ මහතුන්ට වැඩ ද අඩුවනු ඇත). සොර සතුරු කරදර ඉවත් කොට සාමය රජයන බැවින් පොලිසි වැනි ආයත ද පවත්වාගෙන යාමේ තේරුමක්ද නැත.

කොටින්ම දියුණුව, නිරෝගිකම, රුවැති බව, යුක්තිය, සාමය, පවුල් ප්‍රශ්න, ලිංගික ප්‍රශ්න, ව්‍යාපාරික ගැටළු ආදී මෙකී නොකී සියළු ගැටළු- ප්‍රශ්න- අභියෝග වලට ක්ෂණික විසඳුම් ඔහු සතුය. ඔහුගේ විශාල දැන්වීම් හා ප්‍රචාරක ව්‍යාපාරයෙන් කියා සිටින්නේ එයයි.

ඉතිං තවත් මොනවද?

සියළුම මිනිස් අවශ්‍යතා, ව්‍යාපාරික අවශ්‍යතා, සෞඛ්‍ය අවශ්‍යතා සපුරාලන ඔහු වැන්නෙකු සිටිත් නම් ඔහු හැර අන් කිසිවෙක් රටේ ජනතාවට අවැසි නැත. එමතුද නොව, ඔහුගේ මෙමෙ හැකියාව හා බල මහිමය ලොව ඕනෑම රටකට බල පවත්වන බැවි කියවෙන නිසා මුළු මිනිස් ප්‍රජාවටම ඇති එකම හා පරම විසඳුම ඔහුය.

අපි කෙතරම් වාසනාවන්තද?

(කැළුම් වීරසිංහට මෙන් "සතුරු කුමන්ත්‍රණයකට" ඔහු භාජනය නොවේවායි අවසාන වශයෙන් පතමු)

තාරක වරාපිටිය
ලේකම් සහ මාධ්‍ය ප්‍රකාශක - ශ්‍රී ලංකා හේතුවාදි සංගමය
lanka.rationalist@gmail.com
2009-08-20

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails