"පිරික්සුම් පහන්"
නිමිත්ත- වන්නියේ යුද මෙහෙයුම කොළඹදී සජීවීව රඟ දැක්වෙන හමුදාවේ පිරික්සුම් පහන් සංදර්ශනය මේ දිනවල ඛෙත්තාරාමයේදී පැවැත්වේ.
පුදුමාතලන් කලපු දිය
ලේ රතට හැරවුණු
"පින්බර" උදැහැනක් එය..
යළි යළිත් සිහි කරනු ඇවැසිද
නම් ගම් නොදත් වෙඩි උණ්ඩ
හතර අත වැහි වහින විට
ජීවිතය ඉල්ලා
අම්මා කෑ ගැසූ රඟ..
"නිජබිම" මත තෙරපාගෙන මුහුණ
දිගා වී සිටි මොහොතක
හුස්මකින් හුස්මට
කල් මරන කල ජීවිතය..
යළි යළිත් සිහි කරනු අවැසිද
පියෑඹූ හැටි ගිනි කුරුල්ලන්
තුඩු අගින් ගෙන මරණය..
ගිනි වැදුනු රණබිම මැද
යකුන් රජවුණු මොහොතක..
විරු හිස් සමග රුපුහිස්
එක ලෙස විසුළ පොළොවක..
තරණය නොකර මරණය
ඇද වටුණු හැටි මතකද
වාරු නැති ගත හාමත්ව?
යළි යළිත් සිහි කරනු අවැසිද
මළ මිනී ඇට කටු වලින් සැදි
නපුරු සිහිනයේ පුළුටු ගඳ..
සඳ තරු මරා වෙඩි සැර
නැගුණුයෙන් එදා රෑ අහසට
රත් යවට රතු ඇස් ලඟ
සහසක් තුරුණු මල් මියැදිණ..
යළි යළිත් සිහි කරනු අවැසිද
මිනී මල් පමණක්ම සුපිපෙන
අනාගතයේ අමු සොහොන් බිම..
රසික ජයකොඩි
211009
මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
නිමිත්ත- වන්නියේ යුද මෙහෙයුම කොළඹදී සජීවීව රඟ දැක්වෙන හමුදාවේ පිරික්සුම් පහන් සංදර්ශනය මේ දිනවල ඛෙත්තාරාමයේදී පැවැත්වේ.
පුදුමාතලන් කලපු දිය
ලේ රතට හැරවුණු
"පින්බර" උදැහැනක් එය..
යළි යළිත් සිහි කරනු ඇවැසිද
නම් ගම් නොදත් වෙඩි උණ්ඩ
හතර අත වැහි වහින විට
ජීවිතය ඉල්ලා
අම්මා කෑ ගැසූ රඟ..
"නිජබිම" මත තෙරපාගෙන මුහුණ
දිගා වී සිටි මොහොතක
හුස්මකින් හුස්මට
කල් මරන කල ජීවිතය..
යළි යළිත් සිහි කරනු අවැසිද
පියෑඹූ හැටි ගිනි කුරුල්ලන්
තුඩු අගින් ගෙන මරණය..
ගිනි වැදුනු රණබිම මැද
යකුන් රජවුණු මොහොතක..
විරු හිස් සමග රුපුහිස්
එක ලෙස විසුළ පොළොවක..
තරණය නොකර මරණය
ඇද වටුණු හැටි මතකද
වාරු නැති ගත හාමත්ව?
යළි යළිත් සිහි කරනු අවැසිද
මළ මිනී ඇට කටු වලින් සැදි
නපුරු සිහිනයේ පුළුටු ගඳ..
සඳ තරු මරා වෙඩි සැර
නැගුණුයෙන් එදා රෑ අහසට
රත් යවට රතු ඇස් ලඟ
සහසක් තුරුණු මල් මියැදිණ..
යළි යළිත් සිහි කරනු අවැසිද
මිනී මල් පමණක්ම සුපිපෙන
අනාගතයේ අමු සොහොන් බිම..
රසික ජයකොඩි
211009




