ලංකා ලංකා පෙම්බර ලංකා නොහඬනු ඔබ ලංකා
ඔබ දිනවන පෙරහැර මග එනවා සැනසීයන් ලංකා//
තක්කඩි කට්ටඩි පක්කලි සක්කිලි ඔබට කෙළිති ලංකා
කෙළින ගමන් කොල බොක්ක අතට ගෙන ඔබට පුදති ලංකා
දෙකට නැමී ඔබ ලය සිප ගනිමින් හඬන එවුන් ලංකා
ඔබ වෙනුවෙන් මිය යමි කිය කිය ලොකු ගෙවල් හදති ලංකා
ලංකා ලංකා පෙම්බර ලංකා නොහඬනු ඔබ ලංකා
ඔබ සුරකින පෙරහැර මග එනවා නැලවීයන් ලංකා//
වලිතරු සිහතරු විරුතරු පල්හොරු සැප ගන්නා ලංකා
ගෙදර ගියත් බඩු මග හිටියත් බඩු බනිස් අපට ලංකා
තරෙඟට බොරු කිය කිය හුරතල් වෙන පඬුවන් ලද ලංකා
සංඛ්‍යා ලේඛන සංදර්ශන යට ගිලී මියෙමු ලංකා
ලංකා ලංකා පෙම්බර ලංකා නොහඬනු ඔබ ලංකා
ඔබට බඩු තමයි! පෙරහැර එනවා හැංගීයන් ලංකා//
REMIXED BY-
ඩෝං පුතා




