Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers


ගම්දොර පැමිණීම

බතරොයිද සුළු අවිද
"කත් යුශා" තුවක්කු ද
මුව වසා මුනිවතිනි

යුද්ධය නිමව ඇත ..................!

ජය පැන්ද හේරි හඩ
රණ ගොසද ගුවන මත

හිම මිදෙන සීතලේ
ගල් ඇතිරු දෙවැටකින්

බරු බරැති හදවතින්
පියමං කරනුයේ
සොල්දාදුවෙක් තනිව

දේවදාරා ගොමුව
තුල වැතිර එකලාව
ගම් පියස ගොලුවතිනි

පාළු පාසල වසා
සය මසෙහි අගුලු ලා
ගුරු නිවහනෙකි දිරන

ගෙමිදුලේ කිවි කියන
කෙළි වතිනි බෝ ළමෝ

හකුරු පැණි තෙලි දියද
වැල් මී ද වන ඔසු ද
විකුණනා ගම් දනෝ
සෙබළ නෙතු නිති ගැටින

විස්සෝප උන් නෙතින්
විමසනා බඳුය ඔහු

මහළු බණ මඩුව බිතු
කඩ නොළුව පෙඳ වතිනි
කීන බල්ලෝ රැලකි
එබණ මඩුවෙහි ලගින

සමිති ගම් මඩුව හිස
දිරූ පොල් අතුය රැස
නිම නොවූ යුද්ධයක
අවිඳු අඳුරක් විලස
සෙබළ හදවත ඉමක
නැගුණු කඳුලක්ය ඇස

අවි එසැ වූ අත් වලට
නැණ දිය පොදක් පිරි
සිහිල් නිල් දිය කඳුරු
අභිමනක් සිත පිරි
අවි පසෙක හැර පිය
කිත් යසස් පසෙක ලා
මෙගම් බිම් කුස දිනන
යුද්ධයකි නව වෙසින
පුංචි දැරි දිව ඇතිත්
තැබී ඔහු අත්ල මත
වෙරළු ගෙඩි කිහිපයක්
හිච්චි අයිසේ කියා ...........
ඇමතීය ඔහු සැණින්

උදා අරුණළු තුලින්
අම්මගේ නෙතු ගැටින
එකළ .....................
හිරු පිබිදුනිය
සූරිය කඳු මතින්


(ගුරු ගීතය ඇසුරින්)
උපුල් සේනාධීරිගේ
කොග්ගල

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|


කෙටි නාට්‍ය තුනක්

චේ සහ ජුලියට්
ඔයයි මායි තනියම
ක්‍රිකට් ගහන්න එන්න

ජූලි 03- 6:30- ලූම්බිණි


මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|

Source-
http://www.lankanewsweb.com/Sinhala/Behind_the_scence/BTS_09_06_27_001.html

මම කඳවුර දිගට ඔහේ ඇවිදගෙන යනවා දවසක් මොනවා ලියන්නද කොහොම ලියන්න ද කියා හිත හිතා. ඈත අයිනක පැටව් දෙන්නෙක් තනියම කතා කර කර ඉන්නවා වගේ දැක්ක නිසා ඇවිදගෙන ගියා එතැනට. වැඩිමලාට වයස 10ක් ඇති. බාලයා ඉස්කෝලෙ යන නොයන වයස. දෙන්නම කෙලි පැටව්. තනියම සෙල්ලම් කරනවා. දන්නවද සෙල්ලම් බඩුව ?. කව්රු හරි දාල ගියපු සෙරෙප්පුවක්. සෙරෙප්පුවට නමක් දීලා තංගා කියළ, ඒක එක්ක කතා කරනවා.

සෙරෙප්පුවෙන් අහනවා අම්ම කෝ, අප්ප කෝ කියලා. ඒකට සැර වෙනවා. සිංහළ හමුදාවෙන් ගෙනිච්චද කියළ අහනවා. මාත් බිම වාඩිවෙලා පැංචියන්ගෙන් ඇහුවා ඒ ප්‍රශ්නෙම. බිම බලා ගත්ත ලොකු එකී කිව්වා එහා කදවුරේ වෙන්න ඇති කියළා. ඊයෙ රෑත් අයියල ගියා අම්ම සොයන්න කියලත් කිව්වා. මාත් එතකොටයි දැන ගත්තේ කම්බි අස්සෙන් රිංගල පුරුදු කොල්ලො තාම කදවුරෙන් කදවුරට රිංගන බව.

දැන් කඳවුරුවලට ලියුම් යවන්න පුළුවන්. ලියුම් කාරයෙක් ඇවිල්ල ලියුම් දීල යනව. හැම කඳවුරකම කූඩාරම් සියය සියය වගේ ඛෙදල බ්ලොක් 1,2,3, කියළ නම් දීල තියෙනවා. ඊයේ මට හම්බවුනා සතුටෙන් ඉන්න ආච්චි අම්ම කෙනෙක්. මට අද දූවගෙන් ලියුමක් ආව. දුවයි, පුතයි එහා අර පේන කඳවුරේ ඉන්නවලූ. මටත් ළඟදිම එහාට යන්න පුළුවන් කියන කොට ඒ ආච්චි අඩන්න පටන් ගත්ත.

ඉණේ තිබුණ ලියුම ඇදල මට පෙන්නුවා. මං බලාගෙන ඉන්නේ පේන්නවත් ඒවිද කියළ කියළ ආයෙම කටු කම්බි රෝල අල්ල ගත්ත. දන්න කෙනෙක් ඉන්නව නම් අපට කියළ දෙන්න ඇයි ඒ අම්මට දරුවො ඉන්න එහා කඳවුරට යන්න තහනම් කියළ?. ඒ අම්ම කට්ට අව්වෙ පිච්චි පිච්චි තාම කම්බි වැට ලඟ
ඇති.

අහසින් දාපු බෝම්බ වලින් දරුවො මැරුණ කිළිනොච්චියේ සෙන්චෝලන් ජීවිත බේර ගත්ත ළමයි තුන්දෙනෙක් ඉන්නව අංක හතර කෑම්ප් එකේ. හැබැයි කකුල් කැඩිළ. සුදු පරවියෝ, ඒ කියන්නේ කෘතිම අතපය හදපු ආයතනයෙන් දීපු කකුල් තමයි ඒ දරුවො තාම දාගෙන ඉන්නෙ. දැන් ඒ දරුවො අම්මල නැති පොඩි එවුන්ට පංතියක් කරනවා. උගන්නන දරුවගෙත් කකුළක් නැහැ. පුංචි පැටව් 35ක් විතර ඒක ඉගෙන ගන්නවා. එක විදියක අනාථ නිවාසයක්. මේ පංතියට නම දාල තියෙන්නෙත් සෙංචෝලෙ කියළ. එක ළමයෙක් මට කිව්වා මඟදි ෂෙල් වැදුණ හුඟ දෙනක් දාළ එන්න උනේ කියළ. කිළිනොච්චියේ සෙංචෝලෙට අහසින් බෝම්බ දාල දරුවො මරපු හැටි මේ දැරිවියන්ගෙන් අහගන්න පුළුවන්. මේ දරුවන්ට කියළ හදන්න ගත්ත වැසිකිළි දෙක එහෙමම නවත්තලා. මං යනකොට පොඩි දරුවො දෙන්නෙකුට හොඳටම උණ. ඇතුලේ රෂ්නෙ නිසා පැටව් දෙන්න එළියෙ පැදුරක දාල තිබුණ. අපට කෑම නොවෙයි ඛෙහෙතුයි ඇඳුණුයි එවන්න කියළ ඒ දරුවො කිව්ව. සමහර දරුවො තාම ඇඳන් ඉන්නෙ එනකොට ඇඳන් ආපු ඒවමයි.

4 රෙ කඳවුරේ එල්ටීටීඊ විදියට කොන්ඩෙ බැඳපු කෙල්ලො දැක්කම මට හරිම පුදුම තිබුණා. හැබැයි අංක 4 කඳවුරට පිට අයට එන්න අමාරුයි. කඳවුර ඇතුලේ ගෙවල් කට්ටි කරළ ඩොසර්වලින් පසු කදූ ගොඩ ගහනවා. කැමරාවක්, ජංගම දුරකථනයක් තියා රේඩියෝ එකක් වත් පිටින් අරං එන්න තහනම්. ඒත් අපේ
සමහර මිනිස්සු ගෙනාපු රේඩියෝවලින් අපි ටික ටික අහගන්නවා. වව්නියාවේ වැඩ කරන ඒජීඒගෙ දුව ඉන්නෙත් 4රෙ කඳවුරේ.

අර අම්මල තාත්තල නැති පොඩි උන්ට ඛෙහෙත් ටිකක් එවන්න විදියක් තියේවිද? පත්තරේකටවත් කියළ බලන්න බැරිද? 4රෙ කදවුරේ සෙන්චෝලෙට කියන්න.

අංක 4 ඉන්නවා 45000ක් විතර. අංක දෙකේ ඉන්නවා 75,000ක් විතර. අපේ ගෑනු මනුන්සයො නාන්නෙ පාර අද්දර තියෙන පයිප්ප වලින්. ඇඳන් ඉන්න ඇදුම පිටින්ම නා ගන්නවා. නාගෙන ටිකක් වෙලා යන කොට ඒ ඇදුම් වේලෙනවා. දෙවියො බලන නිසා වෙන්න ඇති. නැත්නම් කෝ මාරු කරගන්න ඇදුම්? එහෙම මදිවට දවසක් දෙකක් ඇදුමක් ඇන්දොත් ආයෙ අදින්න බැරි තරමට දූවිලි බැදෙනව. ගහක් කොළක් නෑ. ඩොසර් වැඩ. හුළං පාර හරි සැරයි. වැස්සක් පේන මානෙක නෑ. .අපි හැමෝම ඇඳන් ඉන්න ඇඳුම් තනිකරම දූවිලි තට්ටුවලින් වැහිල. හෝඳ ගන්න වතුරත් නෑ. හේදුවට දූවිලි පාර යන්නෙත් නෑ.

ඇවිදගෙන යන කොට තවත් දවසක තවත් පුංචි කොලූ පැටියෙක් පැත්තට වෙලා ඉන්නවා. කකුළෙ තුවාලයක් අත ගගා. වෙඩි වැදිල. දවස් ගානකින් ඛෙහෙතක් වැටිල නැහැ. මාමෙ පුළුවන් නම් මට පෙනිසිලින් ටිකක් ගෙනැත් දෙන්න තුවාලෙට දා ගන්න කියළ ඒ දරුවා කිව්වා. සමහර වෙලාවට එල්ටීටීඊ එකට හාද වෙලා හිටපු කොල්ලෙක් වෙන්න ඇති. ඒත් ඒ තුවාලෙට ඛෙහෙත් ටිකක් දා ගන්න නැත්තේ ඇයි කියළ හිතා ගන්න අමාරු වුනා මට.

ඉතිං මෙහෙම වෙලත් අපේ මිනිස්සු අතර දුප්පත් පොහොසත් බේදය තවත් ප්‍රශ්නයක් වෙලා. ආණ්ඩුව සල්ලි තියෙන අයට බඩු ගන්න සතොස දාල තියෙනවා. හැබැයි බඩු මිල දාල තියෙන්නෙ සිංහලෙන්. පුංචියට දෙමළෙන් ලියළ තියෙනවා. ලොකු කුළවල මිනිස්සු පොදු කුස්සියෙන් කන්න කැමැති නෑනෙ. ඒ
ගොල්ලො බඩු අරගෙන උයාගෙන කනවා. ඒ කට්ටිය උයන්න එන්නෙත් නෑ. සමහරුන්ට හුඟාක් සල්ලි තියෙනවා. අපේ මිනිස්සු කෝටි ගාණක් සල්ලි කඳවුරේ ලංකා බැංකුවට දැම්මයි කියළයි කියන්නෙ. ඒ වගේම කණකර තියළ බැංකුවෙන් සල්ලි ණයට ගත්ත මිනිස්සු හුඟාක් ඉන්නවා.

හැමදාම කඳවුරට එනවා එළවළු කන්ටේනර් එකක්. හැබැයි ගෙට්ටුව ලඟදිම බඩු ඉවර වෙනවා. සමහර මිනිස්සු ඒකෙන් බඩු අරගෙන කඳවුරේ ඈතට ගිහිල්ල කූඩාරම් වලට ගිහින් ගාණක් තියාගෙන විකුණනවා. අපේ සමහරක් අය මස් මාලූ කන්නෙ නෑනෙ. ඒ ගොල්ලො කීයක් හරි දීල එළවලූ ටිකක් ගන්නවා. ඒත් පවුල් වලින් මඟ හැරුණු වයසක අයටයි දරුවන්ටයි කොහෙන්ද සල්ලි. හැමදාම කොහොමද සෝයයි, පරිප්පුයි, ටිං මාලූයි, බතුයි කන්නෙ?. සමහරු පොදු කුස්සියෙනුත් බඩු හොරට ගන්නවලූ. මං දන්න අම්මල දෙතුන් දෙනෙක්ම කුස්සියෙ වැඩට යනව අත දරුවො කූඩාරමේ දාල බොන්න දෙන කිරි ගෙනැල්ල පුංචි එවුන්ට පොවන්න. කුස්සියේ වැඩ කරන අයට සංවිධාන වලින් බොන්න කිරි දෙනව. ඒ එක අම්ම කෙනෙක්ට දරුවො පස් දෙනයි. පොඩි එකාට මාස 5යි. දරුවන්ගේ තාත්ත මඟදි ෂෙල් වැදිල මැරිල.

ආයෙත් ළඟදිම ලියනතුරු අදට ඉවරයි. මේ කතා ඔක්කොම මම ලියන්නේ එකම කතාවක් කියන්න ඕන නිසා. අපේ මිනිස්සුන්ගෙ දුක ආණ්ඩුවට තේරෙන්නෙ නැහැ. අපේ මිනිස්සු ආණ්ඩුව ගැන හොඳක් කියන්නේත් නැහැ. අපට වෙච්ච දෙවල් ගැනම තමයි අපි කතා වෙන්නේ. ඒ කතා අමතක වෙන්නෙත් නැහැ. මේ කඳවුරේ ඉන්න හැමෝටම කතාවක් තියෙනවා. පරම්පරාවෙන් පරම්පරාවට මේ
කතා යනව. අපි හිරකරල තිබුනට මේ දුක් කතා අමතක වේදිද? අපට ඒව ලෝකෙට කියන්න දෙන්න. ලක්ෂ 3ක් මිනිස්සුනගෙ කතා බලයෙන් වහන්න බැරි බව ආණ්ඩුවට තේරෙන්නෙ නැත්තෙ ඇයි? මේ අපේ ඉතිහාසය නේද මහත්තයෝ?

ඊළඟ ලියුම එවන තුරු, මැණික් පාම් කඳවුරේ සිට
නමක් නැති දෙමළා විසිනි.

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|


ජාතිවාදීන්ට!

හෙළ බස මනරම්
හෙළ දෙස මනරම්
මොළය තිබේ නම්
දෙමළත් මනරම්

චින්තක රණසිංහ
(කාලයක් තිස්සේ ලියූ කවි)

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|

පරෙවියෙකුගේ මරණය

ගිගුමි දෙන හඬක්
මොහොතක නිහැඬ්යාවක්
නැගුණි ගිනි ජාලයක්

මිහිකත ගුවන් ගත වී
ගුවන බිම පතිත වී
නොලත් තැති ගැන්මට ඉඩක්

මහ දවල් ඉර එළිය
මුවා කල දුම් බුබුල
සුළඟ කළු පැහැ පෙවී

යකඩ ඊතල පොකුරු
නොබේරා කිසිවෙකුත්
බර දරා පියෑඹූ

රත් වූ තාර මත
සීතල ආත්ම
හෙමින් එතෙරට ඇදෙන

වීරයන් දුෂ්ටයන්
කලවම් වූ මස් කැදලි
නොතින් බලයම සොයන

සිනාවට අත වැනූ
කාලයම මැකී ගොස්
කඳුළු ගඟ ගලා යන

ළය පැලී මිය ගිය
සුදෝ සුදු පරවියෙක්
තටු සලා බිම වැටේ

ශ‍්‍රියා කුමාරසිංහ
18.08.2006

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|


සිතක සරදම

නිපාතව ඇද හැළෙන
සුනිල මිණිකැට
මහ පොළොව මත ගලා යන අපූරුව.

වැහි දියෙන් තෙත බරිතව
ගතෙහි ඩා මුසුව ඇළලුණු
හැරමිටියේ වාරුවෙන්
දිවිගෙවන මිනිස් කය
නෙත් හෙළයි හිස් අහසට...

සිගිති ඇතැඟිලි පටලවාගෙන
ළා බිංදු පොද වැස්ස
රතදරින් සිඹ සිඹ
ප්‍රේමයෙන් වෙළී යන අපූරැව
ඔහු සමග ඈ...

දිරා යන කශේරැව සිරස් කොට
නෙත් යොමා හෙමි හෙමීට
කසට වුණු දත් පෙළෙන්
සිනහලයි මහලුකම
ප්‍රේමයෙන් ඔද වැඩුණු තරැණ සමයට...

කේ පී අචලා උත්පලා -පිලියන්දල

රිවිර 28-06-2009


මෙ කවිය මට හමුවුනේ රිවිරෙ අරුණැල්ල කවි පිටුවෙන්.

මෙ කවියේ රූපකාර්තවත් භාෂා භාවිතය පිළිබද ඉස්මතු කිරීමක් කළ යුතුයැයි හැගුණෙනි මෙ සටහන.

නිපාතව ඇද හැලෙන සුනිල මිණි කැට ලෙස වරුසාව රූපකාර්ථවත් කිරීම කොතරම් අපූර්වත්වයක් ජනනය කරන්නේ ද ? මා දන්නා පරිදි මහ සන්නිපාත වරුසා ගැන කොතරම් යෙදුම් ව්‍යවහාරයේ තිබුන ද නිපාතව ඇද හැලෙන වරුසාවක් ගැන කිසිවෙකුත් සදහනක් කර ඇත්දැයි මසිත කුකුස් දේ.
මෙ යෙදුමෙ සාරාර්ථය වැටහෙන්නේ කවියේ අවසානයේදී මනස ඔසොවා තබන්නා වූ චිත්ත රූපයන් සමෝධානවය.

සිය තරුණසමය ඉක්මවා ගිය වැඩිහිටියකු වැස්සේ තෙමෙමින් එනමුදු පේ‍්‍රමයෙන් ඔකදව යන තරුණ මදයෙන් ඔත් යුවලක් කෙරෙහි උපදින හැගුම විචිත‍්‍රව වදන් පෙළකට හික්මවා ගන්නට හැකි වීම මෙ කිවිදියගේ අපූර්වත්වයයි, කවියේ අපූර්වත්වයයි.

දිරා ගිය කෂේරුව සිරස් කර සෙමෙන් නෙත් යොමා තරුණ යුවල වෙත ඈතින් මැකී යන මහලුකම සිනහ සලද්දී පේ‍්‍රමයෙන් ඔද වැඩුනු තරුණ සමයට වැස්සක වුවද සැර පරුෂ බව නිවී යන්නා සේය

කොතරම් මනෝහර කාව්‍යයක් ද මෙය?

ඩෝසන් ප්‍රීති

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|

ගුරුතුමා එනතුරු
කොන්ත ගං තොටින්
සැලළිහිණියා
ඉගිළිලා
ගියා
සීනුවත් ගහන්න කලින්
පැවරුමක්
අපට දී...
ඊළඟට
විච්ඡේදනය කරන්නට
කවුරුන් හෝ
එතැයි
මග බලා සිටියා
අපි
ආසාවෙන් අනේ
අදවත්
කලාපෙන්
අපට
දුයිෂෙන් කෙනෙක්
පාස් කරයිද කියල
අදත් නෑ
අනේ...
හෙටවත් එන්න
පුංචි ඇස්ගෙඩි
රිදෙන තුරු
මග බලා ඉන්නවා
අපි


ඒ.පී. ප‍්‍රසංගිකා විජේසිරි

සිළුමිණ 28-06-2009

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|


කාන්තාව පුරුෂාධිපත්‍යය සහ අපි

මිහිපිට ඇති වටිනාම සම්පත වන මානව සම්පත සිය ධනය, බලය සහ හැකියාව හරහා මිහිමත සිය පූර්ණ ආධිපත්‍ය පතුරවමින් සිටිති. මෙයට අභියෝග කිරීමට සොබාදම හැර අන් කිසිවක් නොමැත. එහෙත් උපතේ සිට ම මිනිසා සොබාදම ද අභියෝගයට ලක් කරමින් සිටී.

මෙලොව පවතින සියලූ ජීවී පදාර්තයන්ට පොදු වූ එක් කාරණයක් වන්නේ ස්ත්‍රී පුරුෂ ලිංගික වෙනස, එසේත් නොමැති නම් නව පරපුරක් බිහිකිරීමට ඇති හැකියාව යි. සත්ව ලෝකයේ දී මෙය ස්ත්‍රී ලිංගික හා පුරුෂ ලිංගික ලෙස වෙනස් වන අතර ද්වී ලිංගික සත්වයන් ද නොමැත්තේ නොවේ. මෙම පොදු වු ධර්මතාවය මත පදනම් ව මානව ලෝකයේ දී මෙම විභේධනය ස්ත්‍රිය හා පුරුෂයා ලෙස වර්ගීකරණය වන අතර මෙහි දී ජීව විද්‍යාත්මක සාධක මත ස්ත්‍රිය පුරුෂයාගේ කාර්යභාරයෙන් මෙන් ම පුරුෂයා ස්ත්‍රියගේ කාර්යභාරයෙන් ද වෙනස් වන්නා සේ ම, ජීව විද්‍යාත්මක පදනම හා ජීවී ක්‍රියාවන් අතින් ද එකිනෙකාට වෙනස් වේ. එනම් ජීව විද්‍යාත්මක ව ගත් කළ පමණක් ස්ත්‍රී ලිංගික හා පුරුෂ ලිංගික ක්‍රියාකාරීත්වයන් වෙනස් වේ.

සමාජය තුළ දී අප සියලූ දෙනා ම සමාන සමාජීය සත්වයි න් ය. එය සියලූ දෙනාට ම පොදු වන අතර සෑම අයෙක් ම සමාජගත පුද්ගලයන් බවට පත් ව ඇත. සමාජය සමන්විත වන කුඩා අංශ=ව පුද්ගලයා වන අතර පුද්ගලයා නොමැති ව සමාජීය පැවැත්මක් තහවුරු කරගත නොහැකි ය. මෙලෙස සමාජය තුළ දී එක ම සමාජීය කාර්යභාරයක් උදෙසා පැවත එන සමාජීය සත්වයින් කොටසක් වන අප ද ඉහත සඳහන් කරන්නට යෙදුණ ජීව විද්‍යාත්මක පදනම මත සමාජීය කාර්යභාරයන් ද වෙනස් වන්නේ නම් ඒ පිළිබඳව සළකා බැලිය යුත වෙ යි.

කෙසේ වූව ද පුරුෂයාට අනුව නිර්මිත ලොවක, පුරුෂයාට අනුව සංකේතීයකරණය වූ ලොවක එසේත් නොමැති නම් පුරුෂයාට අනුව සියල්ල තීරණය වන ලොවක පුරුෂ කේන්ද්‍රීය වූ සමාජ සංදර්භයක් නිර්මාණය නොවන්නේ නම් එය ම හාස්‍යයට කරුණක් ද වෙ යි. එහෙත් මෙම පුරුෂ කේන්ද්‍රීයත්වය පුරුෂ ආධිපත්‍යයක් බවට පත් ව එම ආධිපත්‍ය තුළින් ස්ත්‍රිය එසේත් නැතහොත් කාන්තාව පීඩණයට ලක් කරන්නේ නම්, පෙළන්නේ නම්, මර්දනයට ලක් කරන්නේ නම්, එම කාර්ය නැවත නැවත සාකච්ඡාවට බඳුන් කළ යුතු ය. උක්ත කරුණ පාදක කර ගනිමින් ලාංකීය සමාජ සංදර්භය තුළ කාන්තාවගේ සමාජීය තත්ත්වය පිළිබඳ ව දිග හැරෙන මෙම ලිපිය සෑම විටෙක ම සංවාදයට විවෘත ව ඇත්තේ ය. එසේ ම පුරුෂයා විසින් නිර්මිත ලොවෙහි පුරුෂයා විසින් සංකේතී කරණය කරන ලද භාෂාවෙන් සැකසෙන මෙම ලිපියෙහි අන්තර්ගතය ද පුරුෂාධිපත්‍යයට යටපත් ව ඇති බව සිහි තබා ගත යුතු ය.

ලාංකීය ඉතිහාසය සලකා බැලීමේ දී කාන්තාව යනු සුවිශේෂී මෙහෙයක් ඉටුකළ පාර්ශවයකි. රාම කුමරුගෙන් සීතා කුමරිය පැහැරගෙන පැමිණීම නිසා රාම - රාවණා ගැටුම ඉතිහාසය තුළ දී නිර්මාණය වන අතර සුප්පා දේවිය මෙන් ම සිංහ සීවලී කුමරිය ද ඉතිහාසය තුළ මෙම අද්විතීය කාර්යභාරය ඉටු කර යි. විජය ඇතුළු පිරිස තම්බපණ්ණියට ගොඩබසින මොහොතේ දී මෙහි සිටිනුයේ ද කුවේණිය යි. මහින්ද මාහිමියන් මෙරටට බුදුදහම රැගෙන ඒමෙන් පසු ප්‍රථම වතාවට මාර්ග ඵලයන්ට පිවිසෙන පිරිසේ ද කාන්තාව වෙ යි. එසේ ම ඉතිහාසයක් නිර්මාණය කළ විහාර මහා දේවිය වැනි වූ උදාර වීර චරිතයන් මෙරට ඉතිහාසයේ දැවැන්ත සංධිස්ථානයන් ය. චිත්‍රා කුමරිය, සෝමා දේවිය, අශෝක මාලා මෙන් ම ප්‍රමිලා බිසව, ගජමන් නෝනා වැනි චරිත ද ඉතිහාසය විසින් මෙතෙක් දුරට රැගෙන විත් ඇත.

එහෙත් සැබෑවට ම ගත් කළ ඉතිහාසය විසින් මෙලෙස කාන්තාවට සාධාරණයක් ඉෂ්ට කර තිබේ ද? යථාර්ථය සම්පිණ්ඩණය කර ගත හොත් පිළිතුර ‘‘කිසිසේත් ම නැත’‘ යන්න වීම වැළැක්විය නොහැක. සැබැවින් ම ලාංකීය ඉතිහාසය තුළ පමණක් නොව ලෝක ඉතිහාසය ගත් කළ ද කාන්තාවගේ නිසි නියෝජනයක් සිදුව ඇත්දැයි සැක සිතෙන තරම් ය. ඉතිහාසය(පුරුෂයා) විසින් නිර්මාණය කරන්නාවූ වර්තමානය මතින් අනාගතය රැඳී ඇති නිසා කාන්තාව මෙලෙස අවතක්සේරුවට ලක් වීම නොවැළක්විය හැක්කකි. මන් ද ඉතිහාසය(පුරුෂයා) ද පුරුෂයා විසින් ම නිර්මාණය කර ලේඛණ ගත කර ඇති බැවිණ. සැබැවින් ම ඉතිහාසය(පුරුෂයා) කාන්තාව නිසි ලෙස නියෝජනය කර තිබේ ද? ලාංකීය ඉතිහාසය(පුරුෂයා) තුළින් අපට මුණ ගැසෙනුයේ මෙලෙස අල්පයක් තරම් වූ කාන්තාවන් පිරිසක් පමණ ද? මෙලෙස ඉතිහාසය(පුරුෂයා) විසින් ද කාන්තාවට නිසි නියෝජනයක් ලබා නොදී ඇත්තේ මන් ද?

‘‘ඉතිහාසය(පුරුෂයා) යනු පුරුෂයාගේ නිර්මිතයකි......?’‘
‘‘එබැවින් ඉතිහාසය(පුරුෂයා) තුළින් කාන්තාව නොසළකා හැර ඇත......? ‘‘

මේ නිසා ම මදකට ඉතිහාසය තුළින් මෑත් ව ලාංකීය සමාජ සංදර්භයේ සාහිත හා සමාජ භාවිතය තුළ කාන්තාව ගර්හාවට ලක්කර ඇති ආකාරය පිළිබඳ විමසුමක් කිරීම වටිනු ඇත.

‘‘ගැහැණුන්ගේ නුවණ හැඳිමිටේ දිගට විතර ලූ..........’‘
‘‘කොල්ල යි බල්ල යි කොහේ ලැග්ගත් නෑවට පස්සේ ගෙට ගන්න පුලූවන් ලූ..........’‘
‘‘හිත හොඳ ගෑනි හැමදා ම බඩින් ලූ..........’‘
‘‘ගැහැණිය උපතින් ම දිළිඳු බවත් මෝඩකමත් දෙඅතින් දරාගෙන ඉපදේ..........’‘

ඉහත උධෘත කර දක්වන්නට යෙදුනේ පොදුවේ වත්මන් සමාජ භාවිතාව තුළ කාන්තාව සම්බන්දයෙන් නිරිතුරු ව භාවිත වන්නා වූ සමාජීය යෙදුම් කිහිපයක් පමණකි. මෙම කියමන් තුළ ඇති යථාර්ථය විමසා බැලූව හොත්.....?

එහෙත් ගැහැණුන්ගේ නුවණ හැඳිමිටේ තරම් දිගට විතරක් වන බව පවසන්නේ කෙසේ ද? ඇය බත පිසීමේ දී හැළියේ ඇති වතුර මට්ටම බැලීමට හැඳිමිට යොදා ගන්නා නිසා ද එසේත් නොමැති නම් පුරුෂයාගේ මහත්වය පෙන්වීමට ඇති අවශ්‍යතාවය නිසා ද? එහෙත් නිවසේ දී ඇය පිසින බතින් වැඩිම කොටස අනුභව කරන්නේ කවුරුන් ද? ඇය ද?

කෙසේ වූව ද නිවසේ දී බතක් පිසීමට තබා එයට සම්බන්දවීමට ද මැළිකමක් දක්වන පුරුෂයන් අද සමාජයේ ද අල්ප නොවෙත්. එසේ කිරීම පුරුෂත්වයට නිගාවක් වන බව සිතන්නෝ ද අල්ප නොවේ. එහෙත් හාස්‍යයට කරුණ එය නොව නිවදේ දී බත පිසීමට අකමැති පුරුෂ පාර්ශවය මහා පරිමාණයෙන් එය කිරීමේ දී කාන්තාව නොසලකා හැරීම යි. නොඑසේ නම් කෝකියන්ගේ බහුතරය පුරුෂයන් වන්නේ කෙසේ ද? එවන් තැනක බතක් පිසීමට කාන්තාව නුසුදුසු වන්නේ මන් ද? එවන් තැනක ‘‘පොර’‘ වන පිරිමියාට තම නිවසේ දී බතක් පිසගැනීමට ඇති අපහසුතාව නිසා ‘‘කොර’‘ වන්නේ මන්ද? එසේත් නොමැතිනම් ඉතිහාසය(පුරුෂයා) විසින් කාන්තාව නිවසෙහි පමණක් බත පිසීමට කොටු කර ඇති නිසා ද?

දඩාවතේ යෑම අතින් කොල්ලා ද බල්ලා ද කරට කර සිටිති. එහෙත් ගෙට ගොඩවන්නේ න`ගුට වනමිනි. න`ගුට වැනූ පමණින් ම කොල්ලා ද බල්ලා ද නිදොස් වෙත්. මෙහි පදනම කුමක් ද? එහෙත් මෙහි දී බැල්ලට ද බල්ලාට මෙන් ම නිදහස හිමි ය. ඒ සත්ව ලෝකයේ ය. එහෙත් අපේ සමාජයේ...? කෙල්ල ද එසේ කළහොත්.... සමාජ සාරධර්මයන් පිරිහෙනු ඇත. සංස්කෘතිය සභ්‍යත්වය විනාශ වනු ඇත. අශ්ශීලකම, දුශ්ශීලකම වර්ධනය වනු ඇත. අවජාතකයන් බිහිවනු ඇත.

මෙහි පදනම කුමක් ද? තනි අතකින් අත්පුඩියක් තැලිය හැකි ද? මෙය කාන්තාව දරුවන් බිහිකිරීම යන ජීව විද්‍යාත්මක කරුණ නිසා ඇති වූවක් ද? අප්පෙක් නැති දරුවෙක්.... එසේ නම් එම දරුවා අදෘශ්‍යමාන බලවේගයකින් තිළිණ ලද්දෙක් විය යුතු ය.

හිත හොඳ ගෑනී හැමදා ම බඩවන්නේ හිත හොඳ පිරිමින් සිටින නිසා විය යුතු ය. එසේත් නොමැති නම් හිත හොඳ ගැහැණුන් මෙම සමාජ ක්‍රමයට පිළිලයක් වනු ඇත. නොඑසේනම් ඇය බඩ නොවනු ඇත. වරද කාගේ ද........?

මෙලොව උතුම්ම සම්පත වන මාතෘත්වය දෝතින් දරා ඉපැදෙන ස්ත්‍රිය උපතින් ම දිළිඳු නම් මෝඩ නම් ඇගේ කුසින් බිහිවන පුරුෂයා ගැන කවර කතා ද? ඔහු ඊටත් වඩා දිළිඳු විය යුතු නොවන්නේ ද? මාතෘත්වය මෙලොව ඇති ලොකු ම මෝඩකම විය යුතු ය. අපි සියල්ලෝ ම අන්ත දිළිඳු මැටි මෝලන් වන්නෙමු.

‘‘රුව කත ගුණ නැත
ගුණ කත රුව නැත
රුව ගුණ ඇති කත
ළ`ග පතිවත නැත’‘

මෙය ද අප සමාජයේ භාවිතා වන්නා වූ තවත් එක් භාවිතාවක් පමණක් ද? මෙහි කාන්තාවගේ තත්ත්වය කුමක් ද? මෙලොව සිටින සියලූ ම කාන්තාවන් අඩුපාඩු ඇත්තන් ය. එකියක් හැඩ මදි ය. අනිකියගේ ගුණ යහපත්කමක් ගෑවිලාවත් නොමැත. හැඩ-රුව ඇත්තී ද ගුණ යහපත්කම ඇත්තී ද ළංකර ගැනීම භයානක ය. ඇය කිසිසේත් ම කරකාරයට සුදුසු නොවන්නේ ම ය. යහපති, මෙලොව පුරුෂයන් තනිකඩ ව ම වසත්වා...ඔවුන් තුළ මෙම අඩුපාඩු කිසිවක් ගෑවිලාවත් නොමැත්තේ ම ය.....ශ=ද්ධවන්තයෝ.........

අදට ද අපට අමතක කළ නොහැක්කේ කාන්තාවගේ පතිවත හෙවත් ස්වාමි භක්තිය යි. ස්වාමි භක්තිය තිබිය යුතු ම ය. නොඑසේනම් යහපත් පවුල් ජීවිතයක් ගතකළ නොහැකි ය. එහෙත් ස්වාමි භක්තිය ස්ත්‍රීයට පමණක් ම සීමා වූවක් ද? පතිවත කාන්තාව විසින් රක්ෂා කළ යුත්තතේ නම් පතිනිවත පුරුෂයා විසින් රක්නා ලද යුත්තේ ම වෙ යි. එහෙත් පතිනිවත රැක්මක් තබා ඒ සම්බන්දයෙන් කතිකාවතක් ගොඩනැ`ගීමට ද අමතක ව ගිය සෙයකි. පුරුෂයා යනු උපරිමයෙන් ම පතිනිදම රකින්නෙකි. එබැවින් ඒ පිළිබඳ ව කතා කිරීම ද නොවටනා දෙයකි. අහෝ ඛේදයකි... ලොව පැරණි ම රැකියාව දැන්වත් වෙනස් කළ යුතු ව ඇත.... අප මෙතෙක් කළක් මං මුලාවී වැරදි අවබෝධයක සිටියෙමු.....

මේ සියල්ල අතරේ දෑවැද්ද ගැන ද තවමත් කතා කරන්නවුන් සිටීම පිළිබඳව ............................ සිදුවූ ප්‍රමාද දෝෂය පිළිබඳ ව කණගාටුව.........

‘‘ගැහැණු ජාතිය - ජරා ජාතිය
ගලේ ගහලා - මරා දාපිය
පිරිමි ජාතිය - උතුම් ජාතිය
මල් පුදාලා - කන්න දීපිය’‘

මෙම පද්‍ය ඛණ්ඩය ද මෙම සමාජ තලය තුළ ම භාවිත වන්නකි. ගලේ ගසා මරා දැමීම යනු රජ කාලයේ අප දන්නා දෙතිස් මහා වධයන්ට ද අයත් නොවූවකි. බෞද්ධයෝ නම් බුදුන් අභියස මලින් පුදා, බුද්ධ පූජාව ද පුජා කරති. බුදුන් වහන්සේ දේශනා කළ ආකාරයට ම කෙනෙකු උතුම් පුද්ගලයකු වන්නේත්, වසලයකු හෙවත් පහත් පුද්ගලයකු වන්නේත්, එම පුද්ගලයාගේ ක්‍රියාවෙන් මිසෙක උපතින් නොවේ. ලොව ථෙරවාදී නිකැළැල් බුදු දහම අදහන, සුරකින, දිවි පරදුවට තබා උතුම් වූ බුදු දම සුරක්ෂිත කරගත් රට ශ්‍රී ලංකාව නම් වන්නේ ය.

එහෙත් බුදු හාමුදුරුවෝ පවා කාන්තාවන්ට භික්ෂුණීත්වය ලබාදීම ප්‍රතික්ෂේප කළේ කුමන පදනමක් මත ද විමසා බැලිය යුතු ය. එම සාධකය විනය කරුණ නම් අෂ්ඨ ගරු ධර්මයන් හි මුලින් ම උපසපන් භික්ෂුණියක් වසර සියයක් ගත වූව ද එක් දිනක් වයසැති උපසපන් භික්ෂුවකට ද වැඳිය යුතු යැයි නීතියක් පැනවූයේ මන් ද?

හැට හතරක් වූ මායම් උරුම වූ ස්ත්‍රිය සම්බන්ධයෙන් ද අපි තවමත් කතා කරමින් හිඳිමු. හැට හතර මායම අද දවසේ එකසිය විසි අට දක්වා ඉහළ නැ`ග ඇති බව ප්‍රසිද්ධියේ මොර දෙන පුරුෂ ශරීරයන් හැට හතර මායම යනු කුමක් දැ යි නිසි ලෙස දන්නවා ද යන්නත් ගැටලූවකි. සැබැවින් ම හැට හතර මායම සැළකුවහොත් කාන්තාවකට නිවසින් එළියට බැසීම ද කළ නොහැක්කකි. උගත්, බුද්ධිමත්, උසස් පුද්ගලයන් රැවටීම ඉතා ම අපහසු කාරණයකි. එසේ නම් එවන් කෙනෙකු රැවටීමට තරම් සහජ බුද්ධියක්, හැකියාවක් ඇත්නම් එම පුද්ගලයා අන් අයට වඩා දක්ෂ බව පිළිගත යුත්තකි. අහෝ මල් පුදා කන්න දිය යුතු තරම් වූ උසස් ජාතිය.... ඔබ කොහේ ද?

සලකා බැලූව හොත් මෙම හැට හතර මායම අර්ථකථනය කර ඇත්තේ ද පුරුෂයන් විසින් ම බව පැහැදිළි වනු ඇත. එසේ නම් එවන් සමාජයක සිටි කාන්තාවගේ තත්ත්වය කෙසේ නම් වන්නට ඇත් ද? තම අඩුපාඩුකම් මකා ගැනීම උදෙසා ස්ත්‍රිය යොදා ගත් පුරුෂයන් මෙලෙස හැට හතර මායම නිර්මාණය කළා නම් ඔවුන්ගේ අඩු පාඩු පිළිබඳ කතා කිරීමට තරම් නොවටනේ ය.

අවසර ලත් රහස් තැන ගැහැණුන් වරදෙහි බැෙඳනු ඇත්තේ ද ගැහැණුන් සම`ග වනු ඇත. මන් ද වරදෙහි බැෙඳන්නේ නම් ගැහැණිය පමණක් වරදෙහි බැෙඳනවා විය නොහැකි බැවිණ. වරදකරු කොහේ හෝ ස`ගවා ඇත. තට්ටු කර බලනු මැන ඔය හදවතට ද... වැරදිකරු කවුරුදැ යි හමු වීද......කිසි දිනෙක හමු නොවනු ඇත. මේ පුරුෂ මූලික සමාජයකි.

බමුණු මතයන්ට මෙම සමාජයේ ඉඩක් නොලද බව යම් තාක් දුරකට සත්‍යයකි. එහෙව් සමාජයක ද අත්තික්කා ගසේ මල්, සුදු පැහැ කපුටන් මෙන් ම මාලූවන්ගේ පිය සටහන් විශ්වාස කරන්නෝ නොසිටිතැයි කාට නම් පැවසිය හැකි ද?

මේ සියල්ල තුළින් ගම්‍ය වන්නේ කු=මක් දැ යි විමසා බැලීමට පෙර තවත් එක් කරුණක් කෙරෙහි අවධානය යොමු කළ යුතු ව ඇත. මෙරට බුද්ධිමත් ම යැ යි කියන පිරිසෙන් බහුතරයක් සිටිනවා යැ යි සැළකිය හැකි සරසවිය එහි දී කාන්තාව කෙරෙහි දක්වන ආකල්පය පිළිබඳ මනාව විවරණය කරන්නා වූ සරසවි කුරුටු ගීතයක මෙසේ සටහන් ව ඇත. මෙම කුරුටු ගීය ජනප්‍රිය ගීතයක තනුවක් ආශ්‍රයෙන් ලියැවී ඇත.z

‘‘කැම්පස් ගියපු කෙල්ලක් කිසිදා බඳින් නෙපා
බැන්දත් එවැනි කෙල්ලක් සුදු රෙදි එළන් නෙපා
එලූවත් එවැනි රෙද්දක රතු ළප සොයන් නෙපා
තිබුණත් එවැනි ලපයක් ලේ යැයි සිතන් නෙපා ‘‘

මහ සමාජයෙන් වෙන් ව යමින් තමන්ට ම ආවේණික උපසංස්කෘතියක උරුමය විදහා පාන සරසවිය එහි ම වසන ශිෂයාවන් දෙස මහ සමාජය බැලිය යුතු ආකාරය එසේ කුරුටු ගීයක ගොනු කර ඇත. අද දවසේ සරසවිය බුද්ධිමතුන්ගේ තෝතැන්නක් ද....

ඉහතින් සටහන් කරන්නට යෙදුනේ අපගේ එදිනෙදා භාවිතාව තුළ ඇති අල්පයක් තරම් වූ කාන්තාව නිග්‍රහයට ලක් කරන්නා වූ සමාජ යෙදුම් කිහිපයකි. සැබෑවට ම ගත් කළ කාන්තාව යනු මෙතරම් පහත් කොට සළකනු ලබන්නේ ඇයි ද යන ගැටලූව ඉස්මතු විය යුතු ය. ස්ත්‍රී පුරුෂ සමාජ භාවය මත පදනම් ව නොයමින් ස්ත්‍රී පුරුෂ ලිංගික වෙනස මත පදනම්ව සමාජයේ ඇති මෙම ඛෙදීම තුළින් කාන්තාව වඩාත් අසරණ තත්ත්වයකට පත්කර ඇත. එවන් තත්ත්වයකට ඔවුන් පත් කර නොමැති නම් ස්ත්‍රීවාදී ව්‍යාපාර බිහි නොවනු ඇත. ගෘහස්ථ ප්‍රචණ්ඩත්වයක් පිළිබඳ සාකච්ඡාවක් කිසිදාක ඇති නොවනු ඇත. සැබැවින් ම ස්ත්‍රිය යනු දරුවන් වැදීමේ යන්ත්‍රයක් පමණක්ම ද? එසේ නොවන්නේ නම් ස්ත්‍රී ලිංගිකත්වය මත පදනම් වෙමින් කාන්තාව මෙතරම් පහත් මට්ටමකට ඇද දමනුයේ ඇයි?

මෙරට දළ ජාතික නිෂ්පාදනයෙන් මෙන්ම විදේශ විනිමයෙන් වැඩිම ප්‍රමාණයක් සපයා දෙනු ලබන්නේ ස්ත්‍රිය බව කිසිවකු සිතන්නේ නැත. මෙරට කාන්තාවගේ ගෘහස්ත ක්‍රියාකාරකම් දළ ජාතික නිෂ්පාදනයේ දී නොසලකා හැර ඇත.

එහෙත් එවන් වූ සමාජ තලයක වු ව ද තොටිල්ල පදවන දෑත ලොව ම පාලනය කර යි යන්න හිස් මුදුනින් ම පිළිගනිති. මෙලොව ජීවය අම්මාගේ රුධිරයෙන් හා හිරුගේ කිරණින් සුසැදි බවට විරුද්ධ ව කිසිවකුත් තර්ක කරන්නේ නැත. මෙය මෙම සමාජ ක්‍රමය තුළ දක්නට ඇති සුවිශේෂී තත්ත්වයකි. කාන්තාව කෙතරම් පහත් කොට සැලකුව ද zඅම්මාZ යන වදන මෙරට තවමත් උත්තරීතර ය. කෙතරම් ගැරහුම් ලැබුව ද මාතෘත්වය හමුවේ මේ සියලූ පුරුෂාර්ථයන් බිඳ වැටෙන්නේ ය. මෙම මාතෘත්වයට ඇති ගරුත්වය කෙතරම් දැ යි කිව හොත් අද දවසේ පියවරුන් අසන්නේ මතු බුදුවන වරම ඇත්තේ අම්මාවරුනට පමණක් ම ද කියා ය. පොදුවේ කාන්තාව හමුවේ නැ`ගී සිටින පුරුෂ මූලික චින්තන ධාරාව මෙලෙස මාතෘත්වය ඉදිරියේ දියාරුවීම එක් අතකින් සාකච්ඡාවට ද බඳුන් කළ යුත්තකි. අම්මා යනු මෙලොව සිටින උතුම්ම වස්තුවයි, සම්පත යි, පුද්ගලයා යි. සෑම කාන්තාවක් ම අම්මා කෙනෙකි. එහෙත් තමන්ගේ සීමාව තුළ කාන්තාව අම්මා වන විට තමන්ගේ සීමාවෙන් පිටත, නිදි යහනේ දී සෑම කාන්තාවක් ම ගණිකාවක් බවට පත්වේ.

කෙසේ වූව ද මේ සියල්ලෙහි පදනම ලිංගිකත්වය තුළින් වැටී ඇත. ස්ත්‍රී ලිංගිකත්වය තුළ ඇය කුමරි බඹසර තුළ සහ පතිවෘතය තුළ හිර කර යි. මුලින් සඳහන් කළාක් මෙන් කුමර බඹසර සහ පතිනි වෘතය පිළිබඳ ව කිසිවකුත් කතා නොකරන්නේ ඇයි?

ඒ කෙසේ වූව මෙම සාකච්ඡාවෙහි ඒ පිළිබඳව ද යම් ඉඩක් විවර කර තැබීම යහපතකි.

‘‘මුදු මුහුණේ සුව දැනුනේ
ප්‍රිය ළඳුනේ මට විතර ද
ඉ`ග නෙරියේ රැළි සැදුවේ
හිමි සඳුනේ මගෙ විතර ද ‘‘

මෙම තත්ත්වය පිළිබඳ ව පුළුල් කතිකාවතක් ගොඩන`ග යි. පුරුෂයාට තම ස්ත්‍රිය පිළිබඳ ඇතිවන සැකයත්, ඇය පිළිබඳ ඇතිවන දැඩි ආශාවත් තුළින් ඔහු ඇයගෙන් විමසන්නේ ඔබේ මුහුණේ සුවය දැනුනේ තමනට පමණක් ම විතරක් ද යන්න යි. එනම් ඔහු විමසා සිටින්නේ ඇයගේ පිරිසුදු භාවය යි. පතිවෘතය යි. මෙහි දී ස්ත්‍රියගේ ප්‍රතිචාරය වඩා වැදගත් වන්නේ, ඇය විසින් පුරුෂයා අභියෝගයට ලක් කරමින් අසන්නේ ඔහු තමාගේ නෙරියෙහි ම පමණක් රැළි සැදුවේ ද යන්න යි. ඇයගෙන් පතිදම ගැන විමසන ඔහුට ඇයගේ පිළිතුර ඉතා අපූරුය. අනුන්ගේ වරද සෙවීමට කළින් තම ඇසෙහි ඇති රොඩ්ඩ ඉවත් කරගත නොවන්නේ ද?

මේ ආකාරයේ ම තවත් එක් අපූරු ගීතයක මෙසේ සඳහන් වෙයි.

‘‘පුන් පෝදා සඳ ඔබ ගෙන ආවොත්
මල් වට්ටියකට අරගන්නම්
ඔබ හැමදාමත් ඉල්ලන තරු මල්
එයට නෙළා පිළිගන්වන්නම්’‘

ඉතාමත් අපූරු ය. පෙම්වතාට නිරතුරුව ම තම පෙම්වතියගේ පිරිසිදු භාවය පිළිබඳ ව ඇත්තේ දැඩි සැකයකි. එහු නිරන්තරව ම එම කාරණාවෙන් තරුණියට දමා ගස යි. ඇය ද අත හරින්නේ නැත. සැබැවි. ඇයගේ පිළිතුර ඉතා සාධාරණය. ඇය ඔහුගේ ඉල්ලීම ප්‍රතික්ෂේප නොකර යි. ඇය ඇගේ පිරිසිදු භාවය ඔප්පු කිරීමට සූදානම් ය. එහෙත් ඊට කළින් පෙම්වතා විසින් ද කළ යුත්තක් ඇත. ඇය පවසනුයේ තම පිරිසිදු බවේ සංකේතය වූ තරු මල් සියල්ල පෙම්වතාගේ පිරිසිදුභාවය පිළිබඳ ව හැ`ගවෙන සඳ නම් වූ මල්වට්ටියේ පමණක් පුදා ඔහුට පිළිගැන්විය හැකි බව යි. එනම් තරුණියගේ පිරිසිදු බව විමසීමට පෙර තරුණයාට තමාගේ පිරිසිදු බව ඔප්පු කිරීමට සිදු ව ඇත.

සංවාදය ගොඩ නැගිය යුත්තේ මේ සම්බන්ධයෙනි. සැබැවින් ම ස්ත්‍රියගේ පිරිසිදුබව පිළිබඳ ව කතා කිරීමට පෙර පුරුෂයාගේ පිරිසිදු බව ඔප්පු කර පෙන්විය යුතු ය. සඳ නම් වූ මල් වට්ටියට සමාන වන්නා වූ පුරුෂයාගේ පිරිසිදු බවට පමණක් තරුමල් නම් වූ ස්ත්‍රියගේ පිරිසිදු භාවයේ මල් පොකුර නෙළා පිළිගැනිවිය හැකි ය. පුරුෂයිනි වහා ම සඳ වට්ටිය රැගෙන එව... වහ වහා තරු මල් නෙළා ගනු ව...... එසේ නොමැති ව තරුමල් නෙළීමට නොය ව.... කිසි දිනෙක එය ඔබට නෙලා ගත නොහැකි වනු ඇත.

(සංවාදයට විවෘතය)

සඳකැලූම් රසාංජන

rasanjanasandakelum@hotmail.com

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|

මේක පොඩි අත්හදාබැලීමක් - කවිය හා චිත්‍රය

කවිය

ඉවසීම
හී සරමෙන්
ඇමිනි ඇමිනි
වදදෙන කොට මහවැස්ස,
දිය පෙරි පෙරී
ඇඹරි ඇඹරී
ඉවසන හැටි හැඩ පස්ස


මේ කවියට ඇදපු චිත්‍රය තමා මේ......



ඒත් කවියා ඒක දැකලා තෘප්තිමත් වුණේ නැහැ.

එයා චිත්‍රය දැකලා මෙන්න මෙහෙම කවියක් ලිව්වා........

බ්‍රහ්මචාරියාගේ වට්ටක්කා ගෙඩිය

මගේ හේනේ
රතු මිරිස්
තදම තද රතු වුණත්
රතුපාට මිරිස් යාය
රතු කළේ නැහැ මසිත
ඒත්......මේ
පිනි ඉහිල දිලිසෙන
ගෝමර පිපුණු
මෝරන වට්ටක්කා ගෙඩිය
ඇයි......... අවුලන්නේ කළඹන මසිත

චික්...... විතරක්..........


කවිය - පාලිත සේනාරත්න
චිත්‍රය - වී.පී. සුනිල් ශාන්ත

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|
|


දීප්ති කුමාර ගුණරත්නගේ පෙරටුගාමී පක්ෂය මැතිවරණ කොමසාරිස් පිළි ගනියි
(W3Lanka, ජුනි 23, 2009)

ලංකාවේ සිවිල් සමාජයේ ප්‍රතිරූපවලට අනුකම්පා විරහිත ලෙස පහර දෙමින් මතු වූ ආන්දෝලනාත්මක පශ්චාත් නූතනවාදී රැඩිකල් දේශපාලන කණ්ඩායමක් වූ X-පක්ෂයේ දේශපාලන පක්ෂය වන ශ‍්‍රී ලංකා පෙරටුගාමී පක්‍ෂය පිළිගත් දේශපාලන පක්‍ෂ ලෙස සැළකීමට තීරණය කළ බව මැතිවරණ මහලේකම් කාර්යාලය නිවේදනය කරයි.

මුලින් පැවති X-කණ්ඩායම 2004 දෙසැම්බර් 26දා දෙකඩ වූ අතර ඉන් බිඳී ගිය දීප්ති කුමාර ගුණරත්නගේ නායකත්වයෙන් යුත් කණ්ඩායම X-පක්ෂය ලෙස ක්‍රියාත්මක විය. 1971 කැරැල්ල ආශ්‍රිත වකවානුවේදී මෙරට 'පෙරදිග සුළං' නම් සටන්කාමී මාඕවාදී සංවිධානයක් ක්‍රියාත්මක වූ අතර දැන් X-පක්ෂය විසින් පළ කරනු ලබන සඟරාවේ නම ලෙස යොදාගෙන ත්බෙන්නේ 'පෙරදිග සුළං'ය.

මැතිවරණ කොමසාරිස්වරයාගේ පිළිගැනීම ඉල්ලා දේශපාලන පක්‍ෂ අටක් විසින් ඉදිරිපත් කර තිබුණු ඉල්ලුම්පත් පිළිබඳ ඉකුත් සතියේ පැවැති පරීක්‍ෂණවලින් අනතුරුව පක්‍ෂ තුනක් පමණක් පිළිගත් දේශපාලන පක්‍ෂ ලෙස සැළකීමට තීරණය කළ බව මැතිවරණ මහලේකම් කාර්යාලය කියයි. එම පක්ෂ නම්, අපේ ජාතික පෙරමුණ, ශ‍්‍රී ලංකා පෙරටුගාමී පක්‍ෂය සහ ජනසෙත පෙරමුණයි. මේ පක්‍ෂ තුනත් සමඟ ලංකාවේ පිළිගත් දේශපාලන පක්‍ෂ ගණන 64 ක් දක්වා වැඩි විය.

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|

නමක් නැති දෙමළාගෙන්....



මේ කතා මම ලියන්නේ දන්න සිංහලයෙන්. ඒවා හදල පත්තරේක දාන්න. එහෙම නොවුනොත් අපේ දුක අපේ ජීවිතය ලෝකයට වැහිල යාවි. මේ ලියම පිට කරන හැටි මමවත් දන්නේ නැහැ. ඒ නිසා අහන්නත් එපා.

මම දකුණේ ජීවත් වෙච්ච මිනිහෙක්. 1983 දී අපේ පවුලේ තුන් දෙනෙක් මරුව අපේ ඇස් ඉදිරිපිට. ඊට පස්සේ ඔබලාගේ ආණ්ඩුව අපි වවුනියාවට ගිහින් දාලා දැන් ඉතින් ආරක්ෂාව තියෙනවනේ කිව්වා. කිළිනොච්චියේ හිටිය අපේ නෑදැයො කට්ටියක්. එහාට ගිහින් ගොවිතැන් බත්කර ගෙන ජීවත් වුනා. අපට බයක් තිබුනේ නැහැ.
යුද්දේ පටන් ගනියි කියළ අපි හිතුවෙ නැහැ. අපට යුද්දෙ තිබුණේ මාස තුනයි. බෝම්බ වැටෙන්න පටන් අරං ඊට වැඩියි. කිළිනොච්චියට යුද්දෙ ආවම මුලතිව් වලට ගිහිං අපි උන්නෙ බංකර්වල. බංකර්වලින් එළියට ගිය අපේ මිනිස්සු හුඟ දෙනෙක් ෂෙල් වැදිල මැරුණ. අන්තිමේ දී බංකර්වලම ඉන්න බැරි නිසා අපි කට්ටිය මුරට හිටිය එල්ටීටීඊ මල්ලිලාට කතා කරළ අපි හැමෝම යමු, ආණ්ඩුව අහසින් දාපු කොළවල කරදරයක් වෙන්නේ නෑ හොදින් බාර ගන්නව කියළ තියෙනව කියළ කිව්ව. එල්ටීටීඊ මල්ලිල 15 දෙනෙක් එක්ක තමයි අපි හමුදාව පැත්තට ආවෙ. ඒ මල්ලිල මඟදිම හමුදාව අරං ගියා ගියාමයි. තවම ඇස් වලට දැක්කේ නැහැ. කඳවුරේ ඉන්න එල්ටීටීඊ මල්ලිල කියන්නේ ඒ ඔක්කොම මරළ කියළ.

ඊට පස්සේ අපි කඳවුරට දැම්ම දවසක් විතරම බස් එකක තියං ඉදළ. බස් එක ඇතුළට වතුර බෝතලූයි බිස්කටුයි දුන්න. පොඩිඑවුන් බස් එකේම මුත්‍රාකරා. කක්ක දැම්ම. අපි බස් එක ඇතුළෙම රෝස් වුනා. අහසින් දාපු කොළවල තිබුණෙ බොරු බව එතකොට අපට තේරුණා. සමහරු කියන්න ගත්ත බංකර්වල මැරුණ නම් මීට හොඳයි කියළ. මං හිතන්නේ ඒ අපට දීපු දඩුවමක් වෙන්න ඇති. අන්තිමේ දි දහ දෙනා දහ දෙනා වෙන වෙනම බහින්න කිව්ව. පරීක්ෂා කරල නම් ගම් ලියාගෙන ඉවර වෙලා ඒ දහදෙනා දැම්ම එක කූඩාරමකට. එතකොට පවුල් වල අයයි දන්න කියන අයයි කැඩිල විසිරිලා ගියා. මම ඉන්න කූඩාරමේ ඉන්න බාගයක් මම ඊට කලින් දන්නෙවත් නෑ. අපි ආපු කොට වැසිකිළවත් තිබුණේ නෑ. අපි බංකරෙන් වැටුණේ ඊටත් වඩා අමාරු අඩියකට. හරියට කබලෙන් ලිපට වගේ. අපි ඉන්න කඳවුර වටේම හමුදා මහත්වරු ඉන්නවා. ඒ ගොල්ලන්ගෙන් කරදරයක් නෑ. ඇතුලට එන්නෙත් නෑ. ඒ උනාට ඇතුළෙ වෙන හැම දෙයක්ම ඒ ගොල්ලලො දැන ගන්නවා. අපි අඳුරන් නැති මිනිස්සු අපිටත් වඩා කිළිටු ඇඳගෙන අපි වටේ වාඩිවෙලා කතාවට වැටෙනවා. නැත්නම් අහගෙන ඉන්නවා. අපි කට අරින්නෙත් බයෙන්.

මුල් දවස්වල දෙකේ කඳවුරේ ඉදළ නෑයො සොයන්න කියළ තුනේ කඳවුරට රිංගපු කොල්ලො දෙන්නෙකුට කකුල් දෙකෙන් එල්ලා හමුදා මහත්තුරු හොඳටම ගැහුව. අපි හොදටම බය උනා කව්ද ඒ විස්තර කිව්වේ කියළ. උන් රිංගුවේ මහ රෑ. මහ රෑට කදවුර කට්ට පාලූයි. ලයිට් තියෙන්නේ ගේට්ටුව කිට්ටුව විතරයි නෙ. මිනිස්සු කරුවළ එන කොටම නිදා ගන්න යනව. ඊට පස්සේ මැරිච්ච අපේ මිනිසුසන්ගේ අවතාරයි හොලමනුයි ඇවිදිනව කියළ තමයි කතාව තියෙන්නෙ. රෑට කව්වරු හරි ඇවිදින එක ඇත්ත. හරියට සද්ද.

දිස්ත්‍රික්ක තුනක මිනිස්සු එහැම පිටින්ම හමුදා කදවුරක හිරගත කරපු රටක් ලෝකයේ තියෙනව නම් මං හිතන්නෙ ඒ ශ්‍රී ලංකා ධර්මද්වීපය විතරක් වෙන්න ඕන. ඒ වුනාට ඒ මිනිස්සු දාල තියෙන්නේ සත්තු ගාල් කරපු විදියට. 300,000 ක් මිනිස්සුන්ට වතුර දෙන්න බවුසර් කීයක් ඕනෙද? මම ඊයේ දැක්ක කොළඹින් ආපු මහත්තරු වගයක් කොකාකෝලා බොන තැනට අපේ පොඩි උන් දුවනවා. කොකාකෝලා පෙරේත කමට නොවෙයි. හිස් බෝතල් ඉල්ල ගෙන වතුර පෝලිමට යන්න. වතුර පුරවගන්න භාජන නෑ. ඉතිං බඩී බොතලයක් පේන්නෙ බැරල් එකක් විදියට. වතුර කෙච්චරක් බිව්වත් මදී. දවසම ඉන්නේ තිබහෙන්.

දවසෙන් වැඩි වෙලාවක් යන්නෙ පෝලිම්වලට. උදේම කක්කුස්සි පෝලිම. ඒ වාසනාව තියෙන අයට. ගිය සතියේ කක්කුස්සි පිරිල ඉතිරෙන්න ගත්ත. ඒව හාරල තියෙන්න අඩි දෙකක් විතර. එක දිගට කානු වගේ. සුදු පාට පණුවො ජාතියක් වටේට පිරිල. වැසිකිළි යන එකත් හිතට මහ කරදරයක් වෙළා. ගේට්ටු ලඟ තමයි පිටින් එන හැමෝම බලන්නෙ. ටිකක් අතුළට යන කොට කක්කුස්සි නෑ. මිනිස්සු උදේම නැගිටල කූඩාරම ඉස්සරහම පොඩි වළක් හාරල වැසිකිළි යනව. පොඩි එවුනුත් මහ දවාලෙම තමන්ගෙම වැසිකිළිය හාර ගන්නවා.

ඊළගට කෑම පෝලිම. එහෙම නැත්නම් කෑම බඩු පෝලිම. දවසක් එහා කූඩරමේ කන්දසාමි ගෙනාපු බඩු මල්ලේ තිබුනේ කවලම් හාල්. එක එක මිනිස්සු දීපු එක් එක ජාතියේ හාල් එක ට කවලම් කරල තමයි දෙනේන. බතට වතුර අහන්නේ හාලෙ විදිහටනෙ. ඉතිං බත් ඛෙරි වුනා. ඒක අපි හැමෝගෙම බතට වෙන දෙයක්. බඩු ස්ටොරුවල සබන් ජාති පිරිල. ඒත් අපට එක සබන් කැටයයි රෙදි හෝදන්නයි ඇගේ ගාන්නයි පිඟන් හොදන්නයි... අපි හොඳට ගෙවල් දොරවල් තිබුණ මිනිස්සු නේද? අපේ ඇස්වල කදුළු වේලිලා. නැත්නම් ඒ කදුළු වලින් අපේ පොඩි උන් නාවන්න තිබුණ.... මොකද දූවිලි පිරිල. අපි නිදා ගන්නේ වැල්ලෙ පත්තර කඩදාසි එලාගෙන. දෙවියනේ, අපට පැදුරක්වත් නෑ, වැස්ස නම් එවන්න එපා කියළ අපි උදේ හවා කියනවා.

ඛෙහෙත් පෝලිම තවත් එකක්. කන්දසාමිගෙ පවුලට දිය වැඩියාව. ඉතිං ඛෙහෙත් ගන්න දවස් හතරක් පෝලිමේ ඉදළත් හිස් අතින් කූඩාරමට ආව. කන්න බොන්න නැතිව හිටපු 300,000ට ඛෙහෙත් කරන්න දොස්තරල කීදෙනෙක් ඹ්නෙද? අද ඉන්න දොස්තර නොවෙයි හෙට ඉන්නෙ. කොළඹින් එන දොස්තර මහත්තුරු දවස් දෙක තුනෙන් ආපහු යනවා. සමහර සිංහල දොස්තර මහත්වරු හරිම හොදයි, වෙලාවකට අපේ මිනිස්සුන්ටත් වඩා හොඳයි කියළ මිනිස්සු කියනවා. අපේ දොස්තර මහත්තුරු ඹක්කොම හිරේ දාලලූ. ඛෙහෙත් දෙන්න කියළ අරං යන තරුණ කොල්ලො නම් ආපහු එන්නේම නෑ. උන් කෙහේද කියළ දන්න කෙනෙකුත් නෑනෙ. කාගෙන් කියළ අහන්න ද?

මැණික් පාම් කදවුර ඇතුළේ කදුවුරු හතරක් තියෙනවා. කදිරගාමර් කඳවුර අංක 1. රාමනාදන් කඳවුර අංක 2. අරුනිචලම් කදවුර අංක 3. අංක 4ට නමක් නෑ. ඒකෙ ඉන්නේ අන්තිමට ආපු අපේ මිනිස්සු. හමුදාව ඒ කඳවුරට කියන්නේ මහාවීර කඳවුර කියළ. ඒකේ ඉන්නේ එල්ටීටිඊ පවුල් වල අයලූ.

ඊළඟ ලියුම එවන තුරු, මැණික් පාම් කඳවුරේ සිට
නමක් නැති දෙමළා විසිනි.

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|


නෙල්සන් මැන්ඩෙලා
(1918- )

හොඳ හිසක් මෙන්ම හදවතක්ද සෑම විටම තදින් එකිනෙක බැඳී පවතියි.

ලෝකය වෙනස් කිරීමට ඔබට පාවිච්චිකල හැකි හොඳම ආයුධය නම් අධ්‍යාපනයයි.

එක්සත් ජනපදය හෝ එංගලන්තය ඔවුන්ගේ ඡන්ද කටයුතු වලදී ආසියාවෙන් හෝ අප්‍රිකාවෙන් නිරීක්ෂකයන් ඉල්ලන්නේ නැත. නමුත් අපේ (අප්‍රිකාවේ හෝ ආසියාවේ) ඡන්ද වලදී ඔවුන්ට නිරීක්ෂකයන් අවශ්‍යය.

ඔබගේ සතුරන් සමග සාමය අවශ්‍ය නම් ඔවුන් සමග එකට වැඩ කරන්න. එවිට ඔවුන් ඔබගේ සහකරුවන් වේවි.

කෙනෙකුට තේරෙන භාෂවකින් ඇමතූ කල් හි එය ඔහුගේ හිසට ඇතුල් වෙයි. නමුත් ඔහුගේ භාෂාවෙන් ඇමතූ කල් හි එය ඔහුගේ හදවතට ඇතුල් වෙයි.

ඉතා අමාරුවෙන් කන්දක් තරණය කල පසු පමණක් කෙනෙක් දකියි, තරණය කිරීමට තවත් බොහෝ කඳු ඇති බව.

යමක් කර අවසන් වනතුරුම එය කල නොහැකි ලෙසටම පෙනෙනු ඇත.


වර්ෂ 1918 ජූලි මස 18 වන දින දකුණු අප්‍රිකාවේ ට්‍රාන්ස්කි හිදී උපන් නෙල්සන් මැන්ඩෙලා දකුණු අප්‍රිකාවේ වර්ග භේද වාදයට එරෙහිව සටන් කල එරට හිටපු ජනාධිපතිවරයෙකි. මැන්ඩෙලා උපතින් අප්‍රිකාවේ තෙම්බු ජන වර්ගයට අයත් ය. ඔහුගේ මුත්තා එම ජනවර්ගයේ රජු හෙවත් නායකයා විය. ඔහුගේ මුල්ම නම වූයේ රොලිහ්ලාහ්ලා මැන්ඩෙලා ය. තමන්ගේ පවුලේ සාමාජිකයන් අතරින් පළමුවෙන්ම පාසැල් අධ්‍යාපනය ලැබීමේ භාග්‍යය හිමි වූයේ රොලිහ්ලාහ්ලා ටය. ඔහුට නෙල්සන් යන ඉංග්‍රීසි නාමය ලබා දුන්නේ ඔහුගේ පාසැල් ගුරුතුමියයි.

ඉගෙනීමට දක්ෂයෙක් වූ මැන්ඩෙලා සාමාන්‍යයෙන් වසර තුනක පමණ කාලයක් ගතවන ජූනියර් සර්ටිෆිකේට් විභාගය වසර දෙකකදී සම්පූර්ණ කලේය. ඔහු වයස අවුරුදු 19 දී කලා උපාධිය හැදෑරීමට ෆෝර්ට් හෙයා විශ්වවිදයාලයට ඇතුලත් විය. එහිදී ඔහුට සිය දිගු කාලීන මිත්‍ර ඔලිවර් ටැම්බො ව මුනගැසුනි. එහි පළමු වසරේ ශිෂයෙකුව සිටින සමයේ විශ්වවිද්‍යාලයේ ප්‍රතිපත්ති වලට එරෙහිව එහි ශිෂ්‍ය සංගමය මෙහෙයවූ වැඩවර්ජනයට සහභාහී වූ වරදට මැන්ඩෙලාව එම විශ්වවිද්‍යාලයෙන් නෙරපා හරින ලදී.

පසුකලෙක ජොහැන්නස්බර්ග් නගරයට පැමිණි මැන්ඩෙලා එහි පතලක මුරකරුවෙකු ලෙසද තවත් කලෙක නීති කටයුතු ආයතනයක ලිපිකරුවෙකු ලෙසද සේවය කලේය. 1948 එරට පැවති මැතිවරණයෙන් පසුව මැන්ඩෙලා දේශපාලන කටයුතු වල දිගින් දිගටම නිරත විය. ඉන්දියාවේ මහත්මා ගාන්ධි ගෙනගිය අවිහිංසාවාදී අරගලය මැන්ඩෙලා ගේ දේශපාලන ජීවිතයට මහත් බලපෑමක් කලේය. අප්‍රිකාව තුල ඔහු මෙහයවූ වැඩවර්ජන නිසා ඔහුද ඇතුලූව තවත් 150 දෙනෙකු 1956 වසරේදී අත් අඩංගුවට ගැනුනි. කෙසේනමුදු 1961 වසරේදී ඔහු නිදහස් විය.

පසුව අප්‍රිකානු ජාතික කොංග්‍රසයේ සන්නද්ධ අංශය භාරව කටයුතු කලේය. අප්‍රිකාවේ පැවති වර්ග වාදී පාලන ප්‍රතිපත්ති වලට විරුද්ධව සන්නද්ධ අරගලයක් කිරීමට ඔහු ජනතාව පෙළගැස්වූයේය. මේවනවිට අවිහිංසාවාදී අරගලයෙන් කිසිදු ප්‍රතිඵලයක් අත් නොවන බව ඔහුට ප්‍රත්‍යක්ෂ වී තිබුනි. 1962 වසරේදී ඇමෙරිකානු CIA ඔත්තු සේවාවේ සහයෝගයද ඇතිව මැන්ඩෙලා යළිත් වරක් අත් අඩංගුවට ගැනුනි. ඔහුගේ වසර 27ක සිර ගත ජීවිතයෙන් 18 ක් ම ගතවූයේ රූබන් දූපතේ සිර ගෙදරයි. ඔහු පවසන පරිදි එහි ඉතා දුෂ්කර කටුක ජීවිතයක් ගත කරන්නට ඔවුන්ට සිදුවිය. දේශපාලන සිරකරුවන් වූ නිසාත් කලූ ජාතිකයන් වූ නිසාත් ඔවුන් දැඩි දුෂ්කරතාවන්ට මුහුණ දී තිබේ. මැන්ඩෙලා සිරගෙදරදීද සිය අධ්‍යාපන කටයුතු නොකඩවා කරගෙන ගියේය. ඔහු එහිදී ලන්ඩන් විශ්වවිද්‍යාලයෙන් නීතිවේදී බාහිර උපාධිය ලබා ගත්තේය.

සිරගෙදර සිටි කාලයේදී ඔහුගේ ජනප්‍රියත්වය තවත් ඉහල ගියේය.මේ වනවිට ඔහු වඩාත් ජනප්‍රිය අප්‍රිකානු දේශපාලන චරිතය බවට පත්වී සිටියේය. 1990 පෙබරවාරි 11 වනදින ඔහු සිරගෙදරින් නිදහස් විය. ඔහු ඉන්පසුවද දකුණු අප්‍රිකාවේ කලූ ජාතිකයන්ගේ අයිතිවාසිකම් දිනාගැනීම වෙනුවෙන් දිගටම ක්‍රියාකාරී විය. දේශපාලනයට යලිත් පැමිණි මැන්ඩෙලා අප්‍රිකානු ජාතික කොංග්‍රසයේ නායකත්වයට පත්විය. 1994 වසරේ එරට ප්‍රථම සර්ව ජාතික ඡන්දයක් පැවැත්වීය. එයින් 62% ක ප්‍රතිශතයක් ලබා අප්‍රිකානු ජාතික කොංග්‍රසය ජයග්‍රහණය කලේ නෙල්සන් මැන්ඩෙලා එරට ප්‍රථම කලූ ජාතික ජනාධිපතිවරයා බවට පත්කරමින් ය. ජනාධිපති අසුන ලබන විට මැන්ඩෙලා ගේ වයස අවුරුදු 75 කි. තව වරක් එම තනතුරට පත්වෙනු වෙනුවට මේ අවංක නායකයා 1999 වසරේ සිය ධූරයෙන් විශ්‍රාම ගත්තේය. ඉන්පසු ඔහු මානව හිමිකම් සුරැකීමේ සහ නොයෙකුත් සමාජීය කටයුතු වලට මැදිහත්වූයේය. ඒඩ්ස් මර්දන වැඩපිළිවෙල ඒවායින් ඔහුගේ විශේෂ අවධානය යොමු වූ කටයුත්තකි.

සිය ජීවිත කාලය තුල තමන් විශ්වාස කල සාධාරණ, සාමුහික සහ සමානාත්මතාවයෙන් යුත් රටක් තම සහෝදර ජනතාවට ලබාදීමට අවංකවම කැපවූ මෙම ශ්‍රේෂ්ඨ මිනිසාගේ එම වෑයම අගයනු වස් 1993 වසරේ නොඛෙල් සාම ත්‍යාගය ඔහුට පිරිනැමුනි. සුවහසක් ආදරණීය ජනතාවගේ කිත් පැසසුම් මැද නෙල්සන් මැන්ඩෙලා ගේ අපරාජිත ජීවිතය අදටත් කියාකාරීව පවතියි.

අනුෂ්ක තිලකරත්න
ඉකුත් රන් රෝස

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|

Cartoon From - www.rivira.lk

සූකර් ද ජෝකර්

ජහමනතාවට විලිබිය නැද්දෝ දැන් ඇයි උන් කොට ගවුමැන්දේ
මදුරුවෝ කන්නෙත් එහෙම කොටට ඇඳ ඉන්නා අය බව දැන් සද්දේ
වසුරු සිටානන් කඳබඩ දෙක නැහැ වෙන්වී පෙනුනේ මල යුද්දේ
සූකරයොත් ලිප්ටන් රවුමට එයි ළඟදිම නැහැ ඒ ගැන වාදේ

සකල සිරිං පිරි සිරි ලංකාවේ සූකර උණ පැතිරී යන්නේ
නිමල මෙමං අත වරද නැතී ජහ මනතාවයි ඉල්ලන් කන්නේ
බකල ගහං පොරි සාද කතාවට බඩ ගෙඩි මැති සඳ වෙස් ගන්නේ
අවල කෙලින ඇම්බැට්ටයො දුටු තැන සූකරයොත් දත නියවන්නේ

ඩෝං පුතා

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|

ජායිපූර් - රෝස පුරවරය- සුසන්ත ජානක

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|


AKURU MANPETHA: Next Book Reading Session at Sarasavi Book Shop - Nugegoda.

Selected Book for this week - Suludeya Asurukala Deviya Traslated by L.B. Herath
Original Book - God of Small Things by Arundathi Roy
Date & Time - 24th June @ 5.45pm
Venue - Sarasavi Book Shop Nugegoda

See you all there!!!

-Sethuka Publishers

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|

මම තාම රැඩිකල් - සුනිල් මාධව ප්‍රේමතිලක - සියත සමග කතාබහ - 2009.06.21


මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|

ඉදිරියේදී උතුරේ දැකගත හැක්කේ බැරැක්ක සමාජයක්

දීප්ති කුමාර ගුණරත්න ලංකා සමග දැක්වූ අදහස් : (ලංකා ජූනි 21, 2009)



යුද්ධය අවසන් බවට ආරක්ෂක ප්‍රධානීන් පසුගියදා ජනාධිපතිවරයාට නිල වශයෙන් දැනුම් දුන්නා. එල්ටීටීඊයත් අවසන් මොහොතේ අවි නිහ~ කරන බව ප්‍රකාශ කළා. ඒ අනුව දැන් තියෙන්නේ පශ්චාත් යුද සමාජයක්. මේ තත්වය ඔබ විග්‍රහ කරන්නේ කොහොමද?

ඒ අදහස මම පිළිගන්නේ නෑ. යුද්ධය අවසන් යැයි කීම නව ලිබරල්වාදී අදහසක්. නව ලිබරල්වාදයේ ප්‍රධාන අදහස තමයි ප්‍රශ්න, ගැටුම්, ප්‍රතිවිරෝධතා නැති සුසංසවාදී සමාජයක් ගොඩනැගීම. ඕන දෙයක් කතාවෙන් බහෙන් බේරා ගන්න, ඕන නැති දේවල් කරන්න යන්න එපා, ඕක තමයි නව ලිබරල්වාදී අදහස. මාක්ස්වාදියෙක් හැටියට මම කියන්නේ ඔය “පාශ්චාත් යුද සමාජය” කියන වචනය නව ලිබරල්වාදී අදහසක්. මම ඒක පැහැදිලි කරන්නම්. 1999 දී කවුද යුද්දෙ දිනුවෙ කියල කව්රු හරි ඇහැව්වොත් අපට ලැඛෙන උත්තරය එල්ටීටීඊය. 2009 දී කවුද දිනුවෙ කියල ඇහැව්වොත් ආණ්ඩුව. කවුරුත් 2019 ගැන අහන්නේ නෑ. හැමෝම හිතන්නේ “මේ දැන් “ (Now) තමයි සදාකාලික කියල. මේක ප්‍රශ්න කළ යුතුයි. උදාහරණයක් හැටියට නැපෝලියන් බොනපාට් එක වෙලාවක දිනුවා. නමුත් පස්සේ පැරදුණා. අපි හිතනවා දැන් එල්ටීටීඊය පරාදයි කියලා නමුත් කවුරුත් දන්නවද අනාගතේ මොනවා වෙයිද කියල. හේගල් කියන දාර්ශනිකයා කිව්වේ අනාගතයෙන් තමයි අතීතය අර්ථකථනය වෙන්නේ කියලා. කෙටියෙන් කියනවා නම් මේ පවතින්නේ පශ්චාත් යුද වාතාවරණයක් නෙවෙයි, මේ පවතින්නේ ප්‍රධාන මව් යුද්ධයකට පස්සෙ ඉදිරියේ දී එන්න නියමිත තවත් යුද්ධ ගණනාවකට පෙර පවතින අතරමැදි නිසසල කාලයක්.

ඔබ පවසන මේ “මව් යුද්ධයට “ පාත්‍ර වූ ප්‍රදේශවල ජනතාව විශාල ලෙස උන්හිටිතැන් නොමැති තත්වයකට පත් වෙලා. මේ අවතැන්වූවන්ගේ ගැටලූව ඔබ තේරුම් ගන්නේ කොහොමද? මෙය පශ්චාත් යුද ගැටලූවක් නෙමෙයිද?

මේ ප්‍රශ්නය ඔබේ පළමු ප්‍රශ්නයට සම්බන්ධයි. පළමුව කියන්න ඕනේ මේක සිවිල් යුද්ධයක්. එහෙම නැතුව රටවල් දෙකක් අතර ඇතිවුණු යුද්ධයක් නෙවෙයි. සාමාන්‍යයෙන් මේ වගේ යුද්ධ ජයග්‍රහණය කළා කියලාවත් කියන්නේ නෑ. ජයග්‍රහණය කරනවා කියන්නේ රටවල් අතර යුද්ධ. මේක සලකා තියෙන්නේ සිංහල ජාතිය විසින් දෙමළ ජාතිය පරාජය කළ විදිහටයි. දැන් ඔබ අහන දෙමළ මිනිසුන්ට මොකද වුණේ කියන ඔය ප්‍රශ්නය, භයානක ප්‍රශ්නයක්, මොකද එහෙම දෙයක් වුණේ නෑ කියලා තමයි දකුණේ හැමෝම කියන්නේ සහ හිතන්නේ. අපි හොඳට ම දන්න දෙයක් තමයි දෙමළ මිනිසාගේ පවුල, ගෙදර දොර, හරකබාන කිසි දෙයක් නෑනේ, දැන් අපට වුවමනා කරලා තියෙන්නේ, එහෙම දෙයක් වුණෑ නෑ වගේ ඒ සියල්ල අමතක කරලා අපේ ජොලියේ අපි ඉන්න එකනේ. මොකද ලිබලර් ධනවාදයට පාදඩ විදියටම සෙට් වෙච්ච සිංහල සමාජයක් තමයි දකුණේ තියෙන්නේ. අඩුම තරමේ කවුරුත් මේ පාදඩ සමාජයට ගලක්වත් ගහන්නේ නෑ. එච්චරට මේකට හැමෝම සෙට් වෙලා ඉන්නේ. ඉතින් මේ මිනස්සුන්ට අනුන්ගේ වද වේදනා අනන්මනන් ඕනෙ නෑනේ. ඒ නිසා ඔබේ ප්‍රශ්නය දෘශ්‍යමාන නෑ. අදෘශ්‍යමානයි. යට ගහල තියෙන්නේ. නමුත් ඇත්ත ගැටලූවක් තියෙනවා. ඊළඟට ඔබ මතු කරන දෙමළ ජනතාව යළි නගා සිටුවීම ඒ අයගේ ආර්ථීකය ගොඩනැගීම ආදී ගැටලූත් විසඳිය නොහැකි ගැටලූ විදිහටයි. මම අඳුනා ගන්නේ. මේ ආණ්ඩුවට මේ අයව නැවත පදිංචි කරන්න බෑ. එකම දෙයයි කරන්න පුළුවන්, බැරැක්කයක් හදන්න පුළුවන්. උතුරේ සමාජය වටේ තාප්පයක් ගහලා අර පලස්තීනයන්ගේ කිබිට්සු වගේ වෙන් කරපු පළාතක් හදන්න පුළුවන්. පූර්ණ ආමි ගැරිසන් එකක් ඒ කියන්නේ ඉදිරියේ දී දෙමළ සමාජය කියලා අපිට දකින්න වෙන්නේ හමුදා පාලනයට යටත් කරපු සිවිල් නොවන බැරැක්ක සමාජයක්. එහෙම නැතිව ඒ පළාත්වල සැබෑ සිවිල් පරිපාලනය හඳන්න මේ ආණ්ඩුවට බෑ. ඒ කියන්නේ මේ ගැටලූව විසඳන්න බෑ කියන එක නෙවෙයි. අනෙක් කාරණාව මේ ජනතාවට අවශ්‍ය කෑම බීම යටිතල පහසුකම් ආදිය පිළිබඳව ගැටලූවට, මේකට කෝටි ගණනක් මුදල් අවශ්‍යයි. මම දන්න විදිහට ආණ්ඩුවට ඒ ටික ලැඛෙන්නේ නෑ. ඒ නිසා මේ දෙමළ ජනතාවගේ ප්‍රශ්නය යනු අපේ රටේ නොවිසඳුණු ප්‍රශ්න අතරට එකතු වෙන තවත් එක් බරපතළ ප්‍රශ්නයක් ලෙසයි හඳුනා ගන්න වෙන්නෙ.

ඔබ නියෝජන කරන “පෙරදිග සුළං” සංවිධානය ජාතික ගැටලූවට විසඳුම ලෙස වරෙක මතු කළේ දෙමළ ප්‍රජාව සමඟ බලය ඛෙදා ගැනීම පිළිබඳව සාකච්ඡා කළ යුතු බවත්, එහි දී එකඟතාවකට පැමිණෙන්නේ නම් එය ජනමත විචාරණයකට ලක් කළ යුතු බචත් සහ එසේ නොවන්නේ නම් නැවත යුද්ධ කළ යුතු බවත් අවසානයේ ජාත්‍යන්තර මැදිහත්වීමකින් ප්‍රශ්නය විසඳනු ඇති බවයි. ඒ අනුව දැන් යුද්ධ කර එක් පාර්ශ්වයක් තාවකාලිකව හෝ ජයගෙන තිඛෙනවා. එහෙනම් දැන් ජාතික ගැටලූව අවසන්ද? නැතිනම් එහි නව ස්වභාවය කවරාකාරද?

අතිශය වැදගත් ප්‍රශ්නයක්, මම කියන්නේ මේ යුද්ධයේ එක් අදියරක් අවසන් කරමින් ප්‍රභාකරන් එක දෙයක් කළා. ඒ තමයි මේ ප්‍රශ්නයට විසඳුම ලබා දීමේ කේන්ද්‍රය කොළඹ ආණ්ඩුවෙන් වෙන තැනකට මාරු කිරීම, දැන් ඒ කේන්ද්‍රය තියෙන්නේ වොෂින්ටන්වලයි, නවදිල්ලියෙයි, බීජිංවලයි. ඒ කියන්නේ දැන් මේ ප්‍රශ්නය විසඳන්න අනිවාර්යයෙන් තුන්වැනි පාර්ශ්වයක් අවශ්‍යයි. මේක දැන් මේ ආණ්ඩුවට විසඳන්න බෑ. කෙටියෙන් කිව්වොත් මගේ උත්තරය තමයි සිවිල් යුද්ධය මාරුවෙලා තියෙනවා විදේශයකට. ඒ කියන්නේ ජාතික ගැටලූව අවසන් නෑ. ඒක නව ආකාරයකට මාරු වෙලා තියෙනවා.

ලංකාවේ ජාතික ගැටලූව සමඟ විදේශීය සබඳතාවයන් හැමදාම පැවැතියා. ඔබ පවසන පරිදි ලංකාවේ මේ නව තත්ත්වයන් සමඟ ජාත්‍යන්තර දේශපාලනයේ හැසිරීම නමැති සාධකයක විග්‍රහ කළොත්?

ඔබ අහන ප්‍රශ්නයේ වැදගත්කම තමයි, සිංහල හෝ ඉංග්‍රීසි කිසිදු මාධ්‍යයක මේ සාධකය කතා කරන්නේ නැති එක හා ඒ අය මේ ගැන දන්නේ නැති එක. ඒ වගේම සිංහල මහජනයාගෙන් අති බහුතරයක් දෙනා මේ ගැන සොයා බලන්නෙත් නෑ. ඒ කියන්නේෙ ම්ක අදෘශ්‍යමානයි. හැබැයි මේ අදෘශ්‍යමාන යථාර්ථයෙන් තමයි ලංකාවේ අනාගතය තීන්දු වෙන්නේ.

මේ යුද්ධය සමඟ මුල ඉඳලා ම ඉන්දියාවේ සම්බන්ධයක් තිබුණා. අවසන් වෙලාවේ චීනය මැදිහත් වුණා. චීනය විශාල වශයෙන් ලංකා ආණ්ඩුවට ආයුධ ලබා දීලා මේ ප්‍රශ්නයට සම්බන්ධ වුණේ වෙන මොකකටවත් නෙවෙයි. හම්බන්තොට වරාය හරහා ඒ ගොල්ලන්ගේ අමුද්‍රව්‍ය හා තෙල් ගෙන යාම සඳහා පහසුකම් සපයා ගැනීමට. මේ ව්‍යාපෘතිය හඳුන්වලා තියෙන්නේ “මුතු ඇට අමුණන තංගුස” කියලා. එතකොට මේකට වරායවල් හත අටක් සම්බන්ධයි. පාකිස්තානයේ, බංග්ලාදේශයේ, ලංකාවේ, තායිලන්තයේ වියට්නාමයේ ආදී ලෙස රටවල් ගණනාවක වරායවල් මේකට සම්බන්ධයි. මේ මාර්ගය හරහා ඉතා ම ලාභදායී විදිහට අප්‍රිකාවෙන් අමුද්‍රව්‍යයත් මැදිපෙරදිගින් තෙලූත් චීනයට ලබා ගැනීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරනවා. පාකිස්ථානයේ හදන අලූත් වරාය නිසා ඉන්දියාවට බැරි වෙනවා කරච්චි හරහා චීන ගමන් මග බ්ලොක් කරන්න. චීනය මේ හරහා උත්සාහ කරන්නේ 2050 තමන් ලෝක බලතවතුන් වීමේ ව්‍යාපෘතිය නිසා තමන්ගේ වපසරියට මේ සියලූ ම රටවල් ඇතුළත් කරගන්න. එතකොට ඒගොල්ලෝ මේ යුද්දෙට මැදිහත් වුණේ ඒ නිසා, එහෙම නැතිව මහින්ද රාජපක‍ෂයට ආදරේ නිසා හරි, ලංකාව ඉන්දියන් සාගරේ මුතු ඇටේ හරි හින්දා නෙවෙයි.

හැබැයි දැන් මේ චීන මැදිහත් වීම ඇමෙරිකාවටත්, ඉන්දියාවටත් දැනිලා තියෙනවා. ඒ නිසා දැන් ඇමෙරිකාවටත්, ඉන්දියාවටත් අවශ්‍ය වෙලා තියෙනවා එක්තරා ආකාරයකට ලංකාව කන්ට්‍රෝල් කරන්න. මෙතැනිදි බටහිර සහ ඇමෙරිකාව උත්සාහ කරන්නේ ආධාර සහ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා හරහි ලංකාව හිර කරන්නේ. ඉන්දියාව ඒකට විරුද්ධයි. ඉන්දියාව කියන්නේ එහෙම වුණොත් ලංකාවක් බුරුමය වගේ වෙයි කියලා. ඒ නිසා ඒගොල්ලො උත්සාහ කරන්නේ ආධාර ආදිය දීලා, ටිතල පහසුකම් හදලා, ඡන්ද තියලා, යම් විදිහක ෆෙඩරල් විසඳුමක් ඇති කරන්න. මීට වඩා විවෘත සමාජයක් හදන්න, දැන් ඒ ප්‍රෙෂර් එක නිසානේ අපේ රජතුමා බුරුමේ පැත්තේ යන්නේ. ඉතින් ඒ නිසා මම මේ කෙටියෙන් කිව්වේ මේ දිනවල සිට ඉදිරි කාලය දක්වා තිරය යට ක්‍රියාත්මක වෙන ජාත්‍යන්තර දේශපාලන හැසිරීම ගැනයි. මේ යථාර්ථය තමයි ලංකාවේ අනාගතය තීරණය කරන්නේ.

ඔබ සඳහන් කළා යුද්ධයේ එක් අදිරයක් අවසන් කරමින් ප්‍රභාකරන් විසඳුමේ කේන්ද්‍රය වෙනස් කළ බව. එහෙම නම් එල්ටීටීඊයේ මීළඟ ප්‍රවේශය කවරාකාරද?

මම හිතන්නේ දෙමළ ජනතාවගේ දෙවන අදියර ආරම්භ වෙන්නේ ජාත්‍යන්තර තලයේ ඔබ අහල ඇති කොසොවෝ අරගලය. එය වසර 700ක් තරම් පැරණි එකක්. මම කියන්නේ එච්චර කාලයක් යන්නෑ. ඉදිරි වසර විස්ස අපිට ඉතාම තීරණාත්මකයි. මම කියන්නේ වට කරලා ඉඩම්කඩම් ඛෙදා හැරීමක් නෙමෙයි. ඛෙදුම්වාදයට මම එදත් විරුද්ධයි, අදත් විරුද්ධයි. ඛෙදුණොත් අපිටත් පලස්්තීනය වගේ නරකම තත්වයකටයි මුහුණ දෙන්න වෙන්නෙ. ඒ නිසා ඛෙදුම්වාදය නෙවෙයි, අපි දෙමළ ප්‍රජාව සමඟ දේශපාලන බලය ඛෙදාගැනීමේ ව්‍යාපෘතියකට යා යුතුයි අද වෙලා තියෙන විපර්යාසය තමයි. ඉදිරියේදී එවැනි බලය ඛෙදා ගැනීමේ ව්‍යාපෘතියක දී තෙවන පාර්ශ්වයක් මැදිහත් වෙන්න ඉඩකඩ හැදිලා තියෙන එක.

ඒ කියන්නේ මේ පාර අපිට ගැලවෙන්නෙ බෑ. ගේම් ගහන්න බෑ. හැමදාම සිංහල පාලකයෝ කළේ සිංහල ඡන්ද ගැනීම සඳහා දෙමළව පාවාදීමනේ. ඒ කියන්නේ රටේ ප්‍රශ්න කොච්චර තිබුණත් දෙමළව පෙන්නනවා මේ යකා තමයි අපිව විනාශ කරන්නෙ කියලා. ඒ නිසා ඌව විනාශ කරන්න අපිට ඡන්දෙ දෙන්න. මින් ඉදිරියට ඒකට ඉඩ ලැඛෙන්නේ නෑ.

ඒ නිසා මට හිතෙන්නේ ඉදිරියේ දී එවැනි බලය ඛෙදා ගැනීමේ කතිකාවක්. යම් ආකාරයකට නැවත අර්බුදකාරී තත්ත්වයක් නිර්මාණය කරනවා. මොකද මේ ආණ්ඩුව ආපු ජාතිවාදයේ දුර අනුව එහෙම ව්‍යාපෘතියකට යන්න දකුණේ ඉඩක් ලැඛෙන්නේ නෑ. ආණ්ඩුවේ පාර්ශ්වකරුවෝ කැමැති නෑ කිසිම ආකාරයක බලය ඛෙදා ගැනීමේ ව්‍යාපෘතියකට, ඒ නිසා දෙවැනි පාරත් මේක අසාර්ථක වෙනවා. ඒත් ඒ අසාර්ථක වෙන්නේ ප්‍රශ්නය විසඳීම සඳහා තෙවන පාර්ශ්වයකට ඉඩ විවර කර දීමෙනුයි.

දෘශ්‍යමානයේ නැති වුණත් දැන් සිංහල මිනිහයි, දෙමළ මිනිහයි වෙන් වෙලා ඉවරයි. ඒක ප්‍රභාකරන් කළේ. අර මහා විනාශය ඇතුළේ එයා ඒක කළා. දැන් අපිට සුන්දර සිහින දකින්න පුළුවන්. සින්දු කියන්න පුළුවන්. ඒත් දැන් අපි දෙගොල්ලන්ට එකට ඉන්න බෑ. ඒක තමා කටුක ඇත්ත.

ඒ වගේ ම ප්‍රභාකරන් තව ගොඩක් දේවල් නැති කළා. එකක් තමයි බුද්ධාගම නැති කළා. ඒ තමයි බුද්ධාගමට තිබුණා ලොකු කීර්තියක් ලෝකෙ. මේ ආගම වෛරය ප්‍රතික්ෂේප කරන, මානව දයාව පිළිගත්ත, මිනිස්සු මැරුණම රතිඤ්ඤා පත්තු කරලා කිිරිබත් කන්නෙ නැති. ශ්‍රෙAෂ්ඨ මානව හිතවාදී බවක්. බුදුන් වහන්සේව සැලකුවේ එහෙම ශ්‍රෙAෂ්්‍ය නායකයෙක් ලෙස. ඒ නිසා ම තමයි මේ දහම හදාරන්න විදේශයන්වලින් මිනිස්සු මෙරටට ආවේ. නමුත් ඔවුන් දැන් දන්නවා ම්ලේච්ඡයෝ දැන් ඉන්නෙ මෙහෙ කියලා.

ඊළඟට කලාකාරයෝ, මාද්‍යවේදියෝ කියලා කියන්නේ මාර හදවතක් තියෙන මේ වගේ ගැටලූවක දී එක පාර්ශ්වයක් විතරක් ගන්නැති පොදු මනුෂ්‍යයාට සිදු වූ අතරවයන් ගැන කතා කරන කට්ටියක් කියලා අදහසක් තිබුණා නම් ඒකත් නැති කළා. මේ අයත් ම්ලේච්ඡයෝ කියලා ලෝකයටම හෙළි වුණා. ඊළඟට සුදු ජාතිකයෝ අපට ඉතිරි කරලා ගිය ප්‍රජාතන්ත්‍රවාදී රාමුව, මේකත් දෙදරලා ගියා. එක්තරා ආකාරයකට දැන් අපි ඉන්නේ ෆැසිස්ට් ආකෘතියක. ඒ කියන්නේ අපි මේ යුද්ධෙ ඉවර කරන ගමන් අපේ ප්‍රජාතාන්ත්‍රික අයිතීනුත් ඉවර කරගෙන තියෙනවා. සිංහල මිනිහා තුළ තිබුණු ආගන්තුක සත්කාර ගුණය, අනෙකාට ගරු කිරීම ආදී ආචාරධර්ම පද්ධතියට සිංහල බෞද්ධ හැඟවුම් පද්ධතියම විනාශ වෙලා තියෙනවා. අපි නිරුවත් ලෙස ම්ලේච්ඡ වානරයෙක් බව ලෝකෙට හැඟවිලා තියෙනවා. 89 මේක ආවේ මිනී කන්නන්ගේ දේශය කියලා. දැන් එන්නේ අතිශය ම්ලේච්ඡ තත්ත්වයක් ලෙසයි. විදේශවල ඉන්න සිංහල අය මං මේ කියන දෙයත් එක්ක එකඟ වෙනවා ඇති. ඒකයි මං කියන්නේ අනාගතයේ දී දේශපාලන සංගායනාවක් තියලා අපේ වැරදි මෙනවාද, ඒ අයගේ වැරදි මොනවාද කියලා කතා බහ කරලා මේ ප්‍රශ්නය අපි මානුෂීයව විසඳගන්නේ නැත්නම් ඩාෆූර් වගේ තත්ත්වයක් ඇති වීම අනිවාර්යයි. අපි අද හිතනවා ප්‍රභාකරන්ගේ ඛෙදුම්වාදයෙන් අපි බේරුණා කියලා. නමුත් අද උතුරු නැගෙනහිර ඉන්දියාවටත්, දකුණ චීනයටත් යටත්වෙලා තියෙනවා. මේක තමයි කටුක ඇත්ත, කවුරුත් කතා නොකරන ඇත්ත.

ප්‍රභාකරන් ඉවර කරපු අනිත් එක තමයි ශ්‍රී ලංකා නිදහස් පක‍ෂය. ඒකත් ඉවර කළා. මතක තියා ගන්න මහින්ද රාජපක‍ෂගෙන් පස්සෙ ශ්‍රී ලංකා එකත් නෑ. මගේ අදහසට අනුව ඊළඟට විපක‍ෂය බවට පත්වන්නේ ජවිපෙ මොකද නුදුරේදීම මේ ආණ්ඩුව බිඳ වැටුණයින් පස්සේ ආයේ ශ්‍රී ලංකා එකක් කියලා දෙයක් ඉතිරි වෙන්නෙ නෑ. ඒක රාජපක‍ෂ චප්ප කරලා, අඩුම කුඩුම ඔක්කොමත් එක්ක වෙඩි ඛෙහෙත් දාලා පුපුරවලා තියෙන්නේ. ඒකට ආයෙ කිසි ම සමාජ පදනමක් නෑ. සුළු ජාතීන් මේක දිහා පැත්ත හැරිලා බලන්නෙ නෑ.

ඔබ කියනවා ඛෙදුම්වාදයට විරුද්ධ බවත්, ඒත් දෙමළ ප්‍රජාව සමඟ දේශපාලන බලය ඛෙදා ගත යුතු බවත්, මේ සඳහා වන ක්‍රමවේදය කුමක්ද? මේක ආණ්ඩුව යෝජනා කරන බලය ඛෙදාහැරීමේ යෝජනාවලියෙන් එය වෙනස් වන්නේ කෙලෙසද?

නෑ. මම කියන්නේ ඔය කියන, බලය ඛෙදීමේ සර්වපාක‍ෂික යෝජනා ගැන නෙමේ. මේකට තියෙන ක්‍රමවේදය ගැන මම කියනකොට ගොඩක් අය හිනාවෙනවා. නමුත් මෙයයි ක්‍රමවේදය, දෙමළ ප්‍රජාව ඉල්ලන දේ සහ අපිට දිය හැකි දේ පිළිබඳව මුලින් ම පත්‍රිකාවක් සකස් කරගත යුතුයි. ඒකට තිස්ස විතාරණලා හරියන්නේ නෑ. ඊට පස්සෙ ප්‍රධාන පක‍ෂ දෙක මේකට එකඟ විය යුතුයි. මොකද මේකට හැමෝම එකඟ කරගන්න බෑ. ජවිපෙ කොහොමත් එකඟ වෙන්නෑ. ඉන් පස්සේ මෙම පත්‍රිකාව ජනමත විචාරණයට ලක් කළ යුතුයි. මෙතැනදී පක‍ෂ අයටත්, විපක‍ෂ අයටත් සාධාරණ විදිහට අදහස් ඉදිරිපත් කිරීමේ අවකාශයක් තිබිය යුතුයි. මොකද මම එහෙම කියන්නේ සාමාන්‍යයෙන් ලංකාවේ ජනමාද්‍ය ජාතිවාදීයි. නිකන් ජාතිවාදීන් නෙමේ නට නට ඉන්න ජාතිවාදීන් දේශපාලකයෝත් එහෙමයි. අනෙක් එක ලංකාවේ ජාතිවාදියෝ ජාතිවාදී වීමට අමතරව අම්බගේම්කාරයෝ. මම දන්නවා ඔය ජවිපෙන් ඉවත් වෙලා ගිය ප්‍රධාන දේශපාලකයෙකුගෙ බිරිඳක් ලොකු ලොකු කඩවලට සල්ලි පොලියට දෙනවා.

ආයෙමත් අර ප්‍රශ්නයට ආවොත්. සාධාරණ ජනමත විචාරණයකට ගිහිල්ලා, එහි ප්‍රතිඵලය බලලා තමයි අපිට ඉස්සහරට යන්න වෙන්නෙ. මට ඕන නම් ඒකෙ ප්‍රතිඵලයත් කියන්න පුළුවන්. ඒක නම් බහුතරයක් සිංහලයෝ මේකට විරුද්ධ වෙනවා. දෙමළ ප්‍රජාව පක‍ෂ වෙනවා. ඊට පස්සේ මොකද වෙන්නේ, පිටින් මැදිහත් වෙලා බලහත්කාරයෙන් කරනවා. මොකද අපේ රටේ බොහෝ විපර්යාස කරලා තියෙන්නේ ඇතළෙන් නෙවෙයි, එළියෙන්.

ඔබ දකින විදියට මෙම ගැටලූවට විසඳුම ඒකද?

නෑ.. මම දකින විදිහ නෙමෙයි, සිද්ධ වීමට නියමිත දේ මම කිව්වේ. මොකද ලෝකයේ විවිධ බල ව්‍යාපෘතිවල දී දේවල් සිදුවෙන්නේ කැමැත්තෙන් ම නෙමේ.

බලහත්කාරයත් තියෙනවා. ඒක මේ දේශපාලනයේ හැටි, නැතුව මගේ හැටි නෙමේ. මොකද දැන් ප්‍රශ්නෙ විසඳන්නේ ඔයයි - මමයි නෙමෙයි. ඒක කරන්නේ මහින්ද රාජපක‍ෂයි. රනිල් වික්‍රමසිංහයි, සෝනියා ගාන්ධියි, චීන කොමියුනිස්ට් පක‍ෂයයි, ඇමෙරිකාවේ ඔබාමායි, අපි ප්‍රශ්න විසඳනවා නම් ඒක මිට වඩා ගොඩක් වෙනස් වේවි.

ඔබ විග්‍රහ කළ විසඳුමකින් පස්සේ දකුණේ සමාජය ධනවාදයේ පාදඩකරණයට ලක් වුණා වගේ උතුරේ සමාජයටත් එහෙම වෙන්නෙ නැද්ද?

නෑ. අපිට එහෙම හිතන්න බෑ. මොකද දෙමළ සමාජයේ ජන විඥානය මෙහෙට වඩා ගොඩක් වෙනස්. බලන්නකෝ කවුද මේ දවස්වල ඔය විදිහට යුද්ධ කරන්නේ, මැරෙන්නේ, ඒ නිසා මම හිතන්නේ නැ ඔවුන් මෙහෙ තරම් පාදඩ විදිහට ධනවාදයට සෙට් වෙයි කියලා. මොකද එවැනි තත්ත්වයක් තුළ තියෙන මැතිවරණයකදී දැන් ඔය උඩින් ඉන්න ඩග්ලස් දේවානන්දලා වගේ කට්ටිය නිකම්ම විසි වෙනවා. මම හිතන්නේ එල්ටීටීඊය ඊළඟ ප්‍රවේශය ලෙස මැතිවරණවලින් එහෙ බලය අල්ලනවා. ඔවුන්ට ඒ භූමිය වගේ ම සංස්කෘතිය විනාශ වෙන්න ඉඩ දෙන එකක් නෑ. මොකද සාමාන්‍ය ලෝකෙ ඉතිහාසය දෙස බැලූවත් මෙවැනි ජාතික විමුක්ති අරගලයික්න පසු බලයට එන පාලනයන්වල ස්වභාවයත් ඒකමයි. ඒ නිසා එල්ටීටීඊය ඒක රකියි කියලා මට හිතෙනවා.

මෙම යුද ජයග්‍රහණත් එක්ක ආණ්ඩුව උත්සාහ කරනවා මැතිවරණ සියල්ල පවත්වා තමන්ගේ බලය තහවුරු කර ගැනීමේ ව්‍යාපෘතියකට යන්න. එය අපේක‍ෂා කරන පරිදි ඉටුකර ගත හැකි වෙයි ද?

කොහොමත් බෑ. මොකද මේකනේ. මේ වගේ අයව නිර්මාණය කරපු අයම මේගොල්ලන්ව ගෙවල්වලට යවනවා. මේ පවුල් බළහවුල ඇතුළේ දැනටත් එක එකා කා කොටා ගන්නවා. ඉතින් මට හිතන්නේ ඊළඟ ඡන්දෙ දී ප්‍රතිඵල බලා ගන්න පුළුවන් වෙයි. හැබැයි සමහරු ගණන් හදන් ඉන්නවා මේක තව අවුරුදු 70ක්වත් විතර ඉස්සහරට යයි කියලා. මම කියන්නේ ඒක ෆැන්ටසියක්. මොකද මේ ආණ්ඩුව වටේ මධ්‍යම පාන්තික සෙට් එකක් ඉන්නවා. කොළඹ ගෙවල් හදාගෙන පවුල් තර කර ගෙන ළමයි ඇමෙරිකා යවලා උගන්වලා ස්ථාවරත්වයක් හදාගන්න ඕන කියලා හිතන් ඉන්නෙ. ඒ අය හදාගන්නවා ෆැන්ටසියක් අපෝ තව අවුරුදු 70ක්වත් මේක තියෙනවා කියලා.

ඒ අය ෆැන්ටසි හදාගත්තා කියමුකෝ. නමුත් මේගොල්ලෝ පවුල ගොඩනගනකම් මෛත්‍රීපාල, නිමල් සිරිපාල නිකන් ඉඳියිද? අනිත් එක යුද්දෙ දිනලා කියලා කට්ටිය හිතන නිසා දැන් වෙන වෙන අභ්‍යන්තර ගැටුම් නිර්මාණය වෙනවා. මොකද විමල් වීරවංශලා වගේ කට්ටියත් ඒක ඇතුළේ ඉන්නවානේ. ඉතින් මම කියන්නේ වැඩිකල් නෑ. ඊළඟ ඡන්දයේදීම බලයේ යම් වෙනසක් වෙයි.

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|

ඇයට -බන්දුල සේනාරත්න

Posted by ඩෝසන් 6.20.2009

ඇයට

ගලා යන්න දිය දහරක් විලස
ජීවිතය පුරා ...
වනු මැනව සිසිලසක්
ගිම්හාන සමයේදී ...
සොයුරියක සේ වන්න නිබඳ
මා ලග සිටින
මවක සේ සෙනෙහසින්
හොඳ නරක කියා දෙන

ලද බොලඳ පෙම්වතිය
නොම වන්න ලගින් හිඳ
චාටු බස් නොදොඩන්න
සත්‍යබව බිඳ දමන
ජීවිතේ කටුක බව
ජීවිතෙන් දැනෙන කළ
සෙවනැල්ල වන්න ඔබ
ආත්මය ළග හිඳින ...

බන්දුල සේනාරත්න

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|

ගිම්හාන කඳුළ - ගැමුණු පී.දසනායක

Posted by Thushari Priyangika - තුෂාරි ප්‍රියංගිකා 6.19.2009

ගිම්හාන කඳුළ

බැණ අඬ ගසමින් වසන්ත උයනට
හම රැළි වී කෘශ වූ ගිම්හානය
පිපාසයට දිය පොදක් පතා ගෙන
හැරමිටි සරණින් ගාටයි උයනට

අඹ දඹ රඹ ඈ ලඹ දෙන උයනේ
නිල්ලෙන් ගිනි ගත් නෙතෙ යළි පිරුණේ
දොර ඇරපන් බං මගෙ රන් පුතුනේ
එනමුදු ගල් හද දොර නැත ඇරුණේ

අනේ කාලේ කියා තුරු අත් කම්මුලෙ තැබුවේ
බලා වටපිට නමා අත්තක් ඇයට පිරිනැමුවේ
ගම් ද නොගනිම්දෝ සීත කඳුළක් නෙතට ඉනුවේ
සත්මහල් යෝධයා ඇය දෙස පිළිකුලින් බැලුවේ


ගැමුණු පී.දසනායක

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|


හුටං කවි

ගෙම්බං ලිංවලය
ලිං වල ගොම්බං ය
ඇච්චං කිච්චංය සූකිරි පුංචංය
අංකිංචංච කිං කොං ගොං බානංච
යූ එං පිංපිංට දෙයියං සරණංච

ගෝටාභයං මහා වීරං
ඇමරිදීපං ඉධාගතා
රනිලං විනාස බාවං
බැසිලං නිවං ගොයිං

මහින්දං ආයු රක්ඛං
සහේ්ලිං ඒහී තාරකං
මර්විනං ටං ටං හුටං
කල්යානං පද ලාංචනං

ඩෝං පුතා

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|
|



බොහෝම ඉස්සර දවසක
මං කවියක් ලිව්වා
මගෙ ආදරවන්තයට
මං ආදරෙයි කියල

නුඹේ ඔය සරාගී නෙතු නිසා
මගේ හද නුරාගී ඇවිළුණා
ලැබේ ඔබ කියා මා නොසිතුවා
නොසිතුවා මුත් මෙමා පෙම් කළා

ඔව් ඔයත් මට ආදරේ කළා
මුළු ලෝකෙම ඇස් වලට හොරෙන්
ඇයිගගග ඇයි මෙහෙම වුනේ
ඇයි අපිට අසම්මතයි කිව්වෙ?

අසම්මත පෙම් කතා
අසම්මත හමුවීම්
අසම්මත ලෝකයක
අසම්මත ආදරේ

මට කියා දෙන්න
ආදරේ... අනුරාගයල ළංවීම
අසම්මත ලෝකයේ සම්මත
ගැහැණියෙකුට පිරිමියෙකුට විතරද?

මං හිතන විදියට
මං සඳුන්

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|

ඇත්තටම මිගාර දෙවියන්ගේ කොයිතරම් සුන්දර නිර්මාණයක් ද කියල මට හිතුනා මෙක කියවලා.
ඇත්ත තව අවුරුදු විස්සකින් මම පොතක් ලියන්න ගොඩක් ඉඩ තියෙනවා හැබැයි ඔය කියපු මාතෘකාව නොවෙයි.
"පුරුෂ ලිංගයක් ක්ලිටෝරිසයක් බවට රූපාන්තරණය වූ විට සිය අත්දැකීම වෛද්‍යවරයකු දරා ගත් ආකාරය" කියල මෙ ලිපි ආශ‍්‍රයෙන්, ජූඩිත් බට්ලර්ගෙන් පස්සේ ලියවෙන සාර්ථකම ලිංගික ප‍්‍රහේලිකා පොත ලියවෙයි.[Gender Trouble-Judith Butler]
මිගාර වගේම මමත් හොඳට විහිලු දන්නවා.

-ඩෝසන්-

රංග මිගාර වීරක්කොඩි සිංහල වෙදමහත්මයාගේ මේ ඩ්‍රයි ජෝක් එක දුටු සැණින් මට දැනුනේ දුකකි. දැන් සෑහෙන කාලයක පටන් ඔහු වෙද්දු නොවිඳින අනික් අය සේරොමල්ලා විඳින ගුප්ත ප්‍රමෝදය ගවේෂණය කරමින්, ෆොරුම් ගානේ සහ බ්ලොග් පිළිකනු ගානේ රස්තියාදු වෙයි. සිංහල බ්ලොග් අවකාශයේ ඉන්නා බොහෝ අහිංසකයෝ ඔහු සමග දැවැන්ත ලෙස සංවාද ගොඩ නගමින්, ඔහුට වයිර කරමින්, ඔහුට ප්‍රේම කරමින් තම තමන්ගේ වටිනා කාලය නාස්ති කර ගනිති. එයිනිදු වෙන්නේ වෙද මහතා තව තවත් අවුල් වීමය. එක්ස් අකුර පහල වූ මුල් කාලයේ කොළඹ සංවාද තුළ ද මෙබඳුම මරණීය හදිසියක් ඇති චැට් ඇන්ඩ් මියුසික් රෝගීන් හොන්ඩර ගනන් මතු වූ හැටි අපට මතකය.

ලෙඩෙකුට කරන සැලකිල්ලක් වශයෙන් මේ වියළි විහිළුවට සියළු දෙනා තම තමන්ගේ කිහිලි අවුස්සා හිනා විය යුතු යැයි යෝජනා කරමි.

බුදුසරණයි!

-කූඹියා-

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|


ප්‍රේමය නම්....

අඩුවක්
සිසිරයේ උනුසුම ලෙස
ග්‍රිෂ්මයේ සිසිලස ලෙස
සදා සැමදා
අඩුවක් නැතිව
දැනෙන
අඩුවක්...

අවකාශයක්
පුරවන්න පුරවන්න
හිස්වෙතැයි දැනෙන
හිස්වන තරමට
පුරවන්න හිතෙන
අනන්ත අපරිමිත
ප්‍රයිවට් බස්
අවකාශයක්...

අඳුර තුල එලිය වී
එලිය තුල අඳුර වී
ලද පසු
නොලද දෙය ලෙස
රෑපාන්තරනය වන
සැබැවින්ම
ප්‍රේමය නම්
"පිස්සුම හැදෙන සඳක්"

සුසන්ත ජානක


කෙටි විමසුමක්

අඩුවක් නැතිව

දැනෙන
අඩුවක්...

මෙික ගොඩක් දුරවබෝධ යෙදුමක්. මෙ වගේම යෙදුමි සුලබව දකින්නට ලැඛෙනව සමර විජේසිංහගේ කෙටිකතාවලත්. ඒක මෙවෙලේ මතක් වුනේ මෙ දවස්වල මම වැඩිපුරම කරන්නේ සමරගේ කෙටිකතා අධ්‍යයනය නිසා.

අනන්ත අපරිමිත
ප්‍රයිවට් බස්
අවකාශයක්...

මෙකත් හරිම අපූරු රූපකයක් අමුතුම තාලෙක හරියට එරික් ඉලයප්ආරච්ච්ගේ ආදරයේ සිමෙන්ති වගේම. පුද්ගලික බස් රථයක් ඇතුලේ අනන්ත අවකාෂයක් ඇතැයි කියල උත්ප්‍රාසාත්මකව කවියට නගද්දී මෙ පවතින ධනේෂ්වර ක්‍රමය තුල පවතින ඔනම ක්‍රමයකින් අසීමාන්තිකව ධනය උපයා ගොඩ යන්න පුළුවනිය කියන මිථ්‍යාවට ද අතුල් පහරක්.

ලද පසු
නොලද දෙය ලෙස
රෑපාන්තරනය වන
සැබැවින්ම

මෙය ද හරිම නැවුම් යෙදුමක්. ලද දෙය නොලද දෙය බවට රූපාන්තරණය වීම අපූරු පරිකල්පනයක්.

ලැබීමක් සහ නොලැබීමක් අතර ඇත්තේ ද්විකෝටික අගයකි. එය 1 හෝ 0 යන අගය දෙක අතර පමණක් එනමුත් ඒ අතර අගයක් නොගන්නා දෙයකි. ඔවු සහ නෑ අතර පැවතිය හැකි අතරමැදි අවස්ථාවක් තිබිය හැක්කේ සම්භාවිතාමය මාදිලියක පමණි. නොහොත් බූලියන් ශ්‍රීතයක් තුල පමණි. නොඑසේ නම් ෆසී ලොජික් සිස්ටමි එකක් තුලය. කෙසේ නමුත් ඇති අවස්ථාවක් නැති අවස්ථාවකට රූපාන්තරණය පරිකල්පන සීමාවෙන් ඔබ්ඛෙහි බව කියන්නට පමණක් මම මෙ අවස්ථාව කරගනිමි.

කදිම නිර්මාණයක්.

-ඩෝසන් ප‍්‍රීති

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|

MASA

අරගලය අවසන- සටන්කරු මියගිය සඳ
මිනිසෙකු පැමිණ ඔහු වෙත
හඬ ගා කීය මෙලෙසින:
"නොමැරෙනු මැනව- නොමැරෙනු මැනව
එතරම්ම ආදරෙයි මං නුඹට"
අහෝ එද, නොසෙල්විණි මළ සිරුර

ඉනික්බිති,
පැමිණ මිනිසුන් දෙදෙනෙක්
කීය නැවතත් මෙලෙසින:
"නැගී නිබයව එන්න ආපසු
හැර නොයනු මැන අපව"
අහෝ එද, නොසෙල්විණි මළ සිරුර

ඉනික්බිති,
පැමිණයහ මිනිසුන් විස්සක්
සියයක්, දහසක්
ලක්ෂයක්, පන් ලක්ෂයක්
විමසූහ එක හඬින්:
"පරදවනු බැරි වෙයිද මරණය
විසල් ආදරයකට මෙතරම්?"
අහෝ එද, නොසෙල්විණි මළ සිරුර

මිලියන ගණනක් මහ සෙනග
දසතින් පැමිණ හඬමින්
රැෙඳමින ඔහු සිරුර අස
මුර ගෑහ එක හඬින්
"හැර නොයනු සොයුර අප"
අහෝ එද, නොසෙල්විණි මළ සිරුර

අවසන,
මහ පොළොව මත වසන
සියළු මිනිස් වග පැමිණ
වටකළහ නිදන ඔහු සිරුර.

දුංඛිත මළ සිරුර සෙලවිණ!
දුටුයෙන් ඒ මිනිස් කැළ.
නැගිට සෙමෙන්- සිපගති පළමු මිනිසා
ඉන්පසු,
ඇවිද යන්නට විය!

CĖSAR VALLEJO
(1895-1939) (Peru)

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|

ගණිත පාඩම

Posted by Anjana Jayaweera
|
|

ඔබට මේ ඇස් වල ඇති ආයාචනය මග හැර යා හැකිද?


ගිනි අවි නිහඬ ය. දැන් එළඹ ඇත්තේ සහෝදරත්වයේ- ආදරයේ හඬ නැංවිය යුතු මොහොතයි. එක් වන්න අප සමග!

පොළොන්නරුව රෝහලෙන් ඉල්ලීමක්.

උතුරේ යුධ මුක්ත කලාපයේ සිට පැමිණ රෝහල්ගතව ප්‍රතිකාර ලබන සහෝදර ජනතාවට ඔවුන්ගේ මූලික අවශ්‍යතා සපුරාගැනීම පිණිස එම රෝහල් වලින් දන්වා එවන අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය සැපයීම සඳහා වූ ව්‍යාපෘතියකට බූන්දියේ අපි සහාය වෙමින් හිඳින්නෙමු. එම ව්‍යාපෘතිය මගින්, මේ දක්වා කන්තලේ සහ කුරුණෑගල රෝහල් වලින් දන්වා එවූ ද්‍රව්‍ය එකතු කොට භාර දී තිබේ.

මෙහි මීලඟ අදියරය පොළොන්නරුව මහ රෝහලෙන් දන්වා එවූ ද්‍රව්‍ය ලැයිස්තුව සම්පාදනය කොට රැගෙන ගොස් භාරදීමයි. එහි දැනට යුධ මුක්ත කලාපයෙන් පැමිණි රෝගීන් 1108ක් නේවාසිකව ප්‍රතිකාර ලබන අතර, පහත දැක්වෙන ද්‍රව්‍ය එම රෝගීන් සංඛ්‍යාවට ප්‍රමාණවත් පරිදි සැපයිය යුතුය.

General Hospital - Polonnaruwa - Need List - 1108 Patients

Sanitary Napkins
250g Pax Anchor Full Cream Milk Powder
250g Pax Tea
250g Pax Sugar
250g Pax Nestomalt
Biscuits – Horlicks/Marie
Assortment of toys/card packs/board games/Tamil novels
Crutches

Clothes Breakdown

Male & female underwear (S, M & L)
Bras (32, 34, 36 A,B,C, D)
Underskirts (free size)
Baniyans/vests (free size)
Sarongs
Short sleeved t-shirts and shirts (S, M & L)
Long/ ¾ Skirts (S, M & L)
Blouses (S, M & L)
House coats/kaftans/bed jackets (free size)
Shorts/3/4 shorts (S&M)
Sarees
Infant, baby and toddler clothes (unisex)
Children’s clothes – A-line dresses, t-shirts, skirts & blouses/skinnies (S&M)

ආධාර එකතු කිරීමේ මධ්‍යස්ථානය, 19 1/1. සිරිධම්ම මාවත, කොළඹ 10 හී පිහිටුවා ඇති අතර ඔබ සෘජුවම ද්‍ර්‍රව්‍යමය ආධාර පරිත්‍යාග කරන්නේ නම්, එම ආධාර එකී ලිපිනයට ගෙනවිත් භාර දිය හැක. එසේ පැමිණීමට පෙර 0712-799920 අංකයෙන් කණිෂ්ක අමතා විස්තර ලබා ගන්නා මෙන් ඉල්ලමු.

ඔබට ද්‍ර්‍රව්‍යමය ආධාර ගෙනවිත් භාර දීමට අපහසු නම්, ඔබේ මුදල් ආධාර අපට එවිය හැක. 071 2424709 අංකයට සංඛ අමතා මුදල් එවිය යුතු ගිණුම් අංක සහ විස්තර ලබා ගන්නා මෙන් මෙන් ඉල්ලමු. ඔබ එවන මුදල් වලින් ලැයිස්තුවට අදාල ද්‍රව්‍ය මිලයට ගෙන ආධාර එකතු කිරීමේ මධ්‍යස්ථානයට ලබා දෙන්නමු.

නෙක දුක් ගැහැට මැද යුද ගින්නෙන් දැවුණු මේ මිනිසුන් වෙනුවෙන් ඔබට කළ හැකි අවම උපකාරයක් හෝ වේ නම් කරුණාකර හැකි ඉක්මනින් අප අමතන්න.


සම්බන්ධීකරණය- 071 2424709 (සංඛ)
වි. තැපෑල- boondionline@gmail.com

මෙම පණිවිඩය දැනුම් දීම පිණිස අප නිමැවූ ප්‍රචාරණ පත්‍රිකාව - (මෙම ඉමේජ් එක ඔබේ මිතුරන්ට යැවීමෙන් අපට සහාය වන්න.)




මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|

The Postponed conflict

By the death of us you not afflict
And for you it’s just a post conflict.
What a simple juicy word
to clean your blood stained sword.

Tell me how can I share
with you any single tear
when I see blood of my kids
flowing from your mocking lips.

Our dreams were almost raped
by your snake breathings from past.
The present has been crushed and
Our future unborn, massacred in wombs
by your bulldozers ,Kfirs and bombs

You can dream to lay highways
through the bleeding empty terrains
you can plan to build hotels and malls
upon our ruins and burnt souls

Our sufferings were never
in your Visual range
But you forced us
to vaporize the memories
Of our unhealed wounds

In between the written lines
of post conflict
How many kids have been buried
without Post –Mortem or coffins.
How many women have been raped
Before the beloved eyes of alive and dead
Leave alone our grieves and graves
for us just us
as nothing to share


Ajith C. Herath 2009 May

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|

මේ රැය

නිවා පහන් සිළ
බලා හිඳිමි මම
ගණඳුර මැඬ ඔබ
එන තෙක් සොඳුරිය

අමාවකට වට
සිහිලැල් වැසි දිය
ගලා ඇදෙන හඬ
අසා සිටිමි මම
නුඹේ සිනාවක
උපත සොයමි මම

හිරිගඩු නංවන
මේ තෙත් මඳ නළ
තලා දමා ගත
ගලා හැලෙණ සඳ
උනුසුම ඔබ ළඟ
සොයා ඇදෙයි සිත

ජගත් ජේ එදිරිසිංහ
2008 අපේ‍්‍රල් 03


This night

i swift my breath to candle off;
awaiting for you my love for long
defying the darkness- daring the coldness
to see your face, loving your heart

during crescent moon’s so stale
vibrant rain fall in the darkness isle;
i am listening to the flow of rain

for the search of birth of your grins

frigidity of moist air around
makes my skin so frozen forever;
flows the coldness; flows the moist
beats my soul and body so hard,
heart is persuing endless passions
the passion of yours; the cave of mine.


Jagath J Edirisinghe
April 3rd 2008

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|

ජීවිතය මරු

බණ්ඩාරනායක මැරුවෙ
මම ඉපදෙන්න ඉස්සර...!
මරු සිරා මරද්දි
මම සෙල්ලම් කරනවා...!
මහගම සේකර මැරෙද්දි
මම පෙම් කරනවා...!
විජය කුමාරතුංග මරද්දි
මම හිර ගෙදර...?
මාර්ටින් වික‍්‍රමසිංහ මැරෙද්දි
මගෙ ඔලුවෙ තිබුණෙ විප්ලවය.
එදිරිවීර සරච්චන්ද්‍ර මැරෙද්දි
මම මුල්ලේරියාවෙ
විජේවීර මරද්දි මම තැබැරුමේ (වෙරි)
සයිමන් නවගත්තේගම මැරෙද්දි
මම
ගෙදර
ගේ හදනවා
පුතත් එක්ක...! දුකයි.
ඒත් ජීවිතය මරු


ජගත් මාරසිංහ

සිළුමිණ 2009-06-14

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|

අතර මං වීම

එසඳ අපි නැවතුනෙමු
කාලයද
බොහෝ මිනිසුන්ද
අප පසුකර යනු
නැත්නම්
කාලයද මිනිසුන්ද
නැවතී සිටින සඳ
අප පසුපසට යනු
බලා සිටියෙමු

කාලය සාපේක්ෂය
මිනිසුන් සේ ම

බොහෝ කාල කල්පයක් ගිය තැන
අප අවදිව බලන සඳ
මිනිස්සු අතරමං ව සිටියහ
කාල ප‍්‍රවාහය මැද
එසේ නොවේ නම්
අපි අතරමං ව සිටියෙමු
කාලය ද මිනිසුන් ද මැද

එසඳ
මට නුඹද
නුඹට මම ද
ආගන්තුකයෝ ම වූයෙමු

ජගත් ජේ එදිරිසිංහ
2007

Being Lost

then we ceased
time and
most of human
surpassed us
nor
time and human
being waiting; while
we were reversing;
being observed by us

time is’nt absolute; it’s relative
same as human so speculative

when time has elapsed enormous
we were waken and see around
human has lost in the mid
in the time tunnel
if it isn’t
we were lost
between time and human

then
to me, you
for you, me
were being aliens


Jagath J Edirisinghe
2007

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|











ගමේ චණ්ඩි ඉස්ටැන්ලි ද සිටියා ය!

(පළමු කොටස )

මගේ මතකයේ රැඳුනු නන්දා මාලිනී ගේ මුල්ම ගීතය ”රුක් අත්තන මල මුදුනේ බඹරු නටන හැන්දෑවේ” විය යුතු යැයි සිතමි. මා කුඩා කල අපේ වත්තේ කොනක රුක් අත්තන ගසක් තිබුනි. ඒ ලඟින් මා යන සෑම විටක මට නන්දා මාලිනී ගේ එම ගීතය ද, හරූන් ලන්ත‍්‍රා ගැයූ ”මගෙ නාමලී බැඳි ආදරේ” ගීතය ද, චීන සර්කස් ද, අනිවාර්්‍යයෙන් ම සිහිවිය. හරූන් ලන්ත‍්‍රා ගේ ගීතය මට සිහිවූයේ එම ගීතය අඩංගු ”ගොපළු හඬ” චිත‍්‍රපටයේ ප‍්‍රධාන චරිතය වූ නාමලී නයෙක් දෂ්ඨ කර මිය ගිය පසු රුක් අත්තන ලීයෙන් තැනූ මිනී පෙට්ටියක අවසන් ගමන ගෙන යද්දී, රුක් අත්තන ඔසු බලෙන් සර්ප විස නැසී, යලි සිහි ලැබී සිය පෙම්වතා හා එක් වීමට ඇයට අවකාශලැබූ අපූරු කතා පුවත එහි අඩංගු වූ බැවිණි. ඒ සමගම, චීන සර්කස් මට සිහිවූයේ, ”ගොපළු හඬ” චිත‍්‍රපටය බැලීමට අප පවුලේ සියළු දෙනාම ගියේ ඒ සමග තිරගත වූ චීන සර්කස් පිළිබඳ කෙටි චිත‍්‍රපටය නැරඹීමට අපට තිබූ අවශ්‍යතාවය නිසා වීමය. මෙය පවුලේ අප පස් දෙනා එකට නැරඹූ එකම චිත‍්‍රපටය ද වීම විශේෂයකි.

කෙසේ නමුත් මේ දිනවල අපේ පි‍්‍රයතම ගායිකාව වූයේ නන්දා මාලිනී ගෝකුල නොවේ. ඇන්ජලීන් ගුණතිලක ය. පි‍්‍රයතම ගායකයා ජෝතිපාල විය. නන්දා මාලිනී ලා, අමරදේව ලා අපේ ලෝකයට පිවිසුනේ අප ප‍්‍රබුද්ධයන් වීමට පටන් ගත් හැත්තෑවේ දශකයේ අවසාන දෙවසරක පමණ කාලයේ දී ය. මේ කාලය වන විට ”ශ‍්‍රවන ආරාධනා” වෙන් මිදුණු නන්දා මාලිනිය, සුනිල් ආරියරත්න ගේ පද රචනයෙන් යුතු වූ ”සුලං කපොල්ලේ” ආදී නව ආරක අදහස් ඇතුලත් ගී මෙන්ම සත්‍යයේ ගීතය ප‍්‍රසංගය වැනි ප‍්‍රගතිශීලි ගීත ද ගායනය කරන්නට පටන් ගෙන තිබිණ. ඇය ක‍්‍රම ක‍්‍රමයෙන් පරම්පරා කිහිපයකම පි‍්‍රයතම ගායිකාව බවට පත්විය.

කැසට් වාදන යන්ත‍්‍ර යනාදිය තවමත් අපේ වත්කම් සීමාවට ලංවී නොතිබුනි. පෞද්ගලික බස් ද බොහෝ විට වෑන් කබල් පමණක් විය. එසේ නමුදු හුදෙක් ගුවන් විදුලියේ ප‍්‍රචාරයෙන් පමණක් ඇය තම ගීත බහුතරයක් සිංහල රසික ජනතාව අතරය ගෙන යෑමට සමත් වූයේ, ඒ ගීත වල සොඳුරු පද මාලාවන් ගේ ද, මියුරු සංගීත සංයෝජනයේ ද නොමසුරු සහයෝගය ලබමින් බව සිතමි. පසු කලෙක මා පේරාදෙනිය සරසවියේ ඉගෙන ගනිද්දී ප‍්‍රථම වරට රූපවාහිනිය තුලින් ”තරු ද නිදන මහ ?” වැනි ගීත රස විදි අයුරු මට තවමත් සිහිවේ.

මා විශ්ව විද්‍යාලයේ මුල් වසරේ ඉගෙන ගනිමින් සිටි අවදියේ එක්තරා සති අන්තයක කලාගාරයේ පැවත්වුනු නන්දා මාලිනියගේ ගීත සම්බන්ධ සම්මන්ත‍්‍රණයක් මගේ මතකයට එයි. මෙහි දෙසුම් පැවත්වූවෝ පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ එවකට සේවය කළ කථිකාචාර්ය අත්තනායක හේරත් සහ ආචාර්ය මයිකල් ප‍්‍රනාන්දු දෙපල සහ දේශපාලන හේතු මත සරසවියෙන් නෙරපන ලදුව එවකට මුල්ගම්පොල ඉංගී‍්‍රසි පන්තියක් පවත්වමින් වාම දේශපාලන ව්‍යාපාරයක ද නිරත වුනු ආචාර්ය සුචරිත ගම්ලත් හු වූහ. සුචරිත ගම්ලත් එවකට විප්ලවවාදී කොමියුනිස්ට් සංගමයේ හෙවත් විකොසේ කි‍්‍රයාකාරීකයෙකුව මහනුවර ප‍්‍රදේශයේ කටයුතු කළේ ය. මයිකල් ප‍්‍රනාන්දු කොමියුනිස්ට් පක්‍ෂයේ දේශපාලන මණ්ඩල සභිකයෙකු වූ වා යැයි සිතමි. සිංහල අංශයේ සේවය කළ අත්තනායක හේරත් මා දන්නා තරමට ප‍්‍රසිද්ධ දේශපාලනයක යෙදුනේ නැත.

මෙදින පැවත්වුනු දේශන පිළිබඳව මගේ සිතේ රසවත් කරුණු කිහිපයක් තවමත් රැුඳී ඇත. අත්තනායක හේරත් තම දේශණයේ දී, නන්දා මාලිනිය ගේ ගායනට වඩා අවධානය යොමු කළේ ඇගේ ගීත වල ට මුසුවී තිබුනු සංගීතයටයි. ධර්මසිරි ගමගේ ලියා නන්දා මාලිනි ය ගැයූ, ”අම්මාවරුනේ” ගීතයේ සංගීත නිර්මාණයේ දී ජල තරංග යොදා ගෙන ඇති බවත්, එයින් ලොව සෑම ජීවියෙකුටම මුල් වූයේ, මව් වූයේ, ජලය ම ය යන සත්‍යය ඉස්මතු වෙන බවත් යනාදී අපට අළුත් ම අදහස් රැුසක් ඔහු ගේ දේශණයේ ගැබ් වී තිබුණි. සුචරිත ගම්ලත් ගේ දේශණයේ දී ඔහු කළේ නන්දා මාලිනි ය ගේ ගීත වල අරුත පිළිබදව නිර්දය වූ - එවකට දෙඤ්ඤං බැටේ යන සුරතල් නාමයෙන් ප‍්‍රසිද්ධ වී තිබුනු ආකාරයේ - විවේචනයක් කිරීමයි. ඔහු උදාහරණයට ගත් එක් ගීතයක් වූයේ ”නෙලා ගන්න බෑ මගේ අත දිග නෑ” යන ගීතයයි. මෙය ධනපති පැළැන්තියට උඩ ගෙඩි දෙන, ධනවාදී ක‍්‍රමය සාධාරධෑකරණය කරන ප‍්‍රතිගාමී, සමාජ විරෝධී අදහසක් බව ඔහු පැවසීය. ආර්ථික යේ ඵල සැමටම එකසේ අයත් විය යුතු බවත්, සමහරුන් ට ඒ සඳහා අත දිග නැත්තේ සමාජ ක‍්‍රමයේ වරදින් බවත්, සත්‍යය එසේ වෙද්දී නිර්ධන පන්තියට ඉච්ඡුා භංගත්වය ඇති කරවන මෙවැනි ගීත ලිවීම සමාජ විරෝධී වන බවත් ඔහු තර්ක කළේය. එය මා සිත් ගත් කතාවක් බව අමුතුවෙන් කිව යුතු නොවේ. මගේ මතකයේ හැටියට මෙයට යම් විරෝධතාවයක් මයිකල් ප‍්‍රනාන්දු ගෙන් එල්ල විනි. නමුත් ඔහුසුචරිත ගම්ලත් ව හැඳින්වූයේ ”සුචරිතරත්න” ගම්ලත් ලෙස නිසා එයින් හටගත් උත්ප‍්‍රාසය හැර වෙනත් යමක් ඉස්මතු නොවිනි.

ස්ටාලින්වාදී පක්‍ෂයක මයිකල් ප‍්‍රනාන්දු සහ ට්‍රොස්කිවාදී පක්‍ෂයක සුචරිත ගම්ලත් අතර දරුණු දේශපාලන වාද ඇතිවිය හැකි බවට සිතීමේ වරදක් නොවෙතත් එවැනි දෙයකට ඔවුන් යොමු නොවූහ. මා මීට පසු කලෙක දැනගත් පරිදි ට්‍රොස්කිවාදී විකොස ට ස්ටාලින්වාදී කොමියුනිස්ට් පක්‍ෂයට සමග කෙසේ වෙතත් බරපතල දේශපාලන ප‍්‍රශ්ණ තිබුනේ තවත් ට්‍රොස්කිවාදී පක්‍ෂයක් වූ නව සමසමාජ පක්‍ෂය සමගය. මෙකල නව සමසමාජ පක්‍ෂය වාසුදේව ගේ ප‍්‍රසිද්ධ නායකත්වයෙන් ද, වික‍්‍රමබාහු ගේ මතවාදී නායකත්වයෙන් ද පැවතුනි. ධනපති පක්‍ෂ හා සභාගයට යෑමට වාසු පක්‍ෂයෙන් ඉවත් වූයේ මීට දශකයකට පමණ පසු කලෙකය.

නන්දා මාලිනී සහ සුනිල් ආරියරත්න සුසංයෝගයෙන් බිහි වූ ගීත ඇතැම් විට ප‍්‍රතිගාමී බලවේගයන් ට උඩ ගෙඩි සැපයූ ඒවා විය. ඔවුන් දෙපල සම්මාදන් වූ ”තුන් හෙලේ කැලෑ තුල සිංහ පැටව්” ගීතය මෙන්ම ”කඩුවක් ඇවසි තැන කඩුවක් ගෙන නැගෙනු” ගීතය ද සිංහල ජාතිවාදී මැරයෝ පසු කලෙක රණ ගී ලෙස යොදාගත් බව නොරහසකි. කෙසේ වෙතත්, එවකට පැවති (අවාසනාවන්ත ලෙස අදත් එලෙසම පවතින) අදැහැමි රාජ්‍ය සමයේ තිරශ්චීන භාවය මගින් මතු කරන ලද කාලීන අවශ්‍යතාවය සැපිරීමේ සද්කාර්යයක් ලෙස, නන්දා මාලිනිය සහ සුනිල් ආරියරත්න දෙපල නිමැවූ සත්‍යයේ ගීතය ප‍්‍රසංගය රට තෙ-කොණේ එකසේ ජනපි‍්‍රය විය. පේරාදෙනියේ කී‍්‍රඩාගාර ශාලාවේ දී ඇයට සජීවී ව සවන් දීමට ද මෙකල අපට අවස්ථාව ලැබුනි. ඉන් නොනැවතුනු ඔව්හූ දිගින් දිගටම ප‍්‍රබුද්ධ ගීත නිර්මාණ කාර්යයේ යෙදුනාහ.
මතු සම්බන්ධයි.

(සන්නස - ජූනි 2008 කලාපයෙන්)

ර. චන්ද්‍රසූරිය විසිනි
ra.chandra.suriya@gmail.com

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|

කවියක් නොවන කවියක් - කාංචනා විජේසේන

Posted by Thushari Priyangika - තුෂාරි ප්‍රියංගිකා
|

පේ‍්‍රමණිය හැන්දෑවක් නොවේ
ඉටිපහන් මන්දාලෝකයේ
ගිනියම් මද්දහනෙන්
සීත පිඹින ගිිනි හුයක් යටට
පිටස්තරයෙකුගේ ඇස නොගැටී
පලා ආ අපූරුව

නින්නාද දී සරාගී සර
හඬ හඬා පවුරු මත ප‍්‍රකම්පිතව
මහා සන්ධ්වනිය අරඹා
සිතින් තොර කය
සන්තර්පණය කල අපූරුව

රාගී පරමාශ්වාදයට පසු
එළඹෙන පශ්චාත්තායට ඉඩ දී
නිද්‍රාවට වැටී හුන් සිත ඇහැරී
අවුල්ව ගිය
සයනය දෙස බලා හිඳ
”මුදුව අමතක නොකර පැළඳගන්න” යි
මතක් කර දුන් අපූරුව

රවිනාථ


රවිනාථ විසින් විරචිත ඉහත කවිය ගැන මගේ අදහස් දැක්වීමකි මේ.

ම‍ට මෙ නිර්මාණය ප‍්‍රථමයෙන්ම කියවන් යද්දී ඇගවුම් කළේ හංස විලක් සිනමා පටයේ තේමාවයි.
එම සිනමා පටයේ තැනින් තැනින් මතු වී මා මනසේ සිත්තම් වූ සිතුවම් කොලාජ් ක‍්‍රමයකට පිරිද්දී මට දැනුනේ මෙ කවිය එහි කිදී ගිය ලෙසකි.

හංස විලක් සිනමා පටයේ මුඛ්‍ය තේමාව එම සිනමාපට‍ය බිහිවන නොහොත් ධර්මසිරි බණ්ඩාරනායක අධ්‍යක්ෂණය කළ ඒ කාලවකවානුවේ නාගරික පවුල නමැති ඒකකය සමාජ පෙරලිය සමග මුහුණ දෙන අධ්‍යාත්මික බිද වැටීමේ එක්තරා මනෝමූලික කියවීමකි.
හංස විලක් සිනමා පටය ගැන මා මෑත යුගයේ හරවත් විචාරයක් කියවා ඇත්තේ ලන්ඩන් සගරාවෙනි. එයද මෙහි සදහන් කළ මනාය.

එය අන්තර්ජාලයේ ති‍්‍රමාන අඩවියේ සැරිසරන්නකුට කියවා ගත හැකිය.

එම සිනමා පටය ගැන මගේ දැනීමෙන් වුවද එතරම් කෙටි හැදින්වීමක් ප‍්‍රමාණවත් නොවූවද මෙ කවිය පිලිබද මගේ අදහස් ගොනු කරගන්නට ඒ ප‍්‍රමාණවත් යැයි උපකල්පනය කරමි.

ගිනියම් මද්දහනෙන් ඉටිපහන් එලි දැල්වෙන පේ‍්‍රමණීය හැන්දෑවක් ද නොවන කාල නිර්මිතයක කුඩා අවන්හලකට රිංගා ගත් නීත්‍යානුකූලව ගිවිස නොගත් නොහොත් ලියවිල්ලකින් තොරව කායික ඇසුරකට පිලිපන් යුවලක ගේ සිතුමන් වල පුරැෂත්වය අවිනිශ්චිත දෘශ්ඨියකින් මෙම කවියට අනුභූති වී ඇත.

මෙහිදී මා උදක්ම පූර්වයෙන් සදහන් කළ උපනතියේ පුරැෂත්වය අවිනිශ්චිත දෘශ්ඨිය යනුවෙන් දැක්වූයේ කුමක් ද යන්න කේන්ද‍්‍ර කරගෙන මෙය විනිසන්නට පෙළඹෙමි.

මෙම කවියේ පූර්වභාගය පුරැෂ හෝ ස්තී‍්‍ර කවර හෝ දෘශ්ඨියකින් ලියැවී ඇත.
එය නපුංසක දෘශ්ඨියක් යැයි කීව ද වරදක් නැතිය.

දෙවන කොටසේ දී ලිංගික කී‍්‍රඩාව මහා සංද්ධවනියක් ලෙස රෑ ගන්වා ඇත්තේ පුරැෂ කේන්දී‍්‍රයව ය.
සරා ගී සර නින්නාද දී හඩ හඩා පවුරැ නමැති මානසික බාධාවන් මත්තේ අනුරතියට නොමැති සිතකින් කය සතපවන්නේ ස්ති‍්‍රය බැද දමා ඇති වික්ටෝරියානු බැමි මැද්දේය.

එය පුරැෂයාට සංද්ධවනියකි. ගැහැණියට කාම මෝලේ තැලීමකි.
සන්තර්පණය අපූරැ වන්නේ ද පුරැෂයාටමය. විලෝමය ගැහැණිය උපශාන්තය. මෙ ගැන කිසිවක් එළිපිට නොකියයි.

රාගී පරමාස්වාදය ට පසු පශ්චාත්තාය යනුවෙන් දැක්වෙන රමණ කෙඩෙත්තුව ද අයිති වන්නේ පුරැෂයාටමය. ගැහැණියට ඉදහිටය, එය රහසකි.
රමණ කෙඩෙත්තුව කෙසේ වෙතත් එක්තරා හින්දි චිත‍්‍රපටයක සිංහල උපසිරැසි යෙදුමක මා සිත් ගත් ‍කාම මෝලෙන් තැලී ගිය ස්ති‍්‍රය ගැන කෙරැනු ස්ති‍්‍ර ප‍්‍රකාෂය මට මෙහි මතක් වෙයි.

කෙසේ වුවද මෙ පශ්චත්තාපයන් අපරව එළඹෙන නිද‍්‍රා ආශක්ත පුරැෂ කේන්දී‍්‍රය සුව සහනය විදි සිත ඇහැරී අවුල්ව ගිය හිසින් සයනය‍ දෙස බැලිය යුත්තේ පුරැෂයා ය.

එසේ නම් පුරැෂයාට මුදුව මතක් කර දෙන්නේ ගැහැණිය විය යුතුය.

නොඑසේ නම් මෙ පරමාශ්වාදයෙ ගිලී සුපසන් නින්දක හුන් ගැහැණියට පිරිමියා විසින් මතක් කළ මුදුවක් විය යුතුය.

මෙ දෙකින් කොයික දැයි විනිසන්නට මෙ කවිය අපට ප‍්‍රමාණවත් තොරතුරැ නොසපයන වග පැහැදිලිය.

කවිය ලියැවුනු පුරැෂත්වය ඉක්මවන මෙ අන්තර්ගතය කෙරෙන් මතු වන මෙ ද්වන්ධාත්මය මෙ කවියේ ඇති සුවිශේෂය ලෙස මම දකිමි.

යථාව නම් ගැහැණිය හෝ පිරිමියා යන දෙදෙනාම එක ලෙසම මුදු අමතක කරන්නේ මෙ රාගී පරමාශ්වාදය හමුවෙ බවයි.

ඉදින් ගැහැණිය පමණක් වෙසාව යැයි හංවඩු ගහන මෙ අපේ සමාජයට ගැසූ කනේ පහරක් මෙ කවියේ යටි පෙලේ සැගැවී තිබීම අපගේ පරමාශ්වාදයට හේතු වෙ.

--ඩෝසන් ප‍්‍රීති


මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|


කේලමා - කවි - විරාජ් ලියනාරච්චි

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|

1. සුනිල් ආරියරත්න ලිවුව "ජීවිතේට අමාවක ආ වෙලාවක" කියන කවිය/ගීතය

2. සරත්චන්ද්‍ර්‍ර- "විලාසිනියකගේ ප්‍රේමය" එකේ තියෙන ප්‍රේමය ගැන කවි දෙක

මේවා ළඟ තියෙන කෙනෙක් ස්කෑන් කරලා හෝ වෙන විදිහකින් හෝ අපට ලැඛෙන්න සලස්වන්න. හදිසි උවමනාවක්.

boondionline@gmail.com එකට එවන්න.

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|

කියුබානු විප්ලවයේ පණස් වස වෙනුවෙන් සංගීත උළෙලක්

දිනය- ජූනි 13
වෙලාව- හවස 4.30
තැන- රුසියානු සංස්කෘතික මධ්‍යස්ථානය
නිමිත්ත- කියුබානු විප්ලවයේ පණස් වන සැමරුම සහ ජූනි 14 දාට යෙදෙන චේ ග්වරාගේ 81 වෙනි ජන්ම දින සැමරුම.
දායකත්වය- පේරාදෙණිය සංගීත කණ්ඩායම සහ මහනුවර වික්ටර් හාරා සංගීත කණ්ඩායම, රුසියානු සංස්කෘතික මධ්‍යස්ථානයේ බැලේ පාසලේ සිසුවියෝ ඇතුළු විවිධ සංගීත සහ නර්තන කණ්ඩායම්.

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|
Related Posts with Thumbnails