Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers


මාතෘකාවක් නැති මාතෘ භූමිය

දෙමළ ඔලූ ගෙඩි වලට
සෙල්ලමට වෙඩි තියන
සොල්දාදුවෝ තරුණ
සියුමැලිද ඔය අවියග

සූදුවට ඉඩ විවර
කෲර යුද බිම් අගල
බූරු කුට්ටම අසල
බූරු ගසනා නිබඳග

බැඳ දැමූවට දෙ ඇස
විවර කෙරෙනා දෙ ඇස්

දස දහස් ගණනෙකි යග
බැඳ දැමූවට දෙ අත
මිටි මෙළවෙනා දෙ අත්
දස දහස් ගණනෙකි යග

නිරුවතින් වෙඩි වදින
වැදී මව් බිම සිඹින
මිනිස් මුවෙකින් නැඟෙන
අවසාන පැතුම තුළ
නිරුවතිනි යුද ඇඳුමග

දෙමළ ඔලූ ගෙඩි වලට
සෙල්ලමට වෙඩි තියන
සොල්දාදුවෝ තරුණ
සියුමැලිද ඔය අවියග


මංජුල වෙඩිවර්ධන
(2009 සැප්තැම්බර්)

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails