කාලෙකට ඉස්සර
මගේ මේ දෝතින් ම
මගෙ පුංචි කුටිය වෙත
සීරුවට වැඩම වූ
රෝස මල් කැකුළ නුඹ
ගණන් පොත් පිටු අතර
සිත අතරමං වෙද්දි
නෙතු පියන් පත් අසල
නිදිමතක් ඉකිලද්දි
ජීවිතය යනු කිමැ’යි
විසඳන්න වෙර දැරූ
එක් නිහඬ රාත්‍රියක
හර්මිෂියන් සිද්ධාන්තය
තාත්වික අතාත්වික
සංඛ්‍යා ප්‍රතිබද්ධ
න්‍යාස සහ සංයුක්ත
යනාදී කී නොකී
වචන වල පැටලෙමින්
පෑන් තුඩ හැඬවුනා
කුරුටු ගී ලියැවුනා
නුඹත් ළඟ දැවටුනා
මුදු සුවඳ විහිදමින්…..
ජීවිතය විමසමින්……
කාලයේ අව පැහැය
පෙති පුරා විසිරුණත්
හිත පුරා ඉහිරිච්ච
සුමුදු සුවඳක මතක
ඉතිරිලා ගලා යයි
එදා වාගෙම අදත්
ජීවිතය යනු කිමැ’යි
කියා දෙනු නොහැකි මුත්
ජීවිතේ තවත් දුර
යා යුතුය මා ඉතින්
නිතර පිටු නොපෙරළෙන
මේ මහා බර පොතේ
පිටු අතර සැඟවිලා
හිනැහියන් නුඹ නිතින්
මානෙල් විද්‍යාරත්න
03/2010
මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
මගේ මේ දෝතින් ම
මගෙ පුංචි කුටිය වෙත
සීරුවට වැඩම වූ
රෝස මල් කැකුළ නුඹ
ගණන් පොත් පිටු අතර
සිත අතරමං වෙද්දි
නෙතු පියන් පත් අසල
නිදිමතක් ඉකිලද්දි
ජීවිතය යනු කිමැ’යි
විසඳන්න වෙර දැරූ
එක් නිහඬ රාත්‍රියක
හර්මිෂියන් සිද්ධාන්තය
තාත්වික අතාත්වික
සංඛ්‍යා ප්‍රතිබද්ධ
න්‍යාස සහ සංයුක්ත
යනාදී කී නොකී
වචන වල පැටලෙමින්
පෑන් තුඩ හැඬවුනා
කුරුටු ගී ලියැවුනා
නුඹත් ළඟ දැවටුනා
මුදු සුවඳ විහිදමින්…..
ජීවිතය විමසමින්……
කාලයේ අව පැහැය
පෙති පුරා විසිරුණත්
හිත පුරා ඉහිරිච්ච
සුමුදු සුවඳක මතක
ඉතිරිලා ගලා යයි
එදා වාගෙම අදත්
ජීවිතය යනු කිමැ’යි
කියා දෙනු නොහැකි මුත්
ජීවිතේ තවත් දුර
යා යුතුය මා ඉතින්
නිතර පිටු නොපෙරළෙන
මේ මහා බර පොතේ
පිටු අතර සැඟවිලා
හිනැහියන් නුඹ නිතින්
මානෙල් විද්‍යාරත්න
03/2010




