
වේසා ගැහැණියක්
ඇඹරුණා
කෙඳිරි ගෑවා
නෑඹුල් සුදියක් ලද
හිරිමල් කෙල්ලක මෙන්.
ඉර බැස යන සඳ
මලක් සිනාසුණා කෝලව.
හිස පහත් කර ගත්තා විලිබරව.
ඒ මායමෙහි සිරවුණා බමරා.
කාන්තාර රටකින් ආ ඇඹලයෙකු
මත් වුණා පැණි බිඳුවකින්
වලස් ගෙරියකු කැරකුණා
වදය බැඳි ගස මුල.
කවියනි
මෙයයි ලෝ දහම
වීසිකොට පෑන් පත් ඉරු
බැඳ ගනිල්ලා හුලු අතු
මෙන්න ගින්දර තොපට!
[නගා මැරූ අල [Poems, Non-Poems and Anti-Poems]- 2000]
කේ කේ සමන් කුමාර [සර්පයා]



