සිහිනයක කටහඩ
ඇහි පිල්ලමක් යට
සිහිනයකි.
කාටවත් නො පෙනෙන
සිහිනයෙන්වත් නො දකින.
කල් ඉකුත්වුණු මලකට
මුද්‍රා තබන්නේ කුමටද
කෙඳිරියක්වත් නො නඟාම ගිලිහී
පාවී බිමට බැස එන.
පෙති දෙ පෙති නංවන
අලූත් පැතුමක් පොපියයි
තුර - පත් සළා සරු කළ
නිහඩ සීතල දෙරණත.
විරු සමරු උලෙළකි
හෙට මෙතැන
හැඟුම්බරවන
තුරු පතින් පත පවා
අත්පොලසන් නැගෙන
හැඩුම්බරවන
සුළං දහරින් පවා
ඔල්වරසන් නැගෙන
ඇහි පිල්ලමක් යට
කඳුළකි.
සිහිනයක සිනහවෙන් ඉපදුණ.
කොපුල් නිම්නයට පිවිසුණ.
මංජුල වෙඩිවර්ධන
මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
ඇහි පිල්ලමක් යට
සිහිනයකි.
කාටවත් නො පෙනෙන
සිහිනයෙන්වත් නො දකින.
කල් ඉකුත්වුණු මලකට
මුද්‍රා තබන්නේ කුමටද
කෙඳිරියක්වත් නො නඟාම ගිලිහී
පාවී බිමට බැස එන.
පෙති දෙ පෙති නංවන
අලූත් පැතුමක් පොපියයි
තුර - පත් සළා සරු කළ
නිහඩ සීතල දෙරණත.
විරු සමරු උලෙළකි
හෙට මෙතැන
හැඟුම්බරවන
තුරු පතින් පත පවා
අත්පොලසන් නැගෙන
හැඩුම්බරවන
සුළං දහරින් පවා
ඔල්වරසන් නැගෙන
ඇහි පිල්ලමක් යට
කඳුළකි.
සිහිනයක සිනහවෙන් ඉපදුණ.
කොපුල් නිම්නයට පිවිසුණ.
මංජුල වෙඩිවර්ධන



