Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers


ජනතා පරමාධිපත්‍ය

(එස්එම්එස් වලින් තරු තේරෙන්නේත් මෙයට අනුවය)


ඡන්දයක් එනකොට
චූන් වෙයි නහුතෙට
කිති කැවී
දෙපතුලේ ඉඳන් ඔලූවට

පෝස්ටර් - තාප්ප වල තෙරපෙති
බැනර් කටවුට් වෙව්ලති
බස් වලින් අදිති - පිට්ටනි පුරවති
පොරොන්දු අහසින් බාති

මැති ඇමති - ඉව කරති
එහෙ පනිති - මෙහෙ පනිති
වහසි බස් දොඩවති

සුදු ඇඳි මහත්තුරු
චන්ඩින් කූද්දති
උන් ඇවිත්
නෙලති - අනිති
මරති - කුඩුකරති
ගිණි තියති

සරස්වති අයිති
කලාකෙත හෙල්ලෙති
අනුහස් කියති
සෙවලැති කවි ගී ලියති
ගයති - වයති - රඟති - නටති

ලියන්නෝ ලියති
හේත්තු වෙති
හැඩට මවති - පත්තර පුරවති

කියන්නෝ කියති
රේඩියෝ ටීවී වල
එති - යති - කහිති - නාති
අපුල්ලති

බුදු බණ මතක නැති
මහණුන් සිවුරු ලෙළවති
දබරැඟිලි උස්ස උස්සා
මුසාබස් වදාරති

අධිපතීහු වම අයිති - ඇහැරෙති
ඡන්දෙට - අරං එන ධනපති
අනේ මන්දා
උන්ගෙ තරගය - වෙනම ම තියති

දකුණේ විනාසය
වෙනසක් කළේ නැහැ කරුමය
නොදුටුවෙන් පෝරකය
ඝාතකයා ම එදා රජ විය
ඇවිදිං
උස්සං
වඩං
අල්ලං
සයිකලෙං
බස්සෙකෙං
පොර කකා ගොහිං
ගැහු නිසාවෙන් කතිරය

වන්නිය ඉතිං කජ්ජක්දැයි
ඇරත් උන් කවුදැයි
මේ අපේ අයිතිය මැයි
මෙදා පාරත් - ගහලයෙක් නියමයි


මහේෂ් මුණසිංහ
2010 01

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails