ඒ සොඳුරු ශක්තිය
සොහොයුරනි දුටුවාද අම්මව
කල්වාරි මුදුන මත - අප්පව
කුරුසියේ ඇණ ගැසූ අත්වල
උරුමයයි ඒ සොඳුරු ඇස්වල
අලූත් ගිවිසුම ලියූ දරුවා
පන්හිඳත් කගපතක් කෙරුවා
එ වන් හිත නො මරා ම මැරුවා
තුළාවට මුවා වූ මරුවා
නළල තිලකය තැබූ මරියා
නො සෙල්වී බිම බලන් සිටියා
කුස දරා සිටි මලෙක සිරියා
සිපිරි ගෙයි බැමි බිඳන් ගැලූවා
අප්පාගෙ කටහෙඬහි සෙනෙහස
කකියවයි ඇඟ නහර විනිවිද
ඉසිඹුලන තුරාවට කැඹුරුව
රජය දුන් ප්‍රතිචාර එ බඳු ය
සොහොයුරනි මව්පියන් දුටුවාද
කඳුළ වෙනුවට නගන මඳහාස
එ වන් වූ ප්‍රේමයක හට දාව
උපන්නට පතමි මම අද රෑ ම
මංජුල වෙඩිවර්ධන
-මර්ධනයට එරෙහි ජනතා ව්‍යාපාරය සංවිධානය කළ තිස්සනායගම් උපහාර උළෙලේදී ශක්තිමත් ව නැගී සිටිනු දුටු ඔහුගේ දෙමව්පියන් වෙනුවෙනි-
සොහොයුරනි දුටුවාද අම්මව
කල්වාරි මුදුන මත - අප්පව
කුරුසියේ ඇණ ගැසූ අත්වල
උරුමයයි ඒ සොඳුරු ඇස්වල
අලූත් ගිවිසුම ලියූ දරුවා
පන්හිඳත් කගපතක් කෙරුවා
එ වන් හිත නො මරා ම මැරුවා
තුළාවට මුවා වූ මරුවා
නළල තිලකය තැබූ මරියා
නො සෙල්වී බිම බලන් සිටියා
කුස දරා සිටි මලෙක සිරියා
සිපිරි ගෙයි බැමි බිඳන් ගැලූවා
අප්පාගෙ කටහෙඬහි සෙනෙහස
කකියවයි ඇඟ නහර විනිවිද
ඉසිඹුලන තුරාවට කැඹුරුව
රජය දුන් ප්‍රතිචාර එ බඳු ය
සොහොයුරනි මව්පියන් දුටුවාද
කඳුළ වෙනුවට නගන මඳහාස
එ වන් වූ ප්‍රේමයක හට දාව
උපන්නට පතමි මම අද රෑ ම
මංජුල වෙඩිවර්ධන
-මර්ධනයට එරෙහි ජනතා ව්‍යාපාරය සංවිධානය කළ තිස්සනායගම් උපහාර උළෙලේදී ශක්තිමත් ව නැගී සිටිනු දුටු ඔහුගේ දෙමව්පියන් වෙනුවෙනි-
මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook




