Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers

ගල් ගැහුණු හිත - තුෂාරි ප්‍රියංගිකා

Posted by Thushari Priyangika - තුෂාරි ප්‍රියංගිකා 1.30.2009
|

ඇයට නිවන් සුව! - තුෂාරි ප්‍රියංගිකා

Posted by Thushari Priyangika - තුෂාරි ප්‍රියංගිකා

දරුවන් උපද්දා
ලෝකය බිහි කර
මව්වරු, පියවරු
යන්නට යාවී
දරුවන් තනි කර..

තුෂාරි ප්‍රියංගිකා

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|

මානුෂික මෙහෙයුම - ර. චන්ද්‍රසූරිය

Posted by Thushari Priyangika - තුෂාරි ප්‍රියංගිකා

මානුෂික මෙහෙයුම ගැන ලියවුනු අමානුෂික ගීතය

පොල් ගස තාල වර්ගයේ
තල් ගස තාල වර්ගයේ
පොල් ගස් යට
තල් ගස් යට
බෝල ගැසූ කොළු රංචුව අද කොහේද?
උන් සුවර්ගයේ

තිසා වැවේ නුවර වැවේ නිල් දිය දහරේ
මාවිලාරු, ඉරණාමඩු නිල් දිය දහරේ
ඒ වතුරේ පීන පීන
මේ වතුරේ පීන පීන
දියඹුං ගැසු කොළු රංචුව අද කොහේද?
භූමදානයේ

හම්බන්තොට ලේවායේ ලූනු ලූනු රසවේ
කිලිනොච්චියෙ හේනක දෙහි ඇඹුල් ඇඹුල් වේ
ඒ ලූනු රස පදමට ගෙන
ඇඹුල් රසට මුසු කරගෙන
මුළු රට කිරිබත් කන දිනයක් ඒවිද?
සැකයි යාළුවේ

ර. චන්ද්‍රසූරිය

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|

සියළු මාධ්‍ය වෙත.

ප්‍රවෘත්ති කර්තෘ, ප්‍රවෘත්ති අධ්‍යක‍ෂ,

චමිල් ජයනෙත්තිට එරෙහිව පොලීසිය නඩු පවරයි.
නඩු විභාගය 02.02.2009 දින කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේදී.

ප්‍රවීණ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනයට විරුද්ධව මාධ්‍ය සංවිධාන පහක් විසින් 2009 ජනවාරි 09 දින මධ්‍යාහ්නයේදී ලේක්හවුස් වටරවුම ඉදිරිපිට පැවැත් වූ පිකටින් උද්ඝෝණයට එම සංවිධාන පහට අමතරව එම සංවිධානවල ආරාධනය අනුව විවිධ වෘත්තීය සමිති, බහුජන සංවිධාන හා දේශපාලන පක‍ෂවල දහස් ගණනක පිරිසක් සහභාගී වූහ. එයට සහභාගී වූ වාමාංශික පෙරමුණේ සංවිධායක ලේකම් චමිල් ජයනෙත්ති සහෝදරයාට එරෙහිව කොම්පඤ්ඤ වීදිය පොලීසිය විසින් රාජකාරියට බාධා කිරීම හා ජාතික ආරක‍ෂාවට අවහිර කිරීම යන මූලික චෝදනා යටතේ නඩු පවරා ඇත.

මෙහි පළමු නඩු විභාගය පිහිටි කොටුව මහේස්ත්‍රාත්ත් අධිකරණයේදී (කොම්පඤ්ඤ වීදියේ) 2009 පෙබරවාරි 02 දින පැවැත්වීමට නියමිතය.

මේ සම්බන්ධයෙන් මේ වනතෙක් චමිල් ජයනෙත්ති සහෝදරයාගෙන් කටඋත්තරයක් පවා ලබා ගෙන නොමැති අතර මෙසේ නඩුවක් ගොනු කර ඇති බව ඔහු දැනගනු ලැබුයේද උසාවිය ඉදිරියේ පෙනී සිටින ලෙස දන්වා එවන ලද සිතාසියට අනුවය. මෙය පැහැදිලිවම සාමකාමී ලෙස විරෝධය පෑමට ජනතාවට ඇති අයිතිය උදුරා ගැනීමට දරණ ප්‍රයත්නයක් බව වාමාංශික පෙරමුණේ අපි ප්‍රකාශ කර සිටිමු.

ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය කර මාසයකට ආසන්න කාලයක් ගතවී ඇතත් තවම මිනීමරුවන් ගැන කිසිදු හෝඩුවාවක්වත් සොයා ගැනීමට නොහැකිව පසුවන පොලීසිය, එම ඝාතනයට විරෝධය පෑ පිරිස් මර්ධනයට නම් ඉතා ඉක්මණින්ම ක්‍රියාත්මක වන බව පැහැදිලිවම පෙනෙන්නට තිබේ.

එක් අතකින් මැර බලය හා රාජ්‍ය බලය උපයෝගී කරගනිමින් අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය පැහැර ගන්නා පාලකයෝ ඒවාට විරුද්ධව කථා කරන හා උද්ඝෝෂණය කරන දේශපාලන නායකයින් ඇතුළු පිරිස් දඩයම් කිරීම සඳහා බොරු නඩු පැවැරිමට කටයුතු කරමින් සිටී.

2005 ජනාධිපතිවරණයේදී අප පක‍ෂයේ ජනාධිපති අපේක‍ෂකයා වූ චමිල් ජයනෙත්තිට විරුද්ධව පවරා ඇති මෙම නඩුව ඉල්ලා අස්කරගන්නා ලෙස රජයට බල කිරීමටත්, තොරුතුරු දැනගැනීමට ජනතාවට ඇති අයිතිය වළලා දමමින් මාධ්‍යවේදීන් ඝාතනයටත්, මර්ධනයටත් ලක් කරන්නවුන් නීතිය හමුවට ගෙන ඒමට වහාම පියවර ගන්නා ලෙස බල කිරීමටත්, එම මර්ධනයන්ට විරෝධය දැක්වීමට ඇති අයිතිය තහවුරු කරගැනීමටත්
ඒකරාශි වන මෙන් සියළු ප්‍රජාතන්ත්‍රවාදී බලවේගන්ගෙන් අපි ඉල්ලා සිටිමු.

ලීනස් ජයතිලක.
ප්‍රධාන ලේකම්.
වාමාංශික පෙරමුණ
29.01.2009

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|

-සිසිරයේ පිපුන මල-

Posted by Thushari Priyangika - තුෂාරි ප්‍රියංගිකා

පිටුවහල් දේශය
ජගත් ජේ එදිරිසිංහ

මුදල් තාපයට මැළවුන
මිනිස්කම් තණ පඳුරු සේ
යන්තමින් පන ගැට ගසා
ගනු නොහී වැලපෙනු ඇසේ

මා අතය මෙහි බලය
කියා පාමින් උඩඟුව
සැඩ නොදැමුනු බවම පතුරා
මුදල් සැඩ හිරු අහස ජය ගෙන

ඇස පිනන මන බඳන
සුර ලොවකි දස අතෙහිම
පිය ඔසවන්න නොහැකිය
මං මුලා වැල් අඩු නැත

ගල් බොරළු පා රිදවන
හෙළයි මා පියවි ලොව වෙත
මුතු අතුල මං මාවත්
කොහි වෙද මේ සිහින කොදෙව්වේ?

-සිසිරයේ පිපුන මල-

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|

හැවිල්ල - රැ තෙන්නකෝන්

Posted by Thushari Priyangika - තුෂාරි ප්‍රියංගිකා

හැවිල්ල - රැ තෙන්නකෝන්

දුද නො ද බි ඳ
ලද තෙද ක ඳ
කඳ දෙවු ර ද
සාමිනේ
මගෙ කුකුලා නැසූ එ කා
දදය ඔබගෙ පාළු ය කා
තව එක බුද දිනක් ත කා
ඉන්නට ඉඩ නොදී ම කා
බලා එ ල්ල
හෙළුව හෙ ල්ල
මුලැ බැ බෙ ල්ල
මරු තැනේ
කතරගමට රුහුණු රටේ
හිඟා කකා ලබන විටේ
පයින්මැ ගොස් ඇවිදැ වටේ
පොළොවෙ උලා නළල් ඇටේ
දිගට ඇදී
නැඟැ පැහැදී
මහ හඩ දී
දෙවියනේ
රනින් කුකුළු රුවක් පුදමි
රිදියෙන් බිජුවටක් පුදමි
රන් දුනු හී දෙකක් පුදමි
රුවට රිදී රුවක් පුදමි
කතර ගමේ
බල මහිමේ
දුටුද එ මේ
හැමතැනේ
කියමින් නම’කුරු ඔබගේ
බොළඳුන්ගෙද කිරි තුඩගේ
රඟදෙන්නට වඩමි අගේ
එක’තින් හිමි සඳිනි මගේ
දුදනොිද බිඳ
ලද තෙද කඳ
කඳ දෙව් රද
සාමිනේ
මට කළ මෙ විපත අනේ
බලා ගන්නැ දෙවිය නේ
වැජැඹෙන නා මෙ විමනේ
බලන්නැ! නා සාමි නේ

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|

අමා විල දුටු - ඊ ඒ ඩෝසන් පී‍්‍රති

Posted by Thushari Priyangika - තුෂාරි ප්‍රියංගිකා

අමා විල දුටු
පිපාසිතයා


ඈ මගේ
පෙමයි අඳුරයි
අඳුරෙ ලියැවුනු එකම කවියයි

තුත්තිරි ගාලේ සාක්කි අත්සන්
දෙබුක්කාව ළඟ ගල් වැඩිහිටියන්
මංගල පෝරුව ලූණු මිදෙල්ල ගහ
නෑදෑ පිරිවර සැඳෑ වවුල් කැල

අතිනත
ගෙන ඉර මළ ගං යන සඳ
ඇවිද ඇවිද යමු තණ පලස මත
අඳුරු මංගල රිය
කැඳවන තුරු මධු සමයට
සඳ රියැදුර නුඹ
කිම ද පමා අද

මොනව හරි බොමු ද
නැහැ එපා අපි කතා කරමු
තියෙනව කියන්න ගොඩක් දේවල්
අතන වාඩි වෙමු
අනේ එතන පේනවා අතන කොහොම ද
හතට බස් එක
පරක්කු නොවෙමු ද

ඈ මගේ
පෙමයි අඳුරයි
නගරය මැද දුටු
අමා විලයි

ඊ ඒ ඩෝසන් පී‍්‍රති 2008

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|

ඔබට...

Posted by Sanjeewika Manohaari

ඔබට... ^රොකේ ඩෝල්ටන් 1935- 1975&

මම පෙම් බදිමි
පේ‍්‍රමයට ජීවිතයට
හාත්පස දහසකුත් දෑ පිස එන
සුගන්ධයට
දුරුත්තට පමණක්ම හිමිවුණ
නිල්ලලෙන් රටා මැවුණු
අහසට.

මා රුධිරය දැවෙයි
සිනහසෙන දෑස් පුරාකඳුළු දලූලන බව
දනිමි
මහ පොළව ලංකෘතය.
මම එය හඬගා කියමි.

කවිය ද එබඳුමය
විටෙක එය අහරක් වැනිය
සැම දෙන පිණිසවන

කිසිදා හැරනොයන අපේක්‍ෂාව
නාරටියක් සේ මා තුළ වැඩෙයි
නිසැකවම
සහෝදරත්වයේ රුධිරය
ජීවිතය සඳහාවන අරගලය
පේ‍්‍රමය
මහ පොළවේ ලංකෘතබව
ජිවිතයේ සිඟිතිම දෙය රැගෙන
ඔබ සැමගේම කවියවෙමි.


රොකේ ඩෝල්ටන් (1935- 1975& එල් සැල්වදෝරයේ වාමාංශික කවියෙකි. පුවත්පත් කලාෙවිදියෙකි. ගරිල්ලා සටන්කරුවෙකි. ජීවිතය මරණය සහ පේ‍්‍රමය ඔහුගේ කාව්‍ය සඳහා තේමා විය. දිගින් දිගටම අත් අඩංගුවටපත්වු රොකේ අනතුරුව එල් සැල්වදෝරයේ විමුක්ති අරගලයට උද්ේ‍යා්ගීමත් ලෙස එක්විය. පසුව මේ සටන්කරුවා සී අයි ඒ කුමන්ත‍්‍රණයක් තුළින් ඝාතනයට ලක්විය. වර්තමානයේ ඔහුගේ ගීත නිර්මාණ ලතින් ඇමරිකානු කළාපය පුරාම ජීවිතය පේ‍්‍රමය සහ අරගලය පිළිබඳ අපේක්‍ෂාවන් දල්වාලයි.

පරිවර්තනය තරින්ද ඇල්විටිගල

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|

නූතන සිංහල කවියේ් හැඩ රුව විමසන්නෙකුට මග හැර යා නොහැකි කවියෙකි මංජුල වෙඩිවර්ධන. මේ මංජුලගේ් පිළිහුඩුවී කාව්‍ය සංග්‍රහයෙන් උපුටා ගත් නිර්මාණ දෙකක්.

කියවනු පිණිස....







මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|

මම සහ මම - තුෂාරි ප්‍රියංගිකා

Posted by Thushari Priyangika - තුෂාරි ප්‍රියංගිකා
|

මගේ් සිහිනය

මගේ් මිතුරන්ට බොහෝ බරැති හීන පෙනේ්. එA හීන වල තිබූ කාර්, ලොරි, ගෙවල් සහ ඉඩම් වල බරට උන්ගේ් ඇඳන් නිතර ජර-බර ගා හ~ නැගුවා. දහදියෙන් නැහැවී ගිය උන්ගේ් ඇහි දාර ද නළල් තල ද පෙනෙන හීනයේ් බරින් ඇකිලී ගොස් තිබූ හැටි මට මතකයට නැගේ්. කිසිදු හීනයක් නොපෙනීම ගැන මට තිබුණේ් මහා මදිකමක්, ලැජ්ජාවක් වගේ් හැඟීමක්. අනික අය ද එA ගැන මට නිතර අවවාද කලා. හීන නැති නිසා හොඳින් නින්ද ගිය නමුත් අනික් උන් පෙරදා රැයේ් දුටු හීන ගැන දොඩද්දී මම කොන් වුනා. මම ලතැවුල්ලේන් වගේ් බෝඩිමෙන් පිට වෙලා ඇවිද ගෙන ගියා. මගෙ අරමුණ වුනේ් කෙසේ් හෝ හීනයක් දැකීම.

එදා මහ පාරෙදි අහම්ඛෙන් වගේ් මට හීනයක් මුණ ගැසුනා. නිවි නිවී දැල්වෙන දෑසක් ද, අක් බමරු කෙහෙ-වරලක් ද තිබූ එA දිව්‍යමය හීනය මම බෝඩිමට අරන් ගියා. මගෙ ලොකර් එකේ් තිබුණු හිස් වීවා බෝතලේ්ක දාලා මම එA හීනය ඇති දැඩි කළා. එදා ඉඳන් හැම රෑකම අනික් එවුන්ට හොරෙන් මම එA හීනය එළියට අරන් එAකෙ නළල ඉඹලා නිදිය ගත්තෙ. දවසක් මම නිදි අතරෙ බෝතලේ් මූඩිය එයාම ඇරගෙන එයා මගෙ ඔලූවට රිංගුවා. මෙන්න යකඩෝ එදා ඉඳන් මටත් හීන පේ්නවා....æ මම සතුටින් උදම් වුනා. හැබැයි මගෙ හීනෙ අනික් එවුන්ගෙ එAවා වගේ් නෙමෙයි. සැහැල්ලූයි. පුදුම සැහැල්ලූයි. කොච්චර සැහැල්ලූ ද කියනවනම් මම එAක පෙනෙද්දී ඇෙඳන් අඟල් දෙක තුනක් උඩට ඇවිත් පාවෙන්න ගත්තා. මේක දිගින් දිගටම උණා.

මේක බලන් හිටපු මැරිච්ච නිව්ටන් මගෙ හීනෙට බලන් ඇතුල් වුනා.
උඹ හින්දා ගුරුත්වාකර්ෂණ නියමයට කෙළවෙනවා මිනිහෝ... කියලා එයා ලොකුම ලොකු කාර් එකකුයි ගෙයකුයි ඉඩමකුයි මගෙ හීනය උඩින් තිබ්බා. එA බරට ඇඳ කඩාගෙන මමයි හීනයයි බිම වැටුනා. මට ඇහැරුණා. මම දුවලා ගිහින් බෝතලේ් බැලූවා. එAක ඇතුළේ් හිස්. එA වෙනුවට රවුම් අත් අකුරු තිබ්බ ලියුමක් තිබුණා.

උඹ නිව්ටන් එක්ක මකබෑවියං... මම යනවා

කූඹියා

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|

සම්මානය මා හිත පාරයි

සම්මානය මා හිත පාරයි
හෘද සාක්‍ෂිය නැගී සිටියි
ලේ ගෑවුණු අත්වලින් නිසා එය
ගත හොත් මා ගෙල තොණ්ඩුවකි
නොගත්තොතින් ලොකු අනතුරකි
කල දුටු කළ වළ
ඉහින නිවට රැුළ
විකල්ප රැුඟුමක් අටවා ගෙන ඇත
අවධානය වෙනතක රැුඳවීමට
හිරිකිතකින් මට ඔක්කාරෙට එයි

සම්මානය නොගැනීම අසා
කලකට පසු මා හමු වුණු මිතුරා
‘‘පරිස්සමින් ඔබ‘‘ යැයි කොඳුරයි
යමක් එපා යැයි කියන්නට බැරි රට
මරණය හොඳ බව මම කියමි
කවුරුත් පාහේ
පිළිවෙත් නොතකන යුගයක
පිළිවෙත් රකින ‘‘මෝඩයෙක්‘‘
වෙලා නේද මම?

එනමුත් ඒකට කමක් නැහැ
නිදහස හා දිවි නැති වූවන් වෙත
හිස නමමින් මම
සම්මානය ඉවතට හෙළමි
දහසින් පියලි පිළිකෙව් කර
ජීවිතය ද පරදුවට ලමි

එච් ඒ සෙනෙවිරත්න
-පැතුම හා සුසුම කාව්‍ය සංග‍්‍රහය -1994*

1991 වසරේ හොඳම නවකතාව සඳහා 1992 දී රජය විසින් පිරිනමන ලද සම්මානය ප‍්‍රතික්‍ෂේප කිරීම නිසා ඇති වුණු මානසිකත්වය යළි මතක් කර ඉන් වසර දෙකකට පසු සිදුු වූ දේශපාලන වෙනස් වීම යටතේ ලියන ලද්දකි.

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|







අජිත් තිලකසේ්නගේ් මුල් සංයුක්ත කවි එකතුවෙන් (මල් වැනි ගල්) උපුටාගත් නිර්මාණ කීපයක් මේ.
ඔහු සිය නවතම සංයුක්ත කවි එකතුවද එළි දක්වා තිඛෙනවා. (මාරියාව)

සංයුක්ත කවි හෝ රූප කවි හෝ වෙනයම් හෝ නාමකරණයකින් හැඳින්වෙන මේවා කවියේ් සුවිශේ්ෂී ෂානරයක්. මේ කුඩා පෙළඹවීම එ් ගැන හොයන්නට සහ ඉගෙන ගන්නටයි.

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



One minute short film by Amila Galappatthi.

Starring Saman Gunasinghe
Screen Play, Camera and edit Amila G.
Sound Design Achala Solomons
Director Amila Galappatthi

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



Amila G. Says...
Inspired after the shock of Tsunami disaster. Written by me Directed by me and Achala Solomons. Camera Striner Adams, Art Director Kamal Ekanayake, Production Manager K.K. Saman, Editor Sampath and supported by many of my friends. Shooted around Sanjaya ayya's house, Priyanka's house, Rueban's friend's bus and Panadura Tsunami affected area. Special thank goes to Priyanka's DOG!

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|

බූන්දියෙන් අප දැනුම් දුන් නිරූපා රුද්‍ර්‍රිගුගේ් ඊවා ලුනා කී කතන්දර කෙටි කතා සංග්‍රහය ජනගත කිරීමේ උළෙල පැවැත්වුනා පසුගිය දිනෙක. මේ එම අවස්ථාවේදී කැමරාවට හසු කර ගත් දසුන්. බලන්න.

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|

සිහින සතක්

සිහින සතක් දුටුවෙමි මම
සත් දවසක් එක විලසට
එක සිහිනෙක ඔබ දුටුවා
සිඟන්නියක සේ්

ඔබ මගෙ පැල්පතට පැමිණ
ආයාචනයක් කරමින
ජීවත්වන්නට කිසිවක්
ඉල්ලා සිටියා

කිසිවක් දෙන්නට මට නැත
තිබුණේ් පිරිසිඳු හදවත
සිඟන්නියේ් එය ඔබ හට
දුන්නා මතකයි

එදා මගේ් හද අරගත්
ඔබ අද මට වැඩි පොහොසත්
එA හින්දා මටත් එලෙස
පිහිට වනු මැනේ්

ප්‍රේ්මකීර්ති / වික්ටර්

මේ ගීය එහි වචන සහ අරුත තුලින් කිසියම් ගුප්ත බවක් මවයි. සරල එහෙත් සොඳුරු මියැසි ගෙත්තම එA හැඟීම තීව්‍ර කරයි. ප්‍රේ්මකීර්ති සහ වික්ටර් සුසංයෝගය බිහි කළ මේ අපූරු ගේ්ය කාව්‍යය මතකයේ් වීදි දිග අප ගෙන යයි. එහි ගැබ් වුණු ආත්මීය ආයාචනය අපේ් සිතේ් අඳුරු අහු මුළු ස්පර්ශ කරමින් එහි ගැඹුරේ නිදන් ගත වෙයි.

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|

මා මළ පසු

මේ ලොව යම් කිසිවකු
මා හට පෙම් කල බව
එතකොට එA ගී රාවය
හීන් හඬින් මට කියාවි

මා මළ පසු සොහොන් කොතේ්
දුක් ගීයක් ලියනු මැනව

නන්නාඳුනනා ඔබගේ්
අත් අකුරෙන් ලියනු මැනව
දුක් ගීයක් ලියනු මැනව

අඩ සඳ බැස ගෙන සඳ
සීතල අඳුරු රැයක
රෑහි හ~න රැව් අතරින්
එතකොට ගී රාවය
යාන්තමින් මට ඇසේ්වි

නිසල හුදකලා රැයක් එන තුරු මගේ් කොම්පියුටරයේ් දෘඪ තැටියට වී බලා හිඳිනා ගීයක් වෙයි. සැඳෑ පහන් නිවා දමා අඳුර ගෙට ගෙන මම වින්-ඈම්පය මතැති එA ගීය හ~වමි. සිමෙන්ති පොළවේ සීතල සයනය මත දිග ඇදෙමි.
එA ගීයක් නොව සියුම් සරින් හද කම්පනය කොට ඇස කඳුළු නංවන මියුලැසියකි. ආදරයේ් පරමානන්දනීය වූ සොඳුරු බවින් මා සියොළඟ සලිත කරමින ගුප්ත වූ නොහිම් සිලිලාරයකින් සවන් පිරිමදින්නී, මේ ගීයයි. කතා කරන වයලීනය ළඟ වචන පැරද පලා යන අරුමයæ
අඳුරේ සහ නිසලබවේ සායමින් හුදකලාව සිත්තම් කරන්නා සේ් අමරදේ්වයන් ද සේ්කරයන් ද සුසංයෝගව නිමැවූ මේ ගීය හදෙහි මවනා හැඟ=ම් කෙලෙස පහදන්නද? ඔව්æ එය එතරම්ම නො එසේ්නම් ඊටත් වඩා අසිරිමත්ය. ආදරයේ් අපරිමිතබව මරණය හමුවේ ද නොසිෙඳන බව මේ ගීය යළි යළිත් පසක් කොට දෙයි. සොහොන් බිමක අපිස් බව රැඳි මේ ගීය නෙක ගුප්තාර්ථ දනවන්නී- ඇගේ් මුදු සප්ත ස්වරයෙන් අපේ් හද රිද්මය සමග එAකාත්මික වෙයි.

˜මේ සිංදුව යද්දි මට පිස්සු හැදෙනවා. වෙලාවකට බය හිතෙනවා. වෙලාවකට දුක හිතෙනවා. එA ගීය අහමින් සියුම් වූ භාවයන් සමගින්ම සිමෙන්ති පොළොව මත මිය යන්නට ඇත්නම්. එවිට සේ්කරට ළං විය හැකි මගක් මට පෙනේ්වි කියා හිතෙනවා.˜


මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|

අන්තිමට අහුවුන කෙනාගේ හැටි

හිංදි නො බලන
ප්‍රංශ කියවන කෙනෙක්
ශාරුක් වගේ නැත
ටොම් කෘස් වගේ නැත

වැඩි නරක නැත
හොඳ අඩුත් නැත
ගමේමත් නො වන
නගරයේමත් නො වන
තරහ යන්නෙත්
තරහ එන්නෙත්
නැති කෙනෙක්

මං තරම් දන්නෙ නැත
දන්න දේවත් කියන්නැත
කියන්නට දන්නෙවත් නැත

ඇත්තටම නම්
ටිකක් නරක් වූවා නම් හොඳ
ටිකක් හොඳ වැඩි කෙනෙක්

ගංගා නිම්නි

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|

දුප්පත් ගුරුවරයාගේ යථාර්ථවාදය

පෙදෙහි රසහව් විඳුනා
පුෂ්ටිමත් ගුරුවරු
ගිලදමත්වා මේ කව්
විළිකුන් විපුල් පල නම්

පල ග මුතුලැල් ලෙළදුන්
තරසර හිවි මහල්
පෙනී සිහිනෙන් පිබිදෙම්
දිරූ වහලේ් ඇඟිලි අතරින්
වැගිරෙනා වැහි වතුරෙන්

පණුවන් කෑ දත් කැකුළු
පාමින් සොටු සූරමින්
දරුවෝ කෙළිති ගෙබිමේ
දුප්පත් කමේ ලගිමින්
මිරි මිරියේ්ම මඩිමින්

කඩේ ණය පොත සරසන
නින්දෝපම ලංකබීත
විරිත බිඳ බිඳ නැගෙනා
කනට අමිහිරි රිද්මය

විචාරය නො ඉවසන
කන්තෝරු දොරකඩ
ව්‍යංජනා ගුණ නැති
රොස් පරොස් බස් එළිවැට

කිසි දා මට නොවැටහෙන
මේ බ්‍රහ්මාස්වාදය
විඳගනූ මැනවි රිසිනම්
දරුවනි තොපට පවරම්

රත්න ශ්‍රී විජේ්සිංහ
සල්ගහ යට කාව්‍ය සංග්‍රහයෙන්

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|

බා... බා... අබා


හබරාගේ රංගය හා බූමරංගය - සෞම්‍ය ලියනගේ්
බා.. බා.. අබා - සමන් වික්‍රමාරච්චි
වෘත්තය - අශෝක හඳගම

කියවන්න.

අබා සහ අපේ් වංශ කතාව - ජැක්සන් ඇන්තනී

කියවන්න.

ත්‍රිමාණ සඟරාව. 2008 නොවැ/දෙසැ. කලාපයෙන් උපුටා ගැණින.

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|
|

කලයිවානී

කලයිවානි,
තව එකම එක වරක් හමු වෙමු

කලයිවානී
තව
එකම එක වරක්
බැංගලෝරයේ
නාගර්භාවි හන්දියට එන්න
අපි එදා වාගෙම
ඇවිද යමු යන්න
එතැනින් පටන් අරගෙන
----

ජීවිතය
මේ තරම්
ඛේදජනක ද කියා
ඔබ වාගේම
මාත්
දැන සිටියේම නෑ
ඔබට මා
මට ඔබ
කවුද
අප
කුමට
දිවි මග හමු වුණ?
----

කලයිවානී
අපි එකම රට
ඔබ යාපනේ
නල්ලූර් වල
මම - කොළඹ
ඉපදුණේ - හැදුණේ
ගමක රට මැද

ඒත්
අප මුණ ගැසුණු නගරය
ඉන්දියාවේ
බැංගලෝරය
කොයි තරම්
යහපත් ද එ නුවර
නොහිම් ගොරතර
ගැහැට දුක් පොදි
බිම තියන්නට
අපට ඉඩ හළ
මටත්
ඔබටත්
ජීවිතය
ගැඹුරින්ම කවි කළ
----

කලයිවානී ඔබට මතකද
අප විසූ ඒ
සොඳුරු බිම් කඩ
නාගර්භාවි හන්දිය
පුංචි කඩ තුන හතර
යාබද වටරවුම
ඉන් එහා
ගන නිල්ල අත ගත්
ළදරු කඳු පෙළ
ගමක් වාගේම
සිතට සුව දෙන

ඔබ උන්නු ගෙයි
රූෆ් ටොප් එක
මා උන්නු ගෙයි
දෙවැනි තට්ටුව
නුදුරු දුරකින්
උන්නු හැටි අප
අත වනා ගෙන
කෑ ගසා ගෙන

හිතුණු හැම මොහොතකදිම දිවැZවිත්
පැය ගණන් එකතු වී ගත කළ
අපේ ජීවිත
ඔහේ පා වී
ගලා ගෙන ගිය
ඒ සැහැල්ලුව
කලයිවානී
ඔබට මතක ද
----

ඔබට සිංහල බෑ
ඊට වැඩියෙන්
මට දෙමළ බෑ
එකම රට අපි
වෙන රටක ඉඳ
අපේ රට ගැන
යුද්ධයත්
සාමයත් අතැතිව
වාද කළ හැටි
රණ්ඩු වුණු හැටි
සුද්දගේ බස
පෙරටු කරගෙන
ඒ වාද- අ~දබර කෙළවර
තාච්චිිය ලිප තියා හිනැහෙන
ඔබ පිසියි
රස - මුදු මෙළෙක් තෝසේ
තෙත පිරුණු සම්බෝල සාදා
පිඟානත් මගෙ අතට දෙයි

ජාතික ප්‍රශ්නය
ජනවාර්ගික අරගලය
එදා දවසට
ඉවර වෙයි

සති අන්ත වල
තවත් වෙනසක් -

ගියා මූඩල්පාලියට අපි
අලුත් පිට
එළුමස් ගේන්නට

බත් උයන්නෙත්
මස් උයන්නෙත්
අමුතු රස බොර කරි හදන්නෙත්
ඔබ
සුද්ද කළ ළුෑණු ගෙඩි දෙක තුන
හිරමනේ උලා ගෑ පොල් ටික
විතරමයි
මගෙ වැඩ
----

ඒ යුගය
පුදුමයක් දෝ
ඒ මිහිර
සිහිනයක් දෝ
බැංගලෝරයේ
සීතල සුළඟ වාගෙම
ඔබ ගියා වෙන් වී
මෙලොව අත හැර

කිසිදා කිසි ලෙසක
කිසිම බසකින්
හැඩහුරුව කියා ගනු බැරි
සදාකාලික හිස්කමක්
මට ඉතිරි කර
මේ ලොව

කලයිවානී
හිතා ගන්නට බෑ මට
දරා ගන්නට බෑ මට
ජීවිතය හා
අනන්තාපරිමිතව ගැටෙමින්
ජය ලැබූ ඔබ

මරණයට
අභියෝග කළ හැටි
ගොදුරු වූ සඳ
රුදුරු පිළිකා රෝ රකුසු හට
දකුණු පියයුර කපා හළ කල
නිබඳ
මරණය සමඟ යුද වැද
සිනා සී ඔබ
හුස්ම ගත් හැටි
බැංගලෝරයේ සිට
මදුරාසියට-
ඇපලෝ රෝහලට-
රෝහලෙන් යළි
බැංගලෝරයට
ඔබ කැටුව
දුම්රියෙන්
ඒ ගිය ගමන් හැමෙකක
කඳුළු මගෙ ළඟ

රෝහලේ කුටියක
මුළු දවසක් පුරා
විසල් බෝතල්
ලේ පාට ඛෙහෙත් කඳ
ඔබ සිරුර
විනිවිද
කීමෝ තෙරපි කළ
එ සියල් වද විඳිත
ඔබ මුව රැඳුණු මදහසæ

මේ මිනිස් ලොව
ඇලුම් ඇති ලොව
අසංඛය වූ බැඳුම් පිරිසිඳ
සොයා දැක ගත හැකි ද

කෙලෙසක
අප අතර වූ
බැඳුම - යහZසර

කලයිවානී
ඔබ මගේ
අසමසම මිතුරියය නිසැකව
අසමසම සොයුරියය නිසැකව

කිසිදාක
කිසි කලෙක
කිසිවකට
සම කරනු නොහැකිය

අප අතර වූ
බැඳුම - සෙනෙහස
----

ඔබ නැති
ඉන්දියාවක්
ඔබ නැති
බැංගලෝරයක්
කොහිද මේ ලොව
ඒ වුණත් මම එන්නම්
අප හිටිය ඒ
නිදුක් බිම වෙත
ඔබත් එනවා නම්
----

කලයිවානී
එක වරක් අපි හමුවෙමු
එන්න
නාහර්භාවි හන්දියට
ඇවිද යමු
එතැනින් පටන් අරගෙන
බැංලෝරයේ

සීතල සුළඟ විඳ විඳ ..

සමන්ත හේරත්
(ගැහැණු සිරුර සයුරක් සේ)

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|

විදේ්ශයන්හී සිටින ශ්‍රී ලාංකික මිතුරු මිතුරියන්ගේ් ප්‍රයෝජනය පිණිස ලංකාවේ පළ කරනු ලබන පොත පත ගෙන්වා ගැනීමේ වැඩපිළිවෙලක් ඇරඹීමට බූන්දිය මේ දිනවල වෑයම් කරමින් ඉන්නවා.

ප්‍රවේශයක් වශයෙන් එA වෙනුවෙන් කාලය සහ ශ්‍රමය වැය කළ හැකි එක් සහෘදයෙක් (බන්දුල ජයවීර) හරහා මෙය ඇරඹෙන අතර විදේ්ශයන් හී සිට අප හා එක් වන ඔබට ලංකාවෙන් යම් පොතක් ගෙන්වා ගැනීමට අවශ්‍ය විට ඔහු ඇමතීමෙන් එය ඉටු කර ගන්නට පුළුවන්. 041 2273362න් හෝ ඊමේල් ලිපිනය bandulajayaweera@yahoo.com
න් බන්දුල ඇමතීමට හැකියි.

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|

අපි නොදන්න මහජනතාව

සිදුවීම් කිහිපයකි. මේ කාලයේ් කොයි කතාවත් වාගේ් ම මෙය ද නම් ගම් මනඃකල්පිත ට්‍රැජි-කොමඩියකි. යට සිට උඩට වරක් සහ උඩ සිට යටට වරක් බැගින් දෙවරක් කියවන්න.

පහ

මෙන්න පුවත්..

අහවල් මාධ්‍ය ආයතනයට අහවල් දින රාත්‍රී එල්ල වුණායැයි කියන ප්‍රහාරය සහ අහවල් පුවත්පතේ් අහවල් කතුවරයාගේ් ඝාතනය සම්බන්ධයෙන් රජය (බොක්කෙන්ම) කණගාටු වෙයි. එහෙත් එම ප්‍රහාර සම්බන්ධයෙන් —මහජනතාව˜ විවිධ මත පළ කරයි. මේ අපේ් කැමරාවට මහජනතාව පළ කළ අදහස් කිහිපයක්.

(දර්ශන තලය- පොළක්. පොළේ් වට්ටක්කා විකුණන මහජනයෙක්. අත් කැපූ මේස් බැනියමක් ඇඳ සිටී. එක අතක පච්චයකි.)
ෂෑර්, මේව මේ ආංඩුව අමාරුවෙ දාන්ඩ උං උංම කරගන්න වැඩ. මුංගෙ තියන ඊරිසියාව. මෙවුවා කොළා කියලා මොකුත් වෙන්නෙ නැහැ. මහ ජනතාව දැං මේවා දන්නවා. රවට්ටංඩ බෑ. උංම උංගෙම එක ගිනි තියාගන්නවා. උංම ප්ලෑන් කරලා උංටම වෙඩි තියෝගන්නවා.

(දර්ශන තලය- පොළේ් සාස්තර කියන මහජනයෙක්. ජාතික ඇඳුම ඇඳ සිටී. කොණ්ඩය පොල් තෙල් ගා පීරා ඇත.)
පිංවත, ග්‍රහචාරෙ වෙනස් කොරන්ඩ බෑ. නරක කාලෙ ආවහම මිනිස්සු තමංඩම හිරිහැර කොරගන්නවා. අතුරු ආන්තරා කොරගන්නවා. ගිනි තියා ගංඩ වුනත් බැරි නෑ. සමහරු තමංවම මරා ගන්නවා. මේ සාත්තරේ බොරු කොරංඩ බෑ. දිට්ට දම්ම වේදනීය කරුමෙ. ඔවුව මේ කවුරුත් කරංඩ ඕනෙ නෑ. තමුං කරපු දේ්වල් තමුංඩම පළ දෙනවා. (ශ්ලෝකයක් කියයි.)

(දර්ශන තලය- නිදහස් චතුරශ්‍රය. මහාචාර්යවරයෙක්. අවු රස්නයට තට්ටය දිලිසේ්. පුළුන් වගේ් සුදු රැවුළ සුළඟට පැන සෙලවේ.)
ඇත්ත. බැලු බැල්මට සැක හිතෙනවා තමයි. නමුත් මධ්‍යස්ථ මතධාරියෙක් විදිහට, වාස්තවික දේ්ශපාලන පසුබිම පරීක්ෂා කිරීමේදී මට පෙනී යන්නේ් මේ ප්‍රහාරවලට රාජ්‍යයේ් මැදිහත්වීමක් නොමැති බවයි. සියළු සතුරන් මැඩ විජයග්‍රාහී කාලච්ඡේ්දයක අබියස ඉන්න සන්දර්භයක් තුළ එබඳු ක්‍රියාවක් අත වැරදීමකින් හෝ ආණ්ඩුවෙන් සිදු වීමට ඇති ඉඩ ඉතාම ඉතාම ඉතාම අල්පයි.

(දර්ශන තලය- නිදහස් චතුරශ්‍රය. ආචාර්යවරයෙක්. වමට බර වෙන ලෙස හිටගෙන සිටී.)
මේවා නිකං විග්‍රහ කරංඩ බෑ. ජේ්සුස් ව කුරුස කණුවෙ ඇණ ගැහුවා. බුදු හාමුදුරුවො ගාවට බඩේ දර මිටි තියලා කාන්තාවො එවුවා. රුසියාව ගොඩ නගද්දි ලෙනින්ට සතුරු බලවේග පහර දුන්නා. කස්ත්‍රෝ ගන්ඩ. විප්ලවයෙන් පස්සෙ සුරුට්ටුවට පවා බෝම්බ හයි කෙරුවා. මේවා ප්‍රතිගාමී කුමන්ත්‍රණ. මේ ප්‍රතිගාමීන්ට ඕනේ් මේ මහජනතා විප්ලවය ආපහු හරවංඩ. හනුමන්තා ඇවිත් (රටම) ගිනිතිබ්බත් අපි මේ විප්ලවීය මොහොතේ් ආණ්ඩුව සමග එක පෙළට හිටගන්නවා.

(දර්ශන තලය- සරසවිපාය ළඟ මරදානේ් මහපාර. නළුවෙක්. කර කපා මල් වැඩ දැමූ කුර්තාවක් ඇඳ සිටී. කොණ්ඩය පිටට වැටෙන සේ් දමා සිටී.)
කවුද? වසන්ත. ආහ්? මරලද? නෑ මං එයාව අහල නෑනෙ. හැබැයි ඔය අහවල් මීඩියා එකට නං ගිනි තියංඩම වටිනවා.
(සංස්කරණයේ්දී ඉවත් කරන ලද කොටස් : මොකද ගරෝෂයි බරෝෂයි එකට මාවත් ගංඩ කියලා කී වතාවක්නං ඉල්ලූවද? අඩු ගානෙ ඉස්ටාර් තරගෙ ජජ් බෝඩ් එකටවත් ඕකුං මට කතා කොළාද? හොඳම වැඩේ. කොටිæ කොටිæ)

හතර

(කාර්යාල කැන්ටිමක්. මිතුරන් දෙදෙනෙක්. කෑම පැය.)

—මචං උඹ දන්නවද අලි මන්තර?˜
—නෑනෙ ඩෝ?˜
—අන්න බලාං ඊයෙ නිවුස් වලට කිවුවා අලි පන්දාහක් හීලෑ කරගෙන කියලා˜
(හිනා)
—මාර ගේ්ම නේ්? ලනිල්ට ඇඩ්‍රස් නෑ නේ්?˜
—සිරාවට. ලනිල්ලා නන්නා නේ්?˜
—අඩෝ උඹ හිතන්නේ් ඔය සිරාවටම අලිද මචං?˜
—ඔව් බං ඇයි කිවුවේ මහජනතාව පෙරහැරෙං ආව කියලා.˜
—මහජනතාව?˜
—ඔව් බං. ආයෙ ඉතිං වෙන කවුද?˜
—එහෙමද?˜
—කාල ඉවරනං වර යං දුමක් දාමු.˜


තුන

—අප්පත්තී...˜
—ඇයි දරුවො? එන්ඩ මේ නිවුස් බලංඩ.˜
(නිවුස් වල මහජනතාවගේ් වොයිස් කට් ප්‍රචාරය වෙයි)
—මහදනතාව කියන්නේ් කවුද අප්පත්තී?˜
—හපොයි පුතේ් එAක පුතාලට ඕනෙ නැහැ. එAක මේ ලොකු අයගෙ කතාවක්.˜
—බෑ බෑ අප්පත්තී කියංදම ඕනෙ. මං තලායි තලායි.˜
(අ~ාගෙන කුස්සියට දුවයි.)
—අම්මී අප්පුත්තා හලි නලකයි. මහදනතාව කවුද කියල එයා කියල දෙන්නෑ.˜
—පුතේ්. මහජනතාව කියන්නේ් අපිම තමයි. මම... මයෙ පුතා... අප්පච්චී... එතකොට එහා ගෙදර බන්ටී... බන්ටිලැයි අම්මා... මහින්ද අංකල්... ඇතා මාමා... සරත් බාප්ප... මේ සේ්රම තමා මහජනතාව කියන්නේ්˜
—එතකොට අපේ් ටොමියා? අපේ් චූටි කුකූ? එයාලා?˜
—අනේ් පුතේ් යංඩ අර අප්පුච්චා එක්ක ටී.වී. එකේ් නිවුස් බලංඩ. පුතාට තේ්රෙයිæ˜

දෙක

(රාත්‍රී අටට පමණ. අවන් හලක්. )
—දැං හෙට ෂූට් එක නේ් බං දහයට?˜
—ඔව්. මට දැං මේක ඇති වෙලා බං? ටෙලියක් ඇට් කරං උන්න නං ඉවරයි.˜
—යකෝ. ටෙලියක් වගේ්ද මේක? මේ ගාන හොයගන්ඩ පුළුවන්ද බං ටෙලිවලිං?˜
—එAක හරි මචං.. එAත් බලහං දැං....˜
—මේ ඔය විකාර නවත්තහං... මහජනතාව වුණහම හොඳට බොන්ඩ ඕනේ්...˜
(හිනා)
—ගනිං...˜
—ගමු...æ˜


එක

—ටී්‍රං ටි්‍රං˜
—ඊස් දිස් පීපල්ස් පූල් ප්‍රයිවෙට් ලිමිටඩ්?˜
—යා. ස්පීකිං˜
—හලෝ මට මහජනතාව දුසිමක් වගේ් ගන්න පුළුවන්ද?˜
—කවදට වගේ්ද සර් ඕනේ්?˜
—හෙට උදේ් දහයට ටොරිංටන් එක ළඟ ගෙනත් බස්සන්න.˜
—ඔහොකේ් සර්. මොන මොන කැටගරීස් වලින් ද ඕනෙ සර්?˜
—ප්‍රොෆා ජනතාව එකයි. ඩොකා ජනතාව එකයි. එයාල දෙන්නව ටොරිංටන් සිංහයා ගාව තියලා වොයිස් කට් ගන්නවා. ම්ම්ම්.. තව.. කලා ජනතාව එකයි. එයාගෙ වොයිස්කට් එක එල්ෆින්ස්ටන් එක ගාව ෂූට් කරනවා. ඇන්ඩ් ඉතුරු එවුංට ඔය නිකං ටං හුටං ජනතාව එවන්ඩ. උංව කිරුළපොනේ් පොළ ගාව දාල වැඩේ අදිමු.˜
—ඔහොකේ් සර්. එහෙනං වොයිස් කට් වල පිටපත සර්ලා අපිට ඊමේල් කරනවද? නැත්නං අදත් පිටපත අපිම ලියාගංඩද?˜
—අයිසෙ, පිටපත තමුසෙලා ලියනවා. දැං අර ගිය පාර ගේ්ම වෙලාවෙ ලිවුව එකම එඩිට් කරලා ගන්නවා. බයිබලෙං හරි ත්‍රිපිටකෙං හරි ජාතක පොතෙං හරි අවශ්‍ය එක්ස්ට්‍රෑක්ෂන්ස් ගන්නවා.˜
—රයිට්. වී ල් ඩූ ද ජොබ් සර්. තෑන්ක්ස්.˜

කූඹියා

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|


හොනොරේ ඩි බල්සැක්
(1799-1850)

වැඩිමනක් සතුට දරා ගැනීම ලොකුම වේදනාවක් දරා ගැනීමට වඩා හැම අතින්ම අසීරුය.


මරණය.. එය වෙන්කිරීමක් මෙන්ම එක් කිරීමකි. එය සියලූම පහත් ගණයේ් හැඟීම නිහඩ කරවයි.

කිසිවෙක් කිසිදිනෙක කාන්තාවකට ආදරය කරයි නම් එA ඇය ලස්සන නිසා හෝ කැත නිසා හෝ එසේ්ත් නැත්නම් බුද්ධිමත් නිසා හෝ මෝඩ නිසාහෝ නොව එA සැබැවින්ම ඇයට ආදරය නිසයි.

දේ්ශපාලනික නිදහස, ජාතික නිදහස වගේ්ම විද්‍යාවද ත්‍යාගයන් ය. එAවා කොතෙක් මිල අධිකද කීවොත් දෛවය විසින් එහි මිල තීන්දු කරනු ලබන්නේ් රුධිරයෙනි.

මවකගේ් හදවත පතුලක් නොපෙනෙනා මහා අගාධයකි. එහි පතුලින්ම සෑමවිටම ඔබ කෙරෙහි වූ දයාව උපදියි.


ප්‍රංශ ජාතික නවකතාකරුවෙක් වගේ්ම නාට්‍ය රචකයෙක්. ඔහුගේ් විශිෂ්ඨතම නිර්මාණ එකතුව ˜ලා කොමෙඩි හියුමෙන් ˜ යනු නැපෝලියන් අධිරාජ්‍යයාගේ් බිඳවැටීමෙන් පසු ප්‍රංශ ජනජීවිතය විදහාදක්වන කැඩපතකි.

1799 දී හොනොරේ උපත ලබනවා. එA ධනය සහ කීර්තිය උදෙසා අරගල කරන පවුලක. උපන් වහාම වගේ් හොනොරේව කිරිමවක් වෙත යැවෙනවා. ඊට වසරකට පසු ඔහුගේ් බාල සොහොයුරියද එම කිරි මව වෙතම යැවෙනවා.
වසර 4 කට පසු ඔවුහු යළිත් සිය පවුල වෙත පැමිණෙනවා. එහෙත් ඔවුන්ව නොසලකා හැරෙනවා. පසු කලෙක එනම් 1835 දී ඔහු විසින් ලියනලද ˜ලෙ ලිස් ඩන්ස් ල වැලී˜ හෙවත්
The Lilies of The Valley නම් නවකතාවෙහි එන ඇතැම්
චරිත , ඔහු කුඩාකල විඳි මේ කටුක අත්දැකීම ඇසුරින් ගොඩනැගෙනවා.

වයස අවුරුදු 8 දී බල්සැක් ˜වෙන්ඩෝමේ˜ හි හාෂා පාසැල වෙත යැවෙනවා. පියාගෙන් බල්සැක් ට ලැඛෙන්නේ් ඉතා සුලූ මුදලක්. ඔහු අනෙකුත් ධනවත් ශිෂයන් ගෙන් කොන් වෙනවා. තවද බල්සැක් යනු ඉගෙනීමෙහි දුර්වලතාවයන් ගෙන් පෙලූනු කෙනෙක්. ඔහු නිරන්තරයෙන්ම ද~ුවම් කාමරය වෙත යැවෙනවා. 1832 දී ඔහු විසින් ලියනලද ˜ලූයිස් ලැම්බර්ට්˜ නම් නවකතාවෙහි ඔහුගේ් මෙම වෙන්ඩෝමේ හි පාසැල්කාලය අපූරුවට විදහා දැක්වෙනවා.

1829 දී ඔහු සිය පළමු ගීත නාටකය ˜ලේ් කොසෙයිරෙ˜ එළිදක්වනවා. නමුත් එයට සංගීත ශිල්පීන් සොයාගැනීමේ අර්බුදයක් පැන නගිනවා. නවකතා කිහිපයක්ම ලිවීමෙන් අනතුරුව 1832 දී බල්සැක් සිය දීර්ඝතම නිර්මාණය එනම් ඈඳුතු නවකතා ගණනාවකින් සහ තවත් නාට්‍ය ගණනාවකින් යුක්ත ලා කොමෙඩි හියුමේන්
(La Comédie humaine) ආරම්භ කරනවා. මෙහි එන ඇතැම් නිර්මාණ අසම්පූර්ණයි. ඇතැම් එවායේ් ඇත්තේ් මාතෘකාව පමණයි.සිය ජීවිතකාලය තුල බල්සැක් විසින් රචිත සියලූම කෘතීන් මෙයට ඇතුලත් කර තියෙනවා. සමාජයේ් සියලූ පැතිකඩ විග්‍රහ කෙරෙන ආකාරයේ් නිර්මාණයන් අඩංගු මෙම සුව්ශාල නිර්මාණය බල්සැක් ගේ් ජීවන කෘතිය මෙන්ම ඔහුගේ් විශිෂ්ඨතම නිර්මාණය ලෙස සැලකෙනවා. සිය නිර්මාණවල දැක්වෙන ප්‍රංශ ජනජීවිතයේ් යථා ස්වරූපය සහ අසංෂිිප්ත බව නිසාම බල්සැක් යුරෝපයේ් මුල්ම යථාර්ථවාදී ලේ්ඛකයන්ගෙන් එක් අයෙකු ලෙස සැලකෙනවා.

ලෝක සාහිත්‍යයට අමරණීය සේ්වයක් කල මේ අති විශිෂ්ඨ නිර්මාණකරුවා 1850 අගෝස්තු 18 වනදින මෙලොවින් සමුගන්නවා.

අනුෂ්ක තිලකරත්න

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|


කඳුලින්ම බර ආකාස දෑසේ්
සංධ්වනි ගුගුරවයි වර්ෂා සේ්
සංගීතාත්මය එA තමයි නුඹගේ්

වචනයෙන් තොර නාදයේ් ස්වරයාණෙණි
පරම හැඟ=මෙහි පරමේෂ්වරයාණෙනි

සුවහසක් රස ගඟ=ල් එකතුව
සමුදුරක්මැයි නුඹ තැනූ තනු
විශ්වයත් ඉක්මවූ ප්‍රතිරාව
නිම් තෙරක් නැති නුඹේ ඔපෙරාව

සූර්යා සේ්ම පායා
දෑස් හිරු කිරණ විහිදා
මහපොළොවෙ ශ්‍රැතිය හඳුනා
තුන්කල් ම දකින මිනිසා
හඳුනාගත්තොත්
අසීමිත මිනිසා නුඹයි

ගියත් නික්මී
සමුනොගත් මිනිසා නුඹයි


හ~- අමරසිරි පීරිස්, මියැසිය- දර්ශන රුවන් දිසානායක, පද- අමිල තේ්නුවර

ගිහින් අහන්න

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|

ශිෂ්ඨාචාරයේ සැතපුම් කණු

ගරා වැටුනු
බිත්තියක් මත
ලියා ඇත
අංකයක්
සමග
කතිරයක්

ඩෝසන් ප්‍රීති



වැඩ කරමු


හැකිනම් මා
මරා දමන්න
එය අසීරුයි......
මා මළත්
නැඟිටිමි යළිත්
මළවුන්ගෙන් නොව
ජීවත්වන උන්ගෙන්

ර.මු. රණසිංහ


කුරුළු නද මැද
ගේ් අද්දර
ඇඹරැල්ල ගස
පුරෝගෙන මල් කිණිති

අල්ලපු වත්තෙන්
එඛෙයි
ඇඹුල් මූණක්

තුෂාරි ප්‍රියංගිකා

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|

සෝමලතා සුබසිංහගේ කෝට්ටේ රංග පීඨයෙන් නාට්‍ය හා රංගන පුහුණුව පිළිබඳව පාඨමාලාවක්


zසෝමලතා සුබසිංහගේ කෝට්ටේ රංග පීඨයZ නාට්‍ය හා රංගන පුහුණුව පිළිබඳව පාඨමාලාවක් 2009 ජනවාරි මාසයේ සිට ආරම්භ කිරිමට කටයුතු සංවිධානය කර ඇත. රංගනය හා නාට්‍ය පිළිබඳ හැදෑරීමට උනන්දුවක් ඇති වයස අවුරුදු 18 වැඩි අයට මෙම පාඨමාලාවට අයදුම් කළ හැකි අතර, පාඨමාලාව මෙහෙයවනු ලබන්නේ ප්‍රවීන රංගන ශිල්පිනි හා නාට්‍ය අධ්‍යක‍ෂිකා zකෞශල්‍යා ප්‍රනාන්දුZ විසිනි.

සෝමලතා සුබසිංහ කෝට්ටේ රංග පීඨය 1981 දී ශ්‍රී ලංකාව තුළ නාට්‍ය කලාව වර්ධනය කිරීමේ අරමුණින් ස්ථාපිත කරන ලද අතර මේ වන විට මෙම ආයතනය නළු නිලියන් සහ ශිල්පීන් පුහුණු කරනු ලබන ලංකාව් ප්‍රමුඛතම ආයතනයක් වෙයි.

පාඨමාලාව පිළිබඳ වැඩි විස්තර ලබාගැනීමට මුද්දර ඇල වූ දිගු ලියුම් කවරයක් පහත සඳහන් ලිපිනයට එවන්න.

සම්බන්ධීකාරක,
අංක. 166/1,
බෞද්ධායතන මාවත,
පාර්ලිමේන්තු පාර,
කෝට්ටේ. (10100)

සියළු විමසීම්: 071 4296184

1981 දී සෝමලතා සුබසිංහ විසින් කෝට්ටේ රංග පීඨය ආරම්භ කරනු ලැබුවේ ලංකාව තුළ ළමුන් සහ යෞවනයින් සඳහා නාට්‍ය නිෂ්පාදනය සහ ප්‍රදර්ශණය වර්ධනය කිරීමත් සමාජය තුළ ඒ සම්බන්ධව ගැඹුරු කතිකාවක් ඇති කිරීමත් යනාදී අරමුණු පෙරටුකරගෙනය. එම අරමුණු වඩාත් ශක්තිමත් ලෙස සමාජගත කිරීම සඳහා 2007 ජනවාරි මාසයේදී මෙම ආයතනය zලංකා ළමා හා යොවුන් රඟහල පදනමZ ලෙස 2007 අංක 3 දරණ පනතින් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සංස්ථාගත කරන ලදී. 1981 සිට මෙම ආයතනය ළමුන් සහ යෞවනයින් සඳහා උසස් නාට්‍යමය ගුණාංගයෙන් යුත් නාට්‍ය ගණනාවක්ද, ප්‍රධාන ධාරාවේ නාට්‍යයද නිෂ්පාදනය කර ඇත. ඒවායින් සමහර නිෂ්පාදන ජාත්‍යන්තර ප්‍රශංසාවටද භාජනය වී ඇති අතර ජාත්‍යන්තර ළමා සහ යොවුන් නාට්‍ය උළෙලවල් ගණනාවක ප්‍රදර්ශනයන් ද පවත්වා ඇත. මීට අමතරව මෙම ආයතනයේ ඉදිරිපත් කරන ලද ප්‍රධාන ධාරාවේ නාට්‍ය ගණනාවක්ම රාජ්‍ය සම්මානයට ද භාජනය වී ඇත.

නාට්‍ය නිෂ්පාදනයට අමතරව මෙම ආයතනය නාට්‍ය සඳහා නළු නිලියන් සහ ශිල්පීන් පුහුණුකරනු ලබන ප්‍රධාන ආයතනයක් ද වෙයි. මෙම ආයතනයේ මූලික පුහුණුව ලද නළු නිලියන් සහ ශීල්පීන් වර්තමානයේදී නාට්‍ය, රූපවාහිනි සහ සිනමා කේෂ්ත්‍රයේ කැපී පෙනෙන නිර්මාණ කරුවන් ලෙස නිර්මාණ කටයුතුවල නියැලේ.

ආචාර්ය චන්දන අලූත්ගේ
අධක‍ෂක
කෝට්ටේ රංග පීඨය
හොට් ලයින් : 071 4296184

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|
|
|

ලිහිණිගේ ලියමන

Posted by Sanjeewika Manohaari
|
|
|

සිංහල කවිය සයිබර් අවකාශයට- බූන්දි ඩොට් එල් කේ් - හෙළදිව 2009.01.25

Click on the image.

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|

පළමුවන ශක වර්ෂයේදී
මහා යුද්ධයක් විය. ශක රාජයෝ ද,
ආරණ්‍ය සේනාපතීහු ද,
බිහිසුණු සේ යුද වැදුණහ.
ඔවුන්ගේ අශ්ව කුරයෙන්
සියලු කෙත් වතු පාලු විය.
ඉන්පසු ගොවීහු මෙසේ ඇසූහ
"කවුරුන් සඳහා වන්නේ ද මෙම මහා යුද්ධය?"
"ඔබ සඳහා" යැයි දෙගොල්ලෝම හඩ නගා පිළිතුරු දුන්හ.
"අනාගතයේ ද අප වැනි වීර පුරුෂයෝ ,
ඔබ සඳහා නියතයෙන්ම බිහි වන්නෝය"


-ශක රාජාවලිය
සයිමන් නවගත්තේගමගේ "සාපේක්ෂනී"


මෙම උපුටනය කුමාරිගේ කෙටි කරපු දිග කතා පුස්තකයෙනි.

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|

පොතක් යනු ඇතැම් විට උද්‍යානයක්, පළතුරු උයනක් නැත්නම් ප්‍රිය සම්භාෂණයක් මෙනි. එමෙන්ම එය ගබඩාවක් වාගේ්ම මිත්‍ර සමාගමකි. තවත් විටෙක එය උපදේ්ශකයෙක් නැත්නම් උපදේ්ශකයන් පිරිසකි.

වාක්‍ය රචනයකදී වුව කම් නැත, හැකි සෑමවිටම කවියෙක් වන්න.


මිනිසෙක් ජීවිතයේ් සැබෑ තත්වයන් පිළිනොගන්නේ්ද ඔහු සිය ආත්මය විකුණයි.


කලාව කෙරෙහිවූ උමතු අශාව, අහුවෙන සෑම දෙයක්ම කා දමනා ඉහඳ පණුවෙක් මෙනි.

කලාවේ ගර්භාෂයෙන්ම විවේචනයද උපදියි


චාල්ස් බව්ඩෙලෙයර්
(1821-1867)


19 වන සියවසේ් ප්‍රංශයේ් ජීවත් වූ කවියෙක්, විචාරකයෙක් වාගේ්ම පරිවර්තකයෙක්.
The Flowers Of Evil නම් ඔහුගේ් කෘතිය ප්‍රංශ සාහිත්‍යයේ් අග්‍රගන්‍ය නිර්මාණයක් ලෙස සැලකෙනවා. 1821 ප්‍රංශයේ් පැරිස් නගරයේ්දී චාල්ස් බවුඩෙලෙයර් උපත ලබනවා. ඔහුට වයස අවුරුදු 6 දී සිය පියා අහිමි වෙනවා. ඉන්පසු ඔහුගේ් මව නැවත වරක් විවාහ වෙනවා. එA ලූතිනන් කර්නල් ජැක්වස් ඕපික් සමග. ජැක්වස් ඕපික් ගේ් ඉතා දැඩි විනය නීති රීති යටතේ් හැදී වැඩෙන්නට කුඩා චාල්ස්ට සිදු වෙනවා.

අධ්‍යාපනය ලැබීම සඳහා චාල්ස්ට ˜ලියොන්˜ වෙත යෑමට සිදුවෙනවා. එහිදී නේ්වාසික ජීවිතයක් ගත කරන චාල්ස්ට වාර අවසානයේ් නිවසට පැමිණීම පවා සිය සුළුපියා විසින් තහනම් කරනු ලබනවා. චාලස් ගේ් මෙම පාසැල් කාලය ඉතා කණගාටුදායක සහ දුංඛිත එකක්. එA ගැන පසුව සඳහන් කරන චාල්ස් ˜හදවතෙහි රැඳි දරුණු හුදෙකලාවද, අන් සිසුන් ගේ් කෘෘර භාවයද රැඳි අත්හැර දැමූවෙකුගේ් ළමා කාලයක් ලෙසට නම් කරනවා. 1839 දී චාල්ස් සිය උපාධිය නිම කරනවා. සැබැවින්ම ඔහුගේ් අනාගතය අවිනිශ්චිතයි. ඔහුගේ් සුළුපියා ගේ් අදහස ඔහු නීති ක්ෂේ්ත්‍රයේ් හෝ රාජ දූත සේ්වාවන් වෙත යොමුකරවන්න. එහෙත් චාල්ස් සාහිත්‍ය ක්ෂේ්ත්‍රයම තෝර ගන්නවා.

ඉන්පසුව ගතවූ අවුරුදු කිහිපය ඉතා අක්‍රමවත් එකක්. ඔහු අනෙකුත් බොහිමියානු කලාකරුවන් සමග අරමුණු රහිත ජීවිතයක් ගත කරනවා.
මේවනවිට කලා කවයන් හි ජේ්ත්තුකාරයෙක් ලෙස ප්‍රකට වී සිටින චාල්ස්ට 1844 දී පමණ තවත් ශ්‍රේ්ෂ්ඨ ප්‍රංශ ජාතික නවකතා කරුවෙක් සහ නාට්‍ය රචකයෙක් වන බල්සැක් (හොනොරේ ඩි බල්සැක්) ව මුණගැහෙනවා. චාල්ස් ගේ්
The Flowers Of Evil නම් කෘතියේ් එන බොහෝ කවි ලියැවෙන්නේ් ඉන් පසුවයි. ඔහුගේ් මුල්ම ප්‍රකාශනය Salon1845 හි කලා විචාරය බොහෝ දෙනෙකුගේ් අවධානයට ලක් වෙනවා. එA ඔහු එය කර ඇති නිර්භීත ස්වභාවය නිසා. 1857 දී චාල්ස් ගේ් වඩාත් ජනප්‍රිය සහ උසස්ම කෘතිය වන The Flowers Of Evil නම් කෘතිය නිකුත් වෙනවා. එවකට සිටි විචාරකයන් මෙය හඳුන්වන්නේ් කාමයේ්ත් කලාවේත් කවියේ්ත් උසස්ම කෘතිය ලෙසයි. ඉන්පසු මේ ශ්‍රේ්ෂ්ඨ ලේ්ඛකයා යොමු වෙන්නේ් ග්‍රන්ථ පරිවර්තනයටයි. තෝමස් ඩි ක්වින්සි නම් ලේ්ඛකයාගේ් Confession of an English Opium Eater නම් කෘතිය ද ඊට පසු තවත් බොහෝ කෘතින්ද ඔහු අතින් පරිවර්තනය වෙනවා. 1859 දී පමණ වන විට ඔහුගේ් සෞඛ්‍ය තත්වය ක්‍රමයෙන් පිරිහෙන්නට පටන් ගන්නවා. දිගු කලක් තිස්සේ් ගත කල අපරික්ෂාකාරී ජීවිතයද, දැඩි මානසික පීඩනයන්ද දුප්පත්කමද මෙයට හේ්තුවක් වෙනවා.

ඔහුගේ් ජීවිතයේ් අවසන් අවුරුදු කිහිපය ගතවන්නේ් අර්ධ වශයෙන් අංශභාගී තත්වයක. ජීවිත කාලයම තමන් ඇදහූ කලාව සහ දර්ශනය තුළම ජීවත්වූ මේ ශ්‍රේ්ෂ්ඨ ලේ්ඛකයා 1867 අගෝස්තු 31 වන දින මෙලොව හැර යනවා.
නමුත් එA ලෝකවාසී සැමට කියවීමටද රස විඳීමටද උසස් කෘතීන් රැසක් දායද කිරීමෙන් අනතුරුවයි.

අනුෂ්ක තිලකරත්න

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|


ඩි ලා ගාර්සා පවුලේ් බාලම ගැහැණු දරුවා- ටීටා සිය තාරුණ්‍යය ඇගේ් මව රැක බලා ගැනීම වෙනුවෙන්ම කැප කල යුතුය. මෙක්සිකානු සම්ප්‍රදාය එයයි. ආදරය, විවාහය ඈට තහනම් වේ. එහෙත් තහනම් ඉවතලන ටීටා, පෙඩ්රෝ හා ආදරයෙන් වෙලෙයි. ටීටා ට සමීප වනු වස් ටීටාගෙ වැඩි මහල් සහෝදරිය වන රොසයුරා හා පෙඩ්රෝ විවාහ වන අතර, ඊළඟ වසර විසි දෙක පුරා විවිධ බලපෑම් වලට නතු වෙමින් ගලා යන ඔවුනගේ් අපූරු ප්‍රේ්මය පිළිබඳ දිග හැරෙන, සිනමා සිත්තමකි මේ.

වසර තුනක් පුරා මෙක්සිකෝවේ හොඳම අලෙවි වාර්තා තැබු, එමෙන්ම ලොවපුරා භාෂා 23 කට පරිවර්තනය වූ, මායා යථාර්තවාදය ඇසුරු කර ගනිමින් ලියවුනු විරල ගනයේ් රමණීය ප්‍රේ්ම කතාවක දිගහැරෙන, ලෝරා එස්ක්විල් ගේ් Como Agua Para Chocolate නම් අපූරු නවකතාව ඇසුරින්, 1992 වසරේදී එනමින්ම තිරගත වූ චිත්‍රපටයකි.
Como Agua Para Chocolate (Like water for chocolate) - යනු ස්පාඤ්ඤ කථා ව්‍යවහාරයේ් කෝපය, ප්‍රේ්මය සහ ලිංගිකත්වයේ් භාවෝන්නතිය යන්න අරුත් ගන්වන්නට සුලබව යෙදෙන කියමනකි.

මෙම චිත්‍රපටය අධ්‍යක්ෂණයෙන් හා නිෂ්පාදයෙන් අල්ෆොන්සෝ අරවු ද තිර රචනයෙන් ලෝරා එස්ක්විල් ද එක්වූ අතර ලූමි කැවසොස්, ටීටා ලෙසද, මාර්කෝ ලියොනාඩේ, පෙඩ්රෝ ලෙසද, රංගනයෙන් එක්වූහ.

මෙක්සිකානු චිත්‍රපට ඇකඩමිය විසින් පවත්වනු ලබන එAරියල් සම්මාන උළෙලේ්දී හොඳම චිත්‍රපටයට හිමි සම්මානය ඇතුළුව තවත් සම්මාන 11 ක් දිනා ගැනීමට Como Agua Para Chocolate චිත්‍රපටයට හැකිවු අතර, තවත් ජාත්‍යන්තර සම්මාන 18 කටද හිමිකම් කියන්නට එයට හැකිවිණි.


ගංගා නිරෝෂණි සුදුවැලිකන්ද විසින් මෙම නවකතාව ලුණු සහ කඳුළු ලෙස සිංහලට ද නගා ඇත. එය විජේ්සූරිය ප්‍රකාශනයකි.





TORRENTS

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|

විශ්වයේ නීතිය

ම ර ් ධ න ය
ම ර ් ධ න ය
ම ර ් ධ න ය
මර්ධනය
ම ර ් ධ න ය
ම ර ් ධ න ය
ම ර ් ධ න ය

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|

කවියෙකු, ගීත රචකයෙකු ලෙස ප්‍රකට අමිල තේ්නුවර සහෘදයාගේ් කුළුඳුල් කෙටි කතා එකතුවයි ඔරායන්ගේ් ප්‍රේ්ම සක්මන. ගොඩගේ් ප්‍රකාශනයකි. අමිල තේ්නුවර සහ ඔහුගේ් කෙටි කතා මග සොයාගනු පිණිස ඔරායන්ගේ් ප්‍රේ්ම සක්මනෙහි එන එනමින්ම යුත් කෙටිකතාව උපුටා පළ කරමු.


වැව පුරාම පිපි නෙළුමියෝ නිද්‍ර්‍රාගතව සිටියහ. වෑ කන්ද දිගේ් මා පියවර තබා ගියේ් වැලි කැටයක් වැවට නොවැටෙන සේ් ඉතා සුපරීක්ෂාවෙනි. මට ඉහළ අහස් ගැබ පුරා එකදු වලාකුළක් නොවී ය. අහස එක ම එක දීප්තිමත් තරුණ තාරකාවකගේ් කරලියකි. නෙළුම් පවා නිදනවා නොව තාරකාවගේ් ප්‍රනර්තනයට ලජ්ජාවෙන් නෙතු වසා සිටිනවා විය හැකිය. ඈ අහස් කරලියෙන් පා පැකිල වැව මතට ඇද වැටුනාය. තාරකාව වහා බේරාගැනීමට සිතූ මම එසැණින්ම වැව් දියට පැන වැව් පත්ලෙහි කිමිදෙමින් ඇය සෙවීමි.

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|

(නො)දුටු පෙම්වත

නුඹ
මල්වෙඩිල්ලකි
නේක වර්ණයන්
සිතZඹරට එකතු කර
සැනෙකින් නිහඩවෙන

හුදෙකලාව

දෙනෙතකි
සතර බිතු අතර
හිරවුණ

තදZඳුරු අඹරේ
නිවී දිලී
දුZරෑතට ඇදී යන

අහස් නැව් තරුවකට
හිනැහෙන....

එරංගා පෙරේරා

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|

මාස්ටර්.... සර්.....
අවවාද ලිපිය ඔබ ගන්න
මගේ දුක මට දෙන්න
නික්ම යන්නට ඔඛෙන්
කුණු වතුර පිරි වෙල්ලාවෙන්
පවු පොවන්නට අවැසිය
පිරිපත පිරුණ මා ආත්මයට
මාස්ටර්.... සර්.....

හද මසක් නැති
යන්ත්‍රෝපකරණ තුළ
අතිරික්ත ලාභාංශ තුළ
ගෙල ලන ළද මගේ ආත්මය
ඔබ විසින් විනාශ කළ
ආත්මීය මළ පුඩුව මුදන්න
මාස්ටර්.... සර්.....
සැබෑ මිනිසත් බව හිඟ
ඔබ.... ඔබ නිළයුරුන් අබියස
නෙක විට පැවසුවෙමි මම
ශාන්තුවරයන් සේ ඔලොගු ලු
බෘටස්... කැෂියස් ලා...
පිහි නගා සිටින බව පසු පසින්

සේද මාවත දිගේ
ආ පරිදි ඔබ යන්න
ඔබ පරිවාර සේනාවද සමග
නැව් ගණන් සොරාගත්
මිනිස් මුතු ශ්‍රමය ගෙන
අපේ ගැහැණු අපට දෙන්න
අපෙ පොළොව අපට
දෙන්න
අපේ ජීවිත අපට දී
මාස්ටර්.... සර්....
ඔබ යන්න.

උපුල් සේ්නාධිරිගේ්
කොග්ගල

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|

පහු ගිය දා එළි දැක්වුනු නිෂ්මී කෘතිය ලබා ගත හැකි අන්දම ගැන අපට ලැබුණු ඔත්තුවයි මේ.


නිෂ්මි - සැඩ සුළ`ග සහ මඳ පවන

ලාංකීය ශිෂ්‍ය ව්‍යාපාරයේ පුරාවෘත්තගත
නායකයා පිළිබඳ ඔහුගේ සමකාලීනයන්ගේ
සැමරුම්.
සීමිත පිටපත් සංඛ්‍යාවක් පමණකි.

ක්‍රවුන් ප්‍රමාණයේ ඔප කඩදාසියේ මුද්‍රිත පිටු
480 කි.
මිළ රු. 1000/-
මිලදී ගත හැකි ස්ථාන:

මිලදී ගත හැකි ස්ථාන:
රන්පුර ටේ්‍රඩර්ස්
අංක 7
මල්වත්ත පාර, කොටුව, කොළඹ 11

සුනිල් මාධව ප්‍රේ්මතිලකයන් නිෂ්මී ගැන මතකය අවදි කරමින් සිළුමිණට ලියූ ජීවිතය සුන්දරයි සටහන : කියවන්න.

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|

ඔෘෂධීය උණ්ඩ

ඔන්න මින් මතු නොවව් කම්පා
බෙහෙත් ගැල්වූ උණ්ඩ දල්වා
පපු සිදුරු හරහා සැනෙන් ගොස්
එසැන ගත මන දොල වඩන්නා

හයිය හත්තිය දියව ගොස් කල්
ඇගිලි කරගැට හැලී කටු වැල්
ලෙසින් ජරපත් දිවිය දිගුකල්
එන්නතකි මෙ උණ්ඩ මනකල්

කඹුරලා සිය දිවිය උපතින්
ලද දෙයක් නැති සොවින් තැතියෙන්
වෙන් වෙලා දරු මල් සියල්ලෙන්
අවි ද අතැතිත ව මගට බස සෙන්

පිලිගන්නට ලතෙත් බැතියෙන්
ප‍්‍රජාතාන්ත‍්‍රික රජය සැරසෙන්
චීනයෙන් ගෙන්වූ බෙහෙත් ගැල්වූ
උණ්ඩ ඇත
භාණ්ඩාගාරයේ නිදි කිරමින්

කලකදී මිනිසුන්ට ආහාර පාන හිගයකින් වැරදීමකින් හෝ දුකක් පීඩාවක් දැනෙන කල දුර සිටම පෝෂණ ආහාර සිරුරට විද ඔවුන් ගලවා සුඛිත මුදිත කිරීම එකල ආණ්ඩුවල වගකීම බැවින් එය ද එසේම සිදුවනු ඇත.

මේ එයට පෙරහුරුවකි.

ඊ ඒ ඩෝසන් ප‍්‍රීති 20090122
නිමිත්ත මහේෂ් මුණසිංහගේ අවම හානිය කවිය

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|

අවම හානිය

උණ්ඩය

සරල රේඛීයව ගමන්

කිරීම අත් හැර ඇත

අහිංසකයින්

බිලින්දන් මගහැර

ත‍්‍රස්තවාදීන්

සොයා යායුතු බැවිනි


ගුවන් බෝම්බ

නොවැටී පාවෙති

පාසල් රෝහල්

මගහැර

බංකර් පමණක්

ඉව කරති


මහේෂ් මුණසිංහ

2009-01

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|

ඔබාමා චූන් එකෙන් ඔබ්බට


ඔබමා බරක් එක්සත් ජනපදයේ
ජනපති විලස දිවුරුම් දුන් අද දිනයේ
නෙත නැගි තුටු කඳුළු පිසÞ ලහි ලහියේ
මේ කවි ලියමි හිරු නැග එන හිමිදිරියේ

වසවර්තියෙකු වුව ජනපති වෙනු පි‚ස
ඡන්දය ඉල්ලනා විට බෝසත්ය යස
බෝසත් කෙනෙකු වුව ජනපති වූ විගස
වසවර්තියා වැඩි හොඳ බව නැත කුකුස

ඡන්දෙට කලින් මැති දුටු සඳ කුමක් වැනී
කලකින් නුදුටු හිත මිතුරෙක් දැක්ක වැනී
ඡන්දෙන් පසුව මැති දුටු සඳ කුමක් වැනී
අළුගෝසුවා මැදියම හමුවුනා වැනී

බලයට එන්න පෙර නිදහස භාෂණයේ
පරමාදර්ශයයි මැතිඳුගෙ චින්තනයේ
තම පණ වුවද දෙන්නයි සැරසී සිටියේ
අමතක වේ ද බලයට පත් වූ හැටියේ

ෆොක්ස් ටෙලිවිෂනයට ගින්දර තැබේවිද
වොෂින්ටන් පෝස්ට් කතුවර මැරේවිද
අල්-කයිඩා ව ගැන ලිපියක් ලියන ලද
උප කතුවරුන් හෙට සිරගෙට වැටේවිද

වදකාගාර ගන්තනමෝ බටලන්ද
වැලලු මිනී අබු-ග්‍රේ සූරියකන්ද
දැම්මත් බලය ගන්නට පෙර මහ සද්ද
කොමිසන් වාර්තාවට සීමා වෙද්ද

සේරු අටක් ඇට හැම ගෙට එවන්නට
නැති බැරි පිරිස ඇති හැකි අය කරන්නට
සමුර්දියෙන් ජන-සවියක් දෙවන්නට
දුන් සැම පොරොන්දුව අමතක වේද හෙට

බුෂ් ගේ ප්‍රජා අයිතිය හෙට නිමවේද
රට හැම තැනම පෑ තැටි ඉඳි කරවේද
චෞර රජා ලෙස හොඳ නම හිමිවේද
පෙන්ටගනයෙ ජොබ් එක මල්ලිට යාද

විපඬයේ ඉඳ සිල් අරගෙන වාගේ
රටේ ප්‍රශ්ණ විසදිය හැක කජු වාගේ
එරට මෙරට කොයි දේසෙත් එක වාගේ
බලමු හෙට කෙරුම් ජනපති ඔබමා ගේ

හැරිස් පරකන්දෙනිය

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|


බාල්දිය සහ වාල්දිය

ලසන්ත වික්‍රමතුංග අපේ කටට හුරු බාසාවෙන් කියනවා නම් නොම්මර එකේ බාල්දි කාරයෙකි. ලසන්ත බාල්දි දැම්මේ පුංචි අප්පුහාමිලාට නොව මහජනතාවටය. මෙතැන්දී මහජනතාව කියා අදහස් වන්නේ මහාම මහා ජනතාව මිස, පාරතොටේ පයින් යන සිල්ලර මිනිස්සු නොවෙති.

කෙසේ නමුත් මේ බාල්දි දැමිල්ල එක්තරා අන්දමක වාල්දි දැමිල්ලක් ලෙස දැක අඳුනාගත් කට්ටියක් පහුගිය දවසක ලසන්තට වැඩක් දුන්හ. කරත්ත රෝදය ගොනා පස්සේ එන්නේ ගොනා කරත්තයට බැඳ තියේනම් පමණකි. අත් කරත්ත වලනම් ගොනා යන්නේ බොහෝවිට රෝදයට පසුපසිනි. ධර්මයේ එන කර්මයට අනුකූලවම මේ වැඩේ සිද්ධ උනාද නැද්ද කියා ‍බොහෝමයක් පොදු ජනතා හිත්වල මේ නිසා යම් යම් කහටවල් තිබේ.

ටිකක් ඈත හිඳ බැළුවාම, ලසන්ත යනුත් ‘මහ’ජනතා පුත්‍රයෙක් හෝ උන්ගේම නෑදෑයෙක් මිස, පොදු ජනතාව හෝ සිල්ලර මිනිසුන් අතරම ගැවසුණු කෙනෙක් කියා හිතන්නට සාධක අඩුයැයි හිතේ. එහෙම හිතුවාම මේකත් එක්තරා විදිහක මණ්ඩලේ කචල් එකක් කියා නොහිතන අයත් නැත්තේම නැති වග දහ අතේ මොරදෙන ලවුස් ස්පීකර් වලට කන් දෙන‍ විට හැ‍‍‍ඟෙයි.

රබර් බට වාගේ නැවෙන ලපටි උඩ අතුවල සෙල්ලං කරන්නේ රිලව් මිස ඔරං ඔටන් ලා නොවෙන බව කාටවත් ඉලේට ඇඟිල්ලෙන් ඇන කියා දෙන්නට ඕනෑ කමක් නැත. මෙවන් පිරිස් බොහොමයක් ලසන්තගේ මලගමේ දීත් සෙල්ලම් පෙන්නූ හැටි පෙණුනි. සමහර බෑන් චූන් කාරයින් නම් මේ මල ගෙදරත් පිම්බේ මඟුල් අවමඟුල් නොබලා ඒ අය කවදත් පිඹින පපර නලා හා පපර චූන් ම පමණකි. නොදන්නා දේ කරන්න යනවාට වඩා තමුන්ට පුළුවන් දේ කර කර බාගෙන ඉන්නා එකත් අගේ නොකල යුතුම දෙයක් නොවේ. එසේ වුණත් සියළු කාරණා එකතු කර සලකා බලන විට මේ කිසි දෙයක්, අත්තඩියේ මහ පාරක් මැද මහ දවාලේ සිදුවූ ලසන්තගේ ඝාතනයත් ඇතුළු‍ව, අපේ රටේ සිදුවෙන්නට බැරි අමුතු දේවල් ය කියාත් හිතෙන්නේ නැත.

අපේ බොහෝ දෙනෙකුට සදාචාරයත් ශිෂ්ඨාචාරයත් සාධාරණයත් අසාධාරණයත් මතක් වෙන්නේ තමුන්ගේම ඔළුවලට කපුටු වර්චස් ටිකක් හෝ වැටුණාට පසුවයි. තමුන්ගේ ජනේලයෙන් වීසි කරන ඉඳුල් වතුර ටික ඇඟට වැදුන එකා ගේ ගෝරනාඩුවට උඩින්, ඉඳුල් විතරක් නොව පැහැරූ මලපහත් තමුන්ට ඕනෑ විදිහට විසි කිරීමට තමුන්ට ඇති අයිතිය ගැන කතා කරන්නට තරම් උගුරු දඬු හයිය හත්තිය ඇති කම අපේ ජන්මයෙන් ම අපට උරුම වී ඇත.

මේ සිද්ධිය, පුංචි පන්තිවල හිට වාද විවාද මාතෘකාවක් වන “පෑනද කඩුවද” කතාවේම කොටහක් ලෙසත් අපට පෙන්වන නාටක කාරයෝත් සිටිති. කඩු ගත්තෝත්, පෑන් ගත්තෝත්, කඩු‍ව ‍ ‍එක අතකිනුත් පෑන අනෙක් අතිනුත් ගත්තෝත් ආදි නානා විධ නළු නිළියෝ මේ විවාදයෙන් දිනුවේ කවුද කියාත් විවාද කරති.

මිනිහෙක් මරා දැමීම, අමු අමුවේ, මහ දවාලේ, වෙඩි තියා පමණක් නොව, කෑලි කෑලි කර, කපා කොටා මරා දැමීම, හිස ගසා පැල ඉනි වැටේ රඳවා මරා දැමීම, ලයිට් කණුවේ එල්ලා වෙඩි තියා මරා දැමීම, අත පය බැඳ නොමරා මරා ග‍ඟේ පාකර යැවීම මෙන්ම, ටයර් සෑයක ආදාහනය කොට මරා දැමීම ආදි මෙකී නොකී අනේක විධ මරා දැමිලි අපේ රටේ මෑත ඉතිහාසය තුල ඇති පදම් ඇත. ‍මිනිහෙක් කීවාට, මෙහෙම මැරුණ උන්ට ස්ත්‍රී පුරුෂ ලමා ලපටි බාල මහළු ආදී කිසිම බේදයක් බලපෑවේ නැත. රොබට් නොක්ස් ගේ ‘අයිලන්ඩ් සිලෝන්’ හි විස්තර වෙන රාජ දඬුවම් වල කෘරත්වය ගැනත්, ඇහැලේපොල පවුලට ලැබුණු වද හිංසා ගැනත් කියවා ඇඟ කිලිපොලවා ගත් යුගයකින් පසු ඒ අත්දැකීම් ඇස් පනා පිට විඳින්නට අපේ රටේ පරම්පරා දෙක තුනකටම වාසනාව ලැබී ති‍බේ. කවුරු කොහොම හිතන්නට උත්සාහ කලත්, කවුරු කොහොම අඟවන්නට උත්සාහ කලත් හිතා බැළුවාම හිතෙන්නේ “මෙවන් තැනක් නම් නැත්තේය වෙන කොහේවත් ” කියලාමය.

ලසන්ත මිනී මරුවෙක් නොවේ. ලසන්ත, හරි වැරදි කෙසේ වෙතත්, යමක් කල එකෙකි. එමෙන්ම කරපු වැඩේ රිදෙන තැන්වලට රිදෙන්නම කල එකෙක් කියා වෙච්චි දේ වලින් පෙනෙයි. ප්‍රශ්න කිරීම වනාහි අපේ සංස්කෘතියට නොගැලපෙනම ගතිගුණයකි. සාධාරණය අසාධාරණය, විශේෂයෙන්ම තමුන්ට කිසිම පල ප්‍රයෝජනයක් ලාබයක් අලාබයක් නැති දෙයක සාධාරණය අසාධාරණය කතා කිරීම නම් කල නොයුතුම දෙයකි. ඒකත් එක එල්ලේ උණු උණුවේ පදමට පැණිකර කීම නම් කවදාහෝ පසුපස්සේ එන පාපකර්මයක්මය.

මේ තරම් දේවල් ලියන්නට හිතුනේ ලසන්ත අවසන් වතාවට ලිව්වාය කියන කතුවැකියේ කොටස් කීපයක් තේරුම් ගන්නට උත්සාහ කල පසුවයි.

“Every newspaper has its angle, and we do not hide the fact that we have ours. Our commitment is to see Sri Lanka as a transparent, secular, liberal democracy. Think about those words, for they each has profound meaning.

Transparent because government must be openly accountable to the people and never abuse their trust. Secular because in a multi-ethnic and multi-cultural society such as ours, secularism offers the only common ground by which we might all be united. Liberal because we recognise that all human beings are created different, and we need to accept others for what they are and not what we would like them to be. And democratic... well, if you need me to explain why that is important, you’d best stop buying this paper.”

(2009 ජනවාරි 11දා සන්ඩේ ලීඩර් කතුවැකියෙන්)

“සෑම පුවත් පතකටම ස්වකීය වූ අරමුණක් ඇත. අපටත් එසේම බව අපි නොසඟවා කියමු. අපේ කැපවීම අපේ රට විවෘත, ඓහික, මධ්‍යස්ථ හා ප්‍රජාතන්ත්‍රවාදී මගකට එළඹෙනු දැකීමයි. මේ වදන් එක එක ගැන සිතන්න. ඒ එක එකක් තුල පෘතුල අර්ථයන් ගැබ්ව තිබේ.

රජය රටේ ජනතාවට අවංකව වගකිවයුතු නිසාත් හා ජනතාව රජය කෙරෙහි තබන විශ්වාස‍යෙන් රජය අයුතු ඵල නොගතයුතුත් නිසා, විවෘතකම හෝ පාරද්‍රශ‍්‍යත්වය අත්‍යවශ්‍යය. අපේ රට වැනි, බහු වාර්ගික හා බහු සංස්කෘතික සමාජයක ඒකීය බව රැකගත හැකි එකම පොදු ස්ථාවරය වන්නේ ඓහිකත්වය බැවින් අපි ඓහිකවාදී විය යුතුද වෙමු. අපේ ඕනෑ එපාකම් අනුව අනෙකා හැඩගැසීම පසෙකලා එකිනෙකාගේ අනන්‍යතාවයන් ඒ ලෙසින්ම පිළිගන්නා බැවින් අපි මධ්‍යස්ථ විය යුතුද වෙමු. එමෙන්ම ප්‍රජාතන්ත්‍රවාදීත්වයත් අත්‍යවශ්‍යය. ඒ මන්දැයි මමම ඔබට පහදා දිය යුතුයැයි ඔබට සිතේ නම්, ඔබ මේ පුවත් පත මිලදී නොගැනීම වඩාත් හොඳය.”

කුමන හෝ පද්ධතියක් යම් අවස්ථාවක හෝ තලයක සිට තවත් තලයකට සංක්‍රමණය වීම අප්‍රමාණවූ මංපෙත් ඔස්සේ සිදුවිය හැකිය. අවසානයේ වැදගත් වන්නේ අවසාන ඵලය මිස මාර්ගය නොවේ. එනමුදු, ‍ඒ වෙනස සඳහා වැයවන්නාවු කාලයත් පිරිවැයත් දෙකම, මාර්ගය මත රඳා පවත්නේය.


රන්සිරිමල් ප්‍රනාන්දු


මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|

The Dictator

Posted by Koombiya 1.20.2009

You are the chilli Sun
Extract flowers of freedom
Burst with wrath on summer,
You are the deadly storm
Burnt roof of hamlets
Took away all innocent lives,
You are the greedy jackal
Spread faeces of distraction
In search of hunting ground,
You are the poisoned serpent
Sleep with agent oranges
Weaving death trap through righteous,
We know clearly
Citizens who were silent
Imprint finger print is yours.

Sunil Ranasinghe

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|

Stop Wall

Posted by Koombiya

The dark wall stood up
In the middle of burning soil
Trembled Sun hideout
With flames of eagle eyes
Remaining only blurred dream
on daffodils of barren rocks.

Stars collapsed on Dead Sea
Got folded fear to hideous
Hungry clouds of vultures
Step down to hunt innocents

Canopies of miditerion tree
Weeping for its grown buds
Tributaries of human roots
Breathing for its umbilical cords
Rising arms and virgin minds
Say stop wall - stop wall.


Sunil Ranasinghe

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|

වන්නියේ යුධ අගල් තූල
කඳූ ගැසෙන යෞවනය මත
නියඟලා මල් පිපෙයි
එක යායට.

ඊසාන මෝසමේ බීරුමෙන්
වෙන් කොරුනාට උතූරේ කඳුලූ දකූණින්
තෙත බරිත ලේ සුවඳ හමනවා
වැස්සට දෙස් තියන
අහසට හූල්ලන
හාරිස්පත්තූවේ
අඟ=නකොල පැලැස්සේ
බූලත්කොහුපිටියේ
අම්මලාගේ නැහැ සිදූරු විනිවිද
ගැඹූරු හද පතූලටම

කිලිනොච්චියේ
වර්ග කිලෝමීටරයක්
සිංහල බුක්තියට හරවන්න
යසවතීගේ කොලූවා ඇද වැටුනා
තවත් සිය ගානක් එක්ක
ඔල්වරසන් නගන
රූපවාහිණියවත් දන්නෑ
වැලලෙන්න බිම් අඟලක් නැති වග
උපතින්ම සිංහල
ඒ කොලූ ගැටවූන්ට,

වගේ වගක් නැති කොළඹ
සවූදිය පූරනවා
අලූත් අවුරුද්දට.
පෙන දදා උතූරද්දි කිරි මූට්ට
කොළඹ
කිලිනොච්චියේ ගලනවා
පෙරදාක කිරිකර පෙවුන
ලේ කඳුලූ
සිංහල ද දෙමල ද
සොයා ගත නොහැකි වෙන්කර

ජීවිතේ මල්
යුද්දෙ තියෙනකල්
දියවන්නාවට නැවුනු
වැටකෙයියා අත්තක ඉඳන්
කපූටෙක් කියනවා
සිංදුවක්.

(කර්තෘ අඥාතයි.)

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|

දැහන වෙබ් අඩවිය අවුරුද්දක් ගෙවලා අළුත් අවුරුද්දකට පා තබන එක අපිට සුභාරංචියක්. එAක සුභ වෙන්නේ් උඹලා මේ වැඩේ වෙනුවෙන් කාලය ශ්‍රමය කැපකරමින් කන කට්ට දන්න හන්දා. බූන්දියේ් අපි මූලධර්මවාදී, ජාතිවාදී නොවෙන බඩගෝස්තරවාදී නොවෙන සියළු සයිබර් කණ්ඩායම් සමග සමාන සහෝදරත්වයකින් වැඩ කරන්න උත්සහ ගන්නවා. පෙරලා අපට ලැබන දෙයක් වෙනුවෙන් නොවෙයි. එAක ඇඟ ලේ් මසෙන් එන ගායක් නිසා. අවුරුද්දක් ලබන මේ වෙලාවේ ගොං පාට් සුභ පැතුම් චීකි පූසි මල් වරුසා වෙනුවට අනාගතය වෙනුවෙන් යමක් කියන්න සතුටුයි.

ඉන්ටර්නෙට් කියන්නේ් මේ උඹලා අපි වගේ් කවි ලියන කතා ලියන සාහිත්‍ය සේ්වනය කරන එවුන්ට හදපු එකක් නෙමේ. මේක මුලින් හැදුවෙත් යුදවාදී උවමනාවන්ට. සහ මේ වෙද්දි මේක විකුණන්නන් සහ විකිණෙන්නන්ගේ විනෝද මේලාවක්. මේක අස්සෙ ඉන්න අපේ් එවුං, ස්රී ලාංකිකයෝ මොනවද කරන්නෙ? ඉතාම ඇත්ත කතාව නම් සමහරු මේකට එන්නෙ බඩු හොයන්න. සමාවෙන්න. වචනේ් ඕනෙ නම් වෙනස් කරමු. සෙක්ස් වලට. කී වර්ඩ් රිසර්ච් සයිට්ස් වලට ගිහින් වචනයක් ගහල බලපල්ලා. උදා: ශ්‍රී ලන්කන් ගැහුවොත් එන්නෙ ශ්‍රී ලන්කන් චික්ස්, ශ්‍රී ලන්කන් හොට් ගර්ල්ස්. ශ්‍රී ලන්කන් පොයම්ස් වාටියෙත් නැහැæ මේක එකක්.

අනික යුද්ද ආතල් එක. ෆේ්ස් බුක් එක සම්පූර්ණයෙන් කිළිනොච්චියක්. මිනිස්සු මැරෙන එක මරන එක එක එකාගෙ දේ්ශපාලනික උවමනාවන් වෙනුවෙන් රොමෑන්ටික්කරණය කරලා එAක සොමියක් බවට පත් කරලා තියන බව මේ ගොං බාස් ලා දන්නෙ නෑ. උං කරන්නේ් ෆේ්ස් බුක් එකේ් නම ගාවින් සිංහ කොඩියක් දාගෙන ඩිෆෙන්ස් ඩොට් එල් කේ් එකෙන් අළුත්ම යුද පුවත් බලමින් ඩෙත් කවුන්ට් එක එන්ජෝයි කරන එක.

තව සමහරක් හරක් නෙට් එන්නෙ පිදුරු හොයන්න. අන්න බලපල්ලා යූ ටියුබ් එකේ් පිදුරු පුරෝලා. සිංහල ඩ්‍රාමා කියලා හොයපල්ලා. එන්නෙ මොනාද? බට්ටි පෙට්ටි පබා අබා කොබා මුතු කිරිල්ලී මහගෙදර....æ කෝ සුගතපාල ද සිල්වා? කෝ ධර්මසිරි බණ්ඩාරණායක? කෝ රාජිත දිසානායක? දැං ලංකාවේ ගං කබරයො සයිට් හදනවා කියන්නේ් මේ පිදුරු හෙවිල්ල සඳහා ලින්ක්ස් දෙන එකට.

අපේ කතාව පිට පැනලා නෑ. මම එන්න හදන පොයින්ට් එක මේකයි. අපි සයිට් හදන්නේ්ත් මේ සොමිය ප්‍රවර්ධනය කරන්න නම් එAකෙන් වෙන දෙයක් නෑ. වෙනස එන්න ඕනෙ එතනින්. උඹලා යම් උත්සාහයක ඉන්නවා. එAක හොඳ ලකුණක්. සොමිය එන්නෙ කොහෙන්ද කියලා හරියට හොයාගනින්. කියවපන්. හැමදේ්ම. හොයපන්. ඉගෙන ගනින්. සයිට් එකක් කියන්නේ් මිනිස්සු ඉන්න තැනින් එක අඟලක් හරි උඩට දාන්න කරන අරගලයක්. එහෙම නැතුව, උන්ට ක්ලික් කරවන්න ගූග්ල් ඇඩ්ස් උගුල් අටෝන එකක් නෙමේ.

එකතු වෙලා වැඩ කරමු.
වෙන වෙන තැනිතලා දිගේ් ගැලූවත් මේ ඟඟ මුහුදට වැටෙන්න ඕනෙ එකම තැනකින්.
සුබ පැතුම් රෝස මල් වෙනුවට අපි උඹලගේ් අත් මිරිකලා අල්ල ගන්නේ් එA අවසානය හීනය වෙනුවෙන්æ

ජයæ
බූන්දියේ් අපි

ප.ලි.
අඩුවෙන් නිදියපන්. වැඩියෙන් වැඩ කරපන්.

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|
|

ගාසා?

සෙට් වෙලා හැංගිලා
මලක් හෙම දල්වලා
පියවියට ගිනි තැබූ
අක්නිටා බඹ ලොවේ
බඩවැටිය කෝ මචං?

මා(ර්)කේ්ස් ඔබාමා
ගුවේරා මැංඩෙලා
ප්ලේ් බෝයි කුණු කතා
එකම හුළඟක යවපු
බෝක්කුව කෝ අඩෝ?

දහක් ඇස් රවටලා
ලොවෙන් පිටමං වෙලා
තහනම් ඵලය වැළඳූ
ඊඩ්න් උද්‍යානයේ්
පාළු ගේ් කෝ ප්‍රියේ්?

අපෙ සුසුම් දරාගෙන
ඉඳ හිට හෙමින් හඩමින්
අතට අහු නොවුණත්
හිතට අහුවෙන මානයේ්
දරුවෙකු වගේ් දැවටුණ
නිල් අහස කෝ පුතේ්?

මානුෂික ෂෙල් වෙඩි
මානුෂික මිසයිල්
මානුෂික මල්ටි බැරල්

අමානුෂික නිල් අහසæ

කුඹියා
2009-01-21


කළු කුහර දූපත

ආලෝකය පිට නොකරන
කළු කුහරය
විද්‍යුත් චුම්භක තරංග
උරා බඩතුර
සගව ගත් කළු කුහරය
විශ්වයේ වටතිරය
ආලෝක පඳුරක්
ගිලගත් පරිධිය

පුවත් නිදහසේ
අඳුරු සෙවණැලි
විදුලියෙන් හඹා යන
උරා ගෙන ගිලා බසින

කළු කුහරය
විශ්වයේ කෙළවර නොව
මෙතනමයි
මෙන්න මෙතන

දේශාංශක
අක්ෂාංශක අතර හිරවුන
කළු කුහරය

කුංඡ නාද පමණක්
කන් සිදුරු තුල දුවන

කළු කුහරය
විශ්වයේ කෙළවර නොව
මෙතනමයි
මෙන්න මෙතන

ඊ ඒ ඩෝසන් ප්‍රීති
2009-01-21
නිමිත්ත කූඹියාගේ ගාසා කවිය.

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|

කුකුළු කූඩුවට ආ සොල්දාදුවා

දෙසවන් පතුල් දෙදරවන
වෙඩි හඩ බෝම්බ හඩ
වෙනුවටකුකුළු කිකිළියන්නේ
"කුක්කු- කූ" "කෙකර හඩ"
සවන්පත් පිරිමදී...
"නුඹලා සේම පෙර දින
සිරවී සිටියෙමි මමද..."
"මසට" - "බිත්තරයට"
කවරදා කොයි මොහොතක
ගනීදැයි නොමදැන
දෙගිඩියාවෙන් ගැහෙන හදවතින
එලෙසින්ම
නුඹ සැම හද ගැහෙන රාවය
මට දැනෙනමුත් සකියනි...
බඩ වියත උදෙසා
අන් මගක් නොවූ තැන
මෙලෙසින් "තැන් මාරු" කර
දිවි රැක ගන්ට සිතුයෙමි...

පියංකාරගේ බන්දුල ජයවීර
අතීතකාමය 2001 කාව්‍ය සංග‍්‍රහයෙන් උපුටා ගන්න ලදී.

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|

Extracted from http://www.nutlk.com/

2009 සාමාන්‍ය පෙල විභාගය සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය
විසින් දැනට සකස්කොට ඇති ප්‍රශ්න කිහිපයක්

ප්‍රශ්න

1 විද්‍යාව : සංගක්කාරගේ රුධිරයේ ඇති ඔක්සිජන් ප්‍රමාණය වැඩි කරන්නේ මොනවා ද?

2 ඉංග්‍රීසි : ඉංග්‍රීසි භාෂාවට ශී්‍ර ලංකාවෙන් අලූතින් එකතු වූ වචන කිහිපයක් නම් කරන්න?

3 සමාජ අධ්‍යයනය : සුපර් යනු කුමක්ද?

4 ගණිතය : අවසන් දොළොස් දෙනා අතරින් දෙදෙනෙක් මගේ වම් අත දෙසට ද තවත්
තිදෙනෙක් මගේ දකුණු අත දෙසට ද යයි. නැවතත් එයින් කෙනෙක් වම් අත දෙසට යයි
නම් අවසානයට සිදුවන්නේ කුමක්ද?

5 සාමාන්‍ය දැනීම : ඔබේ අම්මාගේ තාත්තාගේ අක්කාගේ මල්ලිගේ නංගීගේ නැන්දාගේ
මාමාගේ ආච්චිගේ සීයාගේ ළගම නෑයා කව්ද?

6 සිංහල සාහිත්‍යය : කෝල තාලයෙන් මුහුණ හංගමින් ඔහු දෙස බැලූම් හෙලුවේ යැයි
කවියා පවසන සඳැල්ලේ සිදංගනාවිය කව්ද?


පිළිතුරු

1 වීවා පවර් බූස්ටර්ස්.

2 සක්විතයිසේෂන්, සක්විතෝලොජි, සක්විතිස්ම්, සක්විතිස්ට්.

3 සුපර් කියන්නේ නිකං නෙමෙයි.

4 සිරස පෝසත් වීම.

5 සිරසයි ළඟම නෑයා.

6 ෂහීනා.

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|

ඔබට
නො ඇසුනාට
මලටද කටහ~ක් ඇත

සිඳ දමන විට නටුවෙන්
නඟන කෙඳිරිය
ඇසෙන්නේ
ගසට විතරද ?

මළවුන්ට පවා
ජීවිතයක් ඇතැයි
කියන විට අපි
ඔබ කියන්නේ
කඳුළ
සතුටින් උපදින බවද?

සිඳින්නට පෙර මල
නටුවෙන්
රැදී තිබුණි
පෙත්තක් මත
සීතල පිනි බිඳුවක්


මලේ සතුටද ?
ඔබේ සතුටද ?

මංජුල වෙඩිවර්ධන
අක්ෂර සෙනග
බූන්දි විඳීම් සංග්‍රහය

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|

ලිහිණිගේ ලියමන

Posted by Sanjeewika Manohaari
|



මේ වීඩියෝ එක සහ පහළින් එන අනික් වීඩියෝ කියවන්න. ඉන්දියාව, අපේ් ලොකු තාත්තා සහ අපි අතර වෙනස්කම් සමානකම් හොයාගන්නට විනාඩි කීපයක් වියදම් කරන්න.



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|


වසත් අඟන මෙහි එන්නී
මුවරද මී පුරවන්නී
නුරා නදින් - මල් සුවඳින්
මේඝ වනය පුබුදන්නී
නව බග සඳ - පායන සඳ
යාග ඛෙරේ හඩවන්නී

ගිනි මැල තැන තැන තැන්නේ්
වලා වියන් දිලිහෙන්නේ්
මී මස් කඳ - පුද පෙත් මැද
යාග ගීත රැව් දෙන්නේ්
සීන අරණ - හද කළඹන
පුද බිම මන්මද රඳනේ්

සැලෙන ලෙලෙන මිණි කොෙ~ාලේ්
මඳන රතයි යුග කොපුලේ්
මී ඉහිරෙයි - සිනා පිරෙයි
පියන් කෙළිති වන වදුලේ්
බමන ගතයි - මදන රතයි
හැලේ් නුරා පෙම් කොතලේ්

පද- සුනිල් විජේ්සිරිවර්ධන මියැසිය- නදීක ගුරුගේ් ගැයුම- නයෝමි ගුණසිරි

(සුනිල් විජේ්සිරිවර්ධන රචනයෙන් සහ නදීක ගුරුගේ් අධ්‍යක්ෂණයෙන් 2006 දී මුල් වරට රංග ගත කළ රත්නවල්ලී නාට්‍යයෙන්.)

ගිහින් අහන්න


මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|
Related Posts with Thumbnails