අද (2009-10-15 ), ලෝක සුදු සැරයැටි දිනයයි.
ආයුබෝවන් අඳ සකි........ !
මෙපුරවර එනකොට
දෙදණ බිම ඇණ නුඹ
පසඟ සදමින වැඳ
“ගිහින් එන්නමි” කියා
අමිමා අතැර එන්නැති
කප් කෙළක් ව්‍යාධි ඉතිරෙන
අනත් දුක් සංතාප වැගිරෙන
ජීවිත ගිරි දුර්ග පාමුළ
දුකම රස කොට වළඳන
ඉරෙන ජීවිත ගෙත්තම
හනි හනික එළලන
සුවහසක් ගන්දබිබ සුහදාන
“අනේ” යයි කිය කිය
පාර නොපෙනෙන නුඹට
මග කියා දෙන්නැති
කදෝ පැණි එළි පොදක් නැති මුත්
මල් සුවඳ මිස ගොකටු විස නැති
නුඹෙ අඳුරු ලෝකය
උදුල සඳවත පරදවන බව
ඒ උනත් උන් දන්නෙ නැහැ සකි
අතගා බලා ජීවිතය
වටහා ගන්න නොහැකිව
යන්න යන තව මොහොතින්
“ඉතිං යන්නමි” කියා නුඹ
සෙමෙන් සමුගනු ඇති.....
ඒ උණත් සකියාන,
අතගා ලබැඳි හදවත්
වටහාගත් බැවින
අතවනා නුඹෙන් සමුගත නොහැකි
හදවතින් නුඹට සමුදෙනු නොහැකි.......... .
-මාලතී කල්පනා ඇම්බ්‍රෝස්-
මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
ආයුබෝවන් අඳ සකි........ !
මෙපුරවර එනකොට
දෙදණ බිම ඇණ නුඹ
පසඟ සදමින වැඳ
“ගිහින් එන්නමි” කියා
අමිමා අතැර එන්නැති
කප් කෙළක් ව්‍යාධි ඉතිරෙන
අනත් දුක් සංතාප වැගිරෙන
ජීවිත ගිරි දුර්ග පාමුළ
දුකම රස කොට වළඳන
ඉරෙන ජීවිත ගෙත්තම
හනි හනික එළලන
සුවහසක් ගන්දබිබ සුහදාන
“අනේ” යයි කිය කිය
පාර නොපෙනෙන නුඹට
මග කියා දෙන්නැති
කදෝ පැණි එළි පොදක් නැති මුත්
මල් සුවඳ මිස ගොකටු විස නැති
නුඹෙ අඳුරු ලෝකය
උදුල සඳවත පරදවන බව
ඒ උනත් උන් දන්නෙ නැහැ සකි
අතගා බලා ජීවිතය
වටහා ගන්න නොහැකිව
යන්න යන තව මොහොතින්
“ඉතිං යන්නමි” කියා නුඹ
සෙමෙන් සමුගනු ඇති.....
ඒ උණත් සකියාන,
අතගා ලබැඳි හදවත්
වටහාගත් බැවින
අතවනා නුඹෙන් සමුගත නොහැකි
හදවතින් නුඹට සමුදෙනු නොහැකි.......... .
-මාලතී කල්පනා ඇම්බ්‍රෝස්-




