Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



උප මාතෘකාව-
කබඩ් අන්තඃපුර වැනුම


චිචිරි චිරි චිචිරි චිරි බිංදු අහසින් වඩින
අකුරු සල්ලාල ඇස් නුරා සිහිනෙන් මුදන
පොතක පෙම් උණුහුමෙන් සියොළඟම කිලිපොලන
වහින සාහිත වැස්ස සතියක්ම හිත තෙමන

සොඳුරු කංචුක ඇඳන් මීන ඇස් නටවමින
මිතුරු මදහස් සරින් "මා වෙතට එනු" කියන
අනඟ තදබදය මැද තරඟයට මග බලන
බලන් අබිසරු කුසුම් පෙම් ගැනුම්කරු පතන

සලෙල නිරිඳෝ ඇවිද සොඳ ලියන් හඹා යති
දුලන රූසිරු හැඳින තැනෙක මඳකට රැඳෙති
සේල ගලවා සෙමින් ලියන් නිරුවත බලති
රූ සිරිය මදි වගෙයි! ඇතුළු හද ගැබ සොයති

රුවින් රැජිණකි! එමෙන් සොඳ සිතක් ඇති ලියකි
අනෙක් කිසිවෙකු නොවේ රජුන් අත පතන්නකි
ලේබලයේ රජ මිලකි ඇගේ ලැමදේ ඇළුණ
හිඟන බමරෙකු පැමිණ දුකින් ඉවතට ඇදින

තව ලියක් වැඳිරියකි! එහෙත් පියකරු හදකි
මිලක් නැති ලියන් මැද හැංගිලා හඬන්නකි
කලාතුරකින් මිසක් කෙනෙක් නැවතී නොයති
ඉවක් ඇති හදක් ඇති දුගී බමරෙකු පතති

වැහි තුරල් වෙයි නැවත නොඑන ලෙස වසරකට
රජුන්, දුගියන් ඇදෙති එදිනෙදා නියඟයට
කැන්දාන ආ ලියන් ඇතුළු කුටියක සිරව
කබඩ් අන්තඃපුරේ මග බලති මධු සඳට

2010.09.18

කූඹියා

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails