තිලක, ශක්තික සහ යනුෂා-ගෙන් අලුත් පොත් තුනක්
මකරන්ද ලේඛක රසික හවුල සංවිධානය කරන නිර්මාණ කෘති එළි දැක්වීමේ උළෙලක් මැයි මස 23 වන ඉරුදින ප.ව. 2:00 සිට 5:00 දක්වා කොළඹ 07, නිදහස් මාවතේ, ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩල ශ්‍රවණාගාරයේ දී පැවැත් වේ.

ඩී. තිලක පියදාසගේ නරුමයෙකුගේ සුන්දර රාත්‍රිය කාව්‍ය සංග්‍රහය, ශක්තික සත්කුමාරගේ කළු මකරා කෙටිකතා සංග්‍රහය, යනුෂා ලක්මාලිගේ බිඳ වැටුණු කැණිමඩල කාව්‍ය සංග්‍රහය යන කෘති මෙහිදී දොරට වැඩුමට නියමිතය. මකරන්ද සංස්කාරක තිඹිරියාගම බණ්ඩාර මුලසුන හොබවන මෙම උළෙලේ, ජිනදාස දනන්සූරිය, චින්තක රණසිංහ සහ විමලනාත් වීරරත්න දෙසුම් පවත්වති. උත්සව සභාව මෙහෙයවනු ලබන්නේ ලංකා ලේඛක සංවිධානයේ ලේකම් දේ.වි. ගාල්ලගේ විසිනි.
මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook




