
කං කං කභුරුඝමුවේ වජිරං බූරූ
බැං බැං ගගා මැර්වින්ගේ පිට සීරූ
සං සං සබරගමු කුලපති බුල් වාරූ
තුඃ තුඃ නොදෝකිං ගණගෙඩි සිංඤෝරූ
සරස් වතී දෙවි දුන් බැල්මෙන් බලන
උසස් රස සොයා තරු නැබ කිචි කවන
හුඹස් මොටද නයි මිස ගැරඬින් ලගින
මෙලෙස් ඇමැත්තෙක් වෙද රජෙකුන් ලබන?
මද්ද ගසා රුක්වල හොරු අලවන්නේ
සිද්ද "සමන් දෙවියො"යි මේ වේලෙන්නේ
ඇද්ද දපා සිටියා කඳ සුරිඳුන්නේ
බැද්ද කපා අපෙ මැතිඳා ගොඩ ගන්නේ
වෘෂණං මිරික්කං මැති සඳ පුර කළණ
පුරවං පඩික්කං සිරි සඟ ගණ සොබන
වෘෂභං අනිච්චං රූ තිර ළඟ කිරන
බලවං කුරක්කං නට නළු රස ලොවින
මෙවන් ඇමැත්තෙක් නැති සඟ දැවුනා ය
බවුන් වඩන එක පස්සට තිබ්බා ය
රවුන් තට්ට වල දාඩිය නැංගා ය
ලෙවන් ඉදිරියේ මැති කැක පුස්සා ය
කක්ෂපුට
RATHU BOONDIYA | වෘෂණං මිරික්කං මැති සඳ පුර කළණ- පුරවං පඩික්කං සිරි සඟ ගණ සොබන - [කක්ෂපුට]
Posted by
BoondiOnLine
8.29.2010



