Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers

ඈත පින් බිම

Posted by හෂිත 6.22.2010














බීරි සබේ මුරබැමි ඇත
සුලු දන යුද වැදිලා
ජනා මසින් උදර නෙරන
සල්ලි මල්ල වනනා
බීරි නින්දෙ නිදනා
මැණික් ගඟෙන් පා සෝදා
දියවන්නා පැමිණා

නිල අතු රතු කොළ සොලවා
බුරුතු රැළින් ඇදෙනා
රැල්ලක් ඇති නොවේ සබේ
මන්තරෙ ජප වුවෙනා

මුන්ට ඉතින් කතිර කෙළියෙ
ඇයි දැයි රට අසනා
හෙණ අපොලන හිස් මත්තේ
පරාභවය වැවෙනා

දිය වන්නා ගොළු විල් තෙර
රිය කබලින් යනෙනා
තෙල් පප්පලා ටොකු අනිතෙයි
හිමින් ගමන් නොවෙනා

ජාතියෙ මළ හංස කුණේ
දුගඳ සැමට දැනෙනා
ගඳ දැනෙන්නෙ කිමද මන්ද
කොමිසමයක් දමනා

සුදු කබා නිරුවතින්
විල් තෙරට රොක් වෙනා
ඈත පින් බිම සුවඳ
ඉපිලෙන්ට පින නොවෙන
පොතක බර හිස් අකුරු
ඇතෙක් බර ජනා කර
තොටිලි පැද්දිලි නිසරු
සුළඟෙ සැපයයි මහරු
අඹු දරුන් පුෂ්ටිමත් වූ සොඳුරු

හිරු නොදැක මල් පිපෙන
තඩි උපැස් රෝගි වුන
පුස් බැඳුනු අසුන් මත
දේශයේ රෝගි බර


ධර්මසිරි රාජපක්ෂ
-සඳ වතුර - 2010

ධර්මසිරි රාජපක්ෂ 'ඉතින් සහෝදරවරුනි' හා 'ශක්තියේ පුෂ්පය' කාව්‍ය සංග්‍රහ මගින් අප ඇමතීය. ඔහු ගේ නවතම කවි පොත 'සඳ වතුර' 2010 නිකුත් විය.
[Illustration: Raft of Medusa by Theodore Gericault]

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails