Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



නිහඬය නිසලය
ගිලන් හල
සසල කර නිහඬ බව
කම්පනය කරවන්නේ
ජීවිතය අයදිනා
සුසුම් කෙදිරිලි හඬය

ලොකු දුවේ
උඹට නිදි මත නැද්ද
ඔය පුටුවේ වාඩි වී
දැන් දවස් කීයක්ද
හෙට උදේ ගෙදර ගොස්
ටිකක් නිදියා ගනින්
සුවයි ‍නෙව මටත් දැන්
අමතමින් සොඳුරැ හඬ

වියළි වැහැරැණු ඇගිලි
මගේ අත පිරිමදියි

කම්පනය වෙයි
සෙලියුලර් දුරකතනේ

අම්මේ මේ දවස් වල
ඔපීසියෙ වැඩ වැඩියි
රෑ තිස්සේ ඇහැරිලා
පොඩි දුවත් වද දෙනවා
රශ්මිටත් නින්ද නෑ
එයාටත් නිදි මරලා
ඒ හැටිම පුරැදු නෑ

අම්මේ හෙට එනවද
කොළඔ මහ හෝටලේ
ගෙට්ටු ගෙදර් පාටියක්
තියෙන්නේ හෙට රෑට

ඔබා දැමුවෙමි
රතු ඉර

කවුද ලොකු දුවේ ඒ
අපේ අම්මේ
වැරදිච්ච අංකයක්

මර්ලින් චන්ද්‍රරත්න

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails