Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers

"රාජාලි පියාපත" සයිබර් අවකාශයෙන් කාව්‍යාවකාශයට-
ජනවාරි 09 - සවස 3:00 ට


ජගත් ෙජ් එදිරිසිංහ ගේ දෙවන කාව්‍ය සංග්‍රහය "රාජාලි පියාපත", "ඉස්කෝලෙ කාලෙ" යොවුන් නවකතාව සහ "තාරකා විජිතය˜ නවකතාව දොරට වැඩීමේ උළෙල ජනවාරි 9 වන සෙනසුරාදා සවස 3:00 ට කොළඹ 7 නිදහස් මාවතේ අංක 14 දරන තැන පිහිටි ජාතික පුස්තකාල සේවා මණ්ඩලයේ ශ්‍රවණාගාරයේදී පැවැත්වෙයි.

"නූතන කාව්‍යකරණයේ සයිබර් අනන්‍යතාවේ දේශපාලනිකය" මැයෙන් කේ කේ සමන් කුමාර සහ "ජගත් ගේ කවි මග පිළිබඳ විමසුමක්" මැයෙන් රවි සිරිවර්ධන දෙසුම් පවත්වති.

සන්නස
(www.sannasas.net) පුවත්පතේ උපදේශක සංස්කාරකවරයා වන ජගත් මෙයට පෙර "කන්ද උඩ මාළිගාව කෙටිකතා සංග්‍රහයත් "සිසිරයේ පිපුණ මල" කාව්‍ය සංග්‍රහයත් "අසුර අඩවිය" හා "ගිම්හාන සුළඟ" නවකතාත් "අන්තර්ජාලයට පියවර" තාක්ෂණ සංග්‍රහයත් පාඨකයනට පුද කර ඇත. අන්තර්ජාලයට එක්වූ ප්‍රථම සිංහල සාහිත්‍ය සංග්‍රහය වන කැටපත් පවුර (www.ketapathpawra.com) ජගත් ගේ තවත් සාහිත්‍ය මෙහෙවරකි.


ජගත් ගේ පොත් එළි දැක්වීමේ උළෙල බූන්දියේ අපි සහ කැටපත් පවුර එක්ව සංවිධානය කරයි.

වැඩි විස්තර දැනගැනීම සඳහා 071 4488498 දුරකතන අංකයෙන් අමිල සී. අමතන්න.

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook

මයින්ඩ් යුව (ර්) ඕන්

බිස්නස් කී ය එ බසින්

එයින් ඉඩ ලැබ උන්ට ම

රිස්සක් කර ගැනිමට


සිංහලයෙනුත් ඒ

මායා අවවාදය ම

දැන් දෙති අපට,

උන් ගෙන් දායාදයට ලත් අය


'ලබුවටත් තැබු අත ය

පුහුලටත්' යන වහර යි

ලැබුණේ අපට උරුමෙන්

පුහුණුව හා සබඳතා


තව සිය වසක් ගිය

තැන සිට හැරී ආපසු

ලුව හොත් අදට බැල්මක්

මෙ ලෙසට පෙනෙනවා ඇත;


තියේ දිරමින් යන

අනිකුත් දේ අතරතුර

බයේ පණ රැක ගෙන සිටි

මිනිසුන් ගේ ද ඇටකටු


සිරිලාල් කොඩිකාර [විවරණ - 1993 පෙබරවාරි]

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook


සිහින කන්දරාවක බර දරනු නොහැකිව
සිත් මලූව එක්වරම පිපිරී
ස්වස්තික හීනයක්
කවියකට වැස්සක්ව ඇද හැලෙයි.

නැහැය මුල කෙටි රැවුල වෙනුවට
උඩු රැවුල වවාගත් හිට්ලර්
නිල් බලකාය අතරත්
රතු හමුදාව අතරත්
එක විටම සැරිසරයි.

එක තැනම කරකැවෙන රුපියලේ කාසියක
නෝන පැත්තෙත්
පොල්ල පැත්තෙත්
උඩු රැවුල කරකවන
හිට්ලර්
යටිකුරුව හීනයට හීනියට හිනැහෙන.

නිල් පැහැය අහසටම එපා වෙයි.
කොළ පැහැය ගහ වැලට එපා වෙයි.
රතු පැහැය ලේ වලට එපා වෙයි.
හීනයට හිට්ලර් ම හිනාවෙයි.

අලුත් අවුරුද්දට
අලුතින් දකින හීනය
කෙතරම් සියුමැලිද?

පැරණි හිතකට උරුම ඇති මා
කෙතරම් දරදඬු ද?

මංජුල වෙඩිවර්ධන
2009 දෙසැ 30

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook


“2010”


අතීතය කරින් ගත්
මිනිසෙක්ය මංසලක

ඔව්..ඔහුට
මල් වෙඩිල්ලක් නොවෙයි
ජීවිතය..

සුළං තටු පහර වැද
දාස්පෙතියා මලක්
දැදිරි වී බිම වැටෙත
ඔහු දෙපා අද්දරම
'ආචාර වෙඩිමුරයකැයි'
කෙලෙස කියන්නද..?

අමාවක මැදියමක
ඔහු කොපුල මත වැටෙන
වැහි බිංදු
සෙමෙර නොව
හී තුඩුය..

සිහිනයක් දුහුවිලිව
ගිය කලට
තණපතත්
ඔහුට
මතු මහලකිය

ඒ නිසා දැන් ඔහුට
තණසුළක් යට වුවත්
සැතපෙන්න ඉඩ ඇතිය

අතීතය කරින් ගත්
මිනිසෙක්ය මංසලක
සිනහවක් සිතක නැති
කඳුලකුත් නෙතක නැති..

-රසික ජයකොඩි-
2009-12

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|


නව නළු රැඟුම්

රසිකයන් පිරිවරන්
රඳවමින් සිනා මුව

පෙර පටන් තරු ලෙසින්
දිලූන උන් උජාරුව

රසිකයන් රවටමින්
මලූ අරන් නියාළුව

අර බලන්
රෙදි ලිහන්
කඩේ යන
අපූරුව


-ජනක බණ්ඩාර
200912

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook


පෙම් කවියක්

කිලිනොච්චියයි

ඔබ..

හංස ගීතය
මිණි කොඬොල් කොට
සවන පළඳින...

සුදෝ සුදු
හද බිත්ති මත
'චිරිස්' ගා
උණු රුහිරු වගුරන

ඇදුම් කන වේදනා
තැන තැන
රිදුම් දෙන වණ කැළැල්
හැම තැන

ඒ වුණත් හිනැහෙන

සුදු හුණු වතළ
නපුරු සිහිනෙට
ළංවෙන...

ආයෙ ආයෙත් හිනැහෙන
හිනැහි හිනැහී හතිලන
හතිලා යලිත් හිනැහෙන

තනිවුණු
රැයක
ඉකිලන...


-රසික ජය‍‍‍කොඩි-

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook


[Silumina - Dinamina - December 2009]

රෝහණ වීරසිංහ (කඩේ යන නායක)
මාලිනී ෆොන්සේකා (කඩේ යන කුසුම)
ජැක්සන් ඇන්තනී (කඩේ යන හබරා)
සෝමරත්න දිසානායක (කැමැත්තෙන් කඩේ යන ලමයා)
රවීන්ද්‍ර රන්දෙණිය (කඩේ යන අක්ෂරය)

කඩේ යන බවක්වත් දන්නැති කට්ටිය
ජෝ අබේවික්‍රම
අමරදේව
ලෙස්ටර් ජේම්ස් පීරිස්

නිල කඩේ යන කට්ටිය
සිරිල් වික්‍රමගේ
කරුණාරත්න දිවුල්ගනේ
අනර්කලී
සුසන්තා චන්ද්‍රමාලි


කඩේ යන සහාය
රොබින් ප්‍රනාන්දු
විජේරත්න වරකාගොඩ
ජානක වික්‍රමසිංහ
ශි‍්‍රයානි අමරසේන
මැණිකේ අත්තනායක
සුනිල් සෝම පීරිස්
බුද්ධි කීර්තිසේන
ගීතා කුමාරසිංහ
ප්‍රියංකර පෙරේරා
රෝහණ බෝගොඩ
රනිල් මල්ලවආරච්චි
අමිල අබේසේකර
රංජිත් රූබසිංහ
නිමල් ලක්ෂපතිආරච්චි
ඩග්ලස් සිරිවර්ධන
බන්දුල විජේවීර
දයාන් විතාරණ
විජය නන්දසිරි
තිස්ස උඩංගමුව
පාලිත සිල්වා
සුදත් රෝහණ
සුමින්ද සිරිසේන
සරත් දික්කුඹුර
ශ‍්‍රියන්ත මෙන්ඩිස්
රේණුකා බාලසූරිය
අශෝක සේරසිංහ
කුමාරදාස සපුතන්ත‍්‍රී
දෙනගම සිරිවර්ධන
බුද්ධදාස විතානච්චි
ජී ආර් පෙරේරා
චන්න පෙරේරා
නිල්මිණි තෙන්නකෝන්
අසේල බණ්ඩාරනායක
අජීත් ලොකුගේ
අමරසිරි පීරිස්
නීලා වික‍්‍රමසිංහ
රෝහණ බැද්දගේ
එඞ්වඞ් ජයකොඩි
සෝමතිලක ජයමහ
දීපිකා ප‍්‍රියදර්ශනී
බන්දුල විජේවීර
චරිතා ප‍්‍රියදර්ශනී
ප‍්‍රදීපා ධර්මදාස
චම්පා කල්හාරි
සේනානායක වේරලියද්ද
ක‍්‍රිශාන්ත එරන්දක
සූරියකුමාර මුත්තලගේ
නිශ්ශංක දිද්දෙනිය
කුමාරි මුණසිංහ
බණ්ඩාර අතාවුද
අමල් පෙරේරා
හර්ෂන දිසානායක
සහේලි ගමගේ
සුනිල් ආර් ගමගේ
සමන්ත පෙරේරා
සුමිත‍්‍රා පීරිස්
කපිල හේරත්
භාතිය
සංතුශ්
හිමාලි සයුරංගි
ඉරාජ්
රවිඳු ලංකාගේ
ටීෂා
සනත් ජයසූරිය (කඩේ යන විශ්‍රාමික)
මුත්තයියා (කඩේ යන ඔන්න මෙන්න විශ්‍රාමික)
ලසිත් මාලිංග (නොකැපී ඉන්න කඩේ යන)
----------------


මහ රජ: අත මාරු දී කඬේ යැවූ ‘හාල්-කලා-සෙල්ලම් පාරුවෝ’ මේ හැර තවත් සිටීද?


Source - http://loopholes-loopholes.blogspot.com/2009/12/silumina-dinamaina-december-2009.html
[ලුප් හෝල්ස් බ්ලොග් අඩවියෙන් ගෙඩි පිටින් කොපි කොට, යුනිකෝඩ් හුදී ජන පහන් සංවේගය උදෙසා පළ කරන ලද්දකි.]

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook


නත්තල් හිතිවිලි - 2009

“දැන් අර පැටිය ලෑස්ති වෙනව ඇති සද්දෙ පටන් ගන්න...”, මානෙල් කියයි.
“පැටියෙක් නෙමෙයි. ලස්සණ ආඩම්බර කාර එකෙක්. කහපාට පෙඳක් තියෙන”
“මම දැක්ක. පැටිය කි‍ව්වෙ පොඩි නිසා නෙවෙයිනෙ. ආදරේටනෙ”

නත්තල් දා පාන්දර අපේ අම්මාගේ මහ ඇ‍ඳේ ගුලිවී කෙරුණ මේ කතා බහ රටින් පිටුවහල් වූ නොරටුන් වූ පවින් අවුරුදු ගණනක් නොඇසූ උදේ ඇහෙන ඇඬලිල්ලත් අඬලන ‘පැටියා’ත් ගැන වුනත්, නත්තල ගැන හිතෙන හැම හිතිවිල්ලකම කෙලවරේ මේ කතා ඩිඟිත්තේ හැංගුණු ආද‍රය ගෑවී තියේයැයි මම සිතමි.

තවමත් මිනිසා විසින් පැහැදිලිව වටහා නොගත්තාවූ සංසිද්ධීන් වලින් ප්‍රධාන තැන ගන්නේ ‘ආදරය’ යි. නාමපදයක් ද, ක්‍රියා පදයක්ද, විශේෂණයක්ද ආදි වශයෙන් බැළුවත් මොන යම් ආකාරයක වර්ග කිරීමකටවත් අඩංගු නොවන්නාවූ නමුත්, ඒ හැම වර්ග කිරීමක් හාම ගැලපෙන්නාවූත් ගුණයක් මේ වදනෙහි අන්තර්ගතය.

නත්තල කිතුණු ඇදහිල්ලට අනුව ජේසු උපන් දිනයයි. එහෙත් එය අහම්බයකින් සිදුවූ සිදුවීමක් නොවේ. මැවීමේ ප්‍රාතිහාර්යය ඇරඹුණු බිංදුවෙනි දවසේ පටන් පෙල ගැසුන සිදුවීම් වලියක තවත් රූප රාමුවකි, ‍බෙත්ලෙහෙමේ ගවහලෙක සිදුවුණ මේ දරු උපත.

ඒ පින්තූරයේ ආදරය හැංගී තියෙන්නේ,
“ආ... නේ... ල...ස්සණ චූටිම චූටි බබෙක්.... ඇස් දෙක නී...ල්ම නිල් පාටයි....” කියා හිතෙන කියවෙන හිතිවිල‍්ලේවත්...
“පවු.... අනේ කවුරුවත් දුන‍්නෙ නෑනෙ ඉන්න තැනක්... ඉතින් ඒ බබා ලැබුණෙ... ගව මඩුවක...” ආදි වශයෙන් කියවෙන්නාවු වැගිරෙන්නාවු දයා කරුණාව තුලවත් නොවේ.

ජේසු උපන්නේ මැරෙන්නටය. කටු ‍ඔටුණු පලඳා, කස පහර කා, කුරිසියක බර දරා, ගොල්ගොතාව නැගැ, ඒ කුරිසියට සම් මස් ඇට පසාරු කල යකඩ ඇණ වලින් සවිවී නැගී සිට ජීවිතය පූජා කරන්නටය. ආදරය ඇත්තේ එතනය.

කටු ඔටුණු කටු කම්බියෙන් සෑදුනු, පරාල ඇණ වලින් කුරිසි වල මිනිසුන් ඇන ගැසුණු, එක එක ගුලිය විසිකල ගල් කටස් වල සිට, වතුර මල් මෙන් මරණය ඉසින යන්තර අසල මලමිනී ගොල්ගොතාවන් ඉදිවුනු රටකට මේ කතාව අමුතු කතාවක් නොවිය යුතුය.

එහෙත් අමුතු වැඩ කිරීමේ ජොලියක් තිබේ. පරණ වැඩ ගැන හිතනවාට වඩා ඒ වැඩ වල හැංගුණු කතාවන් කියවනවාට වඩා, අමුතු වැඩ, අළුත් වැඩ කිරීමේ ජොලියක් තිබේ. ජොලිය කරන උන්ට නොතේරෙනම දේ උන් කරන්නේ පරණ සංසාර පුරුද්දමය කියන්නාවූ සත්‍යයය.

හංසයාට බුලත් දෙන උදවියත්, බුලත් කොලයෙන් සුරුට්ටු බොන උදවියත් දෙගොල්ලම රටේ ජනතාවට ආදරය බෙදමින් සිටිති. වීරයින් බිහිකිරීමේ පරම පවිත්‍ර අධි මානුෂික චේතනාවෙන් මරණය වැපිරීමේ කාර්යය සද්කාර්යයක් සේ හුවා දැක්වීමේ පාට පාට හීන කතන්දරයෙන් පසුව අද ඒ වීරකමේ සැඟවුණු කෲරත්වය, මං කියඤ්ඤං, මං කියඤ්ඤං කියමින් පාර අයිනේ පච ගස් යට ජපන් මැන්ඩලින් ගහන රංචු දෙකක් ඉදි‍රියේ අපේ රට අසරණ වී තිබේ.

යුද්ධයත්, ඊට හේතු පාදක වූ කරුණුත්, යුද්ධයේ අවසානයත්, තට්ටුවට තට්ටු කල පිසාචයින්ගේ කෙරුවාවත් දැක බලා සිටි අපේ මිනිස්සු දැන් උන්ගේ චිත්ත සන්තාන ගුහාවන් වල හැංගී නිදන මෙසයියාගේ බලාපොරොත්තුවට සංවේදී වන්නාවූ නායකයෙක් තෝරා ගැනීමේ ‘ඩාන්සින් ස්ටාර්’ ටෙලි විහිළුව නරඹමින් සිටිති.

නරඹන්නන් වුවද උහුත් රඟපාන්නෝය. සියල්ල සිදුවිය යුතු ආකාරයෙන් සිදුවන්නේ නම් ඇත්තෙන්ම ජෝගි නටන නළුවෝ නරඹන්නන් විය යුතු නාටකයක් මුත් උතුර දකුණත් නැගෙනහිර බටහිරත් වූ රටක, බාරකාරයා බෙරකාරයාත් මුර පල්ලා කැරලි කාරයාත් වූ රටක, මේ සංදර්ශණය, තවත් සංදර්ශණයක්ම වී කෙලවර වන ලකුණු පෙනෙන්නට තිබේ.

අපේ රටට, නත්තලත්, නත්තලේ ආදරයත්, උත්තම වූත්, කාලීන වූත්, අකාලිකවත්, සීමා‍වන්ගෙන් තොරව සදා වැලඳගත යුතු වූත් චේතනාවක් වන්නේ මේ පසුබිම මතයි.

ආදරය පැණි වලල්ලක් නොවේ. එය පැණි වලල්ලක් ලෙස හිතන එකා, පැණි ටික උරා බිව් පසු හිස් පිටි බටයකින් හුළං උරන්නට නවතින්නේ නැත. ඌ තව පැණි පිරුණ වලල්ලක් සොයා යනු ඇත.

ආදරය කුරිසියකුත් නොවේ. එසේ පෙනෙනවානම් ඒ ආදරය නොහැඳිනූ නෙතකටය. ආදරය ලැබූ මුත් කවදාවත් ආදරය නුදුන් සිතකටය.

ආදරය සිර ගෙයක් නොවෙයි. සිත් සතන් සිර කර තබන්නට යකඩ කූඩුවක් තැනිය යුත්තේ යකඩෙන් මිස ආදරයෙන් නොවේ. ආදරය ජීවිතය සොයා දෙන උදා අරුණල්ලක් මිස ජීවිතය සිර කර සිඳ දමන චණ්ඩ හිරු එළියක් නොවේ.

අපි හැමගේම සිත් සතන් තුල නත්තලේ පණිවිඩය වන එකිනෙකා වෙත සීමා මායිම් රහිතව ආදරය කිරීමේත්, මිනිසුන්ගේ ගැහැණුන්ගේ ඇඟපතට, පාට පාටට, පැටිකිරියට, කෙරුවා‍වට, පැණි වචන වලට නොව සිත් සතන් වලට ආදරය කිරීමේත්, ඒ ආදරය තුලින් එකිනෙකා දැකීමේත් පණිවිඩය මේ නත්තලේදී යාන්තම් කුරුටු සටහනක් ලෙස හෝ සනිටුහන් වේවා.

-ලොකු-

දෙසැම්බර් 25, 2009.
වෙන්නප්පුවේදීය.

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook


සූදු පළේදී මාලිමාව විකුණා දැමූ සාත්තු නායකයාගේ උදාන වාක්‍යය

බල! බල! ආං"
පැනපි තව එකෙක්
නහය කට දෑස ඇරගෙනම

පරක්කුද මන්දා මෙදා පාරත් මං
ප්‍රශස්තිය ලියද්දී අර රචකයා එදා
ආවෙ නෑනේ එක වචනයක් මගෙ හිතට
තුහ් මගේ කවි කම!

යතත් කටු ඉඹුලටත්
යා යුතුය ඉක්මනින්
පනිමි මම එහෙයින්
ඕන බඩමාළුවක් වෙද්දෙන්

"මේ මගේ සඳ මඩල - ඉරද පරයා පෑයූ
සුවදැති සුපසන් සමන් මල - සුවඳින් මෙමා නැහැවූ
සුවදෙන සිහිල් මද නල - මා රෙදි පිළිද ගැලවූ
මා ළයාදර පියතුම - මා පියාටද පියවූ"

දෙතොත් දොයිතුව වුවත් - කහවනුව සේ ගඤ්ඤං
කියතොත් කියාපන්නැයි - අසූචිත් සුවඳයැයි කියන්නං
පෙන්නුවොත් කිරිච්චිය - කියන එකකුට දෙසඤ්ඤං
ගිරා පෝතක වෙමිය මං - සාදුකාරෙන් ගිගුම් දෙඤ්ඤං

කලාකරුවා ඉඳින්නේ - ඉදිරියෙනුයි ජනයාටත්
දැමිය යුතුමැයි මසුරං - එය කිවු එකාගේ කටටත්
සිටිමි දැං මං තුටින් - ජනයාට ගව් ගනන් ඉදිරියෙන්
කොයිද මේ වැනි සැපක් මේ ලොව - පාවෙනා ගානයි දැං මං

කෙළෙව්වත් නාට්‍ය උළෙලට - මට මොකද මං නාට්‍ය කරනවද
කෙළෙව්වත් චිත්‍රපටියට - මට මොකද මං රඟපානවද
කෙළෙව්වත් සාහිත කෙතට - මට මොකද මං ලියනවද
කෙළෙව්වත් චිත්‍රයට මූර්තියට - මට මොකද මං පින්සලක් අල්ලනවද

රන් රන් රන් රන් රන් රන් රජුන්නේ
මං මං මං මේ මං බේරා දෙන්නේ
පාරුව ගිලූනොතින් සැනෙකින් පනින්නේ
ඒ සිප් ඥාණය ඔබමයි මා හට දුන්නේ

උදර මූල සංස්කෘතියට අයත් - සිවිල් පොර වෙමිය මම
කලාවට කෙළවුනත් බඩගෝස්තරය නම් - ගොඩ දමා ගන්නෙමි
ලැග මාළිගාවේ විඳ විඳ රජ බොජුන් - ගයන්නෙමි නොනැවතී රජුන් ගුණ
කලාවේ ඔප්පුව දැන් ඉතින් බය නැතිව - ලියා ගන්නෙමි සින්නක්කරයටම මං

හැබැයි රසික ජනයිනි
අහනවා හෙම නොවෙයි
කෝ කියා කලාකරුවාගේ මාලිමාව

-චූලානන්ද සමරනායක
200912

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook

මේ ඇලේ ගල් මාලු අල්ලගෙන

බයිට් එක හදාගත් මට

මේ ඇලේ ගල් උඩින් පැන ගෙන

මල් සුවඳ දෝතින්ම දරාගෙන

එක්ක පන්සලට

යන්න වුනු කුණු පව

සංජිව මූණමල්පෙ - පාලම මත ලිස්සන සුළුය-1997-

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|

මගේ නත්තල් රැය

පාර වැරදුණ සිහිනයක්
ඇත්තෙන්ම අනවසර සිහිනයක්
කවුළුවෙන් හිස පොවා කුටියට
මේසයේ හිස ගසාගෙන නිදන
කවියකට කූද්දයි.

වෙඩි වැදුණ වල්ග තරුවක් නගන
අවසාන කෙඳිරිල්ල
මඩු පල්ලියට ඉහළ ආකහේ
රෑව් නැඟෙයි.

තරු ළකුණු නැතියෙන්
රජ තුන් කට්ටුවට
පාර වරදියි.

ඒ නයින් මග දිගේ වන්නියට
සාමයේ පණිවුඩය රෑගෙන යන
ලව්ඩ්ස්පීකර් කැරොල් කටකත්
ගීතිකා ෂෙල් වෙඩි.
ර්‍"ශ්‍රී ලංකා රාණි මෑණියේ
ත්‍රී සිංහලේම මෑණියේ ”

වතිකානුවේ
තලෙන්තු ගණන් කළ පියතුමා
පිදුරු ඔරුවක පිපෙන
බිම් මලට නම තියයි.

පරෙවියෝ
නත්තල් රෑයෙත්
සුදු කොඩි ගැන වාද.

සමනොළ කන්ද මුදුනේ
ආදම්ගෙ සිරි පතුළ දැදුරු වී
සතර අත ලේ ගලයි.

අනවසර සිහිනය
සතපවා යහනත
කවිය ඇහැරී හිඳියි.


මංජුල වෙඩිවර්ධන
2009 දෙසැම්බර් 25

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook

ආත්මය මියගිය
මිනිසෙකු නොවේ මා
පැසවමින් ආත්මය
සිනාසී පායාවි
මුදලාලි මා තුලින්

ම‍ගේ වුවත් මගෙ නොවේ
බුහුටි දකුණත හා
බොළඳ මස්තිෂ්කය
ඒව මුදලාලිගේ
මුදලාලි මා රටයි
එරට මුදලාලිටයි
එවිට මට
මේ මගේ රටයි
මගේම රටයි

(හූ කියනව ඕයි)

බර්ටි බී කුඩාහෙට්ටි [සැපෙනි සැප වේවා-1977 සැප්]

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook


සඳෙන් සඳ මෝරත
සඳක්ම ය මා පුත

සිඹිමි මඳහස නැඟෙන දළ රවුලූ
දකිමි සිඳ බිඳ දැමෙන මහ පවුරු

තබා මගෙ දෙවුර මත - මට වඩා උස් තැනෙක
නුඹ හිඳී දිනාවිත් සිත සිතා
පරිස්සම් කළෙමි මම - අයිති නැති සිහිනයක්
බරයි එය ජීවිතේටත් වඩා

සඳෙන් සඳ වතුර ගෙන පොවන ට නුඹට
කොහෙන් කිරි එරුණිදැයි නොදනිමි ඇයට
ඉරෙන් රන් එළිය ගෙන දෙන්නට නුඹට
වරෙන් කියා කැන්දන් යන්නෙ ද කොහෙට

සොයා ගියද පෙරඹර මට හමු නොවුණී
නුඹට අඳුර මැද ඉන්නට බල කෙරුණී
අඳුර තුළ ම දහසක් නෙත් ලද බැවිනී
නෙත් අඳ රජුන් උදහස් කළ පුතනුවනී

සඳුන් වුනත් පැලවෙන්නට බිමක් නැතී
පුතුන් වුනත් පියෙකුට මඟ කියනු ඇතී
නොදන්නා ලෙසින් මඟහැර ඇදෙන සකී
නුඹේ පුතුන්ටත් නැගෙන ට රටක් නැතී


සුභද්‍රා ජයසුන්දර
2009 දෙසැම්බර්

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|




















හස කවි දෙබස
‘නව දියවන්නාවේ හංසයෙකුගේ කුණක් පා වෙනු කවියා සිහිනයෙන් දකී’ - කවි නිමිත්ත

තඹරින් පිපී ගිය
පිනැති දියවන්නා දිය
නව දියෙන් වී දිය
හංසයෙකු නෙතු රතු විය

ලෙහෙරැලි සමඟ විය
මැඳුරට කතිර ගෙවැදිය
ඇතුළෙ පිට අවි මය
නැණැති හස නෙතු රතුම රතු විය

'කිමද හස රද සඳ
විමති නෙතකින් බිය වැද
කැමතියක් නැති ව ද
ඔකඳ වෙන්නට කිමිද දිය කඳ'

ලද බෝ දුක් වනා
ගඳ ලේ වනති දියනා
නව රැළි මඬි මිනා
යකඩ අත
අර
බයද
කවිනා…..?

නැණැති හස රද සඳ
බියක් නොව දළ සෝ මය හද
එම සොව පොවන ලද
කවක් පළඳමි හුදීයන් හද

එම කව රැළින් රැළ
හිමි හිමින් උණු වී සිත්වල
ගොඩ ගලන විට රළ
තරඟ රඟ නොකරා ද මේ ජල

-ශක්තියේ පුෂ්පය [1985]
- ධර්මසිරි රාජපක්ෂ

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook


සමුගැන්ම

වියරු සිනහා අතරින් පතර
ඇසේ හුරුපුරුදු තෙපුල් හඬ
ඒ මා අකුරු කළ බසමද?
ලදත් කෙතරම් අගැයුම් කැටිකර
මට අවැසි නැත එවන් මව් බස

දන්නාඳුනන තැනිතලාවකි
ලේ ගලායන රුදු වධක බිම
ඒ මා උපන් මහ පොළොවම ද?
කොයිතරම් දෙව් බඹුන් රැකි මුත්
දෙපා නොරඳමි එවන් මව් බිම

උමතුවෙන් වුව අවි අතැති නුඹ
එකම පැහැයෙනි පුරුදු හැඩරුව
එකම දැයකට අපි අයිති වෙද?
කොයිතරම් බුහුමන් ලැබූවද
යලිදු නොපතමි එවන් ජාතිය

දැකලා පුරුදු ඔය මුහුණුවර
වැනිය එක මවෙක කුස ඉපැදුන
සෝයුරාම ද එකටම වැඩුණු?
කොයිතරම් සෙනෙහස දැරූව ද
කඩා බිඳ ලමි සහෝදරකම

වෙඩි තබා හිසෙන් හිසට සැහැසිව
ගොඩනැගේවි ද සාමයේ පුද බිම
නුඹ දොරින් දොර ගැවසෙන විට?
කොයිතරම් සංසුන් වුවත් නගරය
පලා යමි මොහොතකට වත් නොඉඳ

උරා ගනිමි ගලායන උණුසුම් රතු ලෙය
වෙලා ගනිමි ඉගිල්ලූණ අවසන් සුසුම
බදා ගනිමි නුඹලා පවසන වැරැද්ද ද
නොකල් හී ඔවුනට මියෙන්න ට සිද්ධවුණ

අතැර මට උරුම සියල්ල ම

මහේෂ් මුණසිංහ
2009 12

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook


"අපි මහින්දට කඩේ යනවා! ඒකෙ කිසිම වැරැද්දක් නැහැ - සෝමරත්න දිසානායක"
"කාට හරි කියන්න පුළුවන් අපි මහින්දට කඩේ යනව කියල. ඔව් අපි කඩේ යනවා. ඒකෙ වැරැද්ද මොකද්ද? ඒකෙ කිසිම වැරැද්දක් නැහැ" යනුවෙන් චිත්‍රපට අධ්‍යක්ෂක සෝමරත්න දිසානායක මහතා පැවසීය. ඒ මහතා මෙසේ පැවසුවේ පසුගිය 11 දා කොළඹ ජනමාධ්‍ය අමාත්‍යංශයේ පැවැති මාධ්‍ය සාකච්ඡාවකට සහභාගී වෙමිනි....
-LankaTruth-



බිංජු බිංජු තාරකා - කන්ඩුලූ මල් විලේ
උමටු වී රේණුයි මමයි - කඩේ ගියා බොලේ//

සුබ පැතුම් අගාධයේ- ජබුං ගසමු බොලේ
හිරිකිතක් කොහෙද මට බොල එවුවා නෑ පොතේ

බිංජු බිංජු තාරකා....

REMIXED BY
ඩෝං පුතා

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook


ජනාධිපති ඔලූවට ගහලා

කලාකරුවා ඉන්න තැන මාත් හොයනවා. තාම හම්බවුණේ නැහැ. හම්බවෙච්චගමන් කියනන්ම්’ පසුගිය දවසක ප්‍රශ්න විචාරකයකු ඇසූ පැනයකට එසේ කීවේ ප්‍රවීණ කලා ශිල්පියෙකි.

එහෙත් දැන් කලාකරුවා ඉන්න තැන හෙළිදරව් වී තිබේ. ඒ තාරුණ්‍යයට හෙටක් සංවිධානයයි. එය දැනට ජනාධිපතිට හෙටක් හදන සංවිධානයක් ලෙස ක්‍රියා කරන අතර අනාගතයේදී ජනාධිපතිගේ පුත් නාමල්ට හෙටක් හැදීමට දායක වනු ඇත. තමන්ගේ වැඩේ අතහැර ඇති කලාකරුවෝ මේ වනවිට ඉහත වැඩ දෙකටම දායක වී සිටිති.

මොහොතින් මොහොත රූපවාහිනී නාලිකාවල විකාශය වන අලූත්ම දැන්වීම් මාලාව ඊට සාක‍ෂි දරන අතර දැන්වීම්වලට පෙනී සිටින හැම කලාකරුවාම කියන්නේ මේ වතාවේත් සංවේදී නායකයාට ඔබේ වටිනා ඡන්දය ලබාදී මබ්විම දිනවීමට දායක වන ලෙසය. එතකොට මේ කලා කාර බුරුත්ත නොකියාම ගිය වතාවේත් ඒ කියන සංවේදී නායකයාට ජනතාව ඡන්දය දී තිබිණි. සංවේදී නායකයා ජනතාවගේ හිතට වැදුනේ නම් ඡන්දයක් දෙන්නට යැයි කියා කිසිවකු බරපතළ මූණත් තහඩුවක් දමාගෙන කිව යුතු නැත.


ඇත්තටම කලාකරුවාගේ වගකීම කුමක්ද? ජනාධිපති අපේක‍ෂකයෙක් දිනවන්නට කඩේ යන එකද? නැතහොත් කලාව කරන එකද? අතීතයේදී කලා ෙක‍ෂ්ත්‍රයේ අය අතර පැන නැගුන එක් විවාදයක් වූණේ කලාව ජනතාව සඳහාද, නැතහොත් එය කලාව සඳහාමද යන්නය. ආසන්න කාලවකවානුවකදි එයත් අර්ථ විරහිත වාදයක් බව ඇතැම්හු හැඳින්වූහ. එසේ හඳුන්වා ඊට වඩා දියුණු සංවාදයක් පටන් ගන්නවා වෙනුවට දැන් අරඹා ඇත්තේ කලාවත්, කලාකරුවාත් ජනාධිපති සඳහාය යන ක්‍රියාකාරකමයි. හැම ආණ්ඩුවකටම කලාකරුවන්ගෙන් එක්තරා කොටසක් දරදිය අදින බව සැබෑය.

අනතුරුව ඔවුහු තනතුරු හා වරප්‍රසාද ලබා ගනිති. මෙවර උද්ගතව ඇත්තේ ඊට වෙනස් තත්ත්වයකි. එනම් කලා සමාජයේ ඇච්චා පැච්චා දක්වා අය ඡන්ද ප්‍රචාරක තිප්පලක් බවට පත්ව ඇති අරලියගහ මන්දිරය වටා රොද බැඳීමය. ඉන් නොනැවතී තාරුණ්‍යයට හෙටක් හරහා ටී.වී. එකේදී සංවේදී නායකයාට ඡන්දය දෙන්න කියා මහජනතාවට කීමය. ඒ වැඩේ කර දෙන අතර අඩුම තරමින් කලා ෙක‍ෂ්ත්‍රයේ දැවෙන ප්‍රශ්න එකක් දෙකක් ගැනවත් ජනාධිපතිවරයාට කියන්නේ නැත. ඔළුව කස කසා හෝ ගොස් කියනවානම් කියන්නේ තම පෞද්ගලික ප්‍රශ්නයක් ගැනය. කලාකරුවන් අද පෝළිමේ පැමිණ කියන සංවේදී නායකයා හා ඔහු විසින් ගොඩනගන ලද දේශපාලන රෙජිමය කලාව හා කලාකරුවන් වෙනුවෙන් කළේ කුමක්ද යන්න ගැන හෘදය සාක‍ෂියට එකඟව බලන්නට එකදු කලාකරුවෙක්වත් ඉන්නවාද?

හඳගමගේ අක‍ෂරය චිත්‍රපටය තහනමේ සිට දුම්පානය කරන රූපවාහිනී දර්ශනයකදී කොටු දැමීම දක්වා අන්තිම ප්‍රාථමික මට්ටමේ වාරණය කිරීම් හරහා ආණ්ඩුව තදබල කලා සංස්කාතික මූලධර්මවාදයක් ඉකුත් වසර දෙක තුන තුළ ක්‍රියාත්මක කළේය.

නිදර්ශනයක් ලෙස ගතහොත් ගාමිණි ෆොන්සේකා මුලින්ම ගුටි කා පසුව කරන පහරදීම බලන්නට සිනමාලොලීහු අතිමහත් කැමැත්තක් දක්වති. ගාමිණි රඟන චිත්‍රපටියක දී එක් සටන් ජවනිකාවක් සඳහා ඔහු මුළුමනින්ම පෙනී සිටියේ සිගරැට්ටුවක් මුවරුවාගෙනය. පසු ගිය දිනක එම චිත්‍රපටය රූපවාහිනියෙන් නැරඹීමේදී මුළුමනින්ම ගාමිණි පෙනී සිටින දර්ශනය කොටුවලින් වැසී ගියේය. මතට හා දුමට තිත ඇත්තේ රූපවාහිනී තිරයේ පමණි.

මේ දිනවල ජනසමාජයේ විවිධ තරාතිරමේ කණ්ඩායම් හාර පන්දහස බැගින් දෛනිකව අරලියගහ මන්ඳිරයට කැඳවා මතට තිතට තිත තැබීමට ජනාධිපතිවරයා ක්‍රියාකරනු පෙනේ. සිනමාවේ පාදකයෙකු වන රවීන්ද්‍ර රන්දෙණිය ජනාධිපතිවරයාගේ චිත්‍රපට පිළිබඳ උපදේශකයාය. ඔහුත් ජනාධිපතිවරයා අසල හැසිරෙන්නේ රංග පෞරුෂයක් ඇති කලා ශිල්පියකු ලෙස නොව මුල්වරට ජනාධිපතිවරයා මුණ ගැසුනු පුද්ගලයකු නැත හොත් බඳින්න ඔන්න මෙන්න ඉන්න මනමාලයා බඳු කෝල ස්වභාවයකිනි. හෙතෙම විශිෂ්ටතම රංගය ඉදිරිපත් කළ චිත්‍රපයට ලෙස සැලකිය හැකි අක‍ෂරය ගැන නම් රවීන්ද්‍ර ජනාධිපතිවරයා ඉදිරියේ කටේ කෙළ බිඳක් හෙළා නැතැයි හැසිරෙන සැටියෙන් කිවා හැකිය. නළුවකු ලෙස හෙතෙම චිත්‍රපට අධ්‍යක‍ෂවරයාට වඩා ජනාධිපතිවරයාට හිලෑය. දැන් සිදුවී තිඛෙන්නේ චිත්‍රපට උපදේශකයාට අක‍ෂරය ගැන ජනාධිපතිවරයාගෙන් උපදෙස් ගැනීමටය.

මෙවර ඔස්කාර් උළෙලට ලංකාව නියෝජනය කිරිමට තෝරා ගෙන තිබුණේ ප්‍රසන්න විතානගේ අධ්‍යක‍ෂණය කළ ආකාස කුසුම් චිත්‍රපටයයි. ඒ සඳහා අදාළ ලිපිය චිත්‍රපට සංස්ථාවෙන් නිකුත් කර තිබියදී අලිමංකඩ චිත්‍රපටය උළෙල සඳහා හදිස්සියේම අදෘශ්‍යමාන බලවේගයකින් මෙන් තෝරා ගැනුණි. මේ පිළිබඳ කරුණු කිහිපයක් දැන ගන්නට මාලනී චිත්‍රපට සංස්ථාවට ගියාය. ඇයට ආපසු හැරෙන්නට සිදුවූයේ බලාපොරොත්තු නොවූ පරිදිය. මාලනී පසුගිය 11 වන දා කලාකරුවන් සමග අරලියගහ මන්දිරයේදී ජනාධිපතිවරයා හමුවූවාය.

එහිදී සුහද කතා බහකද නියැලූනාය. එහෙත් ආකාස කුසුම් නොයවා අලිමංකඩ ඔස්කාර් යවන බව ජනාධිපතිට කියන්නට මාලනීගේ කටේ පිට්ටුය. එනම් කලාවට හා ශිල්පීයත්වයට බලපාන ඇත්ත ප්‍රශ්නයක් ජනාධිපතිට කියන්නට එකෙකුවත් කට අරින්නේ නැත. ඒ වෙනුවට තාරුණ්‍යයට හෙටත් හරහා පෝළිමට කඩේ යාමට නම් සෑදී පැහැදී සිටිති. එම දැන්වීමේ නිර්මාතෘවරයකු කීවේ ඇතැම් කලාකරුවන් දැන්වීමේ අන්තර්ගතය දෙබස්වලින් කඩේ යාම මද බව පෙනෙන නිසා එම පිටපත් වෙනත් වචන යොදා නැවත නැවතත් ලියවා ගන්නා බවය. ළමා චිත්‍රපට අධ්‍යක‍ෂ සෝමරත්න දිසානායක මාමා ඇසි දිසි විද්වත් කතිකාවේදී නොපැකිලව කීවේ ඔව් අපි මහින්දට කඩේ යනවා තමයි කියාය. රවීන්ද්‍ර තිස් වසරක යුද්ධ නිමා කිරීම ගැන සම්ප්‍රදායික විදිහට කියන විට ජැක්සන්, ජනාධිපතිවරයා ජනමූල සංස්කෘතික නායකයකු ලෙස හඳුන්වා එම ස්ථානයේ සිට කාටවත් කිට්ටු වන්නට බැරි ලෙස ගව් ගානක් උසකින් කඩේ ගියේය. රෝහණ වීරසිංහ, ඩග්ලස් සිරිවර්ධන, මාලනී ඇතුළු සෙස්සෝ ඒ සා අපූරු වාක් කෝෂයක් හා හඬ පෞරුෂයක් නැති නිසා පුළු පුළුවන් විදිහට කඩේ ගියහ. ටොප් ක්ලාස් වාක් කෝෂයක් මතින් මතින් වූවත් ග්‍රාමීය ලෙස වූවත් කවුරුවත් කළේ එකම වැඩේය. කලාකරුවාගේ වගකීම මෙයද?

ඉකුත් කලාකාර හමුවේදී එක් නාට්‍යකරුවකු නාට්‍ය පුහුණුවන්නට තැනක් කොළඹ නැති වග ජනාධිපතිවරයාට පවසන තුරු එතුමා එවැන්නක් ගැන දන්නේ නැත. මෙපමණ කාලයක් නාට්‍ය කලාවට සම්බන්ධ බුරුත්ත ජනාධිපතිවරයා වටකොට සිටියහ.

එහෙත් රිහසල්ස් කරන්නට තැනක් නැති බව කියන්නට ඔවුන්ගේ කටේ පිට්ටුය. නිතරම ජනාධිපතිවරයා හමුවන කලාකරුවන් පවා දහඅටේ කලාකාරියන් සේ එතුමා අභියස ඇඹරෙන තත්ත්වයක් තුළ මුල්වරට ජනාධිපතිවරයා හමුවන එකකු නාට්‍ය පුහුණුවට තැනක් හෝ ඉල්ලීම වැදගත්ය. නමුත් ප්‍රශ්නය වන්නේ සියලූම ශිල්පීන් වෙනුවෙන් ඒ වරප්‍රසාදය ලබා ගැනීමට අදාළ නාට්‍ය කාරයාටත් සංවේදී නායකයාට ඔබේ ඡන්දය දෙන්න කියන ‘‘මම පහේ පන්තියේ සිසුවකු තරම් දක‍ෂ නොවෙමි’ යන්න සේ වාක්‍ය කියන්නට පසුව සිදුවීමය.

ප්‍රේමදාස ජනාධිපතිවරයා සයිමන් නවගත්තේගමට හා සුගතපාල ද සිල්වාට තට්ටු නිවාස සංකීර්ණවලින් ගෙවල් දෙකක් දුන්නේ ප්‍රතිඋපකාර ලෙස සංවේදී නායකයා කියවාගෙන නොවේ. ඒ කලාකරුවන් දෙදෙනාද වර්තමාන කට්ටිය මෙන් ජනපති ළඟ මැඩ්ලින් ගැසුවේද නැත. ඔවුහු කලාව පමණක් කළහ.

යුද්ධයෙන් පසු යාපනයේ කලා කේන්ද්‍රය හදන්නට ගියේ මෙබඳු තමන් නියැලි ෙක‍ෂ්ත්‍රයේ ප්‍රශ්නයක්වත් කට ඇර කතා නොකරන පිරිසකි. අක‍ෂරයේ ප්‍රකාශන නිදහස ගැන ආකාස කුසුම් කප්පාදුව ගැන කට නාරින රවීන්ද්‍රලා, මාලනීලා දෙමළ ජනයාගේ සංස්කෘතික අයිතිය ගැන තියා වූ කිරීමේ අයිතිය ගැනවත් කතා කරයිද? බුරුතු පිටින් දෙමළ ජනයා ඝාතනය කරන තුරු සිට රාජ්‍ය අනුග්‍රහයෙන් යාපනයට ගොස් කලා කේන්ද්‍රයක් ගැන කුනු කුනු ගෑමෙන් ඔබ්බට ඔවුන්ට කළ හැකි ඉටි ගෙඩියක් ද නැත.

කලාකරුවන් උදව් ඉල්ලන්නේ ෙක‍ෂ්ත්‍රයේ ප්‍රශ්න විසඳා ගැනීමට නොව තමන්ගේ දේවල් බේරුම් කර ගැනීමට බව ජනාධිපතිවරයා ද දනී. එක්තරා ගීත රචකයකු කලාකරුවන් හමුවේදී හතරට පහට නැමි ජනාධිපතිවරයාට ලියුම් කවරයක් දුන්නේ මේක මගේ වැඩක්, නැති නොකර ඔබතුමාම බලන්න කියාය. තවත් සමහරු ඒ අල්ල පනල්ලේම ජනාධිපතිට පොත් පිළිගන්වති.


චිත්‍රපටි සංස්ථාවේ සභාපති ජයන්ත ධර්මදාස පසුගිය දිනක පුවත්පතකට කියා තිබුණේ සිංහල සිනමාවට ඇත්තේ දෙවියන්ගේ පිහිට නොව ජනපතිගේ පිහිට බවය. සිනමාවට කෙසේ වෙතත් ජයන්ත ධර්මදාස මහතා නම් දාගෙන ඇති ලෙඩවල හැටියට තවදුරටත් පුටුවේ ඉන්නේ ජනපතිගේ පිහිට නිසාය. තමන් ලබන ජනපති පිහිට සිනමාවට තිඛෙන පිහිටක් ලෙස හැඳින්වීමෙන් අර්ථකථනය වන්නේ ජයන්ත ධර්මදාස යනු ලංකාවේ සිනමාව යන්නද? අපට කියන්නට ඇත්තේ ජයන්ත ඔබ මේවා කොණ්ඩෙ බැඳපු චීන්නුන්ට කියන්න කියාය.

මේ දිනවල ජාතික රූපවාහිනියේ ආයුබෝවන් වැඩසටහනට සහභාගීවන්නට යන ඕනෑම කලාකරුවකුගෙන් වේලාසන ඉල්ලීමක් කෙරේ. එය නම් වැඩසටහන අග හරියේදී ජනාධිපතිවරයා පිළිබඳ ප්‍රශ්නයක් ඇසීමට නියමිත බවය. ඒ ප්‍රශ්නයට ධනාත්මක පිළිතුරක් දෙන ලෙසද ඉල්ලීමෙහි සඳහන්ය. මේ නිසා යම් පමණකට හෝ කොන්දක් ඇති කලාකරුවෝ ආයුබෝවන් මඟ හරිති. කොහොමටත් කඩේ යාමට සැදී පැහැදී සිටින්නෝ ආයුබෝවේවා කියති. ජනාධිපතිතුමා ඒ සමහරුන්ගේ ඔලූවට වේලාසනම ගැසුවේය. සමහර කලාකරුවෝ පෝළිමේ ගොස් ජනාධිපතිතුමා ලවා ඔලූවට ගස්සවා ගනිති. මේ තත්ත්වය ජෝන් සීනා පොඩි එකාගේ ඔලූවට ගැසුවාට වඩා බරපතළය.

-විමලනාත් වීරරත්න
[රාවය - 20.12.2009]
පින්තුර ගත්තේ - http://www.lankanewsweb.com


මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook


බොර
වතුර

පාසල් නිවාඩු දිනවල සැඳෑ කල
වැව් කණ්ඩියට ගිය විට
ඇස ඇදී යයි එගොඩ කැලෑවට
දවාලටත් කළුම කළු මූසල කැලෑව
නෙත් හැරවෙයි වැව් දිය මතට
වැව් පතුලේ සිට මම බලමි මා දෙස

සරසවි නිවාඩුවට ගම ගිය විට
පෙනෙයි එගොඩ බිමෙහි
හිරු එළියට දිලිසෙන අහසට නැගුණු එක් ටැම්
නෙත් හැරවෙයි බිටම සොවින්
ඉරී තැළී ගිය වැවෙහි ඉතිරි බොර වතුරෙහි
උඩ පනිති මාළුවෝ රැක ගන්න ජීවිතය

ශක්තික සත්කුමාර

සඳකඩපහනේ විල්තෙර කවි මංජුසාවෙන් උපුටනය ලංකා ඉරිදා සංග්‍ර‍හයෙන් 20/12/09

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|


හිම කිරිල්ලී

හිම පාට
කිරිල්ලිය...
මහ රෑක
නිදි බින්ද..
රකුසෙකුගෙ
රතු පාට
ඇස් දෙකක...

කුලුඳුලේ
බිම වැටෙන
හිමකැටය...
රැඳේවිද
කළු පියාපතක්
මත..?

කඩුපුලක්
පිපේවිද
මැදියමක..?
හිනාවෙන්නට
නොදත්
ගල්කුළක..

සාවියක්
කොයි ලෙසක
සැතපෙයිද...
වළ ගොඩැලි
පිරුණ කල
සඳවතක

සිනා සී
ගලා යන කල
ගඟට...
ඇහුණාද
පෙණ පොදක
ඉකිබිඳුම..?

හිම පාට
කිරිල්ලිය...
මහ රෑක
සැඟව ගිය..
රකුසෙකුගෙ
රතු ඇසක
බැල්මකට..


රසික ජයකොඩි
181209

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|

ඒ මරණි මේ මරණී සුරාමේරය වේ රමණී!

පුවතක්- Lankatruth.com



ඒහි රාජස්ස කරිඤ්ඤං සෝති
චෝති චවුර්යං අධිවස්සති
සුරා මේරය පරම රමණීයඃ
සැඳෑ කාලේන අරලිය මැදුරඃ

පුරා විද්‍යාචරන සුඛිතඃ
බුරා පනිහ් මාධ්‍යමං පුඃ
අධිරාජානේන සුකංබලං
චීවරස්ස විස්කි බෝතලඃ

මර්තයං තිත්තහ් පුණ්නං
අධිගෘහිතඃ වටපඩයඃ නිවං
ගන්ධබ්බ දේසනං සුඛීභවං
ඛෙන්ස් රථාචාය අභිනික්මනං

සරතා නං මජ්ජිම පාපිස්ස
අනුමතං මත පමණං සොච්චමං
නාන්න මංඤස්ස ඇඳිවතින් ගමනස්ස
චක්‍රවර්තී උජූච සූජූච පුපුරස්ස

ඩෝං පුතා

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook

(සමාජවාදි සමානතා පක්ෂය විසින් අපට යොමු කරන ලද පුවතකි.)


අපේ අරමුන සමාජවාදී ක්‍රියාමාර්ගයක් වටා කම්කරු පන්තිය ඇතුලූ පීඩිත ජනතාව බලමුලූ ගැන්විම යි.
-සමාජවාදි සමානතා පක්ෂයේ ජනාධිපති අපේක්ෂක විෙජ් ඩයස්

සමාජවාදි සමානතා පක්ෂය ජනාධිපතිවරණය සදහා ඉදිරිපත් වීම නිවේදනය කිරිම පිණිස දෙසැම්බර් 14දා කොළඹ නිපෝන් හෝටලයේ දී පැවැත්වු ප්‍රවෘත්ති සාකච්ජාවේ දී විෙජ් ඩයස් සහෝදරයා එසේ ප්‍රකාශ කළේ ය. සමාජවාදි සමානතා පක්ෂයේ ප්‍රධාන ලේකම් වු ද, ලෝක සමාජවාදී වෙබ් අඩවියේ ජාත්‍යන්තර කර්තෘ මණ්ඩල සාමාජිකයකු වු ද විෙජ් ඩයස් සමාජවාදි සමානතා පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා වශයෙන් ඉදිරිපත්ව සිටියි.

ඔහු තව දුරටත් මෙසේ පැවසීය ඃ “ලංකාවේ මහජනතාව මුහුණ දීල තියෙන තත්වය ශී්‍ර ලංකාවට පමණක් සුවිශේෂ වු තත්වයක් නෙවේ. එය භූගෝලීය තත්වයක්. ලෝක ආර්ථීක අවපාතයක් නිර්මාණය වෙලා තියෙනවා. ඒ තත්වය තුළ ලෝක බලවතුන් අතර දැඩි ආතතියක් ඇතිවෙලා තියෙනවා. එය ලංකාවටත් බලපානවා. ඇමරිකානු හමුදාව ඉරාකයට, ඇෆ්ගනිස්තානයට කඩා පැන්නා වගේ ම ඉරානයට විතරක් නෙවේ, ලෝකයේ රටවල් ගණනාවකට කඩා පනින්න සුදානමින් ඉන්නේ. ප්‍රජාතත්ත්‍රවාදය ඉහළින් ම තියෙන රට වශයෙන් සලකන ඇමරිකාවේ කම්කරු පන්තිය දැඩි මර්ධනයකට ගොදුරු වෙමින් සිටිනවා. පසුගිය දිනක ඇමරිකාවේ ‘විදේශ සම්බන්ධතා පිළිබද කමිටු’ වාර්තාව නිකුත් කළා. එහි සදහන් වෙනවා, පසුගිය කාලයේ ලංකාව චීනයට හා බුරුමයට සමීප වීම ඇමරිකාව විසින් සැලකිල්ලට ගත යුතුව තිඛෙන බවත්, ඒ නිසා ‘ශී්‍ර ලංකාව නොතකා නොසිටිය යුතු රටක්’ වශයෙන් සදහන් කොට තියෙනවා. එයට හේතුව තමයි ශී්‍ර ලංකාව යුද්ධ මුලෝපාත්මක වැදගත් ස්ථානයක් නිසා. අපි මුහුණ දීල තියෙන්නේ එවැනි තත්ත්වයකට යි.

“මහින්ද රාජපක්ෂ යුද ජයග්‍රහන පෙන්නුම් කරල අවුරුදු දෙකකට පෙර ජන්දය තියල ජය ගන්න පුඵවන් කියල ගණන් බලල තියෙනවා. නමුත් මෙයට බඩා බරපතල හේතුව වන්නේ ලංකාවේ ආර්ථීක හා දේශපාලන අර්බුදය යි. යුද්ධය කිරිමේ දී මහින්ද රාජපක්ෂ මුඵ රට ම උගසට තිබුවා. අවුරුද්දකට කරන යුද වියදම රු. බිලියන 35 සිට 70 දක්වා වැඩි කළා. මෙය දේශීය දල නිෂ්පාදිතයෙන් සියයට අනුවක් විතර වෙනවා. ආණ්ඩුවේ මුඵ ආදායම ආණ්ඩුව ගත්ත ණයවල කොටස් හා පොලී ගෙවන්නත් ප්‍රමාණවත් නැහැ. මේ නිසයි වැටුප් වැඩි නොකර, සටන් කරන කම්කරුවන්ට විරුද්ධව හදිසි නීතිය උපයෝගි කරගෙන පහර දෙන්නේ. ආණ්ඩුවේ ආර්ථීකය බංකොලොත්වෙලා. නිර්යාත සියයට 18කින් පහතට වැටිලා. ඇගලූම් කර්මාන්ත දුසිම් ගණන් වැසීගෙන යනවා. ඉදිරියට මේ තත්ත්වය තවත් වර්ධනය වුවාට පසු ජනාධිපතිවරනයක් තියන්න වුනොත් මහින්ද රාජපක්ෂයට යනඑනමං නැතිවෙනවා. ඒ නිසයි මැතිවරණය කලින් පැවැත් වුයේ.” යැයි සදහන් කළේ ය.

ඔහු තව දුරටත් කරුණු පැහැදිලි කරමින්, “ රටේ ආර්ථීක ප්‍රශ්න, රටේ දේශපාලන ප්‍රශ්න සමග එකට කැලතිලා උග්‍රවෙලා තියෙන්නේ. එල්ටීටීය ඔවුන්ගේ ජාතිකවාදී ප්‍රතිපත්ති නිසා ම පරාජය සහතික කර ගත්තා. ආණ්ඩුව යුද්ධය ජය ගත්තායි මහ ඉහළින් පම්පෝරි ගැසුවා. ඒත් කම්කරුවෝ දහස් ගණන් අරගලවලට පැමිණියා. මේ අරගලයේ මුදුනේ පන්ලක්ෂයක් වතු කම්කරුවෝ සිටියා. තෝනඩමන්ට චන්ද්‍රසේකරට වතු කම්කරුවන් හිරිවට්ටන්න බැරි වුනා. කම්කරුවෝ තොන්ඩමන්ගේ චන්ද්‍රසේකරගේ පාවාදීම්වලට එරෙහිව වීදි බැස්සා, උපවාස කළා. මින් මහින්ද රාජපක්ෂට දරුණු දේශපාලන අර්බුදයක් පැන නැගුනා. ඒ නිසා මහින්ද රාජපක්ෂ කල්පනා කරන්නේ ඉක්මන් මැතිවරනයකට ගිහිලAලා ‘අත’ ශක්තිමත් කර ගන්න යි. මේ ගණන් බැලීම් සමග එකග නොවු ධනපති පන්තියේ අනෙක් කොටස් වෙනත් අපේක්ෂකයකු ඉදිරිපත් කරන්න තීරණය කළා. පලාත් සභා පරාජයෙන් කුජිත වී සිටි යුඇන්පී, ජවිපි මෙයට උරදෙන්න ඉදිරිපත් වෙලා තියෙනවා. මේ මැතිවරනයේ ධනපති පන්තියේ ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනා ම, මහින්ද රාජපක්ෂ වගේ ම සරත් ෆොන්සේකාත් යුද අපරාධවලට චෝදනා ලබා තියෙනවා. සරත් ෆොන්සේකා මහින්දගේ පවුල්වාදය, දුෂනය හා ප්‍රජාතන්ත්‍ර විරෝධි වැඩ ගැන කියාපානවා. සමාජවාදි සමානතා පක්ෂය මෙය දකින්නේ, ‘කුකුල් හොරකම නවත්වා ගන්න, කුකුලූන් නරියකුට භාර දුන්න’ වැඩක් වගේ කියල යි.

“සරත් ෆොන්සේකා දේශපාලන පක්ෂයක පුද්ගලයෙකු නොවේ. ඒ නිසා ඔහු පක්ෂ විනයකට යටත් නැහැ. ඔහු නිතර ම කියන විදියට ඔහු දන්නේ හමුදාවේ විනය විතර යි. ඒ නිසා ඔහුගේ ඉදිරිපත් වීම බොනපාට්වාදී පාලන ක්‍රමයකට සුදානම් විමක්.

“නැගීඑන කම්කරු පීඩිතයන්ගේ පෙරළීකාරිත්වය ආම්බාන් කරන්න, ධනපති පන්තිය හමුදාව පදනම් කරගත් පාලනයකට සුදානමක් තියෙනවා. මෙය ඒ සදහා උපායාත්මක වැඩපිළිවෙලක් සහිත සුදානමක්. කම්කරු පීඩිත ජනතාවට මහින්ට හරි, සරත්ට හරි බලපෑම් දාලා ඉල්ලීම් දිනා ගන්න බැහැ. ඒත් වික්‍රමබාහු, සිරිතුංග ජයසුරිය කියන්නේ එහෙම පුඵවන් කියල. ඒ වගේ ම මොවුන්ගේ ඉදිරිපත් වීම ගැන රනිල් ප්‍රශංසා කළා, සුභ පැතුවා. කම්කරු පන්තියේ නාමයෙන් තියෙන මේ පක්ෂ ධනපති පන්තියේ මිතුරන්.

“මෙබදු අධිරාජ්‍යවාදි මුලෝපායට ලංකාවේ කම්කරු පන්තියට තනියෙන් මුහුණ දෙන්න බැහැ. ඒ නිසා සිංහල, දෙමල, මුස්ලිම් කම්කරු පිඩිත ජනතාව දකුණු ආසියාවේ හා ජාත්‍යන්තර තම පන්තියේ සහෝදර සහෝදරියන් සමග අත්වැල් බැද ගත යුතු වෙනවා. දකුණු ආසියාවේ සමාජවාදි සමුභආණ්ඩුවක ගොඩ නැගීමේ කොටසක් වශයෙන් ශ්‍රී ලංකාව තුළ සමාජවාදී ක්‍රියාමාර්ගයක් වටා කම්කරු පීඩිත පන්තිය බලමුලූ ගැන්විය යුතු වෙනවා. සමාජවාදී සමානතා පක්ෂය ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ මේ සමාජවාදී ක්‍රියාමාර්ගය කම්කරු පනතිය ඇතුලූ පීඩිත ජනතාව තුල තහවුරු කිරිමට යි.”

මෙම පුවත් පත් සාකච්ජාවට සමාජවාදි සමානතා පක්ෂයේ දේශපාලන කමිටු සමාජිකා විලානි පීරිස් මහත්මිය හා ශාන්ති කුමාර් සහභාගි වුහ.


මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook

ගෙදර

මුල් වරට වැටෙන හිම
සිනහ ගන්වයි මුහුණූ,
උදෑසන සීතලය
මැකී යයි දකිත හිම.

වැටෙන වැහි කුඩු වසා,
හිච්චි පුතේ,
මුල් වැස්සට තෙමෙන් එපා,
කී වදන් යළි ඇසෙයි.

කුඩුව කුඩුව හින්නියට
පාවෙලා රොඳ බැඳෙන
හිම පොදක් නොදැක්කත්,
ඒ වචන යළි කියනු අම්මේ.

සුනන්ද දේශප්‍රිය

ප.ලි
අද මුල්වරට හිම වැටුනා -16.12.2009

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook



පසුගිය දා අප අතරින් සදහට වියෝවූ කොළඹ විශ්ව විද්‍යාලයේ නීති පීඨයේ අවසන් වසරේ ඉගෙනුම ලැබූ අප්සරා උදයංගනී විතානගේ සොයුරිය වෙනුවෙනි......

අප්සරා

අහස හැරයන සුදු වළාකුළ

ඈත දුරයන හැටිබලා
අප්සරා ඔඛෙ මුහුණුවර එහි
මවයි අප සිත් තනිවෙලා ......

ඒ සනාතන සොඳුරු මිතුදම
දෙනෙත් අග කඳුලක තබා
ලොවේ පිවිතුරු සිහින කැටිකල
සුසුදු හිමබිඳ දියවුනා .......

සිනාසුන ඒ පුංචි පිනිබිඳ
කඩුපුලක පෙතිමත ගලා
සැමට රහසින් සඳකිරණ මත
ලියූ ගීතය බොඳ වුනා ......

-කිරිඳිවැල පාලිත සේනාරත්න

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook


තාත්තා සහ හිම
(ජීවිතේ පළමු වතාවට හිම දැක්කෙ තාත්තගෙ උපන් දිනේ දවසෙ)


තාත්තා කියා දුන් කතාවක
හිම මිදී තිබුණා..

රතු සොල්දාදුවෙක්
හිම මතින් දණ ගගා ඇදුණා
වෙඩි වැදුණ කකුළකින්
සුසුදු හිම කැටිති මත
රතු පාට මග ළකුණු ඇඳුණා
වේදනාවෙන් සැළෙන
තාත්තගෙ කටහඩට
පොඩි වුණත් මගේ හිත රිදුණා..

හිම තැණුව සම බිමෙක
ඔහු සම`ග හිම කෙළින අතරතුර
ඉස්ට්‍රයික්කාර අපෙ තාත්තා
සයිබීරියාවට යැවූ කරදහිය තැපෑලෙන් ලැබුණා
මිටි මෙළවෙලා තිබුණ වම් අතේ නො තනියට
පොඩි අතක් පටැලවී තිබුණා..

ස්ටෙප්ස් තැනිතලාවට වඩා දිග බඩගින්න
හිම වගේ හිතේ ගල් ගැසුණා
පොඩි හිතට දරන්න ම
බැරි වෙනා මොහොතකුත් තිබුණා
තාත්තගෙ හිම මිදුණ ඇස් අතර දහිරියට
හිම බෝලෙකට පයින් වැදුණා..

ඒත් අපි හිම අතර රැඳුණා
අපෙ කකුල් දණ ළඟට එරුණා..

බොයිලේරුවෙන් නැඟුණු දුම් රොදක
සීනි නැති කහට සුව පිරුණා
කහට සුවඳින් ඇරුණ
කහට නැති ඇස් දෙකට
කවි ලියන මග ළකුණු පෙනුණා..

ඉර්තු අතරින් බොහෝ දුර ඇවිද
ගණ නිලට කැරලි කෙහෙරැලි ගහණ
ඒ හිසේ හිම පියලි මිදුණා
ඒත් ඒ කටහඩේ පන්නරය දිළුණා
ඒ හඩින් කතාවක් ඇසුණා..

කතාවේ හිම මිදී තිබුණා.


මංජුල වෙඩිවර්ධන
2009 දෙසැම්බර් 17

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|

ගල් ගැහුණ
සිසිර පිණිබිඳු
ල’හිරු කිරණට
සෙමින් දියවෙන

මුතු පබා

14.12.2009

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|


හුදෙකලා සිත’ඹරේ

ඈ - ත - ට ඇදෙන
අඳුරු මේකුළු

අතරින් පතර
සුදිලෙයි දියමන්ති

මුතු පබා
14.12.2009


මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|


අද විශ්වවිද්‍යාලවල බුද්ධිමතුන් නැහැ
-මහාචාර්ය සුචරිත ගම්ලත්

මහාචාර්ය සුචරිත ගම්ලත් ලාංකේය බුද්ධිමය සංස්කෘතිය තුළ ප්‍රබල භූමිකාවක් නිරූපණය කරන අද්විතීය ප්‍රාඥයෙකි. සරසවි ඇදුරකු ලෙසද ඔහු ශාස්ත්‍රාලයීය අධ්‍යාපනය තුළ සුවිශේෂ සේවාවක් ඉටු කළේය. සිංහල, පාලි, සංස්කෘත ආදී භාෂා ක්ෂේත්‍රයන්හි ද හසළ බුද්ධිමතකු වන හේ පෙර අපර දිග දර්ශන විෂයෙහි ද සෞන්දර්යය විද්‍යාවන්හි ද පාරප්‍රාප්තියෙකි. අපෝහක භෞතිකවාදී චින්තාව ඔස්සේ සිය විචාර මංජුසාව කලතමින් මාක්ස්වාදී විචාරකයකු ලෙස අසූව දශකයේ මුල් භාගයේදී මහාචාර්ය ගම්ලත් ජනප්‍රිය මෙන්ම සක්‍රීය චරිතයක් බවට පත් විය.

සම්භාව්‍ය සාහිත්‍ය කෘති සහ විවිධ පරිවර්තන කෘති ද පළ කරමින් ඔහු දෙයාකාරව සිදු කළ සාහිත්‍යය සේවාව පුළුල් වපසරියකට උරුමකම් කියයි. නූතන සාහිත්‍ය සම්භාෂණය සහ විචාර කලාවේ රුව ගුණ විමර්ශනය කරමින් ඔහු සමඟ කළ කතාබහකි මේ.

මම

ඔබ අඩසිය වසකට වැඩි සාහිත්‍ය පළපුරුද්දක් තිඛෙන විචාරකයෙක්. පතපොත පරිශීලනය නොකරන විධිමත් අධ්‍යනයක් නැති හැදැරීම්වලින් වියුක්ත වූ පරම්පරාවක් අතට අද සාහිත්‍ය කලාව පත්වී ඇති බව පෙනෙනවා. ලංකාවේ වර්තමාන සාහිත්‍යය සම්භාෂණය ඔබට ගෝචර වන ආකාරය පැහැදිලි කළොත්?

සුචරිත

සාහිත්‍ය කියන්නේ සමාජයක තිඛෙන බුද්ධිමය සංවාදයක්. එහෙත් අද මේ කලාව විධිමත් අධ්‍යාපනයක් නැති, සාම්ප්‍රදායික භාෂා ශාස්ත්‍රය පිළිබඳ දැනුමක් නැති, බටහිර භාෂා ශාස්ත්‍රය ප්‍රගුණ නොකළ හිස් මිනිසුන් පිරිසක් අතට පත්වෙලා. පසුගිය වකවානුව තුළ අපේ සිංහල සාහිත්‍ය විශාල පරිහානියකට ලක්වී තිඛෙනවා. මේ සියල්ලටම හේතු භූත වූයේ ධනපති පන්තියේ අත්තනෝමතික ක්‍රියාකාරකම්. ඔවුන් හිතාමතාම කළ දරුණු අපරාධය තමයි මේ රටේ අධ්‍යාපනය විනාශ කිරීම. ඉංගී්‍රසි අධ්‍යාපනය විනාශ කිරීම ද බරපතල වරදක්. අද සාහිත්‍ය කලාව හා විචාරය වැටී තිඛෙනුයේ අඳුරු අගාධයකට. සාහිත්‍ය නමින් අද පළ වන්නේ මනෝගත වැල්වටාරම්. කසිකබල් භාෂාවෙන් ලියන මේ පොත්වලට රාජ්‍ය සම්මාන ස්වර්ණ පුස්තක, රජත පුස්තක, දියමන්ති පුස්තක ආදී මෙකී නොකීනම්වලින් සම්මාන පිට සම්මාන දෙනවා. මේ තුළ නිර්මාණකරණයේ නියෑළෙන බොහෝ පිරිස අනාථ වූ දූපතක තනි වූ සරණාගතයන් හා සමානයි. වර්තමානයේ පළ වන බොහෝ සාහිත්‍ය කෘතිවලින් සම්භාව්‍ය සිංහල සාහිත්‍යය රීතිය හා භාෂාවේ ආධ්‍යාත්මය පිළිබිඹු වන්නේ නැහැ. පුරාතනයේ සිට පැවත එන සම්භාව්‍ය සාහිත්‍යයෙන් වියුක්ත වූ දූපත් සාහිත්‍යක් තමයි අද තිඛෙන්නේ. අද සාහිත්‍ය විචාරයක් නැහැ. විචාරකයන් යෑයි කියා ගන්නා ප්‍රචාරකයන් පවා අවරගණයේ සාහිත්‍ය කෘති අතිශයෝක්ති සහගතව උත්කර්ෂයට නංවමින් නන්දොඩවනවා. ඔවුන්ගේ කිසිදු විචාරයක් කෙරෙන් න්‍යායාත්මක විධික්‍රමයක් හෝ තර්කානුකූල ප්‍රකාශයක් විද්‍යමාන වන්නේ නැහැ. න්‍යායාත්මක පිහිටීමක් නැතිව පොතපත අඳුරේ අතපත ගාමින් ඉන්නවා. මේ නිසා අද ලංකාවේ සාහිත්‍ය ක්ෂෙත්්‍රයම ජංජාලයකක් බවට පත්වී තිඛෙනවා.

මම

ඔබ මෙරට ශාස්ත්‍රාලයීය අධ්‍යාපනය දැඩි දෝෂදර්ශනයට ලක් කරන මහාචාර්යවරයෙක්. විශේෂයෙන්ම රටක චින්තන වින්දන ශක්තිය දියුණු තියුණු කිරීමෙහිලා පෙරමුණේරාල කෙනකු වන විශ්වවිද්‍යාලය ශාස්ත්‍රීය පක්ෂයෙන් විශාල පිරිහීමකට ලක්වී ඇති බව ඔබ අනවරතයෙන්ම අවධාරණය කරනවා. එහෙත් අද දැනුම ගලාගෙන නොයැමට ස්වභාෂා අධ්‍යාපනය ද ප්‍රධාන හේතුවක් වී ඇති බව පෙනෙනවා. අද විශ්වවිද්‍යාල තුළ පවා ද්වීභාෂික උගතුන්ගේ රික්තයක් දක්නට ලැඛෙනවා. නමුත් ඒ කාලේ මහාචාර්ය සරච්චන්ද්‍ර වැනි උගතුන් පේරාදෙණිය විශ්වවිද්‍යාලය හරහා ශාස්ත්‍රීය පර්යේෂණ කරමින් විප්ලවීය මෙහෙවරක් ඉටු කළා. ඉංගී්‍රසිය අතහැරීම සහ පිරිවෙන් සරසවි කිරීම මේ බුද්ධිමය අන්ධකාරයට හේතු වූ බවයි මට නම් පෙනෙන්නේ?

සුචරිත-

ස්වභාෂා අධ්‍යාපන ක්‍රමය නිසා ඉංගී්‍රසි විතරක් නෙවෙයි සිංහලත් නැති වුණා. අද ලංකාවේ අධ්‍යාපනය සම්පූර්ණයෙන්ම විනාශ වී ගිහින්. බොහෝ විශ්වවිද්‍යාලවල කලා හා මානව ශාස්ත්‍ර පීඨ ගැන කතා කරන්නවත් දෙයක් නැහැ. මේ රටේ විශ්වවිද්‍යාලවල ඉන්න බොහෝ මහාචාර්යවරු සිංහල භාෂාව නිවැරැදිව උගන්වන්නේ නැහැ. මෙය බොරුවක් යෑයි කවුරු හරි මට අභියෝග කරනවා නම් මම ඒ පුද්ගලයා සමඟ සංවාදයකට වුණත් සූදානම්. අද දැනුම ගලාගෙන ගෙන යැමට ප්‍රධානතම හේතුව ස්වභාෂා අධ්‍යාපනයයි.

මහාචාර්ය සරච්චන්ද්‍ර වැනි උගත් බුද්ධිමත් ශාස්ත්‍රීය පර්යේෂණ කළේ උසස්වීම් ලබා ගැනීමේ පරමාර්ථයෙන් නෙවෙයි. නාට්‍යකරුවකු, විචාරකයකු හා සාහිත්‍යකරුවකු මෙන්ම දීප්තිමත් ගුරුවරයකු වශයෙන් තමා ලබාගත් දැනුම ඛෙදා දීමට මහාචාර්ය සරච්චන්ද්‍රයන් විශාල ප්‍රයත්නයක් ගත්තා. මේ හේතුවෙන් විශ්වවිද්‍යාල පද්ධතිය තුළ මෙන්ම ඊට පරිබාහිරව වූ සමාජයේත් උසස් රසිකත්වයක් තිඛෙන පරම්පරාවක් ගොඩනැඟුණා. එහෙත් අද විශ්වවිද්‍යාලවල ආචාර්ය මහාචාර්යවරු ඉන්නේ රටේ ප්‍රධාන ඡන්දයක් එනකොට පක්ෂයකට පක්ෂපාතීව අත්සන් කරන්නයි. ටියුෂන් කඩ අරින්නයි විතරයි.

මම

ලාංකේය සාහිත්‍ය ක්ෂේත්‍රයට අදාළව ලවිචාරයල නම් වූ ප්‍රපංචය අපට මුණගැසෙන්නේ එක්තරා ආකෘතික ස්වරූපයකින්. ඕනෑම විචාරකයකු තුළ මේ ආකෘතිය සැකසී තිඛෙන්නේ ඔහු දරන විවිධ මතවාද, ආකල්ප හා ඓ්ෂ්ටාවන්ගේ එකතුවෙන්. ඔබේ විචාර කලාවත් බොහෝ විට ර¹ පැවතුණේ මාක්ස්වාදී විචාර සිද්ධාන්ත මත. එහෙත් අද දියුණු ලෝකයට සමගාමීව සාහිත්‍ය කලා විචාරයත් විවිධ මතවාද හා න්‍යායන් ඔස්සේ විපරිවර්තනයට ලක්වී තිඛෙනවා. මේ සමග යාවත්කාලීන නොවීම හේතුවෙන් ඔබ ඇතුළු පුරෝගාමී විචාරකයන් පිිරිසක් තවමත් පරණ හොද්දම කාල්ගාන බව පෙනෙනවා.

ගම්ලත්

මේ වනවිට ලංකාවේ සාහිත්‍ය විචාරකයක් නැහැ. අද ඉන්නේ විචාර විදූෂකයෝ. මේ විචාරවලින් ගම්‍ය වනුයේ ඔවුනට කිසිදු ශාස්ත්‍රීය කටයුත්තක් කිරීමට උගත්කමක් හෝ පුහුණුවක් නොමැති බවයි. රැල්ලට එන නව මතවාදවලට යටවීම භයානකයි. ඒ කාලේ මගේ විචාර සිද්ධාන්ත සියල්ල මාක්ස්වාදය මතයි ර¹ පැවතුණේ. කිසියම් කලා කෘතියක් කෙරෙන් මනුෂ්‍යයා මුහුණපාන දශාව ගවේෂණය කොට යම් ආලෝක ධාරාවක් රසිකයාට ලබාදීමට මං නිතර උත්සාහ කළා. ඒ වගේම මිනිසා වඩාත් සාර්ථක ලෙස සුසංවාදීව ජීවත්වීමට දරන ප්‍රයත්නය සාර්ථක නොවීමට හේතු භූත වනුයේ කවර කාරණා ද යන්න මගේ විචාර සිද්ධාන්තවල තිබූ මූලික දේවල් ලෙස සඳහන් කරන්න පුළුවන්.

ඒ කාලේ මාර්ටින් වික්‍රමසිංහ මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර, ගුණදාස අමරසේකර වැනි ලේඛකයන් පැරැණි සම්භාව්‍ය භාෂා ශාස්ත්‍රය හොඳින් ප්‍රගුණ කළා. මේ නිසා ඔවුනගේ බොහෝ නිර්මාණ විචාරශීලී අදහස් සහ මතවාදවලින් පිරී තිබුණා. නමුත් වත්මන් පරපුරේ බොහෝ දෙනෙක් එබඳු ගැඹුරු විචාරශීලී මතවාද ඉදිරිපත් කරන අය නෙවෙයි. හඩු භාෂාවෙන් ලියන කියන ඔවුන් බොහෝ දෙනකු තුළ එවැනි ශක්‍යතාවක් නැහැ. ව්‍යාජ දෘෂ්ටිවාද දෝතින් වැළඳ ගැනීමට අප ඉක්මන් විය යුතු නැහැ.

මම

වත්මන් ලේඛකයන්ගේ කෘති නිර්දය ලෙස විවේචනයට ලක් කරන ඔබගේ නිර්මාණවල සහ හැදෑරීම් වපසරියෙහි ප්‍රබල වෙනසක් දක්නට නැහැ. එහෙත් සිංහල, ඉංගී්‍රසි පාලි, සංස්කෘත වැනි භාෂා ක්ෂේත්‍රයන්හි පාරප්‍රාප්ත වූ නිසාවෙන්ම ඔබ කෙරෙන් භාෂාත්මක බලයක් සහ ශාස්ත්‍රීය අහංකාරයක් දක්නට ලැඛෙන බව ඇතමුන් කියනවා. අනෙකා මෙල්ල කිරීමට ඔබ මෙය අවියක් ලෙස යොදා ගන්නා බවයි මට නම් පෙනෙන්නේ ?

සුචරිත

මම භාෂා ශාස්ත්‍රය හොඳින් ප්‍රගුණ කළ කෙනෙක්. මම ලියන්නේ ප්‍රබල භාෂාවකින්. ඉතින් ඒ ගැන මට අභිමානයක් තිඛෙනවා. එහෙත් ඔබ කලින් සඳහන් කළ ශාස්ත්‍රීය අහංකාරය කියන වචනය මට තේරෙන්නේ නැහැ. හැබැයි ශාස්ත්‍රීය අහංකාරය තිඛෙන අය ඉන්නවා නම් ශාස්ත්‍රීය හිඟන්නොත් ඉන්න ඕනෑ. මගේ හැදෑරීම් සහ නිර්මාණ පිළිබඳ ඔබ ප්‍රශ්න කරනවා. මම ලෝකයේ දියුණු කියෑවීම්වලින් සන්නද්ධ වුණු කලා කෘති ඇති පදම් කියවපු ඒ පිළිබඳ ගැඹුරු හැදෑරීම් කරපු පුද්ගලයෙක්. එහෙත් ලෝකයේ තිඛෙන සේරම ජහ ජරා කුණුකන්දල් ඔළුවට දා ගැනීමේ වුවමනාවක් මට නැහැ. එක එක වාචාලයන්ගේ වහසි බස්වලට මම කලබල වෙන්නේ නැහැ. අද හැම තැනම ඉන්නේ වාචාලයෝ. අද විශ්වවිද්‍යාලවල බුද්ධිමතුන් නැහැ. මේ නිසා නව මතවාද පිළිබඳ තර්ක කිරීමට හෝ ශාස්ත්‍රීය විවේචන ඉදිරිපත් කිරීමට ඔවුනට නොහැකිවීම අරුමයක් නොවෙයි. එහෙත් විශ්වවිද්‍යාල පද්ධතියෙන් පරිබාහිරව ගොඩනැඟුණු ස්වයං අධ්‍යයනයන්හි නිරතවන තරුණ කල්ලි සහ කණ්ඩායම් කිහිපයක් පසුගිය කාලේ පාලු ගෙවල්වල වළං බින්දා. දැන් ඒ අයත් සුනාමියට ගහගෙන ගිහින්.

මම

නූතන කලාව හා නූතන කලා ප්‍රකාශනය තුළ අනවරතයෙන්ම කලාව නව රූපකායන් ලබාගන්නවා. එහිදී සාම්ප්‍රදායික කලාව සහ සාම්ප්‍රදායික කලා ප්‍රකාශනය සමති ක්‍රමණයට ලක්වෙනවා. එමෙන්ම ඒ කෙරෙන් නව කලාවකට මං පෙත් විවර කර ගැනීමේ අවකාශයක්ද ලැඛෙනවා. ලාංකේය කලාවට සමගාමීව මේ රූපාන්තරණයේ තිඛෙන වෙනස ඔබ දකින්නේ කෙසේද?

සුචරිත

අද මේ රටේ සාහිත්‍ය කලාවට වඩා චිත්‍රපට කලාව කෙරෙන් කිසියම් වූ සාධනීය වර්ධනයක් දක්නට ලැඛෙනවා. ප්‍රසන්න විතානගේ, අශෝක හඳගම වැනි තරුණ සිනමාකරුවන් නූතන කලාව ඉතා ගැඹුරින් අවබෝධ කොට ගෙන උසස් සිනමා කෘති නිර්මාණය කිරීමට උත්සුක වෙනවා. ඔවුන් අනවරතයෙන්ම සමාජය දෙස නූතනාත්්්මක අක්ෂියකින් බැලීමට පෙළැඹී තිඛෙනවා. මේක හොඳ ප්‍රවණාවත්. නිදසුනක් විදිහට ප්‍රසන්න විතානගේ අධ්‍යක්ෂණය කළ ආකාස කුසුම් චිත්‍රපටය විශිෂ්ට ප්‍රයත්නයක්. එහෙත් ඒ පිළිබඳ ලියෑවුණු ගැඹුරු සිනමා විචාරයක් තවම දක්නට නැහැ. මේ හැරෙන්නට චිත්‍ර කලාවේ නූතන කලා ප්‍රකාශනයන්ගෙන් පොහොණි වූ විකල්ප කලා කෘති එකක් දෙකක් දක්නට ලැඛෙනවා. නූතන කලාව සහ ප්‍රකාශන සමාජගත කිරීමට ගිය බොහෝ දෙනකුට නිතරම රැවුම් ගැරැහුම් ගල් මුගුරු එල්ල වෙන්න පටන් ගත්තා. ඔබ කියන නූතන කලා රූපකායන් ලබා ගැනීමට නම් සමාජයත් නුතන විය යුතුයි.

මම

සාහිත්‍යකරුවාගේ භූමිකාව විශ්වය තුළ කුමන ආකාරයක වේෂයක් ගන්නේ දැයි ඇතැමුන් ප්‍රශ්න කරනවා. මං ඒ ප්‍රශ්නය ඔඛෙන් අහනවා.

සුචරිත

සැබෑ සාහිත්‍යකරුවා යනු සාහිත්‍ය යනු මානව වර්ගයාගෙන් ආඪ්‍යතරව ද සුසංවාදීවද කුසුමිතවද ජීවත්වීම සඳහා පන්ති සමාජයටත්, ස්වභාව ධර්මයටත් එරෙහිව අනවරත අරගලයක යෙදෙන පුද්ගලයෙක්. ඔහු බස මගින් මේ වේදනාබර අරගලය සර්ව පාක්ෂිකත්වයෙන් ප්‍රති නිර්මාණය කරනවා. එමෙන්ම මේ අරගලය තුළදී මිනිසුන් නව ඥන විශේෂ ද නව ශක්‍යතා ද නව නිපුණතා ද අත්පත් කර ගන්නා බව පෙනෙනවා. මේ සියල්ල සාහිත්‍ය නිර්මාණ තුළ ගැබ් වෙනවා. මේ නිසා ඒ හා සම්පර්තයකට එළැඹෙන්නාවූ සහෘදයන්ගේ ඥන මණ්ඩලයේ නිම්වළලු ප්‍රසාරණය වීමට ද පටන් ගන්වා. මෙහිදී මිනිසුන් සාපේක්ෂ ජයග්‍රහණවලින් සුඛ ප්‍රහර්ෂයටත් සාපේක්ෂ පරාජයන්ගෙන් ශෝක සන්තාපයටත් පත්වෙනවා. පන්ති සතුරාට වෛර කිරීම, මිතුරාට මෙත් සිත් වැඩීම, යෝධ බාධක අභියස බියවීම, පන්ති සතුරාගේ ඇතැම් කටයුතු දෙස ජුගුප්සාවෙන් බැලීම වැනි දෑ සියල්ල සාහිත්‍ය තුළට ගලා ඒමත් සිදුවෙනවා.

මේ නිසා එය ඇසුරු කරන සහෘද රසික- පාඨක ප්‍රජාවගේ මනෝභාව මණ්ඩලයේ විශාල වෙනස්කම් සිදුවීමටත් පුළුවන්. මේ අනුව සාහිත්‍ය ඇසුරු කරන සූකුමාරමතිකයා ලෝකයේ ලෝකවාසීන්ගේ ජීවන අරගලයත්. ජීවිතයත් රසාත්මක ලෙස ස්පර්ශ කරන බවක්ද පෙනෙනවා. සාහිත්‍යකරුවාගේ ජීවන ධාරිතාව පෘථුලවූත්, ඉගැඹුරුවූත් දෙයක් බවට පත්වීම මගින් ඔහුගේ සාහිත්‍ය භූමිකාව ද විශිෂ්ටත්වය කරා ළං වෙනවා. එහෙත් වත්මන් සාහිත්‍යකරුවා මෙකී සියල්ලෙන් වියෝවූ පුද්ගලයෙක්.

මම

පසුගිය දශක කිහිපය තුළ ලංකාවේ බුද්ධිමතුන් දෙකට ඛෙදීමේ ප්‍රවණතාවක් දක්නට ලැබුණා. මෙරට පැවැති ජනවාර්ගික යුද්ධයට සමගාමීව කට්ටියක් එන්. ජී. ඕ. වෙනකොට තවත් කට්ටියක් නිකම්ම ජාතික වුණා. ජාතික - අන්තර්ජාතික වශයෙන් ඛෙදී වෙන් වුණ නිසා මැද පෙළේ බුද්ධිමතුන්ගේ අවකාශය අහිමි වී ගියා. චින්තනය බටහිර හා දේශීය වශයෙන් ඛෙදීම පිළිබඳ ඔබේ ආකල්පය කෙබඳු ද?

සුචරිත

ලංකාවේ බුද්ධිමතුන් අතර ඛෙදීමක් පිළිබඳ කතා කරනවට වඩා බුද්ධිමතුන් කියා පිරිසක් සිටිනවා දැයි සොයා බැලීම වැදගත්. මා දන්නා තරමින් මේ රටේ. බුද්ධිමතුන් සියල්ල වඳ වී ගිහින්. අද විශ්වවිද්‍යාලවල පවා බුද්ධිමතුන් දක්නට නැහැ. බුද්ධිමතුන් යෑයි කියා ගන්නා පිරිස පවා එකිනෙකාට විකිණෙමින් සිටිනවා. බුද්ධිමතකු යනු කවරකු දැයි අපි මුලින්ම නිර්වචනය කළ යුතුයි.

බුද්ධිමතකු හැමවිටම පවතින චින්තන ධාරාවට එරෙහිව නැගී සිටින අදීන පුද්ගලයෙක්. ඔහු සම්ප්‍රදාය සමතික්‍රමණයකට ලක් කරන්නෙක්. එහෙත් ලංකාවේ කිසිදු තැනක එබඳු බුද්ධිමතුන් දක්නට නැහැ. 19 වැනි සියවසේ පමණ රුසියාව වගේ රටවල අදීන බුද්ධිමතුන් ජීවත් වුණා. ඔවුන් බොහෝ දෙනෙක් ක්‍රම විරෝධීන් ලෙස සිරබත් කෑවා. චින්තනය බටහිර හා දේශීය වශයෙන් ඛෙදීම වැරැදියි. අපේ පුරාතන සාහිත්‍ය පවා ජාත්‍යන්තරකරණයට ලක්වී තිඛෙනවා.

මම

මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර සහ ගුණදාස අමරසේකර මෙරට බිහිවූ විශිෂ්ටතම සාහිත්‍යධරයන් දෙදෙනකු ලෙස ගිණිය හැකියි. සරච්චන්ද්‍ර ව්‍යාජ දේශපාලන චින්තන ගැන නවකතා ලිවීමට පෙළැඹුනේ නැහැ. එහෙත් ගුණදාස අමරසේකර ඔහුගේ ප්‍රතිභාව මොට කර ගනිමින් තවදුරටත් මේ ව්‍යාජ මතවාද පෝෂණය කරන වාර්තාමය නවකතා ලියමින් ඉන්නවා. මෑතකදී අසූවිය සපිරූ ගුණදාස අමරසේකරයන්ගේ සාහිත භූමිකාව පිළිබඳ ඔබට මොකද හිතෙන්නේ?

ගුණදාස අමරසේකර තමයි දැනට ජීවතුන් අතර සිටින විශිෂ්ටතම සාහිත්‍යධරයා. ඒ පිළිබඳ විවාදයක් නැහැ. එමෙන්ම ඔහු අපට සිටින රම”ය කවියෙක්. එහෙත් ඔහුගේ මෑතකාලීන නිර්මාණ පිළිබඳ අපට සෑහීමකට පත් වෙන්නේ බැහැ. ඒ කෙරෙන් ගම්‍යමාන වනුයේ ඔහුගේ දෘෂ්ටිවාදාත්මක බංකොළොත් භාවයයි. අමරසේකරගේ මෑතකාලීන නිර්මාණ අසාර්ථකවීමට ප්‍රධානතම හේතුව ඔහුගේ ගැමි දෘෂ්ටිවාදයයි. ඔහු හැමවිටම ගැමි තරුණයාට ස්වාධීන කාර්ය භාරයක් ඇතැයි වරදවා වටහා ගත්තා. අමරසේකර මාක්ස්වාදය හදාරපු පුද්ගලයෙක් නෙවෙයි. සුළු ධනේෂ්වර පන්තියේ කාර්යභාරය හැමවිටම පවතින ධනපති පන්තියට පන්දම් ඇල්ලීමයි.

ගැමි තරුණයන්ගේ කියුම් කෙරුම් අපට අවස්ථා කිහිපයකදීම දක්නට ලැබුණා. 71 කැරැල්ල, 88, 89 භීෂණය, හා එල්. ටී. ටී. ඊ. ත්‍රස්තවාදයෙනුත් මේ බව මොනවට පැහැදිලි වුණා. අද අමරසේකරගේ නිර්මාණලින් විද්‍යමාන වනුයේ අපසරණයක්. එහෙත් මේ තුළින් අමරසේකර නම් වූ විශිෂ්ට සාහිත්‍යධරයාගේ ඓතිහාසික කාර්යභාරය නිශේධනය වන්නේ නැහැ. මට හිතෙන විදිහට ඔහුගේ සාහිත්‍ය මෙහෙරවර තවමත් නිසි ඇගයුමකට ලක් වී නැහැ.

සංවාද සටහන
ශෂී ප්‍රභාත් රණසිංහ

[දිවයින 2009 දෙසැ 6]

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook


මාර රෙද්දක්නෙ මේක

රජා බාරකාරය වෙන වෙලාවේ
සෙනෙවිය සිංහ ආසනයට හිනාවේ
දෙමෙළුන්ගෙන් අයැදින විට මනාපේ
අන්තිම සතියෙ 7000ක් මරල දැම්මෙ මමවත්දැයි සැකයි මට

මංජුල වෙඩිවර්ධන

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook

ලංකා ලංකා

ලංකා ලංකා පෙම්බර ලංකා නොහඬනු ඔබ ලංකා
ඔබ දිනවන පෙරහැර මග එනවා සැනසීයන් ලංකා//

තක්කඩි කට්ටඩි පක්කලි සක්කිලි ඔබට කෙළිති ලංකා
කෙළින ගමන් කොල බොක්ක අතට ගෙන ඔබට පුදති ලංකා
දෙකට නැමී ඔබ ලය සිප ගනිමින් හඬන එවුන් ලංකා
ඔබ වෙනුවෙන් මිය යමි කිය කිය ලොකු ගෙවල් හදති ලංකා

ලංකා ලංකා පෙම්බර ලංකා නොහඬනු ඔබ ලංකා
ඔබ සුරකින පෙරහැර මග එනවා නැලවීයන් ලංකා//

වලිතරු සිහතරු විරුතරු පල්හොරු සැප ගන්නා ලංකා
ගෙදර ගියත් බඩු මග හිටියත් බඩු බනිස් අපට ලංකා
තරෙඟට බොරු කිය කිය හුරතල් වෙන පඬුවන් ලද ලංකා
සංඛ්‍යා ලේඛන සංදර්ශන යට ගිලී මියෙමු ලංකා

ලංකා ලංකා පෙම්බර ලංකා නොහඬනු ඔබ ලංකා
ඔබට බඩු තමයි! පෙරහැර එනවා හැංගීයන් ලංකා//

REMIXED BY-
ඩෝං පුතා

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook


අපගේ යුගයේ කලාව හා දේශපාලනය දෝ හෝ නො හොත් විශාරද අමරදේවයන්ට විවෘත ලිපියක්

ප්‍රිය අමරදේවයනි,

1980 නොවැම්බර 18 වැනිදා ඇත්ත පත්‍රයට ඔබ නිකුත් කොට තිබුණු ප්‍රකාශය කියවූ අපට විවෘත ලිපියකින් ඔබ ඇමතීමට සිත් විය.

කලා නිර්මාණයට හේතු වන බුද්ධිමය තතු වනසා දැමීමටත් ඔබේ ප්‍රතිභාව පරිහාසයට ලක් කිරීමටත් එරෙහිව ‍ඔබ උග්‍ර සටනක යෙදී සිටින සෙයක් එම ප්‍රකාෂයෙන් පෙනේ. එහි ලා ඔබගේ අවංක රසිකයන් සිතන්නේ කුමක්දැයි ඔවුන්ගෙන් කෙනෙකු ලෙස ප්‍රකාශ කළ යුතු හෙයින් මෙලෙස ඔබ අමතමු. දසක දෙකකටත් වැඩා දිගු කලක් තිස්සේ අ‍පගේ කලා රසාඥතාව වර්ධනය වීමට ඔබගෙන් සිදු වූ සේවාව ඉමහති. ඔබත් අපත් අතර ප්‍රියශීලි මිතු දහමක් ද පවතී. ජාත්‍යන්තර ගීතය සිංහලෙන් ප්‍රතිනිර්මාණය කිරීමේ දී ඔබ ඔබගේ නොමසුරු සහයෝගය අපට දුන්නෙහිය. වෙසෙසින්ම මෙකී කරුණු නිසා මේ මොහොතෙහි නිහඩව සිටීම යුක්ති සහගත නොවේ ය යන හැඟුම අප තුළ උපදී.

සිරිමා බණ්ඩාරනායක මහත්මියගේ ප්‍රජා අයිතිය අහෝසි කිරීමට එරෙහි පෙත්සමකට අත්සන් කළ "වරදට" ඔබ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවෙන් නෙරපන ලද්දේහි ය යි වාර්තා විය. එම "වරදට" රාජ්‍ය ඇමතිවරයාගෙන් සමාව අයැද සිටි හෙයින් ඔබ යළිත් සේවයෙහි පිහිටුවන ලද්දෙහි යයි පසුව පළ විය. මින් පළමු වැන්න අපගේ විස්මයට හේතු නොවී ය. බලාපොරොත්තු වූවක්ම හෙයිනි. එහෙත් දෙවැන්න නම් හදිසියේම හිස මත පාත් වූ රුදුරු හෙණ පහරක් බඳු විය. කිසි කලෙකත් බලාපොරොත්තු නොවූවක් හෙයිනි. එසේ වූ නමුදු අකම්පිතව සිට එය විඳ දරා ගෙන කළ යුත්ත කිරීමට අපි අදිටන් කර ගතිමු.

ඔබ‍ගේ "කරුණු පැහැදිලි කිරීම" ඇත්ත පත්‍රයෙහි පළ වූයේ ඊට පසුවය. ඔබ දණ නොගැසූ බව පමා වී නමුත් එම ප්‍රකාශයෙන් පැහැදිලි වන අතර ඔබ අපට සපුරා ම නැති නොවිණැයි යන හැඟීම ජනිත වෙයි. මේ හැඟීමේ සත්‍යාසත්‍යතාව අනාගතයෙහි උරගා බැලෙනු ඇත.

ඔබ කළැයි කියන ඒ පාපොච්චාරණය ඔබට නිගරු කොට ඔබ හෙළා දැක්වීම වස් ඔජ වඩමින් හුවා දැක්වූ මහතුන් හා ධනපති පුවත්පත් හෝ අධම ගණයේ අරමුණු සඳහා ඔබ මියුරුසර ගණිකා වෘත්තියෙහි යොදවන ගුවන් විදුලි සංස්ථාව හෝ ඇත්ත පත්‍රයෙහි ඔබ කළ ප්‍රකාශයට කිසිම ප්‍රසිද්ධියක් ලබා දී නැත. මෙහි කවර විස්මයක් ද? කලා නිර්මාණයට හේතු භූත වන්නා වූ බුද්ධිමය තතු වනසා දමමින් දුර්ලභ ප්‍රතිභාව අවමානයට පාත්‍ර කිරීම දිරාපත් වන ධනේශ්වර ක්‍රමයේ සිරිත හෙයිනි. 1938 වර්ෂයෙහි ලියොන් ට්‍රොට්ස්කි පැවසූ පරිදි:

"ප්‍රාඥ නිර්මාණ කිරීමේ හැකියාව ලබා දෙන තත්වයන් සමකාලීන ලෝකයෙහි එන්ට එන්ටම දිගට හරහට විනාශ කෙරෙන බව අප පිළිගත යුතුය. මෙහි අනිවාර්ය ප්‍රතිඵලයක් වසයෙන් කලා කෘති පමණක් නොව සුවිශේෂ කලාත්මක පෞරුෂය ද එන්ට එන්ට ම වැඩි වැඩියෙන් එළිපිටම නිග්‍රහයට පාත්‍ර වීමක් සිදුවේ."

[ලියොන් ට්‍රොට්ස්කි -සංස්කෘතිය හා සමාජවාදය සහ කලාව හා විප්ලවය, කම්කරු මාවත ප්‍රකාශන 1979 පි.31]

මෙරට පාලක පන්තිය කිසි කලෙකත් කලාකරුවන්ට හිස එසවීමට ඉඩ දුන්නේ නැත. ඔබ වනාහී ඔවුන් දුන් දිරියක ඵලයක් නොව මෙරට මහජනතාවගේ ජයග්‍රහණයකි. ඔබව කෘතඥතාවෙන් සඳහන් කරන පරිදි ඔබගේ ප්‍රතිභාව සුපුෂ්පිත වීමට අවශ්‍ය වූ පුහුණුව ලැබීමට පොදු ජනතාව එකතු කොට දුන් මුදල් ආධාර ද පිටුබල විය. එහෙයින් ඔබගේ ඒ සුවිශේෂ නිර්මාණාත්මක පෞරුෂයට අවමන් කිරීම සඳහා ගෙන යන මේ නිහීන ව්‍යාපාරය අරබයා අප තුළ දෙගුණයක දොම්නසක් හා වෛරයක් පිළිසිඳ ගනී. ඔබගේ නිර්මාණ ශක්තිය වනාහි කාලාන්තරයකින් පහළ වන අයුරේ දුලබ සම්පතකි. ඔබගේ ගැයුම් වැයුම් වලින් ධ්වනිත වන්නේ පරිපූර්ණ සුසංවාදී ජීවිතයක් සඳහා පොදු මහත් ජනතා තුළ පවත්නා සොඳුරු පැතුමයි.

ඕනෑම කලාත්මක නව නිර්මාණයක් පහළ වන්නේ පුද්ගලයෙකුගෙන් ය. පුද්ගල ආත්මයෙහි නිදන්ව පවත්නා කුශලතාවයන් දැල්වී ක්‍රියාත්මක වීමෙන් බිහි වන එය සංස්කෘතිය වෛෂයික වසයෙන් ආඨ්‍ය කරයි. එහෙයින් එය දුර්ලභ ගණයේ අහම්බයක ඵලයක් සේ දිස් වෙයි. වෙනත් ලෙසකින් කිව හොත් වෛෂයික අවශ්‍යතාවක් ඉබේ මෙන් මතු වී ප්‍රකාශයට පත් වීමක ඵලයක් සේ දිස් වෙයි. වෛෂයික ඥානයේ දෘෂ්ටි කෝණයෙන් බලන විට එවැනි නිර්මාණ සුළුපටු කොට තැකිය නොහැකිය. විශේෂයෙන්ම නිර්මාණාත්මක කටයුතු වලට තුඩු දෙන බුද්ධිමය තත්වයන් වැනසීම ගණන් නොගෙන උදාසීනව සිටින්ට අපට බැරිය. ඒ අතරම ප්‍රාඥ නිර්මාණ හසුරුවන සුවිශේෂ ප්‍රතිභාමය නිමයන්ට සෑම ගෞරවයක් ම දැක්වීමට ද අප සමත් විය යුතුය.

ට්‍රොට්ස්කි මෙසේ ද පැවසී ය:

"ශිෂ්ටාචාරය විනාශ වී යෑමේ තර්ජනය මින් පෙර කිසි කලෙකත් අද තරම් බරපතළ ලෙස උද්ගත නොවූ බව අතිශයෝක්තියකින් තොරව කිය හැකිය. වැන්ඩල්වරු ම්ලේච්ඡ වූ ද එහෙයින්ම සංසන්දනාත්මකව බලන කල්හි ප්‍රබල නොවූ ද ආයුධ මගින් යුරෝපයේ එක් කොනක පෞරාණික ශිෂ්ටාචාරය මකා වනසා දැමූහ. එහෙත් අද දින එකට බැඳී සිය ‍‍ඓතිහාසික ඉරණමට මුහුණ පා සිටින ලෝක ශිෂ්ටාචාරය වර්තමාන තාක්ෂණයේ සමස්ත අවි ගබඩාවෙන් ම සන්නද්ධ වූ ප්‍රතිගාමී බලවේගයන් එල්ල කරන ප්‍රහාරවලට ගොදුරු වී හැකිළී යමින් තිබෙන සැටි අපට දිස් වේ. අප මේ කල්පනා කරන්නේ ළඟා වෙමින් තිබෙන ලෝක යුද්ධය ගැන පමණක් නොවේ. 'සාම' කාලවල දී පවා කලාවටත් විද්‍යවටත් ලබා තිබෙන දශාව අත්‍යන්තයෙන්ම ඉවසුම් නොදේ." [ඒතැනම]

දෙසාලිස් වසක් තරම් පෙර ට්‍රොට්ස්කි දුටු මේ තතු අද දවසෙහි බිඳකිනුදු වෙනස් වී නැතුවා පමණක් දසදහස් ගුණයෙන් උග්‍ර වී ඇත.

1971 න් පසු බලයේ සිටි සෑම ධනේශ්වර පාලක කල්ලියක්ම කලා නිර්මාණය ට තුඩු දෙන බුද්ධිමය තතු නිර්දය ලෙස වැනසූ අතර අපූර්ව වස්තු නිර්මාණයෙහි සමත් ප්‍රඥාව වන ප්‍රතිභාවට දැඩි ලෙස නිගා කළේය. වාරක මණ්ඩලය නමැති කලා පොලීසියක් ද තිර නාටක මණ්ඩලය නමැති ඔත්තුකාර බල මණ්ඩලයක්ද අටවන ලදී. කලා කෘති කප්පාදු කොට ද තහනම් කොට ද දමන ලදී. කලාකරුවන්ට දෂ්ට කිරීමට බුරා පනින ලදී. කලාකරුවෝ දඟ ගෙයි ලන ලදහ. කුප්‍රකට හතර වෙනි තට්ටුවට ගෙන ගොස් අවමන් කරන ලදහ. මින් මත්තට "කලාකරුවන්" වසයෙන් පවතින්ට ඉඩ දෙන්ට යන්නේ පාලක පන්තිය අබියස දණ ගසා ගෙන එහි ගුණ වරුණ ගයන සත්ව විශේෂයකට පමණක් බව ඔබට ඇටවූ උගුලෙන් පෙනේ.

ඈත අතීතයේ පැවති වහල් සමාජ හා වැඩවසම් සමාජ පවා ප්‍රතිභාවට මේබඳු නිගාවක් නොකළේය. දුර්ලභ ආවේශයක නැත හොත් සහජ වාසනාවක ප්‍රතිඵලයක් සේ සලකා ප්‍රතිභාව ඒ සමාජ විසින් මහත් ගරු සම්මානයෙන් නොපුදන ලද්දේ ද? ප්‍රතිභා ශක්තිය පල ගන්වනු වස් නිර්මාණ වෘත්තිය වෙන ම ස්වාධීන සංස්ථාවක් බවට පත් කොට ඊට රක්ෂණාවරණ ගුප්තිය නොසලස්වන ලද්දේ ද?

කලා නිර්මාණය ඉතා අහිංසක ව්‍යාපාරයක් සේ සලකනු ලැබේ. එයට මෙවන් රුදුරු පහර එල්ල කිරීම කාලිදාස කිවිඳුන් පැවසූ පරිදි "පුලුන් රැසෙක ගිනි ලෑමක්" සෙයින් දිස් වේ‍. එබඳු අහිංසක සද්ව්‍යාපාරයකට මෙවන් දරුණු පහර එල්ල කරන්නේ මන්ද?

බොහෝ දෙනා මේ ප්‍රතිවිරෝධයේ හැපී වැටෙති‍. ඔවුන් සිතන්නේ පාලකයන් තමන්ගේ කලා විහීනත්වය නිසා මෙ‍ලෙස කලාකරුවන් හා කලාව මඩින බවය. මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයෝ මෙ‍සේ කීහ:

"රජය යයි කියන්නේ මහජන ඡන්දයෙන් රාෂ්ට්‍ර පාලනය සඳහා තෝරා ගන්නා ලද පුද්ගලයන්ට ය. ඒ පුද්ගලයෝ කලා රසිකයෝ නොවෙත්. ඔවුහු කලා රසි‍කයෝ වෙත් නම් රාෂ්ට්‍ර පාලන කටයුතුවලට ඉදිරිපත් නොවෙති..."
[කල්පනා ලෝකය, 1959 පිටු 6-7]
එහෙත් කලා මර්දනයට හේතුව මෙය නොවේ. අද දින පාලක පන්තිය ජන ජීවිතයේ කවර ක්ෂේත්‍රයකට වුව එල්ල කරන්නා වූ සෑම ප්‍රහාරයකටම හේතුව ඔවුන් එරී සිටින වේරම්බ වාතයක් මෙන් ලොව අළලා පැතිර යන පෙර නොවූ විරූ ආර්ථික අර්බූදය යි‍. ලෝක ආර්ථික අර්බූදය නමැති මේ දැවැන්ත බලවේගය සියලු ධනේෂ්වර පාලක පන්තීන් රූකඩ ලෙසින් නටවයි. ඔවුන් වැඩ වර්ජකයන් දොට්ට දමන්නේත් වර්ජන නොකළ අය සේවයෙන් දොට්ට දමා කම්හල් අගුළු ලන්නේත් පාසැල් හා රෝහල් වනසන්නේත් ආහාරපානවල හා ගමන් බිමන් මිල් අහස උසට නංවන්නේත් පොලිස් හමුදා මැරවර බළකායන් වීදි බස්වන්නේත් මේ ආර්ථික අර්බූදයේම මෙහෙයුම යටතේය‍‍. එහෙයින් කලාවට එල්ල කරන් මේ ප්‍රහාරය කෑම් බීම් ඉඳුම් හිටුම් ගමන් බිමන් බේත් හේත් යනාදියට එල්ල කරන ප්‍රහාරයේම අවියෝජනීය කොටසකි. ආධ්‍යාත්මික ජීවිතය වැනසීම ද්‍රව්‍යමය ජීවිතය වැනසීමේ සැලැස්මේ ම කොටසක් නොවන්නේ කෙසේ ද?

එහෙත් තත්වය එතරම් සරල නැත. ලොව පුරා කම්කරු පීඩිත ජනතාවෝ සිය ජීවිත වැනසීමට එරෙහිව පිළිමල්ව ප්‍රහාරකව ඉදිරියට එති. සමාජ විප්ලවය දවසේ න්‍යාය පත්‍රයට ඇතුළු වී ඇත. පාලක පන්තීන්ගේ ආයු කාලය අවසන් වෙමින් පවතී. වියට්නාමය ද නිකරගුවාව ද ඉරානය ද පෝලන්තය ද දෙස බැලුව මැනව.

සියලු හොඳ කලා නිර්මාණ තමන්ට පරම ලෙස හතුරු බවත් සමාජ විප්ලවයේ වාසියට සිටින බවත් මිනී වළ දෙසට තල්ලු වී යන ධනේශ්වර පාලකයෝ දනිති.

කලා නිර්මාණයේ ස්වභාවය විමසා බැලුවහොත් ඔබට මේ බව පසක් වනු ඇත.

සමාජය තුළ වසන සුභාවිත මනසකින් ද සුසංවේදී ඉඳුරන්ගෙන් ද යුතු පුද්ගලයෙකු වන කලාකරුවාට යථාර්ථය මුළුමනින්ම තමන්ට නතු කර ගැනීමට මිනිසා දරන නිමක් නැති ප්‍රයත්නයේ වේදනාව ප්‍රත්‍යක්ෂ වෙයි. හාත්පසින් පවත්නා යල් පිනූ සමාජ සංස්ථාවන් තමාට හතුරු බව ඔහුට දිස් වෙයි. තමා තුළ ජනිත වන කිසිදු පුද්ගල ආශා අභිලාෂ යනාදියක් සපුරා ගත නොහැකි සැටි ඔහු අත් දකී. ඔහුගේ හදවත් වීණාවේ සියුම් තත් ශෝකයෙන් තම්පාව නද දෙන්ට පටන් ගනී. මෙනයින් ඔහුගේ පුද්ගල ආත්මයත් බාහිර යථාර්යත් අතර බිඳුණු සමතුලිතතාව කාල්පනිකව ප්‍රතිෂ්ඨාපනය කර ගැනීමට ඔහු දරන තැතේ දී කලා කෘතිය මතුව එයි.

වඩාත් සුසංවාදී වඩාත් පරිපූර්ණ සුපුෂ්පිත ජීවිතයක් සඳහා තමා තුළ පවත්නා පැතුම ඊට හරස්ව සිටිනා සමාජ සබඳතා සමග ගැටෙන්ට වන කල්හි කලාකරුවා එම පැතුම සුන්දර කලා නිර්මාණ තුලට ඔසවා තබා සහෘදයන් වෙත ඉදිරිපත් කරයි. මෙනයින් බලන විට සෑම හොඳ කලා නිර්මාණයක් තුළම ගැබ් වන්නේ වඩාත් සුසංවාදී වඩාත් පරිපූර්ණ සුපුෂ්පිත ජීවිතයක් සඳහා කලාකරු‍වා නමැති සුවිශේෂ පුද්ගලයා තුළ පවත්නා පැතුමයි.

රසිකයන් ද කලාකරුවා වසන සමාජයේම වසන්නන් වන හෙයින් ඔවුන් මුහුණ පා සිටින්නේ ද කලාකරුවා මුහුණ පාන යථාර්ථයට මය. කලාකරුවා වනාහි පොදු මහත් සමාජය නමැති සාමාන්‍යයේ සුවිශේෂයක් වන හෙයිනි. එහෙත් වෙනසක් පවතී. කලාකරුවාගේ ප්‍රතිභා චක්ෂුසට විශද වන මනුෂ්‍ය වේදනාවේ යට කී අන්තර්ගතය පොදු මහත් ජනතාවගේ මසැසට ඒ අයුරින්ම විශද නොවේ.

මෙසේ සිටින රසික ජනතාවට කලා නිර්මාණ සමග සම්පර්කයකට පත් වීම නිසා යථාර්ථය ඇති සැටියෙන් විවර වී දිගංශය යා යුතු මංපෙත් පෑදේ‍‍. සාමූහික අවිඤ්ඤාණය සාමූහික විඤ්ඤාණය බවට පෙරළෙයි. ඥේය මණ්ඩල‍යේ මෙන්ම භාව මණ්ඩලයේ ද නිම් වළලු ප්‍රසාරණය වී ජීවිතය සඳහා ධාරිතාව පෘථුල වෙයි. උත්තරීතර ජීවිතයක් සඳහා පැතුම් පිබිද එයි. අවසාන වසයෙන් සිදු වන්නේ රසිකයා ජීවිතය කෙරෙහි පෙම් බැඳ ගැනීම හා ඊට එරෙහිව පවත්නා බලවේග පෙරළා දැමීමේ විමුක්තිකාමය පිළිලැබීමයි. කලාකරුවාගේ ප්‍රත්‍යං ආත්මයට දැනුණු ඒකල විමුක්තිකාමය නමැති ගඟ ගලා ගොස් පොදු මහත් ජනතාවගේ සාමූහික ආත්මයට දැනෙන පරම සාමූහික විමුක්තිකාමය නමැති මහ සමුදුරට එක් වෙයි. එම මහ සමුදුර ගොඩ ගැලීම යනු සමාජ විප්ලවය ඉස්මත්තට පුපුරා ඒමයි.

මෙලෙසින් තනි පුද්ගලයෙකු කෙරෙන් පහළ වන හෙයින් දුලබ අහම්බයක් සේ දිස් වන කලා නිර්මාණය සැබවින්ම ‍ඓතිහාසික අවශ්‍යතාවේ ප්‍රකාශනයක් වන්නේය.

අර්බූදයේ එරී සිටින ධනෙ‍්ශ්වර පාලක පන්තිය කලාවට හා කලාකරුවන්ට බුරා පනින්නේ මෙහෙයිනි. හොඳ කලා කෘතියක් බිහි වීම යනු ඔවුන් අඩි ගණනකින් මිනී වළ ගැට්ටට ළං වීමකි. කලාවට බිය නොවන සමාජ විප්ලවය එයට රැකවරණය සලසා දෙයි.

තතු මෙසේ හෙයින් ධනේශ්වර ක්‍රමය අවසාන වසයෙන් පෙරළා දැමීමෙන් තොරව කලාවට නිදහසක් නොලැබේ. ධනේශ්වර බන්ධන අඩස්සියේ හිර වී සිටින ප්‍රතිභා ශක්තිය ඉන් නොමිදේ:

"ගතානුගතික ආකෘතීන් එහෙන් මෙහෙන් වෙනස් කර ඉදිරිපත් කිරීමෙන් සෑහීමකට පත් නොවී මිනිසාගේත් මිනිස් සංහතියේත් කාලීන ආභ්‍යන්තර අවශ්‍යතාවන් ප්‍රකාශ කිරීමෙහි ව්‍යාවෘත වන්නා වූ සැබෑ කලාවට විප්ලවවාදී නොවන්ට සමාජය පූර්ණ වසයෙන් හා ආමූල වසයෙන් යළි ඉදිකිරීමක් ප්‍රාර්ථනා නොකර සිටින්ට බැරි ය. සැබෑ කලාවට මේ ප්‍රාර්ථනාව සපුරා ගත හැක්කේ එය ඉදිරිපත් වී ප්‍රාඥ නිර්මාණ කාර්යය බන්ධන අඩස්සියේ ලා ගෙන සිටින යදම් පුපුරුවා හැර අතීතයෙහි තැන් තැන්වල තනි වී සිටි ප්ලේටෝ ඇරිස්ටෝට්ල් හෙගල් මාක්ස් බඳු සුධීමතුන් කීප දෙනෙකු පමණක් නැගුණු ඉහළ මට්ටම් කරා නැග ගැනීමට මුළු මහත් මනුෂ්‍ය සංහතියටම ඉඩ ප්‍රස්තා සලසා දෙන්නේ නම් පමණකි. නවතම සංස්කෘතියකට මග එළි පෙහෙ‍ළි කළ හැක්කේ සමාජ විප්ලවයට පමණක් බව අපි විශ්වාස කරමු. දැනට සෝවියට් සංගමය පාලනය කරන නිලධරයට අප සකල සහයෝගයක ම ප්‍රතික්ෂේප කරන්නේ අපට පෙනී යන අයුරින් එය කොමියුනිස්ට්වාදය නොව එහි ද්‍රෝහීතම වූ පරම හතුරා නියෝජනය කරන හෙයින්ය." ට්‍රොට්ස්කි පෙර කී කෘතිය පි 31

මේ අතර තවත් බිරුසනයක් ඇසේ. එය ඇසෙන්නේ ස්ටැලින්වාදීන්ගේ කඳවුර පැත්තෙනි. අමරදේවයනි ඔබේ රැකියා අයිතිය අහිමි කළ විට ඇත්ත පත්‍රයට ලිපියක් ලියූ ගුණසේන විතාන නමැත්තා මෙසේ කීය. අමරදේවයනි ඉතින් දැන වත් සන්නාලියන් ගැන නොගයා අවි ගැටෙන හඩ ගැන ගයන්න.

ගුණසේන විතාන වනාහි අටුවම් බැහැපු ස්ටැලින්වාදියෙකි; ‍පමා නොවී වැහැපන් වැහි වලාවේ යනාදී සභාග ආණ්ඩු ප්‍රශස්ති ලියා අවලංගු වූවෙකි. සභාග ආණ්ඩු කාලයේ කළ සෑම අපරාධයකට ම හවුල්කරුවෙකු වූ ඔහුගේ දෑතෙහි ලේ තැවරී ඇත. ආසියා-අප්‍රිකා ලේඛක සංගමය නමැති ගුබ්බෑයම පසු ගිය දා "පද්ම ත්‍යාගය" නමැති කප්පමක් ‍ඔහුට දුනි. හොරුන්ට කප්පම් දෙන්නෝ හොරුන්ගෙත් හොරු වන කම්බා හොරු නො වෙත් ද? මේ හොරුන් ගැනත් කම්බා හොරුන් ගැනත්‍ ට්‍රොට්ස්කි කී දෙයක් ම ගෙන හැර දැක්වීමට මට සිත් වේ.

"සෝවියට් සංගමයේ ආඥාදායක ආධිපත්‍යය සිය පාලනය යටතේ අන්‍ය රටවල පවත්නා ඊනියා සංස්කෘතික සංවිධාන මාර්ගයෙන් උප්පරවැට්ටි යොදා සකලවිධ ආධ්‍යාත්මික සාරධර්මයන්ට සතුරු වූ ඝන තිමිර පටලයක් මුළු ලොව පුරා ම විදා හැර ඇත. දාස භාවය ජීවන වෘත්තිය බවටත් කුලියට බොරුකීම සච්චාරිත්‍රයක් බවටත් අපරාධ වසා සැඟවීම චිත්ත ප්‍රීතිය ලැබීමේ මගක් බවටත් පත් කර ගත් මිනිස්සු බුද්ධිමතුන් හා කලාකරුවන් ලෙස වෙස් වළාගෙන නින්දිත බොරු ප්‍රචාර හා ලේ හැළීම් නමැති මේ ගනඳුරෙහි ඕනෑකමින් ම ගැලෙති. තමන් කුලී ලොබින් කර ගෙන යන මේ රැකියාවේ සැබෑ තත්වය සැඟවීමට ඔවුන් දරන වෑයම ස්ටැලින්වාදයේ නිල කලාව තුළ ඉතිහාසයේ කිසි කලෙකත් නොවූ විරූ නග්නත්වයකින් යුක්තව පිළිඹිබු වන්නේ ය. මේ වනාහී කලාවේ ප්‍රතිපත්ති නිර්ලජ්ජී ලෙස නිෂේධනය කර දැමීමකි." ට්‍රොට්ස්කි එම පි 32

ස්ටැලින්වාදීහු නම් මහජන ව්‍යාපාරය තුළ ලැග සිටින ධනපති පාලක පන්තියේ තැරැව්කාරයෝය. තම්කරු පන්තිය රඳවා තබා අවි ගැටුම් වැළැක්වීම ඔවුන්ගේ කර්තව්‍යය වේ. ධනපති ක්‍රමය දියත් කරන ද්‍රව්‍යමය ජීවන සංහාරයට ඔවුහු උඩගෙඩි දෙති. මධ්‍යම ගමනාගමන මණ්ඩලයේ සේවකයන් 30000 ක් නෙරපීමට ඔවුහු පක්ෂය. නිර්ව්‍යාජ කලාවෙන් රසිකයන් තුළ ජීවිතය සඳහා ධාරිතාව පෘථුල වීම ස්ටැලින්වාදීන් භාර ගෙන තිබෙන ජීවන සංහාරයට උඩගෙඩි දීම සමග ගැටේ. මෙහෙයින් ඔවුහු නිර්ව්‍යාජ කලා නිර්මාණය නතර කොට ඔවුන් භාර ගෙන තිබෙන කර්තව්‍යයේ මහිමයට ප්‍රශස්ති ගයන ලෙසන කලාකරුවන්ට කියති.

මෙය ස්ටැලින්වාදීන් කලාවට පනවන අණකි. මේ සම්බන්ධයෙන් ද අපට කළ හැකි හොඳම දෙය නම් 1938 ජූනි 18 වැනි දා ලියූ ලිපියක ට්‍රොට්ස්කි කියූ කීමක් ඇද දැක්වීමය.

"බලය ගැනීමෙන් පෙර හෝ පසුව කලා මෙහෙයවීමේ වත් කලාවට අණ පැනවීමේ වත් කටයුත්ත භාර ගැනීමේ හැකියාවක් හෝ ආශාවක් විප්ලවවාදී පක්ෂයට නැත. එවැනි බොරු අයිතිවාසිකමක් ගැන චේතනාවක් ඇතුළු විය හැක්කේ නිර්ධන පන්ති විප්ලවයේ ප්‍රතිවාදය බවට පත් ව ඇති තම ආඥාදායක බලයෙන් මත් වූ අඥාන අලජ්ජී නිලධරයක ඔළුගෙඩිය තුළට පමණකි. විද්‍යාව මෙන් කලාව ද බාහිර ආඥාවන් අපේක්ෂා නොකරයි. එමෙන් ම කලාවට තම ආවේණික ස්වභාවයට අනුව ම එවැනි අණපනත් උසුලන්ට බැරිය. කලා නිර්මාණයෙහි ඊට ම අයත් නියම ඇත. කලා නිර්මාණය දැනුවත්ව ම සාමාජික ව්‍යාපාරයකට සේවය කරන විට පවා මේ අනුගත වීමේ හැඟීම සමග පෑස්සෙන දෙයක් නොවේ. කලාවට විප්ලවයේ ප්‍රබල සහකරුවෙකු බවට පත් වන්නට පුළුවන් වන්නේ එය තමාටම භක්තිමත්ව සිටින තාක් දුරට ය." [ලියොන්‍ ට්‍රොට්ස්කි, ලියොන්‍ ට්‍රොට්ස්කි ඔන් ලිට්රේට් ඇන්ඩ් ආර්ට් පෝල් සීගල් සංස්කරණය 1970 පි 114]

ට්‍රොට්ස්කිගේ කියමනට තවත් වැකියක් පමණක් එකතු කිරීමට අපි කැමැත්තෙමු. එවැනි නිලධරයක් සම්පාදනය කොට දෙන ප්‍රණීත ආහාර පානයෙන් තෙල වැටී ඔද වැඩුනු කුලී බැළයෙකුගේ හිස් ඔළු ගෙඩිය තුලටත් කලාවට අණ පැනවීමේ චේතනාව ඇතුළු විය හැකිය. එම ඔළු ගෙඩිය තුළ කිසිම වැදගත් චේතනාවක් නැති හෙයිනි.

ඉහත කරන ලද විග්‍රහයෙන් අපි මේ නිගමනයට බසිමු.

ද්‍රව්‍යමය නිෂපාදන බලවේග වැඩි වැඩියෙන් දියුණු කිරීම සඳහා එළඹෙන විප්ලවය මධ්‍යගත පාලනයක් සහිත සමාජවාදී ක්‍රමයක් ගොඩ නැගිය යුතුය. එහෙත් එම විප්ලවය ප්‍රාඥ නිර්මාණ වර්ධනය කිරීම් වස් පටන් ගැන්මේ සිට ම පුද්ගල නිදහස සම්බන්ධයෙන් අරාජක ක්‍රමයක් ස්ථාපිත කළ යුතුමය. කලවෙට අධිකාර බලයක් එපා! අණ පැනවීමක් එපා !! ඉහළින් එන අණක ඡායාමාත්‍රයක් වත් එපා !! කලා මර්දනය යම් තැනක ද එතැන මුළු දී ඊට එරෙහිව කොන්දේසි විරහිතව සටන් වැදීමට අපි පිළින දෙමු.

තෙරක් නොමැති කව් සසරේ
මහබඹු කවියා විතරේ
ඔහු රිසි යමතෙක හැසිරේ
මුළු ලොව ඒ අතට හැරේ

යනුවෙන් විද්වත් කුමාරතුංග මුනිදාසයන් ගෙන හැර දැක්වූ ආනන්දවර්ධනයන්ගේ ඒ පැරණි සූත්‍රය අපි දිවිහිමියෙන් ආරක්ෂා කරන්නෙමු.

ඔබ ඇත්ත පත්‍රයට කළ ප්‍රකාශයෙන් තවත් දෙයක් පෙනේ. එනම් ධනේශ්වර ක්‍රමය ස්ටැලින්වාදීන් ප්‍රතිසංස්කරණවාදීන් මාධ්‍යමිකයන් හා සං‍ශෝධනවාදීන් යන සිය තැරැව්කාරයන්ගේ පිටුබලයෙන් ගැම්ම ගෙන නැගී සිට කලා නිර්මාණයට තුඩු දෙන බුද්ධිමය තතු වනසද්දී ප්‍රතිභා ශක්තිය බන්ධන අඩස්සියේ ලද්දී ඊට පරිහාස කරද්දී එහි ලා උපේක්ෂා සහගතව සිටීමේ ප්‍රවණතාවයක් ඔබ තුළ තිබෙන බවයි.

ඔබගේ ප්‍රකාශයෙහි පොදුවේ දේශපාලනයට විරුද්ධව එල්ල කර ඇති ප්‍රහාරයෙන් හා අදේශපාලනිකව සිටීමට පළ කර ඇති කැමැත්තෙන් ගම්‍ය වන්නේ කලා නිර්මාණයට හතුරු ව පවත්නා කොන්දේසි පෙරළා දැමීමට විරුද්ධත්වයකි. කලාව දේශපාලනය කළ යුතු යැයි අපි නොකියමු. එනමුත් කලාව මුදා හැරීමට නම් නිර්මාණ කෞශල්‍යය නිර්බාධව ප්‍රකාශයට පත් කිරීමට නම් යට කී සතුරු කොන්දේසි පෙරළා දැමිය යුතුමය. කලාකරුවා ඒවා පෙරළා දැමීමේ අරගලයට සම්බන්ධ වන්නේ කිසිම ධනපති ආඥාවකට හෝ කප්පමකට යට නොවී මිනිස් වේදනාව ප්‍රකාශයට පත් කිරීමට කොන්දේසි විරහිතව කැප වී ගෙන ජීවත් වීමට මිනිසාට පවතින පිපාසය තීව්‍ර කර එමගින් උසිගැන්වෙන ජනතා නැගිටීමකින් ජරපත් පාලනය හෙළීමට මහජනයාට උදව් දීමෙන් ය.

ඒ කොන්දේසි පෙරළා දමා බන්ධනගතව පවත්නා ප්‍රතිභා ශක්තිය මුද හළ හැක්කේ සමාජ විප්ලවයට පමණක් ය. එහෙත් සමාජ විප්ලවය ඊට අවශ්‍ය වෛෂයික තතු කෙතෙක් සම්පූර්ණ වී තිබුණත් ආත්මීය සාධකය නොමැතිව සිදු නොවේ. සමාජ විප්ලවයේ ආත්මීය සාධකය නම් නිර්ධන පන්ති විප්ලවවාදී පක්ෂයයි. සමාජ විප්ලවයේ විද්‍යාව හදාරා විප්ලවය සූදානම් කොට කුළුගන්වනු ලබන්නේ විප්ලවවාදී පක්ෂය විසිනි.

තතු එසේ හෙයින් කලාවේ නිදහස කැමති වන්නෙහි නම් ප්‍රතිභා ශක්තිය මුදා හැරීමට රිසි වන්නේ නම් ඔබ විප්ලවවාදී පක්ෂය ගොඩ නැගීමේ ඓතිහාසික කාර්ය භාරයට උර දිය යුතු ම ය.

ඔබගේ ප්‍රතිභා ශක්තිය දලු ලැවීම් වස් සත පනහ රුපියල දෙක පවා පරිත්‍යාග කළ මෙරට පොදු මහත් ජනකායෙන් සහස්‍රාධික සංඛ්‍යාවක් අද දින රැකියාවලින් දොට්ට ලැවී සිටිති. ඉතිරි කොටස්වල රැකියාවන් ද කෙටේරි පහර එල්ල වී ඇත‍. ඔවුන්ගේ ජීවන තතු දිනෙන් දිනම සමතලා කරනු ලැබේ. එහෙත් ඔවුන් තමන් වෙනුවෙන් සටනට බසින්නැයි ඔබට නොකියති.‍ තමන්ගේ ඥේය මණ්ඩලය මෙන් ම භාව මණ්ඩලය ද පෘථුල කරන හා ගැඹුරු කරන අයුරේ නිර්මාණ තමන්ට දෙන ලෙස පමණක් ඔවුහු ඔබෙන් ඉල්ලා සිටිති.

මේ ඉල්ලීම් ඉටු කරනු සඳහා කරුණු දෙකක් අවශ්‍ය වෙයි. පළමු වැන්න නම් කලාකරුවා තම කලාවට මුළුමනින්ම ම කැප වීමයි. දෙවැන්න නම් ජරපත් පාලනය යොදන මැර බලය හා ප්‍රචණ්ඩත්වය පෙරළා දැමීමට කම්කරු පන්තිය කරන දේශපාලන අරගලයට මුළු හදින්ම උර දීමයි. ඊට උර නොදුන හොත් ඔබටත් වාත්තු කරන්ට සිදු වන්නේ පාලක පන්තිය අණවන අයුරේ ව්‍යාජ කලාකෘතිය. ඔබට රජ මැදුරේ ගාන්ධර්වයෙකු වී පිරිහී යන්ට සිදුවනවා ඇත‍.

තතු එසේ හෙයින් නො බා නො පැකිල ආස්ථානයක් ගෙන නැගී සිටිනු මැනව අමරදේවයනි.

මේ විවෘත ලිපියට ඔබ පිළිතුරු දෙන්නෙහි නම් කෘතඥ වන්නෙමු!

[1980 දෙසැම්බර් 5 දින කම්කරු මාවත පත්‍රයෙන් උපුටා ගැනිණ.]

-සුචරිත ගම්ලත්

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails