Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers

මකරන්ද ලේ්ඛක රසික හවුල විසින් සංවිධානය කරනු ලබන, නූතන සිංහල කාව්‍ය පිළිබඳ විචාර කතිකාවත, 2009 අප්‍රේ්ල් 05 වන ඉරිදා දිනය පුරා පන්නිපිටිය ධර්මපාලය ඉදිරිපිට සිසිල ගාඩ්න්ස්හිදී පැවැත්වෙයි.
සිරිලාල් කොඩිකාර සහ ලක්ශාන්ත අතුකෝරාලගේ් කාව්‍ය භාවිතය මූලික කරගනිමින් මේ කතිකාවත ගොඩ නැගේ්. මේ සාහිත උළෙල සඳහා සහභාගි වීමට කැමති අය පහත දුර. අංක වලට අමතා දැනුම් දෙන මෙන් මකරන්ද සංවිධායකයෝ ඉල්ලති.

ශක්තික සත්කුමාර- 071-8086796
සේ්න බෝකන්ද- 071-4427985

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|

පෙරදිග ලෝකයේ හුරතල් මුතු ඇටය
බේරන යුදට ගිය ටී.වී. සෙන්පතිය
ෂෙල් ගිනි රස්නයට රත් වෙන විට තැටිය
කවුරුත් වගේ රාමත් පිච්චුවෙ රොටිය

පුවතක් ඇසුරිනි


ඩෝං පුතා

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|

කවියා එවූ සටහන -

මෙහි අමුණා ඇති ඡායාරූපය එවූ තෑනැත්තාගේ දිරිගැන්වීම මත මේ කවිය ලියැවුනා මිස එය දැකීමෙන් මගෙ හිතට පැමිණියේ මහා හිස් කමක් පමණි. තවමත් එයින් ගැලවීමට නොහැක. කවිය කියවන්න. සංවේදී හිත් ඇත්තන් ඡායාරූපය නොබලන්න.



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|
|

.......බටහිර බලවතුන් තම මිලියන ලෝකයේ් වැජඹෙනුයේ් පෙරදිග දුබලයින්, මුඩුක්කු අනාථයින් ඒ මුඩුක්කු කාණුවේ අසූචි වලෙහිම ගිලී සිටිනතාක් කල්ය. ස්ලම්ඩෝග් මිලියනර් චිත්‍රපටයේ් ජමාල් මලික් යනු එක් මුඩුක්කු අනාථයෙක් පමණක් බව චිට්‍රපටය නම් වූ මේ තාවකාලික විමුක්ති සිහිනයේ් සිටිය දී අපට අමතක වීම ගැන කලබල විය යුතු නැත.......


අජිත් ගලප්පත්ති
සුවරූප. සියත. 2009-03-22

ගිහින් කියවන්න.

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|
|

මේක හරි අපූරු කවියක්. හේ්තු 3ක් නිසා.
1. සාමාන්‍යයෙන් කවි නොලියන, කෙටි කතා ලියන කම්මැල්ලවීරයන් අතින් මේක ලියැවුණු එක.

2. මේ කවියේ් නිමිත්ත: එනම් මුණුබුරා යනු, කසුන් කල්හාර මෙතෙක් හැදූ හොඳම නිර්මාණය වීම. (මේ අපූරු කොලූ පැටියා තමයි කසුන්ගෙයි නදීගෙයි දරුවා.)

3. මේ සේ්රම පැත්තකට කළත්, හිතා ගන්න බැරි තරමට අපිව සංවේදී කරවන අප්‍රමාණ කවියක් වීම. අප්‍රමාණයි කියන්නේ් ඒක ගැන කියන්න වචන නැහැ. සමහර අප්‍රමාණ කවි ගැන ලියන විචාර විහිළු වෙන්නේ් ඒකයි.


දෙවනි එක ඉසුරුගෙ වැඩක්. දිගයි. සාමාන්‍යයෙන් බෝරිං නොවෙන්න දිග කවියක් ලියන එක අමාරුනෙ. මේක මං පත්තරේ ගත්තු ගමන් මරදානෙ පාරෙ හිටගෙන කියෙවුවා. ඉසුරුවා දිගට ලියන එවුවා වදිනවා කුඩු වෙන්න සාමාන්‍යයෙන්.
ලවු ගැන අළුතෙන් හිතන්න හිතෙනවා මේක බැලූවහම.
හුස්මක් වැටුනා මට කොච්චි හූ කියන බස් හෝන් ගහන මිනිස්සු පොර කන කපුටො ක්‍රෑක් කියන මරදානේ් මහ පාරේ. කවි කියන්නේ් එහෙම දෙයක් වෙන්න ඕනෙ නේ්ද?

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|

බෙදා ගනු පිණිස : බලන්න වටින වීඩියෝ දෙකක්

Inspired by Transformers, this short Visual Effects piece shows us what really goes on inside our home computers ... that's right, they're robots, and they wanna beat the f#!@ out of each other.




A visual effects piece involving advanced green screen tracking and compositing, with integration into a 3D landscape created with VUE Infinite. The soundtrack is from the film, "The Fountain", and really adds an extra layer of depth to the project.





මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|

An Extraction from:
http://www.lankadeepa.lk/Section/sandella/27012009/03.htm


මරණයේ දොරකඩ බයිපාස් ෆැන්ටසිය
ඔබේ ගුරුවරයෙකුගේ, හිතවතෙකුගේ මරණීය අත්දැකීම...


දිනය : 2008 දෙසැම්බර් 31 වේලාව : උදෑසන 5.45 ට පමණ හයිලෙවල් පාර ඔස්සේ අධික වේගයෙන් මෝටර් රථයක් ඇදෙයි. කොළඹ කලබලය පටන් ගැනීමට තවත් විනාඩි කීපයක් ඇති නිසා සංඥා එළි නොතකා රථය වේගයෙන් ධාවනය වෙයි. එය ගමන් කරන්නේ ආසිරි ශල්‍ය රෝහල වෙතය. උපුල් ශාන්ත සන්නස්ගල මරණයට ආසන්න වෙමින් සිටියි.

ඒ වන විට ඔහුගේ පවුලේ මිතුරෙකු වන ආසිරි රෝහලේ අධ්‍යඬවරයෙකු වන නීල් ජෝන් රෝගියා සම්බන්ධව රෝහල දැනුම්වත් කර හමාරය. උපුල්ගේ පෞද්ගලික වෛද්‍යවරිය වන හෘද රෝග විශේෂඥ මහාචාර්ය සේපාලිකා මෙන්ඩිස් ද ඒ වන විට දැනුම්වත් වී හමාරය. උදෑසන මාර්ග තදබදය නොතිබීමත් රෝහලේ සියලූ දේ සූදානම් වීමත් හේතුවෙන් මරණය උරුම වන්නට විනාඩි 20 කට පෙර දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන්නට රෝගියාට හැකිවෙයි.

“අවුරුද්දේ අන්තිම දවස් දෙක මම නිවාඩු ගත්තා. දවස තිස්සේ රෑ දවල් නොබලා වැඩ කරන මිනිහෙකුට ඒ වගේ නිවාඩුවක් කියන්නේ මාර පාලූවක්. මේ පාලූව හින්දාම මම මගේ මිත්‍රයෝ දෙන්නෙකුට කිව්වා රෑ කෑමට එන්න කියලා. මේ නිසා තිස් වෙනිදා රෑ දෙගොඩ හරිය වෙනකම් මිත්‍ර සමාගම පැවතුනා. 31 වැනිදා උදේ පහමාරට විතර මට ඇහැරුණේ වම් අත හිරි වැටිලා. මම හිතුවා ඇඟට යටවෙලා කියලා. ඒත් ටික වෙලාවකින් මට තේරුණා වම් අත නෙවෙයි පපුවේ වම් පැත්ත රිදෙනවා කියලා. වමනය වෙන්න එනවා, මළ පහ වෙන්න එනවා, අධිකව දාඩිය දානවා මේ සියල්ල පාලනය කරන්න හිතුනත් කරගන්න බෑ. මම දැන ගත්තා මට හාට් ඇටෑක් එකක් තමයි කියලා...”

උපුල් ශාන්ත සන්නස්ගල හෘදයාබාධයකට ගොදුරු වීමේ කතාව කියන්නේ හේතු කීපයක් උඩය. ජනපි්‍රය චරිතයක් මෙවැනි තත්ත්වයකට ගොදුරු වීම මාධ්‍යයට මාතෘකාවක් වීම සාමාන්‍ය දෙයකි. එහෙත් ඒ තුළ ඇති අත්දැකීම වෙනත් දෙයකි.

“රෝහලේ දී කළ පරීඬණ වලින් මගේ හදවතේ ප්‍රධාන නාල තුනක් සහ අනු නාල දෙකක දුර්වලතා ඇති බව සොයා ගත්තා. මේවා ඒ වෙනකොට මම දන්නෙ නෑ. මම දන්නේ මට බයිපාස් එකක් කරන්න කිව්වා කියලා විතරයි. බයිපාස් කියන්නේ මට නිකන් ෆැන්ටසි එකක් වගේ එකක්. මම කවදාවත් හිතුවෙ නෑ මම හාට් ඇටෑක් එකකින් මැරෙයි කියලා. මම හිතුවේ බෝම්ඛෙකින් වගේ දෙයකින් මැරෙයි කියලා. කොහොම හරි ඒ වනකොට එම රෝහලේ බයිපාස් කිරීමේ පහසුකම් ආරම්භ කරලා නොතිබුණ නිසා මාව ඩර්ඩන්ස් රෝහලට මාරු කරන්න වෛද්‍ය සේපාලිකා මෙන්ඩිස් කටයුතු කළා. දින දෙකකින් සැත්කම කරන්න කේරලේ වෛද්‍යවරයෙකු වන කේසව දේව් හට බාර වුණා.”

“මම බයිපාස් ගැන මෙලෝ දෙයක් දන්නෙ නැති නිසා හෙදියන්ගෙන් වෛද්‍යවරුන්ගෙන් නොයෙක් දේ ඇහුවා. පුපුවේ ඉළ ඇට කපන්නේ විදුලි කියතකින් කියලා මම දැනගත්තේ එතකොට. ලී මඩුවේ ලී ඉරන එකෙයි මේකෙයි වැඩි වෙනසක් නෑ. දැඩි සත්කාර ඒකකයේ ඉන්න වැඩි දෙනාගේ කකුල් සහ අත් වෙලලා තියනවා දැක්කාම මම මිසී කෙනෙක් ගෙන් ඇහුවා ඇයි කියලා. අවශ්‍ය නාල ගන්නේ ඒ තැන්වලින් කිව්වා.”

“මේ සියලූ දැන ගැනීම් එකතු වුණාම මම තීරණය කරනවා මේ සිද්ධියෙන් මම මැරෙනවා කියලා. මේ වේදනාව දරා ගන්න බෑ කියලා හිතෙනවා. ලඬ ගාණකට උගන්වලා තිබුණත්, අම්මා තාත්තා, නෑයෝ, බිරිඳ, දරුවෝ මේ කවුරු හිටියත් වේදනවා උහුලන්න වෙන්නේ තනියෙන්. ඕක මම මීට පෙර රූකාන්ත ඇසුරේ දී අත්විඳලා තිබුණා. වේදිකාවෙදී රූකාන්ත මාර චරිතයක්. වීරයෙක්. ඒත් ගෙට ගිනි තියලා කොණ්ඩෙ කපලා අසරණ වුණාම මම ඔහුගේ ඇහේ කඳුළක් දැක්කා. එදා තමයි මම හරියටම තේරුම් ගත්තේ තනිවුණාම මොන වීරයා වුණත් අසරණයි කියලා. ඒ හින්දා සැත්කමට ගෙනියද්දී මම තනි වෙන්න තීරණය කරනවා.ජීවිතේ අත හරිනවා. ඒක මාර සැහැල්ලූවක්. මට ඉතිපිසෝ ගාථාව කියලා බය නැති කර ගන්න හිතෙන්නෙ නෑ. සැහැල්ලූවෙන් මැරෙන්න හිතෙනවා...”

මේ සැත්කම පැය 9 ක් තිස්සේ සිදු විය. වෛද්‍ය සේපාලිකා මෙන්ඩිස්ට අනුව › ලංකාවේ දී ඇය දුටු හොඳම සැත්කම් වලින් එකකි. ප්‍රධාන නාල තුනක් සහ අනු නාල දෙකක් බද්ධ කිරීම සිදුවිය. සැත්කම ආරම්භ වී පැය එකොළහකට පසුව රෝගියා සිහිය ලැබීය.

“මට සිහිය එනකොට මම දැනෙනවා අත් කීපයක් මගේ ශරීරය ස්පර්ෂ කරනවා. ඒවා සිංහලද, දෙමළද, උඩරටද, පහතරටද යූ.ඇන්.පී ද ෙජ්.වී.පී ද කියලා තේරෙන්නේ නෑ. මට දැනෙන්නේ සනීපයක් සහ මනුෂ්‍යත්වයක්. ජීවත් වීමේ වුවමනාවෙන් මම මේ අත් අල්ලගන්නවා. ඒ එක්කම වේදනාවක් දැනෙනවා. මම මැරෙන්න ගියේ තනියම. ඒත් දැන් ජීවත් වෙනවා. තනියම ජීවත් වෙන්න බැහැ. කවුරු හරි ඕනි. ගොඩක් දේවල් ඕනි. ඒක මහා වේදනාවක් වෙලා ඇඟටත් දැනෙන්න ගන්නවා.”

මරණය ආසන්නට ගොස් ආපසු එන උපුල්ට අපූරු අවස්ථාවක් ලැඛෙයි. ඒ අලූත් ජීවිතයකි. මේ අලූත් ජීවිතයට ලේ පරිත්‍යාග කරන්නේ පැරැ‚ ජීවිතයේ උපුල් අපි්‍රය කළ කොටසකි.

“අපි විශ්ව විද්‍යාලයේ කළ දේශපාලනය එක්ක පොලිසිය මට පේන්න බැරි දෙයක් වෙලා තිබුණා. පොලිස් නිලධාරීනුත් එහෙමයි. “පොලිස්කාරයා” කියන නම තමයි මම යෙදුවේ. ඒත් මේ සැත්කමට මට ලේ දීලා තියෙන්නේ එස්.එස්.පී ප්‍රශාන්ත ජයකොඩි සහ තවත් පොලිස් සගයන් පස් දෙනෙක්. දැන් මගේ ඇෙඟ් දුවන්නේ ඒ ලේ. යුනිෆෝම් එකට වෛර කරපු මට ඒකට යටින් හිටපු මිනිස්සු උදව් කරනවා. මම එතෙක් දැක්ක ජීවිතේ වෙනසක් තියනවා කියලා මම අවබෝධ කර ගන්නවා.”

“මම මේ මොහොතේදීත් අන්ත යුද විරෝධියෙක්. ඒත් මාව බලන්න ආවේ යුද හමුදාවේ කැප්ටන් උදේ‚ සේරසිංහ, මේජර් මහින්ද හෙට්ටිආරච්චි, බි්‍රගේඩියර් මොහාන් සුමනරත්න වගේ අය. ඔවුන් සහ ඔවුන්ගේ බිරින්ඳෑවරු මං වෙනුවෙන් බෝධි පූජා තියනවා. රණවිරුවන් වෙනුවෙන් රටම බෝධි පූජා තියද්දී මං වෙනුවෙන් ඒ මිනිස්සු බෝධි පූජා තියනවා. මේ සියලූ කරුණු හරහා ලෝකෙ ගැන මගේ තියන සිතිවිල්ල වෙනස් වෙන්න පටන් ගන්නවා.”

“මම ලංකාවේ දේශපාලනය තුළ ලිබරල් යූ.එන්.පී කාරයෙක්. ඒත් මාව රෝහල් ගත කරපු දවසේ රෑ මට මේ රටේ නායකයා කතා කරනවා. මම මහින්ද රාජපක‍ෂ වෙනුවෙන් කවදාවත් ඡන්දයක්වත් දීපූ නැති මිනිහෙක්. වචනයක්වත් කතා නොකරපු මිනිහෙක්. එහෙම වෙද්දී මගේ සමීපතමයන් පවා මට වුණේ මොකක්ද කියලා නොදැන ඉන්න වෙලාවක යුද හමුදාව කිලිනොච්චි අල්ලන්න ඔන්න මෙන්න කියපු වෙලාවක මහා වැඩ ගොඩක් තියාගෙන විය යුතුයි මහින්ද රාජපඬ මට කතා කරනවා විනාඩි විස්සක් විතර, “උපුල් ඔයාට ඕනි මොනදවද? කොහේටද යන්න ඕනි, ඇමෙරිකාවටද, ඉන්දියාවටද සිංගප්පූරුවටද? නැත්නම් වෙන තැනකටද?” මේ සියල්ල අහනවා. ඒ අතරේ කියනවා “උපුල් බය නැතුව බයිපාස් එක කරන්න, බයිපාස් කළාම අවුරුදු 10 ක් තරුණ වෙනවා” කියලා. අවසානයේ ඔහු කියනවා “ඔපරේෂන් එකෙන් පස්සේ අපි ඩිනර් එකකදී හම්බවෙමු කියලා...” මම කල්පනා කරනවා මේ මනුස්සයා රටේ ජනාධිපති වෙන්න තවත් හේතු අවශ්‍ය නෑ නේද කියලා.”

මේ සියලූ යහ කාරණා ඔස්සේ තවත් දෙයක් සිදුවෙයි.

“මට බොහෝම ඈතින් හිටපු මිනිස්සු මට ඒ වගේ සලකද්දී මගේ වෘත්තීය සගයෝ ඒ කියන්නේ ටියුෂන් ගුරුවරු මේ සිද්ධියෙන් මාර සතුටක් ලැබුවා කියලා මට අරංචි වුණා. සමහරු හෝටල් වල පාටි දාලා. අවුරුදු 20 ක් තරග කරලා මාව පරාජය කරන්න බැරි වුණ අය මගේ ක්ලාස් වලට ප‚වුඩ යවනවා මම රට දාලා ගිහින් කියලා. වැරදි කරලා හැංගිලා කියලා. ඒ අස්සේ අර මිනිස්සුන් ගේ පස්සෙන් ටයි එක දාගෙන එන මහත්වරුන්ගේ හැටිත් මට තේරුම් ගියා. මාත් අවුරුදු 20 ක් විතර තිස්සේ රඬණ සෑහෙන ප්‍රමාණයක් අරන් වාරික ගෙවනවා. ඒත් අද වෙනකම් මේ සිද්ධිය සම්බන්ධයෙන් මට වන්දි මුදල් ලබා ගන්න බැරි වුණා. මම කල්පනා කරන්නේ පුංචි හෝ සිවිල් බලයක් තියන මට මෙහෙම නම් දුප්පත් අසරණ මිනිහෙකුට මේ මිනිස්සු මොනවා නොකරනවා ඇද්ද කියලයි....”

“මම හදවත් රෝගයකට ගොදුරු වෙන්න මූලික හේතුවලින් එකක් අධික දුම්පානය. මම දවසකට සිගරට් 20 ක් විතර බිව්ව කෙනෙක්. අනෙක ආහාර සම්බන්ධයෙන් තිබ්බ අශීලාචාර කම. පොඩි කාලේ අපිට කන්න තිබ්ඛෙ නෑනේ. ලොකු වෙලා සල්ලි හම්බවුණාම කකුළුවෝ, ඉස්සෝ, චීස් හෙවිල්ලක් බැලිල්ලක් නැතිව කනවා. ඒ අශීලාචාරකමත් මේකට දැඩි හේතුවක්. මට මේ වැඩේ වෙලා ඉවරයි. මේ නොහැදුනකම් වලට මම දඩුවම් විඳලා ඉවරයි. දැන් මම අත්දැකීමෙන් කියන්නේ ඔබත් මේ වරද කරනවා නම් මේ දඩුවම විඳගන්න පුළුවන්...බුදු දහමේ වගේම මනෝ විද්‍යාවේත් කියනවා නේ “ප්‍රමෝදයේ කෙළවර ඛේදවාචකයයි..” කියලා....”

“මේ කාරණාව හරහා මට හිතෙනවා බයිපාස් වලට බය වෙන්න අවශ්‍ය නැහැ කියලා. රෝහල අනුව අත්දැකීම වෙනස් වෙන්න පුළුවන්. ඒත් ප්‍රතිඵලය සමානයි. මාව බලා ගත්ත වෛද්‍යවරු හෙදියෝ මේ හැම දෙනා ඇසුරේ මම රෝගියෙකු වශයෙන් අපූරු අත්දැකීමක් ලැබුවා. රෝගියාගේ දෙවිය කියන්නේ මේ අය නේද කියන දේ වටහා ගත්තා...”

“දැන් මම ගෙදරට වෙලා ඉන්නවා. මේ දවස්වල බිරිඳ මාව බලා ගන්නවා. වේදනාවට කෙඳිරි ගෑවම ළඟට එන්නේ බිරිඳ හෝ දරු දෙදෙනා. මට සාත්තු කරන්නේ ඔවුන්. ජීවිතේ තමන් එක්ක ඉන්නේ කවුද කියන අර්ථය වෙනස් වෙලා. මරණයේ දොරකඩට ගිහින් ආපහු එව්වාම ජීවිතේ පේන විදිය වෙනස් වෙනවා. මිනිසුන්ව හඳුනා ගන්නා ආකාරය වෙනස් වෙනවා. අත්දැකීම හරහා චින්තනය වෙනස් වෙනවා. ජනාධිපතිතුමා කිව්වේ ඇත්ත නම් තව සති කීපයකින් මම අවුරුදු 10 කින් තරුණ වෙලා ඔබ අතරට එනවා.”

-කාංචන දසනායක

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|

කාටුන් මල්ලිලා මැඳුරට කැන්දා ය
කතුවරු ගිහින් සිරි පතුලට වැන්දා ය
ෆෝන් එකෙන් හුන්නස්ගල ඉම්බා ය
පෙනෙනා ලෙසට මහ රජ ගල් ඉබ්බා ය

ඩෝං පුතා

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|

තුවක්කුව නුඹේ

දැනේ උණූසුම
නුඹේ තුවක්කු බටයේ
මගේ කන අසළ...
දැනේ වෙඩි බෙහෙත් ගඳ ද
නොඅඩුව...

නිසැකවම නුඹ
පත්තු කරන්නට ඇති වෙඩිල්ලක්
මොහොතකට කළියෙන්
මා සොයා එන්නට පෙරාතුව...

දැනේ හදවත පතුළටම
මගේ සගයා ගේ
අවසන් සුසුමෙහි බර
නුඹ එන්නටත් පෙර ම...

නොදැන සිටියා නොවේ
ඉක්මණින් නුඹ එතැයි
මා සොයා...

මරණය බියකරුය
සිහිපත් කරවයි
බියසුළු නුඹේ තුවක්කුව...

මා පිටුපසින් සිට
නුඹ බලා සිටින බව දැනෙයි
වෙවුළන්නේදැයි මා සුරත
කඩදහිය මත රැඳි...

සැබෑවකි...
හදවත සැළෙයි...
එනමුදු බෝ දැඩිය
පන්හිඳ උසුළණ ඇඟිළි තුඩු...
නවතනු නොහැකිය
ලියැවෙන මෙවදන්...

විස්මයෙන් නුඹේ ඇහි බැමි
ඉහළ එසැවෙනු ඇති
මට මැවී පෙනෙයි...
වියරු සතුටකි මසිතට
මේ නුඹේ විස්මය...

නවතනු නොහේ මේ පන්හිඳ
ලියන්නට ඇවැසිය
තව එක් වදනක් හෝ
නුඹේ තුවක්කුව
පත්තුවන්නට පෙර...

නොවෙහෙසෙන්න ගලවා දමන්නට
මා බිම වැටුණ පසුව
සුරතෙහි ගුලිව ගත්
මගේ පන්හිඳ...
එය නුඹට අයිති නැත ...

2008 ජූනි 1


ජගත් ජේ එදිරිසිංහ

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|

‘‘සමාවන්න’’

නිමිත්ත:
වසර සිය ගණනකට පෙර ඔස්ටේ‍්‍රලියාව අල්ලා ගත් සුදු මිනිසුන් තුවක්කුවේ බලයෙන් ආදිවාසී දරුවන් දහස් ගණනින් පැහැරගැනීමෙන් කළ අපරාධයට තමන්ගෙන් සමාව ගන්නැයි පැහැර ගැනීමට ලක් වූ අදිවාසීන් වසර ගණනාවක සිට කළ ඉල්ලීම ඔස්ටේ‍්‍රලියාවේ සුදු ජාතිවාදී ආණ්ඩු මේ තාක් කල් දරදඬු ලෙස පැහැර හැරියහ. පසුගිය දා බලයට පත් වූ නව ආණ්ඩුවේ අගමැති කෙවින් රඞ් මහතා 2008 පෙබරවාරි 13 වන දින සමස්ත ඔස්ටේ‍්‍රලියාව ම වෙනුවෙන් ආදිවාසීන්ගෙන් සමාව ගත්තේ ය. අතිශය සංවේදී වූ ඒ මොහොතේ දහස් ගණන් කලූ සුදු මිනිස්සු හඬා වැටුණ හ.

සුදු ඇසක කඳුලක්
රැඳුණි කලූ මිනිසකු වෙනුවෙන්
පැහැරගත් මවු ඇකයෙන්
හඬද්දී මහ හඬින්

බියෙන් ඇකිළී
ඔබා හිස මවු ඇකයේ
හැඬූ බිළිඳා නුඹය
අසරණව සුදු තුවක්කුව ඉදිරියේ

දූලි වැකි
මව් වැරහැළි ඇඳුම අස්සේ
සැඟව ගන්නට වෙර ගත්
ආදි වාසී බිළිඳා නුඹය
නැතිව පිළිසරණක්

නිරායුධ කලූ මිනිසුන්
බලා සිටියද ගල් ගැසුණු සිරුරින්
එසැවිය නොහැකිය අතකුදු
සුදු තුවක්කුව ඉදිරියේ

පළා හදවත වේදනාවෙන්
හෙළා ගංගා කඳුළු දෑසින්
බලා සිටියා මවුන් රාසින්

දරුවන් අහිමි වූ සොවිනා
හඬා මියැදුණු මව් වරුන් නමිනා
වැඩුණි මහ ගස් කඳුළු පිණි සළණා
ආදිවාසී දේසයේ ඉතිනා

ගෙවෙන හැම මොහොතම
හද දවන වේදනාවම
දරා වැඩුණි ද නුඹ ..?

දැනුණි ද මව් ඇකයේ උණුසුම
සුදු කඳවුරේ පොරෝණා තුළ
කෘතිම උණුසුමේ දැවෙනා සඳ..?

ආදරය අයදින
සිඟිති හදවත් කොඳුරණ
මව් උණුසුම ම ඉල්ලන
හූල්ලන ඉකි ගසන
හඬ ඇසුණි ද කිසිවකුට..?

කිසිවකුට දැනුණි ද
නුඹ හද හඬනා හඬ..?
කිසිවට දැනුණි ද
නුඹේ කඳුලේ උණුසුම..?

සමාවිය යුතුය නුඹ මුලූ ලොවටම
පමා වී හෝ තේරුම් ගත්
වසන් කළ සත්‍යය...
වසන් කළ නුඹ සුසුම් උණුසුම...

දුටුවෙද සුදු ඇසක නැගි කඳුල
දැනුණිද සහනයක් නුඹ සිතට
හඬා කම්පා වුණ
ආත්මය නිවා සනහන
එකමෙක වදන ඇසුණි ද
‘‘සමාවන්න’’

දිය යුතු ද සමාවක්
නොදිය යුතුවේ ද සමාවක්
තීරණය කළ යුතු වන්නේ
ඔබ ම පමණකි
දරුවන් නැති සොවින් හදවත්
පුපුරා මිය ගිය
අම්මාවරුනි....
මව් උණුසුම
හීනෙන් ගෑ සුවඳක් සේ
දිවිය පුරා විඳගත්
ආදිවාසී ළදරුවනි ....

ඔස්ටේ‍්‍රලියාව පැහැරගත් ආදිවාසී පරම්පරාවෙන් සමාව ගත් දිනය
2008 පෙබරවාරි 13

ජගත් ජේ එදිරිසිංහ

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|

අලූත් හුස්මක්

Posted by ඩෝසන්

අලූත් හුස්මක්

උඩින් ගහන විට උඩුකුරු හිනාවා
යටින් ගහන විට යටි හිත හ`ඩාවා
මුහුදින් ගහන විට රළ රැලි මනාවා
පුදුකුඩිඉරිප්පුවෙ ජන තව්තිසාවා.

මුලතිව් වනේ රොද බඳිනා රුපුන්නේ
මිනිස් පළිහෙ ඇයි තොප වද විඳින්නේ
මෑත් වෙයව් මේ අපෙ රජ ඔටුන්නේ
කේතුමතී රජදහනයි පෙනෙන්නේ.

වද කඳවුරේ කෙළෙසක දුක් විඳිනවද
අගල් කපාගෙන අගලෙම නිදනවද
බුදුන් දෙසූ බණ හීනෙන් ඇහෙනවද
සමාධි පිළිමය හීනෙන් පෙනෙනවද.

බඩගිනි වෙලා කොටු වී ඉන්නා සබඳ
වඩා සොඳුරු බඩගින්නද මරණයද
සදා සොඳුරු බණ පදයද වෙඩි හ`ඩද
බලන් ළෙලෙන අසිපත සිහ ධජය මැද.

කර්තෘ අඥාතයි

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|

අලූත් අවුරුද්ද සහ පාස්කුව

පුදුකුඩිඉරිප්පුව ගැන මට තියෙන්නේ පුදුම ඔරොප්පුවක්
අපේ එවුන්ට මේ පොඩි කෑල්ලට ගහල අල්ලන්න බැරි හැටි.

දැන් ඉතින් නවම් මාසෙත් ඉවරයි.
හෙට අනිද්දා
අකල්හි හමන කච්චාන් හුළ`ගට
එරබදු නෙත් කෙවෙනි පිපිරී ලේ ගලයි.
එතකොට අවුරුද්ද සමරන්නේ කොහොමද..........
කොවුලා ගීත ගැයුවත්,
ඌ ලගින්නෙත් කපුටාගේ කූඩුවේ.
කොළඹ කපුටෙක් නම්
කොවුලත් කොළඹ කොවුලෙක්.
කපුටා ඇමෙරිකන් නම්...............

පංචා අතක් දාන්න ආසයි
ඒත් ගොංගො නෑ.

මහ සිකුරාදා එන්නෙත්
අවුරුදු මාසෙමයි.
සිංහල ජාතියේ ජුදාස්වරුනි එදිනට
ගෙත්සෙමෙනි උයන සේ පෙනෙන
වන්නියට එන්න.
පාස්කුව එන්නෙත් බක් මහේ.
තම තමන්ගේ කුරුසිය
ලෑස්තිද..............

කර්තෘ අඥාතයි


මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|

ඉන්දියානු රුචිය අනුපානයට යොදා කළ මෙම සිනමා වියමන බි්‍රතාන්‍ය ජාතික Danny Boyle ගේ අධ්‍යඬණයකි. සංගීතය ඒ.ආර්. රහුමාන් ගේය.


මෙහි සිනමාකරණය හා කථාව කියන ආකාරය මෙන්ම නැවුම් ක්‍රමයන් අනුගමනය කරමින් කැමරාව මෙහෙයවන ආකාරය කථා කිරීම වැදගත් යැයි අප සිතුවා. සිනමා පටය රස විද ඒ ගැන කතා බහකට යොමුවෙන්න ඔබ සැමට
ආරාධනා කරනවා. ධනුෂ්ක ගුණතිලකත් ඒ සඳහා ඔබට සහය වනු ඇති.

දිනය- මාර්තු 28 සෙනසුරාදා පස්වරු 3.00ට.
තැන- ඇතුල් කෝට්ටේ විභවි ඇකඩමි කලාගාරය.

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|

මනරංජන මිත්‍යා කතා

නූතන සමාජයේ් අසන්නට දකින්නට ලැඛෙන භූතයන් සහ මළවුන් ආරූඨ වීම්, පුනරුත්පත්තිය ප්‍රකාශ කිරීම්, කනප්පු කරකැවීම් ආදිය පිළිබශව කරන ලද ගවේෂණ කිහිපයක් ඇසුරින් තිලක් සේ්නාසිංහ ලියූ මනරංජන මිත්‍යා කතා කෘතිය පසුගිය දා එළි දැක්විණ. සරසවි ප්‍රකාශනයකි.


හිස තෙල් ගෑම සහ හොඩ තෙල් ගෑම : කියවන්න.

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|

Imagine - John Lennon

Posted by Koombiya


Imagine there's no Heaven
It's easy if you try
No hell below us
Above us only sky
Imagine all the people
Living for today

Imagine there's no countries
It isn't hard to do
Nothing to kill or die for
And no religion too
Imagine all the people
Living life in peace

You may say that I'm a dreamer
But I'm not the only one
I hope someday you'll join us
And the world will be as one

Imagine no possessions
I wonder if you can
No need for greed or hunger
A brotherhood of man
Imagine all the people
Sharing all the world

You may say that I'm a dreamer
But I'm not the only one
I hope someday you'll join us
And the world will live as one

-John Lennon-

Vedio>>


මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|

....සුසාර දිනාල් ද දැන් සිනමා වේදියෙකි. සුසාර දිනාල් වැන්නකු චිත්‍රපටකරුවෙකු වෙතැයි සිනමාලෝලී අපට කිසි දා හැඟී නැත.....


.....හෙලිකොප්ටර්වලින් ගෙන්වා යාන වාහන පවා තෑගි කළ සැබෑ සුපර්ස්ටාර්ලා අද කොහිද? ඩාන්සින් ස්ටාර් චිත්‍රපටයේ්දී පවා සුසාරට ජෝතිපාලගේ්ගීත මත ද යැපෙන්නට සිදු වීම නූතන තරු සංකල්පයේ් සත්‍යය පසක් කරවයි.....

ගිහින් කියවන්න.


අජිත් ගලප්පත්ති
සුවරූප. සියත. 2009-03-08

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|


මේ දවස්වල ලංකාවේ වාම ලිබරල්වාදී සහ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී යැයි සැළකෙන බුද්ධිමතුන් බහුතරයකගේ සිත ගිය විනෝදාංශයක් තිබේ. ඒ පශ්චාත් යුද ගැටුම් විවරණ සම්පාදනයයි. ඒ යටතේ තොරොම්බල් කෙරෙන සාකච්ඡාමය තේමා ඕනෑ තරම් ය. පශ්චාත් කොටි සංවිධාන අවදිය තුළ දේශපාලනය ඉන් එකකි. පශ්චාත් ඊළම්වාදී දෙමළ ජාතිකවාදය තවත් එකකි.

zපශ්චාත් යුද කාලීන ජන වාර්ගික සම්බන්ධතා සහ රාජ්‍ය ප්‍රතිසංස්කරණ ගැනද ඇතැම්හු අදහස් පළ කරති. බැලු බැල්මට මේ zපශ්චාත් යුද ගැටුම් විවරණයන් විසින් පෙන්නුම් කරන්නේ යට කී ශාස්ත්‍රාලයීය බුද්ධිමතුන් තුළ ඇවිළෙන ප්‍රජාතාන්ති්‍රක උද්වේගය සහ සාමාජීය අනුරාගයයි. යුද සංත්‍රාසයෙන් මුසපත් වූ රටක් තුළ ඉතිරිවන දේශපාලන ව්‍යාකූලත්වයට සහ සාමාජීය වික‍ෂිප්තභාවයට මෙම උද්‍යෝගීමත් සාකච්ඡා මගින් පිළිතුරු සැපයෙතැයි අපේක‍ෂා කෙරේ......

කියවන්න.

රාවය. 2009-03-15. උපුටනය
Sri Lankan Diaspora වෙබ් අඩවියෙන්

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|

Bonjour!

“Bonjour Cinéma” is coming soon!
This free event is not to be missed!



Between 20th and 25th of March, 16 films will be screened at the BMICH.
Children's films will be at 2.30 pm and the adults films at 4.30 pm and 7.00 pm.
A feast for the eyes!


Synopsys of the films and more information are available on www.colombofilm.com.

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|

Source - www.w3lanka.com

අප මේ දකිමින් සිටින්නේ දිවයිනේ ඉතිහාසයේ ප‍්‍රචණ්ඩම කැරැුල්ල පෙර නොවූ විරූ ආකාරයකින් මර්දනයට ලක් කරමින් තිබෙන ආකාරයයි. ලාංකීය දෙමළ සමාජය සිය ජාතික විමුක්තිය ලෙස සලකන ඊලාම් රාජ්‍යය වෙනුවෙන් ගෙවමින් සිටින මිළ අතිමහත්ය. එපමණක් නොව සමස්ත ලාංකීය සමාජයම මෙම යුද්ධයත් සමග විශාල පරිවර්තනයකට ලක් වෙමින් සිටියි. ප‍්‍රජාතන්ත‍්‍රවාදී සමාජ අවකාශය මත යුද්ධයේ ඝන අඳුරු සෙවණැල්ල තිරසර හා භයංකාර අන්දමින් පතිත වෙමින් ඇති අන්දම සිවිල් සමාජය නිහඬව නිරීක්ෂණය කරමින් සිටියි. සාමාන්‍ය ජනතාව වන අපි හිරි වැටුණු මනසින් යුතුව මළ මිනී වර්ග කරමින් සිටිමු. ලංකාව සර්ව සම්පූර්ණ දූපතක් පවට පත් කරමින් ලෝකය එතෙර සිට නිහඬව බලා සිටියි.


යුද්ධයෙන් පසු බිහි වන නවමු දේශයේ අරුණලූ සංකේතවත් කරමින් අකුරැස්සේ බෝම්බයක් පිපිරී ගියේය. මගේ මතකය නිවැරදි නම්, ත‍්‍රස්ත ප‍්‍රහාරයකින් අකුරැුස්සේ මිනිසුන් මියගියේ 19 වසරකට පසුවයි. කොටි සංවිධානය වන්නියේදී සම්ප‍්‍රදායික යුද්ධයේ අවසානය සාමූහික මරාගෙන මැරෙන ප‍්‍රහාරවලින් සලකුණු කරන අතර අකුරැස්සේ බෝම්බයක් පිපිරවීමෙන් සංකේතවත් කරන්නට උත්සාහ දරන්නේ ඔවුන්ගේ යුද්ධයේ මීළඟ අදියරේ ස්වභාවය විය හැකිය. මුළු මහත් ලංකාවම අනාරක්ෂිත තත්වයකට පත් කරන්නට මරාගෙන මැරෙන බෝම්බකරුවන් හරහා ඔවුන් උත්සාහ කරනු ඇති බව පෙනේ.

රජය මෙම තත්වයට මුහුණ දීම සඳහා ආරක්ෂක ව්‍යූහය ප‍්‍රතිසංවිධානය කරනු ඇත. ඒ සඳහා ප‍්‍රභූ ආරක්ෂක විධිවිධාන තර කිරීමටද, මුරකපොලූ වැඩි කිරීමටද, හමුදාවලට සහ පොලීසියට තව තවත් සාමාජිකයන් බඳවාගැනීමටද, ජනතාව ත‍්‍රස්ත ප‍්‍රහාර වැළැක්වීම සඳහා නිරන්තර යුද සූදානමක තැබීමටද සිදු වනු ඇත.

ආරක්ෂක ලේකම්වරයා මීට සති කීපයකට පෙර මාධ්‍යවලට පවසා තිබුණේ යුද්ධයේ අවධි තුනක් ඇති බවයි. පළමු අදියර, දැනට කෙරෙමින් ඇති කොටි පාලන ප‍්‍රදේශ සියල්ල අත්පත් කරගැනීමේ අවධියයි. දෙවැන්න, ඉතිරි ගරිල්ලා ප‍්‍රතිරෝධය මුලිනුපුටා දැමීමයි. අවසන් අදියර වන්නේ ස්ථාවරභාවය තහවුරු කිරීමයි. කොටි සංවිධානයට ආපසු පැමිණීමට ඉඩක් ඉතිරි නොකරන බව ආරක්ෂක ලේකම්වරයා විදේශ ප‍්‍රවෘත්ති සේවයකට පවසා තිබිණි.

දැවැන්ත යුදමය පසුබෑමකට මුහුණ දී සිටින කොටි සංවිධානය යුද්ධයේ මීළඟ අදියරේදී භාවිතා කරන ප‍්‍රබලම අවිය බවට පත් වනු ඇත්තේ මරාගෙන මැරෙන බෝම්බකරුවා විය හැක. එවන් පසුබිමකදී ස්ථාවරභාවය තහවුරු කිරීම සඳහා රජයට දරන්නට සිදු වන පිරිවැය අධිකය. මුල්‍යමය වශයෙන් සලකා බැලූවහොත් කොටින්ට රටේ ආරක්ෂාව අවුල් කිරීම සඳහා දරන්නට වන්නේ අවම පිරිවැයකි. සමාජ දේශපාලනික වශයෙන් රෝගී ලාංකීය සමාජය මරාගෙන මැරෙන බෝම්බකරුවන් බිහිකරන කර්මාන්ත පුරයක් වෙමින් තිබේ. හුදෙක් ආරක්ෂක වියදම් වැඩි කළ පමණින් මෙම තත්වය වෙනස් කළ නොහැක. සමාජ, දේශපාලනික ප‍්‍රශ්න සඳහා විසඳුම් ලබාදිය යුතුය.

එය අති දැවැන්ත අභියෝගයකි. වත්මන් පාලනයට එය කළ හැකිද? මහින්ද රාජපක්ෂ රජයට ජාතීන්ගේ ප‍්‍රශ්නයට විසඳුම් ලබා දීමේ ලා බලය බෙදීමේ වැඩපිළිවෙලකට යාමට ජනවරමක් නැති බව ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු සිංහල ජාතිකවාදී බලවේගවල අදහසයි. රටේ ආර්ථික ප‍්‍රශ්නවලට විසඳුම් ලබා දීමේ සමත්කම ඇත්තේ තමනට බව එක්සත් ජාතික පක්ෂයේ තර්කයයි. එහෙත් එජාපයට තම අර්බුදයට විසඳුමක් නැත. නායකත්වයට අභියෝග කරන්නන් මිස, එජාපයට විකල්ප නායකයන් නැත.

යුද්ධයේ මහ දිග කතාව දිගහැරෙමින් තිබෙන අතරතුර අනෙක් පැත්තෙන් දැවැන්ත ආර්ථික අර්බුදයකටද රට මුහුණ දෙමින් සිටියි. උග‍්‍ර වෙමින් තිබෙන විදේශ විනිමය සංචිත ක්ෂය වී යාමේ මහා අර්බුදයට පිළියම් යෙදීමට රජය බලාපොරොත්තු වන ප‍්‍රධාන මාර්ගයක්ද වැටී ඇත්තේ යුද්ධය මැදිනි. උතුරේ අවතැන් වූවන් සඳහා කඳවුරු පවත්වාගෙන යාමට, බිම්බෝම්බ ඉවත් කිරීමට, යටිතල පහසුකම් සංවර්ධනයට හා යළි පදිංචි කිරීම් ආදිය සඳහා රජය ලබාගැනීමට බලාපොරොත්තු වන විදේශ ආධාර මෙම අර්බුදය පියමං කරගැනීමට ප‍්‍රධාන මාර්ගයකි.

ලංකාවේ ව්‍යපෘති අවසන් කර කාර්යාල වසා දමා යන්න ගිය ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග රජය දැන් නැවතත් සාකච්ඡා ආරම්භ කර තිබේ. ලබාගැනීමට අපේක්ෂා කරන රුපියල් කෝටි 22,000ක ණය මුදල වෙනුවෙන් කුමන කොන්දේසිවලට යටත් වන්නට රටට සිදු වේද යන්න අභිරහසකි. ලංකාවේ ස්වභාවික සම්පත් ඩැහැගැනීමට හා යුද්ධෝපායික හා ආර්ථික වශයෙන් ලංකාවේ පිහිටීමේ ඇති වැදගත්කම සිය වසඟයට ගැනීමට මාන බලන විදෙස් බලවේගවලින් රටේ ස්වෙරීත්වයට එල්ල වන්නේ දැඩි අභියෝගයකි.

මේ යුද්ධයෙන් පසුද ඇත්තේ තවත් යුද්ධ මිස සාමය නොවේ.

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|
|




ගීතය සංස
කෘතික අංගයක් ලෙස ශී්‍ර ලාංකික ජන මනස තුල සැළකිය යුතු අවධානයක් යොමුකරවා ගැනීමට සමත්ව ඇත. මෙහි වන විශේෂත්වය නම් වඩා සෞන්දර්යාත්මක චින්තනයකට මුසුවෙමින් ඊට සරිලන ආකාරයේ රිද්මයක හා සුමියුරු සංගීත රටාවන් අනෙකුත් වින්දන මාධ්‍යයනට වඩා වෙනස් වූත් මනහර වූත් රසඥතා ආරක් මිනිස් මනසට හ`දුන්වා දීමයි. එසේ හෙයින් ආකෘතිවල වෙනස්කම් වලින් යුතු වුවද ගීත වින්දනය තව දුරටත් ව්‍යාප්ත වෙමින් පවතී.

ගීත රචනයකදී ගීත රචකයා විසින් නියෝජනය වනුයේ සමාජය තුල ස්ථාපිතව ඇත්තාවූ පොදුජන විඥානයයි. එසේත් නොමැතිනම් ගීතය තුළින් ඉස්මතුවන අදහස් පොදුජන මනස වෙත ද යම් බලපෑමක් සිදුකරනු ලබයි. එA අනුව ගීතය හා ජනවිඥානය යන විචල්‍යයන් අතර අනෝන්‍ය සබඳතාවක් ඇත.

ගීත රචනය සඳහා වස්තු බීජ සපයා ගැනීමේදී වඩා සුලබව භාවිතා කෙරෙන සුලබ වස්තු විෂයයන්, සුලබ උපමාවන් කිහිපයක් දක්නට හැක. ඉර, හඳ, යෞවන ප්‍රෙAමය, මව් ගුණය ඒ අතරින් කිහිපයකි. ඒ අතරින් —කාන්තාව˜ යන වසAතු විෂයද අතිබහුල ලෙස ගීත සාහිත්‍ය තුල භාවිතා කර ඇත. එය විවිධාකාරයේ දෘෂ්ඨිකෝණයන් වලින් විග්‍රහ කොට ඇත. මේ සඳහා ඉතා ඈතට විහිදී ගිය ඉතිහාසයකට හිමිකම් කියන අතර මෑත කාලය තුල වුවද එකී සුලබ බව නොවෙනස්ව ඇත.
මෙම ලිපිය තුල මාගේ උත්සාහය වනුයේ ශී්‍ර ලාංකික මෑතකාලීන ගීතය තුලින් පැහැදිලි වන ස්ති්‍රයගේ භූමිකාව පිළිබඳව වන ආකල්පය හ`දුනා ගැනීමයි.

වචනය සහ වාක්‍ය සඳහා සෞන්දර්ය මුසු කොට ඊට සමාන්තර රිද්මයකට අනුව හැඩගැන්වෙන ගීතය තුල කාන්තාව යන භූමිකාව හ`දුනා ගැනෙනුයේ පිරිමියාට සාපේක්ෂවය. මිනිසාගේ සාහිත්‍යමය නිර්මාණයන් බිහිවීම පීතෘ මූලික සමාජ පසුබිමක සිදුවන නිසාදෝ බොහෝ විටෙක පිරිමියා යනු දැඩි, රළු, බලවත් චරිතයක් ලෙසත් කාන්තාව යනු බොළඳ, සුකුමාල, අහිංසක, සංවේදී මේ නිසාම බලයෙන් හීන අයෙකු ලෙස සාමාන්‍යකරණය කරයි.
බොළඳ ලියා සුකොමලියා - මාව දමා යන්න ගියා

තමන් වෙත අහිතක් සිදුකළද ස්ත්‍රිය කෙරෙහි වන ආකල්පය එසේමය. මෙකී ආකෘතිය නොයෙක් ආකාරයෙන් සෞන්දර්ය පිරිවරා ඉදිරිපත් වේ. එවන් විටෙක දෘඩ වූ බඹරා පිරිමියා වන විට සියුම් ලස්සන මල කාන්තාව බවට පත්වේ.
මලින් මලට පියඹලා - රොන් උරන්නේ නැහැ මෙමා
ඔබේ රුවට වස`ග වෙලානේ - රස මියුරු මේ සැන්දෑවේ
ආදරේ කියයි මෙසේ....

ගීත රචකයා තම අවිඥානික හැඟීම මනා ලෙස ඉදිරිපත් කරනු ලැබේ
බඹර පහස ලබන මලක්දෝ - බඹර සුවය සොයන මලක්දෝ

මෙම ගීත රචනයෙහි සෞන්දර්ය ඉවත් කළ හැකිද? එවිට ඉතිරිවන අර්ථය කුමක්ද? පිරිමියා සහ ගැහැණිය අතර වන බල සබඳතාව වටහා ගැනීමට මෙය පිටුවහලක් වනවා නිසැකය. සරලව ගතහොත් පිරිමියා ප්‍රබලයා සහ කාන්තාව දුබලයා වේ.

මෙවැනි වටපිටාවක් තුල කාන්තාව යනු ශක්තියෙන්, බලයෙන් සතු නොවන සුකුමාල, අහිංසක තැනැත්තියක් වන විට පුරුෂයා යනු කාන්තාවට අවශ්‍ය රැකවරණය සලසන තැනැත්තා වේ. බල ව්‍යූහය තුල කාන්තාවට සාපේක්ෂව ඉතා ඉහළ බලයක් පුරුෂයා සතුකර ගනී. මේ නිසා ස්වභාවික සිදුවන සත්‍රී පුරුෂ ආකර්ෂණය තුලදී ඇගේ ආදරය ලබා ගැනීමට බල ධූරාවලිය තේරුම් ගෙන තමන්ගේ බලයෙන් ශක්තියෙන් කාන්තාවට රැකවරණය සැලැසනවා යැයි අල්ලස් දීමට ඉදිරිපත්වන්නෝ සිටිති.
මැණිකක් රකිනා නා රජිෙඳකු සේ
මම ඔබ නිරතුරු රකිමී.......
තමන් බලධූරාවලියේ පිරිමියාට වඩා පසුපස බව සිතනා කාන්තාවන් ද පිරිමියාට දෙවැනි වී ඔහුගේ සරණ පතා යති.
ඔබගේ සෙවණේ දැනෙන සහනේ - වේවා සදා වාසනාවන්
ඔබගේ සරණේ නොනිමි සෙනෙහේ - සසර සරණ තුරුම වාසනා

එකී සෙවණේ බැඳීමට සමහරුන් එක`ගවන්නේ තවත් කාර්යයන්ද ඉටුකර දෙන බව පවසමිනි.
නුග සෙවණක් සේ නුඹට සෙවණ සදන්නම් ළ`දුනි
ම`ද පවනක් සේ නුඹට සිසිල සදන්නම් ළ`දුනි

තම සරණ පතා පැමිණෙන ස්ත්‍රීන් වෙත ලොබ බැඳගත් පිරිමින් අන් පිරිමින් හා දැඩි තරඟයක නිරත වන්නේ සැබෑවටම ස්ති්‍රයට ඇති ආදරේ නිසාද නැතිනම් තමන් තුල ඇති ලෝබය නිසාද?
ඔබ තෙමෙයි කියා බයයි - වැසි වසියි සුළං තදයි
කුඩයට ඔරොත්තු නොදෙයි - සාරිය පිට මඩ ඉහෙයි
සළුපිළි සිරුරට ඇලෙයි - පිට මිනිස්සුන්ට පෙනෙයි
සඟවන්නෙමි ඔබ මගෙන් - දිව එන්නට මට හිතෙයි

අන් පිරිමියා සමඟ වන තරඟය තව තවත් උත්සන්න වෙයි. ඒ කෙතෙක්ද යත්, තමන්ගේ වස්තුව (භාණ්ඩය ?) තවත් කෙනෙකුට පෙන්වීමට වත් අකමැති වෙයි.
සඟවා ගනු මැන ඔඛෙ රුව සොඳුරියෙ
අන් කිසිවෙකු ඔබ මුවමත ගැටෙතැයි මා හද බියෙවී
සැලී සැලී යයි...............

තවත් තර්ජනය උත්සන්න වූ විට තම ස්ති්‍රය ලෝකයෙන්ම හුදෙකලා කොට තැබීමට පවා පිරිමියාට සිත්වේ. ඒ එවිට පිරිමින් නොමැති නිසාත් තමන්ගේ වස්තුව තමන්ගෙන් සොරා ගැනීම යන සැකය ඉවත් වන නිසාත්ය.
මහ වන පියසක අඳුරු ගුහාවක
යම් දිනයෙක ඔබ සඟවා තබනෙම්

එකී තණ්හාවේ උපරිම ස්ථානයේදී තමන් විඳින රුව හිරු රැසකට පවා විඳීම ඊර්ෂ්‍යා එළවෙන සුළු සිද්ධියක් වේ.
හිරුරැස් බිඳකුදු ඔඛෙ රුව දුටු සඳ
ඉරිසියාවෙන් පිරවෙයි මා හද

මේ ආකාරයෙන් ගැහැණිය පිරිමියාට අයිති වන ක්‍රියාදාමය ඇරඹේ. එය නීතිිය තුල, සංස්කෘතිය තුල, ආගම තුල ද කාලානුරූපීව ස්ථාපිත වේ. නමුත් ගීතය තුල බොහෝ දුරට සැබෑම මානුෂීය හැඟීම් ප්‍රකාශ වන නිසා එමඟින් සැබෑම සමාජ තත්ත්්වය හා යථා හැඟීම් ප්‍රකාශ කරනු ලබයි.
මේ ආකාරයට පිරිමියා විසින් ස්ත්‍රිය කෙරේ ආධිපත්‍ය පතුරුවාලීමට කරන උත්සාහයේ දී සAත්‍රිය සිදුකරනුයේ මිනිසුන් බොහෝ දෙනෙකු මෙන් මෙම ආධිපත්‍ය අභිබවා යාමකට වඩා එA සඳහා අනුගත වීමයි. එනිසා ඇය තමන්ව ආධිපත්‍යයට ගැනීමට සුදුසු පිරිමියෙකු සොයයි. ඒ සඳහා තමන් කාන්තාවක ලෙස වන සුදුසුකම හ`ඩඟා කියයි.
ගාට ගාට ඇවිදින් ඇස් දෙක වහලා හිනාවෙන්න
ආදරේට කොනිත්තලා පෑල දොරෙන් පැන දුවන්න
රෑට රෑට ඉහ ඉද්දර කොඳුර කොඳුර කවි කියන්න
පාට පාට පන්පැදුරේ මටත් ටිකක් ඉඩ තියන්න

එAත් සමඟම කාන්තාවන් අතරද තරඟයක් ඇති වන්නේ තමන්ට සරණ යාමට හොඳම පිරිමියා සොයා ගැනීම සඳහාය. මේ නිසා තමන් ලබන පිරිමියාට තමන් විසින් සිදුකරන ආවතේව කටයුතු හා තමන් සතු වන හැකියාවන් ඇය විසින් පවසනු ලබයි.
හාල් ගරන්නත් පුළුවන් වතු=ර තියන්නත් පුළුවන්
ඇට්ටකුණා වෙන්නෙ නැතුව බතත් උයන්නම්
හොදි එAදන්නත් පුළුවන් කූරුගාන්නත් පුුුුුළුවන්
අඩුගානේ කිරිහොද්දක් හදල තියන්නම්

තමන්ට පුරුෂාධිපත්‍ය සමාජය විසින් නියම කරන ලද කාර්යභාරය මේ අනුව අවිචාරවත්ව භාරගනු ලබයි. තමන්ට හිමි ස්ථානය සඳහා වන තරඟයට ඉල්ලූම්පත්‍රයට අදාළ සුදුසුකම් ප්‍රකාශ කිිරීමට ඇය කිසිවිටෙක මැලි නොවෙයි.
මල් හිටවන්නත් පුළුවන් - වල් ගලවන්නත් පුළුවන්
පහන් පැළක් වගේ ගෙපැල එළිය කරන්නම්
හොඳට අ`ඩන්නත් පුළුවන් - නාඩාම ඉන්නත් පුළුවන්
ටිකදොහකින් දරු පැටියෙක් තෑගි කරන්නම්

ලිංගික ඊර්ෂ්‍යාව යනු අතිශය දරුණු දෙයකි. තමන් සතු වස්තුවක් අන් කිසිවෙකු පළුද්දකට ලක් කළා යැයි සිතුනොත් හට ගන්නේ දැඩි වේදනාවකි.
පුංච් ද`ගකාරියේ විහ`ග ගීයෙන් ගැයූ
කිමද රණ තිසර ලියතඹර පෙති ගිලිහියේ
කවුරුන්ද මල් වයසේ මගේ යහන ගිනිබත් කළේ
මනමාලියේ

කාන්තාවකගේ පාරිශ=ද්ධත්වය ඇය අයිති වන පිරිමියා පමණක් නොව අනෙක් පවුලේ සාමාජිකයින් ද විමසිල්ලෙන් බලා සිටින්නකි.
සුදු පිරුවටයයි මංගල යහනයි ක`දුලින් තෙමණු එපා
ඔබේ නිදොස් බව ලොවට කියන්නම්
මට දොස් න`ගනු එපා

මෙකී ඉල්ලූම් පත්‍රයේ තිඛෙන සුදුසුකම් ලැයිස්තුව ධනවාදී ක්‍රමය අප ආක්‍රමණය කිරීමට පෙර සකසුවූවකි. විශේෂයෙන්ම සුදුසුකම් ලැයිස්තුයට මූල්‍යමය සාධකය පැමිණෙනුයේ ධනවාදයේ ආක්‍රමණයත් සමඟය.

මුදල් යනු මානුෂීය හැඟීමක් නොවන නිසාත් ගීත රචකයා බොහෝ දුරට සැබෑ මනුෂ්‍යත්වය තුලින් ආමන්ත්‍රණය කරන නිසාත් ධනවාදයේ ආධිපත්‍ය තුල වුවද මූල්‍යමය සාධකය බොහෝ දුරට ගීත රචනය තුලින් ඉදිරිපත් නොවේ. නමුත් මෙකී අර්බුදය ගීත සාහිත්‍ය තුල වෙනත් දෘෂ්ඨිකෝණයන් මඟින් ඉදිරිපත්ව ඇති ආකාරය දැකගත හැක.
දෑවැදි දෙන්නට රන්මසු පොදි නැති ගෙදරට බරවුණු බාල නෙඟ්
නුඹ ගෙනියන්නට ගමෙත් කෙනෙක් නෑ රටෙත් කෙනෙක් නෑ බාල නෙඟ්

මේ අතරතුරදී ප්‍රායොගික ජීවිතයේ දී කෙසේ වෙතත් ගීත නිර්මාණය තුලදී තම හෘද සාක්ෂිය තව දුරටත් පවතින හෙයින් ධනවාදී ක්‍රමයට එරෙහි වීමට එතරම් වෙහෙසක් අවශ්‍ය වන්නේ නැත.
රවුම් කඩේ ළ``ග හිටගෙන ඉ`දපන්
ඉවුම් පිහුම් ගැන නිතරම සිතමින්
දෑවැද්දත් අරගන්නෑ මම නම්
පෙරැත්ත නැතිවම කරත්තේ නැ`ගපන්

ධනේෂ්වර ක්‍රමයේ ආගමනය එතෙක් පැවති සමාජ තත්ත්වයන් කෙරෙහි දැවැන්ත අභියෝගයකට ලක්කලා පමණක් නොව එය අනිවාර්යය වූවක් ද විය. එය සුභවාදී අසුභවාදීද යන්න වෙනමම සාකච්ඡා කළ යුත්තකි. කෙසේ වුවද කාන්තාව පිළිබ`දව වන ප්‍රතිරූපය ධනවාදී සමාජයේ අභියෝගයට ලක්වීම පිරිමියා අතිශයින්ම කම්පනයට පත්කළ තත්ත්වයකි.
ශිල්ප සො`දින් දැන ගන්ට ගිහිං නුඹ යහතින්දෝ කොලොම්පුරේ
ඉන්න නොවේ මියැදෙන්න සිතයි මට නුඹ නැතිහන්දා මං තනිවේ

අකමැත්තෙන් වුවද සිට ජීවිකාව වෙනුවෙන් නගරයට ගොස් අධ්‍යාපනය ලැබීම හෝ රැකියාවක් කිරීමට සිදුවේ. එකී වෙන්වීම පසුපස පුරුෂ ආධිපත්‍ය ගිලිහී යාමේ කම්පාවද දැක ගත හැක.
මෙවලම් මොකටද මෙතරම් පැළදුවේ සමනලියේ
උස්වැඩි පාවහන් යුගල යයි විසිවී ලොල්ලේ
මල් පෙත්තක පාට ගෑවේ ඇයි සියුමැලි දෙතොලේ
කොළඹ ගිහිං ඉගෙන ගත්තේ මේවද මගේ කෙල්ලේ

ධනවාදී සමාජය ස්තී්‍රපුරුෂ සීමාකම් නොසලකා නිදහස් තර`ගයට ආරාධනා කරයි. කාන්තා ලාභ ශ්‍රමයට ඉල්ලූම වැඩිය. එනිසා ගමේ කාන්තාව නගරයට විත් රැකියාව සම`ගම සංස්කෘතියට හුරුවීම නිසැකයෙන්ම සිදුවේ. එය ගමේ පිරිමියා දකිනුයේ තමන්ට අභියෝගයක් ලෙසත් තමා ට ළ`ගා නොවිය හැකි දෙයක් ලෙසත්ය. මෙනිසා ඔහු තමන්ගේ විරෝධය දැඩිලෙස ප්‍රකාශ කරයි.
මේ අතර කාන්තා ආකර්ශනයේ ප්‍රධාන දේ බවට පත්වන්නේ ද මුදල්ය. එසේ මුදල් නොමැතිව කාන්තාව තමන් ට අහිමි වූ පිරිමින් බොහෝමයකි.
රන් මසු නෑ කියා
මා දිළි`දුයි කියා
කීවා ......
මට තව මතකයි ඒවා

කවුළු පියන් පත් වහන්න ස`දළු තලාවේ
ඔබ දුරයි නෙතට මා සිටිනා ළවැලි තලාවේ

මේ අතර පසු ධනවාදී සමාජය තුල කිසියම් වූ වෙනසක පෙරනිමිති ද දක්නට ඇත.
මදුරු කොයිල් පත්තු කරලා ඔබ ගාවින් තියන්නම්
එළිවෙනකම් නිදිමර මර මදුරුවෝ ටික තලන්නස

පොල් කඩලා ගාලා දෙන්නම්
මම කියන වැඩක් කර දෙන්නම්
මොකද අඩු පාඩු මගේ....

සෞන්දර්ය සපයන්නා වූ වස්තු විෂයක් ලෙස කාන්තාව තරම් වන අන් දෙයක් නැති තරම්ය. එහෙත් ඇය සම්බන්ධයෙන් අප කෙතෙක් දුරට සංවේදී යන්න පැහැදිලි කරගැනීමට බස් රථයකට ගොඩවුවත් ප්‍රමාණවත්ය. ඇයට වි`දීමට සිදුවන සෘජු ප්‍රචණ්ඩත්වයන් අසීමිතව තිඛෙන කළෙක, ඇයට මිනිසෙකු ලෙස අනිවාර්ය කොට ඇති දුක්ඛිත තත්ත්වයන් (සංස්කෘතික, ආගමික, ව්‍යූහයන් මත) පිළිබ`දව අප කවදා සංවේදී වෙමුද.......?

-සංඛ කිරි`දිවැල

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|


මේ සම්බන්ධයට නමක් ලියලා එවනවද? - අරවින්ද පෙරේරා

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|


වර්ෂා

ලෝදිය උතුරන
මේ මහ පොළවට
පුංචි දිය බිඳකි - වර්ෂා

අග්නි පිපාසිත
උඩු සුළෙෙඟ්් වැද
කොහි ගියාද නුඹ - වර්ෂා

ආයෙත් නම් මේ
කාෂ්ඨ පොළවට
වහින්නෙපා නුඹ - වර්ෂා

නුඹට ලොවක් නැති
අපට උරුම නැති
සිහිනයක්ය නුඹ - වර්ෂා

රුහිරු පොළව මත
කාසි මල් පිපෙයි
හඬන්නෙපා නුඹ - වර්ෂා

සූර්ය සප්තකය
යුගාන්ත ගිර මත
නැග එනවා දුව - වර්ෂා

වළාකුළක නුඹෙ
පුංචි හිස හොවා
මුවා වෙන්න නුඹ - වර්ෂා

සඳ ම~ලට නැගඟ
කිරි සයුරේ නුඹෙ
දෙපා පොඩි දොවන් - වර්ෂා

තඳුළු උනන්නැති
අපේ ඇස්වලට
පෙනෙන්නෙපා නුඹ - වර්ෂා

-ත්‍රිමලයේදී කප්පම් කල්ලියක් විසින් ඝාතනය කරන ලද ජූඩ් රෙජි වර්ෂා දියණිය නමිනි.

අජිත් පැරකුම් ජයසිංහ

*******************************

වරදින හැම ඉලක්කයක්ම රෝස මලකි

රෝස මල් නොපිපෙන්න හිස සඟව සැගවෙන්න
පෙති හකුල ලතැවෙන්න කටු තුඩුම පොපියන්න
නටු බඳේ කටු ඇන්න
බඹරුන් ද සිත් තැවුන

වෙඩි මුසුව මද නලට
මළ ඛෙර වයන කොවුල් නද

දෑතින්ම පස පෙරළ
රෝස මල් වලලන්න...

ඩෝසන් පී්‍රති

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|

අනේ සුසානෝ අපි ටී.වී. බැලූවොත්නං
දේසප්රේමෙ රෙදි පල්ලෙං බේරෙනවා
හෙළුසල මහ එවුං රණ විරුවංගේ
රේන් කෝට් එකෙනුත් යටි මඩි ගහලා

සිංහ නැට්ට දාලා හංකිති කවලා
යටි මඩි ගහන විට ජීවිත කොල්ලන්ගේ
රේන් කෝට් එක අහවල් ලබ්බක්ද?
කට කොකියන නිසයි මං මේ අහන්නේ

ඩෝං පුතා

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|

අවසාන කවියට පෙර කවිය

ඔව් ඇත්ත මං සිංහලයෙක්
ඔව් සිංහලයෙක්
මං සිංහලයෙක්
ඇත්ත සිංහලයෙක්.

දෙමළින් දකින හීනය
දෙමළින් දකින්නට ඉඩ හළ
නිසාවෙන් හෙළදිව
වසන්නට ඉඩ නොම ලද.

මම හිතන්නේ සිංහලෙන්.
හෙළදිවෙන් අතුගා දැමෙන
අන්තිම දෙමළා ගැනත්
කවි ලියන්නේ සිංහලෙන්.

සිංහල ම වූ නිසා
කවි ලියන මගෙ අත් වලත් ලේ.
පෑනෙන් උනන්නෙත් ලේ.

සිංහලෙන් හිනාවෙන්නයි මං කැමති.
ඒ නිසාමයි මට හිනාවෙන්නට බැරි.

සයිවර් කඩෙන් කන ගමන්
හිතෙන් මුලතිව් අල්ලන මගේ මිතුරා
ඊ තැපෑලෙන් මට
උලූඳු වඩයක් එවා තිබුණා.

ජීවිතය අන් තැනක ගෙවුණාට කම් නැත මිතුර
මව් බිමෙත් පිටුවහල්ලූ ම නම්.

අලූත් කවියක් සිතේ නළියයි
ඒත් දෙමළකු ගැනමයි.
ඔහු අලූත් දෙමළෙක්.
සිංහලට හිනාවෙන දෙමළෙක්.

මම ඔහුට සිංහලෙන් සුබ පතමි.

කර්තෘ අඥාතයි

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|

Four Line Long Poem - Hurricane

Posted by Anjana Jayaweera
|

වයලීනයේ තත - String of the Violin

Posted by Anjana Jayaweera 3.16.2009
|

සසර දුක

අසපු‍වේ
සුදු සිනිදු මුදු වැල්ල,
‍‍බෝ ග‍‍‍සේ
ලා දළු සිලි සිලිය,
පහන් සිල
පහන් සිලු රංගනය,
තාපසය,
නුඹට පවසාද සසර දුක

* * * * * * *
රස්සාව අහිමි වී
සාදුකින් ‍‍පෙ‍‍‍‍‍ලෙන විට,
වැසි දියට
‍‍‍ගේ ඇතුල ‍‍‍තෙමෙන විට,
‍‍‍‍‍‍පොඩි එකා කිරි නැතිව අඩන විට,
දහස් වර දැ‍‍‍‍නේ මට
සසර දුක

පූජාත පූජනීයානං

ඉවු‍‍‍‍‍‍රේ නා ග‍‍‍‍‍සේ මල් වැටුණම ගගට.......
ගග ඒ මල් පුදයි ගං ‍‍‍‍‍‍‍‍‍තෙර බුදු රුවට.............


කිරිදිවැල පාලිත ‍‍‍‍‍‍‍‍‍සේනාරත්න
www.palitha-kavi.blogspot.com

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|

සමරෙගෙ විශ්වය සහ ඇම්ඩන්

Posted by විශේෂ ලියුම්කරු-ඇම්ඩන් 3.12.2009

ඔන්න හාහාපුරා කියලා ඇම්ඩන් අතිවිසාල ලෙස දන්නා සබ්ජෙක්ට් එකක් ගැන රසවත්ම රසවත් බූන්දි වගේ ලිපියක් කියවන්න ලැබුනා අහම්බෙන්, මෙන්න මෙ තමයි ඒක, අහුලගත්තේ අර කාටත් නිකම් එව්වා මෙව්වා හිතෙන ලෝකප්ප‍්‍රසිද්ද බූන්දි අඩවියෙන්,... යකාගේ අඩවියෙන් ...











දේවල් සැදී ඇති දේවල් - සමර විජේසිංහ

පහත දැක්වෙන්නේ මා විසින් ලියූ කවියක්. නම: සංක‍්‍රාන්තිය

දැන් ලබා ගත හැක
සත්‍යය
විවිධ වර්ණයෙන්
විවිධ හැඩයෙන්
වඩා හොඳ
බුද්ධිමය තත්ත්ව යටතේ
නිෂ්පාදනය කළ

සහතික කරන්නෙමු
එක් එක් වර්ණ හා හැඩ
පරිවර්තන නොව
ව්‍යාජ අනුකරණ නොව
වෙන වෙනම සත්‍යයන් බව

මෙය සත්‍ය කවියක් මෙන් නොපෙනුනත් මෙම කවිය සත්‍යයක්. මීට පාදක වුණු ‘දෙය’ කිව්වොත් ඔබ එය පිළිගනු ඇති. කවියේ පසුබිම් කතාව මේකයි.
විශ්වය සැදී ඇති විදිය කියවන්න අපි න්‍යායන් දෙකක් පාවිච්චි කරනවා. මන්දාකිණි තරම් විශාල පරිමාණයේ දේවල් සඳහා සාපේක්ෂතාවාදය සහ පරමාණු තරම් ඉතා කුඩා දේවල් සඳහා ක්වන්ටම් න්‍යායය. මේ දෙක දෙකක්. වෙන වෙනම පාවිච්චි කළ යුතුයි. සාපේක්ෂතාවාදය හා ක්වන්ටම් න්‍යාය එකට පාවිච්චි කරන්න බෑ. එ් දෙකේ එදිරිවාදීකම් තියෙනවා. සුවිශාල සහ ක්ෂුද්‍ර සියල්ලට පොදු න්‍යායක් තවම සොයා ගෙන නෑ. මේ සොයා ගෙන නැති දේ සොයා ගැනීම භෞතිකඥයන්ට සහ ගණිතඥයන්ට තියෙන අවුරුදු සියයක් පරණ අලූත්ම අභියෝගය. විශාලතම අභියෝගය.

භෞතිකඥයන් මේ සඳහා න්‍යායයන් සොයා ගනිමින් හා නැතිකර ගනිමින් ඉන්නවා. දැනට භෞතිකඥයන්් පාවිච්චි කරමින් ඉන්නේ අවුරුදු පනහක් විතර පරණ ‘ස්ටි‍්‍රං තියරි’ යනුවෙන් ජනප‍්‍රිය දෙය. එ්කට සිංහලෙන් ‘තංතු න්‍යායය’ කියල කියන්න පුලූවන්. තංතු න්‍යායයේ එන පරම අංශුව තිතක් වගේ දෙයක් නෙවේ, තංතු කෑල්ලක් වගේ දෙයක්. මේ තංතු කෑල්ල කොච්චර කෙටි ද කියනව නම් එ්ක තිතත් වගේම තමයි. එ් නිසා තංතු න්‍යායයට පෙර තිබූ න්‍යායයන් මහත් සේ වෙනස් වෙන්නේ නෑ. බිඳ වැටෙන්නේ නෑ. කලින් තිබූ න්‍යායවල මුලික අංශු කීපයක් තිබුණා. තංතු න්‍යායයේ තියෙන්නේ අංශු ගණනාවක් නෙවේ එක තංතුවක් පමණයි. වෙනස් වෙනස් අංශු වශයෙන් හඳුනාගන්නේ තංතුවේ වෙනස් වෙනස් කම්පනයන්. හරියට වයලීනයක තත වෙනස් වෙනස් කම්පනයන්ගෙන් වෙනස් වෙනස් ස්වර නිපදවනවා වගේ. අපූරුයි නේ ද? සියලූ ද්‍රව්‍ය, අද්‍රව්‍ය, ශක්ති ක්ෂේත‍්‍ර හා අශක්ති ක්ෂේත‍්‍ර එකම දෙයකින් නිපදවී තිබීම අපූරුයි. ද්‍රව්‍ය කියන්නෙ ‘මැටර්’. අද්‍රව්‍ය කියන්නෙ ‘ඩාර්ක් මැටර්’. ශක්ති ක්ෂේත‍්‍ර කියන්නෙ ‘එනර්ජි ෆීල්ඞ්ස්’. අශක්ති ක්ෂේත‍්‍ර කියන්නෙ ‘ඩාර්ක් එනර්ජි ෆීල්ඞ්ස්’. තංතු න්‍යායය මෙතෙක් දුරට ඉතා අපූරුයි.

එ්ත් අපූරු නොවන අමාරු කොටසක් තියෙනවා. අපට ඉතා සුපුරුදුයි ත‍්‍රිමාණ අවකාශය සහ කාලය. එනම් අවකාශ මාණ තුන සහ කාල මාන එක සහිත සතරමාණ කාල-අවකාශය. අප දන්නා සියලූ වස්තු සහ සිදුවීම් අපට සතරමාණ කාල-අවකාශය තුළ ස්ථාන ගත කළ හැකියි. තව එක මාණයක්වක් එකතු කළොත් අපට එ්ක හිතාගන්න බැරි දෙයක් වෙනවා. භෞතිකඥයන්්ගේ මේ කියන තංතුව කම්පනය වීමට මාණ හතරක් මදි. එ් කියන්නෙ තංතුව මාණ හතරක කම්පනය කරවීමෙන් අවශ්‍ය තරම් මුලික අංශු ලබාගත නොහැකියි. භෞතිකඥයන්්ට සහ ගණිතඥයන්ට හතරේ සීමාව බලපාන්නේ නෑ. ඔවුන් ක‍්‍රම ක‍්‍රමයෙන් මාණ හය, නවය, දහය හා දැන් එකොළහ දක්වා දකිමින් සිටිනවා. භෞතිකඥයන් සහ ගණිතඥයන් අපි වගේ අය නෙවේ. එ් අය සමීකරණ හරහා අපට නොපෙනෙන බොහෝ දේවල් දකිමින් ඉන්නවා. එ්ත් එක දෙයක් කියන්න පුලූවන්. ගණිතඥයන් මේ අමතර මාණ ඔබා ඇත්තේ අපි හොඳින් හඳුනන මාණ තුන අස්සේ නවල, අඹරවල, සුරුන්ඩු කරල. මේ කරුණ සමහර වෙලාවල ගණිතඥයන් පාපොච්චාරණයක් වශයෙන් කිව්වත්, නිතර කියන්නේ නෑ.

මේ වෙනකොට තංතු න්‍යායය වගේ න්‍යායයන් පහක් ඉදිරිපත් වෙලා තියෙනවා. එ් පහ පහක්. එ් පහම නිවැරිදියි කියලයි කියන්නෙ. එ් පිලිබඳ පැහැදිලි කිරීම එන්නෙ අපූරු විදියකට. මීදුමෙන් වැසුන කඳුකර පෙදෙසක් ගැන සිතන්න. කඳු ශිඛර පහක් පමණක් මීදුමෙන් උඩ පිහිටි පෙදෙසක්. මිනිස්සු කඳු ශිඛර පහ මත නැගී ඔවුන් නැග සිටින කන්ද වෙනම ම කන්දක් බව සිතනවා. මීදුම් පහව ගිය පසු ඔවුන් දැන ගන්නවා එ් එකම කන්දේ කුළු පහක් බව. පහම වෙන වෙනම සත්‍ය.

ඉස්සරවෙලා ලිවූ කවියට කලින් මම තවත් කවියක් ලියා තිබුණා. නම: ප‍්‍රතිෂේධතාව

පසුබිමෙන් එන
නිත්‍ය ශෝකී ස්වරය
පෙම්ගීය
සුස්ම ගන්නා අතර ද
උදානගීය
අන්තරා කොටසෙහි ද
භක්තිගීය
විරාමයෙහි ද
අන් සියලූ
නිහඬ වේලාවල ද ඇසෙන

විශ්වය පුරා පැතිරුන
ප‍්‍රතිෂේධ ශක්තිය
අන්තර් අවකාශය
ප‍්‍රසාරණය කරවයි
සියලූ දෙය
එකිනෙකින් ඈත් කරවයි
තනි තනිව හිඳින්නැයි
එකිනෙකා
එකිනෙකාගෙන් ඈත් කරවයි

ප‍්‍රතිෂේධතාව කියන්නෙ ඉංග‍්‍රීසියෙන් ‘නෙගටිවිටි’ කියන එකට. අලූත් ගණිතය හා භෞතික විද්‍යාව ඉතා ලස්සන දෙවල් සොයා ගෙන තිබෙනවා. සොයා ගනිමින් සිටිනවා.

පරණ විශ්වය:- විශ්වය පටන් ගත් ආසන්නයේ සිදුවූ දෙයක් නිසා විශ්වය පුරාම පසුබිමේ අධෝරක්ත විකිරණයක් පවතින බව විශ්ව වේද ගණිතඥයන් ඔවුන්ගේ සමීකරණ තුළින් දැක්කා. එ් දැනට අවුරුදු හැට හැත්තෑවකට කලින්. නිරීක්ෂණ විශ්ව වේදඥයින් විශ්වය පුරාම පසුබිමේ අධෝරක්ත විකිරණයක් පවතින බව ඔවුන්ගේ උපකරණ තුළින් දැක්කා. එ් දැනට අවුරුදු විස්සකට තිහකට කලින්. මෙය වනාහි න්‍යායය හා නිරීක්ෂණය අපූරුවට එකට එක ගැලපීමක්. එ්කාකාරීව පැතිරුන පසුබිම් විකිරණය. තරු අතරින් ද මන්දාකිණි අතරින් ද වායු වලාකුළු අතරින් ද දිස්වන සසන්තික පසුබිම් විකිරණය. අතීතයේ නිත්‍ය ශෝකී ස්වරය.

අලූත් විශ්වය:- විශ්වය ප‍්‍රසාරණය විය යුතු බව අවුරුදු සියයකට පමණ පෙර න්‍යායිකව පෙනී යාමත්, අවුරුදු අසූවකට පමණ පෙර එය උපකරණ මගින් දැකීමත් ඉතිහාසය. එතෙක් ප‍්‍රසාරණයේ වේගය අඩුවෙමින් පැවතිය යුතු බව තමයි සාමාන්‍ය විශ්වාසය. එහෙත් මෑතක දී නිරීක්ෂණය කර ඇත්තේ ප‍්‍රසාරණයේ වේගය වැඩිවෙමින් පවතින බවයි. මේක අපේ දැනුමට නොගැලපෙන දෙයක්. විශ්වයේ ද්‍රව්‍ය ප‍්‍රමාණය හා ශක්ති ප‍්‍රමාණය ගණන් බැලීමේ දී මෙය සිදුවිය නොහැකි දෙයක්. එ් නිසා එයට කුමක් හෝ කළ යුතුයි. එ් නිසා විශ්වය ප‍්‍රතිෂේධ ශක්ති සාගරයක ගිලී පවතින්නක් බවට යෝජනාවක් ඉදිරිපත් වී තිබෙනවා. විශ්වයට මේ සිදුවෙමින් පවතින දෙය තේරුම් කිරීමට එවැනි යෝජනාවක් අවශ්‍යයි.

ප‍්‍රතිෂේධ ශක්තිය කියන්නෙ ඍණ ශක්තියට. ධන ශක්තියට තියෙන්නේ ධන ගති ගුන. ආකර්ශනය කරවන ගතිය. ඍණ ශක්තියට ඇත්තේ ඍණ ගති ගුන. ඍණ ශක්තිය විකර්ශනය කරවනවා. ඍණ කියන්නෙ ප‍්‍රතිෂේධ. ප‍්‍රතිෂේධ ශක්තිය විශ්වය ප‍්‍රසාරණය කරවනවා. හිස් බව වැඩිකරවනවා. අනාගතයේ හිස් බව කොච්චර වැඩිවෙයිද කිව්වොත් අවකාශය ශුන්‍යය වේවි. ඉතා කණගාටු දායකයි.
දැනට එය එකිනෙකා එකිනෙකාගෙන් ඈත් කරවනවා.

2007-10-18




දැන් මෙ ලිපියෙ එන ගොඩක් හොඳ දේවල් වලට මම කිසිම විරුදධත්වයක් නැහැ. මෙ ලියන්න යන්නේ තව ටිකක් හොඳට මෙ වගේ දේවල් ගැන උනන්දුවක් දක්වන අයට ඇම්ඩන් ළමයත් යමක් කමක් දන්නවා කියල පෙන්වන ගමන්ම ඒ අයට යමක් වඩාත් හොඳින් සරලව තේරුම් කරන සම්‍යක් ප‍්‍රයෝගයෙන් බහුරූපිතාවයෙන් සහ අත්තකිලමතානුයෝගයෙන්.

කාරණයට එමු. දැන් මෙ ලිපිය කියවන අයගෙන් සීයට දසම බින්දුවයි බින්දුවයි බින්දුවයි බින්දුවයි මෙන්න මෙහෙම බින්දු හාරසිය විසිතුනක් ගියාම එන බින්දුවෙන් පස්සේ එන බින්දුවයි දෙකක් වෙන තරම් කුඩා මිනිස්සු ප‍්‍රමාණයකට මෙ ලියපු දේවල් විශේෂයෙන් විශ්වයේ ගණිතමය ආකෘති ගැන අවබෝධයක් නැති වෙන්න ඉතාම කුඩා ඉඩක් තියෙන නිසාය මෙ ලියන්නේ. එතකොට අනිත් සේරටම මෙ ලියවිල්ල උඩ ඉඳල පහලට තේරෙන නිසා මෙ ගැන අනුකම්පාවෙන් සලකා බලාවි යැයි ඇම්ඩන් සිතයි.

ඉස්සෙල්ලම කවුරුත් පටන් ගන්න තැනින් පටන් නොගෙන අපි නිව්ටන් ගෙන් පටන් ගමු. ඒ කියන්නේ විශ්වය ගැන, ස්වභාව ධර්මය ගැන මුලින්ම විද්‍යාවක් ගොඩ නගපු කෙනා එයා නොවුනත් අපි එතනින් පටන් ගමු කියලා ඇම්ඩන් යෝජනා කරන්නෙ, කොහොමත් අම්බානක් දිග ලිපියක් වෙන්නට දගලන මෙක අර උඩ කී තරමින්වත් ප‍්‍රමාණාත්මකව පොඩිකර ගැනීමෙ උපක‍්‍රමයක් වශයෙන්. මොකද දෙවියන් වහන්සේ පවා මෙ වගේ දේවල් කරල තමයි දවස් හතෙන් මෙතරම් සුන්දර ලෝකයක් නිර්මාණය කලේ, නැත්නම් හැම දෙයක්ම පිළිවෙලට කල්පනා කරල කරන්න ගියා නම් අපේ පොඩි අක්කා බෝයි ප්‍රෙන්ඩ් කෙනෙක් සොයාගෙන කසාදත් බැඳලා මෙ වෙනකොට. ඒ තරම් කාලයක් ගනීවි මගේ හිතේ.

බටහිර අයනේ කියන්නේ මෙ විශ්වය ප‍්‍රමාණිතයි අරකයි මෙකයි කියලා අපි නොවෙයි නේ ඒ හින්දා බොරැල්ලේ තරම දැනං එපයි උඩ පැනිල්ල ඒ හින්ද බටහිර කතන්දර විග්ගරහ කරන්න ඉතිං ඒ අයගෙම කතන්දර පාවිච්චි කොරන්න ඔන කියලා තමයි අපේ ලොකු අක්කා මට කියල තියෙන්නේ.
දැං ඔන්න මම වැඩෙ පටන් ගන්නවා. නිවුටන් මහත්තයට ඒ කාලේ තිබ්බ ගණිතය මදි වුනා කියමුකො ඒ කියන්නේ එකතු කරන, අඩු කරන, වැඩි කරන, බෙදන, ඔන්න ඔය ගණිතෙ, ඒක විතරක් දැනගෙන මෙ ලෝකෙ අපට පේන දේවල් වලට නීති රීති සොයන එක අම්බානකට ඇනගන්න වෙන පොයින්ට් එකක් කියල හිතල එයා අලුතෙන් ඔය එහෙ මෙහෙ හෙලවෙන චලනය වෙන වස්තු තව ටිකක් හොඳට කොලේට අල්ල ගන්න ගණිතයක් අලුතෙන් හැදුවා කැල්කියුලස් කියලා.[හැබැයි ඉතිං මෙ වගේම ගණිතයක් ලිබ්නීස් තුත් හදලා තිබ්බා 1684 විතර නිවුටන්ට අවුරුදු විස්සකට විතර කලින් කියමුකෝ, ඉතිං කොහොමින් කොහොම වුනත් මෙක මෙ වෙලාවෙ ඇදලා අරං නිකං රතුඉර වගේ දෙලොවටම ඔලුව කැක්කුම් දෙන වාද බෙද හදන්නේ නැතුව ඉස්සරහට යමු. එහෙමයි ඇම්ඩන් වැඩ කරන්නේ. තව එකක් , අපේ පොඩි අක්ක නම් වැඩිය ආස ලිබ්නීස්ට මොකද එයාගෙ කොණ්ඩෙ දිග නිසා! කැරලි කැරලි!!] කැල්කියුලේෂන් කියන්නෙ ඉතිං ගණන් හදනවට නේ. කැල් කියන්නෙත් ඉතිං කෙටියෙන් අපි පාවිච්චි කරන් කැල්කියුලේටරයට නේ...

කැල්කියුලස්-calculas- කීවම නිකම් බයවෙනවා වගේ දැනෙන අයට මම කියන්නම් කලනය කියල වෙනස් ගණිත ක‍්‍රමයක් නිවුටන් හදා ගත්ත කියල. ඇත්තටම ඒකෙන් කරන්නේ මොකක් හරි වක‍්‍රකාර රෙඛාවකින් වැහෙන වර්ගඵලයක් හොයන එකයි එහෙම නැත්නම් ඒ වක‍්‍රාකාර රෙඛාවෙ ඔන තැනකින් ඒ වක‍්‍රයට ස්පර්ශකයක් ඇන්දොත් ඒ ස්පර්ශකයේ ආනතිය නැත්නම් අනුක‍්‍රමණය කියල කියන එක සොයන එක විතරයි. දෙයියම්පල්ල ඊට වැඩිය දෙයක් කොරන්න බැහැ ඒ ගණිත ක‍්‍රමයෙන්!

දැං ඔන්න නිවුටන් මහත්තය ස්කන්ධය බලය [අනිත් අතට බලය කියල කියන්නේ චෝම් නොම්ස්කි මහත්තය එහෙම කියන බලයටත් නොවෙයි. ඉරිදා පත්තරෙ අර අන්තිම පිටුපුරා දාලා තියෙන මලයාලම් ඉන්ද‍්‍රජාලිකයන්ගෙ එකත් නොවෙයි. ඒ අය කියන්නෙම ඒ අයගේ මන්තර බලයෙන් හැර ගිය පෙම්වතා පෙම්වතී වරුවෙන් දෙපා ලගට ගෙනත් දෙනවා කියලමනේ. අපේ පොඩි අක්කටත් ඉතිං එක එක බෝයි ප්‍රෙන්ඩ්ලගේ දෙපාලග වැටිල ඉවරයක්ම නැතිය කියලා මම දැනං හිටියත් ඒ බවක් මම කවදාවත් කියලා නම් නැතිය. ] සහ ත්වරණය කියන මනින්න පුළුවන් භෙතික රාශි අතර සම්බන්ධයක් සොයා ගන්නවා පරික්ෂණ ගොඩාරියක් කරල. ස්කන්ධය ඉතින් කියන්න දෙයක් නොවෙයි නේ ඔනම වස්තුවක කිලෝ ග‍්‍රෑම් වලින් මනින්නේ, ඉතිං ස්කන්ධය තමයි.
බර එහෙම නොවෙයි.
බර කියන්නෙ වෙනස් දෙයකට. බර කියන්නේ කිසියම් වස්තුවක් පොලවට ඇදගෙන ඉන්න ගතියට. අපේ පොඩි අක්කා නම් කියන්නේ ධනේෂ්වර ක‍්‍රමය මෙ තරම් මර්ධනකාරී තරමට උහුලගන්න බැරිතරමට ප‍්‍රසාරණය වුනේ මෙ නිවුටන් සොයා ගත් කලනය නිසාය කියලයි. එක පැත්තකින් තක්කඩියන්ට අල්ල ගන්න බැරිව තිබ්බ ලෝක පාලන bouthika -physical නීති රීති කොලේට ගන්න උදව් වුනේ මෙ කලනය ලු. වෙනස් වන දේවල් ඇප්පොරෙක්සිමෙට් කරල ඒවා කපන කොටන විදිය මිනිස්සු අතට ආවෙ මෙයාගෙ මෙ කලනය නිසාය කියල පොඩි අක්ක හැමතිස්සෙම දෙස් දෙවොල් තබනවාය. ඔය කලනය නොතිබ්බ නම් අහසේ මිසයිල තියා වවුලෙක්වත් පියාඹන්නේ නැතය කිය කිය මට මෙවා ඉගෙන ගන්නවට තහංචි දානවය. ඇත්තටම ලෝකෙට මෙ තරම් සන්තෑසි වුනේ නිවුටන් ගොයියා හොයාගත් මෙ කලනය චලිතයට යොදන්නට ගත්තට පස්සේ ඒක හැම ජාතියෙම චලිතවලට දාලා දාලා ඒ ගණිතෙ තිබ්බ රැස්පොට් එක කාලා කාලා දාලා කියලා තමාය කියන්නේ!

හැම චලිතයකටම කියන්නේ අපේ ඉරෙ හඳේ ඉඳලා ගේ සූර්ය දිව්‍ය රාජයාගේ මතුපිට පිනුම් ගහන ශක්තිය නිපදවන න්‍යශ්ටික ප‍්‍රතික‍්‍රියා සිද්ද වෙන නියුට්‍රෝන ප්‍රෝටොන ඉලෙක්ට්‍රෝන මීසෝන පොසිට්‍රෝන මහසෝන දක්වාත් ක්වාක් අංශු කියල කියපු තව තක්කඩි අංශු දක්වාත් දැන් මෙ සමරෙ මාමා කියන ෆෝටෝන අංශුවල පරමාණු විදියට ගන්න මෙ ඉඳයාප්ප තියරිය [string theory] දක්වාත් මෙ කලනය හොල්මන් කරන නිසාය මෙ තරම් ඇග කිලිපොලා යන දේවල් අහන්නට සිදුව ඇත්තේ. මෙ හැම චලිතයක්ම කොලේට අල්ල ගන්න කලනයත් එක එක වෙස් මාරු කරගන්නවා කියලා අපේ ලොකු අක්කා කීවාය. ඔන්න ඉතිං අපේ පොඩි අක්කා විස්ස විජ්ජාලේ ඉන්න කාලේ ක‍්‍රෑම දාපු නෝට් වගයක් ගෙනත් මගේ ඇඳට විසි කොරලා ඔන්න ඔන මගුලක් කරගන්නවා කියලා බෝයි ප්‍රෙන්ඩ් කෙනෙක් එක්ක කළු කුහරය පිලිබඳ සාකච්චාවකට රංජන් රාමනායකගේ ලීඩර් පෙන්නන සැවෝයි එකට දිව්වාය.

දැං මෙ නිවුටන් සොයාගත් බලය සහ ත්වරණය නැත්නම් ගම්‍යතාව කියල කියන දේවල් කාලය එක්ක ස්කන්ධ කුමාරයගේ හැසිරීමෙ රටාව කොලේට ගත්ත හැටි දැං පෙන්වන්නේ පුංචි කාලේ අර පහල පෙල පංතිවල අපිට උගැන්නුව ක‍්‍රමෙට නම් නොවෙය.






දැං මෙ පේන්නෙ අවකල සමීකරණයක් විදියට නිවුටන්ගේ පලවෙනි නියමයට පස්සේ එන දෙවනි එක. ලේසි නැහැ නේ? ඇම්ඩන් ඉස්සරම ඉස්සර කාලේ මෙකෙ මෙ තියෙන ඩී අකුරු දෙක සාමාන්‍ය බාග විදියට කපලා දමලා සුරුස් ගාලා විසඳලා දමලා ලොකු අක්කට පෙන්වීමෙන් ලොකු අක්කාගේ බඩෙ කැක්කුමක් හැදුනාය. දැං ඔය පේන එම් [m] අකුරෙන් කියන්නේ ස්කන්ධය ඒක මෙ වෙලාවෙ වෙනස් නොවෙන දෙයක් හැටියටයි පෙන්වලා තියෙන්නේ. හැබැයි ඒක වෙනස් වෙන කේස් තමයි ඉතිං වැඩිපුර කොස්මොලොජිවල තියෙන්නෙ කියල අපේ ලොකු අක්කා කීවාය. මම දන්නෙ නම් එහෙම එකකට රොකට් කියල කීවම පොඩි අක්ක කිංඩියට හිනා වුනාය.

ඒ වගේ විශයට අදාල කාරණා ගැන මම වෙනම ලියනතුරු කලනය ගැන කතා කරල ඉවර කරමු. නැත්නම් පොඩි අක්කා කොයිවෙලේක හෝ කඩාගෙන ඇවිත් මෙ නෝට් කොල ටික අරන් තව බෝයි ප්‍රෙන්ඩ් කෙනෙක් එක්ක ගුරුත්වාකර්ෂණය නැති තැනක කලලයක් හැසිරෙන්නේ කොහොමද කියන නාසා පරීක්ෂණයට සාම්පල් සකස් කරන්නට දුවන්නට හැකිය.

කලනය කොටස් දෙකයි. එකක් තමයි අර සේරම එකතු කරන් එකතු කරන් ගොඩ ගහගන්න විදිය ඒ කියන්නේ අනුකලනය. අනිත් එක තමයි තියෙන ඒවා බෙදා ගෙන බෙදා ගෙන ගිහින් බෙදාගෙන ගිය වෙගය සොයන අවකලනය. මෙ දෙකත් හරියට දනේස්වරයයි සමාජවාදයයි වගෙයි. අනේ මන්දා ඉතිං ඔවා නම් කියන්නේ අපේ පොඩි අක්කා.

ඔය ජාතියේ අවකල සමීකරණ විසඳලා සොයා ගන්න දේවල් ගැන තමයි අර සමරෙ මාමා කියල තිබ්බෙ ගණිතයට නම් අහුවෙනව හැබැයි හිතා ගන්න නම් බැහැය කියල.
ඒක තමයි ඇත්ත කතාව. මෙ වගේ අවකල සමීකරණ පාවිච්චි වෙන සියළු තැන්වලම ප‍්‍රථිපලය ගැන වෙනම පරීක්සන තියන්න වෙනවා ඒවා හරිද වැරදි ද කියලා සොයා ගන්න.

කලනය දිගටම දියුණු වෙන්න ගත්තා.

ඔන්න ඒ පාර මෙ කලනය පාවිච්චි කරලා වැඩි දියුණු කොරල ගත්ත වෙරියන්ට්ස් වල කලනය කියල තත්වයට[calculas of variants]. ඔන්න එකෙන් තව ගොඩක් වැඩ කරන්න පුළුවන් වුනාය කියමුකෝ.

දැං තව ටිකක් කියන්න වෙනවා කලනයේ මුල් භාවිතාවන් ගැන මොකද නැත්නම් මෙ කියන කියවිල්ල කිසිම තේරුමක් නැතිව යනවා භෙතික විද්‍යාඥයා මෙවා කොහොම ප‍්‍රයෝජන ගත්ත ද කියල තේරුම් කර ගන්න බැරි නිසා.


ඔන්න හිතමු හරිම සංකීර්ණ වක‍්‍රයක් තියෙනවාය කියල. ඔන්න ඔය වගේ එක්ස් [X] වයි [Y] වලින් හරි පරාමිතිකව සයින්[sin ] කොස් [cos] වලින් හරි අර්ථදක්වන වක‍්‍රයක ගති ගුණ සොයන එකනේ කලනයේ මූලිකම භාවිතාව වුනේ. ඔන්න ඔය වගේ වක‍්‍ර ලකන වැඩ කරන්න යන අය දන්නවා උසස් පෙල ගණිතය එහෙම, මම වගේ මෙ ලගදි කරපු අය, දන්නවා උපරිම සහ අවම කියල ලක්ෂ්‍ය වගයක් සොයන්න වෙනවා කියලා ඒවා ප‍්‍රස්ථාර අඳින්න. දැං ඔය උපරිම සහ අවම සොයන්න තමයි අවකලනය ගොඩක් වෙලාවට භාවිත කරන්නේ. හැබැයි මුල් කාලේ දි එහෙම සොයන්න පුළුවන් වුනේ ද්විමාන එහෙම නැත්නම් මාන දෙකක් සහිත තලයක තියෙන වක‍්‍රවල නැත්නම් විචල්‍යයන් තුනකට සීමා වෙච්ච අක්ෂ තුනකින් යුත් ත‍්‍රිමාන අවකාෂවල විතරයි. පස්සේ ඔන්න ඔයිලර් [Euler] තමයි ඒක තවත් විචල්‍ය ගණන වැඩිකරල බහුමාන [calculas of variations] කරලා ගත්තේ. ඔන්න දැං තේරෙනවානේ x,y සහ z වලින් පටන් අරන් x,y,z, l,m,n1,n2,n3 .....nn දක්වා විචල්‍ය වැඩිකරාම ඒවට එකිනෙකට ලම්බක අක්ෂත් ඔනය කියලා. ඔන්න ඔහොමයි විශ්වයට මාන අම්බානක් එකතුවෙන්නේ. ඇත්තම කියනව නම් ලක්ෂ්‍ය දෙකක් අතර පවතින අවම දුර මොකද්ද කියන තාලේ ගොන් ප‍්‍රශ්ණයකට උත්තර සොයන්න ගිහින් වෙච්ච කෙලියක් එක.


ඔන්න ඊට පස්සේ ලග්ග‍්‍රාන්ජ් [Lagrange] කියල කෙනෙක් මෙ ඔයිලර් දියුණු කරපු බහුවිචල්‍ය කලනය [calculas of variations] අරගෙන ගිහින් නිවුටෝනියානු යාන්ත‍්‍රවිද්‍යාවට යොදල බැලුව.

ඒ දෙන්න [Lagrange and Euler] සොයා ගත්තා තවත් සාමාන්‍යකරණයක් විශ්වීයව භෙතික විද්‍යාවට අදල වන. ඒක හරියටම කෙටියෙන් කියනවා නම් විශ්වයේ සෑම දෙයක් තුලම අති උසස් බුද්ධියක් තියෙනවාය කියන ජාතියේ සොයාගැනීමක්. ඒකෙන් කියැවුනේ සෑම භොතික සංසිද්ධියක්ම නතුවන අවම කි‍්‍රයාන්විත සිද්ධාන්තය[Principle of Least Action] කියල තමයි ඇම්ඩන් ඒක මෙතන ලියන්නේ.

ඒක හරියටම දාහත් වැනි සියවසේම ෆර්මැට් [Fermat] කියන භෙතික විද්‍යාඥයා ගේ ආලෝකය ගැන කියවුන සිද්ධාන්තය වගේම ඒකේ වඩාත් සාමාන්‍ය අවස්ථාව කියල ඇම්ඩන් හිතනවා.


[In the 17th century Pierre de Fermat postulated that "light travels between two given points along the path of shortest time" which is known as the principle of least time or Fermat's principle.]

ඒ කියන්නේ ආලෝකය කිසියම් දෙන ලද ලක්ෂ්‍ය දෙකක් හරහා ගමන් කිරීමට අවම කාලයක් යන පථය තෝරා ගනීය යන සිද්ධාන්තයයි.

ඔන්න ඔය අදහසම තමයි අනෙකුත් සියලුම භොතික සංසිද්ධීන්ට මෙ දෙන්නා යෝජනා කලේ මෙ අවකාෂයේ ජ්‍යාමිතිය බහුමාන කරල ගත්තට පස්සේ. ඔන්න විශ්වයේ බහුමානවල උප්පත්ති කතාව.


1834 ලග්ග‍්‍රාන්ජ් ගෙන් බඩු අතට ගත්තු හැමිල්ටන් මෙ සිද්ධාන්ත තව දුරටත් ගෙනිච්චා. එ අතරෙ මැක්ස්වෙල් භොතික විද්‍යාවෙ මහ විසාල පදනමක් සැපයූ මැක්ස්වෙල් සමීකරණ ව්‍යුත්පන්න කරන්න මෙ සියලු දැනුම භාවිතා කලා. මෙවා ගැන ඇම්ඩන් ලියන්න යන්නේ නැහැ දැනට...



මැක්ස්වෙල් ගොඩනගපු සමීකරණ තවත් දුර ගෙනියන්න අයින්ස්ටයින්ට පුළුවන් වුනා...ඒක තව කතන්දරයක්. හැබැයි මෙ විශ්වය සහ ක්වොන්ටම් ලෝකය සම්බන්ධ කරන්න අයින්ස්ටයින්ටත් බැරිවුනා. ඒක දැං කරන්නේ ස්ටෙපන් හෝකින් කියන භොතික විද්‍යාඥයා...
අවකාෂය වක‍්‍රවෙන හැටිත් එම වක‍්‍ර අවකාෂය සාපේක්ෂතාවාදයට හොඳ පදනමක් අරන් දෙන්නේ කොහොමද කියන එකත් මෙ ගණිත ක‍්‍රමවලින් පැහැදිලි කරන්න පහසු වුනා. කාල අවකාෂ කියන සංකීර්ණ අදහසේ උත්පත්තිය භොතික විද්‍යාව තුල තියෙන ලස්සනම සුරංගනා කතාව කීවොත් වැරදි නැහැ.
සමහර විට මෙ ඔක්කොම දේවල් එක එක තැන්වල ඉඳන් බලද්දි එක එක විදියට පේන එකත් හරිම මරු වැඩක් කියල අපේ පොඩි අක්කා මෙ ලගදී කැම්පස් එකෙන් ආපු ගමන් මට කීවා.
ඔන්න පොඩි අක්කගේ වචන වලින්ම...

"දැන් භොතික විද්‍යාඥයට ඉලෙක්ට්‍රෝනය හම්බ වෙන්නේ විද්‍යුත් ක්ෂේත‍්‍රයක් ඇතුලෙය...
අපේ මහාචාර්ය නලින් ද සිල්වා මාමට ඉලෙක්ට්‍රෝනය හම්බ වෙන්නේ යුදෙව් චින්තනය නමැති ක්ෂේත‍්‍රය ඇතුලෙය
එතකොට සමාජවාදි ශිෂ්‍ය සංගමයට ඉලෙක්ට්‍රෝනය හම්බ වෙන්නේ දයලෙක්තිකය නමැති දාර්ශණික ක්ෂේත‍්‍රය ඇතුලෙදිය...
එක්ස් පක්ෂයට ඉලෙක්ට්‍රෝනය හම්බ වෙන්නේ නැත. ඒක භාෂාමය ගොඩනැංවීමක් නිසා ය...
එක්සත් ජාතික පක්ෂයට ඉලෙක්ට්‍රෝනය හම්බ වෙන්නේ බියර් පෙණ බුබුළු ඇතුලේය
නිදහස් පක්ෂයට ඉලෙක්ට්‍රෝනය හම්බ වෙන්නේ මහින්ද චින්තනයෙනි
කොටි සංවිධානය දැං ඉලෙක්ට්‍රෝනයක් තරම බව කියන්නේ හක්ගෙඩියෝය..."


අපේ පොඩි අක්කා මෙවා කියා මහ හයියෙන් හිනා වෙවී හිනා තෙරපි එකෙන් සෙෘඛ්‍යය වර්ධනය වන බව පවසන්නීය.


ඇම්ඩන්ට දැං අම්බානක් මහන්සියි. ආයෙම කාට හරි මෙ ලියවිල්ල වැඩක් ප‍්‍රයෝජනයක් වුනාය කියල මට දැනුනොත් විතරක් පොඩි අක්කත් අල්ලගෙන ක්වොන්ටම් සහ විශ්වය සම්බන්ද වෙන හැටියි සමරෙ මාමා කියාපු සමහර දේවල් කාටත් තේරෙන්න කියන්නේ කොහොමද කියන එක ගැනයි අපේ ලොකු අක්කගෙන් උපදෙස් අරන් ආයෙම ලියන්න බලන්නම්.

ඇම්ඩන් ලගදී පොඩි අක්ක එක්ක චිත්තරපටියක් බලන්න ගිහින් තියෙනවා. Annie Hall තමයි චිත්තරපටියේ නම. ඒකෙ ප‍්‍රධාන නළුවා වුඩී ඇලන් කවටයෙකුගේ චරිතයක් තමයි කරන්නේ, ඇත්තටම එයාගේ ජීවිතයේ කිසියම් සිදුවීම් කීපයක් අරන් නිර්මාණය වෙච්ච කතාවක් ඒක. ඔන්න ඒකේ මුලින්ම ඇලන් [ඇල්වි-Alvy] තමන්ගේ ළමා කාලය ගැන මතකය අවදි කරන්නේ මෙහෙමයි.
ඇල්වි එකපාරටම ඉස්කොලෙන් දෙන ගෙදර වැඩ කරන එක නතර කරනවා. ඒ පාර ඇල්විගෙ අම්මා එයාව මනෝ වෛද්‍යවරයෙකුට පෙන්වනවා. මෙන්න ඒ දෙබස් ටික...

INT. DOCTOR'S OFFICE-DAY


Alvy as young boy sits on a sofa with his mother in an old-fashioned, cluttered doctor's office. The doctor stands near the sofa, holding a cigarette and listening.

MOTHER (To the doctor) He's been depressed. All off a sudden, he can't do anything.

DOCTOR (Nodding) Why are you depressed, Alvy?

MOTHER (Nudging Alvy) Tell Dr. Flicker. (Young Alvy sits, his head down. His mother answers for him) It's something he read.

DOCTOR (Puffing on his cigarette and nodding) Something he read, huh?

ALVY (His head still down) The universe is expanding.

DOCTOR The universe is expanding?
ALVY (Looking up at the doctor) Well, the universe is everything, and if it's expanding, someday it will break apart and that would be the end of everything!
Disgusted, his mother looks at him.
MOTHER (shouting) What is that your business? (she turns back to the doctor) He stopped doing his homework.
ALVY What's the point?
MOTHER (Excited, gesturing with her hands) What has the universe got to do with it? You're here in Brooklyn! Brooklyn is not expanding!

DOCTOR (Heartily, looking down at Alvy) It won't be expanding for billions of years yet, Alvy. And we've gotta try to enjoy ourselves while we're here. Uh?
He laughs.

CUT TO:
http://www.imdb.com/title/tt0075686/
[අ]සම්භාව්‍ය [අ]භොතික [අ]විද්‍යාඥ [ඇ]ම්ඩන්

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|


දේවල් සැදී ඇති දේවල් - සමර විජේ්සිංහ

පහත දැක්වෙන්නේ මා විසින් ලියූ කවියක්. නම: සංක්‍රාන්තිය

දැන් ලබා ගත හැක
සත්‍යය
විවිධ වර්ණයෙන්
විවිධ හැඩයෙන්
වඩා හොඳ
බුද්ධිමය තත්ත්ව යටතේ
නිෂ්පාදනය කළ
සහතික කරන්නෙමු
එක් එක් වර්ණ හා හැඩ
පරිවර්තන නොව
ව්‍යාජ අනුකරණ නොව
වෙන වෙනම සත්‍යයන් බව

මෙය සත්‍ය කවියක් මෙන් නොපෙනුනත් මෙම කවිය සත්‍යයක්. මීට පාදක වුණු දෙය කිව්වොත් ඔබ එය පිළිගනු ඇති. කවියේ පසුබිම් කතාව මේකයි.

විශ්වය සැදී ඇති විදිය කියවන්න අපි න්‍යායන් දෙකක් පාවිච්චි කරනවා. මන්දාකි‚ තරම් විශාල පරිමාණයේ දේවල් සඳහා සාපේක්ෂතාවාදය සහ පරමාණු තරම් ඉතා කුඩා දේවල් සඳහා ක්වන්ටම් න්‍යායය. මේ දෙක දෙකක්. වෙන වෙනම පාවිච්චි කළ යුතුයි. සාපේක්ෂතාවාදය හා ක්වන්ටම් න්‍යාය එකට පාවිච්චි කරන්න බෑ. ඒ දෙකේ එදිරිවාදීකම් තියෙනවා. සුවිශාල සහ ක්ෂුද්‍ර සියල්ලට පොදු න්‍යායක් තවම සොයා ගෙන නෑ. මේ සොයා ගෙන නැති දේ සොයා ගැනීම භෞතිකඥයන්ට සහ ග‚තඥයන්ට තියෙන අවුරුදු සියයක් පරණ අලූත්ම අභියෝගය. විශාලතම අභියෝගය.

භෞතිකඥයන් මේ සඳහා න්‍යායයන් සොයා ගනිමින් හා නැතිකර ගනිමින් ඉන්නවා. දැනට භෞතිකඥයන්් පාවිච්චි කරමින් ඉන්නේ අවුරුදු පනහක් විතර පරණ ස්ටි්‍රං තියරි යනුවෙන් ජනප්‍රිය දෙය. ඒකට සිංහලෙන් තංතු න්‍යායය කියල කියන්න පුලූවන්. තංතු න්‍යායයේ එන පරම අංශ=ව තිතක් වගේ දෙයක් නෙවේ, තංතු කෑල්ලක් වගේ දෙයක්. මේ තංතු කෑල්ල කොච්චර කෙටි ද කියනව නම් ඒක තිතත් වගේම තමයි. ඒ නිසා තංතු න්‍යායයට පෙර තිබූ න්‍යායයන් මහත් සේ වෙනස් වෙන්නේ නෑ. බිඳ වැටෙන්නේ නෑ. කලින් තිබූ න්‍යායවල මුලික අංශ= කීපයක් තිබුණා. තංතු න්‍යායයේ තියෙන්නේ අංශ= ගණනාවක් නෙවේ එක තංතුවක් පමණයි. වෙනස් වෙනස් අංශ= වශයෙන් හඳුනාගන්නේ තංතුවේ වෙනස් වෙනස් කම්පනයන්. හරියට වයලීනයක තත වෙනස් වෙනස් කම්පනයන්ගෙන් වෙනස් වෙනස් ස්වර නිපදවනවා වගේ. අපූරුයි නේ ද? සියලූ ද්‍රව්‍ය, අද්‍රව්‍ය, ශක්ති ක්ෂේත්‍ර හා අශක්ති ක්ෂේත්‍ර එකම දෙයකින් නිපදවී තිබීම අපූරුයි. ද්‍රව්‍ය කියන්නෙ මැටර්. අද්‍රව්‍ය කියන්නෙ ඩාර්ක් මැටර්. ශක්ති ක්ෂේත්‍ර කියන්නෙ එනර්ජි ෆීල්ඩ්ස්. අශක්ති ක්ෂේත්‍ර කියන්නෙ ඩාර්ක් එනර්ජි ෆීල්ඩ්ස්. තංතු න්‍යායය මෙතෙක් දුරට ඉතා අපූරුයි.

ඒත් අපූරු නොවන අමාරු කොටසක් තියෙනවා. අපට ඉතා සුපුරුදුයි ත්‍රිමාණ අවකාශය සහ කාලය. එනම් අවකාශ මාණ තුන සහ කාල මාන එක සහිත සතරමාණ කාල-අවකාශය. අප දන්නා සියලූ වස්තු සහ සිදුවීම් අපට සතරමාණ කාල-අවකාශය තුළ ස්ථාන ගත කළ හැකියි. තව එක මාණයක්වක් එකතු කළොත් අපට ඒක හිතාගන්න බැරි දෙයක් වෙනවා. භෞතිකඥයන්්ගේ මේ කියන තංතුව කම්පනය වීමට මාණ හතරක් මදි. ඒ කියන්නෙ තංතුව මාණ හතරක කම්පනය කරවීමෙන් අවශ්‍ය තරම් මුලික අංශ= ලබාගත නොහැකියි.

භෞතිකඥයන්්ට සහ ග‚තඥයන්ට හතරේ සීමාව බලපාන්නේ නෑ. ඔවුන් ක්‍රම ක්‍රමයෙන් මාණ හය, නවය, දහය හා දැන් එකොළහ දක්වා දකිමින් සිටිනවා. භෞතිකඥයන් සහ ග‚තඥයන් අපි වගේ අය නෙවේ. ඒ අය සමීකරණ හරහා අපට නොපෙනෙන බොහෝ දේවල් දකිමින් ඉන්නවා. ඒත් එක දෙයක් කියන්න පුලූවන්. ග‚තඥයන් මේ අමතර මාණ ඔබා ඇත්තේ අපි හොඳින් හඳුනන මාණ තුන අස්සේ නවල, අඹරවල, සුරුන්ඩු කරල. මේ කරුණ සමහර වෙලාවල ග‚තඥයන් පාපොච්චාරණයක් වශයෙන් කිව්වත්, නිතර කියන්නේ නෑ.

මේ වෙනකොට තංතු න්‍යායය වගේ න්‍යායයන් පහක් ඉදිරිපත් වෙලා තියෙනවා. ඒ පහ පහක්. ඒ පහම නිවැරිදියි කියලයි කියන්නෙ. ඒ පිලිබඳ පැහැදිලි කිරීම එන්නෙ අපූරු විදියකට. මීදුමෙන් වැසුන කඳුකර පෙදෙසක් ගැන සිතන්න. කඳු ශිඛර පහක් පමණක් මීදුමෙන් උඩ පිහිටි පෙදෙසක්. මිනිස්සු කඳු ශිඛර පහ මත නැගී ඔවුන් නැග සිටින කන්ද වෙනම ම කන්දක් බව සිතනවා. මීදුම් පහව ගිය පසු ඔවුන් දැන ගන්නවා ඒ එකම කන්දේ කුළු පහක් බව. පහම වෙන වෙනම සත්‍ය.

ඉස්සරවෙලා ලිවූ කවියට කලින් මම තවත් කවියක් ලියා තිබුණා. නම: ප්‍රතිෂේධතාව

පසුබිමෙන් එන
නිත්‍ය ශෝකී ස්වරය
පෙම්ගීය
සුස්ම ගන්නා අතර ද
උÞනගීය
අන්තරා කොටසෙහි ද
භක්තිගීය
විරාමයෙහි ද
අන් සියලූ
නිහ~ වේලාවල ද ඇසෙන
විශ්වය පුරා පැතිරුන
ප්‍රතිෂේධ ශක්තිය
අන්තර් අවකාශය
ප්‍රසාරණය කරවයි
සියලූ දෙය
එකිනෙකින් ඈත් කරවයි
තනි තනිව හිඳින්නැයි
එකිනෙකා
එකිනෙකාගෙන් ඈත් කරවයි

ප්‍රතිෂේධතාව කියන්නෙ ඉංග්‍රීසියෙන් නෙගටිවිටි කියන එකට. අලූත් ග‚තය හා භෞතික විද්‍යාව ඉතා ලස්සන දෙවල් සොයා ගෙන තිඛෙනවා. සොයා ගනිමින් සිටිනවා.

පරණ විශ්වය:- විශ්වය පටන් ගත් ආසන්නයේ සිදුවූ දෙයක් නිසා විශ්වය පුරාම පසුබිමේ අධෝරක්ත විකිරණයක් පවතින බව විශ්ව වේද ග‚තඥයන් ඔවුන්ගේ සමීකරණ තුළින් දැක්කා. ඒ දැනට අවුරුදු හැට හැත්තෑවකට කලින්. නිරීක්ෂණ විශ්ව වේදඥයින් විශ්වය පුරාම පසුබිමේ අධෝරක්ත විකිරණයක් පවතින බව ඔවුන්ගේ උපකරණ තුළින් දැක්කා. ඒ දැනට අවුරුදු විස්සකට තිහකට කලින්. මෙය වනාහි න්‍යායය හා නිරීක්ෂණය අපූරුවට එකට එක ගැලපීමක්. ඒකාකාරීව පැතිරුන පසුබිම් විකිරණය. තරු අතරින් ද මන්Þකි‚ අතරින් ද වායු වලාකුළු අතරින් ද දිස්වන සසන්තික පසුබිම් විකිරණය. අතීතයේ නිත්‍ය ශෝකී ස්වරය.

අලූත් විශ්වය:- විශ්වය ප්‍රසාරණය විය යුතු බව අවුරුදු සියයකට පමණ පෙර න්‍යායිකව පෙනී යාමත්, අවුරුදු අසූවකට පමණ පෙර එය උපකරණ මගින් දැකීමත් ඉතිහාසය. එතෙක් ප්‍රසාරණයේ වේගය අඩුවෙමින් පැවතිය යුතු බව තමයි සාමාන්‍ය විශ්වාසය. එහෙත් මෑතක දී නිරීක්ෂණය කර ඇත්තේ ප්‍රසාරණයේ වේගය වැඩිවෙමින් පවතින බවයි. මේක අපේ දැනුමට නොගැලපෙන දෙයක්. විශ්වයේ ද්‍රව්‍ය ප්‍රමාණය හා ශක්ති ප්‍රමාණය ගණන් බැලීමේ දී මෙය සිදුවිය නොහැකි දෙයක්. ඒ නිසා එයට කුමක් හෝ කළ යුතුයි. ඒ නිසා විශ්වය ප්‍රතිෂේධ ශක්ති සාගරයක ගිලී පවතින්නක් බවට යෝජනාවක් ඉදිරිපත් වී තිඛෙනවා. විශ්වයට මේ සිදුවෙමින් පවතින දෙය තේරුම් කිරීමට එවැනි යෝජනාවක් අවශ්‍යයි.

ප්‍රතිෂේධ ශක්තිය කියන්නෙ ඍණ ශක්තියට. ධන ශක්තියට තියෙන්නේ ධන ගති ගුන. ආකර්ශනය කරවන ගතිය. ඍණ ශක්තියට ඇත්තේ ඍණ ගති ගුන. ඍණ ශක්තිය විකර්ශනය කරවනවා. ඍණ කියන්නෙ ප්‍රතිෂේධ. ප්‍රතිෂේධ ශක්තිය විශ්වය ප්‍රසාරණය කරවනවා. හිස් බව වැඩිකරවනවා. අනාගතයේ හිස් බව කොච්චර වැඩිවෙයිද කිව්වොත් අවකාශය ශ=න්‍යය වේවි. ඉතා කණගාටු Þයකයි.

දැනට එය එකිනෙකා එකිනෙකාගෙන් ඈත් කරවනවා.

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|

ආයුබෝවන් කවියට සහ කවි නිමිති වලට

මෙය
අවසන් කවිය වන්නට පුළුවන
මා ලියන
අඩු තරමින්
මා මව් බසින්වත්
නොදනිමි
කවුරුන්ද දන්නේ

සමනළුන් මිහිදන් කළෙම් මම
ඊයේ
කපාල කන්ද මුල
උන් මා අභිෂේක කොට ඇත
ප්‍රේමයේ ජුදාස් ලෙස

ඔයයි මායි මෙ ලෝකෙ ඉන්න හොඳම
මිතුරයි මිතුරිය යි ඉතිං අපි අතරෙ රහස්
තියෙන්න ඔනා නෑ

බිනුමෙන් එසේ
නිරුවත් කළ දැරිවියගේ
අද ගෙවනා ජීවිතයට
වග කිව යුත්තේ කවුරුන් ද?
මහා මානවවාදිය
නුඹ ද
මා ද
ඇගට නොව
සිතටදු අත තැබූ පමණින්
කායික කන්‍යාභාවය නොසින්ද ද
මානසික කන්‍යාභාවය
බිඳි පමණින්
ජීවිතයටම වග කිව යුතු වන
කොදෙව්වක
ජීවිත සමග සෙල්ලම් කළේ
කවුරුන් ද

දූෂකයන්ට වඩා නුඹලා භයානකය
මන්ද
ආත්මය දූෂණය කළ නොහෙන බැවින්
නළුවන්ට වඩා භයංකාරය
ස්ත‍්‍රීවාදී
පශ්චාත් නූතනවාදී පිරිමින්
මන්ද
නළුවෙකුට හසු වූ එකියකට
ගැලවිල්ලක් ඇත
පශ්චාත් නූතනවාදියකු ගෙන් වත්
එහෙත්
පශ්චාත් නූතනවාදියකුට හසු වූ එකියකට
ගැලවිල්ලක් නැත මෙ තුන් ලොවෙහි
එය කා දමයි
ඉහ මොළ
ඔඩු දුවයි
ආත්මය සිසාරා

කොමියුනිස්ට්වාදයේ ද
ස්ත‍්‍රීවාදයේද
පශ්චාත් නූතනවාදයේද
අනුපාන
හීනමානයේ ද
අන්තනෝමතිකත්වයේ ද
ඊර්ෂ්‍යාවෙද
අයත් කර ගැනුමෙ ද
පත අට එකට සිඳ
ඊට මුහු කොට ඇත
ලිප් ගල් උඩ පැහෙයි
කසට සැලිය

බොන්න
සියලු රෝ නිවාරණය වනු ඇත
ඉරිසියාව ද
අයත් කර ගැනුම ද දුරුවනු ඇත
පේ‍්‍රමය පමණක් ඉතිරි වෙතැයි
උන් කියති
නොදනිමි
එය පේ‍්‍රමය නොවෙතැයි
මා කියන්නේ කෙලෙස ද
වද දී මරා දැමුම ද
පේ‍්‍රමය වන්නට පුළුවන
මකාර් වුද‍්‍රා ද පේ‍්‍රමය නම්

එළිපිට පෙම් කරන්න
එළිපිට ඉරිසියා කරන්න
එළිපිට අයත් කර ගන්න
එළිපිට පීචං වෙන්න
කෙලින්ම පිහියෙන් අනින්න
එය ගෙෘරවනීය ය
ඔය හංගාගෙන කෙළිල්ලට වඩා
හංගාගෙන කෙළින්නත් ඉදිරියේ
මම ජුදාස් වෙමි
දෙපරැුන්ද අස්සේ ගහ ගත් ඔය
උත්තරීතර පේ‍්‍රමයේ

හැම පේ‍්‍රමයක්ම
තවත් පේ‍්‍රමයක් පාවා දෙයි
හැම පෙම්වතකුම දුෂ්ඨයෙකි
එහෙත් මම
පෙම්වතකු ද
දුෂ්ඨයකු ද නොවීමි
තල තෙලට වෙළුණ ද
මම මී බෙට්ටක් වීමි
මන්ද
මා
පෙම්වතියක පතා
කිසිවක් පාවා නොදීමි

දුයිෂෙන් සහ හම්බර්ටි හම්බර්ටි අතර
මා ආත්මය සැරි සැරූ වග ඇත්තය
වඳින්නට ගිය දෙවොල ඉහ මත වැටී මම
සිටිමි
ජීවිතයම පුදා ලුව
ගගට ඉණි කැපුමක් බව දනිමි
ඇල් මැරුණු ජීවිත
ආත්මය රවටනා වට්ටෝරු පේ‍්‍රමයන්
තුරුළු කොට සැනසෙන්නට ද උනට
මා හිස දන් දුන්නේ?
ඉතිං
මම හෙට
ගැලවුම්කාරයානන් ද
පාවා දෙන්නා ද නොවෙමි
කිසිවකු ගේ
මම ගැලවුම්කාරයා වෙමි මගේම
මා පාවා දෙන්නා වන්නේ කාට දැයි මට පල
නැත
මම පේ‍්‍රමවන්තයා වෙමි
මා දුෂ්ඨයා වන්නේ කාට දැයි වගක් මට නැත

භද‍්‍ර යෞවනයෙන් අතරමංව
අකලට මහලු වූ මිනිස
ආයුබෝවන්
ලොලිටාවියනි
ආයුබෝවන්
කවියට
කවියේ නිමිති වලට
කවි සිතිවිලි පහළ කරන්නියන්ට
ආයුබෝවන්

කේ කේ සමන් කුමාර
නගා මැරූ අල නිර්මාණ සංග‍්‍රහයෙන් උපුටා ගන්නා ලද්දකි

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|

කාල් මාක්ස්ගේ හොම්බට හැටක් ඇණ
මැරි කළ ගාන්ධිජී ගෙන් යළි ඩිවෝස් වුන
රජපස සාසනේ අළුතෙන් මහණ වුන
සකිසඳ බලන් අයිවන් හිමි මහරගම

ඩෝං පුතා

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|

Phil and Olly / UK / 2008
A sleep-deprived office worker accidentally discovers a black hole - and then greed gets the better of him...

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|


අවසාන කවිය

‘‘කොටි පාලන ප‍්‍රදේශ හැරදා තවත් 423ක් හමුදා පාලන ප‍්‍රදේශයට’’

‘‘විශේෂ දළදා ප‍්‍රදර්ශනය ඇරඹේ’’

-එකම දින ප‍්‍රවෘත්ති දෙකක්-


එන්න බෝඩර් පැනගෙන

දළදා වඳින්නට.


මැදින් පුරහඳ මැදින්

සිහ ධජය ළෙලදෙයි.

සඳින් වුව සැළෙන්නේ රැස් නොවේ කෙසරයි.

හදින් හද සෙත් පිරිත් නිනද වෙයි.


එන්න බෝඩර් පැනගෙන දකුණට

ඒ නයින් මග විවරයි.


මිනිස් පළිහෙන් මෑත්වුණු මිනිසුනි

දුටුවාද මුලතිව් වනයෙන් එතෙර පෙන්වන

සඳ කෙසර එළියේ

සඳ වුවත් දෙපලූ කළ හැකි

සඳේ ළෙලදෙන අසිපත.


වනය පීරා එනවිට

අතේ පොඩිවෙන නිය`ගලා මල

අතින් පිසහැරලන්න.

පයේ හැපෙනා නිය`ගලා අල

අතින් අරගෙන එන්න.


වන්නියට වසන්තය ලබන විට

නුවර ගිම්හානයයි

වැසි නොඑයි.


එන්න බෝඩර් පැනගෙන

දළදා වඳින්නට.


බුදුන් මුව වූ දන්ත ධාතුව

ඔබට සරණයි.

සඳේ ළෙලදෙන සිංහ දත් පෙළ

සිතට නිවනයි.


කර්තෘ අඥාතයි

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|

මගුල් රැයේ් කවිය

Posted by ලන්ඩන් අපි 3.06.2009
|


නිහැඩියාව බිඳිමු.........
ජීවිතය සොයා යමු........
.

සකළ සමාජයම නිර්වින්දනය වී කය මිස සිත නැති සෙල්මුවා පිළිරූ මෙන් අජීවි සෙවනැලි මත නිහඩව ඉසිඹුලයි. ජීවිතයේ දුක් කම්කටොළු හිස අවුළුවා දුක පොරෝනාවක් ලෙස වේදනාවෙන් ඉකිබිඳින ශරීරය වසා ගත්ත ද කිසිදු විලාපයක් නොනැගෙයි. දෙකොපොළ මත වියළි සම් මස් ඇට මිදුළු තුළට කාවැදුන කඳුලැලි නගන කෙඳිරිල්ල පමණක් හෙමින් උඩු සුළඟට මුමුණයි......

දෙතොළේ හසරැළි මියැදුනේ කවදාද? කවරෙක් අපේ අනාගතය සොරා ගත්තා ද? මේ නිහැ`ඩියාව තව කොපමණ කලක් ඉවසන්න ද?.....

ඔබ අප මේ ගෙවා දමන්නේ ජීවිතයේ ඛේදනීය හා පීඩාකාරී කාල හෝරාවයි. සුන්දර හසරැල්ළ උදුරා මකා දැමූ සෑම මුහුණකම වේදනාවේ රේඛා ඇඳී ඇත්තේය. ජීවිතය වෙනුවට මරණය සෑම මොහොතකම රළු පරළු දෑතින් අපව වැළඳ ගැනීමට වෙර දරයි. අනෙකාගේ මරණය වෙනුවෙන් නිහඩවූ අපට දැන් අපේම මරණය වෙනුවෙන් ද නිහඩවීමට සිදුව ඇත. සැබවින්ම අපේ හෘද සාක්ෂිය සෑම මොහොතකම සම් මස් ඇට ලේ නහර ස්පර්ෂ කොට මෙලෙස විමසයි. ඔබ ඔබේ ජීවිතය වෙනුවෙන් පෙනී සිටින්නේ කවදා ද?...... මේ නිහැඩියාව බිඳ ජීවිතය වෙනුවෙන් නිදහස් හඩක් නගන්නේ කවදා ද?... ඔබ ඔබේ ජීවිතය සොයා යන්නේ කවදා ද?......

ස්ත්‍රීය මරණයේ සලකුණ නොවෙයි. මානව ඉතිහාසය පුරා ස්ත්‍රිය ජීවිතයේ සලකුණයි. සුන්දරත්වයේ හා ආදරයේ සලකුණයි.
ලෝකය නිර්මාණය වී ඇත්තේ හිරුගේ උණුසුමෙන් හා මවගේ ආදරයෙන් යැයි
රුසියානු ලේඛක මැක්ස්ම් ගෝර්කි වරෙක සඳහන් කළේය.
සැබවින්ම ලෝකයේ ආදරය උණුසුම සුන්දරත්වය පමණක් නොව සියල්ල දරා සිටින සකළ නිර්මාණයන්ගේ නොසිෙඳන උල්පත ස්ත්‍රියයි. ස්ත්‍රිය යනු ජීවිතයයි. ලෝකයේ පැවැත්මයි. මානව සමාජයේ ප්‍රතිඋත්පාදන ශක්තියයි.

එහෙත් ඔබ අප ජිවත්වන්නේ ගෝලීයකරණය වූ වෙනස් ලෝක සිතියමක් මතය. දේශසීමා ඉවත් කළ මෙම වෙළඳපළ මත සජීවි අජීවි සියල්ල ඕනෑම මොහොතක අලෙවි කළ හැකි පරිභෝජන භාණ්ඩ ලෙස හඳුනා ගෙන ඇත. විවෘත වෙළඳපළ සියලූ මායාවන් දවටා ඇත්තේ ස්ත්‍රී අවයව මතය. ස්ත්‍රී නග්නත්වයෙන් තොරව ධනේශ්වර අලෙවිකරණයට හෝ ප්‍රචාරණයට පැවැත්මක් නැත.

සමකාලීන මහා පරිමාන කර්මාන්තයේ සංවර්ධනය මගින් නිර්ධනීන් අතර ඇති සියලූ පවුල් සබඳතා ඉරා දමන තරමට දුප්පතුන්ගේ දූ දරුවන් සරළ වෙළඳ භාණ්ඩ හා ශ්‍රම උපකරණ ලෙස පරිභෝජනය කරන තරමට පවුල සහ අධ්‍යාපනය ගැනත් දෙමාපියන් සහ දූ දරුවන් අතර මෘදු සබඳතා ගැන ධනේශ්වර අර්ථක්‍රමයේ රැවටිලි සහගත හිස් ප්‍රලාප තවදුරටත් පිළිකුල් වෙයි. ධනපතියා සිය බිරිඳ සලකන්නේ ද නිෂ්පාදන උපකරණයක් ලෙසය. ස්ත්‍රීන් හුදෙක් නිෂ්පාදන උපකරණයක් පමණක් හැටියට සිතීමේ තත්ත්වයෙන් ඔවුන් මුදවාලීම අපේ අරමුණ යැයි අනුමාන වශයෙන් කල්පනා කිරීමට තරම්වත් ඔහුට ශක්තියක් නැත.

ගෝලීය ජනතාවගෙන් මිලියන 900ක් මන්දපෝෂණයෙන් පෙළෙති. ඉන් මිලියන 800ක් ජීවත්වන්නේ ලංකාව ඇතුලූ තුන්වන ලෝක රාජ්‍ය සමූහයේය. මෙම කලාපයේ සෑම දරුවන් පස් දෙකන=ගෙන් එක් අයකු උපතින් ඌණ වර්ධනයෙන් පීඩා විඳිති. සෑම තිදෙනෙක්ම වයසට සරිලන බර ප්‍රමාණයෙන් අඩුය. සෑම දිනකම ආරක්ෂා කර ගත හැකි රෝගා බාධයන්ගෙන් දරුවන් 30.000ක් මිය යති. මිලියන 130ක දරුවන් කිසි දිනක පාසල් අධ්‍යාපනයට ප්‍රවේශ නොවෙයි. තවත් මිලියන 150ක දරුවෝ ජීවත්වීම උදෙසා වහල් මෙහෙයේ යොදවති. වාර්ෂිකව ළාබාල ගැහැණු දරුවන් මිලියන 2ක් කාම මෙහෙවර සඳහා බලහත්කාරයෙන් යොදවති.

සෑම වසරකම ගැහැණු ළමෝ 146.000ක් ලිංගික බලහත්කාරය හේතුවෙන් ගැබ් ගනිති. ඉන් 25%ක් දරු ප්‍රශ+තියේ දී මිය යති. තවත් මිලියන 2ක ඉස්ලාමීය ගැහැණු දරුවෝ ලිංගික චර්මච්ඡේදනයට ත‍ඨඵ ගොදුරු වෙති. බංග්ලාදේශයේ වාර්තා ගත පැමිණිලිවලින් 90% ස්ත්‍රී දූෂණ වන අතර 32%ක් තරුණ ළාබාල දැරියන් බලහත්කාරයෙන් දූෂණය කිරීම්ය. ඉන්දීය භූමියේ පැහැර ගනු ලබන වයස 6 - 18 අතර ගැහැණු දරුවන් අතරින් 30 - 50% ප්‍රමාණය ගණිකා වෘත්තිය සඳහා විකුණා දමන බව ස්ත්‍රීන් සඳහා වූ ජාතික කොමිසම සඳහන් කරයි. මේ අප ජීවත්වන යුගයේ ගෝලීය පොදු යථාර්ථයන්ය. තුන්වන ලෝකයේ දුප්පත් රටක් ලෙස අඛණ්ඩ යුද්ධයක් මධ්‍යයේ ලාංකික ස්ත්‍රියගේ තත්ත්වය මෙයට සමාන්තරව ඛේදවාචකයක් ලෙස නිහඩව දළු ලා වැඩී යයි.

ලාංකික ජනගහනයෙන් අඩක පැවැත්ම ර\ා පවතින්නේ දෛනිකව රුපියල් 200කට වඩා අඩු වැටුපකින්ය. ඉන් බොහොමයක් උඩමළුවේ ආශ්‍රයෙන් ඉවත් කළ නාගරික හා ග්‍රාමීය දිළින්ඳෝය. ලංකාව ඇගේ ජනගහනයෙන් අඩකට වඩා වැඩි ප්‍රමාණයක් ආහාර හිගයෙන් ද අවපෝෂණයෙන් ද පීඩා විඳීමට සලස්වා ඇත්තේය. ළාබාල දරුවන් 32% ක් මන්දපෝෂණයෙන් ද සෑම තිදෙනකුගෙන් එක් අයකු ඌණවර්ධනයේ පීඩා රේඛාවේ රඳවා ඇත්තේය. ගැබිණි මව්වරුන් 45% ක් රක්ත හීනතාවෙන් පීඩා විඳීමට සලස්වා දෙවන පරම්පරාව පිළිබඳ අපේක්ෂාවේ මල් සූරා දමා ඇත්තේය. දුරස්ථ ග්‍රාමිය ප්‍රදේශවල හා නාගරික පැල්පත්වාසී ජනගහනය තුළ අඩු වියැති දැරියන් ගැබ් ගැනීමට ඉඩ හැර ස්ත්‍රී වසන්තය පමණක් නොව මාතෘත්වයේ ගෞරවය ද අන්ධකාරයේ පාපයෙන් වියළා දමා ඇත්තේය.

අඛණ්ඩ යුද්ධයක් තුළ නොහික්මුණ පුරුෂ රුධිරයේ උණුසුම විඳ දරා ගන්නා යාන්ත්‍රික මෙවලමක් ලෙස ස්ත්‍රී යෞව්වනය ඉම්ගම් මායිමේ ද නාගරික ෙසෙලමේ ද වෛශ්‍යාවක් ලෙස පරිභෝජනවාදය විසින් නිරුවත් කොට ඇත්තේය.

මේ ශිෂ්ටාචාරයේ බිඳ වැටීමක් ද?

පුරුෂ බල දේශපාලනික කෑදරකම හා බලහත්කාරය අවුළුවා දැමූ ප්‍රචණ්ඩත්වයේ වින්දිතයා ස්ත්‍රියයි. යුද ආර්ථීකය දේශපාලන මංකෝල්ලය සංස්කෘතික බන්ධනයේ සෘජු ගොදුර වන ස්ත්‍රිය නොසලකා හැරීමේ සීමා මායිමේ රඳවා සිටිය ද ලංකා ආර්ථීකයේ මූල්‍ය නිෂ්පාදනයේ ප්‍රධාන මෙවලම ඇයයි. ඉකුත් දසක තුන තුළ විවෘත වෙළඳපළ යාන්ත්‍රණය විසින් පුරවැසියාගේ ජීවිතය දැඩි ග්‍රහණයෙන් වෙළා ගත් පසු විදේශ විනිමය ඉපැයීමේ වහල් යන්ත්‍ර ලෙස පීඩිත ස්ත්‍රිය හා පුරුෂ ජීවිත ලක්ෂ 12 ක් විදෙශ් ගත කළේය. මෙම පිරිසෙන් 65% ක් ස්ත්‍රීහුය. ඔවූහු වාර්ෂිකව ඩො, මිලියන 2,000කට ආසන්න මුදලක් උපයති. වතු ක්ෂේත්‍රයේ ලක්ෂ 6 ක් ආසන්න පිරිසක් සේවයේ යෙදී සිටිති. ඉන් අඩක් ස්ත්‍රීහුය. වාර්ෂිකව ඩො, බිලියනයකට ආසන්න මුදලක් උපයති. ඇගළුම් ක්ෂේත්‍රයේ 280,000 ක සේවක සේවිකාවන් අතුරින් 75% ක් ස්ත්‍රීහුය. ඩොලර් බිලියන 2 කට ආසන්න මුදලක් උපයති. එහෙත් ස්ත්‍රියගේ සමාජ ජීවිතය සුවපත් කොට වහල් සේවයෙන් මුදවා ගැනිමට එම මුදල සමත්වූවා ද?

අදින් මාස කීපයකට පෙර ඩො, බිලියන 3 . 4ක් වූ විදේශ සංචිතය අද ඩො. බිලියන 1 . 8ක්ය. ස්ත්‍රිය දහදිය කඳුළු රුධිරය වගුරා ඉපැයූ එම මුදල විනාශ කළේ කවුද? වතු වගාව ආශි්‍රත විදේශ ආදායම 70% ක් පමණ පහත වැටීමෙන් වතු වගා සේවා ස්ත්‍රිය ආදායම් මාර්ග ඇහිරී කුසගින්නේ දරු පැටවුන් සමග ලයිමේ එළිපත්ත මත ආනාගතය සොරා ගත්තේ කවරෙක්දැයි විමසයි? නිදහස් වෙළඳ කලාපයේ ඇගළුම් කම්හලේ දොරටු වැසී මහමගට ඇද වැටුණ 16,000 කට අධික ස්ත්‍රිය තාරුණ්‍යයට හෙටක් ගැන විමසයි? ඉකුත් වසර තුන තුළ යුද භූමියේ විනාශ වූ තරුණ සොල්දාදුවන්ගේ වියෝවෙන් වැන්දඹු වූ 10,000කට අධික දකුණේ ස්ත්‍රිය යුදයේ නිසරු අස්වැන්නක් නෙළා ගෙන ඇත්තේය. සුනාමියෙන් හා යුදයෙන් අවතැන් වූ දස දහස් සංඛ්‍යාත ස්ත්‍රීහු වසර ගණනක් අනාථ කඳවුරු තුළ සාධාරණත්වය ඉටුවන තුරු බලා සිටිති.

උතුරේ ද දකුණේ ද යුද වැන්දඹුවනි - විරුකියාවෙන් පෙළෙන කාන්තාවනි - ජීවිතය වෙනුවට මරණය සොයා ගිය නැවත නොපැමිණි දරුවන් එන තෙක් මග බලා සිටින මෑණිවරුනි . අප තවත් කොපමණ කලක් බලා සිටින්න ද? යෙහෙළියනි .... බිඳ දමා නිහැඩියාව,...... සොයා යමු ජීවිතය........

සමාජයක නිරෝගීභාවය ර\ා පවතින්නේ එම සමාජය ස්ත්‍රියට දක්වන ගෞරවය මතය.

සුනිල් රණසිංහ
sranasinghe@journalist.com

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|

ඕසෝන් හිල භාර ලක පරිසර ඇමති
හක් ගෙඩි හඩිං කිවුවා මරු කතාවක්
ඔබාමා කොපි ගහන්නෙත් චිංචනේ්ලු
මේවා අහලා පණ පලයං පෙරේදා

ඩෝං පුතා

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|

“SANCTITY OF LIFE” AWA SHOW 2009 An Art Show to Commemorate the International Women’s Day 8th - 25th March 2009

This year AWA (Association of Women Artists) is commemorating the International Women’s Day by celebrating different dimensions of life such as heritage, relationships, safety, victory, death, moods etc .. seen by seven Sri Lankan women artists. This exhibition consists in paintings, installations, sculptures and photographs.

Exhibition Time Frame
Exhibition
9th March to 25th March 2009
From 9.00am to 5.00pm

At Vibhavi Academy of Fine Arts Gallery
38, New Jayaweera Mawatha, Athul Kotte
(Exhibition open to public, free of charge)

SIDE EVENT
VAFA Gallery re-opening – VAFA gallery consist with four main halls of exhibition area will be opened in parallel to AWA show 2009. In order to celebrate this event a movie and documentary festival has been organized during the exhibition period.

OTHER
A book stall will be available for A/L art students during the exhibition
Art materials will be available at easy cost in partnership with SAKURA
Introduction of the VAFA and registration of new students can be organized on request

AWA (Association of Women Artists)
The Association of Women Artists was initiated at the Vibhavi Academy of Fine Arts (VAFA) in the year 2001. Since then with the support of VAFA, AWA has organized Art exhibitions to commemorate International Women’s Day each year in the month of March.

AWA initial objectives are making art, conducting research and documenting work on women’s art, hosting discussions and workshops.

AWA is hoping to initiate her next step this year by voicing social issues through their visual arts with a specific focus on women and children in the society, and by networking with media and civil society associations.

VAFA is the only Sri Lankan private art academy which is open to anyone who has the interest to learn art at an accessible cost. For more information please refer to www.vibhaviacademy.org

For more Information please contact:
Michelle : 077 940 81 49 E-mail: mimi_murals@yahoo.com

AWA ARTISTS

Inoka De Silva
Inosil_03@yahoo.com

Tel : 0777375230

Statement
Hatta Katu
Hatta Katu- that I see as blouse pins of my time. Unmarked by race or rank.
In my earnest effort perhaps hidden from sight projet the woman universal .


Krishanthi Sepalika Uluwitage
Tel : 0723566172

Statement
Only the dead have seen the end of the war
Whatever may be the ultimate goal of war only the dead can perceive the deep reality of it. He may
be your dearest soldier or the innocent civillians, we experience either sucess or faliure. Therefore the
turning point is to look that in what exacts the dead soldier transforms divinity

Manori Jayasinghe
slmanori@yahoo.com

Statement
From womb to tomb the fairer sex fight an uphill battle for no other reason but merely for been a woman. The sad reality is that women live in an increasingly violent society in which the fear of danger is ever-present. From the moment she is born until her last breath, she is exposed to danger at all times by her own mother, father, brother, uncle or the neighbour -- it could be her own lover, husband, boss, collegue or even the children given birth and nurtured by her. It’s a pitty that her own thoughts, emotions and actions too cause an equal harm disturbing her life.
The Safety Pin symbolize the danger that makes a woman’s life a misery. But, the woman, much stronger, able and energitic than this simple cause can make a difference. It is upto her to defend herself when she is exposed to danger. With a certain degree of awareness and readiness to be her own guardian she should fight every battle to make her life comfortable.

Sajeewani Hewawitharane
Sajeewani7@gmail.com

Tel : 0776013657

Statement
The lace creations have a historic importance in Sri Lankan culture. It exists since Portuguese era as Renda, especially spread in Southern area. Renda, Beeralu and Lace are good examples for the development of this art. It’s noteworthy to see the women’s role in this art, which has evolved unharmed. This was the inspiration for me, who was born in South. This always stirred my creative expression. I was largely influenced by Renda creations, and my creations bear testimony for that.
In a society where weaving and sewing are considered ‘womanish’ I attempted to bring out a different interpretation. I keep on trying to break away from the prestigious canvas into embroidery with different media such as weaving, sewing and painting.

Thusharangika Indunayani
thusharangika@yahoo.com

Tel : 0725350273
statement
Memorabilia
The relationship between me and my family built up my world delightful.Every space in our home show me our sweet memories and great love which which never end. Even everything which I got from them is a rememberance of our lovely relationship.


GUESTS ARTISTS

Marie Gnanaraj
mariegnanaraj@gmail.com

Statement
Over the years I have been fortunate enough to work mostly among women, and without my knowledge they have inspired me. Their attitude towards life……..
Some women are born leaders. Strong and vibrant personalities. Often very overpowering.

Others have a calmer and humble approach to life, no matter how fate and the Gods decide to play with their lives. They watch and listen and adopt their own attitude towards life.

There are women who suffer in silence, yet forgiving, and survive against all odds.

What amazes me is the strength they find within themselves to live through it.

Weaving is just like their lives……..tangled and interwoven, and connected to each other.

I have chosen red, white and black to show these amazing traits of women.

Nisansala Karunaratne
info@nisansala.com

Statement
Reflection of Positive Attitudes...
Over the last few years I searched a blissful lady.
I found her…
She was hidden underneath positive attitudes.




මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|
Related Posts with Thumbnails