Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



දවස මුළුල්ලේ බොහෝ වෙහෙස මහන්සි වී වැඩපළ කිරීමෙන් පසු මිංපෙංට, දැන් මේ භවනෙහි වලව්වේ හාමුදුරුවන් සහ හාමුලා සැතපෙන්නට ගොස් සිටියෙන්ද ඈ, ඇගෙ නිදහස තාවකාලිකව ආපසු ලබාගෙන සිටියෙන්ද, උදක්ම හේතු සහගත ලෙස, මීට හුඟක් වේලාසනින් නින්දට ගොස් තිබිය යුතු විය. එහෙත්, මෑතක සිට නිදහස ලබන මේ පැය කීපය ඈට වෙසෙසින් ප්‍රශස්ත වී ඇත. එහි හැම විනාඩියක්ම ඈ බෙහෙවින් අගය කළාය. සිතමින්, සමරමින්,ඈ හට සිතේ ලොකු ලොකු සැනසුමක්, සන්සුන්කමක් දැනුණේය. දැන් ඈ ට හිරිහැර කරන කිසිවෙක් නැත. කෑ කෝ ගාමින් දෙන නියෝග, උදේ සිට රෑ වනතුරු ඇගේ කන් වල ගෝට්ටි කරන ඇණුම් බැණුම්, දැන් අන්තිමේදි නිසල වී ඇත.

දිවා කාලයේ සෙසු හැමදෙනාම මෙන් ඈද ඇගේ වෙස් මුහුණ පලඳවා ගෙන, පියකරු මඳ සිනා රැල්ලකින් මුව සරසා ගෙන, ඉස්පාසුවක් නැතිව වැඩෙහි යෙදෙමින් ඔබ මොබ දුව පැන ඇවිද්දාය. නිදහස ලැබුණු මේ පැය කීපය තුළ, වෙස් මුහුණ ගලවා තබන්නට ඈට හැකිය. ඇගේ සිතේ අගුල් හැර, එහි රහස්, ඇගේ හදවතට බලා ගත හැකිවන සේ, දිග අරින්නට දැන් ඈට හැකිය.

"මම මෙතන දැනට හත් අවුරුද්දක්ම හිටියා." ඒ පළමු වැනිසිතිවිල්ල විය. මේ සිතිවිල්ල මෑතක සිට නිතර නිතරම ඇගේ සිතට වධ දෙන්නට වී ඇත. හත් අවුරුද්දක් - කොච්චර දිග කාලයක්ද? ඒවා එසේ කිසි අමුත්තක් නොමැථිව නිකම්ම ගෙවී යාම ගැන් ඈ බොහෝ විට පුදුම වූවාය.ඒ කාලය තුල ඈ බොහෝ කඳුළු හෙලුවාය. බොහෝ රොස් පරොස් බස් ඇසුවාය. බොහෝ ගුටි බැට කෑවාය. එහෙත් මේවා සාමාන්‍ය දේ බවට, ඇගේ නීරස දිවියට හුදු පලක් නැති සැරසිලි බවට පත් වී ඇත. ඒවා ඈ ආස නොකල නමුත්, විඳ දරා ගත යුතු වූ නොවැලකිය හැකිදේය. ලොවේ සිදුවන සියල්ල සිදුවන්නේ මහ බඹෙකු කොටා තිබෙනා හැඨියටයි; ඇගේ ඉරණම වූයේ ඈ සිටි තැන සිටීමයි, ඈ වී සිටි දෙයම වී සිටීමයි. මෙය ඇගේම බොලඳ විශ්වාසය වූයේය, එය සෙස්සන් ඈ සමග කී දේ හා ගැලපුණේය.

එහෙත් අන් කිසියම් දෙයක් දැන් ඇගේ හදවත තුළ ඇළලෙමින් පැවත්තේය. එය, තවම ඈට ඒ බව නොදැනෙන නමුත්, ඈ වෙත බලාපොරොත්තුව රැගෙන එමින්, අවදිවෙන්නට පටන් ගෙන ඇත.

-පවුල [Family][1933]

බා ජින්
පරිවර්තනය - ආනන්ද කුමාර

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails