
නිමිත්ත- පියන්කාරගේ බන්දුල ජයවීරගේ "තෝරාගත් කෘති" එළි දැක්වීමේ උළෙල
පන්ති සටනේ පෙරමුනෙත්
අන්තිමෙත් වුන්
සියල් සගයන්
විසිර ගිය පසු ඉතිරි වී
නැතිව ඇතිවෙන
තූතු කළ සෝවියට් දේසෙත්
ගොර්බචොප්
මාක්ස්වාදය ලෙනින් අදහන
ආස්වාදය වැලඳ ගත්
චේගෙ රූපය සහිත කමිස යි
කැප් එකයි
තාම පරිහරණය කරන ඔබ
වාගෙ මිනිසෙක් ඉස්තරම්
ඉතින්
තෝරා ගත් කෘති කවි
වෙතින් ජනගත කරන මොහොතෙදි
රැඳෙන්නට ලඟ බැරි වුනත්
මගෙත් උණුසුම් සුභ පැතුම්
චන්ද්‍රසිරි මීවනගේ



