සිසිරයේ හිම තලාවක මල් ගවසා සිටි එකම ඉපල් ගසට....
හිතත් මිදී කැටිවුණු හුදෙකලාවක
ඉරත් මිදී පරවුණු මංමුලාවක
මමත් ඔහේ සැරුවෙමි හිම තලාවක
ඔබත් අහම්ඛෙන් ඇස රැඳි අපූරුව
වටත් ජීවයක් නැති හිම විමානෙක
කොළත් ලිහී ඉපලක් වුණු විලාසෙක
අතුත් වසා මල් ගවසා වකාරෙට
'හිමත් සැපැයි!' ඔබ හිනැහෙන උජාරුව
වටත් රඟා යන්නට බමරු එනවද?
වටත් ඉපල් ගස් අරියාදු දෙනවද?
'දුටත් සැපැයි' කියනා හඩත් ඇසුනෙද?
ඇසත් කටත් වස වෙයි! බියක් නැතිවද?
ඉරත් හඳත් පලවා හළ වෙලාවක
තරුත් මරුට හොර ඉඟි දුන් දසාවක
මලූත් කොළත් ගිනි ලෑ එක කැලෑවක
අපිත් වීමු තුරු, මල් පිබිදු හිස් මත
එහෙත් සබඳ විස පිඹිනා බිමක ඉඳන්
සදා කුසුම් පුබුදන්නට කවුද සපන්
බිඟුත් ගිහින් ගතු කේලම් කියනවනම්
මරුත් නේද? මල් සුවඳින් පාර අසන්
සනත් බාලසූරිය
පෙබරවාරි, 2010
මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
හිතත් මිදී කැටිවුණු හුදෙකලාවක
ඉරත් මිදී පරවුණු මංමුලාවක
මමත් ඔහේ සැරුවෙමි හිම තලාවක
ඔබත් අහම්ඛෙන් ඇස රැඳි අපූරුව
වටත් ජීවයක් නැති හිම විමානෙක
කොළත් ලිහී ඉපලක් වුණු විලාසෙක
අතුත් වසා මල් ගවසා වකාරෙට
'හිමත් සැපැයි!' ඔබ හිනැහෙන උජාරුව
වටත් රඟා යන්නට බමරු එනවද?
වටත් ඉපල් ගස් අරියාදු දෙනවද?
'දුටත් සැපැයි' කියනා හඩත් ඇසුනෙද?
ඇසත් කටත් වස වෙයි! බියක් නැතිවද?
ඉරත් හඳත් පලවා හළ වෙලාවක
තරුත් මරුට හොර ඉඟි දුන් දසාවක
මලූත් කොළත් ගිනි ලෑ එක කැලෑවක
අපිත් වීමු තුරු, මල් පිබිදු හිස් මත
එහෙත් සබඳ විස පිඹිනා බිමක ඉඳන්
සදා කුසුම් පුබුදන්නට කවුද සපන්
බිඟුත් ගිහින් ගතු කේලම් කියනවනම්
මරුත් නේද? මල් සුවඳින් පාර අසන්
සනත් බාලසූරිය
පෙබරවාරි, 2010




