Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



ලාදුරු හෝල්ට් එක
නිහඩයි නිසලයි අද
කවුරුත් නොගැවසෙන හැන්දෑවක

කෝ ඒ කාලෙ මේකෙ ගැවසුන
කපල්ස් කට්ටිය?
කොහේටද එන්නෙ කියල අහද්දි කිව්වෙ
"ලාදුරු හෝල්ට් එක ලගට" එන්න කියලයි
ඒ කාලේ තිබුනා බෝඩ් එකක් මෙතන
"ලාදුරු නිට්ටාවට සුව කල හැකියි" කියල

දන් නැති හින්දද ඉතිහාස කතාව
කවුරුත් එන් නැත්තෙ මෙතනට අද?
පොලිසිය තියන හින්දද නැත්නම්,
පාරෙන් එහා පැත්තෙ?
කපල්ස් අල්ලන අද කාලෙ
ලාදුරු රෝගීන් වගේ උල තිව්ව දවස්වල?

ලමයෙකුත් වඩාගෙන ගැහැනියකුත් එක්කගෙන
මේ යන්නෙ අපි බලන් නොඉදපු දවසක
ලාදුරු හෝල්ට් එකෙ මීටිං උනු දෙන්නෙක් වෙන්න බැරිද?
වෙන්න පුලුවන්

අද තනිවෙලා
මොහොතකට හෝල්ට් එක.

* ලාදුරු හෝල්ට් එක- මහනුවර පොලිසිය ඉදිරිපිට ඇති බස් නැවතුම මෙනමින් ප්‍රසිද්ධ වී ඇත.


විහංග පෙරේරා

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails