Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



"ඔව් සහෝදරයා උඹ එවූ කවිය ලැබුණා"

"මෙහෙ සීතලයි
ඔහෙත් සීතලද"


ඇණ ගැසූ අතකින් දුක අනන්නේ කොහොමද
ඇණ ගැසූ අතකින් ඇස පිසින්නේ කොහොමද
ඇණ ගැසූ අතකින් අත වනන්නේ කොහොමද
ඇණ ගැසූ අතකින් කවි ලියන්නේ කොහොමද

උදුරලා දැමුයෙන් මුල් අදින්නේ කොහොමද
ඉරිතලා ඇතියෙන් වැව් පිරෙන්නේ කොහොමද
පරඬලා හඳකින් එළිය දෙන්නේ කොහොමද
නියඟලා මලකින් සුවඳ එන්නේ කොහොමද

බිඳ දැමූ දෙපයින් නැගිට ඉන්නේ කොහොමද
වෙඩි තැබූ ළයකින් හුස්ම ගන්නේ කොහොමද
තටු කැපු හිතකින් පිය හඹන්නේ කොහොමද
නම කෙටූ බිමකින් ඉවත යන්නේ කොහොමද

මලානික ඇසකින් තෙත උනන්නේ කොහොමද
වලාකුළු අතරින් තරු ලිහෙන්නේ කොහොමද
වෙලාවට කලියෙන් හද ගැහෙන්නේ කොහොමද
විළාපය අතරින් කවි ඇහෙන්නේ කොහොමද

වදන් වැල සැකෙවින් ගොණු කරන්නේ කොහොමද
නිවන් මඟ සැතෙකින් නො රිදවන්නේ කොහොමද
දුරින් හිඳ සැණෙකින් ළඟ රැඳෙන්නේ කොහොමද
ඉතින් අප සැබැවින් හමු නොවන්නේ කොහොමද

2010 ඔක්තෝබර් 06

මංජුල වෙඩිවර්ධන



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails