
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ නව නීතිපීඨ ගොඩනැගිල්ලක් විවෘත කිරීමට එස්.බී.දිසානායක ඇමතිතුමන් පැමිණි අවස්ථාවේ එතුමාගේ රාජකාරියට බාධා කරමින් අනවසර ලෙස රඳවා තබා ගත් බවට සිසු නායකයෝ සිව් දෙනක් වෙත චෝදනා එල්ල කර රක්ෂිත බන්ධනාගාරගත කෙරිණ. මේ ඒ සමිබන්ධයෙන් විශ්වවිද්‍යාල සිසුවෙක් බිත්ති පුවත් පතක පළකරන ලද කවියකි.
යටගිය දවස එක් දිනෙක
සුචරිත ඇමති උතුමන් සපැමිණ
විවර කෙරුවා මතකය
අභිනව යයි කියන
නීති පීඨයේ ද්වාරය
පීඨයේ දොර හරින සඳ
තෙපලනු මැනවි මැති සඳ
ඔබ'තින් කෙලෙසකද
වැසූයේ නීතියේ දොර
ඔබ හැරි දොරින් රිංගමින
ඉදින් කොහොමද හඟින්නේ නීතිය
නීතිමය වගන්ති ද
වනපොත් කරනුයේ කෙලෙසක
සුදු හුණු ගෑව රළු බිතු අතර
ඔබෙ සිනා හඬ සමඟ කැළතුන
දෙදරවා ඇසෙනුයේ
එක හූ හඬක් පමණය
කොඳුරයි නිතියෙන
ඒ හඬ සෙමෙන් මෙලෙසට
"නිදි වරාගෙන දිවා රැය
උගෙන කුමකටද නීතිය
එකම එක පාඩමයි
අද දින උගත යුතු තොප
නීතිය දිලෙනු ඇත-බලය රැඳි අත මත"
කර්තෘ අඥාතයි
RATHU BOONDIYA | නීති පීඨයේ සිසුවෙක් එස්.බී.ට ලියූ කව - [කර්තෘ අඥාතයි]
Posted by
BoondiOnLine
10.31.2010



