දකුණේ නෑදෑයින් වෙත
බාරවුණු දෙමළ සෙනගට
රහට බත පිස පිස
පාර්සල් බඳිනට
වෙහෙස වෙන මගෙ නෑයිනි
දෙන්න ඔය අත් සිපගන්න.
කිරිබත් හොඳයි උදයට
ලූනු මිරිස් හා බුදිනට
කෙසෙල් කොළයක එතු විට
සුවඳත් හමයි පදමට.
බල මාළු ඇඹුල් තියලට
පොළොස් මාළුව ආ විට
මොන අඩු වැඩිද දවලට
සිංහල හාලෙ බතකට.
ලේ ගලන දෙතොළත
දැවිල්ල නිවාගන්නට
වෙන අතුරුපස කුමටද
රුහුණු මීකිරි ඇති විට.
නිමාවක් නැති රෑ කල
උදා වූ බව නොහැගෙන
රෑට - අඳුරෙම ගිලිනට
කුරහන් තලප කදිමය.
මංජුල වෙඩිවර්ධන

සම්මානලාභී කවියකු වන මංජුල වෙඩිවර්ධන, 80 දශකයෙන් මෙපිට නියෝජනය කරන කවි පරපුරේ පෙරටුගාමී කවියෙකි. නිරුත්තර සමාධිය (ෂේ්න් මැකෙල්වි සමග - 1997), පිළිහුඩුවී (ගොඩගේ් සාහිත්‍ය සම්මාන - 2002) සහ මධු සඳිනි මධුවිත (2007) යන කාව්‍ය සංග්‍රහ පළ කොට ඇති මංජුල 2000 වසරේදී එළි දැක්වූ මේරි නම් වූ මරියා නමැති කෙටි කතා සංග්‍රහය වාරණයට ලක් විය. ඉකුත් සමයේ් මෙරට ප්‍රබන්ධ සාහිත්‍යයට එක් වූ විශිෂ්ඨතම කෘතියක් වූ බත්තලංගුණ්ඩුව (2007) මංජුලගේ් පළමු නවකතාවයි. සියත පුවත්පතේ් ආරම්භක කතෘ වූ ඔහු ආන්දෝලනාත්මක ලෙස එයින් ඉවත්ව වත්මනෙහි නිදහස් ලේ්ඛකයෙකු ලෙස කටයුතු කරයි.
සාහිත්‍යයෙන් එපිට වේදිකාව, ටෙලි නාට්‍යය යන කලා මාධ්‍යයන් සඳහා ද ඔහු දායක වී තිබේ. වට්ටෝරුගත ටෙලි නාට්‍ය ලැස්තුවට සමනලූන්ට වෙඩි තියන්න (2007) බඳු වෙනස් ආකෘතියක් ඇති ප්‍රසාංගික ටෙලි නාට්‍ය හඳුන්වා දුන් මංජුල එAකාංගික ටෙලි නාට්‍ය රැසකට ද තිර පිටපත් රචනයෙන් එක් විය. ඇතැම් අවස්ථාවල, නළුවෙක් ලෙස ද නිවේදකයෙක් ලෙස ද කටයුතු කළ ඔහු දායක වූ අළුත් ටෙලි නිර්මාණය නුදුරේදී විකාශනය වීමට නියමිතය.
මධු සඳිනි මධු විත, මාතෘකා නැති කවි 58කින් සමන්විතය. ඉන් බොහොමයක් කෙටි කවිය. ජනරංජනගේ් සිතුවමින් සැරසුණු මේ කෘතිය ගොඩගේ් ප්‍රකාශනයකි. මංජුල සිය අළුත් කවි සංග්‍රහය පළ කිරීමට සැරසෙන මේ මොහොතේ්, මධු සඳිනි මධු විතින් නෙළු කවි කිහිපයක් ඔබට පිරිනමමු.
ගිහින් විඳින්න
සාධාරණ යුද්ධය සම්බන්ධයෙන් වූ පහත දැක්වෙන සංවාදය 2003 අප්‍රේල් මාසයේ ඇමරිකාව විසින් ඉරාකය ආක්‍රමණය කිරීමට ප්‍රථම ඕස්ටේ්‍රලියාවේ එක්තරා ස්ථානයකදී සිදුවූ සිදුවීමක් ලෙස හදුන්වා දිය හැකිය. මේ කාලය තූළ ඇමරිකාව ඉරාකය ආක්‍රමණය කිරීමේදී ඕස්ටේ්‍රලියාව එම ඒකාබද්ධ හමුදාවට එක්වීම සාධාරණද නැද්ද? යන්න පිළිබඳව විවාද පැවති සමයකි. (ඕස්ටේ්‍රලියාව එම යුද්ධයේදී ඒකාබද්ධ හමුදාව නියෝජනය කලා.) ඒත් එක්කම සරණාගතයින් අත්අඩංගූවේ තබා ගැනීම සම්බන්ධයෙන් ඕස්ටේ්‍රලියාවට එරෙහිව මේ වන විට නොයෙකූත් චෝදනා එල්ලවෙමින් තිබුනා.
එමි : තාත්තේ සාධාරණ යුද්ධයක් කියන්නේ මොකද්ද?
තාත්තා: දැන් බෑ ස්වීට් හාර්ට් පස්සේ කථා කරමුද? මට දැන් වැඩ වැඩියි.
එමි : ඒ වුනාට ඔයා කිව්වේ ඕනම වෙලාවක ඕනම ප්‍රශ්නයක් තියෙනව නම් අහන්න කියලා?
තාත්තා: හොඳයි. දැන් මොකද්ද ඔයාගේ ප්‍රශ්නේ?
එමි: සාධාරණ යුද්ධයක් කියන එක තමයි මගේ ප්‍රශ්නය. යුද්ධයක් කොහොමද සාධාරණ වෙන්නේ?
තාත්තා: ඔව් ඒක හොද ප්‍රශ්නයක්. එක පාරටම මේ ගැන අහන්න හිතූනේ මොකද?
එමි : ඔයා දන්නවනේ දැන් ඉරාකෙ තියෙන ප්‍රශ්නේ.
තාත්තා: හොදයි මුලින්ම මම කියන්නම් ඕනම යුද්ධයක් බොහොම නරක දරුණූ ප්‍රචණ්ඩකාරී බලහත්කාරය වපුරුවන දෙයක්. ඒ වගේම යුද්ධයකින් ගැටුමක් විසදිය නොහැකි බව ඉතිහාසය පෙන්නල දීලා තියෙනවා. මං හිතන්නේ අනාගතයේදී මිනිස්සු ආපසු හැරිලා බලලා තමන් යුද්ධ කරන්න තරම් මෝඩවීම ගැන කණගාටුවේවි. යුද්ධය කිසිවකූට දිනන්න බෑ. ඒ වගේම විශාල පිරිසකට හානි සිද්ධ වෙනවා. කිසිවෙක් තමන් අපේක්ෂා කළ අරමුණු කිසි දිනක ඉෂ්ඨ කර ගන්නේ නැහැ.
එමි : ඒ කියන්නේ ඔයා යුද්දෙට විරුද්ධයි.
තාත්තා: හැමෝම යුද්දෙට විරුද්ධයි. කවුද කැමති තම තමන් මරා ගන්නවට? තම තමන්ගේ නගර විනාශ කරනවට? ඔයා හිතන විදියට යුද්දෙ කියන්නේ හමුදා සෙබලූන්ට විතරක් අයිති දෙයක් කියලද නෑ. මේ යුද්දෙ නිසා සිවිල් වැසියන්, ළමුන් මිය යනවා. ඇත්තවශයෙන්ම මම යුද්දෙට විරුද්ධයි. ඔයා විරුද්ධ නැද්ද?
එමි: ඒ කියන්නේ ඔයා සාමවාදියෙක්ද?
තාත්තා: නෑ. ඒක එහෙමම නෙවෙයි. මගේ අදහස්වලින් භාගයක් ඒකට එකඟයි. මම සාමය අගය කරනවා. නමුත් සටන්වලට එරෙහිව විකල්පයක් නැති අවස්ථා තිඛෙනවා.
එමි: ඒ කියන්නේ සාධාරණ යුද්ධය කියන එකෙන් මිනිස්සු අදහස් කරන්නේ ඒකද?
තාත්තා: මං හිතන්නේ එහෙමයි. සාධාරණ යුද්ධය කියන එක ඇතිවෙන්නේ කවුරු හරි පහර දෙනකොට. මොකද එතකොට ඔබට ආරක්ෂා වෙන්න සිද්ධ වෙනවා. එහෙමත් නැත්නම් මිත්‍ර පාක්ෂික රටකට පහර දෙනකොට ඒ නායකයින් ඔයාගෙන් ආරක්ෂාව ඉල්ලනවා.
එමි :ඉතිං ඇමරිකාව ඉරාකයට පහරදෙන විට ඉරාකය තනිවම ආරක්ෂාකාරී ක්‍රියාමාර්ග ගන්නවානම් ඒක ඇමරිකාවට සාධාරණ යුද්ධයක් වෙන්නේ නෑ.නමුත් ඒක ඉරාකයට සාධාරණ යුද්ධයක් විය හැකියි.ඉරාකය ඇමරිකාවට එරෙහිව තමන්ගේ ආරක්ෂාව සඳහා මිත්‍ර පාක්ෂික රටකින් උදව් ඉල්ලුවොත් ඒ මිත්‍ර පාක්ෂික රටට ඒ යුද්ධය සාධාරණ යුද්ධයක්, එහෙම නේද?
තාත්තා: ඒක ඒ තරම්ම සරල නැහැ. හොඳ මිනිස්සු සහ නරක මිනිස්සු කියල දෙවර්ගයක් ලෝකේ ඉන්නවා. සදාම් හුසේන් නරක මිනිහෙක්. ඒක නිසා ඔහුව පරදන එකට කවුරුත් විරුද්ධ වෙයි කියලා මම හිතන්නේ නැහැ.
එමි : ඒ වුනාට ඔහු කාටවත් පහරදෙන්නේ නැත්නම් එයාගේ රට ආක්‍රමණය කරන එක කොහොමද සාධාරණ යුද්ධයක් වෙන්නේ. ඔයා කියන විදිහට අනුව රටක් ආක්‍රමණය කරන එක වැරදි වැඩක්නේ තාත්ත.
තාත්තා: ඔව් ගොඩක් වෙලාවට. නමුත් හැමෝම විශ්වාස කරනවා සදාම්ගාව භයානක අවි ආයුධ තියෙනවා කියලා.
එමි : ඇමරිකාවට වඩා නරක?
තාත්තා: නෑ. එච්චර නරක නෑ. නමුත් ඔහු නරකයි කියලා හැම දෙනෙක්ම හිතන නිසා කොයි මොහොතක හෝ රටකට එරෙහිව ඒ භයානක ආයුධ පාවිච්චි කරාවි කියලා මිනිස්සු හිතනවා. ඒක නිසා ඔහු ඒ ආයුධ පාවිච්චි කරන්න ඉස්සෙල්ලා ඒ රට ආක්‍රමණය කරලා ඒ ආයුධ විනාශ කරන්න ඇමරිකාවට අවශ්‍යයි.
එමි : ඒ ආයුධ පාවිච්චි කරන බවට තර්ජනය කරලා තියෙනවද? සදාම්ට ඔිනෙ කාට පහර දෙන්නද?
තාත්තා: නිශ්චිතව අහවල් රටට විරුද්ධව ඒ ආයුධ පාචිච්චි කරනවා කියලා නැහැ. ඒවුනත් ඔවුන්ව ආක්‍රමණය කලොත් ඇමරිකාවට එරෙහිව ඒ ආයුධ පාවිච්චි කරාවි.
එමි : ඕස්ටේ්‍රලියාව ගැන හිතමු. අපිත් ඉරාකය ආක්‍රමණය කරන්නේ නැද්ද? අපිත් සෙබලූන් යවනවා ගිය සතියේ මම ටී.වී. එකේ දැක්කා.
තාත්තා: එහෙමම නොවෙන්න පුළුවන්. අපි සදාම්ට ආයුධ බිම දාන්න කියලා බය කරන්න කරන දෙයක් වෙන්න පුළුවන්. ඔහුව රවටනවා වෙන්න පුළුවන්.
එමි : නමුත් ඔහු කිසිවකූට පහර දෙන්න සැලසුම් කලේ නැත්නම් තමන්ට එල්ලවන ප්‍රහාරයකින් ආත්ම ආරක්ෂාව සපයා ගැනීමට හැරෙන්න තමන් එම ආයුධ පාවිච්ච් නොකරන බව එයින් අදහස් වෙන්නේ නැද්ද?
තාත්තා: ඔව් ඒ අදහස තර්කානුකූල බව පේනවා. නමුත් අපි ඉස්සර වුනේ නැත්නම් ඔහු කිසියමි රටකට එරෙහිව පහරදෙයි කියලා ආණ්ඩුව විශ්වාස කරනවා.
එමි : අපේ ජීවන කූසලතා මිස් කිවුවා වඩා වැදගත් වන්නේ අවසන් ප්‍රතිඵලය නෙමෙයි. අපි එය ළගා කරගන්නේ කොහොමද කියන එක තමයි වැදගත් කියලා. ඒක වැරදිද?
තාත්තා: මං දන්නෑ දරුවෝ. ඇත්තටම මම දන්නේ නැහැ.
එමි : ඒක නෙවෙයි. ඔසාමා බින්ලාඩන් ට මොකද්ද වුනේ? මම හිතාගෙන හිටියේ එයා තමයි ලෝකේ ඉන්න අංක එකේ නරක මිනිහා කියලා. සදාම් ඊට වඩා දරුණුද
තාත්තා: ඒ දෙන්නම නරකයි. ඔවුන් ත්‍රස්ත්‍රවාදීන්. ඒ දෙන්නම මිනිස් ජීවිතවලට බොහොම අඩු වටිනාකමක් තමයි දෙන්නේ.
එමි : තාත්තේ ඒ සරණාගත කඳවුරු වල පුංචි ළමයි තවමත් හිරකරගෙන ඉන්නවද?
තාත්තා: ඔව්, අපි හිරකරගෙන ඉන්නවා දූව.
එමි : ඉතිං අපි හොද මිනිස්සුද නරක මිනිස්සුද?
තාත්තා : හොද මිනිස්සු ඇත්ත වශයෙන්ම, තවත් ප්‍රශ්න නෑ. තේරුනාද?
Written by Jon Hargreaves and Francis Rolt, Published by HCR and Search for Common Ground.
හඬ මදි සීනුවකි එය ඛෙල්ලෙන් එල්ලේ
හොඬ-වැල කැඩුණු අලි වැලපෙති උඩුබැල්ලේ
ඇඹුලම දකිමු ළං වෙනු බැරි මිදි වල්ලේ
පින් ඇති මහත්-හොරු ඇතුළේ සැනසිල්ලේ
ඩෝං පුතා
නාය ගියත් කඳු වැටිය - මුන්ගෙ හිත් කළු ගල්ය - සිතිජගෙන්

(වික්ටර් අයිවන්ගේ ලිපියකට භාෂණගේ ප්‍රතිචාරයකි.)
යූජීන් ඉයනෙස්කෝගේ රයිනෝසිරස් නාට්‍යයේ පළමු රංගය දිගහැරෙන්නේ මෙසේ ය: පසුබිම නගර චතුරශ්‍රයකි. එහි රැඳීගත් නුවරුන් සාමීචියෙහි යෙදේ. බීමතට ලොල් වූ ඛෙරාන්ෂේද ඔහුගේ මිත්‍ර ෂෝන් ද ඒ අතර වෙති. මනුෂ්‍ය අධිෂ්ඨාන බලය ගැන හා තර්ක න්‍යාය ගැන ගැඹුරු වාද විවාදවල ගිළුණු චතුරශ්‍රය මැදින් හිටිහැටියේ රයිනෝසිරසයෙකු දිව යයි. අනපේකෂිත දසුනින් කැළඹෙන පිරිස් මොහොතකට සාමිචිය නවතා විශ්මයෙන් මුමුණති. අනතුරුව එය අමතක කොට යළිත් සල්ලාපයේ ගැළෙති. කාලය ගෙවී යයි. ඒ අතරවාරයේ තවත් රයිනෝසිරසයෙකු චතුරශ්‍රය හරහා දිව යයි. එතැන් සිට, විකෂිප්ත නගර වැසියන්ගේ සාකච්ඡාවන්ගේ තේමාව බවට රයිනෝසිරස්ලා පත් වේ. වහාම රයිනනෝලා නවතාලිය යුතු බවට සියල්ලෝ ගිවිස ගනිති. නමුත් අනතුරුව දවසින් දවස නගර වැසියන් එකා බැගින් රයිනෝලා බවට පෙරළෙන ආකාරය දෙස ඛෙරාන්ෂේද, ප්‍රේකෂකයෝද බලා සිටිති. අවසානයේ ඛෙරාන්ෂේ හා ප්‍රේකෂකයින් හැරුණු විට සෙසු සියල්ලෝ රයිනෝසිරස්ලා බවට හැරෙති.......
සම්පූර්ණයෙන් කියවන්න.
[Source : Sri Lankan Diaspora]
රාවය. 2009-04-19.
මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
අහන්න - කොළොම්පුර මකරන්දයේ දෙසුම් : ලියනගේ අමරකීර්ති/ කේ.කේ. සමන් කුමාර/ සිරිලාල් කොඩිකාර
අහන්න. එදින පැවැත්වුණු දේශන-
1. ලියනගේ අමරකීර්ති : සිරිලාල් කොඩිකාරගේ කවි මග විමසීම - 1
2. ලියනගේ අමරකීර්ති : සිරිලාල් කොඩිකාරගේ කවි මග විමසීම - 2
3. කේ.කේ. සමන් කුමාර : ලක්ශාන්ත අතුකෝරළගේ කවි මග විමසීම
4. සිරිලාල් කොඩිකාර කළ කතාව
(අවිධිමත් එළිමහන් පටිගතකිරීමකි.)
මකරන්ද ලේඛක - රසික වැඩමුළුවේ සිව් වැන්න ඉකුත් අප්‍රේල් 05 වැනි ඉරිදා පන්නිපිටියේ දී පැවැත්විණ. එහිදී, ප්‍රවීණ කිවියර සිරිලාල් කොඩිකාරගේ සහ ලක්ශාන්ත අතුකෝරළගේ කවි විමසුමට බඳුන් විය.
සිරිලාල්ගේ කවි ගැන ආචාර්ය ලියනගේ අමරකීර්ති අදහස් පළ කළ අතර ලක්ශාන්තගේ කවි පිළිබඳව කේ.කේ. සමන් කුමාර අදහස් දැක්වීය. මෙම වැඩමුළුවේදී මකරන්ද සාර සංහිතා මාසික කවි පුවත්පතෙහි පළමු කලාපය එළි දැක්වුණු අතර, මකරන්ද කවි කොළය දෙවන කලාපය ද එළි දැක්විණි.
එමෙන්ම, චින්තක රණසිංහ විසින් රචිත පේරාදෙණි ගුරු කුලය හා ගුණදාස අමරසේකර යන විචාර ග්‍රන්ථය ද මෙහිදී ජනගත කෙරිණ.
මීට අමතරව අනිල් නිශාන්ත ලොකුගමරාළගේ අඳුරු වන බිමකි අප නිවසන සහ උදේනි සරත්චන්ද්‍රගේ පුරඟන නැගෙණියෝ ගැන කෙටි විමසුමක් ජයත් පියදසුන් සහ කිත්සිරි කොතලාවල විසින් කරන ලදී. දිවයිනේ නන් දෙසින් පැමිණි කවි කිවිඳියන් රැසක් මෙයට සහභාගී වූහ.
සේයා - නඳුන් යසිත/ අමිල සී.
බස්නාහිර ඡන්දය කල් දමනු
මං සිංදු කිවුවහම ඒ ගොල්ලන්ගේ ඇට ගැලවෙනව ද?
-රෙජිනෝල්ඩ් කුරේ-
මේ වැනි දුමින්දා
ඉජු ඉජු ළඟට කැන්දා
පුටුව උඩ රන්ඳා
පිස්සු කෙළියේ් ඇයි රජින්දා?
දඟ කෙරුවාට කෙල්ලන් චන්දය දේද
ඇඟ පත තිබ්බාට හරකෙක් රජ වේද
කෙස් හැලූණාට වැඩ කිඩ අහවර වේද
මං ගී කිව්වාම බොගෙ ඇට ගැලවේද?
උත්තම දුමින්දා බමරෙකු වගේ් අනී
සත්තම දමා වින් කරනා කෙරෙමෙ දනී
දැක්කම මීටිමක දොඩවනු කුමක් වැනී
කුට්ටම කැපුණු හරකෙක් තප්පුලනු වැනී
තව ටික දොහෙං මේ ආතල් ඉවර වෙතී
ජෝකර්ලා ගිහිං සාලය පාළු වෙතී
පලා බබා චන්දේ් තව තුනක් සතී
දික් කරහං රජිඳෝ උඹ නිවං යතී
ඩෝං පුතා
සිතුවිල්ලක්
දුක් සිතුවිල්ලක් පාවී එන්නේ
මුහුදු සුළං සේ අරුණළු අතරේ
යන ගමනක් ගැන සිත වැළපෙන්නේ
සීතල කඳුලකි සිසිල සදන්නේ
දෙදුන්නකි දුර මැකෙනා අහසේ
නොරටක ආ ගමන කියන්නේ
අරුණළු සඟවන දුර තැටි අහසේ
තනි වූ තරුවකි දුක් විමසන්නේ
මුහුදු කඩින් එතරට සිත යන්නේ
වැළපෙන දිවයින මතක රඳන්නේ
මැකෙනා මතකය යළි දිව එන්නේ
වැළපෙන මතකය කවි පද වන්නේ
සුනිල් ගෝවින්නගේ
ඇනා සර්ගෙව්යනාගේ කවිය
ජීවිතයෙ ගැල ඇදුණු වසර යුග
ගිම් නොනිමි එකම දිගු ගමනක් ය
තැවුල් ගිනි පුළිඟු හද සිදුරු කළ
කිහිරඟුරු විසුළ මරු කතරක්ය
නිල දිදුල කදෝ පැණි එළියෙහි ද
නැෙඟන ඉරබටු තරුව දුටුවෙමිය
කළු ගලින් දිය දලුව දකින්නට
එය සිදුරු කරන වෙර දැරුයෙම්ය
නො දන්නෙමි කවර අසිරියෙකි අද
සැලෙයි වැසි එදිගු මහ නියං සිඳ
ජල බිංදු තුරුලෙ ගෙන සැරි සරන
නල වැලෙන රඟ දෙවයි නර කෙස ද
මිදුණු හද අවදි කළ සුවඳ පොද
රැුඳී හිඳිනෙය අකල පිපි මලෙක
බබළා ය එක පැහැර හද අහස
ළසඳ සේ දිලෙයි අවපසෙහි සඳ
නො හැෙඟ්ය පෙනෙන වග සන්ධ්‍යාව
ළඟා වුණු සේ දැනෙයි ප‍්‍රභාතය
වර ලදිමි අරඹන්ට ජීවිතය
අවසාන තුසර පොද හා සමඟ
මොනිකා රුවන් පතිරණ
-විසිවසක ශේෂ පත‍්‍රය - 1992
"කුරුටු ගෑ ගී පොතේ
කුරුටු ගී කෑ ගසා
ගිලන් හද පාරවා
ගෙනේ වද වේදනා......"
නන්දා මාලිනියගේ හැගීම්බර කටහඩ හදට එක්කළේ විරහව මුසුවූ අප‍්‍රමාණ රසයක්. අවශ්‍ය නම් හිතේ තිබෙන සියළු දුක පහවන තෙක් කදුළු සලා හැඩන්නට වුවද හැක. මා සමග ගීතය රසවිදිමින් සිටි මාගේ බිරිද එක්වරම නැගිට ඉවතට ගියාය. ගීත රසයෙන් මත්වූ මා ගීතය දිගටම අසා සිටියෙමි.
අවධානය එක්වරම වෙනතකට යොමුවූයේ ඉකිගසන හඩක් සවනත වැකුණු හෙයිනි. ඒ ගැන විමසන විට දක්නට ලැබුණේ මාගේ බිරිද අයිනකට වී හඩන ආකාරයයි. මම සැනෙකින් එදෙසට ගියෙමි. එසැණින් ඇය වරදක් කළ අයකු මෙන් මදෙස බැළුවාය.
අප අතර සිදුවූ යෝජිත විවාහයට පෙර පැවති ප්‍රෙම්සම්බන්ධය බිදී යාම ගැන මා හට ඇය කියා තිබුණත් එය මෙතරම් සමීප වූවක් යැයි මම නොසිතුවෙමි. හදුනාගැනීමත්, විවාහයත් ඉක්මනින්ම සිදුවූ නිසා විස්තර දැනගැනීමට ද කාලයක් නොවිණි. ගෙවූ දින කිහිපයද ඇය වෙත හදවතින් සමීප වීමට තරම් වෙලාවක් නොතිබුණි.
අළුත් විවාහයෙන් ජීවිතය ඉදිරියගැන විමසමින් සිටින මා හට බිරිද තේරුම් ගැනීමට වත් කල් නොවීය. යම් දෙගිඩියාවකින් සිටි මා හට මේ සිදුවීම යමක් ස්ථිර කළේය.
ඇය, මාගේ බිරිද,
මා හද පත්ලෙන් විදින ගීයකට හැඩුම් ඒමට තරම් සංවේදී තැනැත්තියකි.
කර්කශක පොළොවේ සංවේදී හැගීම බෙදාගත හැකි තැනැත්තියකි.
සැබැවින්ම ඇය ආදරය දන්නා, ආදරය කළ හැකි තැනැත්තියකි.
ජීවිතය කාලයක් එකට සිටීමට සොයන සහකාරියකට තවත් සුදුසුකම් කුමකටද? මෙතෙක් නීතියෙන් පමණක් බැදී සිටි අප කිසිදා නොයන බැදීමකට හදවතින්ම ළංවීමු.
ඇගේ දුක බෙදා ගැනීමට මාගේ උරහිස අවසර දුණි.
නන්දා මාලිනී තවමත් ගීතවත්ය..
"නොලැබ කිවිදුන්
කිමද කවිකම්
කිවිද මට කවි ලොවේ......."
- සංඛ කිරිදිවැල -
කඳුළු කලපුව
කඳුළු කලපුව රැළි නඟයි
යුද්ධෙ එන්නැහැ කිව්ව
යුධමුක්ත කලාපය කෙලවර
කඳුළු කලපුව රැළි නඟයි
සිංහලෙන් අඬන්නම්
ඇටසැකිලි මිනිසුන්ට
ඔය බර අවි බර වැඩියි
මියෙයි අත් පා බිඳෙයි
කලපු වෙරළේ
කැබලි විසිරෙයි
කඳුළු කලපුවෙ දිය සිඳෙයි
කඳුළු කලපුවෙ ලෙ උනයි
කාගෙ මරණෙට
විලාප දෙන්නද
දන්නෙ නැහැ අප
කොච්චරක් නම්
අඬන්න ඕනෙද
කියල දෙනවද
කලපුව ම දැං රත් පැහැයි
කඳුළු කලපුව නිසසලයි
මහේෂ් මුණසිංහ
2009 04
අනන්ත සුවය...
කම්මැලි ඇස්දෙක ඇරලා
ඇතාගලේ අවදිවෙන්න
බතළගොඩ වැවත් විගහට
සරැළි නගා හිනාවෙන්න.
නෙරළු යාය උඩින් බලා
හිරු තරහින් ඔරවනකොට
කල්ප කාලයක් ගෙවිලා
මං ආවා ගමට ඔන්න.
මතක රැඳුන බඩවැටිවල
කරක්ගහන්නට යනකොට
කොරවක්කනි ඇයි? තනියම
ගෙඹි රූනත් එක්ක එන්න.
හැන්දෑවට කන්ද උඩින්
හඳ නාවොත් එළිය එක්ක
කළාමැදිරියනි හනිකට
ලන්තෑරුම් රැගෙන එන්න.
ඇල්හාලේ බත්කාලා
පන්පැදුරේ ඇලවෙනකොට
කොයිකාටත් හොර රහසේ
ඔරලෝසුව
නතරවෙන්න...!
වර්ණ රසිකා
එරොබොදු මල් කුමට
අවුරුදු ළඟයි කීමට
කොවුලනි ගයන්නේ
හංස ගීයද
අවුරුදු කඳබැදන්
නෑදැ ගමන් කුමකට
උතුරේ විසාලානුවරට
අබැටක් සොයා නොයනෙමි
කිසිවෙකු නොමළ ගේකට
ලිහිණි
08 . 04 . 2009
අප්‍රේ්ල් සුළඟ වන්නියෙන් එන්න දකුණට - මහේ්ෂ් මුණසිංහ
ඒ 3ක් අරගත්තා-ඊට පස්සෙ?....
සුජාතා අත ගන්න
එපා මට අත දෙන්න
සුභපතා පිරිනමන
ඔය සුරත යලි ගන්න
එලැඹුනෙමි
නිමාවක් නැති
නිමාවකි
දහස් නෙත් යුග බලා සිටියෝ
දහස් ගනනින් මුවෙන් නැගි බස්
වා තලය මුලු අරා සිටියෝ
සහස් සුවහස් බලන් සිටියේ කුමකටද?
විභාගය පාස් උනා
මාරයි
සන්තෝසයිනේ
කීයද රෑන්ක් එක?
ඕල් ද වෙරි බෙස්ට්
බුහා බුහා
පෙනෙන පෙනෙනා හැම ඉසවුවක
කන සොයා යන
කටවල් දිලෙනවා
පැසසුම් ඇසෙනවා
පැසසුම් මැවෙනවා
හිස අත ගාන දෑත් යුග කෝටියයි
පිට දිගේ සැරිසරන
දෙඅත් වැල් කෝටියයි
කපන්නට බැරි නිසා සිඹින්නට වෙර දරන
තොල් පෙතිද ඒ අතර
එකින් එක ඇස ගැටෙයි
සුජාතා සුජාතා
මේ තමයි ජීවිතේ
උපන්දා සිට ඉතින්
තල්ලු වෙන මාවතේ
මොනවාද තියෙන්නේ?
මොනවාද පෙනෙන්නේ?
ජිවිතය
කවුරුන්ද අදින ලද
සමචතුරස්‍රයකි
හරි හතරැස්
සිදුරු නොමැති
අඩි හතරක පලලක් ඇති
ආකෘතියකි
නිදන්නේ කොටුව තුල
බුදින්නේ කොටුව තුල
ඇවිදින්නෙ පෙරලෙන්නෙ
ඇහැරෙන්නෙ වැතිරෙන්නෙ
කහින්නෙත් කොටුව තුල
නහින්නෙත් කොටුව තුල
සුජාතා අත ගන්න
එපා මට අත දෙන්න
සුබ පතා පිරිනමන
ඔබේ අත යලි ගන්න
කොටුව සරසන්නට ගන්න
ගෙත්තමකි විභාගය
සීමාව පැනයන්න
නොදී අප බැදගන්න
සැබෑ ජයග්‍රහනය මෙවැනිද?
දැන් දැන් කෙමෙන් මට සැක සිතේ
- රම්දු පෙරේරා
The Mad Man - a Film by Achala Solomons
Director Achala Solomons
Camera Striner Mclain Adams
Script Ranmal Dias
An ultra short stop motion film using the wheel as a metaphor for life, and how humanity faces the 8 worldly conditions of life as described in Buddhist philosophy.
Written, Animated, Directed and Edited by Amila Galappatthi
මල් මල් කීවාට ගඳ මල් සුවඳ නැත
විකුම්සිහ ගහේ් වෙන මල් ඉතුරු නැත
අරලිය පඳුර යට ඉඩ කඩ තවත් ඇත
ගිලෙන නැවෙන් තව මීයන් පනිනු ඇත
ඉන්න ටිකේ් රට විකුණාගෙන කාපූ
තියන තියන ඡන්දෙන් හොඳටම නාපූ
පීස් මොටද වෝ මාරයි උඩ දාපූ
ඌ.ඇම්.පී. බළල් තඩි ගල උඩ ...පූ
ඩෝං පුතා
වන්නි මෙහෙයුම ජාවාරමක් කරගත් රාම වික්‍රමාන්විතය : තිලක් කෝදාගොඩ
(රාවයෙන් කළ උපුටනයකි.)

අම්මා සහ සඳ මඩල
හෙමින් හෙමින් සඳ ඇවිදින් වැට ළගට
ජනෙල් කවුළුවෙන් මා දෙස බලා සිට
ළතෙත් ගුණෙන් පිරි සඳ රැස් එවන විට
පිට ගම් ගිය අම්මා සිහි වෙයි සිතට
සඳේ අමා සිහිළැල් ගුණ නැත නිම්මා
අමාවකේ පෑ සඳ මඩලයි අම්මා
නුරා සොරෙක් ඇවිදින් එහි විෂ දැම්මා
කළේ වරද කවුදැයි තව නොදනිම්මා
අඳුරු වලා කැටි ඇවිදින් සිත ගාවා
සඳේ මුදු ගුණය එකවර සැගවූවා
හදේ අඳුර දැඩි වී නෙත රතු වූවා
කණාමැදිරියෙකු මට හසරැලි පෑවා
අනිල් නිශාන්ත ලොකුගමරාල
මං-මුහුදට බයයි [2005]

ලංකාවේ වැඩිම වැන්දඹූවන් සිටින පළාත නැගෙනහිර පළාත් සභාවයි
Source - http://www.divaina.com/2009/04/03/provin01.html
කල්මූනේ ඃ ආර්. ශ්‍රීවෙල් රාජා
ශ්‍රී ලංකාවේ වැඩිම වැන්දඹූවන් සිටින වැඩිම පිළිකා හා කෂය රෝගීන් සිටින වැඩිම මත්පැන් පානය කිරීමට ඇබ්බැහිවී සිටින පූද්ගලයන් වෙසෙන පළාතක් හැටියට නැගෙනහිර පළාත් සභාව හඳුනාගෙන ඇති බව නැගෙනහිර පළාත් සභා සෞඛ්‍ය සමාජ සේවා හා ක්‍රීඩා අමාත්‍ය එම්. එල්. ඒ. එම්. හිස්බූල්ලා මහතා පැවසීය.
ඔලුවිල් මහපොල මධ්‍යස්ථානයේ පසූගියදා පැවැති ජාතික සමගිය හරහා නැගෙනහිර නවෝදය යන තේමාව යටතේ මාධ්‍යවේදීන්ට පැවැති වැඩමූළුවකට සහභාගි වෙමින් ඒ මහතා එසේ පැවසීය.
නැගෙනහිර පළාතේ ජීවත්වන වැන්දඹූවන් 49000 දෙනාගෙන් 24000 ක් යූද්ධය නිසා වැන්දඹූවන් වී ඇති අතර එයින් 19000 ක් අවූ. 40 ට අඩූ අය. එයිනූත් 12000 කට දරුවන් තිදෙනකු බැගින් සිටිනවා. මොවූන්ගේ අනාගතය පිළිබඳව සොයා බැලීමේ වගකීම ද අපට වෙත පැවරී තිබෙනවා.
එපමණක් නොව යූද්ධයට සම්බන්ධ වී දැනට එයින් ඉවත්ව ප්‍රජාතන්ත්‍රවාදයට එක්වී සිටින තරුණයන් 6000 ක් පූනරුත්ථාපනය කිරීමේ වගකීමද අපට පැවරී තිබෙනවා.
මේ සඳහා විධිමත් වැඩපිළිවෙළක් අපි සකස් කරමින් සිටිනවා. වැන්දඹූවන් සඳහා ඉන්දියාවේ රාජස්ථාන ප්‍රාන්තය සමග එක්වී ඔවූනට ස්ව උත්සහයෙන් නැගීී සිටීමට අවශ්‍ය පූරුදු පූහූණූ ලබාදීමට අප කටයූතු කර සිටිනවා. එපමණක් නොව අපගේ පළාතේ ගණිත විද්‍යා හා ඉංග්‍රීසි ගුරුවරුන් විශාල හිඟයක් පවතිනවා. එයට පිළියමක් වශයෙන් විශ්‍රාමික ගණිත විද්‍යා හා ඉංග්‍රීසි ගුරුවරුන් කොන්ත්‍රාත් පදනමින් බඳවා ගැනීමට කටයූතු කරනවා යැයිද පැවසීය.








