හිම කිරිල්ලී
හිම පාට
කිරිල්ලිය...
මහ රෑක
නිදි බින්ද..
රකුසෙකුගෙ
රතු පාට
ඇස් දෙකක...
කුලුඳුලේ
බිම වැටෙන
හිමකැටය...
රැඳේවිද
කළු පියාපතක්
මත..?
කඩුපුලක්
පිපේවිද
මැදියමක..?
හිනාවෙන්නට
නොදත්
ගල්කුළක..
සාවියක්
කොයි ලෙසක
සැතපෙයිද...
වළ ගොඩැලි
පිරුණ කල
සඳවතක
සිනා සී
ගලා යන කල
ගඟට...
ඇහුණාද
පෙණ පොදක
ඉකිබිඳුම..?
හිම පාට
කිරිල්ලිය...
මහ රෑක
සැඟව ගිය..
රකුසෙකුගෙ
රතු ඇසක
බැල්මකට..
හිම පාට
කිරිල්ලිය...
මහ රෑක
නිදි බින්ද..
රකුසෙකුගෙ
රතු පාට
ඇස් දෙකක...
කුලුඳුලේ
බිම වැටෙන
හිමකැටය...
රැඳේවිද
කළු පියාපතක්
මත..?
කඩුපුලක්
පිපේවිද
මැදියමක..?
හිනාවෙන්නට
නොදත්
ගල්කුළක..
සාවියක්
කොයි ලෙසක
සැතපෙයිද...
වළ ගොඩැලි
පිරුණ කල
සඳවතක
සිනා සී
ගලා යන කල
ගඟට...
ඇහුණාද
පෙණ පොදක
ඉකිබිඳුම..?
හිම පාට
කිරිල්ලිය...
මහ රෑක
සැඟව ගිය..
රකුසෙකුගෙ
රතු ඇසක
බැල්මකට..
රසික ජයකොඩි
181209
මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
181209




