Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers


අක්ෂර සෙනග 2009- නිර්මාණ තරගය- විවෘත අංශය- කවි: අවසාන වටයට තේරුණු නිර්මාණයකි.

රඳවා අත්ල මුව මත -නවා හිස මේසය වෙත
හදවත රුවා පෑනට - සත්‍යය ගලා එන්නට

විඩාපත් මහළු හිරු - ගිළුනි සීතල වලාවක් තුල
ඇස් පිල්ලම් යටින් - කාලය ගලයි හෙමි හෙමින්

කලාවන් නොපිරුනු - චන්ද්‍ර වංකය මළානික
දිලෙන තරු නෙත් අතරින් - කිරණක් දෙකක් අලසව
පත්තර කන්තෝරුවේ
දූවිලි වැකුණු කවුළුවෙන්
එවන විටදී පවා
සිටින්නේ ඔහු පිලිරුවක් ලෙස
............

උදෑසන පැවති - මාධ්‍ය හමුවේදී
රට කරවන දෑත් - නො ඉවසයි හඬ නගන හදවත්
පනත් නොපනත් වුව - එතුමන්ට කම් නැත

ඒ අතර තුර,
'හිත මිතුරු' පත්තර - ගෙනියයි දිය යටින් ගින්දර.

පළුදු වූ බැමි ලංකර - අල්වමින් නෙක පැලැස්තර
මවන්නට කතු වැකි- පැවති සාදයෙදි
රස මිහිර ඉසිරුණි - මසවුළුද සපිරුණි
ශ්වේත සළුවෙන් වැසි - කළුම කළු හදවත්
පුරවමින් මධු විත - කියූ නෙක වැදි බණ
තුලාවේ එක පසෙකින් - පිරේ ඉතිරෙන්නට

වට රවුම් ගානේ - අඬබෙර ගසන පුවතුත්
නිහඬවම 'මොරදෙන' - රට වැසියන්ගෙ කරුණුත්
හිතට 'බර' පුරවන - ඇත්තම තිත්ත දසුනුත්
අනෙක් පස රැඳවෙයි - සමබර නොවී ඇලවෙයි

පුවත් ආවරණය - පාළමක් මෙනි ඉවුරු හමුවන
'විෂ බඳුන' හෝ 'ගිලටීනය' - පිරිනැමෙනු ඇත 'සම්මාන' ලෙස
......

රජුන් හා පිය නැගුවොත් - කටු ඔටුන්නක් වැනිය පන්හිඳ
තෙර පෙමින් හැමතැන - සොයයි විකිනු හදවතේ නද
පොදු ජන හද ගැස්ම - දැනිය යුතුවේ ඇසිය යුතුවේ
තෙවැනි ඇස යොදවා - මැනවින් සිතිය යුතුවේ

පරිශීලනය කල - නේක බර පත පොත
තුල තිබුණද නොදනිමි - කෙසේ මුවහත් කල යුතුද ඒ 'අසිපත'
..............

'කුරුසිය' දරාගෙන -'කල්වාරි කන්ද' නැගගෙන
අතර මග හමුවුන - 'රුදු සපුන්', 'නොම්මර රහිත වාහන' මග හැර
බදු බර, වසංගත බිය, අවනඩු, මත ගැටුම් ආදී දුක් සුසුම් උසුලන
'සමහර' පුවත් පිපාසාවෙන්, අඩපණව වැතිරුණු දූපත් වාසීන් වෙත,
කහට රස පදමැති - උණුම උණු තේ බඳුනක්
සෙනෙහස පිරුණු හැඟුමෙන් - පිරිනමන මෙන් උදයෙන්
ඔහු යන මග එබඳු වෙයි - සුසුම්, ලේ, දා බිඳු වැගිරෙයි.

කල් අකල් නොබලා -බැහැරව 'උණුසුම්' කැදැල්ලෙන්
ඔහු සිටිනා සඳ,
ඔරලෝසු කටුවට - තටු ලැබේ නම් කියා තිසමිණ
ඉතිරි අඩ යහනේ - නිහඬවම පිරිමැද
මසැස මෙන් මනසත් - වෙහෙසවා එක ලෙස
සත‍යට ඉව කරනා - හදවත් රැහැන් යා කර
අවුළුවා එළි වැට - ප්‍රභාතය එළැඹෙන්න ඉඩ හැර
රැය අළුයමට ඇදෙනා - මද අඳුරු හෝරාවක
සිවුරුහම් බාමින් නගින විට - ඔහු ගෙයි පඩි පෙල
කඩිනමින් දොර හැර - කැඳවා ගනිමි යලි මහද වෙත.

උද්‍යෝගී පලිහක්කාර

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails