
සොබා දහම කම්පා වෙලා තියෙන්නේ ජනරාල් සිර ගත කරගෙන හිඳීම නිසයි.
-ටිල්වින්
[පුවතක්]
අනේ ඔව්
ඒක තමයි කොම්රෙඩ්!
ඔය විතරක්යෑ.....,
ඉන්ද්‍රිය අප්‍රාණිකත්වය
ක්ෂණික මෝචනය
ධාතු අඩස්සිය
ඇඟ උණුකරවා යාම
සුද යාම
මාස් ශුද්ධි පමාව
ඔය කී නොකී කොයි දේටත්
එකම හේතුව
ඕං ඔය තුමා ඇතුළේ හිඳීමයි!
මාක්ස් ලෙනින් එංගල්ස් කස්ත්‍රෝ ළඟට
ඕං ඔය තුමයි එල්ලිය යුතු හැඩට
දැවුන ටයර්වල ගඳ එහෙ මෙහෙ වෙන්ට
හඳුං කූරු ලොරියක් දල්වමු එවිට
ඒ මදිනම් දහසක් කැට හොල්ලාලා
ඒ මුදලින් චයිත්තියක් බන්දාලා
''ජනරාල් මහ සෑය'' යනුවෙන් නම දාලා
වඳිමු ඕං එතුමට පිං පමුණෝලා
පංති අරගලය (හූ) මොන ලබ්බක් ද
දයලෙක්තිකය (හූ) ඒ මොන මඟුලක් ද
ඉතිහාසේ (හූ) මොන ඇටි කෙහෙලක් ද
බවුතිකවාදෙ (හූ හූ) මොන රෙද්දක් ද
ඔන්න ඉතිං එක දවසක් පාන්දරින්
සුදු අලියෙක් සුදු නෙළුමක් අරං හොඬින්
තැබුවා නෙළුම සෝමා දේවියගෙ නැබින්
''සිදුහත්'' කුමරු පිළිසිඳ ගති එතැං පටන්
බුදු වෙන්නට පිං මදි වුණි කුමරුන්ට
මග ඇණුනා ඉන් පස් වග මහණුන්ට
කට කට ගගා වෙවුලනකොට හීතලට
''ඉස්-ට්‍රැට-ජිය''[1] හැරෙයි ''බුදු ගුණ ගීය''කට!
බඹරු බඹරුමය ගුමු ගුමු ගෑවාට
දෙබරු දෙබරුමය පැණි වද බැන්දාට
වඳුරු වඳුරුමය බිම බඩ ගෑවාට
මකරු මකරුමය සුදු රෙදි ඇන්දාට!
මකරි ගෙනාවා අටවං පරිවාසේ
මකරා එක්ක බුදියෑවෙත් සංතෝසේ
පදිරි වැඩ මදිද කළ දැං ඉතිහාසේ
මකරු එක්කම ද බොල තොපෙ සහවාසේ?
2010-05-20
1- Strategy- (කැමති නම් මෙය ''හිස්-ට්‍රැට-ජිය'' ලෙස ද ගත හැක- Histrategy)
කූඹියා



