“දෙකම බලනව ද?”
“නෑ අබා විතරයි... අනික ළමයි එක්ක බලන්න බෑනෙ...!”
“හොඳ කෑලි තියෙනවනෙ. මං තුන් සැරේකට බැළුව.”
“සම්මාන හම්බවුන එකක් නේද...?”
“මෙහෙ අය ඔය වගෙ කෑලි තියෙන ඒවටනෙ සම්මාන දෙන්නෙ. ඔය ෆෙන්ච් චැනල් වල එහෙම යන එව්ව...”
“ඒකද තුන් පාරක් බැළුවෙ...?”
“පොඩි අයට හොඳ නෑ, අපට බලන්ඩ කෑලි තියෙනවනෙ..!”
ගිය සෙනසුරාදා ෙටාරොන්ටෝ වල අබා බලන්න පෝලිමේ ඉඳිද්දී දහදෙනෙකුටත් අඩුවෙන් නැරඹූ “සුළං කිරිල්ලී” ගැන කණට වැටුණු කතා බහක්...
කලාපේ, පෙට්ටි කාමර වල හීන සළු වියන අපේ කෙල්ලන්ගේ ජීවිතවල හෙළුව ඇස් ඉස්සරහ එල්ලා පෙන්නුවත් මේ පලඟැටියාට පෙනුනේ දමිතා අබේරත්නගේ ඇඟපතේ ගින්දර මිස පැයක් දෙකක් තිස්සේ කියන්න දඟලන ජීවන ව්යසනයවත් ඒ පිටු පස්සෙන් ඇවිලෙන ගින්දරවත් නොවෙයි.
ඕනෑ එකා බලන්නේ ඕනෑ එකයි.
අනුන්ගේ ගින්දර වලින් මෝල් ගස් රත් කරගන්නවා මිස වෙන මොන උලව්වක් වත් කරන්නට උන්ට උවමනාවක් නැත.
-රන්සිරිමල් ප්රනාන්දු
200910
මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook




