පෙම්බරාණන
තලා පෙළා හිත මහ මග දැමුවාදෝ
වසා දමා ඇට කටු පොඩි කෙරුවාදෝ
හිස් ලූ අතේ දුව යන්නට හැදුවාදෝ
ඇස් නැති පවට ළය පැළිලා මියැදීදෝ
පාරම් බාන ජගතෙකු ජය දද බන්ඳා
නෙත් අග කඳුළු වියැකුණි දුක නැති හන්දා
ලෙන්ගතු සිතක් විණි නම් මිනිසකු සන්දා
පාටට බස ට ඇයි රළු පරළුව නින්දා
සැක නැත වන රොදත් ඇඬුවට නුඹ සිහි වී
කව් කර කීව සෙනෙහස දල්ලක එල්ලී
නටු අග රැඳුණු කටු තුඩු අගට ම හැංගී
සඳවත යළිත් ගනඳුර ගැඹුරෙම ගිල් වී
කුස පිට එකට එකමිටට ම වේළිච්චී
අත්තළ වගේ පා තළ වුව කරවෙච්චී
තළ එළු සමට හිරු සැඩ වී හැඩිවෙච්චී
දෙවේළකට දියබතවත් නැති වෙච්චී
තණ පතගකට පිනි තැවරුණු මුළුල්ලේ
සැණෙනි දැවී රශ්මිය ගිනි දැවිල්ලේ
පණ පිරැවුමට සිත මළ පෑ සෙවිල්ලේ
මගෙ හිමි කොහි ද මළවුන්ගේ තුරුල්ලේ??
-තුෂාරි ප්‍රියංගිකා-
07.11.20092012
මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
තලා පෙළා හිත මහ මග දැමුවාදෝ
වසා දමා ඇට කටු පොඩි කෙරුවාදෝ
හිස් ලූ අතේ දුව යන්නට හැදුවාදෝ
ඇස් නැති පවට ළය පැළිලා මියැදීදෝ
පාරම් බාන ජගතෙකු ජය දද බන්ඳා
නෙත් අග කඳුළු වියැකුණි දුක නැති හන්දා
ලෙන්ගතු සිතක් විණි නම් මිනිසකු සන්දා
පාටට බස ට ඇයි රළු පරළුව නින්දා
සැක නැත වන රොදත් ඇඬුවට නුඹ සිහි වී
කව් කර කීව සෙනෙහස දල්ලක එල්ලී
නටු අග රැඳුණු කටු තුඩු අගට ම හැංගී
සඳවත යළිත් ගනඳුර ගැඹුරෙම ගිල් වී
කුස පිට එකට එකමිටට ම වේළිච්චී
අත්තළ වගේ පා තළ වුව කරවෙච්චී
තළ එළු සමට හිරු සැඩ වී හැඩිවෙච්චී
දෙවේළකට දියබතවත් නැති වෙච්චී
තණ පතගකට පිනි තැවරුණු මුළුල්ලේ
සැණෙනි දැවී රශ්මිය ගිනි දැවිල්ලේ
පණ පිරැවුමට සිත මළ පෑ සෙවිල්ලේ
මගෙ හිමි කොහි ද මළවුන්ගේ තුරුල්ලේ??
-තුෂාරි ප්‍රියංගිකා-
07.11.20092012


0 comments