Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers

"බතී"ට [බතී නුඹ... අනාගතයට යන්නැති..] - රසික ජයකොඩි

Posted by Thushari Priyangika - තුෂාරි ප්‍රියංගිකා 1.19.2010

බොහෝ දුර සිට පැමිණෙන
විරාගික මඳ සුළඟට
මලානික තුරුපත් වුව
සලා ඇස් හිනැහෙන්නැ'ති
බතී නුඹ
මේ ලෙස බලා ඉන්නැ'ති..

සිතුවිලි නිබඳ ලඹදෙන
කුටියක නිනද තනිකම
කොපුල'ත ගලන කඳුළක
හැඩපලු ගොතන්නැ'ති
බතී නුඹ
ඒ කඳුළ නොදකින්නැ'ති

හීතලෙන් ගුලි වෙන රැය
මායමෙන් හිනැහෙන විට
වාසගම් නැති කවියට
පේළියක් මුසුවෙන්නැති
බතී එය
නුඹට නම් නොහැඟෙන්නැති..

සරැලි කෙහෙරැළි පිරිමැද
නල මුදුව එන සිහිනය
කල්පනා දිය රළ යට
සදාකල් සැඟවෙන්නැ'ති
බතී නුඹ
ඒ සිහින නොදකින්නැ'ති

අතීතය
වී මම නතර වෙන්නැ'ති
බතී නුඹ
අනාගතයට යන්නැති..


රසික ජයකොඩි
20/ 01/ 2010

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails