Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers


දෙවැනි යාමයේ කතාව

දරුවන් බිහි කළ පසුව එන
රාත‍්‍රී කාලවල
හුරු පුරුදු නිර්වස්ත‍්‍රභාවයෙහි
තෘප්තිමත් නොවී ඔබ
සොයන්නෙහිය
මගේ නොකිලිටි රූ සපුව

පෘථුල සිරුරත්
ප‍්‍රසව ඉරි කුරුටු ඇති උදරයත්
බොහෝ පිලිකුල්ය දැන් ඔබට
අද හෝ හෙටක
නැත්නම්
මතු කවරදාක හෝ
මගේ මෙ සිරුර වෙනස් නොවෙතියි
කියන්නෙහි ඔබ
නිහඩතාවයේ තැනි තලා මත
වැළලී තිබෙන මගේ හඩ
මුමුණයි තමන් තුලම හිඳ
ඉතින් ඇත්තයි
මගේ ඇග වාගේ ද ඔබෙ ඔය ඇග

විවෘතයි
පුරසාරම් දෙසමින්
විවෘතව තිබෙ එය බාහිරට

මීට පෙර
කොහේ හෝ කාට හෝ
ඔබෙ දරුවන් ඉපදී ඇති
ඉතින් සලකුණු නැතැයි ඒ ගැන
ආඩම්බර විය හැක ඔබට

මා කුමක් කරන්න ද
යටහත් පහත්ව
අවනතව සිටිනවා මෙන් ඔබට
මෙ ප‍්‍රසව ඉරි
පහසුවෙන් ලේසියෙන්
යථා තතවෙට නොඑයි
කපා අලවන්නත්
මගේ ඇග කඩදාසියක් නොවෙයි

ඔබටත් වඩා දරුණු ලෙස
දෙ‍්‍රාහිකම් කර තිබෙ
සොබාදම් දියත මට
ඔබෙනුයි ඇරඹුනේ
මගේ පැරදුමෙ පළමු අවධිය

පළමු යාමෙට වඩා
දරුණුයි
සිහින වැඩි වන දෙවන යාමය

නිහඩව නිමග්නව
බිතුසිතුවමෙහි සිටි
කොටියා
දෙවන යාමෙ තමයි
වාඩි වී මගේ ඉහ ඉද්දර
තියුණු ඇසකින් බලා සිටියේ
මගේ සියොලඟ

සල්මා

ඉන්දියානු යොවුන් කිවිඳියකි. මුස්ලිම් ජාතික කාන්තාවක වූ ඇය සිය කවියෙන් සංස්කෘතික සීමා ඉක්මවන මතවාදයක් පළ කරයි. ස්තී‍්‍ර විමුක්තිය ඇගේ කවියෙන් ස්වර නැගෙයි.

ඔරු මාලෙයුම් ඉන්නෙරු මාලෙයුම්
සැඳැවක් සහ තව සැඳෑවක්

ඇගේ එකම කවි පොතයි. එහි වු කවියක් නිලාර් කාසිම් විසින් පරිවර්තනය කර ඔහුගේ සහෝදර පියාපත් කවිසරණියේ අන්තර්ගත කර ඇත්තේ තවත් බොහෝ එබඳු විවිධ කවියන්ගේ නිර්මාණ ද දෙමලින් සිංහලට පරිවර්තනය කරමිනි.

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|
|


"මට වෙඩි තියන්නැද්ද" ගැන අවිධිමත් අදහස් ගොනු කිරීමක්

රාජිතගේ "මට වෙඩි තියන්නැද්ද" දෙවන වතාවටත් බලන්න ලැබුනා. මීට කලින් මම මේ නාට්ටිය බලලා තිබුනේ අවුරුදු දෙකකට විතර කලින්. ඒත් මම, නාට්ටිය ආපහු බැලූවේ මගේ පරිනාමයේ වෙනස මැනගන්නත් එක්කලා.

"මට වෙඩි තියන්නැද්ඳ", වේදිකාව නැමැති මාධ්‍යයේ සියුම් තැන් උපයෝගී කර ගනිමින් පරිස්සමින් හදපු හරි අපූරු නාට්ටියක්. මේ නාට්ටියෙදී අපිට හමුවෙන රවී සහ උපුල් ඉවුරු දෙකක චරිත දෙකක්. නාට්ටියේ පසුතලය ඔවුන් දෙදෙනාගේ තාවකාලික නවාතැන වන කූලී කාමරයයි. කාමරය වේදිකාව මත නිරූපනය වන්නේ වේදිකාවේ ඉදිරියට වන්නට තැබූ ඇඳන් දෙකක් සහ එයට මැදිව තැබූ මේසයක් සහ පුටු කිහිපයකින්. වේදිකාව සිටින්නේ අපට මුහුණලා නම් රවී සිටින්නේ එහි වම් පස සහ උපුල් සිට්න්නේ දක්ෂිණාංශිකව. රවී විශව විද්‍යාල අධ්‍යාපනයෙන් පසුව නොනගතය ගෙවන්නෙක්, කාමරයෙන් පිටත, ජනේලයෙන් දකින ස්ත්‍රී කකුල් දෙකක් සමග සෞන්දර්යාත්මකව බැෙඳන්නෙක්, (රාජිත ඔහුගේ කාමරයේ ඇති ජනේලය, ප්‍රේක්ෂකයාගේ සිතේ මැවෙන්නක් ලෙසයි ඉදිරිපත් කරන්නේ) බරපතලව සිතන්නෙක්, ලයිබ්‍රරි යන්නෙක්, ප්‍රශ්න කරන්නෙක්, නිදාගෙන වගේ ඇහැරගෙන සිටින්නෙක්, නගරයේදී මුහුණ දෙන පීඩනය හමුවේ නැවත ගම වෙත යාමට සිතන්නෙක්.

මේ අතර ගෙදර ප්‍රශ්න හමුවේ නගරයට පලා ඒමට සිදුවී ඇති උපුල්, නගරයට අනුගත වූ චරිතයක්. ඔහු කලින් කලට විවිධ රැකියාවන් වල නිරත වෙමින් කෙසේ හෝ මුදල් සෙවීමට උත්සාහ කරන්නෙක්, ඒ සඳහා ඕනෑම දෙයක් කිරීමට සූදානම් කෙනෙක්, තාවකාලික පෙම්වතියන් කීප දෙනෙක් ඇත්තෙක්, ඉක්මන් තීරණ ගන්නෙක්, සංස්කෘතික තිගැස්ම හමුවේ ජවය ලද්දෙක්, ගිටාරයක් අතින් ගත්තෙක්, ක්ලබ්වල සිංදු කියන්නෙක්, අරක්කු සිගරට් බොන්නෙක්, අරක්කු සිගරට් හරහා ඩ්‍රයිවර්ලා අතේ නෝනලා වෙත ලියුම් යවන්නෙක්, ඕනෑම හැඩයක් ගැනීමට හැකි ලෙස සකස් කරගත හැකි මිනිස් දුහුවිලි බවට පත්වූවෙක්.

රාජිත, නාට්ටියේ තුනෙන් දෙකකට වැඩි කොටසක් වෙන් කරන්නේ තම චරිතයන්හි පසුබිම ප්‍රේක්ෂකයා වෙත ඉදිරිපත් කිරීම සඳහායි. එහිදී ඔහු විසින් භාවිතා කරන ක්‍රම සහ විධි ඉතාම සිත්ගන්නා සුළුයි. විශෙෂයෙන්ම රාජිත යොදාගන්නා දෙබස් ප්‍රේක්ෂකාගාරය අතිශයින්ම සිනහ ගැන්වීමට සමත් මෙන්ම ඔහුගේ තේමාවෙන් කිසිසේත්ම පිට පනින්නේ නැහැ. සෞම්‍යගේ රංගනය උත්කෘෂ්ඨයි. රාජිත මෙම චරිතය සඳහා සෞම්‍ය තෝරාගැනීම ඔහුගේ ප්‍රකාශනය සඳහා ගත් පැහැදිලි තීරණයක්. ඔහු රවී ගේ චරිතයට වඩා ප්‍රේක්ෂකයා බන්දන්නේ උපුල්ගේ චරිතය සමගයි. නාට්ටිය දුවන්නේ උපුල්ගේ ක්‍රියාකාරකම් සමගයි. ප්‍රෙක්ෂකයාගේ ඇස නිරතුරුවම රැෙඳන්නේ උපුල් සමගයි. මුලූ නාට්ටිය පුරාම රවී පසුවන්නේ සිහින දකිමින්. රවී කි්‍රයාත්මක වන්නේ බාහිර සමාජයට වඩා සෙමින්. ඔහු පසුවන්නේ සිතමින්. සිතීම භයානකයි. රවී ගේ චරිතය නිරූපනය කරන චිකේරා මේ ලැජ්ජාශීලී, නෝන්ජල් තරුණයාගේ චරිතය ඉතා සියුම් අයුරින් නිරූපණය කරනවා. එහෙත් නාට්ටියේ අවසාන භාගයට එළඹෙන අවස්ථාව වනවිට රාජිතට අවශ්‍ය වී යැයි මට සිතෙන රවීගේ චරිතයේ වෙනස චිකේරා තුලින් පිටතට පැමිණීමේදී තරමක් දුර්වලවී තිඛෙනවා. බාහිර සමාජයේ ලොකු අයියා උපුල් ගේ සහ රවී ගේ කාමරයේ දොරට තට්ටු කිරීමට මොහොතකට පෙර, මෙතෙක් නරුමයාගේ චරිතය රගපාමින් සිටි උපුල් රවීගේ දෙපතුල් අබියස හඬා වැටෙමින් 'මම හරි අහිංසකයි බං' කියද්දී, මෙතෙක් අහිංසකයාගේ චරිතය රගපාමින් සිටි රවී, උපුල්ව මරා දැමීම සඳහා ලොකු අයියාට ඇති අයිතිය ප්‍රශ්න කරනවා.

ඉන් මොහොතකට පසු කුලී කාමරයේ අයිතිකරුවා, ලස්සන කකුල් හිමි ගැහැණියගේ මහත්තයා සහ ඩ්‍රයිවර් කාමරයට පැමිණෙනවා. උපුල් නින්දෙන් ඇහැරෙනවා. නිදාගෙන වගේ ඇහැරගෙන සිටින රවී, ඔහුගේ චලනයේ එක් මොහොතකදී ලස්සන කකුල් හිමි ගැහැණියගේ මහත්තයාගේ පිස්තෝලය අතින් මැරුම් කනවා. නාට්ටිය අවසානයේ හිස් දෑසින් ප්‍රේක්ෂකාගාරයේ ඔලූවට උඩින් බලා සිටින උපුල් අසන ප්‍රශ්නය 'මට වෙඩි තියන්නැද්ද?' ට පිළිතුරු ලැඛෙන්නේ ඊට මොහොතකට පෙර ලස්සන කකුල් හිමි ගැහැණියගේ මහත්තයා ලබාදෙන පිළිතුරකින්. 'එයා නිදාගෙන වගේ හිටියට අහැරගෙනයි හිටියේ' මේ ක්‍රමයට ඕනෙ කරන්නේ දුහුවිලි උපුල් ලා. හැත්තෑවෙන් පස්සේ එහෙම දුහුවිලි වෙලා එන් ජී ඕ වල පිළිකනු වල නතර වෙච්ච කට්ටිය තාම ජීවතුන් අතර ඉන්නවා.

රාජිත විසින් මතුකරන ලද ප්‍රශ්නයට උත්තර හොයමින් ලයනල් වෙන්ඩ්ට් එකෙන් කිලෝ මීටර 18ක් ඈතට මාව යවන්න රාජිත සමත්වුනා. 'මට වෙඩි තියන්නැද්ද?' මේ සමාජයට වඩාත්ම අවශ්‍ය කරන සංවාදය නිර්මාණය කිරීම සඳහා අතිශයින්ම වැදගත් නාට්ටියක්.

ඩයස් ගැන පරිච්ඡේදය

ධර්මප්‍රිය ඩයස් ගැන නොලිව්වොත් ඒක ඔහුට කරන අසාධාරණයක්. ඔහු බිෙඳනසුලූ තරමටම සියුම් නලූවෙක්. උපුල් සමග බීමට වාඩි වන ඩ්‍රයිවර් ගේ සහ බීලා ඉවරවෙලා කාමරයෙන් එළියට යන ඩ්‍රයිවර් අතර වෙනස නිරූපණය අතිවිශිෂ්ඨයි.

සංවාදයට විවෘතයි.

අමිල ගලප්පත්ති

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|
|


චන්ද්‍රවංකය

අවසඟව,
අහස ඉම
අත්වාරුවක හෙවුණු බාල සඳ
ගැජුම් දුන් අසනියක හැඩ ගෙන
වෙඩි වැදුනු තාරකා කැබලිති
කලපු දිය දස අතම විසුළ ව

චන්ද්‍රවංකය...........!
කුමට හඬනුද?

ක‍ෂීරපතයෙහි මියැදි නෙකතරු
බලන් සොහොයුරු නෙක තුරුණු දරු
නෙතු වසාගෙන හුදෙකලා වී
නිසොල්මන්ව ම වැලපෙනා යුරු

කලපු දිය මඩ කළල් මතුයේ
පාවෙනා බඳු සඳේ ලේ බිඳු
මින් වරලකුදු සැලෙන සැකමුසු
නෙතු දුරේක්ෂක මාණනා'යුරු

බාලචන්දර්
කලා නොසපිරි
කඩොලාන තුල මතක අමිහිරි
කලපු දිය කලඹකට නොමසිරි
නිහඬතාවය කිමැය මෙඅමිහිරි

සමුදුරේ මහ ගොස නැගෙන යුරු
විලප් හඬ මැඩ දහසකුත් තරු
එකම ජල කඳ මැදින් ඛෙදුනද
මෙ හැම මායිම් වාලුකා ඉරු
එහැම දුරු වෙන එකමැ රටකට
පායනා ගිරි පියස හිඳ සිරි
කලා සපිරුනු සඳක් වේවා
චන්ද්‍රවංකය ක‍ෂාන්තිය පිරි

උපුල් සේනාධිරිගේ

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|

රජවරැ වුවද රජවන්නට පෙර නොයෙක් නොහොබිනා කම්වල කණ්ඩායම් ගැසී යෙදෙන්නාහු පසුකාලීනව සිය අන්තේවාසිකභාවය ඔවුනට ප්‍රදානයෙන් කුඩු කෑ කතා වහං කරන්නාහුය. ඊට ප්‍රතිචාර ලෙස මේ අන්තේවාසිකයන් රජුගේ ගෙල දණ්ඩනයට ලක්කර සිය ප්‍රාතිහාර්යය පාන්නෝද රජුට සියළු කල්හි ඉවසන්නට ව‍න්නේ හෙයින් රජුන් පීඩාවෙන් කල් අරිති. මේ රජ පරිශ්ඨපාප්පුව අතීතයටත් වර්තමානයටත් අනාගතයටත් යනාදී වශයෙන් ත්‍රෛලෝකාග්‍රයේම ත්‍රෛකාලයේම බලපවත්නා ලෝක නීතියක් බව බ්‍රාහ්මණ මතයයි.

ඒ ගැන මේ පුරාණ හැවිල්ලේ සඳහන් වන්නේ මෙසේය.

සෙල්ලියේ සෙල්ලියේ වළු වළු සෙල්ලියේ
මල්ලියේ මල්ලියේ රැකවලට නෙල්ලියේ
කොල්ලියේ කොල්ලියේ සෙල්ලං මාරකොල්ලියේ
වල්ලියේ වල්ලියේ රජයි කුඩු කෑවේ තෝරමල්ලියේ

[නම් ගම් මනඃකල්පිතය]

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|

වැඩිහිටියන්ට පමණයි.......!

කවුරු කොහොම කීවත්
රට කොයිතරම් දියුනුද?
සාමෙත් තියෙනව
රජෙකූත් ඉන්නව
වියදමත් මරේ මරු
ඒ විතරක්යැ
රටේ හැමෝම
ඇබිත්තන් ළමයි වෙලා......!

වර්ණ රසිකා

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|

පොඩි එවුන් පංසලේ සාදු දී දණ ඇණ - මහ දරුවො එළිවෙලත් නටවනා ස්ලිම් ඇඟ - විරාජ් ලියනාරච්චි

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|


සංසර්ග පරිපාලනයටත් අධිකාරියක්
Fornication Under Consent of the King

මැති ඇමතිවරැ සීරැවෙන් සීරැවෙන්
පෙන්වා දෙති මහ රජුන්හට
ලෙහෙසි නැති පහසු නැති කාරියක් බව
පාලනය ලිඟු පාලනය ලිඟු
පාලනය ලිඟු පාලනය ලිඟු

රජුන්ගේ උදහසින් යම් කෙනෙක් සිය බිරිය හා
සංසර්ගයේ යෙදුනි නම් යෙදුනි නම්
කපා දමනු ඇත ප්‍රසිද්ධියේම පුරැෂ නිමිත්ත- සැක නැත
පාලනය පිණිස යහ පාලනය පිණිස රට පාලනය...

කෙලිදෙලෙන් ඉන්නා වූ යුවතියක් සිය
වටොර දඟ
පෙන්නුවෝත් මග දි දන -ඇසට ඇස
උගුල්ලා දමනු ඇත නෙත ද සැන
පාලනය ලිඟු පාලනය ලිඟු
පාලනය ලිඟු පාලනය ලිඟු
පාලනය පිණිස යහ පාලනය පිණිස රට පාලනය...

පොදු රථ වලින් ගමනේ යන දුප්පතුනි -පරිස්සම් වෙය
වැරදීමකින් හෝ සුපුරැදු ලෙස තැබුනොතින් හෙම අත
ස්තිරියක ගේ සිරැර මත- එසැන නීතිය ක්‍රියාත්මක වී
කපා ළනු ඇත- අත වැළමිටින ගෙන -ශල්‍ය ලෙස නොව
පාලනය ලිඟු පාලනය ලිඟු
පාලනය ලිඟු පාලනය ලිඟු
පාලනය පිණිස යහ පාලනය පිණිස රට පාලනය...

පෙම් වතුන් පෙම් වතියන් දැන් උගත යුතු වෙයි
සිප ගැනීම් නම් අවරසික බව- ආනන්තරීය බව
දැන දැනත් තෙප හාදු දීමෙන්- පිලිස්සී යනු ඇත
ලෝදිය බඳුන් තුල -එතරම්ම එය හානිදායකය !
රට පාලනය...වෙත

පාලනය ලිඟු පාලනය ලිඟු
පාලනය ලිඟු පාලනය ලිඟු
පාලනය පිණිස යහ පාලනය පිණිස රට පාලනය...

සිතුවමක එක පියයුරක් ඇන්දෝතින් ඉතින් ඉවරයි
ඇස් දෙකම පොට්ට කර ඇඟිලි තලා යදම් ලා දෙකකුල්
කුදලා ඇදන් යනු ඇත නුවර වට අහස උස සල්පිල් වට
පුවත් පත්වල වැටෙනු ඇත සිය පරම්පරා විස්තර
පාදඩයෙකුට ඔබින දඩුවම -වහා එල්ලා මරනු ඇත
රට පාලනය...වෙත

පාලනය ලිඟු පාලනය ලිඟු
පාලනය ලිඟු පාලනය ලිඟු
පාලනය පිණිස යහ පාලනය පිණිස රට පාලනය...

සිනමා පටයක දෙකලවා පෙන්නුවොත් එම නිළිය ද
අධ්‍යක්ෂක ද නිශ්පාදකද ඇතුලු ක්ලැපර් බෝයි දක්වා
ඉහේ සිට පට්ට ගසා ලුණු දමා බෝගම්බර සිපිරි ගෙයි
අවුරැදු හැටපන්දාහක් ගෙවා යන්නට සිද්ධ වෙයි...
රට පාලනය...වෙත

පාලනය ලිඟු පාලනය ලිඟු
පාලනය ලිඟු පාලනය ලිඟු
පාලනය පිණිස යහ පාලනය පිණිස රට පාලනය...

මේ අලුත් රජ පණත් එන දිනය නම්
නුදුරෙමය!
ලබ්බටත් අත පුහුලටත් -කජ්ජටත් එයම වනු ඇත...පාලනය රට...පාලනය රට
ලෙහෙසි නැත පහසු නැත පාලනය ලිඟු- පාලනය
ලිඟු-පාලනය ලිඟු-පාලනය ලිඟු

පාලනය ලිඟු පාලනය ලිඟු
පාලනය ලිඟු පාලනය ලිඟු
පාලනය පිණිස යහ පාලනය පිණිස රට පාලනය...

[මෙම රචනය, බර්ටෝල්ට් බ්‍රෙෂ්ට් ගේ හිට්ලර්ගේ ඇමති මණ්ඩලය නම් වූ නිර්මාණය කේමදාසයන් සංගීතවත් කළ කිලර් කැසට් පටයේ එම නමින් වූ ගීතය ශ්‍රවණය කරමින් ලියන ලද්දක් බව කරැණාවෙන් සලකන්න.]

ඩෝසන් ප්‍රීති
072009

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|


ලෝකයා ගැන ශ්ලෝකයක්
[කට පාඩම් කර උදේ හවස ගයනු.]

චීවරං අස්සෙං හස්තදානංච
සාධු වෘෂණස්ස උපසම්පදා
තිලෝක දීපං ඇදපංච
ඉස්පිරිතාලං ඉධාගතා

කල්‍යාණං මිට ඇරිකන්නං
වලිකිං කෙලියෙං කෙලවංනං
අෂ්ඨපාදං චතුර් වෘෂණං
සිල්වානං සුනඛං සමාකලං

ත්‍රස්තං පරබා දූරිං භූතං
පාතාලේන සත්තමං
ඕං..
(නාග නාග නාග නාග)
වස්ත්‍රං අස්සෙං අස්සෙං ඉස්සෙං
(ඒස්වා පුහ්)
අක්ෂිං කර්ණ පටලං දෝෂංච
රාජා භවතු ධම්මිකෝ

ඩෝං පුතා

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|


මළ දූපත

නිහැඬියාවකි
මහ පුදුම.


බඩුමිල
ඉගිල්ලෙති
ලිප් ගිනි
නිවාගෙන.
කම්හල්
වැසෙයි.
රැකියා විරහිතයින්
ටීවී බලයි බිම ඇන
නිකන් දෙන

සූරති
භාණ්ඩාගාරය
රජු හා ඇමතිවරු
කොල්ලකති
ඉඩකඩම්
කොළඹ බිල්ඩිං
ඇති පදමට

හිස් මොළනම්
මොකද
බුද බ‍්‍රහස්පතිත්
රට කරවති
ඇවිදින් බිමට

ඝාතකයෝ
උදම් අනති
ඝාතන ගැන
තර්ජනය කරති
ප‍්‍රසිද්ධියේ
නෑසූ කණෙනි
නීතියේ යුවතිය

සේනාධිපතීන්
පිලිගනිති
යුධ අපරාධ
එද යෙහෙන්
වැජඹෙති
ලැබෙමින්
තානාන්තර පිරිවර

කැලැන්ඩර් නැති
හිර කඳවුරු වල
එකසිය විස්සක්
දින ගනිති
තුන් ලක්‍ෂයක්
වැහැරෙන

වෛද්‍ය සංගම්
බී නිදි පෙති,
දොස්තරවරුන්
සිරබත් කති
ලෙඩුන්
සුවපත් කල

හම්බන්තොට ඉඳන්
චීන්නුත් විළිස්සති
ආණ්ඩුවෙන්
යුද්දෙට
හිලව්වට
ඉඩකඩම්
අරගෙන

නිහැඬියාවකි
මහ පුදුම.

වල්පල් විතරමය
පත්තර පිටුවල.

පාළුය දැං
ලිප්ටන්
වටරවුම.



මහේෂ් මුණසිංහ
2009 07

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|


හුදෙකලාවේ කටහඬ

තුවක්කුවකට පුළුවන්
හීනයක් වුණත් හිනස්සන්නට
හීනයකට පුළුවන්
උණ්ඩයක් වුණත් නවත්තන්නට

අමාවක දවසක වුණත්
අහම්බෙන්
මහ රෑක
හිරු උදා වූවොත්
නවත්තන්නද ?

ඒ වගේමයි
පාළොස්වකේ රෑ
අසිනි වර්ෂාව
සඳ නෑ - කළුවරයි - වැස්ස විතරයි.

කොකා ගස්සන
ඇඟිල්ලම තමයි
දිගුවන්නේ
හෘදය සාක්ෂිය දෙසට.
මිටි මෙළවෙනා අත් තමයි දන්නේ
මරණයේ වේදනාව.

හිස පහත් කරගෙන ඇවිදින
මිනිසකුගෙන් අහන්න
මොනවද බිම වැටී ඇත්තේ කියා
ඔහු කියයි
" ජීවිතය!"

ඇතැම් විට
හුදෙකලාව රමණීය විය හැකිය
කවියට .......
කවිය වුව ස්මරණීය විය හැකිය
දිවියට......
අවසන මරණය.
එහෙත් ස්තිර ලෙසම
මරණය අමරණීයයි
අවියට.

මංජුල වෙඩිවර්ධන

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|




Directed and Produced by
SAMIR VIANNEY FERNANDO & AMILA GALAPPATTHI
Director of Photography AMILA GALAPPATTHI
Sound by ACHALA SOLOMONS
Edited by AMILA GALAPPATTHI
Associate Producers MR STANLEY, MR SUNIL & MRS RUPA
Executive Producers SANSKRITI FEATURES & KRUTTHI CREATIONS
Edited at MILAG STUDIOS

Special Thanks goes to
ISABELLE MARINA - France
STEFANIE RIEKE - Germany

THIS FILM HAS BEEN PRODUCED IN THE FRAMEWORK OF THE SHORT DOCUMENTARY FILM WORKSHOP ON MIGRATIONS ORGANIZED BY GOETHE-INSTITUT & ALLIANCE FRANCAISE OF COLOMBO WORKSHOP CONDUCTED BY ISABELLE MARINA FILM MAKER & STEFANIE RIEKE FILM MAKER

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|
|

පාපොච්චාරණ

අරගලය අත්හරින ලදින්
පසුබසින්නැයි
සගයින් ගෙන් ඉල්ලන,
අත් අඩංගුවේ දී
කෘර වධ ඉවසනු නොහැකි වූ
විප්ලවවාදී නායකයෙකුගේ
කාරුණික නිවේදනයක

වැරදි මගට යොමු කල
සගයින් ට දොස් පවරන,
ඉක්මන් නිදහසක
සිහින මවමින්
හුදෙකලා කඳවුරක
‘පුනරුත්ථාපනය’ වෙන
කෙසඟ තරුණයෙකුගේ
ආවේගශීලී කතාවක


නොහික්මුණු සංවිධානයේ
ම්ලේච්ච ක‍්‍රියා ගැන තැවෙන,
මොනයම් ම හෝ
හොඳක් වේ යැයි හිතාගෙන
සටන් බිමෙන් පැන විත්
ආණ්ඩුවේ මිලිටරියට බාර වූ
විශ‍්‍රාමික සටන් කරුවෙකුගේ
රූපවාහිනී හෙලිදරව්වක

තහනම් යුධ බිමේ සිට
ලබා දුන් තොරතුරු
නිවරැදි නොවන බව පවසන,
දහසකුත් තුවාලකරුවන්
සුවපත්කල
දොස්තරවරයෙකුගේ
ගිනි අවි වට කර ගත්
මාධ්‍ය හමුවක

වැඩි සද්දෙන්
මිලිටරිය වර්‍ණනාකරමින්
සිංහල පිඟානකට
සාම්බාරු බෙදන,
ක්ෂනික අතුරුදහන් වීමක්
නොපතන
කොළඹ දෙමළ වේටරයෙකුගේ
දේශානුරාගික කතාබහක

දෙමළ නිජබිම වෙනුවෙන්
සටන් වැද
සිංහල වෙඩිල්ලකින්
මියගිය තම දියණියගේ
දේශද්‍රෝහී බව පවසන,
විජයග‍්‍රහනයේ
උමතු මිනිසුන් මැද වෙසෙන
වියපත් සිංහල මවකුගේ
නොසන්සුන් කටහඬක


පිටුපසින් ඇති
අසරණ
අරමුණු
මම දකිමි.
වරදකාරී
හැඟුමෙන් බර
එවැනි දෑස්
ඈතින් හිඳ
කියවමි.


ඒත්...

‘ඔය ටික නොකියාම ඉන්න
පුළුවං උනානම් හොඳයි’


සුසුමක් හෙළමි.


මහේෂ් මුණසිංහ
2009 07

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|


White collar ignorants have put it on display
All the things they have deemed acceptable to say
And as they rule our lives they blind us from the truth
This censorship-democracy is fucking me and you

Muting our voice and blinding our eyes
Will not make us change we will not compromise
This is our lives the freedom that we seek
Fuck the censorship let us fucking speak

Chorus- Censorship is just another hoax
Freedom of speech has become a fucking joke
Living our lives wasting our days
Being told what to do being told what to say

We fight for the day that we'll finally be heard
But what'll be the profit if they censor every word
Where is the freedom in having to abide
By the governmental laws that force us to confide

Where is the truth in your 1st Amendment Right
Yer bill of proposition has been written outta spite
I don't see the service in your autocratic role
If our words and our actions are under your control

Fuck Censorship by Chainsaw Little Kids

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|


ජනජීව වේහැල්ලගේ සත්සර විප්ලවවාදියා කෘතිය එළිදැක්වීම
- ජූලි 17 ප.ව. 3.30 - රාජකීය විද්‍යාල ශ්‍රවණාගාරයේදී-
විදර්ශන ප්‍රකාශනයක්.






මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|

Hitting out at violence, corruption and social injustice, Ajith Kumarasiri also known as Rock Ajith conveys his messages through his own unique brand of militant music and lyrics.

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|


කඳවුරෙ ප්‍රේමය සහ තවත් දේ

මැණික් ෆාර්ම් කඳවුරෙ යෞවනයිනි යෞවනියනි
නුඹලාත් පෙමින් වෙළෙනව ද
පෙමින් වෙළි හුන් එවුන් දැං සී සීකඩ වෙලාද
අහම්බෙන්වත්
උනුන් වෙන් නොවුනු එවුන්
පෙම් කරනව ද තවම?

නුඹලාත් උණුසුමට තුරුළුව පෙම් බස් තෙපලනව ද
ආදරෙන් කිතිකැවුනු සිත් පොපියා සිනාසෙනව ද
ඉර බැහැගෙන යද්දී
ආකාහෙ රතු වෙද්දී
රඹ පැහැයෙන් දිලිසෙද්දී
අපි නම් ගාලු මුවදොර
දෝර ගලන පේ‍්‍රමාලෝකයෙන්
නැහැවෙනවා

කඩල ගොට්ටක්
සරුවත් වීදුරුවක්
අලියා බීම බෝතලයක්
එහෙමකට අරං ළගට එන

කොළු ගැටයෙක් එක්ක
ඇස් එලි දල්වගන්නවා
පේ‍්‍රමයේ විඩාව නිවා ගන්නවා
සරතැසේ අන්ධකාරය එළවා දමනවා
ආදරයේ අළුත් පැහැය සොයාගන්නවා

මැණික් ෆාම් කදවුරෙ යෞවනයිනි යෞවනියනි
නුඹලාත් පෙමින් වෙළෙනව ද අපි වගේ

ඉසුරුමුණි යුවල සේ
සදාකාලිකව වෙළිලා උනුන් වැළඳ ගෙන
සද හිරු තරු ගෙවී යන තුරු
අභ්‍යාවකාෂයේ ඇති තරම් කැරකිලා
බැදී ඉන්නව ද
සෙල් රෑ මෙන්
සුසුම් එකිනෙක මුසු වෙද්දී
නිල් අහස කළු ගැහෙද්දී
ආකාහේ අදුරු වෙද්දී

මදුරුවෝ කන් ගාව කීන් ගාගෙන යද්දී
ඒ තමයි සොඳුරුම හෝරාව බිත්ති -පවුරු -ගල් බංකු සීතල නොදැනෙන
ඉතින්
උඹලත් අපි වගේම ආදරෙන් පිරුනු නෙත් ඉගි බිගි මැද දවස් ගෙවනවද
අපිට වගේම උඹලටත් අම්මල තාත්තලා අංචි අදිනව ද
අපි නම් ඒවට එකට මුහුණ දෙනවා

ඒක තමයි ආදරයේ
අනාගත ආයෝජනය
දවසක හැඟුම්බරව සිහිපත් කළ හැකි
ආදරයේ බාධාවන්
ඒවා සුන්දරයි

ඕන දෙයකට පේ‍්‍රමය අපරාජිතයි කියල හින්දි චිත‍්‍රපටියකත් තිබ්බා
අපි ආදරෙන් ඉන්නවා

අපි දිහා කවුරැවත්
බලං ඉන්නේ නැහැ
කම්බි වැටක් වත් ...

ඩෝසන් ප්‍රීති
072009

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|


.........සංවාදයකට වඩා මම කැමති ෆීල් එකක් දෙන්න, එහෙම සංවාදයක් ඇති කරන්න මියුසික් සැලැස්මක් ඇතිව කරන්න බැහැ. ඒක ඉබේම ඇති වෙන්න ඕන දෙයක්.........

.........බොහෝ ගායක ගායිකාවන්ට ප්‍රතිපත්තියක් නැහැ. ජනප්‍රියත්වය පස්සේ දුවනවා. සමාජ වගකීමක් ඇතුව වැඩ කරන්න ඕන කියන තැන ඔවුන් නැහැ..........

කියවන්න

ඉල්හාම් හොසන්, කසුන් කල්හාර සමග කළ කතාබහ. (උපුටනය- විදැස- 2009 ජූලි.)

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|


ලසන්ත වික්‍රමතුංග මැරුවේ තමා බව ඇමැති මර්වින් ප්‍රසිද්ධියේ කියයි
-
www.lankanewsweb.com

"ලීඩර් පත්තරේ ලසන්ත වික්‍රමතුංග දැගලූවා වැඩියි. එයාට වැඩේ දුන්නේ මම. පෝද්දලත් දැගලූවා. එයාගේ කකුල කඩලා දැම්මා. දැන් මගේ ආසනයේ අපේ එකෙක් මට පාට් දාන්න හදනවා. මම උගේ ගමට ඇවිත් අද මේ කියන්නේ. මම ඌට තව කල් දෙන්නේ දවස් හතයි. කැලණිය ප්‍රාදේශීය සභාවේ සභාපති ධූරයෙන් ඉවත් වුණේ නැත්නම්, මම නරක මිනිහයි කියන්න එපා. මුන්නාන්සේලා මට දොස් කියන්න එපා. මගේ කීමට උඩින් ගියොත්, මම ඕකවත් ලසන්ත යවපු තැනටම යවනවා" යැයි කම්කරු අමාත්‍ය මර්වින් සිල්වා පසුගියදා කැලණිය හුණුපිටියේ පැවැති රැස්වීමකදී ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර ඇත.

අමාත්‍ය මර්වින් සිල්වා එම ප්‍රකාශය කරනු ලැබ ඇත්තේ, කැලණිය හුණුපිටියේ සතොස ශාඛාවක් විවෘත කිරීමේ නිමිත්තෙන්, පසුගිය බ්‍රහස්පතින්දා (09) කැලණිය හුණුපිටියේ ජයන්ති මහල් හන්දියේ පැවැති ප්‍රසිද්ධ රැස්වීමක් අමතමිනි. මර්වින් සිල්වා අමාත්‍යවරයාගේ මෙම බරපතල ප්‍රකාශය ඇතුළත් හඩපටය මේ වනවිට ජනාධිපතිවරයාටත්, ශී්‍රල.නි.ප. මහ ලේකම්වරයාටත් යවා ඇතැයි මේ සම්බන්ධයෙන් කරුණු දැක්වූ කැලණිය ප්‍රාදේශීය සභාවේ මන්තී්‍රවරයෙකු LankaNewsWeb වෙත පැවසීය.

කැලණිය ප්‍රාදේශීය සභාවේ සභාපති ප්‍රසන්න රණවීර ඇතුළු එම ප්‍රාදේශීය සභාවේ මන්තී්‍රවරුන් කිහිපදෙනෙකුට මෙම රැස්වීමේදී ප්‍රසිද්ධියේ බැණවැදී ඇති අමාත්‍යවරයා, ජනාධිපති මහින්ද රාජපක‍ෂ සිටින තාක්කල් තමන් කිසිවෙකුටත් බිය නොවන බවත්, කිසිදු බලවේගයකට යටත් නොවන බවත් අවධාරණයෙන් යුතුව ප්‍රකාශ කර ඇත.

අමාත්‍යවරයා එම ප්‍රකාශය කර දින කිහිපයක් ගතවීමටත් පෙර, ඊයේ (12) අලූයම කැලණිය හුණුපිටිය බණ්ඩාරනායක මාවතේ පිහිටි කැලණිය සභාපතිවරයාගේ නිවසට කඩා වැදුනු නාඳුනන සන්නද්ධ පිරිසක් විසින් එම නිවසට මැර ප්‍රහාරයක් එල්ල කර තිබේ. එම ප්‍රහාරයෙන් කම්පනයට පත් සභාපතිවරයාගේ බිරිඳ ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇත.

"පසුගිය 09 වනදා මර්වින් සිල්වා ඇමැතිතුමා මා ඇතුළු ප්‍රාදේශීය සභාවේ මන්තී්‍රවරුන් හය දෙනෙකුට ප්‍රසිද්ධ රැස්වීමකදී බැණ වැදුනා. කරන්න ඕන දේ කරන බව පවසමින් ප්‍රසිද්ධ සභාවක නොකිය යුතු කතා කියලා ප්‍රසිද්ධියේ තර්ජනය කළා. ඒවායේ හඩපට අප ළඟ තියෙනවා. අපි ඒ හ~පට ජනාධිපතිතුමාටත්, මෛතී්‍රපාල සිරිසේන ඇමැතිතුමාටත් ලබාදී තියෙනවා. ඊයේ සිදු කළ පහරදීම ඉතා නින්දිතයි. මගේ පුංචි දරුවෝ දෙන්නා තාමත් කම්පනයෙන් ඉන්නේ. බිරිඳ රෝහලට ඇතුළත් කරලා. පොලිසියට නීතිය කි්‍රයාත්මක කරන්න බැහැ. මේ දේශපාලනඥයට පොලීසියත් බයයි. මේ මැර දේශපාලනය නතර කිරීමට ජනාධිපතිවරයාම මැදිහත් විය යුතු" යැයි මර්වින් ඇමැතිවරයාගේ බරපතල ප්‍රකාශය සහ මෙම පහරදීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් කැලණිය ප්‍රාදේශීය සභාවේ සභාපති ප්‍රසන්න රණවීර ඊයේ මාධ්‍ය වෙත ප්‍රකාශ කළේය.

Source - www.lankanewsweb.com

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|
|
|


[විභවි දශ්‍ය කලා තොරතුරු සංග්‍රහය- 2009 ජූලි]

පොප් සංගීත ලෝකයේ කිරුළු පලන් රජු ලෙස හැදින්වූ මයිකල් ජැක්සන්ගේ වර්ණවත් ජීවිතය ඛේදනීය ලෙස ඉකුත් දා අවසන් වුයේය. බටහිර ජනපි්‍රය සංගීතයේ එල්විස් ප්‍රෙස්ලිගෙන් පසු ගීතයට හා එහි ප්‍රසාංගිකත්වයට ඔහු නවමු අරුතක් එක් කළ බව අවිවාදිතය. ජැක්සන් ජීවත්ව සිටියදී බටහිර අධිපති මාධ්‍යයන් විසින් ඔහුගේ පෞද්ගලික ජීවිතය අනවශ්‍ය ලෙස හුවා දක්වමින් ඔහුව දරුණු මානසික පීඩනයකට හෙළීය. මයිකල් ජැක්සන් ඇමරිකානු ප්‍රතිරූපයට සිය ආත්මය හිලව් කළ හැටි මේ ලිපිය විවරණය කරයි. එමෙන්ම මෙ මගින් මයිකල් ජැක්සන් පිළිබඳව වඩාත් විෂයමූලික විග්‍රහයක් ගෙනඑන අතර ඔහුගේ ඛේදවාචකය පිළිබඳව පූර්ණ දැක්මක් සහිත වූවක් බැවින් අප එය මෙසේ පළ කරන්නෙමු. ඔහු ජීවත්ව සිටි කාලයේදී කළ විග්‍රහයක් වූ මෙහි මාතෘකාව පමණක් අප වෙනස් කළ බව කරුණාවෙන් සලකන්න.

[ලෝක සමාජවාදී වෙබ් අඩවියට ඩේවිඩ් වොල්ෂ් විසින් 2003 දෙසැම්බර් 01 ලියු "මයිකල් ජැක්සන්ගේ ඛේදවාචකය" නම් ලිපියේ සිංහල පරිවර්තනය. උපුටා ගැනීම - ලෝක සමාජවාදී වෙබ් අඩවියෙනි.]


මයිකල් ජැක්සන් අත් අඩංගුවට ගැනීම හා ඔහුට එරෙහි ලමා අපචාර පිලිබඳ අධි චෝදනාව සමඟ ජනපි්‍රයයන් හා ලිංගික කටයුතු අලලාගත් මෑතම සෝලියට ඇමරිකානු මහජනතාව ගොදුරු කෙරී ඇත. තම හුරුපුරුදු තලූ මැරීමේ උමතුවටද වක්‍රෝත්තිසහගත හා කාමුක විස්තරය සඳහා තරග වැදීමටද විවිධාකාර ජනමාධ්‍යයන්ට මෑතම කටකතාව තවත් අවස්ථාවක් පාදා දී තිබේ.

ජැක්සන් නඩුව ආශි්‍රත පුවත්පත් හා රූපවාහිනී අවරනය මාස ගනනාවක් පුරා ඇදී යනු නියත ය. මෙම ආවරනය තුල තම තමාගේ සුවිශේෂිත කෝණය මත පදනම්ව මාධ්‍ය පන්ඩිතයන් සහ කතා මෙහෙයවන්නන් සිද්ධිය පිලිබඳව දැඩි මත පලකිරීම් උදම් ඇනීම් හෝ මුග්ධ ලෙස සිනාසීම් කරනු ඇති නමුත් එකදු බැරෑරුම් අන්තර්×නයක් සම්පාදනය නොකරනු ඇත.

ජනමාධ්‍යය මෙම කනගාටුදායක සිද්ධිය තුල කිහිප ආකාරයකට කි්‍රයාත්මක වෙයි. එනම් සුවිශේෂිතවම ඉරාකය තුල සිදු කෙරෙමින් පවතින හිංසනය හා ඝාතනයද ඇතුලූ සැබෑ දැවෙන ප්‍රශ්නයන්ගෙන් මහජන අවධානය අපසරණය කිරීමට හැකි සෑම ආකාරයකින් ම මහජන විනය දුෂනය කිරීම හා නිර්වින්දනය කිරීමට සහ අලෙවිය වැඩිකර ගැනීම හා ප්‍රචාරනය ගොඩනංවා ගැනීම පිලිබඳ අපේක්ෂාවෙන් "සල්ලි ගැරිය හැකි" ඕනෑම දෙයක් පසුපස හඹා යෑම යනාදී වසයෙනි.

නඩුවට අÞල කරුනු තවමත් ඉදිරිපත් කෙරී නැති අතර මයිකල් ජැක්සන්ට සිය නිර්දෝෂිභාවය පිලිබඳව පූර්වාපේක්ෂා කිරීමට ඉඩක් තිබේ වාර්තා වන ආකාරයට ඔහුගේ පැමිනිලිකරු පිලිකා රෝගයෙන් සුවය ලබා සිටිනා වයස 12-13 පමන ලමයෙකි. ඔහු මයිකල් ජැක්සන්ට අයත් උතුරු සාන්ත බාබරාවෙහි පිහිටි නෙවර්ලන්ඩ් වතුයායෙහි සිටි ඔහුගේ අමුත්තෙකි. ගායකයා බරපතල ලෙස රෝගාතුර වුවන්ට ඔහුගේ වතුයායෙහි දී සත්කාරක කටයුතු කරයි.

ජැක්සන්ගෙන් විශාල මුදල් කුට්ටියක් කඩා ගැනීමට පිරිමි දරුවාගේ මව මෙම නීතිමය පියවර දියත් කොට ඇති බව ගායකයා වෙනුවෙන් පෙනී සිටින්නෝ චෝදනා කරති. නොවැම්බර් 25 වන දා ජැක්සන්ගේ නීතිඥ මාක් ජෙරාගස් කෝපාන්විතව මෙසේ පැවසීය.

"මේ වෙනකොට සිද්ධවෙලා තියෙන විදිහට මේ චෝදනාවලත් වරද පැටවීම් වලත් සැබෑ අරමුණ මුදල් සහ මුදල් අපේක්ෂාව මිසක් වෙන දෙයක් නෙවෙයි කියලා නොහිතන කවුරු හරි ඉන්නවා නම් ඔවුන්ජීවත් වෙන්නේ ඔවුන්ගේම නෙවර්ලන්ඩ් එකකයි"

අපචාර චෝදනා පැටවීම පිලිබඳ ඉතිහාසයක් පිරිමි දරුවාගේ මවට පවතින බවට පුවත්පත්වල වාර්තා පලවී තිබේ. එසේම කාන්තාව හා ඇගේ දරුවා විසින් පසුගිය පෙබරවාරියේදි සකසන ලද ජැක්සන්ව වර්ණනා කරන හා කිසිදු අයථා චර්යාවක් සිදුව තිඛෙන බව පිලිබඳ මතය ප්‍රතික්ෂේප කරන හුටපටයක් ද එළිමහනට අවුත් තිබේ. තම ජීවිතවලට ජැක්සන් ලඟා කොට දීම මගින් දෙවියන් වහන්සේ තම පවුලට ආශිර්වාද කොට ඇතැයි ද ඇයගේ පුතාට ඔහු "පියෙක් වැනි" යයිද කාන්තාව හඩපටයෙහි පැහැදිලිව ප්‍රකාශ කරයි........

ඉතිරිය කියවන්න.

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|

සුබ්‍රමනියම් සිවනායගම් විසින් රචිත මේ කතුවැකි මුල් වරට පල වුයේ ඉංග්‍රීසියෙන් යාපනයේ සතිපතා මුද්‍රිත සැටඩේ රිවිව් පුවත්පතේය. සියවස් කාලකට ඉහතදී ලියු මේ කතුවැකි වල එන දෙමළාට දෙමළ වීම නිසාම මුහුණ පාන්නට වී ඇති ගැටලූ අදවත් විසැඳි ඇති දැයි කියවාම බලන්න.

සිංහලට නැගුවේ-
යමුනා බණ්ඩාර



ඉතිහාසඥයන්ගේ, දේශපාලන වංශ කථාකරුවන්ගේ හා දේශපාලන විචාරකයන්ගේ ලිපි ලේඛන පසෙක ලා, නිදහසින් පසු ගත වු ඉකුත් තිස් වසර තුළ ලංකාවේ දේශපාලකයන් කළ කී දැ දෙස සාවධාන බැල්මක් හෙලූව හොත්, ඇතැම් පුද්ගලයන්ගේ ක්‍රියාකාරකම්වලින් හොඳම සර්කස්කරුවන්ද ලජ්ජාවට පත්වනු නියතය. ලංකාවේ දේශපාලනය විසින් විවිධාකාරයේ කොඳු නැති විෂ්ම පාන්නන්, ක්ෂණක වෙස් මාරු කරන්නන්, සිංහයින් හීලෑ කරන්නන්, කොටින් හිලෑ කරන්නන්, කඹේ ඇවිදින්නන් සහ ඉන්ද්‍රජාලිකයන් රටට දායක කොට තිබේ.

"පනහට පනහ" නැතනම් සමතුලිත නියෝජනය පිළිබඳ ව්‍යාපාරයේ පිතෘවරයා ද, දමිළයන්ගේත්, සුළු ජාතීන්ගේත් ඔටුනු නොපළන් රාජයා ද වූ රාජ නීතිඥ ජී.ජී. පොන්නම්බලම්, ප්‍රේක්ෂකයා හුස්ම නොහෙලා බලා සිටියදී උඩු ගුවනේ බඩ පිණුමක් ගසන ඩී.ඇස්.සේනානායක ආණ්ඩුවේ කර්මාන්ත හා ධීවර අමාත්‍ය ධූරයට අතුරු ආන්තරවාකින් තොරව පාත් වූ සැටි සිතා බලන්න. ලාංකික විප්ලවයේ පිතෘවර පිලිප් ගුණවර්ධන කොයි තරම් වේගයෙන් වාමාවර්තව භ්‍රමණය වීද යත්, වැඩිකල් නොයවාම ඔහු දකුණේ නැවතුනු හැටි සිතා බලන්න. ක‍ෂණික වෙස් මාරු කරන්නන් නැතහොත්, ඔක්ස්පර්ඩ් බෑග් මල්ලෙන්, ඔක්ස්පර්ඩ් උච්ඡාරණයෙන්ද, ඉංග්‍රීසි කථීකත්වයෙන් හා ක්‍රිස්තියානි හැදියාවෙන්ද සුසැදි එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරණායක සුදු සිංහල ජාතික ඇඳුමින්ද, නිල් සාටකයෙන්ද හැඩ වී තනි සිංහල හා බුද්ධාගාම වෙනුවෙන් ප්‍රාදූර්භූත වූ සැටි සිතා බලන්න. දිදුලන සන්නාහධාරී සෙන්පතියෙකුද, ඩෙල්ප්ට් දූපතේ කිරුළු පළන් රාජයා ද වූ ශ්‍රීමත් ජෝන් කොතලාවල, සිංහල හා දෙමළ ද්වී භාෂාවන්ටම සම තැන ලැඛෙන සේ ව්‍යවස්ථාව සංශෝධනය කැරෙන බවට හැන්ඩ්-පෙරින්බනයාගම් ඇතුලූ කොකුවිල් ජන සභාවට ප්‍රතිඥා දී, දකුණේ සිංහල පමණක් ව්‍යාපාරයේ සෙන්පතියෙකු වූ සැටි සිතා බලන්න. වැරදී ගියේ ඇඟ ගැටලාගෙන ගසන කරණමයි. ඔහු වෙනුවෙන් දැල ඇල්ලීම සිංහල ඡන්දදායකයා විසින් ප්‍රතිෙක‍ෂ්ප කරන ලද හෙයින් ඔහු බිම ඇද වැටී තුවාල කොට ගත්තේය. ඇන්.ඇම්. පෙර්රා, කොල්වින් ආර්. ද සිල්වා හා පීටර් කේනමන් වැනි මාක්ස් සහෝදරයන් තනි සිංහල පණතට එරෙහිව ඡන්දය දෙමින් කඹය උඩ ඇවිදීමේ හපන්කම් මනා ලෙස පා වසර කීපයක් ඇවෑමෙන් බණ්ඩාරනායක මැතිණියගේ ආණ්ඩුවේ "මසල වඩේ" ලනුව දෝතින්ම බදා ගත් හැටි සිතා බලන්න. අප කලින් කී සේ ලංකා දේශපාලනයේ උඩ කරණම් බිම කරණම් නිමක් නැත. එහෙත්, ආදරණීය සර්කස් ප්‍රේක‍ෂකය, යළිත් හොඳින් හුස්ම ගන්න. මන්ද අලූත්ම ශිලපීන් කණ්ඩායම දැන් පැමිණ සිටී. ඒ යාපනයෙන්.

සමස්ථ ලංකා දමිළ කොන්ග්‍රසය දැන් ඔබ වෙත ගෙන එන්නේ දේශපාලන සර්කස් ඉතිහාසයේ දැවැන්තම ඉන්ද්‍රජාල රංගයයි. එහි නම ඊළම් යකුම.

ශිල්පීන් කැල දැන් ඊළම් කඹය දැතින්ම බදා ගෙන සිටිති. යාපනයේදී ඔවුන් මෑතදී පැවැත් වූ කෘත්‍යාධිකාරී රැස්වීමකදී යෝජනා කීපයක් සම්මත කර ගෙන තිබේ.

1. ශ්‍රී ජයවර්ධනපුර පාර්ලිමේන්තුව විවෘත කරන දිනෙයේ හර්තාලයක් පැවැත්වීම.
2. දෙමළ තරුණයන්ට වෙඩි තැබීම හා වධ හිංසා පැමිණවීම හෙළා දැකීම.
3. ජනවාරි 14 වනි දා නිව්යෝක් හිදී ඊළම ප්‍රකාශය පත් කිරීම ගැන නිව්යෝක්වාසී ශ්‍රීධරන් මහතාටත්, ලන්ඩන්වාසී වයිකුන්තවාසන් මහතාටත් ස්තූතිය පළ කිරීම.

ඊළඟට කුමක්ද? පෙනෙන විදියට නම් දෙමළ කොන්ග්‍රස් ශිල්පීන් ඊළම් කඹයේ හොඳ හැටි පැද්දෙනු ඇති. බොහොම තදින් අලූත් ශිල්පීන්ගේ පරණ ශිල්ප දැක්වීමක් ප්‍රශ්නයක් පැන නගිී මේ කාරියේ සම්ප්‍රදායික ශිල්පින් කෝ? ඔවුන් එය අත්හැරියා වත්ද?

ඉකුත් කතුවැකි

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|


'සහෝදර ජනතාව'

ඔබ සිතන්නේ
ඔවුන් අඳුරු බිම්ගෙයක
කෘර වද දී සිරකළ යුතු බවද
එසේනම්
කටු කම්බි ගසා
කඳවුරක ගාල් කළ වුන්
නිදහසේ ජීවත්වන බව
ඔබ පවසනු ඇත

ඔබ සිතන්නේ
ඔවුන් විළි බිය නැති
නිරුවත් වනචාරීන් බවද
එසේ නම්
ඛෙදාදුන් කඩමාල්ලක්
දවටා ගත් කළ
ඔවුනට සේද සළු ඇති බව
ඔබ පවසනු ඇත

ඔබ සිතන්නේ
ඔවුන් තැන තැන වැටී
හාමතේ මිය යා යුතු බවද
එසේ නම්
පාන්දර තුනේ පෝලිමේ
ඛෙදෙන වතුර ඩිංගට
අමෘතය වැනි යැයි
ඔබ පවසනු ඇත

ඔබ සිතන්නේ
ඔවුන් වසංගත ලෙඩෙන්
වනවී වැනසී යා යුතු බවද
එසේ නම්
ස්වේච්චා දොස්තර වරයෙකුගේ
ඛෙහෙත් පෙත්තකට
දිව්‍ය ඖෂධය යැයි
ඔබ පවසනු ඇත

ඔබ සිතන්නේ
ඔවුනට හිමි එකම ඉරණම
ජීවිතය නොව මරණය බවද
එසේ නම්
මළ මිනිසුන් අතර ඉතිරිවුනු
මිනිසෙකුගේ හුස්මකට
ජීවිත් වීම යැයි
ඔබ පවසනු ඇත

ඔබ සිතන්නේ
ඔවුන් දනින් වැටී පෑගී
නිවටුන් සේ සිටිය යුතු බවද
එසේ නම්
බලාගත් අත බලා ඉන්නා
මේ නිහඩ මිනිසුන් ට
සහෝදර ජනතාව යැයි
එවිට ඔබ පවසනු ඇත

මහේෂ් මුණසිංහ
2009 07

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|


Source - LNW

The Sri Lankan government has banned Lanka News Web in Sri Lanka from yesterday (11) night in complete violation of the peoples right to information.

Lanka News Web viewers in Sri Lanka feel that the closest reason for the banning could be a story carried on the website at about 7 p.m. on the 11th. The story in question was carried under the title A shower of stones for Namal from the IDPs in Menik Farm.

Although this story could be considered as the closet reason for the banning of the news website, the real reason has to be look at more deeply.

The government has taken steps to silence media institutions and journalists who are not under government control to be engaged in news reporting in a manner that suits the Rajapakse government. As a result, some private media institutions have gone a step beyond and are now acting in favour of the government even more than the state media institutions. Some other media institutions have stopped being critical of the government. A few websites have even stopped operating.

Our website that was being operated outside the country due to these conditions in the country has now become a victim to the state media suppression. The first indication of the suppression being unleashed against website was first revealed by another media organization.

Our website was closed down for two days by the authorities after they got officials of the Lankadeepa newspaper to lodge a complaint against us.

Due to the government's failure to close down the website even after that, we kept receiving information of various actions taken by the government in the past few days to shut down the website.

However, since our website was being operated from outside the country, the threat brought upon us was minimal.

The government finally decided to ban our website in Sri Lanka from the 11th.

The first website to be banded in Sri Lanka was Tamil Net.

This incident proves yet again the Rajapakse government's violation of the people right to information.
Although our website has been banned in Sri Lanka, viewers could access the site by going through http://www.proxybrowsing.com/.

It is now time the government came out of the misconception that banning the website would prevent the news from flowing to the people.

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|

2009 ජූනි 2 වැනිදා දිනමිණ පත්‍රයේ කතුවැකියේ මෙහෙම ලියලා තිබුණා, "........වික්‍රමබාහුලා ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන්ද, ජනමාධ්‍ය නිදහස වෙනුවෙන්ද පෙනී සිටිමින් පිටකොටුව දුම්රිය පොල ඉදිරිපිටදී, ලිප්ටන් වටරවුම ළඟද විවිධ උද්ඝෝෂණ පැවැත්වූවා. ඒවායෙහි යටි අරුත වූයේ මෙරට මානව හිමිකම් උල්ලංඝනය කරන රාජ්‍යයක් ලෙස බටහිරට පෙන්වා දී එහි වාසිය කොටි සංවිධානයට ලබා දීමය. එලෙස උද්ඝෝෂණ පැවැත්වූ සෑම වාරයක් පාසාම කොටි සංවිධානය ඔවුනට හොඳින් සලකා ඇති බව දැන ගන්නට ලැබී ඇත. ඊට අදාල සිදුවීම් සාක‍ෂි සහිතව ඉදිරි දිනවලදී පෙන්වා දිය හැකියි........."

"...වික්‍රමබාහුලා, වෘත්තීය පත්‍ර කලාවේදීන්ගේ සංගමයේ සභාපති හා ලේකම්ද කොටි සංවිධිනයෙන් අල්ලස් ලබාගෙන ශ්‍රී ලංකාවේ දකුණ අස්ථාවර කිරීමේ ක්‍රියාදාමයක නිරත වී සිටින බව දැනගන්නට ලැබේ. මේ පාපකර්ම අද හෙට ගෙවා දැමිය නොහැකිය. කරත්තෙ බැඳි ගොනාට සරි සාපය මෙන්ම කොටි සහායකයන්ටද සමාවක් නැත.......... වික්‍රමබාහුලා ඇතුළු අනෙකුත් පිරිස ඛෙදුම්වාදයට උඩගෙඩි දෙති. ජනතාව මුලා කරති."

මේ විදියට පත්‍රයේ පළවෙලා කියල මං දැනගත්තේ කීප දෙනෙක්ම ඒ ගැන මට දන්වල එව්වට පස්සෙයි. කියවල බැලූවහම මට පුදුම හිතුනා මේ මිනිසුන්ගේ වැඩ ගැන. මොකද? දිනමිණ පත්‍රයේ කතුවරයා මහින්ද අබේසුන්දර මං සෑහෙන්න දන්න කෙනෙක්. ඒ දවස්වල චන්ද්‍රිකා දෙමළ ජාතික ප්‍රශ්නයට එක්සත් ප්‍රාන්ත රාජ්‍ය ක්‍රමයක් ගැන කථා කරන කාලේ ඒ අදහස් ඇතුළු චන්ද්‍රිකා පතිපත්තිවලට දිනකර කියල පත්‍රයක් පළ කළා. මටත් ඒකේ කොළමක් බාර දුන්නා. ලක්බිම ඇරෙන්න වෙන පොදු පත්‍රවලට මං කොළම් ලිව්වේ නැති වුණත් දේශපාලන පත්‍රවලට ලියන එක වැරදි නැහැ කියලයි එකඟත්වය තිබුණේ. ඒ නිසා මං දිගටම දිනකර පත්‍රයට කොළමක් ලිව්වා. ඒක තුළත් මං එදත් ලිව්වේ දෙමළ ජනතාවගේ ස්වයංතීරණ අයිතිය උඩම තමා. මං දෙමළ ජනතාවගේ ස්වපාලනය ගැන ලියන්න පටන් ගත්තේ 1974 ඉඳල. ඒ කාලේ ප්‍රභාකරන් දේශපාලනයට ඇවිල්ලත් නෑ. දෙමළ ජාතිය හැටියට ඇති අයිතීන් ගැන මුලින්ම අදහස් ඉදිරිපත් කළේ මමයි. 1948 විතර කාලේ කොමියුනිස්ට් පක‍ෂය තුළ ස්වයංතීරණ අයිතිය ගැන කථා වුණත්, එය කිසිම විටෙක එළියට ආවේ නෑ. ඒ අදහස් ගෙනාපු අයත් ඉක්මණටම පක‍ෂ නායකත්වයෙන් හැලූනා. ඒ නිසා දෙමළ ජාතියේ ස්වයංතීරණ අයිතිය පිළිගත යුතුයි කියල මුලින්ම කිව්වේ මමයි. ඒක මං කිව්වේ ලෙනින්වාදී පදනමක උඩ මිස කොටි සංවිධානයේ බලපෑමෙන් නෙවෙයි. 1974 කොටි සංවිධානය හැදිලත් නෑ. ප්‍රභාකරන් ඒවා දන්නෙත් නෑ.

ඒ වුණත් දිනකර ට ලියන කාලේ මේ අදහසම මං ලිව්වහම දැන් ඔය මං ගැන පච දොඩවන මහින්ද අබේසුන්දරම ඒවා තමන්ගේ පත්‍රයේ උජාරුවට පළ කළා. එතකොට එදත් දිනකර පළ කළේ කොටින්ගෙන් සල්ලි අරන්ද කියල මට අහන්න වෙනව. එහෙම ගත්ත නම් මගේ පංගුව නොදීපු එක ඊටත් වඩා කැත වැඩක්. මේ වගේ හතර හිනා කථා කිරීමෙන් අබේසුන්දර මහත්තයත් උඩ බලන් කෙළ ගහගන්නව වගේ වැඩක් කරගන්නව කියලයි මට හිතෙන්නේ.

දැන් සල්ලි ගන්නට මං මොකටද කොටින්ට ඕනෑ දේවල් කරන්නේ. සල්ලි ඕන වුණා නම් මහින්ද රාජපක‍ෂට එකතු වුණාම ලේසියෙන් හොඳ ආදායමක් අරන් ඒ උන්නැහේගේ චින්තනයට ආවඩමින් ඉන්න තිබුණනේ. ඒක මට ඉතාම ලේසියෙන් නෑදෑයෝ, පවුලේ උදවියවත් සතුටු වන විදියට කරල පහසුවෙන් ඉන්න තිබුණා. නිනව්ව ලියනව වෙනුවට වලව්ව ගැන ලිය ලියා ලොකුකම් කරගෙන යටිනුවර සංවිධායකකමකුත් අරන් ඉන්න තිබුණා. ඒ වෙනුවට නිකම් බැට කකා, දුෂ්කර ගමනක ගිහින් කොටින්ට පන්දම් අල්ලල ගතමනාවක් හොයා ගන්නේ මොන එහෙකටද? ඒ අනුව හිතන්න පුළුවන්, මොළේ කළඳක් හරි තියෙන කෙනෙකුට පෙනෙනව මං මේ කරන දේශපාලනය කරන්නේ සල්ලි හොයා ගන්න නම් නෙවෙයි කියල. වික්‍රමබාහුගේ දේශපාලනය තේරුම් ගන්න පුළුවන් දේශපාලනය ගැන දන්න කෙනෙකුට මිස තම වාසියට පත්‍ර කරන මිනිසුන්ට නෙවෙයි. සමහර පත්‍රකාරයෝ කාට හරි උඩගෙඩි දීල තමන්ගේ ජීවිතය සරු කරගන්නව වෙන්න ඇති. එහෙම කෙනෙක් කළ යුතු හොඳම වැඩේ තමයි දැනට බලයේ යන්තමකට හෝ ඉන්න බව පේන මහින්දට එකතුවෙලා තමන්ට වාසියක් කරගන්න එක. ඒ නිසා මං මහින්ද අබේසුන්දරට දොස් කියන්නේ නෑ. එදා මිනිහ මට දිනකර පත්‍රයට ලියන්න ඉඩ දීපු එක ගැනත් මං මිනිහට ස්තූති කරන්න වෙනවනේ. එදත් ඒකට මට සල්ලි නම් ලැබ්ණේ නැහැ. මං ලිව්වෙත් මගේ දේශපාලනයට ගැලපෙන ඒවා මිස චන්ද්‍රිකාට ගැලපොන ඒවත් නෙවෙයි.

දැන් මේ වගේ බොරු කරමින් මට මඩ ගහන්නේ ඇත්තටම අපි කියන, ලියන ඒව ගැන අබේසුන්දරගේ හාම්පුතුන්ට ලොකු ප්‍රශ්නයක් ඇති නිසා වෙන්න ඕනෑ. නැත්නම් හැමදාම වගේ මේ විදියට දොඩවන්නේ නෑ. මේක දිනමිණෙහි විතරක් කරන දෙයක් නෙවෙයි, රාජ්‍ය මාධ්‍ය හැම එකකින්ම මේ අරගලය දියත් වෙලා තියෙනව. මෙයින් පෙනෙන්නේ දෙමළ ජනතාව යුද්ධයෙන් යට කරගත්තත් දැන් ආපසු උතුරු-නැගෙනහිරට දේශපාලන බලය පැවැරීම මතුවෙලා බවයි. මේ රජයට යුද්ධය වෙනුවෙන් සියළු බර ඉසිලු ඉංදියාව, ඇමරිකාව ඇතුළු ගෝලීය බලවතුන්ට දැන් තදින් දෙමළ මානව අයිතීන් වෙනුටවන් පෙනී සිටිමින් දේශපාලන බලයට දෙමළ ජනතාව පංගුකාරයින් කරගැනීමට බලපෑම් දමනව. දැන් බලය ඛෙදීම ගැන මහින්දටම කථා කරන්න වෙලා. මේ තුළ රජය තුළම අර්බුදයක් මතුවීම ස්වභාවිකයි. මේ අපට ගහන්නේ මේ ආණ්ඩුව තුළ ජාතිවාදී කොටසට අයත් වන කොටස විසින්. ඔවුන්ට මේ සිදු වන දේ අදහා ගන්න බෑ. ඒ නිසා අපට පහර ගහල ලොකු සටනක් පෙන්වන්නේ රජය තුළම කුමන්ත්‍රණයක් සඳහායි.


ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න.
08.06.2009
(සන්නස - ජූනි)

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|
|


බාලචන්ද්‍රන්

කුඩා සඳ
කුඩා වෙද?
අනාවැකි
දොඩාවිද?

හිරු මැරූ කෙසරූ
හිරු රැස් දසත පැතිරූ
මවුබිම විසුල රුහිරූ
මැවු සඳ සිතුම් පවුරූ
කෙසරු විය වියරූ
බලන් පැටි සඳ මැරුව අයුරූ

වලාකුළු
ඉරාගෙන
සරාසඳ
මුවාවිය

තරුත් බියෙන් මුසපත් වී සමු ගනිතී
ගුවන් ගැබ අඳුර පමණක් සැරිසරතී
සඳත් හිරු වෙලා පැමිණෙන දිනක් වෙතී
ඉතින් අපට සැඟවෙන්නට තැනක් නැතී

මංජුල වෙඩිවර්ධන
2009 ජූලි

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|


ලංකා ඉරිදා සංග්‍රහයෙන් උපුටා ගත්තෙමු.

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|
|


හිරිහැරයි මේ පිළිවෙළ

හිරිහැරයි
මේ පිළිවෙළ
තරු ද මුදු නළවැල් ද පන්නා
කවුඵ ද ඇය වසා දමලා

බුරුත දෙබලේ ඇන තියාගෙන
හද හූල්ලනවා ද මංදා
කල්පනා දැල් වියපු පෙරදින
මකුඵවන් කෝ සැඟවුණාව ද?

දැකුඵ මල් නම්
යළි පිපෙන්නේ නැත.....
කඩා වැදි සගයන් දමා ගිය
පොත් කුරුටු බලි
දැන් විසිරී නැත
ඈ නිසා පිළිවෙළයි
කුටියම
(වැරදුණා දැන් සොඳුරු හිර ගෙදර)

ගඟ බඩින් නික්ම ගිය පසු
චන්ද්‍ර බිම්බය ද සැඟවෙයි
මට ම පෙම් කරන්නේ ඇයි
පාලම් ඇන්ද අමතක කර
හූ කියනවා ගං දිය
ඇහෙන්නේ නැතිව ද?

හිරි හැරයි මේ පිළිවෙළ
(ඇය පාරවන්නත් බෑ මට)
වීදියේ සැරුව මිනිහෙක්
රාමුවක කවි ලියන්නේ
කොහොම ද?

"කවි අමතක කරන්නෙපා
බැන්දට!"
රළ නගන හැටි තිස්සෙ ම
මිතුරු කවියෙකුගෙ
වදනක්
මගෙ සවන් අද්දර

- ඩී. එම්. ටිම්රාන් කීර්ති

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|
|


[ප්‍රොජෙක්ට් මීටිමේ දී ලිව්ව සංයුක්ත කවියක් - රසිකගෙනි.]

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|


Prison Nation

(Perhaps this war will pass like others which divided us
leaving us dead, killing us along with killers
but shame of this time puts its
burning fingers to our face
who will erase the ruthlessness
hidden in innocent blood? )
Pablo Neruda – Selected Poems

Blood smudges specter of present days
clash and try to strangle each others,
The gallows fruits continually in barren ground
to hang innocent with flattered in charnel house.

The hunters open smelling mouth and paws
to skinned and mutilate you and me,
Nocturnal delimit the borders among us
to divided canopies and roots of womb.

Agent evils offer chauvinism to next
and flame scatters as pillars of decline
it leads people to dig grave itself
War profits for devils turn men into beasts.

Who will awake the conscience of bones?
to fulfill pure life and pure memories,
Who will erase the pains of warm blood?
to grew the seeds of humane and love.

Sunil Ranasinghe

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|

රන් තැටියක කඳුළු

මා පමණි ඔබ කැටුව ආවේ
මමද යමි දියණියනි
මොහොතකින් සඳ ඒවි තනියට
රන් තැටිය පුරවා කඳුලින්

මෙතෙක් ලොව නො ඇසුව
මියුරු නැළවිලි ගී
ලයට කැටි කොට නිදයි ඔඛෙ මව
අවදිවන ඇසිපියෙන්
බිඳී සුන්වන ලොවක.
බිහි නොවූ හෙට දවස
ඇය නොදත් රහස දැන
කාලයේ ගැබ තුලෙහි
ඉකිබිඳියි කම්පාව.

දස එකඩ මසක් ඈ රැකි
සෙනෙහසේ නිධානය
වෙස් මුහුණු තුලට වූ බහිරවයන්
නුහුරු බස් තෙපළමින්
වට වෙමින් අඩු නියෙන්
පැහැර සඟවන අතර
බලා සිටියෙමි කොනක
ගොළු වෙමින් අසරණව

සෙමෙන් තව තව සෙමෙන්
පස් පිඩැල් පෙරලන්න
මවගෙ ඇකයෙහි පහස
නොදත් දැරියකි සිඟිති

කිරි ගරුඩ කොත් හෙළන
අඳුරු සෙවණැලි අතර
නුහුරු නුපුරුදු ලොවක
සැතපෙන්න දියණියනි.

මොහොතකින් සඳ ඒවි තනියට
රන් තැටිය පුරවා කඳුලින්.

දයාසේන ගුණසිංහ (1936-1996)

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|


හෙනහුරා බැල්ම හෙළා

අධ්‍යාත්මවේදී චන්ද්‍රසිරි බණ්ඩාර දැන් සිටින්නේ මධ්‍යම රහස් ඔත්තු සේවය භාරයේය. අත්අඩංගුවට ගැනීමට හේතුව ලෙස සීඅයිඩීය ප්‍රකාශ කර ඇත්තේ චන්ද්‍රසිරි ශනි, කේතු, රාහු, සෙනසුරු ආදීන් සමග අනවශ්‍ය සබඳතා පැවැත්වීමය. චන්ද්‍රසිරි අත්අඩංගුවට ගෙන හතරවැනි තට්ටුවට ගෙන ඒමෙන් පසු ඔහුගේ බිරිඳට දුරකථනයෙන් කථා කළ රහස් නිලධාරියකු විමසා ඇත්තේ චන්ද්‍රසිරිට තාරකා සමග තිබුණු සම්බන්ධය ගැන තමුන් බිරිඳ හැටියට මොකුත් දන්නවාද කියාය. දෙයියම්පා නැහැ සර් කියා දුරකථනයෙන් දිවුරා කියූ ඇය චන්ද්‍රසිරි තමන්ටත්, දරුවන්ටත් ආදරය කරන ස්වාමියකු මිස එසේ වෙන වෙන ගෑනුත් එක්ක අංකර ඇල්ලු අයකුයැ'යි තමන් කිසිසේත් විශ්වාස නොකරන බව ද කීවාය. චන්ද්‍රසිරි නම්, ඔහු හතරවැනි තට්ටුවට ගෙන ඒම පිළිබඳව ඉමහත් සේ සතුටු විය. මන්ද පොළොව මට්ටමේ ඉන්නවාට වඩා හතරවැනි තට්ටුවේදී තමන්ට තරමක් හෝ ග්‍රහ තාරකාවලට කිට්ටුවීමට ඉඩ ලද බැවිනි.

වහා ක්‍රියාත්මක වූ රහස් නිලධාරීහු චන්ද්‍රසිරි කකුලේ මහපිට ඇඟිලිවලින් බාල්කයක එල්ලුහ. හරි දැන් කියනවා තමුසෙට සනි එක්ක තියන සම්බන්දෙ මොකක්ද?
රහස් නිලධාරියකු ඔළුව බිමට සිටින සේ පැද්දෙමින් සිටි චන්ද්‍රසිරිගෙන් ඇසීය.
මොන සනි ගැනද ඔය අහන්නෙයැයි ඇසූ චන්ද්‍රසිරිගේ බඩට එකක් ඇන්න නිලධාරියා ඇයි ඕයි අර තමුසෙ ලියල තිබුණෙ සනි, කේතු, අතුරු දසාවේ නම් සැප්තැම්බර් මාසෙදි ලොක්කට කෙළවෙන කතාවක්. කවුද ඒක තමුසෙට කිව්වෙ?
ආ ඒක කිව්වෙ ශනි නෙවෙයි, සෙනසුරු
අන්න හරි, ඌ කොහෙද ඉන්නෙ?
සෞරග්‍රහ මණ්ඩලේ කියූ ආධ්‍යාත්මවේදියාට, මල පන්නවාගෙන සිටි රහස් නිලධාරියා පංචකාම රසය ක්ෂණිකව ලබා දුන්නේය.

ජනාධිපතිතුමා කන්‍යා ලග්නයේය. අත්අඩංගුවට පත්වීමට පෙර චන්ද්‍රසිරි ජනාධිපතිතුමාගේ ලග්න පළාඵල ගැන සිරිකොතේ දේශනයක් කළේය. සැප්තැම්බර් සාහිත්‍ය මාසය එළඹෙද්දී ජනාධිපතිතුමා රත්නසිරි පුටුවේ තබා එතුමා ලෝක ත්‍රස්තවාදය තුරන් කිරීමේ ජාත්‍යන්තර අරගලයට නායකත්වය දීමට යන බව නිසැකයැයි හෙතෙම එහිදී කීවේය. අනතුරුව පුටුවේ සිටින රත්නසිරිට කොළේ වසා මීන ලග්නකාර රනිල්ගේ ගුරු බලවත් වීමෙන් හෙතෙම පුටුව ගන්න බවට ද සපථ කළේය. විපක්ෂ නායක රනිල්, තිස්ස ඇතුළු සගයෝ එල්ලෙන්නට තිබුණු පිදුරු ගස් පවා ජනාධිපති විසින් කපා දමා තිඛෙන තත්ත්වයක් තුළ චන්ද්‍රසිරි බණ්ඩාර වීදියේ බණ්ඩාර සේ දුටහ. ඉන් නොනැවතුණු ආධ්‍යාත්මවේදියා කන්‍යා ලග්නයෙන් උපන් නැපෝලියන් බොනපාට් සෙනසුරු ලබා නීචවී, කිචවී ගිය සැටිද ඉරුදිනට ලියා හතළිහේ දශකයේ උපන් කන්‍යා ලග්නයේ ජන නායකයන්ට 13 හා 17 යන අංකවලින් එන ව්‍යවස්ථා සංශෝධන මරු අපල ගෙන දෙන බවද ලීවේය.

චන්ද්‍රසිරිගේ අනාවැකි ඇත්ත වුවත්, බොරු වුවත් ජනාධිපතිතුමා ඒවා ගැන වැඩිපුර උනන්දුවන්නට පටන් ගත්තේ ඉන්පසුවය. තම කන්‍යා ලග්නය ගැන දෛනිකව පත්තර පෙරළා, බලන බලන පලාඵල විස්තර හරි බව ජනාධිපතිතුමාට සිතුණේය. එක් දිනක් කන්‍යා ලග්නය යටතේ ලියා තිබුණේ බාධා යට යයි, අතේ සතපහක වියදමකින් තොරව දෙතුන් සියයක් සමග විදේශයන්හි විනෝද ගමනක් යාමට සිත්දේ කියාය. ඒක හරියටම හරි ගියේය. අද දින කන්‍යා ලග්න හිමියාට බඩේ අමාරු සහ පෙම් සබඳතා පලදෙනු ඇත කියන දවසට ඒකම වුණේය. කෙටි ගමන් බිමන් යෙදේ කියන දවසට ඉන්දියාවේ හෝ පාකිස්තානයේ සංචාරවල නියැලෙන්නට සිදුවුණේය. අද ඔබට සොර සතුරු උවදුරු කියා තිඛෙන දවසේම රාජිත හෝ වීරවංශ යන දෙදෙනා දෙකොණින් 13 වැනි සංශෝධනය ගැන මුඛ පූට්ටු වෙන කථා කියති. අද ඔබ උගතුන් වෙතින් අපකීර්තියට ලක්වේ කියා ලියා තිඛෙන දවසට මර්වින් කාගේ හෝ සරමක් කඩා ජනාධිපතිතුමා නෝන්ඩි වෙන වැඩක් කරයි. ඌරන්ගෙන් වගාවට බාධා කියා තිබුණු දවසක මහින්දානන්ද වැන්නකු මොකක් හෝ කෂිලියක් ඇද ගනියි. ඔයින් මෙයින් ජනාධිපතිතුමා පලාඵල විශ්වාස කරන තත්ත්වයක් උදාවීම ආධ්‍යාත්මවේදියා ද නපුරට හෙලූවේය. එපමණක් නොව, ඉන්පසුව පත්තරවලට පලාඵල තීරු ලියන ජ්‍යොතීර්වේදීහු පසුපස සුදුවෑන් එන්නට පටන් ගත්හ.

ලක්බිමට ලියන ආනන්ද සෙනෙවිරත්න, දිවයිනේ ඩී.ඩී. පෙරේරා, ලංකාදීපයේ අබේසේන හේරත් වැනි ප්‍රකට ජ්‍යොතීර්වේදීහු සිය දුරකථන, ෆැක්ස්, ඉන්ටර්නෙට් විසන්ධි කර දමා නිවෙස්වල සිට ග්‍රහ තාරකා ඔස්සේම සිය පත්තර කන්තෝරුවලට දෛනික ජ්‍යොතිෂ සටහන් එවන්නට පටන් ගත්හ. මේ දිනවල පුවත්පත් ආයතනවලට කථා කොට, එම ජ්‍යොතීර්වේදීන් ගැන ඇසුවහොත් කතුවරුන් කියන්නේ ඉන්න තැනක්, ගෙයක්, දොරක්, දුරකථන අංකයක් තමන් නොදන්නා බවත්, ඔවුන් හමුවන්නට නම් යුරේනස්, නෙප්චූන්, ප්ලූටෝ වැනි දුර ග්‍රහලෝකවල සහාය ලබාගත යුතුව තිඛෙන බවත්ය.

පංචකාම රසයෙන් සිහිමුර්ඡාවී සිටි චන්ද්‍රසිරිට ටික වේලාවකින් සිහිය ආවේය. මරුමුස් පෙනුමක් තිබුණු රාහු වැනි අතුරු ග්‍රහයකු ඉදිරියට පැමිණ චන්ද්‍රසිරිගේ ගෙළ මිරිකා ඔළුව ළඟ තිබුණු බිත්තියේ ඇන්නේය. ඔහුට ලීඩර් කර්තෘ ලසන්ත වික්‍රමතුංග සිහිවිය. ඔහු සිටියා නම් සිංහලෙන් බැරි නම් ඉංග්‍රීසියෙන් හෝ තමන්ගේ සෙනසුරු ඒරාෂඨකය ගැන ලියනු ඇති බව චන්ද්‍රසිරි සිතුවේය. ඒ වෙලාවේ රාහුවා ගෙරෙව්වේය.

"තමුසෙ මොකද්ද අර ලොක්ක ගැන ලියල තිබුණෙ සෙනසුරු නීචවීමෙන් ගැළවෙන්න නම් පොලිස් සහ ඉඩම් බලතල කියන දෙකම දෙන්න ඕන කියලා. කවුද තමුසෙට ඔහොම අවලං කථාවක් ලියන්න කිව්වෙ."

zකන්‍යා ලග්න හිමියන්ගෙ ගුරු සතුරු බලය උච්ච වෙලා තිබුණා. ඒ වෙලාවෙ චන්ද්‍රයෝගය තිබුණු දහවැන්නේ සෙනසුරා ගමන් කිරීම නිසයි එහෙම කියන්න වුණේ. ඒ අනුවනෙ චම්පික රණවකත් ආණ්ඩුවෙන් යනව යනවා කියන්නෙ. එතුමා යනව යනවා කියන්නෙ එතුමගෙ සෙනසුරු නීච වෙලා කියල තමුසෙට ලියන්න තිබුණනෙ. රාහු යළි සැර දැම්මේය.

ඔව් එහෙමත් ලිව්වැහකි තමයි.
එහෙනම් නොලිව්වෙ ඇයි කියා ඇසූ සනී වැන්නකු තව එකක් ආධ්‍යාත්මාවේදියාට ඇන්නේය.

ජනාධිපතිතුමා ජ්‍යොතීර්වේදීන් සමග සුහද හමුවක් පැවැත්විය යුතු බව සිතා හදිසියේම සිංහලෙන්, ඉංග්‍රීසියෙන් මෙන්ම දෙමළෙන් ලියන ජ්‍යොතීෂවේදීන් අරලියගහ මන්දිරයට කැඳවූයේය. මගේ කන්‍යා ලග්නයට මේ කාලෙ කොහොමද, එතුමා මුලින්ම ඇසූ ප්‍රශ්නය එයයි. කන්‍යා ලග්න හිමියන්ට ලැබූ නවාංශකය තුළ කන්‍යාවන්ගෙන් සුබයි. ජ්‍යොතීර්වේදීහු තම හසල දැනුම එකලූ කරමින් කීහ. හැබැයි කන්‍යාවන් නොවන අයගෙන් තරමක් අපලයි. ඒක මං දන්නවා කියූ ජනාධිපතිතුමා ඊළඟට ඇසුවේ ජ්‍යොතිර්වේදීන්ට තියන ප්‍රශ්න මොනවාද කියාය. සෞරග්‍රහ මණ්ඩලයේ, ග්‍රහ තාරකාවල හා වෙනත් අභ්‍යවකාශ වස්තුවල උච්ච චලන නිසා සමහර අවස්ථාවල තමන් මහත් අපහසුතාවලට ලක්වන බැවින් ප්‍රභාකරන්ව නිහඩ කළා සේ ග්‍රහතාරකාවල චලනය සාමාන්‍ය අතට හරවා දෙන ලෙස ඔවුහු ජනාධිපතිතුමාගෙන් ඉල්ලුහ. අයියෝ සුළු දෙයක්නෙ කියූ ජනාධිපතිතුමා, බැසිල්, ඩලස්, මර්වින්, බන්දුල ගුණවර්ධන, සජින් වාස් වැනි ග්‍රහයන්ට ටෙලිෆෝන් කර කීවේ මේ ප්‍රශ්නය "දකුණු සුවර්ගය" වැඩසටහනේ උඩටම දාගන්නා ලෙසය.

ඇත්තටම ඇයි ඔයාලට බැරිවුණේ ප්‍රභාකරන් මැරෙන දවස කියන්නයැ'යි ඊළඟට ජනාධිපතිතුමා ඇසූ ප්‍රශ්නයට ඔවුන් කීවේ මිනිස්සු මැරෙන දවස කිවහැකි වුවත්, ප්‍රතිපත්තියක් ලෙස එය නොකරන බවය. හරි මං සම්බන්ධයෙන් ඔය ප්‍රතිපත්තිය වෙනස් කරන්න කියලා මම දැන් නියෝග කරනවා. ජනාධිපතිතුමා සැරවැර දමා එසේ කීමත් සමග බිරන්තට්ටු වූ ජ්‍යොතීර්වේදිහු ඉද්ද ගැසුවා සේ සිටගත්හ. බියෙන් වෙව්ලමින් සිටි ඔවුන්ට ජනාධිපතිතුමා ඊළඟට නියෝග කළේ තමන් මැරෙන දවස දැන් වහා කිවයුතුය කියාය. මොහොතක් අහස දෙස බලා මනෝමෙන් ගණන් මිනුම් හැදූ ඔවුහු "ඔබතුමා මේ කප තිඛෙන තුරු මැරෙන්නේ නැහැ කියා" හඩ නගා කීහ.

(රාවය- 2009-07-05)
- රාවය පුවත්පතෙනි.

විමලනාත් වීරරත්න

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|


මේව ගින්දර බයිලා- මල්ලි අහුලගනිල්ලා!

පිම්පික-
(ඔය) දෙමල්ලූංගෙ දුක
(අනේ) මොකට හොයනවද
(හැබැයි) දුන්නොත් දහ තුන
(අපි) පුරවනවා හක

මාරවංශ-
ඔය ටික ඔලූවට- වැටුනට කරුමෙට
රට ගිය පසුවට - මගෙ කට වට වැට!

ඩොකා සිල්වා-
(අර) ගැලරි සොමිය පතා
(අනේ) මොනාද මේ කතා
(මගෙ) ඇවිස්සුනොත් සතා
(බොට) කන්ඩ වේවි පුතා

බබ්මු සිරා-
සිංගො මචං සේරු සේරු
මුං සේරම මෝරු මෝරු
නොකියා කතා බූරු බූරු
වෙන්ඩ නිකං මාරු මාරු

ජහමරාණෝ-
(අඩෝ) ඉරි ඇඳ ඇඳ ජලේ
මොකට වෙහෙසනවද මලේ
මං රජා සිංහ රැලේ
පැනපු ගමං කනවා මොළේ

ඩෝං පුතා

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|


අන් සතු (මා) රුව

මම විඳිමි ඈ රුව
පෙනෙන ලෙස තඹරුව
බිඟු ඇසින්
කරන ලෙද බලකලත් සිතුවිලි
ඇය හටම
කරන ලෙද ආලය හද තුලින්
කෙසේ කරමිද
ආලය වෙන කෙනෙකුට නතු වූ හදවතින්

ලිව්වේ LISHWISH

මෙම නිර්මාණය මට හමුවුනේ ලිෂ්විෂ්ගේ බ්ලොග් සටහනේ ඔහු ගේම නිර්මාණයක් ලෙසය.
මෙ නිර්මාණය මසිතට ගෙන ආ සිතුවිලි කීපයක් සටහන් කරන්නයි මේ වෑයම.

අන් සතු රුව හෝ අන් සතු මා රුව හෝ අන් සතු මාරුව යන මූලික ත‍්‍රිත්වාකරයෙන් මාතෘකාව තෝරා ගැනීමෙ නිදහස පාඨකයා වෙත පවරා ඇති මෙ නිර්මාණයේ ඇරඹුම ම අභ්‍යාසයක් වෙත අපව යොමු කරවයි.

කවියේ කියැවීම මාතෘකාවෙ අන්තර්ගත වරහන් මතින් පොදුවේ පිලිගත හැකි තුන් ආකාරයකට විචලනය වේ. මෙය කවියක ඇති බහුවිධ අරුත් මැවීමේ හැකියාව නිශ්චිතවම ඉක්මවා යෑමකි. මෙබදු වරහන් භාවිතයෙන් අකුරු සහසංයුජතාවයෙන් තැබීම වර්තමානයේ සුලබ සිදුවීමක් ද වේ. එහෙත් මෙ නිර්මාණයේ දී එය වඩාත් චමත්කාරජනක ප්‍රතිකතනයන් උපදවයි.

වචනරුත් සමග සිදුවන විවිධ කියවීම් වලට පෙළඹීමට හෝ යොමු වීමට සාපේක්ෂව මෙ මාතෘකා විවිධාංගීකරණය වීම නිසා සිදුවන විවිධ කියැවීම් කරා යොමු වීම මෙම නිර්මාණයේ ම අනිවාර්යය අංගයක් බවට පත් වේ.

එනයින් මෙම නිර්මාණයේ තේමාව වඩාත් ලං වන්නේ සම්භාවිතා ආකෘතියකටය. එනම් විවිධ අරුත් කෙරෙහි එළඹීමෙ සම්භාවිතා පරාසයක් අක්ෂගත රාමුවක සිට මෙහි කියැවීම විනිශ්චය කරන්නට සිදුවීමයි.

පහසුවට අපි මෙම කවියේ පේලි අංකනය කරගමු.

1-මම විඳිමි ඈ රුව
2-පෙනෙන ලෙස තඹරුව
3-බිඟු ඇසින්
4-කරන ලෙද බලකලත් සිතුවිලි
5-ඇය හටම
6-කරන ලෙද ආලය හද තුලින්
7-කෙසේ කරමිද
8-ආලය වෙන කෙනෙකුට නතු වූ හදවතින්

1-මම විඳිමි ඈ රුව
මෙහි දී කවියා කවියට සමපාත වී ඇත්තේය. කියවීමෙ දී ඈ රුව විදීමෙ යෙදෙන්නේ පාඨකයා ය.

2-පෙනෙන ලෙස තඹරුව
3-බිඟු ඇසින්
මෙ කියවන්නා දකින්නේ නෙලුමකි
එනමුත් ඒ බිගු ඇසෙනි


4-කරන ලෙද බලකලත් සිතුවිලි
5-ඇය හටම
6-කරන ලෙද ආලය හද තුලින්

හද තුලින් ආලය කරන ලෙස බල කළත් ඇය හටම කෙසේ කරමිද ආලය වෙන කෙනෙකුට නතු වූ හදවතින්...
මෙහිදී කියවන්නා තමන් වෙන කෙනෙකුට නතු වූ හදවතැතිව තම හද තුලින් මෙ වර්ණිත ඇය වෙත ආලය කල නොහැකි බව හගවමින් හිදී.
එය සිදුවන්නේ ද තම සිතුවිලිවලින්ම ය.
තම සිතුවිලි එලෙස තමන්ට බල කරන බව ලිඛිතය.

දැං කවියේ සිරුර පැහැදිලිය.
අප කළ යුත්තේ නිවැරදි හිස මෙයට සවිකර ගැනීමට උත්සාහ කිරීමය.
මෙම නිවරදි හිස සොයා යන ගමන් මාර්ගය වැටී ඇත්තේ වඩාත් විචිත්‍ර වූ තර්කානූකූල මංපෙතක් හරහාය.

නෙලුමක් දෙස බලා සිටිනා බඹරෙකු මෙන් ඇය දෙස බලා සිටිනා මා හට ඇයට ආලය කරන්නට යැයි මසිත බල කළ ද එය කෙසේ කරන්න ද හෝ එලෙස කළ නොහැක්කේ මා හද වෙනත් කෙනෙකු හා පිදූ බැවිනි.

අන් සතු රුව
මෙ නෙලුමක් හා සමාන තරුණිය අන් සතුය.
එහෙත්
නෙලුමක් දෙස බලා සිටිනා බඹරෙකු මෙන් ඇය දෙස බලා සිටිනා මා හට ඇයට ආලය කරන්නට යැයි මසිත බල කළ ද එය කෙසේ කරන්න ද ? නොඑසේ නම් එලෙස කළ නොහැක්කේ මා හද වෙනත් කෙනෙකු හා පිදූ බැවිනි.
ඇය අන් සතු වුව ද මා අන්සතු වුව ද මෙ ඇය දැකුමින් ලබන ආශ්වාදය මගහැරිය නොහැකිය.
කෙටියෙන් පවසතොත් ලෝකය මවා ඇතතේ මගේ සන්තුෂ්ටියට යැයි මට සිතීම වරදක්‍ නොවේ.

අන් සතු මා රුව
මෙ නෙලුමක් හා සමාන තරුණිය මගේ පෙම්වතිය වුව ද ඇය අන්සතුව ඇත.
එහෙත්
නෙලුමක් දෙස බලා සිටිනා බඹරෙකු මෙන් ඇය දෙස බලා සිටිනා මා හට ඇයට ආලය කරන්නට යැයි මසිත බල කළ ද එය කෙසේ කරන්න ද? එලෙස කළ නොහැක්කේ මා හද වෙනත් කෙනෙකු හා පිදූ බැවිනි.
මා ඇයට ආලය කළ ද ඇය වෙනස් ආලයක් වෙනුවෙන් මා හැර ගිය ද මෙ ඇය දැකුමින් මා ලබන ආශ්වාදය මග හැරිය නොහැකිය.
තවමත් මා සිතා සිටින්නේ මා අන්සතු බවය. ඈ සතු බවය.
නමුත් ඈ අන්සතු ය. ඒ මම ද නොවෙමි.
වෙනකෙකු ද නොවන්නේ විය හැකිය. චතුස්කොටිකයෙන් විසදා ගත යුතු තැනකට විතැන් වෙ. එනමුදු ‍‍භෞතික ලෝකයේ ප්‍රපංචයන්ට චතුස්කෝටිකය අදාල නොවේ.
මෙතැන දී ඇය සහ මා අතර අනන්ත චකී‍්‍රය සම්බන්ධයකින් නිර්මාණය වී කවිය වැසී යයි.
ඇය මා සතු වීමත් නොවීමත් දෙකම එක විට සත්‍ය වෙයි.
අර්ධ ලෙස වෙරෝනිකා හමු වීමක් සිදුවේ.
මෙ ලෝකයේ මැවුමෙ අර්බූදය ද මෙය යැයි මට [කවියට] සිතෙන්නේ මන්දැයි දැන් ඔබට තේරැම් යා යුතුය.
කෙටියෙන් පවසතොත් ලෝකය මවා ඇත්තේ මගේවත් ඇගේවත් කාගෙවත් සන්තුෂ්ටියට නොවේ යැයි මට සිතීම වරදක්‍ නොවේ.

අන් සතු මාරුව
මෙ ගැහැණු හුටපටය මිතුරන් දෙදෙනකු අතර තරුණියන් හුවමාරු වීමකින් විසදිය හැකි වුව ද එය මා හට කළ නොහැකිය- මක් නිසාද යත් මාරුව අන් සතු බැවිනි.
එහෙත්
නෙලුමක් දෙස බලා සිටිනා බඹරෙකු මෙන් ඇය දෙස බලා සිටිනා මා හට ඇයට ආලය කරන්නට යැයි මසිත බල කළ ද එය කෙසේ කරන්න ද හෝ එලෙස කළ නොහැක්කේ මා හද වෙනත් කෙනෙකු හා පිදූ බැවිනි.
මෙ අවස්ථාව වඩාත් ගැලපෙන්නේ නදීක ගුරුගේ ගෙ ගායනාවකටය

වෙරෝනිකා මට පිස්සු මට පිස්ෂු මට පිෂ්ෂු!

[එය වඩා විස්තර කිරීමේ වාග් චාතුර්‍යයක් මා වෙත නොමැතියෙනි ඒ. ]
මෙ ලෝකයේ මැවුමෙ අර්බූදය ද මෙය යැයි මට සිතෙන්නේ මන්දැයි දැන් ඔබට ද තේරැම් ගත නොහැකිය. කෙටියෙන් පවසතොත් ලෝකය මවා නැත.
මෙ තුන්වන අවස්ථාව සිදුවීමේ යථාව කුමන භෞතික අවශ්‍යතා මත සිදුවිය හැක්කේ දැයි කීම මා නොදන්නා මුත් නිර්මාණයේ තේමාව නොහොත් මාතෘකාව තුල වරහන් භාවිතයේ ඇති අධිනිශ්චය වීම් කර්තෘට හෝ විචාරකයකුට හෝ පාඨකයෙකුට සීමා පැනවීමෙන් අරැත් සංවෘත කළ නොහේ.

මෙ කවිය හරහා මා ගොඩනගන්නා වූ සම්භාවිතා ආකෘතිය මූලික අවස්ථා තුනකින් සමන්විත වෙ. එහි සිදුවිය හැකි ශක්‍යතාවයන් තව තවත් සොයා යාම මෙ අගයන් විසිරුමෙහි සන්තතිකත්වය ගෙන හැර පානු නොඅනුමානය. මෙබදු නිර්මාණයක් කියවීමේ දී ඇතිවන සංකීර්ණ ස්වභාවයන් ගෙනහැර පෑම මෙ කුඩා ලියැවිල්ලේ අරමුණ වීමට බොහෝ දුරට ඉඩ ඇත. මෙය හුදෙක් මෙම නිර්මාණ‍ය තුල වරහන් භාවිතයේ ව්‍යාකූලත්වය සහ එයින් නිමැවෙන තර්කාන්තයන් ගෙන හැර පෑමට ලියන ලද්දක් ලෙස සැලකීම වඩාත් උචිත වේ.


-ඩෝසන් ප්‍රීති-

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|


බිඳුනු පොට්ටු

සහන කඳවුරු වල මාපියන් දෙදෙනාම අහිමි දරුවන් දහස් ගණනකි.
-පුවතක්

රතුම රතු පොට්ටුවකි
හැම උදෑසන ම
නොවැරැද්දු
නුඹේ සුළැඟිලි තුඩින්
අපි දෙන්නගෙ ම
ඇහි දෙබැමි මැදින්

මුලින් අම්මා තියාගෙන
ඉන්පස්සෙ
මගේ නළලත ඉස්සූ
මතකයි ද රණ්ඩුව
අම්මා තාන් මුදලාවදු
නාන් තාන් රෙන්ඩාවදු **

හයියෙන් හුරතල් කර
හයියෙන් හිනා වී
මහ රෑම
බංකරෙන් පිටත් වුන අප්පා
නේන බව දැන දැනත්
පොට්ටුව පුරෝගත්
සංසුන් මූණ
නුඹ මගෙන් යන විටත් තිබුනා
මං බලන් ඉඳිද්දි ම
ඒ පොට්ටුවෙන් විද්ද
රතු ලෙයින්
අම්මා ගෙ සුදු මූණ පෙඟුනා

අඬන්න ට
විතරක් ම
දැන උන්නු මම
නුඹේ ඇඟ
බදාගෙන
වැළපුනා
වැළපුනා
වැළපුනා
.............
.............

නම් ලකුණු නොකරන
ගස් යට ඉස්කෝලය
දැං පුරුදුයි තමයි
වෙනසක් නෑ
බංකර් නැතුවා විතරයි
වෙඩි පුපුරන සද්දෙට
ගැහුනටත් හයියෙන්
පපුවම ගැහෙයි
නුඹ මතක් වී
නොදැනී ම
ඇහෙන් කඳුළුත් පනී

පොට්ටුව ගැන අහන්නෙපා
අම්මාට නැති පොට්ටුව
මම ආයෙත් තියන්නෑ
අම්මා අප්පා ගැන
උගන්නන්නෙපා
මට විතරක් නෙමෙයි
අපි කාටත් වාවන්නෑ

මහේෂ් මුණසිංහ
2009 07

** දෙමළ පද වල සිංහල තේරුම:
අම්මා තමයි පළවෙනියා
මම තමයි දෙවැනියා

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|
|

මල්පෝච්චිය

සුපුරුදු ලෙසට බැලුණි
ඉබේට ම
වෙනදා මෙන් නොව
අද එය
අලුත් මුහුණුවරක් ගෙන ඇත
රටාවකට ගෙත්තම් කළ
මකුළු දැලකින්


පී.වයි. කුලතුංග


කවිතාලතා
සිඵමිණ 05-07-2009

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|

පෙරුමාල්
උඹ වාසනාවන්තයි බං


ඉරගල නැගෙන සමනොල කදු තුඩග රැඳී
පිනි මල් කැකුළ පොත් කරවන තැලුම් කති
ඒ ගල් තැලුම් නුඹ හිස සිට නියග දැනී
වහ පොද මුවින් බැස සමනොල අඩවි වැඩි


ඩෝසන් ප්‍රීති
2009-07-04

ජාතියක ප්‍රමෝදයේ උන්මාදනීය බව මෙතනින්

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



With pomp and pageantry, showing the national flag as their clan flag, they are dancing dressed up in gold and silver, as if for a royal court. But they do not know that roof is coming down on them. Economy is as bankrupt as they are. At a time when there is a world economic crisis they cannot escape and dance like clowns. Chauvinists have given the false advice to increase the armed forces by 100,000 more. There is no relief to the masses. What is available is spent on armed forces. No one is prepared to help this government. They went to Burma and came back even without the money spent on the trip. While the government is strangling it self by such mad policies, there is intense pressure from the world community to relocate the 300000 suffering Tamils back at their own villages. Basil, Gotabaya and Lalith Weeratunga came back from India after receiving a good beating. The load of goods of the ship captain Ali had been put on their backs and sent back here! In addition due to Indian pressure they have agreed to devolution beyond the provincial council setup. It appears that the delegation agreed further, to ditch the chauvinist filth within the government. Though they brag about their victory there was no period in Lankan history where the rulers brought such disgrace to Lanka. Country is bankrupt while the people are starving both in the north and in the south. Lakhs and lakhs of people will be in streets without jobs and in hunger. Not only the private sector but also the state sector work places might collapse. Already ILO study has indicated 192000 have lost jobs in the recent past. It is like the situation that was in Lanka, in 1930s where malaria came with hunger. Similar epidemics are possible. Ministers are getting fat while the people are in great distress. A solution from the left is needed

-
BAHU
-LANKADEEPA Wata mesaya - 2.7.2009

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|


හෙට යැයි දිනක් නැත. අප හැම දිනම මිය යන බැවිනි. කිසියම් ලොවක කිසියම් මොහොතක මිනිසා එම ලොවට පිටස්තරයකු සේ හැගේ. එම කූඩුවෙන් පළා යාමට දොරටුවක් නැත. බලාපොරොත්තු කඩ වීම හා මමත්වය ඔහුට අවාසනාව ළගා කරයි. ඔහු ජීවත් වන්නේ ලෝකය ඉදිරියේ හෝ පසු පසයි. ඔහු තමා විසින්ම දිවි තොර ගන්නෙකි.

අසම්මතවාදියා ඔහු විසින්ම දිවි තොර කර නොගනී. ඔහුට ජීවත් වීමට අවශ්‍යය. සම්මතයක් ඔහුට අවශ්‍ය නොවෙ. සම්මත කිසිවක් ඔහුට නැත. බලාපොරොත්තුව මායාවකි. හෙට ගැන සිතීම නිශ්ඵලය. වගකීමෙන් තොර ඝාතනයට ඔහු එරෙහි වෙ. මිනිසුන් අතර මිනිසකු සේ ජීවත් වන්නට පෙළඹෙ.

ෂෝන් පෝල් සාත්‍රෙ
පිටස්තරයා නව කතාවට එක් කළ පසුවදනින්
translation by- Somarathna Balasuriya

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|


ජායිපූර් - රෝස පුරවරය

නිමිත්ත - ඉන්දියාවෙ ප‍්‍රථම සැලසුම්ගත නගරය වන ජායිපූර්හි සියලුම ගොඩනැගිලි රෝස පැහැති නිසා රෝස පුරවරය නමින්ද හැදින්වේ

මන්දිර, සදළුතල
පියගැට මෙන්ම පටුමං
සියල්ලම රෝස පැහැයෙන්
සිහින නුවරක් ලෙස;
සියල්ල වසා පැතිරිනු
මේ ගුරු රෝස පැහැය
උඩින් උඩින් උඩු ගුවනින් හැලුනාදෝ
බිමින් බිමින් මහපොලොවෙන් ඉනුවාදෝ
හිමින් හිමින් මද සුලගින් පැමිනියෙදෝ
කොයි අතකින් කොයි ලෙසකින් ආවාදෝ
අතීත දුර්ග මං පෙත මත
දිනූ රන් කරඩුවක් ලෙස
මුද්‍රාගත වුවද මේ පුරවර
සුපසන් ඉතිහාස පොතමත
ඒ සියලු මුද්‍රාමත
නොරැුදවු
දසදහස් මිනිස්
ජීවිත සිහින සහ
ලේ මස් ඇට නහර
සංමිශ්‍රීතව ඇත
වියලි ගුරු පොලොවට
එකට; දෙකට; තුන අනුපාතිකව
අධිපති රාජ බල බමනයකට හසුව
ඉතින් මේ ගුරු රෝස පැහැය
සිහිනමය වර්ණයක් නොව
සැම නුවරකටම පොදු
සංයෝග වර්ණකාරක වු
මිය ගිය සිහින වල නොඋපන් කාන්තියයි
ලේ මස් ඇට නහර වල පීඩිත ජීවයයි
මේ මහපොලොවෙම අපරිමිත ශක්තියයි
සැගවූ සැබැවක රහසිගත ස්වරයි

සුසන්ත ජානක

නිවාස යනු ජීවත් වීමෙ යන්ත‍්‍ර ලෙස ලේ කබුසි [Le Corbusier] පැවසුවෙය. ලේ කබුසි නූතනත්වයට පත්වූ වාස්තු විද්‍යාවේ පුරෝගාමියෙකු වේ. ඔහු විසින් සැළසුම් කොට නිමවා ඉන්දියාවේ ඇති චන්ඩිගාර් නගරය නූතන ඉන්දියාවේ ප‍්‍රථම සැළසුම්ගත නගර නිර්මාණයයි.

සුසන්තගේ මෙ නිර්මාණය මා දුටු පළමු මොහොතේ මසිත උපන් සිතුවිලි අතර ලේ කබුසි ගැන මතකය ඇවිස්සී ගියෙනි ඒ ඔහු ගැන සටහනකින් මෙ කෙටි ලිපිය අරඹන්නට සිතුනේ.
සිටිස් ඔෆ් ඩිස්පෙයාර් [City of Despair] නමින් ඔහු ලියූ නූතන වාස්තු විද්‍යාව පිළිබද කෘතියක වූ සටහනක් මම මෙසේ උපුටා තබමි.

නගරය ප‍්‍රසාරණය වෙනවා.
නගරයේ වීථි ජුගුප්සාජනක යි.
ශබ්ධයෙන් දූෂිත යි.
දූවිල්ලෙන් පිරිලා.
භයානකයි.
මනුෂ්‍යයන් පදික වෙදිකාවල ගාල් කරලා.
ඔවුනොවුන් එකෙකාගේ ගමනට හරස් වෙලා.
එකෙකාගෙ කරේ නැගලා වගෙයි.
පැත්තෙන් පැත්තට මාරු වෙවී ඇවිදින්නට වෙලා.
සමස්ත දර්ශනයම මහා විනාෂයක් වගෙයි.
වාතය දූෂණය වෙලා දුහුවිලි සහ දුම් වලින්.
මාවත් පුරා පැතිර ඇත්තේ මරණයේ ශාපයයි.
ජීවත් වීමෙ ගුණාත්මක සාධක මනුෂ්‍යයකු අත් විදින්නේ කොහොම ද?
කාට හරි මෙහෙම ජීවත් වන්නට පුළුවන් ද?
[පරිවර්තනය , උපුටනය සහ අවධාරණය කර්තෘ විසිනි ]

මේ අයුරින් දහනව වන සියවසේ පුනරුදයේ මුල් අවදියේ නගර නිර්මාණය විකාරයක් ලෙස දුටු කබුසි මිනිසාගේ වාසස්ථාන පිළිබද නව කියැවීමකටත් එම වාසස්ථාන සංගෘහිත වන මාර්ග පද්ධති සහ පහසුකම් පද්ධති සදහා වෙනස්ම කියැවීමක් මත පිහිටා කටයුතු කරන්නට ගත්තෙන් වාස්තු ලෝකය පැරණි රෝම- ඊජිප්තු- ගී‍්‍රක සම්ප‍්‍රදායන්ගෙන් බිදී ජීවත් වීමෙ යන්ත‍්‍ර ලෙස පුනර්කථනය වන්නට විය.

මේ අනුගමනයෙන් සිදු වූ වාස්තුවෙ පෙරළි හේතුවෙන් ෆැක්ටරි හෝ වැඩ බිම් නැවත ප‍්‍රතිසංවිධානය වූයේ ඒවායේ කි‍්‍රයාදාම ද මිනිස් කි‍්‍රයාදාම මෙන්ම වඩාත් උචිත ලෙස වඩාත් පෘථුල ලෙස කම්කරුවන් සූරා කෑමට ඉඩකඩ සලසන අයුරිනි.
එනයින් කබුසිගේ වාස්තුව එදා දවසේ සූරා කෑමට ලක්ව හුන් කම්කරුවන් ගේ ජීවන කොන්දේසි කෙරෙහි ධනාත්මකව බලපාන්නට වන්නේ ය.

වඩාත් මානවවාදී වූත් සූරාකෑමෙ යාන්ත‍්‍රණයකට මානුෂික මුහුණක් දීමට කබුසි සමත් වූයේ එහෙයිනි.

කෙසේ වුවත් කබුසිගේ අදහස වූයේ මිනිස් ක‍්‍රියාකාරකමට අනුව වාස්තුව අදාල වනසේ වෙනස් විය යුතු වගයි. එය අද පළල් අරුතින් වාස්තු විදුදරුවන් ක‍්‍රියාවෙ යොදවන සිද්ධාන්තයකි. [Form Follows Function] ඔහුට පෙර රෝහල්- පාසල් -කර්මාන්තශාලා -උසාවි -දේවස්ථාන යනාදී සියළු ගොඩනැගිලි එකම වාස්තු ලක්ෂණ පෙන්වීය. එය නිවැරදි නොවන වග වාස්තුවට දැනුමක් ලෙස ගෙන එන්නේ කබුසිය.

දැන් මෙ රෝස නගරය ගැන ද කිව යුත්තේ එබදුම නූතනත්වය හරහා පුනර්ජීවය ලද නගරයක් ය යන්නම වෙ.

සුසන්ත නුතනත්වය හඹා යන නගරය ගැන මානවීය මතවාදයක් එකතු කර කවියක් ලිවීම සුවිශේෂි කාරණයකි.

රෝස වර්ණය බිත්ති මත ඇතිරීම අහම්බයක් නොවේ. එමෙන්ම කවියේ පද අතරින් වෑස්සි එන්නා වූ මානවීයත්වය ද ඊට හේතු නොවේ. එම මානවීයත්වය කවියා විසින් ගොඩනැගිලි මත තැවරූවක් මිස එහි යථාව සමග ඓන්ද‍්‍රීය සබැදියාවක් නොවෙ. එම ඓන්ද‍්‍රීය සබැදියාව සොයා යන්නට අපට වර්ණ සහ මිනිසා අතර ඇති ආලෝක විශයෙහි පවත්නා සබැදියාව ට ඔබ්බෙන් ඇති වර්ණ හා බැදුනු මනෝ විශ්ලේෂණ න්‍යායන්හි තෙරකට යා යුතු වන්නේය. එනමුදු සරල හේතුන් මත අධිනිශ්චය වන්නා වූ ජායිපූර් රෝස කතාව මද වෑයමකින් විවරණය කරගත හැක.

වර්ණ ගැන වර්ණාවලිය ගැන ගැලීලියෝ- නිවුටන් සිට මැක්ස්වෙල්- හෙල්ම්හෝල්ට්ස් හරහා අයින්ස්ටයින් -රෝලන්ඞ් බාත් දක්වා අදහස් දහරා ගලා එයි. ඒ ඒ අය තම තමන් අරක් ගත් විජිත වල දොර මුර කපොළු රකිමින් ආලෝකයේ භෞතිකය විග‍්‍රහ කරගත්තෝය. මිනිස් විශයෙහි මනෝ විශ්ලේෂණ න්‍යාය ෆ්‍රොයිඩියානු මතවාදයේ සිට ලැකානියානු මතවාද දක්වා ද සිය සිරුර වර්ධනය වද්දී ආලෝක විශයයෙහි යථාව මිනිස් මනසේ උත්තුංග ක්ෂේත‍්‍රයක් බවට පරිණාමනය වී ඇත්තේය.
ආලෝකය මිනිස් විශයෙහි අත්දැකීමක් ලෙස ප‍්‍රතිසංවිධානය වූ වර්ණ පිලිබද වාදය -වර්ණබේදවාදය නොවේ- වත්මන් දාර්ශණික කතිකාව තුල වියමනක් ලෙස හදුනා ගනිද්දී, රෝස නගරය ගැන යලි යලිදු කියවන්නට අපව පොළඹවයි.

රෝස පැහැය මිනිසා කෙරෙහි සායනික බලපෑම් ඇති කරන ප‍්‍රබල භෞතික සංඥාවකි. වෙනත් අනෙක් වර්ණයන්ට වඩා රෝස පොදුවෙ ස්ත‍්‍රී වර්ණයක් ලෙස ශිෂ්ඨාචාරයේ පිලිගැනීමට ලක්ව ඇත්තේය. රෝස පැහැය ව්‍යුත්පන්න වන්නේ රතු මූලික වර්ණයෙනි. රක්ත වර්ණය මිනිස් රුධිරයේ පැහැය යි. වික‍්‍රමයේ සංඥාවයි- අගහරුගේ පැහැයයි -වික‍්‍රමයට අධිපති කුජගේ වර්ණයයි. බොහෝ සත්වයින් ද රක්ත වර්ණ රුධිරය ලබා ඇත්තේ රසායනිකව ඔක්සිජන් සබැදි නිමවන හිමොග්ලොබින් නමැති රසායනයේ වර්ණය හේතුවෙනි. වර්ණවලට ස්වාභාවධර්මය නමැති මහ පොදු සාධකයෙන් ජීව විද්‍යාත්මකව -උද්භිද විද්‍යාත්මකව- රසායන විද්‍යාත්මකව යනාදී වශයෙන් ශුද්ධ විද්‍යාත්මක පදනම් වලින් විග‍්‍රහ ලැබෙන්නේය.

ජීවයට සම්බන්ධ වන රෝස පැහැය පුරාණෝක්තිවල පේ‍්‍රමය හා නුරාවෙ ලකුණක් ලෙසද ශෘංගාරාත්මක කතනයක ද යෙදේ. අලුත උපන් බිලිදුන් ලිංගිකව වෙන් කරගන්නට ද භාවිත වේ.
කෙසේ වුව ද රෝස පැහැය එම පැහැයට ඉතා සමීප කහ සහ රතු මිශ‍්‍රවීම් හරහා ගොඩ නැගෙන සියළු වර්ණ ස්වාභාවික කහට පැහැයෙන් යුත් ආගමික වක්තෘවරුන් ඇගලන ලෝගු සහ සිවුරු වල පැහැය බවට පත් වේ. ජායිපූර් නගර ගොඩනැගිලිවල සැබැවින් ඇත්තේ එම පැහැයයි. හින්දු ආගමික ප‍්‍රභවයන් තුල විරාජමාන වන වාස්තුව තුල පැහැදිලිව ම ආගමික බව හැර වෙනත් හැගවුමක් මෙම රොස වර්ණයේ ප‍්‍රබෙධයන් රෝස පුරවරයට නොගෙනෙයි.

එනමුදු කවියා විසින් එම ආධානග‍්‍රාහී පශ්චාත් ආගමිකකරණය ට නැවුම් අරුතක් ගෙන දීමට නැවත ආලේප කරන වර්ණය මෙ කවිය තුල විද්‍යමාන වෙ.
සාමුහික ජීවිතය සහ මිනිසාගේ අත්‍යෝත්තර මිය ගිය සිහිනය ගැන කරන්නා වූ පර්යාලෝකනයක් බවට මෙ කව මගේ සිත් ගනී.
මෙ කවිය මිනිසාගේ ජීවත් වීමෙ යන්ත‍්‍රයට නව පණක් පොවන්නේ එබැවිනි. Invisible Cities ලෙස ඉටැලෝ කැල්විනෝ [Italo Calvino] ලියා පළ කළ පෙනෙන නගරවල නොපෙනෙන නගර පිලිබද කෙටි සටහන් පොතේ ඉඩක් මෙ රෝස පුරවරයට ලැබෙන්නේ මෙ සුසන්තගේ කාව්‍යාත්මක අභිනන්දනය හේතු වෙන් යැයි මගේ සිත මට පවසයි.

-ඩෝසන් ප්‍රීති-

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|
Related Posts with Thumbnails