අද ලෝක ළමා දිනය
අම්පාර සද්ධාතිස්ස මහා විද්‍යායේ ඒ වෙනුවෙන් විශේෂ උත්සවයත් පැවැත්වෙනවා.
" අක්ෂර සෙනඟ" සාහිත්‍යයය තරඟයේ පද්‍ය රචනා අංශයෙන් පළමු තැන ලැබූ ඩී. චමින්ද්‍රා කුමාරි සොයුරියට පාසලේ ගුරු මණ්ඩලයේ සහ සහෝදර සිසු සිසුවියන්ගේ උපහාරය පිරිනැමෙන බව විදුහල්පතිතුමා අපට දැන්වුවා.
චමින්ද්‍රා ගේ ජයග්‍රහණය ඇගේ පාසල් පුස්තකාලයට රුපියල් 30.000, පුස්තකාල පොත් ලබාදුන්න. එහි අපේ වැකිය,
"තනි අස්සයෙක් වින් කරන්න ඇබ්බැහිවෙච්ච මිනිස්සු ඉන්න රටක, අනුන් වෙනුවෙන් දුවන්න ඉදිරිපත්වීම බලාපොරොත්තු සහගතයි" කියල
ඉතින් මේ අගය කිරීම, අපට තව තවත් බලාපොරොත්තු දල්වනවා නොවේද?
MY PEN IS PENIS…..

It eject sperms of ideas
From my brain – scrotum.
Swim through your
Cunt s of eyes
And conceived in your
brain Womb,
Ovals come from your
Ovum’s of heart.
I am hermaphrodite.
You too.
If you nothing use
The censorship of condom
If I nothing use
The ban of Femidom
You might be conceived
Me too.
What for condom to us
What for Femidom to us
We are Tantra people
But what to do with Tantra
When lovely bras will explode?[1]
If you ask
Cholee kea peeche kyahe[2]
May answer
Be boobs
A bra
A bomb
A bra bomb
Or
Boob bombs?
How we be the
Tantra people now?
This is the country
Rushdie said as
Milk drop of the cow called India
Snot drop of Indhira Gandhi’s nose
Cow dung of the cow called India”
Flower is band
In this country
This is the country
Flower is illegal.
All the flowers except
Blue lotus[3]
&
Karthigei poo[4]
(Gloriosa superba, Agni shika or jihva, Niyangala)
Flower people not allow
This country
How I meditate
Glance at orchid
How I masturbate
Glance at a bra
How I touch
How I kiss
How I press
Boobs?
How I tounging
How I licking
How I smacking
Clitoria bud.
How I tounging
How I kissing
How I licking
How I fucking………….
Who’s to be say
Your clit is not to be trigger of bomb
Your cunt is not to be a bomb
This is the country
Where ban
Meditation
Masturbation
Copulation and
Mind alteration
Then
This country is
The country of war
Between
Blue lotus & Agni shika
(Tongues of flame)
The country of blood
And sperm…………
Blood of
Assassination
Blood of menstruation
Blood of copulation
May be so called virgin blood.
This is not a country
This is a cunt.
I will try to masturbate
Among blue lotus
Niyangala, orchid,
Bras, used sanitary pads,
Panties, condoms and Femidoms, bloods and sperms
I am Onan
I am fucking in coitus interrupt.
My erect penis shivers with fear
Fear for if my sperms
Conceived as a bomb in a womb.
I waste my seeds
With coitus interrupt.
I am Onan
I masturbate under national flags.
According to the rhythm of national anthem.
Evan like Oshimas so-called porno movie.
“The realm of senses.”
Those spermy people
Striking stone to me.
People like the sperms
In a bucket of condom
Under a brothel bed
That must be empty like spam.
Scum of the politics.
Cums on mother land.
They delete history.
They create mystery
AJIYA[5] sing his masterpiece
“Rabieas in the parliament……”
© K.K.SAMAN KUMARA
Foot Notes
*1-Hindi movie song mean ‘what is in your sari blouse?’
*2-LTTE suicide bomber was explode a bra bomb
*3-National flower of Sri Lanka
*4-National flower of Tamil Elam. In Sinhalese folk lore its poison up to flower in night, because of wild boar eat yam at night, it down to it yam because of butterflies suck honey in day. Its yam is poison.
*5-Ajith Kumarasiri is Sinhalese rock artist of controversy
[K.K.Saman Kumara is a erotopoelitical imagist poet in Sri Lanka ,also controversial magical realist author and critic called Serpent]
(12-10-2008)
කටු ලෙවන අහුලන උන්ගෙ ගොඩ වැඩි කෙරුම ලේසිය රට පාලනයට - [පළමු ගල - මහේෂ් මුණසිංහ]
කටු ලෙවන
අහුලන
උන්ගෙ ගොඩ
වැඩි කෙරුම
ලේසිය
රට පාලනයට
ආණ්ඩුවෙ
ලොකු උන්
හූරගෙන කන කොට
පොඩි මිනිහගෙ ඇට
රකිති
උන් ඇවිත්
මග ඉඳ
සාධාරණය කරවති
මහ දවල්
තඩි හොර මගඩි.
හිත හදන්නට
අපේ
කිරිපල්ල ද තවති.
පොලීසියෙත් උන්
උසාවියෙත් උන්
ඇමති මණ්ඩලයේත් උන්
පන්සලේත් පල්ලියේත් කෝවිලේත් උන්
හෑලි පත්තර වල
අවිචාර එෆ්එම් වල
අශ්ශීල ටීවී චැනල් වල
බුරුතු පිටින්ය උන්
අඹා මුව තුළ
වදාරන්නට
විසි හතර පැය
දිරවන්න
එක එක පදමට
දේශප්‍රේමය ද
මාතෘ භූමිය ද
ජාති අභිමානය ද
ගල් ගිල්ල
වගෙ ඉන්න
මිනිසුනි
ගල් කැට වත් අරං
දැං හංගං ඉන්න
'ජීවිතය' යැයි අපි කියන
අටෝගත් ඔය අටමගල
කඩං වැටේවි
දන්නෙම නැතිව
කිරි උරන
පොඩි එවුන් පාමුල.
එලවන්න.
මහේෂ් මුණසිංහ
2009 09
මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
රාණි රටේ යුද්දෙත් ඉවරයි මම ඇගෙ කණට කෙඳිරීමි.... [නූඩ්ල්ස් සුවඳ - ඊ ඒ ඩෝසන් ප්රීති]
![]()
නූඩ්ල්ස් සුවඳ
යුද්දෙත් ඉවර නිසා
මම ඇයට වඩාත් සුකුමාල විය යුතුයැයි සිතා
ෂෝර්ට් ලීව් දමා සැන්දෑවම මල් යායක් වූ එදා
සෙනග අඩු කොට්ටාව බසයේ තැන තැන හුන්
පුංචි කෙල්ලන්ගේ ලපටි තන පුඩු වල මතුපිට
සිතින් ස්පර්ෂ කරමින්
හැල්මේ විත් කඩුල්ල පැන කුස්සිය පැත්තෙන් ගෙට රිංගා
මිරිස් ගල සෝදමින් හුන් රාණිගේ නිතඹ සන් කලේය මට
ඈ තදින් වැළඳ ගත්තේ අවසිහියෙන් යැයි
මටවත් නොසිතුනි
මොකද මේ විකාර යැයි කියා
ඇය පැන ගොස් ලිප අසලට
දුටිමි ඇගේ රත් වු දෙකොපුල
පිලිස්සෙන පොල්ලතු කැබලි එලියෙන්
මුහුනට වැටී තිබුනු කෙහෙවල්ලෙන්
ඈ අප්සරාවක් මෙන් කලකට පසු පෙනුනි
ඈගේ මුහුණේ තිබුනේ බඩගින්නය
සූදානමක් නැති හෙයින් ඇය
සිටියේ මෙලොව නොව
වෙනදා කෙහොඹ සබන් ගා ඈ සිටියාය
ඒ බොහෝ කලකට පෙරය
ඈගේ මුහුණේ තිබුනේ බඩගින්නය
එමත වැටී තිබුනේ ලිපේ ඇවිලුනු ගින්න ය
ඇගේ හදමත ඇවිලෙමින් හුන් ගින්නය
මා සිටියේ ඇවිලෙමිනි ඒ රා ගින්නය
මම ඈ තදින් සිප ගතිමි
ඈ කිසිවක් සිතා ගත නොහී
දුම් ගැහුණු කුස්සි වහල දෙස
කඳුලු පිරි දෙනෙතින් බලා හුන්නීය
රාණි රටේ යුද්දෙත් ඉවරයි
මම ඇගෙ කණට කෙඳිරීමි
ඇගේ ලය මඩල නූඩ්ල්ස් සුවඳය
රාත්‍රී අහරට ඇය නූඩ්ල්ස් පිලියෙල කරමින් හිඳ ඇත
මම ඇගේ ඇඳුමට යටින් පපු පෙදෙසේ මුව සැඟවීමි
පරණ කඩමලු බ්‍රෙසියරය අස්සෙන්
හමා ආවේ නූඩ්ල්ස් සුවඳය
අපි කන්නේ ක්ෂණික නූඩ්ල්ස්ය කලක සිට
වෑංජන හදන්නට බැරිය -අමාරැය
බත් උයා කන්නට මාළු පිණි නැති
ආර්ථික අවදානමකි කුසට දැනෙන්නට කෑම
මටම සිහි විය ක්ෂණික නූඩ්ල්ස්
නිකංම නිකං පිටි වුවද චිකන් සුප් පැකැට්ටුව හලාගත් විට
ගිල දැමිය හැකිය...
පෝෂ්‍ය පදාර්ථයට පෙර
ජීවත් වෙන්නට බඩට දෙයක් සොයා ගත යුතුය
මම ඇගේ පියයුරැ මඩලේ සැඟව ගිය
ඒ නූඩ්ල්ස් සුවඳට පෙම් බඳිමි...
මා සිරුර නිදි ගන්වන
අළුකෙසෙල් රසායනය ඒ නූඩ්ල්ස් සුවඳය...
අපගේ උපත් පාලන උපක්‍රමය
ඒ නූඩ්ල්ස් සුවඳය!
නූඩ්ල්ස් සුවඳ
නූඩ්ල්ස් සුවඳ
රාණි රටේ යුද්දෙත් ඉවරයි
මම ඇගෙ කණට කෙඳිරීමි...
ඊ ඒ ඩෝසන් ප්රීති
300909
කෙටි අදහසක්-
ඩෝසන් ප්‍රීති
චරිත්ගේ මේ රූප කවිය මා කලින් වතාවක සඳහන් කළ රූප කවි ඡන්දස ගැන අදහසට යම් අනුකූලතාවයක් දක්වනවා යැයි මට සිතුනු හෙයිනි මේ ලියවිල්ල.
මා දකින මේ රූප කවිය තුල වැදගත් අවකාෂ තුනක් පවතිනවා. එක අවකාෂයක් අත් නමැති රූපය මවනවා. තවත් අවකාෂයක් ඊට පිටතින් ඇති අවකාෂය තුල මිය ගිය සිරුරක් දක්වනවා. මේ දෙකම එකිනෙකට ප්‍රතිපක්ෂව පිහිටුම් ගන්නවා. අපි එහි නිරූපිත අත ගැන අවධානය යොමු වද්දීම මිය ගිය සිරුර නොපෙනී යනවා. මිය ගිය සිරුර නමැති අවකාෂය මනසින් දකිද්දීම එම අත් නමැති රූපික අවකාෂය මනසින් ගිලිහෙනවා. මේක හරියටම එකිනෙක ප්‍රතිබද්ධව අවියෝජනීයව පවතිනවා. අවසාන වශයෙන් කඩදාසියක මායිම් ලකුණු කළ අත සහ සිරුර අන්තර්ගත ඇතුලත අවකාෂයක් මායිම් වෙනවා. එය නිශ්චිත වශයෙන්ම කඩදාසියකි. එම කඩදාසියේ පැල්මක් ඔස්සේ මේ සියලු දේ ඒකරාශී වේ. මේ අවකාෂ ත්‍රිත්වය විසින් මා හට ඇති කළ සංවේදනයන් කීපයක් දැන් අනාවරණය කරමි.
මිය ගිය සිරුර නිර්මාණය වන්නේ අක්ෂර කුලක මතින්. අරුත් වශයෙන් ගත් කළ එම අක්ෂර කුලක පවා විශද කරන්නේ මුඛ්‍යාර්ථයමය.
අත් අඩංගුවට පත්වූහ යන පොලිස් සටහන් පොතේ ඇති වගන්තිය අත් සහ මිය ගිය සිරුරක ප්‍රතිස්ථාපනයෙන් වෙනස් වන ආකාරයේ කඩදාසි තීන්ත මත ජීවිතයක අගය තීරණය වන පොලිස් ප්‍රකාෂණය මෙය යි.
මට සිහියට ආවේ පහු ගිය මාසයේ සිදු වූ අත් අඩංගුවට පත් තරුණයින් දෙදෙනෙකු පොලිසියේ ක්‍රියාකාරිත්වයේ කූටප්‍රාප්තියේදි සිය දිවි අහිමි වූ වෘතාන්තය යි. මෙහිදී සිදුවීම් පෙළ ගැසෙන්නේ මැජිකල් රියලිස්ම්වලින් පවා නැවත ප්‍රතිනිර්මාණය කළ නොහැකි තරම් අද්භූත සිදුවීම් මාලාවක් පසුකරමිනි. ඒ අද්භූත ක්‍රියාදාමය හකුලා දමා ප්‍රහේලිකාවක් ලෙස නැවත මට හමු වන්නේ මේ රූප කවිය ඇතුලේ දීය.
අත් පෙන්වා ඇති පරිදි එහි සාමුද්‍රික ලක්ෂණය අනුව නම් ඉන් වඩාත් හැඟවෙන්නේ ආරක්ෂාව පිළිබඳ නිරූපනයකි. අත් වකුටු කොට දක්වා ඇත්තේ එම අත් මගින් යමක් සංරක්ෂණය කරන්නා වූ ලෙසක අභිනයකිනි. ශාරීරික භාෂාවකිනි. යථාව ද එසේම ය.
මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
සෞම්‍ය ලියනගේ සමග කතාබහක් - 2009 ඔක්තෝබර් 01 වෙනිදා - හවස 6.00ට - මරදාන ලංකා අක්ෂයේදී
2009 ඔක්තෝබර් 01 වෙනිදා
හවස 6.00ට
මරදාන
ලංකා අක්ෂයේදී
පැවැත්වේ.
කලාව හා දේශපාලනය
කතාබහේ දිශානතිය වේවි..
187,
කැටවලමුල්ල පටුමග,
කොළඹ 09
(කුප්පියාවත්ත පන්සල පිටුපස පටුමගේ 3 වන නිවස)
විමසීම්
උපුල් 0718107396
මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
අරලිය
ඔබ ඇවිත්
විසල්
සුදක්
පොරවලා.....
පුදසුනක,
සොහොන් බිමක,
කවියක,
විනීතව
පරවෙන්න යැයි කීවාට,
මම මලක්.....
රෝහණ පොතුලියද්ද
-අහස හැඩි වී ඇත
සුබ පැතුම්!
බුන්දියේ රස වෑහෙන
පැණි රසයයි හද පිනවන
ඇත්ත තිත්ත ඉදහිට දෙන
අඛිං වගෙයි දිව කකියන
සතූට පෙරා හද පත්ලෙන්
නැගෙනා සිතූවිලි දහරින්
අමරස කර පද වැලකින්
සැමට බෙදයි සෙනේ සිතින්
ලොකූ පොඩි කාහටත් ලොවේ
රස විදින්න හැකිය ලොලේ
දුර සිටියත් ඈත කොනේ
සුබ පතන්නේ එක සිතිනේ
අඩුවක් නැත රස දෙන්නේ
නෙක සිතූවිලි පුබුදන්නේ
නිති ලැබගෙන තූන් සරණේ
දිගූකල් නුඹ වැඡුඹෙන්නේ
වියතූන්ගේ ඇසුර ලබා
ලබා දෙන්න එළිය ප‍්‍රභා
සිතූවිල්ලට තිතක් තබා
සමුදෙන්නම් පැතූම් පතා!
කේ නයනා එල් පෙරේරා
ගැබරෝන් බොට්ස්වානා
(අක්‍ෂර සෙනග 2 - අද සැප් 26 දා - boondiyee API)

බූන්දි අඩවියේ වෙළඳ දැන්වීම්...
අපටත් ඇත වෙළඳ දැන්වීමක්
පළ කරනු මැන ඔය අඩවියේ
දනිමු ඔබ ප්‍රතිපත්ති
ඇත දක්වා මුල් තීරැවේ
ඔබ අඩවියේ
උගුල් නැති
වෙළඳ ගැට මජං නැති
ටෙලි ගඩොල් කුඩු නැති
පිදුරු පුන්නක්කු නැති
එනමුදු සබඳ
මේ වෙළඳ දැන්වීම නම් යෙහෙකි
නොබිඳේ ඔබ පැතුම්
බලනු මැන අප මහා ජන සිත් සුව පිණිස
මේවාට ප්‍රචාරණය ඇවැසි හෙයිනි බලි යාග හෝම පිදිලි යාදිනි
නිර්මාක්ස්වාදී කවියෙක් රැපියල් ලක්ෂයයි
විකුණන්නට දැන් ටෙන්ඩරය කැඳවයි
පාවා දුන්න විප්ලවයෙන් ස්වයංපෝෂිත හෙතෙම
වෙළඳ කප්පිත්තන්ට නව ධනවාදේ සුපේෂල කවිය පබඳියි
ඉතිං ඉහලම මිලට
විකුණ ගන්නට බැරිද ඔබ අඩවියෙන් පිහිටක්
මිලිටරි හීනයෙන් ඔකඳ වුනු කම්කරැ ආඥාදායකත්වයක සිරවුනු
දෑ හිතකාමී අවස්ථාවාදී ජාත්‍යොන්මාදයෙන් වියරැ වූ
දෙමළ ලේ ඩියුරෝල් සිරප් බොන පිසාචයෙකු ගේ අවම ලංසුව
සුභ සිහින දකින ප්‍රේත වංශියකු ගේ මිල කෙලෙස දනිමුද
ඉතිං ඉහලම මිලට
විකුණ ගන්නට බැරිද ඔබ අඩවියෙන් පිහිටක්
කිසිදා නොලියවෙන තීන්තක් නැති පන්හිඳක් තියුණු
රන් බඳින් රන් පතක් මත ලියන්නට පමණක්ම සුදුසු
රන් මුදු පැළැඳි දෑතක සම්භාවනාවෙන් රජ මැතිඳුන් ගුණ කථන
ප්‍රශස්ති ස්ත්‍රෝත්‍ර ලියැවෙන ඒ රන් පෑණ අතැති යමෙක්
ෆෙන්සුයි මෙන් වාසනා ගුණ සිරිනිවසට කැන්දන
ඉතිං ඉහලම මිලට
විකුණ ගන්නට බැරිද ඔබ අඩවියෙන් පිහිටක්
අන්ධයන්ගේ කණ් ද බිහිරි කරවන මධුර සුසංගත තනුව නිමවන
සංගීතඥයකු ඇත විකුණ ගන්නට දැං මොහොතය සුයාමය
වාසල පැත්තේ දෙවියන් ගෙන් ලද ගුලි උඩ විසි කර කර
මරඟනන් වුව කැඳවා සුමධුර පංචසිඛයන් උඩුබැලි කරවන
ඉතිං ඉහලම මිලට
විකුණ ගන්නට බැරිද ඔබ අඩවියෙන් පිහිටක්
අනා කාලි බද්‍රකාලි යම කාලි -ඕං නමෝ ඕං කාර කර්ම රාජ තුන් ලොව
කථාවේ දීපංකර පාදමූලේ කකුසඳ -කෝනාගම- කස්සප- ගෞතම
මුනිඳුන්ට පළමු ඊශ්වර වර්ෂයේදී විශාලා මහනුවර අසූපාල කුමාරී
දැවූ සොහොනේ සොහොන් අඟුරෙන් උපන් මහ සොහොන් යක්ෂ තෙම
මහා ජනවරම් පතා ආ සඳ
ඉතිං ඉහලම මිලට
විකුණ ගන්නට බැරිද ඔබ අඩවියෙන් පිහිටක්
අසූපාල කුමාරීගේ මළ කුණෙන් උපන් සන්නි යක්ෂයත්
මිනි ග්‍රි දේසේ මිනී ලේ පොකුණේ වාසස්ථානය කරන
ලේ විල් රාක්ෂසීගේ බඩේ උපන් රීරි යක්ෂයත්
උරීරැ මාල දේසේ රීරිගල් පර්වතයේ වාසස්ථානය කරන
ලේ කාම රාක්ෂසීගේ බඩේ උපන්
විශාලා මහනුවර මිනී කන්ට පටන් ගත් රීරි යක්ෂණියත්
මහා ජනවරම් පතා ආ සඳ
ඉතිං ඉහලම මිලට
විකුණ ගන්නට බැරිද ඔබ අඩවියෙන් පිහිටක්?
ඊ ඒ ඩෝසන් ප්රීති
230909

නූතන දොස්තරගේ අනාගත පවුල් සැලසුම
සතර වරම් දෙවි කරැණා
සතර අතට වල් විදුනා
මහ බඹු නලළත ඇඳුනා
සිවු කොන පුණ්කල බිඳුනා
නැකත මංගල තරැව දිලුනා
විසි පොරොන්දමට පිටුපා
යුවල පෝරැ මස්තකේ හිටුනා
දෑල ගං රැඳි ඉවුරැ බැඳුනා
මන මෙවුන්දම් සිහින බිඳුනා
ස්වයංවර දරැ ජාත සිහිනා
මඟුල් රැය එලි පහන් වූවා
තිඹිරි කුසට දරැ කලල් ඇදුනා
ඝණට තිමිරය අහසේ ඇඳුනා
අතර රිදී කැන් දැහැන් මැවුනා
දරැ සුරතලුන් ගේ තක්සලාවේ
විස්මිතු නළලත දෙපා පිසුනා
නිසි කලට දරැ උපත ගළපා
රසායන දිය කයට විදුනා
දෙමස අඩමස තුන්මස ගෙවුනා
උපත පත පොත කෙටුම් කෙරැනා
දරැ පැටවු සරසවි ගුණකඳ තනවා
නිසි කලට පස්මහ බැලුම් බැලුවා
උපදවන්නට කුසය හාරා
අඩ වසෙන් එලි මහන් කෙරැවා
දරැ සිඟිති කය දෝත රඳවා
හුස්ම ඉහලට පහලට නොඑනා
පෙණහැලිද හෘද මාංෂ නොදරා
වයර් මත දිවි පින්න රැඳුනා
වෙදෙක් දත් සිප් සතර මහමෙර
යොදා උපදනු රිසි කලට වේලට
එසඳ දරැ අඩ මෙලොව උපත කර
තක්සලාවට ඇතුලු වන දිනය සන් කර
මියෙන දරැ අඩ දෝත දරවා
වෙව්ලන සිඟිති ළය අහසට ඔසොවා
තක්සලා පිවිසුම් දොර කඳුළු වගුරැවා
යදියි සිය දරැ දිවිය උමතු සිහියෙනා
දරැවන් උපදවන්නට ද පස් මහ බැලුම් බලමින් අසල ඇති ජාතික පාසැලට ද සිය දරැවන් දමා ගැනීමට අනන්ත දුක් කම්කටොළු විඳින දොස්තර පියෙක් තම ශිල්ප ශාස්ත්‍රයෙන් නිසි ප්‍රයෝජන ගන්නට ගොස් සිය අකාලයේ උපන් අසම්පූර්ණ දරැ පැටවා ජීවත් කරවන්නට දැරෑ උත්සාහය අතිභයංකර සිහිනයක් ලෙස මේ කවියට නිමිති වූ වග සංවේගයෙන් දැනුම් දෙමි.
ඩෝසන් ප්රීති
230909
"Kammul Pahara" by Janaka Mahabellana - Launched on on the 25th of September 2009
INVITATION
"Kammul Pahara", a collection of poems by Janaka Mahabellana will be launched at Dr. N. M. Perera Centre, 106, Cotta Road, Borella, Colombo 08, on the 25th of September 2009 at 3.00 pm.
The booklaunched will be followed by a discussion on "Class and Poem" (Panthiya saha Kaviya).
Main speakers:
Priyadharshana Meddawaththa of WWW.WSWS.ORG - World Socialist Web Site / Socialist Equality Party)
and
Wimalanath Weerarathna
All Are Welcome!
අප අතර සැරිසරන ඇදහිලි කල්ලි - මාර්ග‍්‍රට් තේලර් සිංගර් සමඟ යාන්යා ලාලිච්


අප අතර සැරිසරන ඇදහිලි කල්ලි
මාර්ග‍්‍රට් තේලර් සිංගර් සමඟ යාන්යා ලාලිච්
මෙය ඇදහිලි කල්ලි (cults) පිළිබඳව හැදෑරීම සඳහා ලෝකයේ භාවිතාවන ප‍්‍රධානතම ග‍්‍රන්ථයක සිංහල පරිවර්තනයකි. එමෙන්ම ඇදහිලි කල්ලි පිළිබඳව ලංකාවේ ප‍්‍රකාශයට පත්වන මුල්ම ග‍්‍රන්ථය ද මෙය යි. සමාජ විද්‍යාව, මනෝවිද්‍යාව හෝ දේශපාලනය පිළිබඳ උනන්දුවක් ඇති අයට පමනක් නොව වර්තමාන සංකීර්ණ සමාජ වටපිටාව තුළ මිනිස් ක‍්‍රියාකාරීත්වය හා කණ්ඩායම් චර්යාව තේරුම් ගැනීමට උනන්දුවක් දක්වන ඕනෑම අයෙකු ට මෙම පොත අතිශයවැදගත් ය. ශ‍්‍රී ලංකාව තුළ බහුල ලෙස දැකිය හැකි ඇදහිලි කල්ලි ආකෘතියේ විවිධ
කණ්ඩායම්වලට සම්බන්ධ වූ සිය ආදරණීයයන්" මිතුරු මිතුරියන් පිළිබඳව විමතියෙන් ද ශෝකයෙන් ද පසුවන බොහෝ දෙනාට මෙම ග‍්‍රන්ථය ප‍්‍රයෝගික ලෙස මහත් සේ ප‍්‍රයෝජනවත් වනු ඇත.
- පරිවර්තකයින්
මා මේ පොත තුළ පැහැදිලි කිරීමට උත්සාහ කරන්නේ සමාන්‍ය පුරවැසියන් තමාගේ එදිනෙදා ජීවිත අතහැර දමා අමුතු සහ ආචාර විරෝධී ක‍්‍රියාවන්ගේ සිට ස්වයං විනාශකාරී ක‍්‍රියා සහ ඝාතන දක්වා විවිධ කටයුතු වෙත යොමු වන කණ්ඩායම්වල කොටස්කරුවන් බවට පත්වන්නේ කෙසේ ද යන්න යි. අපි සියලූ දෙනාම ඇදහිලි කල්ලිවල ශෛලියට හසුවීමේ අවදානමය දරමු. අපගේ සමාජය වඩ වඩා වානිජකරණය වන විට" හිංසාකාරී හා පරාරෝපනය දනවන විට" වංක හා ¥ෂිත වන විට" ධ‍්‍රැවීකරණය වී ව්‍යූහ රහිතවන විට විශේෂයෙන් මෙම අවදානම පවතී. ඔබ ඇදහිලි කල්ලියක සමාජිකයෙකු වූ විට ඔබේ පරිසරයෙන් වැඩි කොටසක් සහ
ඔබේ ජීවිත තෝරාගැනීම් ගණනාවක්ම පාලනයට යටත් කරනු ඇත: ඔබේ මූල්‍ය සම්පත්" තොරතුරු
ලබා ගැනීමට ඇති අවස්ථාව, ඔබ කරන වැඩ" ඔබගේ සමාජ කවය, ඇතැම් විට ඔබගේ ලිංගික ජීවිතය පවා
දැඩි පාලනයට යටත් කෙරේ. ඔබ" කණ්ඩායමට අයත් කොටසක් ලෙස සිටීම සඳහා සැකසී හැඩගැසී
කටයුතු කිරීමට ඉගෙන ගනියි. විරෝධය පල කිරීමට වඩා" අනුගත වී රැල්ල සමඟ යමින්" යහපත්
විශ්වාසවන්තයෙක් සහ යහපත් අනුගාමිකයෙකු වීම පහසු ය. පුද්ගලයෙක් ඇදහිලි කල්ලි නායකයෙකුගේ වශීකරණයට හසු වූ විටෙක, සිදු වී ඇති දෙය තේරුම් ගැනීමටත් ඉන් වෙන් වී නිදහස් වීම ටත්, එම පුද්ගලයාට
උපකාර කිරීමට කෙතරම් අධ්‍යාපනයක් අවශ්‍යවේද යන්න අවබෝධ කර ගැනීම සඳහා අප සියලූ දෙනාටම මේ පොතේ ඇති පාඩම් උදව් කරනු ඇත.
-මාර්ග‍්‍රට් තේලර් සිංගර්
දැන් මේ කෘතිය BMICH හි පැවැත්වෙන කොළඹ ජාත්‍යන්තර පොත් ප‍්‍රදර්ශනයේ දී
- විදර්ශන S - 246, S - 247
- සංහිද A - 73*_**_
- සමාජ විද්‍යාඥයින්ගේ සංගමය D - 167 D - 168
- රාවය D - 202
යන ප‍්‍රදර්ශන කුටිවලින් ලබා ගත හැකිය.
සේතුක ප‍්‍රකාශකයෝ
573 වන වාසල පාර කැළණිය

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
එකම වෙඩි හඬ[පෙර සටහන: නිය උගුල්ලා
ඇඟිලි තුඩු වට ලේ කර වුන
සීතල අල්ලා පුපුරු ගහන
අඬුවෙන් තැලු වෘෂණ කෝශ, ඉදිමුන
දෙ කලවෙහි ඇතිල්ලී කකියන
තදියමට, ගැට ගැහූ රෙද්දේ තදට
දෑස් නිලංකාරව ගිනියම් විණ
ගෙඟ් බන්ට් එක උඩ පාන්දර
දනින් ඉන්දුවා පේලියට
ආණ්ඩුවෙ හමුදා ඔලූවට වෙඩි තිබ්බ
වෙඩි නොවැදුනු මළ කඳකි
ගඟ දියේ කිමිදුන]
කුණු කොල්ලෙට විකුණා මළ කඳන්, වේදිකා උඩ
හාරා මිනී වළ වල් පාදා ඇට සැකිළි ගොඩ ගොඩ
ඇමිනී එල්ලී ගහලයින්ගේ පිරුවට කොණ
සටන් සගයින් ය, ඉතිරි වුන
යෙහෙන් - සැපෙන් - සනීපෙන්
මග ඇරුන විප්ලවය වළඳන.
හැට දහසක මරණ
සමරන ලාබ උත්සව ඉඳහිට
ඉටිපන්දමකි දෙකකි
උන්ට දැං මළවුන් ව
ගහලයෝ ද වධකයෝ ද
අණ දුන්නෝ ද
හොඳින් වැජඹෙති
ඉහළ තැන්වල
වෙනදටත් වැඩියෙන් සරුවට.
දියවන්නාව මැද - යාබද අසුන් වල හිඳ
මගේ 'සහෝදරයින් ය'
උන් හා එකට ඉඳ - මට විරිත්තන
අත් උස්සා එකට
පාපතරයින් ය, අත ගැසූ
උන්ඩ වට්ටියට
ම'වැනිම උන් - උන්නු තව පරපුරක
ඔලූ වලට වෙඩි තියන්න ට
එලෙසින්ම ඉන්දුවා
ගඟක බන්ට් එක උඩ
ඉලක්කය වැරදී වරෙක
සුරැකුන මගේ හිස
පුපුරයි ඇතුලාන්තය
ඇසී ඒ එකම වෙඩි හඬ.
ගලා ලේ - නහර වැල් දිග
පණ ගහයි
මළවුන් ගෙ හෘද සාක්ශිය
මහත්වරුනි
මග ඇරුන විප්ලවය වළඳන
ආපසු නොබලව්!
පිටුපසිනි - නුඹලා ලූහුබඳින
හැට දහසක
මළවුන ගෙ ආත්ම
එ'දවස
නුඹලා සමග ගැවසුන.
මහේෂ් මුණසිංහ
2009 09
මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
“ලොකු මහත්තයා අද විත්තිකූඩුවේ පස් වැනියාට පෙනී සිටිනවා. ඔහු බීමතින් වගේ හිටියේ. ඔහු එතැන සිටි කෙනෙකුට කතා කරලා "අර කෝප්‍රල්ව ගේන්න" කීවා. කූඩුවේ හිටපු පිරිමි ළමයින් දෙන්නව ගෙනවා. ඉන් පස්‌සේ ඒ දෙන්නා අතර හිටි හමුදාවේ කියා කියපු කලු ටී ෂර්ට් එක ඇඳපු කෙනාට ගැහුවා. ලොකු මහත්තයත් පහර දුන්නා. ඉන් පස්‌සේ තව කෙනෙකුට කිව්වා ගහන්න කියලා.’” (නදීෂා කල්පනී - අඟුලාන පොලිස් මිනිමැරුම් නඩුවේ සාක්ෂියෙන්)
නදීෂා කල්පනීගේ කථාව ඇහුවාම හිතුනේ අපේ රට ආයෙත් පරණ චක්කරේටම කරකැවෙන්නට පටන් අරන් කියාය. එහෙම නොවෙන්නට අපේ රටේ මේ වාගේ කාලයක මේ වාගේ වැඩක් වෙන්නට ඉඩක් තිබෙන්නට බැරිය. රට ජාතිය වෙනුවෙන් කල කියූ දේට වඩා පැටිකිරිය නොහොත් අම්මා, තාත්තා, අප්පා, කිරිකිත්තා මොකා එක්ක කිරි බිව්වාද යන්න අපේ රටේ කොහොමටත් වැදගත් වන්නාවූ කාරියකි.
කවුරු කොහොම කිව්වත් යුද්ධ කරන්නේ පුංචි උන්ය. යුද්ධ දිනන්නේ මහම මහ උන්ය. මේ ඔලකොලොප්පම අද ඊයෙක කෙරෙන දෙයක්, පටන් ගත් දෙයක් නොවේය. අපේ පරණ කෝලම් වෙස්මූනු දිහා බැළුවාම අපේ පරණ පුංචි උන් මේ සංසිද්ධිය හොඳාකාරවම දැන හිටි විත්තිය පැහැදිලිවෙයි. එක්සත් රාජධානි විද්‍යා කෞතුකාගාර වෙබ් අඩවියේ, අපේ සොල්දාදු වෙස් මුහුණේ ඡායාරුවක් සමග මෙසේද සඳහන් වෙයි.
“ කැපුම් කෙටුම් හා කූඩැල්ලන් ගෙන් වැසුනු මෙම දැවමය වෙස් මුහුණ, ලංකා කෝලම් නාට්‍යයන්හි ‘හේවායා’ නිරූපණය කරයි. කෝලම් නාට්‍ය චරිත පණහකට අධික වන අතර ‘හේවායා’ එහි එන විසුළු චරිතයකි...”
[http://www.sciencemuseum.org.uk/broughttolife/objects/display.aspx?id=10716]
හඳ පායා ඇත්තේ කාටද කියා ලියන්නට ඕනෑ නැත. ඒත් හඳ පායා ඇති බව නම් බැළුෑ බැල්මටම පෙනෙයි. හඳ එළිය ඉර එළියට වෙනස්ය. හඳ එළිය හංගයි. හැමදේම මූසල රිදී පාටකින් පාට කරයි. පෙනෙනවා යි හිතවන මුත් පෙන්නන්නේ වෙනත් දෙයකි. බලන්න ඕනෑ එකාට ඕනෑ විදිහකින් බලන්නට පුළුවන් විදිහට හඳ එළිය හැමදේම පාට කරයි. වැල්ලවත්තේ කුණු ඇල කිරි සයුරක් කරන්නටත්, මෝදර, මට්ටක්කුලිය, පහුකර පෑලියගොඩටත් යන කොළඹ කුණු කඳු, හිම ගිරවල් කරන්නටත් හඳ එළියට පුළුවන. අමාරිස් අයියා, දෝතටම මිරිකා ගත්, හඳ එළියට දිලිහුනු මැණික ඇඟිලි අස්සෙන් චිරිස් කියා රිංගා ගියේ, ඒක ඇත්තටම ගොම බෙට්ටක වාඩිවී සිටි රෑ බදුල්ලෙක් නිසාය.
යුද්ධ කළ මිනිසුන්ටත්, අති මානුෂික යුද්ධයක් කර දිනාගත්තාවූ සාමයටත්, අමාරිස් අයියාගේ මැණිකට සිද්ධ වුනු දේම වෙනවාද කියන එක හඳ එළිය ගැන දන්නාවූ බොහෝ අයගේ හිත් වල කැරකෙන හිතිවිලිවල එහෙන් මෙහෙන් ලප කැලැල් සේ මතුවෙමින් තිබෙයි.
රටේ මිනිස්සු යුද්ධයට දූ පුතුන් දුන්නේ කරන්නම දෙයක් නැති තැනය. අනාගතයක් තබා වර්තමානය ගැනවත් හිතන්නට තියා කතා කරන්නට කටේ කෙළ පිඬක් මතු කරගන්නට අමාරු වූ තැනකට වැටී හිටි වෙලාවක, මොන සවුදමකින් හරි මේ රටේ යුද්ධය අහවර කලොත්, සේරම හරිය කියන්නාවූ අමන හිතිවිල්ලට වහල් වෙනවා ඇරෙන්නට වෙන විකල්පයක් කාටවත් තිබුණේ නැත. කෙරුනු කියපු දේ සියල්ල නෑඹිලියක දමා ගරා ගල් සුන් සාල් වෙන්කර ගන්නට උත්සාහ කරානම් මේ වැඩේ කෙරෙනවා නම් කෙරෙන්නේ යුද්ධයෙන්ම බව අක්මාව හරිහමන් තැනක ඇති එෙකකුට තේරුම් ගන්නට ඒ කාලයේම ඇති තරම් ඇහි පිල්ලන් ගැහිලි සිද්ධ වෙමින් තිබුණි.
සුලමුල කොහොම වෙතත්, ගහ ඇද නම් හෙවනැල්ල කෙලින් හිටින්නේ නැත. ඇලවෙලා බලන එකාට නම් බිම දිගේ ගිය ගස් වලත් වරදක් නොපෙනෙන නමුත්, කරුණු කාරනා වෙන්නේ කක්කුටු තාලමටමය කියා ඇහෙන පෙනෙන දේ වලින් ඇති පදම් පෙනෙයි.
මේක අමුතු දෙයක් නොවේ. අළුත් දේකුත් නොවේ. වැඩ සිද්ධ උනේ මෙහෙම තමාය. අවුරුදු තිහ හතලිහකට ඉස්සරත් මෙහෙමමය. මිනිස්සුන්ව දවල්ට නිදි කර තබා, රෑට කූද්දා හඳ එළිය පෙන්නාපු අයියණ්ඩිලා, මාමණ්ඩිලා, අංකල්ලා, ඇන්ටිලා ඇති පදම් සිටියහ.
හැත්තැ එකේ ගැලුවේ ඒ හඳ වතුරමයි. පහුගිය අවුරුදු තිහේ ගැළුවේත්, ටයර් උඩ බාබකියු කලේත් ඒ හඳ එළියේ ආනිසංසමයි. මේවා ගැන එහෙන් මෙහෙන් කෙඳිරෙන කෙඳිරිලි කෙඳිරෙන්නේ රට හෑල්ලු කරන කුමන්ත්‍රණ කාරයින්ගේ අධෝමුඛ වලින්මය කියා කියන එකත් කියන්නේ හඳ එළියෙන්ම එලිය බලන අප්පුලාමයි.
ටෝක් එක කෙසේ කලත් යන ගමන කොයි අතට යනවාද කියන එක තීරණය වෙන්නේ වෝක් එකෙන් බව පැහැදිලි කරගන්නට තරම් ඉංගිරිස් දැනුමක් රේස් කොලෙන් ඉංගිරිස් උගත් එකාටත් තිබේ. ප්‍රශ්නය ඇත්තටම ඇත්තේ එතනයි. තිස් අවුරුද්දක් කාල් ගගා තිබුණු අල හොද්ද, එක පතට හින්දා ලිප නිවන්නට හයිය හත්තිය ඇති, පණක් කළඳක් ඇති නායකත්වයක් තිබීම අගය කරන්නට, ඇහැට ඇනලා කියා දිය යුතු නැත. වැඩේ කෙරුනේ හොඳින්ද නරකින්ද හරියටද කෙලින්ද කියා චුරු චුරු ගාන්නටත්, කරාපු දේ බාල්දු කර කතා කරන්නටත් උවමනාවක් නැත. කෙරුනේ යුද්ධයකි. යුද්ධය මිනි මරා ගැනීමක් මිස, ඇට බෝල සෙල්ලමක් නොවේ. ප්‍රභාහරන් ඇතුළු එල්ටීටීය නැතිවුනේ, නැතිකලේ, බෝම්බ දමා, මල්ටි බැරල් ගසා, කීතු කීතු වෙන්නට වෙඩි තබා මරා දමා මිස, වස් කවි කියා දෙහි කපා නූල් මතුරා හෝ ලබ්බේ තොවිලයකින් හෝ නොවේ. ඒ අස්සේ සිද්ධ වුනු දේවල ඇද පළුදු ඕනෑ තරම් ඇත. ඒ ගැන ඕනෑ තරම් දේ ලියවිලාත් ඇත.
අපේ කොල්ලෝ කෙල්ලෝ යුද්ධයට ගියේත් අතපය නැතිකරගෙන මෙන්ම මළකඳන් වගේත් ගෙදර ආවේත් මේ සේරමත් දැනගෙනය. උන් එහෙම කළේ හඳ එළියට රැවටිලා නොවෙයි. අද මේ විදිහෙන් හඳ එළිය බලන්නටත් නොවෙයි. අනාගතය කියා උන් හිතුවේත් හිතන්නේත් අවුරුදු තිහකට එහා “ගුඩ් ඕල්ඩ් ඩේස්” නොවේ. ඒ ‘ඩේස්’ වල වන්දිය ලක්ෂ ගණනක් කොළු කෙල්ලන්ගේ සදහටම අපතේ ගිය හුස්ම පොද වලින් අපේ මිනිස්සු ගෙවූහ. හඳ එළිය නොවෙයි අඟහරු එළිය පෙන්නුවත් මේ කතාවට පැණි වක්කරන්නට පුළුවන් කමක් නැත.
යුද්ධය ඊළඟ පරපුරට නොදෙන්නට කල සථප කිරීම අර්ථවත් වන්නේ චෙස් ලෑල්ලට අළුත් ගේමක් එක් කිරීමෙන් මිස පරණ පසික්කාටු සෙල්ලමම කරන්නට පටන් ගැනීමෙන් නොවේ. අළුත් වැඩ කරන්නට අළුත් පොතක් අතට ගත යුතුය. පරණ පොතේ පාඩම අග හිට මුලට කියවීම අළුත් පාඩමක් වන්නේ නැත. එසේ නූණොත් හඳ එළියේ ගස් වටේ කැරකෙන ලව් කපල් වලට ඉර පායන්නට වැඩිකල් ගත නොවනු ඇත
-ලොකු
ඈ උපන්නේ හැත්තෑ හතේදීය
උතුමාණන් මේක සිංගප්පූරැවක් කොරාපු දාය
ඈ වැඩිවිය පත්වූණේ අසූ නමේදීය
විජේවීර ඇල්ලූ පුවත ටී. වී එකේ යද්දී
අම්මා මට ඒ ආරංචිය ඇවිත් කීවාය
ඔහුගේ සිරැරින් ලේ ගැලූ නිමේෂයේම
මල්වර රැධිරය ඇගේ කලවා තෙත් කළේය
ඈ භද්‍ර යෞවනයට පිය නැඟූ මල්වර නැකත
ඔහුගේ මරැ නැකත විය
දැන් දෙදාස් තුනය
ඈට දැන් අවුරැදු විසි හයකි
ඇගේ දෙපා ඩිජිටල්ය
ස්කෑන් කර බැලුවත්
වැලි කැටයක පලුද්දක් නැත
ඇගේ දෙතන බෙත්ම සිලිකන්ය
මිනි ටී එකෙන් ඈත් මෑත් වන
නැබතුර ඩීවීඩී කොලිටිය
ඈ දෑත් හයි රිසලුෂන්ය
මයික්‍රොමිනිය තුළ තෙරපෙන නිතඹ මල්ටි මීඩියාය
ඇගේ වත නම් වී.එම්. එස් ය
ඇගේ කට හඬ එෆ්. එම් ය
ඔලුව වෑල් ය
හදවත ට්‍රැකින් වේ
(හැදුවට වැඩක්ම නැත)
ඇගේ ආත්මයේ ෆන් ගස් බැඳී ඇත
ඉපනැල්ලක්වත් නැති ඈ කිහිලි
ඩිඔචරන්ට් ගඳය
ඇගේ පෑන්ටිය C.K ය
එහෙත්
අම්මා පල්ල ඇතුළ ජාතික චින්තනය
ඈ මගේ නංගීය
මා ඈ ගැන බැලිය යුතුමය
ඉතින් ඇනලොග් නාකියෙක් හෝ
ඩිජිටල් මෝඩයෙක් සොයමි
ඩිජිටල් නම් සුළු ආබාධයක් තිබුණද කම් නැත
ඇනලොග් නම් දික්කසාද
දරැවන් නැති අය ඉල්ලන්න
මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
සුනිල් මාධව ප්‍රේමතිලක සමග සංවාදයක්
(ලංකා ස්ක්‍රීන් -2009.සැප්.12)
'ලංකා ස්ක්‍රීන්' වෙනුවෙන් සාකච්ඡාවක් සඳහා දුරකතනය ඔස්සේ දින යොදාගත් පසු මම සුනිල් මාධව ප්‍රේමතිලකගෙන් ඔහුගේ නිවස ඇති තැන විමසීමි.
''ඔයා කොස්වත්ත හන්දියට ඇවිත් ත්‍රී වීල් මල්ලි කෙනෙකුගෙන් මගේ ගෙදර අහන්න.''
ඔහු ත්‍රී රෝද රියැදුරන් හැඳින්වීම සඳහා 'ත්‍රී වීල් කාරයා' යන පොදු වචනය භාවිතා නොකර 'ත්‍රීවීල් මල්ලි' යන වචනය යොදා ගත්තේය.
සුනිල් මාධව අනෙක් මාධ්‍යවේදීන් අතර කැපී පෙනෙන චරිතයක් බවට පත් වූයේ ඔහුගේ මේ ලකෂණය නිසා විය යුතුය.
එවැනි විශ්වාසයක් සිත තුළ සටහන් කර ගනිමින් වරෙක මෙරට ''හිතුවක්කාර මාධ්‍යවේදියෙකු'' ද වූ සුනිල් මාධව ප්‍රේමතිලක සමග සංවාදයකට එක්වීමි.
ඔබ මෙරට තවත් ''මාධ්‍ය චරිතයක්'' වූයේ කොහොමද?
බොහෝ මාධ්‍යවේදීන් වගේ මගේ තිඹිරිගෙය ලේක්හවුස් ආයතනය වුවත් මම ජනතාව අතරට ගියේ එඩ්මන් රණසිංහ කර්තෘත්වය දැරූ දිවයින පත්‍රයෙන්. දිවයිනට මා ලියූ සත්‍යවාදියෙකුගේ දිනපොත අසීමිත ජනප්‍රියත්වයක් ලැබුවා. එහිම මා සංස්කරණය කළ අටවෙනි පිටුව මෙරට අංකූර ලේඛකයින්ට අත්වැලක් වුණා. මා දැඩිව අදහන ජනතා සේවය මට ඒ තුළින් කිරීමට හැකි වුණා. අපි ජනතාවගේ මුදලින් අධ්‍යාපනය ලැබූ ජනතා මුදලින් නිරෝගි සෞඛ්‍යය තත්ත්වයක් ඇති කරගෙන සිටින ජනතාවක් හැටියට පෙරළා අපේ සහෝදර ජනතාවට සේවය කළ යුතුයි. මාගේ මාධ්‍ය න්‍යාය එයයි.
ඒත් ඔබට එම සේවය දිවයින තුළ කිරීමට බැරි වුණා.
ඔව්. වරක් උත්සව අත්තිකාරම් ප්‍රශ්නයක් මුල් වුණා. කොහොමත් දිවයින වැනි දැවැන්ත පත්‍ර ආයතනයකින් ඉවත් වීම මා ජනතාව අතරට යෑමට හේතු වුණා. ආයතනයක් තුළ කොටු වී සිටින මාධ්‍ය භාවිතයට වඩා ජනතාව අතරට ගිහින් ඔවුන්ගේ කඳුළ සුසුම සමඟ කරන මාධ්‍ය භාවිතාව තුළ සජීවී බවක් මා දකිනවා.
සත්‍යවාදියාගේ දින පොත එහි ප්‍රාරම්භක අවධිය වුණාද?
ආමර්වීදියේ බාර් එක අසලදී මා අත්විඳි අත්දැකීම් බොහොමයක් එයට පාදක වුණා. එහිදී මට සමාජයේ සිඟන්නන්, ගණිකාවන්, ගැට කපන්නන්, නාට්ටාමිවරුන් වගේ අසරණ මිනිසුන්ගේ ජීවිත තුළ සැඟවී ඇති සත්‍යය අත්විඳින්න ලැබුණා. මා දිවයින පුවත්පතින් අස්වූ විට ඔවුන් දැක්වූ මානව හිතවාදී ප්‍රතික්‍රියාවන් සුචරිත සමාජය තුළ මා දැක නැහැ.
ඔබ ලක්මිණ පුවත් පතින් ඇරඹි ගමන ගැන තෘප්තිමත්ද?
ලක්මිණ යනු මෙරට පළමු විකල්ප පුවත් පතයි. ඊට කලින් තිබූ ඇත්ත, ජනදින වැනි පත්‍ර විකල්ප පත්‍ර නොවේ. ඒත් පකෂයට ලැදිව අනෙක් පත්‍රවලට එරෙහිව පළවූ පත්‍රයි. ලක්මිණ පත්‍රය මුද්‍රණයේ සිට අලෙවිය දක්වා සෑම පැත්තක් ගැනම උනන්දුවෙන් බලන්න සිදුවුණා. එහිදී ලැබූ මිහිරි, අමිහිරි අත්දැකීම් සියල්ල මා සර්ව සම්පූර්ණ මාධ්‍යවේදියකු බවට පත් කළා. එවිට හදවතින් ජනතාව ගැන ඇතිවූ කම්පනය තුළින් ලිවීමට හැකි වුණා.
ඒත් ඔබට එක් පත්‍රයක් සමඟ බොහෝ කලක් සේවය කරන්න බැරි වුණා.
ලක්මිණ ස්වරූපය ජාතික චින්තනයකට යොමුකිරීමට පාලකයන් උත්සාහ කළ නිසා මට අයින් වෙන්න සිද්ධ වුණා. ඒ පත්‍රය කළේ තිලක් කරුණාරත්නයි. ඔහු තමයි සිහළ උරුමය පත්‍රයද බිහි කළේ. ලක්දිව ඉන්පසු කරගෙන ආවා. එහිදී පත්‍රයේ හිමිකරුවන් සමඟ වෙළෙඳ දැන්වීම් පළ කිරීම පිළිබඳව ඇතිවූ මත ගැටුමක් මත ඉවත වුණා. ඒ පත්‍රය කළේ තිලක් ඈපාආරච්චි මහතායි.
අනූව වසරේදී ඇරඹි මගේ පුවත් පත් ගමන පසුව ලක්බිම සහ ලක්නද දක්වා ව්‍යාප්ත වූවා. ඒත් සැබෑ ලෙස ජනතාවගේ වූ පුවත් පතක් මා කළා නම් ඒ හිරු පත්‍රයයි. එය ආරම්භ කළේ ජනතාවගෙන් එක්රැස් කළ රුපියල් ලකෂයකින්. ජනතාව එදා වේදිකාවේ සිට කළ ඉල්ලීමට එසැනින් ප්‍රතිචාර දැක්වූවා. ප්‍රේමදාස පාලනයෙන් බියකරු අත්දැකීම් විඳ සිටි ජනතාව මා මාධ්‍ය තුළින් පළ කළ අදහස් ඉහළින් පිළිගත්තා. ඔවුන් එදා ජනතාවගේ පුවත් පතක් බිහිකිරීමේ අවශ්‍යතාව හොඳින් අවබෝධ කරගත්තා. කවුරු කොහොම කීවත් මේ රටේ ජනතාව දේශපාලකයින්ට වඩා බුද්ධියෙන් පොහොසත්. රටට ආදරෙයි. ඔවුන් තුළ පටු ජාති ආගම් බේද නැහැ. එහෙත් අපේ රටේ දේශපාලකයින් කිසිවෙක් ජනතාවගේ සැබෑ හැඟීම් තේරුම් අරගෙන නැහැ. ඒ නිසයි ජනතාව හා පාලකයින් අතර විසංවාදයක් ගොඩනැගී ඇත්තේ.
විකල්ප මාධ්‍ය ජීවිතයේදී ඔබගේ අමරණීය සිහිවටන මොනවාද?
විවිධ මට්ටමේ ජනතාව ඇසුරු කිරීමට ලැබුණා. බුද්ධිමත්, ක්‍රියාශීලි තරුණ පිරිසක් සමඟ මාධ්‍යකරණයේ යෙදෙන්න ලැබුණා. ඒ අතර සිටි දෙදෙනෙක් තමයි ඩලස් අලහප්පෙරුම සහ විමල් වීරවංශ. ඒකාලයේ විමල් ලිපි බාරදී යන තරුණයෙක්. මට ඒ තරුණයාගේ ලිපි කියවා ඔහු හඳුනාගන්න අවශ්‍ය වුණා. පසුව ඔහු හමුවී මගේ මාධ්‍යයට එකතු කරගත්තා. එදා සිට ඔහුගේ අධිවේගී ක්‍රියාශීලීත්වය මම වටහාගෙන තිබුණා. සැබවින්ම විමල් වීරවංශ ලිවීමට සහ කතා කිරීමට වඩා ගීත ගැයීමට දකෂයි. ඔහු ගුණදාස කපුගේ ගැයූ ගීත කපුගේට වඩා හොඳින් ගායනා කරනවා මම අසා තියෙනවා.
ප්‍රේමදාස පාලනයට එරෙහි වූ ඔබගේ පෑන වර්තමානයේ උතුරේ ගැටළු තුලින් දරුණු ලෙස මානව හිමිකම් ඛාදනයට ලක්වෙද්දී අක්‍රිය වූයේ ඇයි?
කවුද කියන්නේ අද මානව හිමිකම් කඩවෙනවා කියලා. උතුරේ මානව හිමිකම් කඩවූයේ ප්‍රභාකරන් කියන මිනීමරු පැසිස්ට්වාදියා ජීවත්වූ කාලයේ පමණයි. රජයේ හමුදා ඒ තත්තවය විනාශ කළා. සැබෑ ලෙසින්ම උතුරේ අරගල ඇරඹූයේ උමා මහේෂ්වරන් සහ සභාරත්නම් වැනි වාම දේශපාලකයන් ක්‍රියාත්මක වූ කාලයේ. ඒ කාලයේ උතුරේ සිටි බුද්ධිමතුන් ඒ ව්‍යාපාරයට යම්කිසි නම්‍යශීලි බවක් පළ කළා. ඒත් ප්‍රභාකරන් කියන මිනීමරුවා අර සැබෑ වාම දේශපාලකයින් මරා දමා උතුරු පළාත මිනී කනත්තක් කර දැම්මා. රාජපකෂ ආණ්ඩුව කළේ උතුර ඒ මිනීමරු පැසිස්ට්වාදියාගෙන් මුදා ගැනීම පමණයි.
ඒත් එහිදී විශාල ලෙස අහිංසක මිනිසුන් ඝාතනයට ලක්වුණා නේද?
උතුරේ කොටි සංවිධානය සතු වී තිබූ භූමියට සාපේකෂව රජයේ හමුදා අතින් සිදුවූයේ විශාල ඝාතන සංඛ්‍යාවක් නොවේ. එල්ටීටීඊ වැනි සංවිධානයක් විනාශ කිරීමේදී එවැනි අඩු මරණ සංඛ්‍යාවක් සිදුවීම පිළිබඳව අප සතුටු විය යුතුයි. ලෝකයේ අනෙක් අරගල දෙස බලන විට ලංකාවේ සිදුවූයේ අවම ජිවිත හානි ප්‍රමාණයක් පමණයි.
ඔබ මානව හිතවාදියෙකු ලෙස යුද්ධය අමතක කරනවාද?
රනිල් වික්‍රමසිංහගේ බියගුළු සාම ගිවිසුමට වඩා මහින්ද රාජපකෂගේ යුධ ක්‍රියාමාර්ගය ප්‍රතිඵලදායකයි. ජනතාහිතවාදියි. ජනතාවට වැඩි සෙතක් ඇතිකළේ රනිල්ගේ ගිවිසුමට වඩා මහින්දගේ යුධ ක්‍රියාමාර්ගයයි. ඔහු බටහිර බලවතුන්ගේ බලපෑමට යට නොවීම තුළින් තුන්වෙනි ලෝකයේ රටක නායකයෙකුගෙන් අපේකෂා කළ නොහැකි අන්දමේ එඩිතර බවක් පළ කළා.
ඔබ රාජපකෂ රජයේ චිත්‍රපට තහනම් කිරීමේ ක්‍රියාව ගැන මොකද කියන්නේ?
වැඩිහිටියන්ට පමණයි චිත්‍රපට තහනම් කිරීම ගැන මම එකඟයි. පසුගිය අවුරුදු කිහිපය තුළ නිරුවත උසස් ලෙස යොදවාගත් විශිෂ්ට චිත්‍රපට මෙහි තිරගත වූවේ නැහැ. තොග පිටින් මෙහි ගෙනවිත් තිරගත කළේ ඉන්දියාවේ සහ බටහිර බාල චිත්‍රපට. මේ වායින් බාල සිත් තදින් දුෂ්‍ය වූවා. ඒ නිසා මේවා තහනම් කිරීමේ වරදක් මා දකින්නේ නැහැ.
එහෙත් රැඟ=ම් පාලක මණ්ඩලයක් ක්‍රියාත්මක වෙමින් තිබියදී වෙනම තහනම් නීති ගෙන ඒම විහිළුවක් නෙවේද?
රැඟ=ම් පාලක මණ්ඩල තම යුතුකම් නිසි ලෙස ඉටු නොකරන්නේ නම් රජය එවැනි නීති ගෙන ඒම තුළ වරදක් මා දකින්නේ නෑ.
එසේ නම් රජය සුදුසු පුද්ගලයින් රැඟ=ම් පාලක මණ්ඩලයට පත් කර නැද්ද?
රැඟ=ම් පාලක මණඩලය මහාචාර්ය සෝමරත්න බාලසූරිය වැනි විශිෂ්ට පුද්ගලයින්ගෙන් සෑදී තිබුණා. ඒත් පසුකලෙක එවැනි බුද්ධිමතුන්ගේ සේවය රජය විසින් අවසන් කර දැම්මා.
රජයේ වැරදි කළමනාකරණය නිසා රටේ ජීවන වියදම අහස උසට නැග්ගා යයි විපකෂයෙන් චෝදනාවක් තිඛෙනවා.
ලෝකයේ සෑම රටකම දරුණු යුද්ධයකින් පසු මෙවැනි තත්තවයක් ඇති වුණා. ආසියාව වැනි තුන්වෙනි ලෝකයේ රටවල ඔය තත්තවය තවත් ඉහළ යනවා. ඒත් ලෝක ආර්ථීක කඩාවැටීම් හමුවේ වුවද අපේ රටේ ආර්ථීකය මෙවැනි මට්ටමක තිබීම ගැන අප සතුටු විය යුතුයි. රටක දරුණු ප්‍රශ්නයක් විසඳන විට ආර්ථීක කඩාවැටීම් අප බලාපොරොත්තු වෙන්න ඕන. ඒත් මේ රජය ඉතා නුදුරේදීම මේ ප්‍රශ්නය විසඳන බව මට විශ්වාසයි.
සුනිල් මාධව ප්‍රේමතිලක තමා අසල සිටි තම පුතාගේ හිස අතගාමින් එසේ ප්‍රකාශ කළේ දහසක් අපේකෂා සිත තුළ තබාගෙනය. එහෙත් ඒ අපේකෂා නුදුරේදී සඵල වේද? එය කාලය විසින් විසඳනු ඇත.
සාකච්ඡා කළේ: ගාමිණී සරත් ගුණවර්ධන
මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook

සුරුට්ට්වෙ කොන සපා සුළං පාරට නිවෙන්ට වෙර දරන ගිනි කූරකින් එය දල්වා ගත් පීටර් වයින් වීදුරුවක්ද ගෙන බැල්කෙනියේ වාඩි වී කළුවරේ සුන්දරත්වය සොයන්නට විය.තවමත් ඝන කළුවර පහත් වී නැති නිසාවෙන් මීදුම අතරින් කඳු ගැටය බොහොම අමාරුවෙන් සොයා ගන්න තරම් පීටර්ගේ වියපත් දෙනෙතේ හැකියාවක් නැත්තේම නොවේ.
“හොදටම හීතලයි නේද මිස්ටර් පිටර්?" කැතිරිනාගේ හඩින් පීටර් සොයාගත් ඈත කඳු ගැටයේ කඳු මුදුන දෙනෙතින් මැකී ගියේය.ඈ අතින් ගෙනා ලන්තෑරුම නිසාවෙන් බැල්කෙනියේ තිබූ අඳුරට ඕනෑවටත් වඩා එළියක් ලැබුනායැයි පීටර්ට සිතුනි.
“නැහැ තවම තරුණයි”පීටර්ගේ පිළිතුරින් කැතිරිනා සිනා නොවී සිටීමට තරම් මසුරු නොවූවාය
“මම ඇහුවේ කළුවර ගැන නෙවි ඔබට හීතලද කියලා?” කැතිරිනා සිනා සෙමින් පැවසුවාය
“මමත් කිව්වේ මා ගැන,හීතලට ඔරොත්තු දෙන තරමට මම තවමත් තරුණයි කියලා” පීටර් පැවසුවේ කැතිරිනා දල්වාන ආ ලන්තෑරුමේ එළිය මදක් අඩු කරමිනි.
“ඔබට ලන්තෑරුම කරදරක්ද?”
“මම කැමති අඳුරෙ ඉඳගෙන අඳුර රස විඳින්න එළියෙ ඉඳගෙන අඳුර රස විඳින්න ගියාම අඳුරෙ හැඩය දියවෙනවා.”
“ඔබ අකමැති නම් මම ලන්තෑරුම නිවා දමන්නම්”
එවිට පීටර් කැතිරිනාගේ දෑස් දෙස බැලුවේය.ලන්තෑරුම් එළියට නිල් පාටින් දිළිහෙන ඇගේ දෙනෙත්,ඉතාම පැහැදිලිව පෙනෙන රෝස පාට කම්මුල්,සිහින්ව කරල් දෙකකට ගොතා උරහිස් මතින් ඉදිරියට විත් ලමැද සිපින ඇගේ කොන්ඩ කරල්,නළල් තලය මත ඇගේ දඟ කරන කෙහෙරැලි ඇයට ගෙනාවේ ඉතාම සුන්දර දඟකාර කමකි,සිත්තරුවන් ගොන්නක් එකව හැඩ කල සිත්තමකට සමාන ඇගේ රුව දිහා බලාන ඉන්න ලැබීම කට්ට කළුවර අඳුර දෙස බලාන ඉන්නවට වඩා කොයි තරම් නම් සුන්දරදැයි පීටර්ට නොහැඟුනාම නොවේ.
“හ්ම්..... ඒක හොදයි, ඔබටත් පුළුවනි අඳුර රස විඳින්න”පීටර් එසේ පැවසුවේ කැතිරිනා ඉදිරියේ ඔහුට ඇති වන අපහසුතාවය මග හරවන්න එය කදිම පිළිතුරක් නිසාමවෙනි.
උදෑසන දපණතලයෙන් දුටු තම රූපය සිහියට නැගූ ඔහු, රැලි ගැහුනු කම්මුල,ඒ මත විහිදුණු මහ ගැඹුරු ලප කැළැල්,තැනින් තැන දුටු කළු රැවුල් කොට වසා මුහුන පුරා ඇති සුදු රැවුල් ගස්,හිස පුරා ඇති දෑඟිලි වලටත් වඩා අඩු සුදු පැහැ ගැනුණු කෙස් ගස් කිහිපය ඔහුගෙ සිතට වද දෙන්නට විය. කැතිරිනා ලන්තෑරුම නිවා දැමුවාය.පීටර්ගෙ සිතට සියුම් සහනයක් දැනුණි.තිස් වසරකට පමණ පෙර ලබා ගත් තම ගැටවර අවදියේ පින්තූරයක්සේ සිත තරුණ කර ගත් පීටර් කළුවරේම යෞවනයේ රේඛා අදින්නට තැත් කළේය.
“ඔබ මොනවද හිතන්නෙ?”කැතිරිනාට නිහඬ බව මහ වදයක් විය.ඇයට හැකි හැම වෙලාවෙම වචන හසුරුවන්ට ඇය ඉතාමත් දක්ෂය. පීටර්ගෙ අඩු කථා බහා තුළ තමන්ගෙ වචන දහකටත් වඩා අගයක් වටිනාකමක් ඇති බව වටහා ගන්න තරම්වත් කැතිරිනා මේරි නැති බව කැතිරිනාට නොතේරිනි.
“හෙට ගැන”පීටර් එසේ කිවේ තවත් වයින් උගුරක රස බලා අහවර වී තප්පර කිහිපයකටත් පසුවය,
පීටර්ගෙ පිළිතුරින් කැතිරිනා සිනාසෙන්නට විය.
“ඇයි?”පීටර් ඇසුවේ කුතුහලයෙනි.
“ඔබේ ඉදිරි පැය ගැනවත් නොසිතු ඔබ කොහොමද හෙට ගැන හිතන්නෙ?”
“මම හිතුවේ ඔබේ හෙට දවස ගැන”
“අපි හැමදේම සුදානම් කළා”
“කවුද අපි?”
“මමයි, තෝමසුයි"
කැතිරිනා තෝමස් ටවූන්සන්ඩ්, කැතිරිනා හොබ්ස් නැමති ඇයට හෙට පහන් වන විට ලැබෙන නව නාමය.තෝමස් තමන්ගේම ව්‍යාපාර කටයුතු සාර්ථක කරගත් ව්‍යපාරිකයෙකි.කැතිරිනා පුවත් පත් කලාවට පැමිණි පසු වටිනාම ලිපිය පළ කලේ ඔහු ගැනය.පීටර් ඇයට පැවරුවේ සති පතා පළවන තම පුවත්පතේ සාර්ථක ව්‍යපාරිකයා නම් වු ලිපිය පළ කරන්නටය. ඇය බොහෝ ව්‍යපාරිකයන් ගැන සති පතාම පළ කළ අතර තෝමස් සමග කළ ලිපියෙන් පසු ඇයත් තෝමසුත් අතර ඇරඹුනු පෙම් ලිපිය හෙට දින විවාහයකින් අවසන් කරන්න ඔවුන් සියල්ල සුදනම් කර අවසන්ය.
“හ්ම්ම් එහෙනම් ඔබත් මමත් මේ නිවසේ ගත කරන අවසන් රැය අද....”ඔබ කැමතිද වයින් වීදුරුවක් මාත් සමග තොල ගාන්න ”
“ස්තුති ඔබට, මට උදෙන්ම නැගිට ගන්න අමාරු වේවි .මට මෙහෙම හොඳයි”
“ඔබේ කැමැත්තක්”පීටර් එසේ කියා අඳුර දෙසම බොහෝ වේලාවක් නිහඬවම බලාන උන්නේය.නොරිස්සුම් නිහඬ බව යළිත් රජ වු බව දැණුනු කැතිරිනා නිහඬ බව යළි බින්දාය.
“ඇයි ඔබ විවහා නොවුනේ?”වසරකටත් වඩා වැඩි කාලයක් එකම පුවත්පත හැඩකළ ඇය ඒ පැනය ඇසුවේ කෙතරම් නම් කාලයක් දිනපොතෙන් කඩා දැමීමෙන් පසුදැයි පීටර්ට සිතුණි.
"තනිකමේ රහ බලන්න”
“තනිකම රහද?”කැතිරිනා පීටර්ගෙන් පෙරළා ඈසුවාය.
“නැහැ”
“ඉතින් එහෙනම් ඇයි ඔබ විවහා නොවුනේ…?”
කැතිරිනා සෙමින් පීටර් වෙත තම අසුන තවත් ලං කළාය.අඳුර කෙතරම් දැඩි උවත් කැතිරිනාට පීටර්වත් පීටර්ට කැතිරිනාවත් නොපෙනෙන්න තරම් අඳුරු වන්නට කෲර නොවුනාය.
“කල් ගිහින්..”පීටර් පෑරුනු හිතේ වේදනව කැතිරිනාට නොදැනෙන්නට වචන පිටකළේය.
“ඒ කියන්නෙ ඔබ වයසට ගිහින්ද?”කැතිරිනා යළිත් පීටර්ගේ හදට දුන්නෙ කිනිසි පහරක් වූවාය.
“නැහැ”
“එහෙනම්?”
“තනිකමට කල් ගිහින්”පීටර් එසේ කියමින් තරම්ක් හඬ නගා සිනාසුනේ හදේ වේදනව සිනහවෙන් පිටකරන්නටය
“ඇයි අකමැති ඔබ වයසයි කියන්න?”
“කළුවර වැඩියි එත් තවමත් කඳු ගැට පෙළ පේනවා”පීටර් යලිත් කඳු ගැට පෙළ දිහා බලාගෙනම පැවසුවේය. මීදුමේ ඝනකමද යන්තම් දියව ගිහින් නිසාදෝ කඳු ගැට පෙළ පැහැදිලිවම කැතිරිනාටද දැක ගත හැකි විය.
“ඇයි ඔබ මම අහපු දේට පිළිතුරු නොදෙන්නෙ?” ඇය වාඩාත් නොවිලිසිලිමත් විය.
“මම පිළිතුරු දුන්නා ඔබට”
“මට තේරුනේ නැහැ”
“හ්ම්ම්..”ඔහු තවත් වයින් වීදුරුවක් පුරවාගෙන ඔහු අසලින් තබා ගත්තේය.
“එකයි ඔබෙයි මගෙයි වෙනස”ඇයද කළකිරුණු හඩින් පවසා පීටර් තොල ගෑ වයින් වීදුරුවෙන්ම සප්පායම් වන්නට විය.ඔහු ඇය දෙස පුදුමයෙන් මෙන් බැලූහ.ඇය වරදක් කළ දඟ කෙල්ලක් මෙන් ලැජ්ජාවෙන් යාන්තමට සිනාසිනි.
“වෙනසක් දකින්න ගළපන්න ඕනි” පීටර් ඇයටත් වීදුරුවක් ගෙනවිත් ඇයට ඇති පමණට වීදුරුව පුරවා ඇය අත තැබීය.
“හවසට සිතිජය ලස්සනයි”
“ඒත් දැන් රෑවෙලා” තමන්ගෙ අසරණ බව ඔහු දන්නා නිසාදෝ ඔහුටත් කළින් ඔහුගෙන් ඒ වචන පෙළ පිට විය.
“හෙටත් සිතිජය බලන්න පුලුවන්”
“ඊට කළින් හෙට උදේ වෙනවා”කැතිරිනා තමන්ගේම බලාපොරොත්තූන් මතම ජීවත් වන බව දන්නා පීටර්ට තමාගේත් යොවුන් විය සිහි විය.හැමෝම විවාහ වන්නයැයි තමන්ට බල කළ අයුරු, තමන් ගෙදරට හිතුවක්කාරවු වු සැටිත් ඔහුට සිහිවිය. ඔහුගේ යෞවනය ඔහුට කැතිරිනා තුලින්දකින්නට ලැබුණි.
“ඉතින් මොකෝ ?”
“ඇයි ඔබට අමතකද හෙට උදෑසන ඔබේ විවහා මංගලෝත්සවය බව…?”ඉතාම ඉක්මනින් වයින් වීදුරුව හිස්කල ඇය තවත් වරක් එය පුරවා ගන්නා දුටු පීටර් ඇගෙන් ඇසුවේය.
“හෙට උදේ නොවෙනවානම්”ඇය වයින් වීදුරුව අතට ගනිමින් පැවසුවාය.
“එවිට ඔබට හැමදාම කළුවරේ ඉන්න වේවි”
“ඔබේ වචන හරි ගැඹුරුයි”
“ඔබ ආයිමත් මගේ වයස අහනවා”පීටර් යාන්තමට සිනාසෙමින් පැවසුවේය.
“දැන් වේලාව රෑ 10.30යි” ඔබ නිදන්න යන්න.තව පැය එකහමාරකින් හෙට දිනයත් අද දිනයම වේවි.එහෙම උනොත් ඔබේ හෙට දවසෙ නැවුම් බව ඔබෙන් නැති වේවි”
“ඇයි ඔබ…?”
“මම කොහොමත් නිදන්නේ රෑ 12.00න් පස්සෙ”
“ඇයි ඒ..?”
“හෙටක් නැති වෙන්න”
“ඔබ මට වඩා ගොඩාක් වයසයි ….!”කැතිරිනා සිනා සෙමින් කිවාය.
“ඔබට සුභ රාත්‍රියක් මිස්ටර් පීටර් …!”
“ඔබටත්..!”
-සිතිජ-
සේරමල්ලා එන්න. තත්පර 9000ක් ඇස් ඇරගෙන ඉන්න. [AKSHARA SENAGA 2009 [ON SEPTEMBER 26TH] - OPEN INVITATION FOR ALL CYBER FRIENDS]
නිදියපු- දැනටමත් නිදියන- නිදියන්න ඉන්න-
නිදි වගේ හොරට ඉන්න-
සේරමල්ලා එන්න.
තත්පර 9000ක්
ඇස් ඇරගෙන ඉන්න.
බූන්දියට අවුරුද්දයි!
තෑගි මංගල්ලයයි!
අලූතෙන් කවි පොත් හයයි!
(අහස හැඩි වී ඇත - රෝහණ පොතුලියැද්ද
සියොතුන්ට එනු පිණිස - උපුල් සේනාධීරිගේ
රිදී මුතුඇටය සහ රත්තරන් හදවත -නිරෝධා තුෂාරි නානායක්කාර
වෙඩි වැදුන පන්හිඳ - ශක්තික සත්කුමාර
පරාග - ඉසුරු ප්‍රසංග
සාදය සූදානම්ය - ටිම්රාන් කීර්ති)
උණ්ඩ දෙකයි!
සිංදු හයයි!
අකුරු එක්ක-
ෆයිට් හයයි!
......................................................................................................,
ඔයාට/ ඔයාලට/ ඔබතුමාට/ ඔබතුමියට/ උඹට/ මචංලාට
මිස් වුනොත් පස්සෙ දුක හිතෙයි!
තැන- මහවැලි කේන්ද්‍ර්‍රය- ගාමිණී දිසානායක ශ්‍රවණාගාරය
(96, ආනන්ද කුමාරස්වාමි මාවත, කොළඹ 7)
දවස- 2009 සැප්තැම්බර් 26 සෙනසුරාදා
වෙලාව- හවස 2:00-4:30 (වෙලාවට එන්න- 2ට ලයිට් නිවනවා!)
විස්තර- www.boondi.lk එකෙන්.
ඕනෙ වුනොත් (පාර එහෙම වැරදුනොත්!) 071 4488498-න් අමිල සී. ට හලෝ කියන්න.
ජීවිතයක් මොකටද හෙට හිනා වෙන්න බැරි - ඇත්ත තමයි සිවරමණී මරණය යහපති... [-ප්‍රසාද් වීරසේකර]

සිවරමණී......
සිවරමණී කවුද ඉතිං අපේ දුකට අඬන්නේ
කඩදාසි ඔරු වලින් කොහොමද තමිල්නාඩු දුවන්නේ
තල මල පිපිලා මොකටද තල් වැට නැහැ බිඳෙන්නේ
ඇහැට ඇඟිල්ලෙන් ඇනගෙන තනියෙන් අපි අඬන්නේ
ටොකු ඇන ඇන කියා දෙන්න
ගුරුවරු නම් ඇති
හිත රිදුනම නාඬා
හිත හදා ගන්න හැටි
යාපනයේ පෙළ පොත් වල
ඒ පාඩම නැති
ඇත්ත තමයි සිවරමණී
මරණය යහපති
පිච්ච මල් නෙලා
කෝවිල් ගිය අය බෝ වෙති
හදිස්සියට වත් දෙවොලේ
දෙවියෙක් නැති හැටි
ජීවිතයක් මොකටද හෙට
හිනා වෙන්න බැරි
ඇත්ත තමයි සිවරමණී
මරණය යහපති...
-ප්‍රසාද් වීරසේකර
නිලර් එන්. කාසිම් විසින් පරිවර්තනය කරන ලද සහෝදර පියාපත් කෘතිය තුළ අන්තර්ගත සිවරමණී කිවිඳිය විසින් රචිත කවි කියවීමෙන් පසු ලියන ලද ගීතයකි. සිවරමණි කවිය ,චිත්‍ර ශිල්පය, නර්තනය, ඡායාරූපකරණය වැනි ක්ෂේත්‍ර ගණනාවක සුවිශේෂ කුසලතා පළ කළ තැනැත්තියකි.අවුරුදු 21 පමණක් ජීවත් වූ ඇය 1991 මැයි 19 වන දින සිය දිවි හානිකර ගත්තාය.
කට කොකියනවට - "කවුදෝ පරයෙක් පොටෝ ගහනවා - මහ රජුනේ මට කේන්ති යනවා" [ආයු-රක්ඛං-තුඃ-ආවඩා!!!!!]

ආයු-රක්ඛං-තුඃ-ආවඩා!!!!!
1. සෙත් සිරි ගමකට දෙන නිරිඳානන්
පත් කතු දඩයම් කළ කෙසරාණන්
ඇරියස් එක්කම දෙන දිනිදාණන්
දෙකට නැමී නමදිමු රජිඳාණන්
2. ඇම දමමින් පවසූ හොර බොරු තතු
මෙම හැමදෙන වළඳති ගෙඩි ජනසතු
තම තම නැණ පමණින් ලෙවකා පොතු
මම නමදිම් දෙපතුල් පහදා සිතු
3. සිරිමත් වාසල පාපිසි බුදිනා
විමලූත් මැරවින් කඳ පිළිවෙලිනා
පිළිවෙත් නැති මැති හොරු ළඟ සොබනා
මුදුනත් කර අත් නමදිමි තුටිනා
4. කොට දෙණියාවට සඳ පායනවා
රට වැසියෝ අඳුරේ කුදහනවා
කට කොකියනකොට මට කියවෙනවා
"ඇට" කිඹුලෙක් කුලියට ගොරවනවා!
5. පොළව පලා මහ මැඳුර නැගෙනවා
සදෙව් ලොවෙන් වැලි ගඩොල් වඩිනවා
"කවුදෝ පරයෙක් පොටෝ ගහනවා
මහ රජුනේ මට කේන්ති යනවා"
[කරුණාකර, මේ කවි බෝධි පූජා කවි තාලයට ගැයීමෙන් වළකින්න. කවට කවි වලට සීරියස් ප්‍රතිචාර දැක්වීම වැළැක්වීමේ අර්ශස් විරෝධී පනත අනුව, එසේ කරන්නවුන් අල්ලා බරපතල සැප ඇතිව සිංගප්පූරුවට පිටුවහල් කරනු ලැබේ!]
-ඩෝං පුතා
කලිං තිබ්බ වෙඩි>>
Lanka Editorial Further Questioned by TID - [Monday, September 07, 2009 2:25 PM]
Today Five officers of Terrorism Innvestigatin Division including one ASP, two IPs and two SIs came to Lanka newspaper office at Delkanda Nugegoda. They demanded questioning editorial members regarding the arrest incident of Three lanka journalists at Deniyaya.

07.09.2009 දින සාමය හා සාමාජික කේන්ද්‍රයේදී : නිදහස ප්‍රජාතන්ත්‍රවාදය දිනාගැනීමේ ව්‍යාපාරය විසින් පැවැත් වූ මාධ්‍ය සාකච්ඡාවේ දී ආචාර්ය වික්‍රමබාහු සහෝදරයා කළ කරුණු දැක්වීම් සටහන.
[Press conference TEXT OF BAHU'S INTERVENTION]
උතුරේ රඳවාගෙන සිටින දෙමළ අවතැන් වූ අය, එසේ රඳවා ගැනීම මුළුමණින්ම මානව හිමිකම් කඩවීමක් වේ. ඔවුන් බොහෝ දෙනෙකුට නිවාස හෝ නවාතැන් ලබා ගැනීමේ හැකියාව ඇත. අනෙක් අයට රජය නවාතැන් හා අනෙකුත් සේවා සැපයිය යුතු අතර, බලෙන් රඳවා ගැනීම හා රිසි සේ වැඩකටයුතු කරීමට නිදහස නොදීම බලවත් වරදකි. රජය මේ ගැන දක්වන හේතු සම්ප්‍රප්ප්‍රලාප බවටත් පත් වී ඇත. එසේ රඳවා සිටීමේ රහස එක අතකින් ඔවුන් පෙන්වා ආධාර ලබා ගැනීම හා ඡන්ද මංකොල්ලය සඳහා යන සැකයන් මතු වී ඇත. මීට වඩා දිගු අරමුණක් ගෝලීය ධනපති න්‍යාය පත්‍රයෙන් මතු වන්නේය. එනම් මේ ජනතාවගේ කෘෂි හා ධීවර සම්පත කොල්ල කා මේ අය රෙජිමේන්තු ගත සේවකයින් බවට පෙරලා ගැනීමයි. ඒ අනුව ගෝලීය ධනපති ආයෝජනය සරු කර ගැනීමය. මෙම දෙමළ ජනතාව යුදමය මර්ධනයට ලක් වූයේ ජාතික ප්‍රශ්නය නිසාය. එයට විසඳුම දෙමළ නිජබිමට බලය ඛෙදා දී ඔවුනට නිදහස, ස්වයං පාලනය ලබා දීමය. එමගින් ඔවුන්ට ස්වයංතීරණයකට ඉඩ සැලසීමය. අප 13 වන ව්‍යවස්ථා සංශෝධනයට එහා යන විසඳුමක් ඉල්ලන්නේ ඒ බලාපොරොත්තු පිටය.
අද ජීවත් වීම දැනට පවතින වැටුප්වලින් පිරි මසා ගන්න කොහෙත්ම බැරිය. විශේෂයෙන්ම වතුකරයේ, නිදහස් වෙළඳ කලාප හා රාජ්‍ය හා සංස්ථා අංශයේ ඇතුළු සියළු වැටුප් වැඩිවීම් නවත්වාගෙන ඉන්නේ රජයයි. වතු කම්කරුවන්ට රු. 500 ක් වත් නැතිව පවුලට ඉතාම දිළිඳු ජීවිතයක්වත් ගෙවන්න බැහැ. එනිසා එක්කෝ 500 වත් දිය යුතුය. නැත්නම් මේ මහා පරිමාණ කොම්පැණි ක්‍රමය ඉවත දමා වතු කම්කරුවන්ට ඉඩම් ලබා දී මුළු වතුකරයේම ඉඩම් නව සංවර්ධන මාවතකට ගත යුතුය. අනෙක් අතට රාජ්‍ය හා සංස්ථා වැටුප ජීවන අංකයට සරිලන ලෙසට වැඩි කිරීමට පියවර ගත යුතුය. මේ ලෙසට පොදුවේ අවම වැටුප මාසිකව රු. 15,000 කට එහාට
ගෙන යාමට පියවර ගත යුතුය. මේ අනුව පුද්ගල අංශයේ වැටුපද වැඩි කිරීමට කොම්පැණිවලට නියම කළ යුතුය.
රජයේ මර්ධනයේ මුලික අංශයක් වී ඇත්තේ හදිසි නීති හා කොටි පනත යොදා ගනිමින් ඇත්ත එළිවීම නැවැත්වීමය. ඒ අනුව මාධ්‍යකරුවන්ට, මාධ්‍ය ආයතනවලට, කලාකරුවන්ට, බුද්ධිමතුන්ට, දේශපාලන විචාරකයින්ට පහර පිට පහර දීම අරඹා ඇත. සෑහෙන එවන් පිරිසක් මරා, තවත් පිරිසක් සිර ගත කර ඇත. උසාවි, පොලීසිය හා පරිපාලනය අදාල කොමිසන් අහොසි කිරීම තළින් දෙශපාලනකරණයට යටත් කොට ඇත. හදිසි නීතිය පැනවීමටත්, කොටි පනත ක්‍රියාත්මක කිරීමට එකඟ වීමත් තුළින් විපකෂයද මෙයට සහභාගී වී ඇත. මේ තත්වයට විරුද්ධව ජන හඬ මතු කිරීම ප්‍රමුඛ අවශ්‍යතාවය වී ඇත.
ජීවන වියදම ඉහළ යාම, උද්ධමනය, වළක්වා ලීමට රජය නිසි පැහැදිලි වැඩපිළිවෙලක් දමා නැත. එය රජයට අයත් නැති කාර්යයක් ලෙස ඇමතිවරු ප්‍රකාශ කිරීම ඉතාම බරපතල ලෙස වෙළඳපොලට රට බාරදීමකි. මෙය ජාවාරම්කාරයන්ට මුළු සමාජයම බාර දීමේ ගෝලීය ධනවාදී වැඩපිළිවෙලයි. අද ඇමරිකාවටත් මෙලෙස ගමන් කිරීමට බැරි වෙද්දී මේ රටේ ජනතාව මංකොල්ලකරුවන්ට බාර දී ඇත. මෙය වහාම වෙනස් කර රජය මැදිහත් වී බඩු මිල පාලනය කළ යුතුය.
මෙම කරුණු මුල් කරගත් උද්ඝෝෂනයක් නිදහස ප්‍රජාතන්ත්‍රවාදය දිනාගැනීමේ ව්‍යාපාරය මගින් සැප්. 9 දා දවල් 12 ට දුම්රිපොල ඉදිරිපිටදී පැත්වෙන අතර, එයට ඔබගේ සහභාගී වීම බල්පෛාරොත්තු වෙමු.
අසංක සායක්කාර කෙටි නාට්‍ය උළෙල- සැප්තැම්බර් 07 සඳුදා හවස 6:30ට ලූම්බිණියේදී - [ෂෙල්ටන් පයාගල නම් සොඳුරු මිනිසාගේ පවුලේ සාමාජිකයන්ගේ සුභ සාධනය උදෙසා ]
මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
දෙමළ ඔලූ ගෙඩි වලට
සෙල්ලමට වෙඩි තියන
සොල්දාදුවෝ තරුණ
සියුමැලිද ඔය අවියග
සූදුවට ඉඩ විවර
කෲර යුද බිම් අගල
බූරු කුට්ටම අසල
බූරු ගසනා නිබඳග
බැඳ දැමූවට දෙ ඇස
විවර කෙරෙනා දෙ ඇස්
දස දහස් ගණනෙකි යග
බැඳ දැමූවට දෙ අත
මිටි මෙළවෙනා දෙ අත්
දස දහස් ගණනෙකි යග
නිරුවතින් වෙඩි වදින
වැදී මව් බිම සිඹින
මිනිස් මුවෙකින් නැඟෙන
අවසාන පැතුම තුළ
නිරුවතිනි යුද ඇඳුමග
දෙමළ ඔලූ ගෙඩි වලට
සෙල්ලමට වෙඩි තියන
සොල්දාදුවෝ තරුණ
සියුමැලිද ඔය අවියග
(2009 සැප්තැම්බර්)
ජාතික ඇඳුම
ජැන්ඩියට ඇන්ද
රණසිංහ සර්
උස්සං සරම කොණකින් - පපුව දික් කරමින්
ඩෙස් බංකු වල හැපෙමින් - වේවැල් අසිපත වනමින්
ඉගැන්වූ
ඉතිහාස පාඩම
මට මතකය
මයිල් කෙළින් වී
පුටුවෙන් ද පස්ස ඉස්සුණු
ඉතිහාස පාඩම
මට මතකය
කපා කොටා පිළිමලූන් - ලේ බේරෙන අසිපතින්
නොසලකා දරුවන් මහල්ලන් - වනසා ගම් පිටින්
අල්ලං ඇවිත්, ඇතුන් ලවා පාගවා ද්‍රෝහීන්
දික් විජය කර ඇත දෙරණ ම
බලකොටු බැඳ
ගම්වල උස් තැන් වල
වැසියෝ ප‍්‍රීතියෙන් ඉපිලේ
මහන්තත්ව ය අඬබෙර ගහන
නගර වල තැන් තැන් වල
සංදර්ශනය ජය පැන් බොන, නොනවතින
රජු නිදොස්ය
කේවට්ටයෝ පෙරට එති රකින්න ට
වැරැද්දක් කළොත් ගෝලයෝ ය බාලයෝ ය
වැසියෝ වීදි වල රැස් වී ඇත
උද්ඝෝෂණය ට
එරෙහිව
දිනෙන් දින වැඩිවෙන
රජුගේ කීර්තිය නසන්නන් ට
බන්දවා වෙහෙර, රටේ අට කොණ
පූජා කොට ඇත් පැටව් දේවාලෙ ට
වාත්තු කොට රන් රිදී - ඔබ්බවා මිණි දියමන්ති
නිමවා ඔටුන්නක් අසිපතක්
රට දිනූ මහරජු ට
රණසිංහ සර් දැං නැත - ඉතිහාසයට ගොස් ඇත
ඔක්කොම දේවල් දන්න
රණසිංහ සර් වත් දන්නැති
අත්දැකීමක් මට දැං ඇත.
මහේෂ් මුණසිංහ
2009 09
තිස්සනායගම්
උඹේ අත් දෙකේ මාංචු දැක්කම
මට හරිම සතුටුයි
අත් දෙකම
යහතින් තියෙනවා
අවුරුදු විස්සකට පස්සෙ හරි
ආයෙම පෑන අතට ගන්නට
තිස්සනායගම්
ඇත්තටම මට හරි සතුටුයි
උඹ හිරේ ගිය එක ගැන
දියවන්නාවෙ පාවෙන
මළ මිනියක් නොවී
අවුරුදු විස්සකට පස්සෙ හරි
ආයෙම ලියන්න
(හිතවතෙක්)
මේ කවිය යටින්
මගෙ නම නොලියන්
මට බයයි නොමැත දෙවියන්
සිර කළත් පෑන
සිඳලුවත් දෑත
සිත සිහින කොහොම සඟවන්
ඔය පෑන දරන්
කල්වරි සිරසින්
නුඹ හිනා වෙයන් කඳුළින්
මැන්ඩෙලා ලෙසින්
ඔය සිර කුටියෙන්
හෙට පායා එනු අහසින්
(untagged)
සාහිත්‍ය දිනය - 2009 සැප්තැම්බර් 13
පෙ.ව. 10.00-
චන්ද්‍රකුමාර වික්‍රමරත්නගේ භූගත කවිසිත කාව්‍ය ග්‍රන්ථය එළි දැක්වීම.
දේශන- චූලානන්ද සමරනායක, රත්න ශ්‍රී විජෙසිංහ
ප.ව. 12.15
හත්තොටුවේගම විවත වීදි නාට්‍ය කණ්ඩායම ඉදිරිපත් කරන වීදි නට්‍ය දැක්ම හා වීදි ගී ප්‍රසංගය
ප.ව. 3.00
"කිරි සයුර ද? මහ මුහුද ද?"
කලාවේ යථාර්ථය හා කාල්පනිකත්වය පිළිබඳ සාහිත්‍ය සංවාදය- ලියනගේ අමරකීර්ති, ටෙනිසන් පෙරේරා, තිලක් ජයරත්න සමග පුබුදු ජයගොඩ
සමාජවාදී කලා සංගමයේ මෙහෙයවීමෙන්, කොළඹ මහජන පුස්තකාල පරිශ්‍රයේ දී සැප්තැම්බර් 13 වන දින පෙරවරු 10.00 සිට























