රජාවානම කඳුළින්
තෙමන්නට විය දුරුතු පුන් සඳ
දිලෙන්නට විය එසැණින්
කිවිඳකු සුරත පන්හිඳ..
දැවෙන හිත මැද ලතැවෙන
වර නැගෙන
යළි සැනහෙන
හැඟීම් පොකුරු
අකුරු වෙයි විගසින්..
ව්‍යංගයෙන් හිනැහුණු හිත් තුළ
නිරතුරා පෙණුනි නිම් තෙර
ගැලූ පදතර සිර කර
ගැඹුරු සිතුවිළි රළ රැළි
ඇස් ඉවුරු සිඳ බිඳ
පත් ඉරු මත රොක් වුණි
ආඛ්‍යානයකි කවියම
කවියකි ආඛ්‍යානයම
කිව යුතු දෑ බොහෝ විණි..
පියවරෙන් පියවර
පැමිණියේය
ගිරිකුළු පව්වෙන්
කඩා කඩතිර
මෙහා ලොවට
ප්රබුද්ධ
රැගෙන යථාර්තය
දම් පියාවක බහා ලූ විලස..
මක් නිසා ද යත්,
සාගතයෙන් පෙළෙන තැනෙක
වගා නොවන බව ධර්මය
අතැඹුලක් සේ වැටහුණෙනි..
සක්වා ලිහිණියක මත
රඳවා හීන අහුරු
මුහු කළ පත්ඉරු
මුණ ගැසිණ බෝඩිම ක
රාජතිලක ලයනල් සහ ප්‍රියන්ත කැටිව..
අරුණළු වැටී සියපත මත
එක් කර අලුත් පිණි කැට
වෙනස් කර රටාවට
නොමියෙමි යි සිතා සිත රවටන
අඳුරු ඇස් අරවන
විදුලි සරයක එතී ආ කව
හැඟුමින් පැසුණු කෙත්වතු
හිස නමා පොළොවට
නෙළා දෙයි යායට හෙට ට
නිදහසේ
නිසඳැසේ
හංස ගීතය ගැයේ..
මනෝමන්දිර තුළ
හැඩ මවන සිතුවිළි
නගා සිතුවමට
ගෙනා සේයා
තුංමං හන්දිය පසුකර
තබා සිහිවටන මත
හිනැහුණි..
සාහිත වංකගිරියක
පිය මැන ගිය
මං පෙත දිග
නිශ්ශබ්දතාව කතා කරයි
ඇසිල්ලෙන් හැර පියා
සිහ ගිරි අසුන
නික්ම ගිය සඳ
ගොළු විණ සිඳු සරය
ඉදින්
හෙට ඉරක් පායයි ද
නිසැකව ම ?
මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
තෙමන්නට විය දුරුතු පුන් සඳ
දිලෙන්නට විය එසැණින්
කිවිඳකු සුරත පන්හිඳ..
දැවෙන හිත මැද ලතැවෙන
වර නැගෙන
යළි සැනහෙන
හැඟීම් පොකුරු
අකුරු වෙයි විගසින්..
ව්‍යංගයෙන් හිනැහුණු හිත් තුළ
නිරතුරා පෙණුනි නිම් තෙර
ගැලූ පදතර සිර කර
ගැඹුරු සිතුවිළි රළ රැළි
ඇස් ඉවුරු සිඳ බිඳ
පත් ඉරු මත රොක් වුණි
ආඛ්‍යානයකි කවියම
කවියකි ආඛ්‍යානයම
කිව යුතු දෑ බොහෝ විණි..
පියවරෙන් පියවර
පැමිණියේය
ගිරිකුළු පව්වෙන්
කඩා කඩතිර
මෙහා ලොවට
ප්රබුද්ධ
රැගෙන යථාර්තය
දම් පියාවක බහා ලූ විලස..
මක් නිසා ද යත්,
සාගතයෙන් පෙළෙන තැනෙක
වගා නොවන බව ධර්මය
අතැඹුලක් සේ වැටහුණෙනි..
සක්වා ලිහිණියක මත
රඳවා හීන අහුරු
මුහු කළ පත්ඉරු
මුණ ගැසිණ බෝඩිම ක
රාජතිලක ලයනල් සහ ප්‍රියන්ත කැටිව..
අරුණළු වැටී සියපත මත
එක් කර අලුත් පිණි කැට
වෙනස් කර රටාවට
නොමියෙමි යි සිතා සිත රවටන
අඳුරු ඇස් අරවන
විදුලි සරයක එතී ආ කව
හැඟුමින් පැසුණු කෙත්වතු
හිස නමා පොළොවට
නෙළා දෙයි යායට හෙට ට
නිදහසේ
නිසඳැසේ
හංස ගීතය ගැයේ..
මනෝමන්දිර තුළ
හැඩ මවන සිතුවිළි
නගා සිතුවමට
ගෙනා සේයා
තුංමං හන්දිය පසුකර
තබා සිහිවටන මත
හිනැහුණි..
සාහිත වංකගිරියක
පිය මැන ගිය
මං පෙත දිග
නිශ්ශබ්දතාව කතා කරයි
ඇසිල්ලෙන් හැර පියා
සිහ ගිරි අසුන
නික්ම ගිය සඳ
ගොළු විණ සිඳු සරය
ඉදින්
හෙට ඉරක් පායයි ද
නිසැකව ම ?




