බූන්දි ගැන මොකද හිතෙන්නේ?
හුඟක් රහයි
සෑහෙන්න රහයි
ටිකක් රහයි
අපෝ තිත්තයි
මොක වුනහම මට මොකෝ?
ugg boots

රන්සුණු

We can, for example, be fairly confident that either there will be a world without war or there won't be a world - at least, a world inhabited by creatures other than bacteria and beetles, with some scattering of others. -Noam Chomsky

සෙට් වෙනු පිණිස

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම. | හලෝ හලෝ- 0777 260817

ඇසි දිසි බූන්දිය

Followers

L e x i c o n

Copyright Policy.

බූන්දියට කොපිරයිට්ස් නැත. කරුණාකර, මේ අකුරු සුදුසු බිම් වල පැල කරන්න.


පෙම්බරාණන

තලා පෙළා හිත මහ මග දැමුවාදෝ
වසා දමා ඇට කටු පොඩි කෙරුවාදෝ
හිස් ලූ අතේ දුව යන්නට හැදුවාදෝ
ඇස් නැති පවට ළය පැළිලා මියැදීදෝ

පාරම් බාන ජගතෙකු ජය දද බන්ඳා
නෙත් අග කඳුළු වියැකුණි දුක නැති හන්දා
ලෙන්ගතු සිතක් විණි නම් මිනිසකු සන්දා
පාටට බස ට ඇයි රළු පරළුව නින්දා

සැක නැත වන රොදත් ඇඬුවට නුඹ සිහි වී
කව් කර කීව සෙනෙහස දල්ලක එල්ලී
නටු අග රැඳුණු කටු තුඩු අගට ම හැංගී
සඳවත යළිත් ගනඳුර ගැඹුරෙම ගිල් වී

කුස පිට එකට එකමිටට ම වේළිච්චී
අත්තළ වගේ පා තළ වුව කරවෙච්චී
තළ එළු සමට හිරු සැඩ වී හැඩිවෙච්චී
දෙවේළකට දියබතවත් නැති වෙච්චී

තණ පතගකට පිනි තැවරුණු මුළුල්ලේ
සැණෙනි දැවී රශ්මිය ගිනි දැවිල්ලේ
පණ පිරැවුමට සිත මළ පෑ සෙවිල්ලේ
මගෙ හිමි කොහි ද මළවුන්ගේ තුරුල්ලේ??

-තුෂාරි ප්‍රියංගිකා-
07.11.20092012

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook

0 comments

කට දිග ඇරලා කියන්ඩ!


ShoutMix chat widget

පරණ (නොවන) බූන්දි

මිතුරු අඩවි

News : W3Lanka