Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



දුහුවිලි අවුස්සා
නෙක රථ
උතුරු මඟ දිග ඇදෙන
දකුණු උණුසුම රැගෙන.
සෙනෙහස් සුතුර
හිතැතිව
බසින්නේ ද එ රථ
දොරටු විවරව?

පෙරළා දැමූ පස මත
ඉන්ඳ වූ පැල
ඵල දරාවි ද
මුල් අඳින්නටවත් නොහැකිව
ලතැ වෙන?

දිලෙන රත් පෑ මිරිස් කරලක
සොම්නස
පමා වී වට පොද වැසි
තෙමාවි ද එබිම ගහකොළ?

එක රෑනට පියඹන
වෙන් කළ නොහෙන
අව පැහැ රත් පැහැ නළලත තිලක.
බස නොදැන
මුමුණන ආදර බස
දෙනුවන් පුරා නො ලියැවේ ද
සඳුටත් රහසේම?

හීන අංකුරක දළුලන හීනයක්
දෙපතුලට පොඩිව
මිය යයි
සීතලම උදෑසනක.
කෝ කොහිද
නොබිඳෙන හුය
දෑඟිළි එක් කළ?

පිච්ච මල් පිපෙන හිස මත
විසුරුවා තුරුණු තරු කැට
හැඩ දමාවි ද ඈ තාමත්
කෝලම්
මිදුල පුරාවෙම?
සඳ සාවුන්ට කවන්නට
තෛපොංගල්
ඉදෙන්නේ ද සුවඳ විහිදුවා ඉරගලට?

දොළොස් මහේ පහන නිවී
තැන තැන ඉහිරුණු කූඩාරම්
කල් ඉකුත් වුව
අප්පා එංගෙයි අසන ඇස් ඇති
මපුතුන් නිදිබර
සොයන්නේ ද තුරුල්ලේ උණුසුම?

සුළං රළවත් එ ගම් මැද්දෙන්
හමා ඇදෙන්නට අවසර නැති
පවුර නොබිඳී බිඳින්නේ ද හදවත
ඇහිද ගන්නට නොහැකි තරමට?

07/10

තුෂාරි ප්‍රියංගිකා

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails