රඟ දැක්වේ එළි පිටම
සුභ සහ යස නාඩගම
කිසිදු අය කිරීමක් නැතුව
සැපැති සිහසුන මත
සුභයෝ හිඳුවති බලෙන්
යසයෝ හිනැහෙති ඉල බදා
නාඩගම තුල නාඩගම
නොදන්නා පේ්රක්ෂක
තුෂ්නිම්භූතය ! නැත සිනා
ලොබ වී සිහසුනට
සුභයෝ පොර බදිති යස හා
රාජපාක්ක්ෂිකත්වය හැර දමා
තරඟයකි රැඟුම් අවසන
හඳුනා ගන්නට රජ තෙම
නාටකය තව නැත නිමා
මහා කලබැගෑනිය තුල
කළකිරුණු පේ්රක්ෂක තොමෝ
විසිර යති තිරය වැසෙන්නටද පෙර
- ශ්රියා කුමාරසිංහ -
මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook




